දේ.න.පෙ එළි දැක්ම ළඟදී ම (දේශපාලනිකව නන්නත්තාර වූවන්ගේ පෙරමුණ)

දැන් නම් ඉතින් උණු වතුර ටිකක් නාලා බුදුසරණ පත්තරේ බලාගෙන ඉන්න එක තමයි හොඳ ....
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන පක්ෂ ටික එකතු වී ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා සන්ධානයක් පිහිටුවන්නට සැරසෙයි. 

මේ පක්ෂ ඒවායේ නායකයන්ගේ නමින් හැඳින්වූවාට වරදක් නැත. මන්ද, එම පක්ෂවල ඉන්නේ ඔවුන් සහ පසුගිය කාලේ ඔවුන් රජයෙන් ලබා ගත් වරප්‍රසාදවලින් වැටුප් ගෙවූ කාර්ය මණ්ඩලවලින් මේ වන විට ඉතිරි වී සිටින කොටසයි. 

දේශපාලනික වශයෙන් නන්නත්තාර වී සිටින මේ පෙරමුණට එකතු කර ගත හැකි තවත් 'පක්ෂ' ගණනාවක් තිබේ. තිස්ස අත්තනායක එකකි. මේ තරම් ම වූ තවත් පක්ෂ තිබේ. සරත් මනමේන්ද්‍ර තවත් පක්ෂයකි. මීට අමතරව, පසුගිය ආණ්ඩුවේ සිටි දුමින්ද සිල්වා, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි සල්ලි වෙනුවෙන් උග්‍ර ලෙස රාජපක්ෂවාදී වූ පිරිසට දූෂණ චෝදනා එල්ල වී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නො ලැබුණොත් ඔවුන් ද මේ නන්නත්තාර පෙරමුණට එකතු වනු ඇත. 

කිසි සේත් එකතු නො වන අය වන්නේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂයි. 

මේ දේශපාලනික නන්නත්තාරවාදීන් මේ සන්ධානය ඔස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කේවෙල් කිරීමට උත්සාහ කරනු ඇත. එජනිස ඔවුන්ට නො රැවටුණොත් ඔවුන්ට අබ සරණ ය. 

මහින්ද රාජපක්ෂගේ අනුමැතිය ද ‍නැතිව ඔහුගේ නම විකුණා පාර්ලිමේන්තු ආසනයක් දිනා ගන්නට දරණ මේ උත්සාහය නම් ඇත්තෙන් ම සානුකම්පිත ය. 

ප.ලි: කලක් අපගේ ‍ගෞරවාදරය දිනාගෙන සිටි වාසුදේව හිටපු සහෝදරයාට ‍ජීවිතයේ සැඳී සමයේ කිසිදු ගරුත්වයක් නො ලැබෙන තත්වයට පත් වීම ඇත්තෙන් ම කණගාටුදායක ය. හොඳම දේ දේශපාලනයෙන් විශ්‍රාම යාම ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා දන්නවනෙ ඉල්ලුමට සැපයුම. ලංකාවෙ ඉන්නව නන්නත්තාර වෙච්ච චන්ද දායකයන් සෑහෙන ප්‍රමානයක්. ඔවුන් වෙනුවෙන් තමයි මේ දේනපෙ පිහිටුවන්නෙ.
    ඔන්න බලන්න ලක්ශ 10කට වැඩිය චන්ද ගන්නෙ නැද්ද කියල!

    ReplyDelete
    Replies
    1. මටනම් හිතන්න අමාරුයි ලක්ෂ තුන හතරකට වඩා ඡන්ද ගනී කියලා

      Delete
    2. හා මෞර්ය රාජ්, රෙදි හෝදල අඳින්න.

      Delete
  2. මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙන සිස්ටම් එකක් තියනවා.ප්‍රධාන පක්ශ දෙකෙන් එකකින් ආවොත් තමයි අගමැති වෙන්න පුළුවන් වෙන්නෙ.ලක්ෂ 57 න් ලක්ෂ 5 ක් වත් ගලවන්න බෑ.මහින්ද නැතත් ඉතිරිය අකමැත්තෙන් හෝ ශ්‍රීලනිපය තුල රැදෙයි.මහින්ද නැතිව අර කට්ටිය ආවොත් ඇපත් නෑ.මොකද ඔතන රෙද්දක් ඇදගෙන පාරට බහින්න පුළුවන් දිනේෂ් ට විතරයි.කිසිම චෝදනාවකට ලක් නොවූ ඔහු සැබෑ මහත්මයෙක්.
    පරන වම කියන්නෙ පුද්ගල කන්ඩායමක් විතරයි.එතනෝල් කාරයො කුඩු කාරයො සෙට් වුනොත් ඕක පක්ෂෙකට වඩා විහිළුවක් වෙයි.
    මහින්ද කළයුතු බුද්ධිමත්ම වැඩේ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම.

    හැබැයි මෙහෙම දෙයක් තියනව.දැන් දේශපාලනයෙ රික්තයක් ඇතිවෙලා තියෙනව.ඒ ජාතික මතය දරන පිරිසකට සහ වමට.ඒ හැර එජාප ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවක් ආවොත් විපක්ෂයකට රික්තයකුත් ඇතිවෙනව.පසු කාලෙක ඒ රික්තය ජේවීපී එකෙන් පිරවෙයි.ඉදිරියෙදි ශ්‍රීලනිපය එජාපය තුල දියවෙයි.

    සිංහල ජනතාව 55% ක් මහින්දට ඡන්දය දුන්නෙ ඔවුන් හොරකම් දූෂන,පවුල්වාදය ,නීතියක් නැතිකම,මිත්‍යා මත වපුරමින් රට පිස්සන් කොටුවක් කිරීම ආදිය නොදැන නොවෙයි.මේ ලක්ෂ 57 මම හදුන්වන්නෙ බෙදුම්වාදයට එරෙහිව දුන් ඡන්ද ලෙස.2009මැයි 19 ට පෙර බස් එකකට නැග්ගෙ ඒක කොයි වෙලේ පුපුරයිද නොදැන.හැමතැනම නවත්තල සර්ච් කරනව,ලඟ ඉන්න එකාවත් සැකයි,බඩුමලු උඩින් තියන්නත් බෑ.දෙමවුපියො දෙන්න එකට එන්නෙ නෑ.එක් කෙනෙක් බස් එකේ ගියොත් අනෙක් කෙනා කෝච්චියෙ යනව.එක් කෙනෙක් මැරුනොත් තව කෙනෙක් දරුවන්ට ඉතිරි වෙන නිසා.2009 මැයි 19 ට පෙර මේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගත්තෙ නෑ කියල කියන්න පුළුවන්.


    ලක්ෂ 62 බෙදුම්වාදයට පක්ෂ ඡන්ද කියල කියන්නෙ නැහැ.හැබැයි ඒ ලක්ෂ 62 න් සුළුජාතික ඡන්ද කවර අරමුණු වලින් මේ විදියට පාවිච්චි වුනාද කියල කියන්න කල් වැඩියි.


    ආරාංචි හැටියට මහින්දට දැන් ඕන වෙලා තියෙන්නෙ පවුලෙ අය එක එක චෝදනාවලින් නිදහස් කරගෙන නාමල් ගෙ හම්බන්තොට උරුමය සුරක්ෂිත කිරීමයි.අනික් අපේක්ෂාවන් ප්‍රායෝගික නැති බව පළපුරුදු දේශපාලනඥයෙක් වන මහින්ද දන්නවා.

    ReplyDelete
    Replies
    1. //ඔතන රෙද්දක් ඇදගෙන පාරට බහින්න පුළුවන් දිනේෂ් ට විතරයි.කිසිම චෝදනාවකට ලක් නොවූ ඔහු සැබෑ මහත්මයෙක්//
      කාටහරි මතකද 
      මුල් දිනවල දිනේෂ් මොනව හරි දේක හරි වැරදි පෙන්නන්න ගිහාම, මොකක්දෝ ෆයිල් එකක් ගැන කියල ලොක්ක දිනේෂ්ගෙ කට වැහුව. මට මතක විදියට එදාට පස්සෙ තමයි එයා පුරු පුරු ගාන්න පටන් ගත්තෙ.

      Delete
    2. මට මතක හැටියට, කිරුලපොන-දෙමටගොඩ පාරට අයිති වුණු පිලිප් ගුණවර්ධ පවුලේ ඉඩමක් වෙනුවෙන්, දිනේෂ්, ඉන්දික ඇතුළු දරුවන් චන්ද්‍රිකා සමයේ ලබාගත් වෙනත් රජයේ ඉඩම් ගැන කතාවක් නේද?

      හරියට අර විජේපාල මෙන්ඩිස් කේස් එක වගේ එකක්?

      Delete
  3. VASU- Kehelmal vame potha balalaa hitaganna thena theeranaya nokara janathaa pelagasma baluwanam sahodaraya anaatha venne nehe. Eththatama kanagaatui.
    DINESH- 57 lakshayak sandhaanayata chandaya dun pirisa venuwen kepa venawalu!
    Oya gananen kee lakshayak oba venuwen sandhaanayata kathire gahanna ethi kiyalada hithanne.( Ranil munagehilaa iskole parana yaalu kama hari mathak karalaa monawahari illa gaththanam wediya nambui)

    ReplyDelete
  4. මහින්ද ආපසු චන්දය ඉල්ලා අතට ගත් දේ කටට දා ගැනීමට නොලැබෙයි සුළුදිය පහවන කට්ටිය,

    1. කුට්ටිය මදි වෙච්ච් යු.එන්.පී කාරයෝ,
    2. NGO ග්‍රාන්ට් වලට ඉල්ලුම්පත් දාපු පුකේ වම්මු,
    3. ෆයිල් උස්සන් උසාවි ගිහින් විපක්ෂය වෙන්න බලන් හිටපු ජ.වී.පී කාරයෝ,
    4.විමුක්තිව ගම්පහට දාන්න බලන් හිටපු චන්ද්‍රිකගේ සෙට් එක,
    5.නිදහස් පක්ෂේ ජාතික සංවිධායක වෙන්න බලන් හිටපු ප්‍රා රාජිතගේ සෙට් එක,
    6. අනාගත අගමැති වෙන්න සිහින දකින චම්පිකගේ ඌරු මියෝ,

    ඇයි මිට කලින් දැකල නැද්ද?? නිකන් අවුල් වගේද ??

    ReplyDelete
    Replies
    1. මහින්දට දැන් 70ත් පැනලා නේ? තව කොච්චර කාලයක් දේශපානනේ කරන්නද? මහින්ද පස්සේ නටන විමලයට එහෙම මහින්දගෙන් පස්සෙ මොකද වෙන්නේ?

      Delete
    2. තමන් ලියන දේවල් ෆුල් අවුල් ය කියන එක දැන් තේරෙනවා වගේ. ඒක නිසා නෙ අපෙනුත් ඇයි අවුල් වගේ ද අහන්නෙ.

      බෙහෙත් ටිකක් බොන්න. ඕක ඉක්මණට සනීප වෙයි.

      Delete
  5. Kohoma unath,DNP eka Peratugameenta Wada ganeewi.

    ReplyDelete
  6. කියලා කර ගන්න බැරි දෙයක්.. එජාපය උඩින් දිනනවා.. මම මේ මල් ටිකක් කඩන්න යනවා.. මුන්ගේ පොටෝ එල්ලලා වඳින්න පුදන්න...

    ReplyDelete
  7. dinesh gana awissawelle asanaye kattiya hondata dannawa.ratatath wadak nathi gamatah wadak nathi kenek.thtta sinhaya unta putha ?????????

    ReplyDelete
  8. අනෙ පැරො ඔයත් අනාථ වෙලා නෙද හිටියෙ රනිල්ගෙ අහවල් එකෙ එල්ලෙන්න කලින්? තමන්ගෙ ප්‍රතිපත්ති රැකගෙන අනාථ වෙන එක වටිනවා තොපි වගෙ දෙශපාලන ගණිකාවො වෙනවට වඩා.

    ReplyDelete
  9. PARA DINAMINA berinam SUBASETHA illaganna, Theruwan Saranai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා