කුඩු රජා හා රාජපක්ෂ පවුල

වරක් හෙරොයින් අඩංගු කන්ටේනරයක් නිදහස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජයේ අගමැති දි.මු. ජයරත්න ලියුමක් නිකුත් කර හසු වූයේ ය.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දුමින්ද සිල්වා කුප්‍රකට මත්ද්‍රව්‍ය වෙළෙන්දකු වූ වෙලේ සුදා සමග ගනුදෙනු කර ඇති බව හෙළිදරව් වූයේ ය.

මේ වන විට මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝඩ්ෆාදර් වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් නම් චිත්‍රපට නිෂ්පාදකවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීප හිතවතකු බව වාර්තා වේ.

මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් දැනට මැලේසියාවේ ජීවත් වන අතර ශ්‍රී ලංකා රජය ඔහු ඉල්ලා තිබේ.

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සෑම තරාතිරක ම ව්‍යාපාරිකයන්ගෙන් හා ජාවාරම්කරුවන්ගෙන් කොමිස්, කප්පම් ආදිය ලබා ගත් නිසා මොහුගෙන් ද කොටස් මුදල් ලබා ගත්තා නම් ඒ ගැන පුදුම විය යුතු නැත.

රාජපක්ෂ පවුල සෙල්ලම් කර තිබෙන්නේ ආර්ථිකයේ අනාගතය සමග පමණක් නො වේ. තරුණ පරම්පරාවේ ජීවිත සමග ද ඔවුහු සෙල්ලම් කර ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කෝ අර මේ සයිට් එකේ උඩින්ම ඉටිය මාලු මෑන්? අයින් කලේ් ඇයි බංග්?

    ReplyDelete
  2. Central bank plunder, Ranil requested Mr Arjuna to plunder the bank! It is relevant to yahapalana norms! You guy never write at least a few words about this! Are you honest to yourself? You guys are happy to see 1815, 1915, 2015! You can be content to have betrayed the country to Western powers! What a great thing to be under" white Man's burden! Then you can lick boots of white people!

    ReplyDelete
    Replies
    1. The one and only slogan of bayyas... pathetic.

      Delete
  3. දි මු අද ජනාධිපති උපදේශකයෙක් නොවේද ? සිරි ලන්කාවේ දේශපාලනය තුල ඕනෑ ම වරදක් කර නිහඪව සිටී නම් හෝ පාලක පක්ශයට සහාය දේ නම් රිසි සේ සිටිය හැකි බව මගේ අදහසය්. යම පාලනයද යහපාලනයද සම සමව බදු මුදල් සොරා කති. අපටම කොකා පෙන්වති

    ReplyDelete
    Replies
    1. සම සමව බදු මුදල් හොරාකනවා කියන එක බයියන්ගෙ බයිලයක්.. මරාණ්ඩුව තරම් හොරාකෑවෙ නෑ නිදහසින් පස්සෙ පත්වුනු එක ආණ්ඩුවක්වත්...

      Delete
  4. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ දුෂිත හිත මිතුරන් රැල පිලිබදව හුදු පුද්ගල විරෝධයක් දක්වමින් කටයුතු කරනුයේ ඇයි?
    දැනට රනිල් ප්‍රමුඛ සංධානයට රටතුල දේශපාලන බලය ලැබිය හැකි බව නිරික්ෂණය වේ, මහින්ද ප්‍රමුඛ සංධානයේ දුෂිත ක්‍රියාකලාපය මෙන්ම රනිල් ප්‍රමුඛව ගොඩනගා ඇති සංධානයද දුෂිත හෝ එය අභිබවා යැමේ සම්භාවිතාවයක් ඇත.
    රනිල් ප්‍රමුඛ යහපාලන නඩයටද කුඩු, නීති විරෝධි මත්ද්‍රව්‍ය. පාතාලය දුෂණය වංචාව නීතීය ඉදිරියේ සියල්ලන් සමානව සැලකීම මාධ්‍ය නිදහස ආදී මේකි නොකි කරුණු පිලිබදව සාධාරණව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නැත. ඔවුන් විසින්ද මහින්ද ක්‍රියාත්මක කරන ලද ආර්ථික ක්‍රමයම ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවන බව දැනටමත් දක්නට ඇත.

    මහින්දට විරුද්ධ බහුතරයක්ද මහින්ද විසින් යුද්ධය අවසන් කිරීම ඇගයිමකට ලක් කරන අතර යුද්ධය අවසන් කිරීම ගැන එතුමාට කෘතගුණ දැක්විය යුතුබව දක්වා සිටියි. මෙම පුද්ගලයන් බහුතරය ජාතිවාදයට වර්ගවාදයට විරුද්ධ වන්නාසේම තමන්ගේ වර්ගවාදි වෘත්තීයන්ට පක්ෂපාතිය තමන්ගේ සේවයට නොවන වෙනත් සේවයකට පහසුකම් සපයනවාට විරුද්ධය. සිගරට් අරක්කු බොන පුද්ගලයන්ට විරුද්ධය එවාට බදු වැඩි කරනවාට පක්ෂපාතිය, ස්ත්‍රී දුෂකයන් මිනිමැරීමේ චුදීතයන් පොලිසිය විසින් හෝ එල්ලා මරා දමනවාට පක්ෂපාතිය. තමන්ගේ ගෙදරට යන පාර සකස්කර ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

    මහින්ද පරාජය කිරීම තුලින් සමාජයතුල යම් නිදහසක් ඇතිවුන බව දිස් වුවද බොහෝ මිනිසුන්ගේ අපෙක්ෂා කරනුයේ එවැනි පාලකයන්ය. ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ තමන්ගේ දරුවා පාසලකට දමා ගැනීම. පාරට තාර දැමිම මල ගෙදරට මගුල් ගෙදරට පැමිණිම රස්සාවකට යැමට ලැයුමක් ලබා ගැනිම පොලිසීයට ඇමතුමක් දීම වැනි කරුණුය

    මහින්ද විවේචනය කිරිම ඉන් ඉදිරියට ගෙන යැමට කාලය පැමිණ ඇත.


    ReplyDelete
    Replies
    1. //ඔවුන් විසින්ද මහින්ද ක්‍රියාත්මක කරන ලද ක්‍රමයම ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවන බව දැනටමත් දක්නට ඇත. //

      කොහොමද බන් යහපාලනයයි මරාපාලනයයි සමානයි කියන්නෙ?
      ජන.. 8න් පස්සෙ සීනිවුස් පිච්චුවද?,
      දිවයිනේ කීර්ති වර්නකුලසූරියව අතුරුදහන් කලාද?,
      ගෝටා ගින වෙලේ අල්ලස් කොමිසම ඉස්සරහ නිදාගත්ත උන්ට වෙඩි තිබ්බද? රූපවාහිනියෙ හිටපු මරාවාදීන් ගෙනිහිල්ල කකුල් කැඩුවද?
      චන්දෙන් පහුවදාම රාජපක්ෂ ආරක්ෂාව අයින් කලාද?

      කඩේ යනවනම් ඒක හරි හරියට කරපන්.. මීහරකා...

      Delete
    2. වසුවෝ (ප*යො), තොට පේන්නේ මහින්දයයි-සාටකයයි විතරමද ?

      Delete
    3. AnonymousJuly 29, 2015 at 4:44 PM
      නිවරදිව උපුටා ගැනීම් සිදු කරන්න. ලියා ඇතිදෙය සිහිබුද්ධියෙන් කියවන්න.
      ඹබ සදහන් කරුණු මහින්ද ඉවත් කිරීමෙන් පමණක් ඉවත් වන්නේ නැත. එම සිදුවිම් වෙනත් ස්වරුපයකින් සිදුවීමට ඇති ඉඩ තවමත් ඉතිරිවි ඇත.
      කඩේ යනවානම් පිලිවෙලකට කඩේ යන්න

      Delete
  5. Why don't you write: bank u hora Saha Ranil clique? It is more attractive and timely!

    ReplyDelete
    Replies
    1. Not at all attractive or timely. It is now old story which has no news value. Muja is new.

      Delete
    2. Now PARA has come forward to comment as Anonymous. That's the Yahapalanaya.

      Delete
    3. @ Anonymous July 29, 2015 at 5:15 PM ---

      WHO ARE YOU TO DICTATE TERMS TO PARA?

      Delete
  6. චන්දෙන් පස්සේ මරා සහ උගේ පවුලේ එවුන් හිරේ යනවා. මරා චන්දෙන් පරදින එක දැන් හොඳටම ෂුවර්

    ReplyDelete
  7. බහුබූතවංශJuly 30, 2015 at 12:52 AM

    (හො)ඳ (රා)ජපක්ෂලා නරක වැඩ නොකරති.

    ReplyDelete
  8. ඔබ වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න
    ඒ කාලෙ ඔය මායිම් ගම් කියල හඳුන්වපු සිංහල ගම්මානවලට කොටි ත්‍රස්තවාදීන් පැනල දරු පැටව් කැතිගාපු වාරයක් වාරයක් ගානෙ ඔබටත් කොටින්ව මරාගෙන මැරෙන්න හිතෙන්න ඇති. ඔබට පමණක් නොවේ හිතක් පපුවක් තියෙන මේ රටේ හැමෝටම එහෙම හිතුනා. නමුත් අපි හැමෝටම එහෙම කැක්කුමක් තිබිලත් අවුරුදු තිහක් තිස්සේ අපිට කොටි පරද්දන්න නොහැකිවුනේ ඇයි? ඒ මොකවත් නිසා නෙවෙයි අපි කාටවත් තනි පුද්ගලයින් හැටියට ක්‍රියා කරල රටේ නිදහස රැක ගන්න බැරි නිසයි. රටේ නිදහස රැක ගත හැක්කේ රාජ්‍ය බලයටයි. රාජ්‍ය බලය මෙහෙයවන්න සුදුසු රාජ්‍ය නායකයෙක් සිටිය යුතුයි. රටක නිදහස රැකෙන්නෙ රාජ්‍ය නායකයා ක්‍රියාකරන ආකාරයටයි.

    එකේ අනිත් පැත්තත් එහෙමයි. රටේ මිනිස්සු නිදහස පිළිබඳව මොන ආකල්ප දැරුවත් රාජ්‍ය නායකයෙකුට අවශ්‍යනම් රටේ නිදහස පාවල දෙන්නත් පුළුවන්.

    මෙවර ඡන්දයේදී මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ඡන්දය දෙන්න හිතාගෙන සිටින බොහෝ දෙනෙකුට රට ගැන කැක්කුමක් තියෙන බව සැකයක් නැහැ. ඔවුන් බහුතරයක් රට බෙදනවට විරුද්ධයි. ඔවුන් ඡන්දය දීමට බලාපොරොත්තුවෙන මන්ත්‍රී අපේක්‍ෂකයින් බහුතරයකුත් එහෙමයි. නමුත් ඊලඟට මේ රටේ රාජ්‍ය බලය ලබා ගන්න නායකයා රටේ නිදහස පාවා දෙන ආකාරයට ක්‍රියා කලහොත් ඔබටවත් මටවත් අපි කිසි කෙනෙකුටවත් රාජ්‍ය බලයට විරුද්ධව ගිහින් තනි තනියෙන් රටේ නිදහස රැක ගන්න ලැබෙන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනෙ.

    අද කොටි ත්‍රස්තවාදය නැතිවුනත් දෙමළ ජාතිවාදී සංවිධාන මේ රට බෙදන උත්සාහය නවත්වල නැහැ. දෙමළ ජාතික සංධානය 13 වෙනි සංශෝධනයෙන් ඔවුන්ගේ අභිලාශ ඉටුවෙන්නේ නැති බව දැන් ප්‍රසිද්ධියේම කියනව. ඔවුන්ට ඉංදියාවේත් එංගලන්තයේත් ඇමරිකාවේත් ආශිර්වාදය ලැබෙනව. මේ හැම බලපෑමටත් වඩා වැඩියෙන් භයානක ලෙස රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග රාජිත සේනාරත්න මංගල සමරවීර වැනි නායකයින් සුළු පිරිසක් දෙමළ ජාතියට ස්වයං නිර්ණීය අයිතියක් තිබිය යුතුය යන මතයේ සිටිනව. ඒ බව ජනතාවට වසන් කරමින් තිරයේ පිටුපස සිටන් ඔවුන් ක්‍රියාත්මක වෙනව. මේ පිරිස අතීතයේත් වර්තමානයේත් ක්‍රියාකරන අකාරයෙන් ඒ බව ඔප්පු වෙනව.

    රනිල් වික්‍රමසිංහ භාරයේ අද උතුරේ හමුදා ශක්තිය අවම කෙරෙමින් පවතිනව. උතුරේ කොටි සැමරෙන කොට දකුණේ රණ විරු සැමරුම නැවත්තුව. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කෙරෙන කොට මෙහෙ රණ විරුවන්ට මරණ දණ්ඩනය නියම කරනව. මේවට බටහිර රටවල් වල ආශිර්වාදය ලැබෙනව. රණ විරුවන්ට විරුද්ධව යුධ අපාරාධ චෝදනා ගෙන ඒම දැනට නවත්තල තියෙන්නේ එහෙම කලොත් මේ දේශද්‍රෝහීන්ට මැතිවරණයෙන් අවාසි වෙයි කියල හිතලයි. බටහිර රටවල් කාටද මේ උදව් කරන්නෙ? මොනවටද උදව් කරන්නෙ? වර්තමානයේ පමණක් නොවෙයි රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අතීතයේත් ක්‍රියාකලේ මෙහෙමයි. ප්‍රභාකරන් “මහත්තයා” යුද්ධයෙන් පරාජය කරන්න බැහැ කියල ඔවුන් මතයක් ගොඩනැඟුව. රට වෙනුවෙන් ජීවිත දානය කරපු රණ විරුවන්ට අපහාස කලා. ඒ ඔක්කොමත් කරල දෙමළ ජාතිවාදීන් සමඟ රට පාවා දෙන්න ගිවිසුම් ගැහුවෙත් මේ පිරිසමයි.

    මේ රටේ නිදහස ආරක්‍ෂා කරන්නේ යැයි ජනතාවට සහතිකයක් දීමට සුදුසු කමක් ඇති එකම එක නායකයා මහින්ද රාජපක්‍ෂයි. රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අඩු තරමින් ජනතාවට එවැනි සහතිකයක් දීමට ඉදිරිපත්වෙන්නේවත් නැත. ඔවුන් පිළිබඳව එවැනි සහතිකයක් ඔබට දිය හැකිද?

    යම් හෙයකින් රාජ්‍ය බලය රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ් පිරිස අතට පත්වුවහොත් අලියාට ඡන්දය දෙන බහුතරයකගේ හැඟීම් වලට විරුද්ධව යමින් රට බෙදීම සඳහා මොවුන් කටයුතු කරනවා නිසැකයි. රට බෙදුනොත් ඒක ආපස්සට හරවන්න බැරි වරදක් වෙනව. රටේ අනිත් ප්‍රශ්ණ අපට මැදිහත් වෙලා විසඳගන්න පුළුවන් නමුත් රට බෙදුවොත් අපි කිසි කෙනෙකුටවත් තනි තනියෙන් ඊට විරුද්ධව ගිහින් රටේ නිදහස රැක ගන්න බැරි වෙනව. අපිට අවුරුදු තිහක් තිස්සේ කොටි පරද්දන්න බැරි වුනෙත් ඒක තනි පුදගලයින් වශයෙන් කරන්න බැරි නිසයි. රටේ නිදහස වෙනුවෙන් අපට තනි තනියෙන් කටයුතු කරන්න ලැබෙන එකම අවස්ථාව මේ මැතිවරණයයි. ඔබත් ඔබේ ඡන්දය රටේ නිදහස වෙනුවෙන් කැප කරන්න.

    ReplyDelete
    Replies
    1. උඹට සෑහෙන්න මහන්සි ඇති නේද?

      Delete
    2. පළාත් සභා හෝ ඊව ඉදිරියට යන බලය බෙදීමක් තුලින් අහිමි වන්නේ මොනවාද?

      සියලු පළාත් සභා වලට පවතින සීමාවෙන් ඉදිරියට ගොස් බලතල ලබා දීමට කටයුතු කල යුතුය. දැනට ක්‍රියාත්මක පළාත් සභා මගින් සිදුකල හැකි දෙයක් නොමැත. ඒවා සැබවින්ම සුදු අලිය. එම ආයතනවල පලදායිතාවය වර්ධනය කිරිමට එවා සදහා අවශ්‍ය බලතල ලබා දීමක් සිදුකල යුතුව ඇත.
      සිතියමකින් එක්කොට ඇති භුමියක් තබා ගැනීම හෝ ව්‍යවස්ථාවේ එ්කීය වචනය ඇතුලත් කිරීම මගින් පහල පාන්තික ජනතාවට කිසිවක් හමුවන්නේ නැත. දිගින් දිගටම ජාතින් අතර වර්ගවාදය ඇවිලම තුලින් පහල පාන්තික ජනතාවට අහිමිවිමට බොහෝ දේ ඇත.
      සිංහල. දෙමළ සහ ඉස්ලාම් වර්ගවාදය පතුරවන පුද්ගලයන් විසින් භුමියක අයිතිය වෙනුවෙන් අවසානයේ අහිමි කරනුයේ ජිවත් වීමට නිවසක්, තමන්ගේම ඉඩමක් නොමැති පහල පාන්තික මිනිසුන්ගේ ජිවිත, දේපල සහ ශරිර අවයවයි.
      පාලකයන්ගේ දේශපාලන බල අවශ්‍යතාවයන් වෙනුවෙන් තමන්ට ලැබෙන කුලිය හෝ ආශ්වාදය වෙනුවෙන් තම ජීවිත . දේපල හා ශරිර අංග නැතැකර ගැනිමට නියමිත සිංහල දෙමළ ඉස්ලාම් පිඩිතයන්ට තමාගේ පන්තිය පිලිබද සවිඥාණය ලබා දිමට සියලු නිර්ධන පාන්තිකයන් සංවිධානය කල යුතුය.

      Delete
  9. ඉහත සටහන මවිසින් කරන ලද එකක් නොවේ. මම කුඩා කාලයේ සිට පුරුදු වූ ආකාරයට මා මගේ නම ලියන්නේ Ajith Perakum ලෙසයි. මෙම පුද්ගලයා Ajith Parakum ලෙස භාවිතා කරමින් කමෙන්ට් කිරීමට පටන් ගෙන තිබේ. මා එය ඉවත් කරන්නේ නැත. හද්දා පිටිසර ගමක ජීවත් වන බ්ලොග්කරුවකු වන මගේ නම අනුකරණය කිරීමට මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සේවකයන්ට සිදු වීම පිළිබඳ එක අතකින් මම සතුටු වෙමි. අනෙක් පැත්තෙන් මහින්ද වැටී තිබෙන තත්වය ගැන එයින් ඔබට සිතා ගත හැකි වනු ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා