කලුතර මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණයේදී සහාය දෙන හැටි


 කලුතර දිස්ත්‍රික්කයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් මෙසේය:

  1. රෝහිත අබේගුණවර්ධන
  2. විදුර වික්‍රමනායක
  3. පියල් නිශාන්ත
  4. අනුප පස්කුවල්
  5. සංජීව එදිරිමාන්න
  6. ලලිත් එල්ලාවල
  7. ලලිත් වර්ණකුමාර (මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් පසු පත් විය)
  8. ජයන්ත සමරවීර
  9. කුමාර වෙල්ගම
  10. රාජිත සේනාරත්න

මේ අතරින් රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, අනුප පස්කුවල්, ලලිත් වර්ණකුමාර, කුමාර වෙල්ගම හා රාජිත සේනාරත්න විවෘතවම ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වති. ඇමති විදුර වික්‍රමනායක එතරම් ක්‍රියාකාරී නැති මුත් ඔහු ද සහාය දෙන්නේ ජනාධිපතිවරයාටය.

සංජීව එදිරිමාන්න සහාය දෙන්නේ නාමල් රාජපක්ෂටය.

ලලිත් එල්ලාවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී සමගි ජන බලවේගයට එකතු වී තිබේ. ඔහු සහාය දක්වන්නේ සජිත් ප්‍රේමදාසටය.

ජයන්ත සමරවීර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන අතර ඔහුගේ සහාය මෙවර හිමි වී තිබෙන්නේ දිලිත් ජයවීරටය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා