හොරකම් කරන්නට වුව රටක් තිබිය යුතු ය

ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් කැඩුණා පමණි. රතන හිමියන්ගේ සදහම් සෙවණ අසපුවට මැරයන් එවා ඇත. 

ආණ්ඩුව රාජගිරිය ඔබේසේකරපුර වැනි තැනක අක්කර තුනකට වැඩි ඉතා වටිනා රජයේ ඉඩමක් රතන හිමියන්ට දන් දුන්නේ ඇයි? එතැන තමන්ට ගෙවල් හදන්නට තිබුණු බව කියන ජනතාව රතන හිමියන් ආණ්ඩුවෙන් යනකල් බලා උන්නේ ඇයි? 

ආණ්ඩුවෙන් කඩාගෙන ආ හා එන්නට ඉන්න යහපාලකයන්ගේ කිල්ලෝටවල මෙවැනි හුණු ඇති බව අමුුතුවෙන් කියන්නට ඕනෑ නැත. රාජපක්ෂ රෙජිමය විසින් මහජන මුදල් කොල්ල කෑමේ දූෂණ ජාලයට හසු කර ගත් සේනාව සුළු පටු නො වේ. ඒ අය අතර ආණ්ඩු පක්ෂයේ සිටි දේශපාලකයෝ ඉදිරියෙන් ම සිටිති.

කඩාගෙන එන්නට සිටින පිරිසට නායකත්වය දෙන බව කියන මෛත්‍රීපාල සිරිසේන ද දේශපාලන බලයෙන් දියුණු වූ පොළොන්නරුවේ දූෂිත පවුලකින් පැවත එන්නෙකි. 

අනෙක් අය ගැන ද කියන්නට ඕනෑ නැත. 

යහපාලනය, නීතියේ ආධිපත්‍යය ගැන ඔවුන් කියන සුන්දර කතන්දරවල යටිපෙළ එතරම් සුන්දර නැත. 

ඒත් කමක් නැත. රාජපක්ෂලා රටත් ගෙන විනාශය දෙස දුවන මේ දිවිල්ල නැවැත්විය යුතු ය. යුද්ධය දිනවීම වෙනුවෙන් ඔය ගෙව්ව මිළ ඇති ය.

හොරකම් කරන්නට වුව රටක් තිබිය යුතු ය.

මෛත්‍රීපාලලාගේ ජනාධිපතිවරණ තේමා පාඨය එය ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. හොරකම් කරන්නට වුවද රටක් තිබිය යුතුය. අමු මිරිස් කන්නටද , ප්‍රොජෙක්ට් කරන්නටද, පොදු ලිඳක් කපන්නටද, හාට් ඇටෑක් එන්නටද, මුද්දක් නැති වන්නටද රටක් තිබිය යුතුය.

      Delete
  2. පවර් ඔෆ් ද මහින්දගේ ආශ්චර්ය :v

    ReplyDelete
  3. අජිත් පැරකුම් ජයසිංහ මහතාගේ W3Lanka වෙත දේශපාලනික ඇනෝ කමෙන්ට්ස් වලින් අදහස් හුවමාරු කල අප, අද ( 21) සිට ඉදිරියට W3Lanka හී කමෙන්ට්ස් වලින් යලි හමු නොවේ.
    දේශපාලන කමෙන්ට්ස් සංවාද වලට සහභාගි වු ඇනෝ සහ ‍ෆ්‍රෝෆයිල් සැමට ස්තුතියි.


    ආ.. ලොරිය ආවා....

    අපි යනවා...
    Good bye .. පැරා ..
    Good bye..සයිබර් මිතුරනේ
    .
    . Bow wow wow.... ....

    ReplyDelete
  4. පැණි වරකෙට හෙණ ගසනා ස්වරුපයක් ගොරවනා සැටියෙන් පෙනේ.එහෙත් පසුගිය දශකය තුල ගොරවනා තරමට පොදක් වත් නොවැටුණි.එහෙම වැටුනා නම් මෙහෙම බේබදු කාබාසිනි පාලනයක් අද නැත.රටක යහ පැවැත්මට බල තුලනයක් උවමනාය. එහෙත් වැ(ව)ස්සාට අවශ්‍ය යහ පාලනයක් නොව මහා බලගතු තේජාන්විත රජෙකි. ඉදිරි දින කීපය අය්යා මලෝ ගැන්සියට මෙන්ම පොදුවේ රටටද තීරණාත්මකය.අයිවන් ලොක්කා කීවාක් මෙන් රතන සාදු කැඩූ බිත්තරේ නරක් වන්ට කලියෙන් ඔම්ලට් එකක් දා ගැනීම විපස්සේ කාරියයි .එහෙත් මෙච්චර කල් නම් උනේ ඔම්ලට් කෙසේ වෙතත් කෙකර ගාමින් විපස්සේ බාන හැම බිත්තරයක්ම මහින්ද ලොක්කාගේ ආප්පයේ මැදට පාප්පයක් මෙන් වැටී පොඩි පට්ටම් වීමයි.මිනිහා එහෙවු චෙෆෙකි.එහෙත් චෙෆුන්ටත් රෙසපි වරදී! කවුරු දනීද ?

    ReplyDelete
  5. //ඒත් කමක් නැත. රාජපක්ෂලා රටත් ගෙන විනාශය දෙස දුවන මේ දිවිල්ල නැවැත්විය යුතු ය. යුද්ධය දිනවීම වෙනුවෙන් ඔය ගෙව්ව මිළ ඇති ය.//

    අපව තෝරාගැනීමක් නැති තත්වයට -No choice-පත්කිරීම
    මේ පාලකයින්ගේ තව උපක්‍රමයකි.
    අද පක්ශවල ප්‍රාදේශීය කමිටු, ලෝකල් සභා නැත.
    පක්ශවල දේශපාලනය සිදුවන්නේ මාධ්‍ය-විශේෂයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහාය. එය විනෝදය සපයන කාලය ගත කරන අංශයේ කොටසක් බවට පත් කර ඇත. හොරකම් කිරීම නිසා හෝ නිතරම නම ඇසෙන එකාට ඡන්දෙ ලැබෙයි.
    මාධ්‍යයවල අයිතිය ඇත්තේ කා අතද?

    ගම්වල ග්‍රාමීය කමිටු, වැඩපලේ සේවක- සේව්‍ය කමිටු, බදුගෙවන්නන්ගෙ කමිටු, පාරිභෝගික කමිටු, සෙබල, පොලිස්-ග්‍රාමීය කමිටු ශක්තිමත්ව පිහිටුවා ජන සහභාගීත්වය ලබාගන්නවා ඇර දූෂණය අඩුකිරීමට, ඵලදායිතාව නැංවීමට වෙනත් මඟක් නැත.
    කෙලෙස් තැවූ පැවිදි
    උතුමන්ද මේ දේශපාලන වංකගිරියේ අතරමං වන බව ඇස් පනාපිටම අත්දැකීමු.

    ReplyDelete
  6. පැරා, අප හොයන දුෂණයෙන් තොර, යහ පාලනය කළු සුදු චිත්‍රයක් නොවේ. මහින්ද ඒ චිත්‍රය කළුම කළු කර ඇත. මෛත්‍රීපාල ආවා කියා මෙය සුදුම සුදු වෙන්නේ නැත. එය සාපේක්ෂය. රනිල් ආවත් සුදුම සුදු වෙන්නේ නැත. සමහර විට මෛත්‍රීපාල ට වඩා සුදු විය හැක. නමුත් මහින්ද චිත්‍රය තවත් කළු කරන්න හෝ එය කාබාසිනියා කරන්න යන වෑයම අඩු කිරීමට හෝ නැවතීමට විකල්පයක් අවශ්‍යයි. මේ අවස්ථාවේදී හොඳම තුරුම්පුව නොගසුවොත් යලිත් සෙල්ලම් කිරීමට අතක් බෙදයිද යන්න සැක සහිතය. මේ තුරුම්පුව අපතේ ගියොත් කුජීතය. රනිල් ට වඩා මෛත්‍රීපාල ට එල්ල කිරීමට ඇති මඩ හා චෝදනා අඩුය. සැබවින්ම මහින්ද බයියෙක් නම් මෛත්‍රීපාල ඊට එහා එකෙක්. එත් මහින්දට ප්‍රතිරෝධයක් දක්වන්න රනිල් ට වඩා මෛත්‍රීපාල ට පුළුවන්. අනෙකුත් පක්ෂ වල වගකීම තමයි ඉක්මනින්න්ම ක්‍රමවත් වැඩපිලිවලකට යොමු වීම.

    ReplyDelete
  7. අපේ මාරයා අයියා මේ වගේ ගොන් පොස්ට් වලට කැමැති නැහැ. ඒ නිසා කමෙන්ට් නොකරන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  8. Para, FSP is going to contest to the presidential election. What do you think. Are going to vote for FSP or Common candidate?

    ReplyDelete
  9. අපි බලන්න ඕන ඇයි මෙයාලා එලියට බහින්නේ කියන එක. ඒක සරළවම කියනවා නම් ආඥාදායකත්වය. කැබිනට් එකේවත් කතා කරන්න බෑ. දෙන දේ කාලා වෙන දේ බලාගෙන දු වෙන්න ඕන. ඒ කියන්නේ මෙයාලට ඕන විදියට නිදහසේ උලා කන්න බෑ. මෙයාලා මේ විදියට කන්න පුළුවන් කියලා දැනගෙන උන්නෙත් නෑ. ඒකනේ සැටලයිට්ගේ කාලේ බාර් ලයිසන් එකක් විතරක් අරගෙන ඒකෙන් සැනසෙන්නේ. ඕන නම් රෙස්ටුරන්ට් එකක් දා ගත්තා. ඒත් රාජපක්ෂලා මුන්ට පෙන්නුවා යුද්දෙන් විතරක්ම නෙමෙයි සුද්ද කරන්න පුළුවන් කියලා. දැන් මුන්ට ඒ ටීම් එක්ක ඉරිසියයි. එහෙම හම්බ කරන්න ටැලන්ට් එකත් තියෙන්න ඕන. දැන් මෙයාලටත් ඕන රාජපක්ෂලාගේ ගානටම ගම්බ කරන්න. ඒකට නිකං බෑ. මහින්ද මහත්තයට වඳින්න ඕන. ඇත්තටම මෙයාලට මුකුත් බෑ. මෛත්‍රී පොද්දා උනත්. ලොක්කා දිනනවා. මොකෝ මහින්දට ගහන්න තියෙන ගැහිලි ගහලා ඉවරයි. ඒවා පරණ සටන් පාඨ. හැබයි මෙයාලගේ ෆයිල් එලියට එන කොට මිනිස්සු උඩ යනවා. ඒවා ෆ්‍රෙෂ් ඇලිගේෂන්ස් නේ. පප්පා ගාව තිබුනේ රැසිග්නේසොන් ලෙටර්. ඒත් ලොක්කා ගාව තියෙන ඒවා ඊට cඅඩා පවර්ෆුල්. ඒ තමයි හොර වැඩවල ෆයිල්.

    ReplyDelete
    Replies
    1. eka hinda uba kiyanne lokkatama chande deela dinana pilata enna kiyala da ?

      Delete
    2. නෑ නෑ. ලොක්කටම දෙන්න ඕන නෑ. කාගෙහරි නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න බලාගෙන ලොක්කා පරද්දවමු. ඊට පස්සේ සජින්ට වඩා හොඳින් රවීලා ගහන විදිය බලන්න පුළුවන්.

      Delete
    3. ඇයි තෝ කන්නේ කැට හොල්ලලද..

      Delete
    4. ඔබගේ අදහස් පරස්පරයි. ඔබට රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්වීමට අැති අයිතියට ගරැකරමු. නමුත් හුදෙක් අනය රැවටීම සදහා අාරෝපනය කරගන්නා මැදිහත් බව අනුමත නොකරමු. තමන් පෙනීසිටින මතවාදය වෙනුවෙන් ඍජුව ඉදිරිපත්වීමට අවශ‍ය ශක්තිය පාර්ථනා කරමු.
      රුසිරි.

      Delete
    5. ඔබගේ අදහස් පරස්පරයි. ඔබට රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්වීමට අැති අයිතියට ගරැකරමු. නමුත් හුදෙක් අනය රැවටීම සදහා අාරෝපනය කරගන්නා මැදිහත් බව අනුමත නොකරමු. තමන් පෙනීසිටින මතවාදය වෙනුවෙන් ඍජුව ඉදිරිපත්වීමට අවශ‍ය ශක්තිය පාර්ථනා කරමු.
      රුසිරි.

      Delete
  10. "එතැන තමන්ට ගෙවල් හදන්නට තිබුණු බව කියන ජනතාව රතන හිමියන් ආණ්ඩුවෙන් යනකල් බලා උන්නේ ඇයි?"
    ඒක තමයි මෙහෙ දේශපාලනේ හැටි. දැන් අද එක පාරම නින්දෙන් ඇහැරුනා වගේ ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදේ ගැන කථා කරන රතන ලා එදා කටුනායක දි රොෂේන් චානකලා මරන කොට , ලලිත් කූගන් ලා උස්සලා මරණ කොට, රතුපස්වල උද්ඝෝෂණය කරපු මිනිස්සු තුන්දෙනෙක් මරණ කොට, සරසවි සිසුන්ට, කම්කරුවන්ට පහර දෙන කොට කොහේ ද හිටියේ ? මේ ඉල්ලන්නෙ මේ රටේ ඉන්න පීඩිතයට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදෙ හරි යහපාලනේ හරි නෙවෙයි, උන්ට ( චම්පිකලාට, රතනලාට, රනිල්ලාට) හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන දේ කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදේ. ඕවට අපිව නම් අන්දන්න බෑ. හැබැයි විදග්ධ බුද්ධිමතෙකු වන පැරා නම් දැනටම හොඳටම ඇන්දිලා. ඔහොම යං,ඔහොම යං

    ReplyDelete
    Replies
    1. ඒකාධිපතිවාදය පරදවන්න මර්වින් සිල්වා සමග දුමින්ද සිල්වා මහතාත් පොදු අපේක්ෂකයාට සහය දෙනවා. රාජිතලා එස් බී ලා වගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෝ එක්ක රත්තරන්ලා චොකා මල්ලිලා වගේ පිරිසිදු දේශපාලනඥයොත් පොදු අපේක්ෂකයාට එකතු වුනාම දූෂණයෙන් තොර, නීතියේ ආධිපත්‍ය සුරකින ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හදාගන්න අපිට පුළුවන්.

      Delete
  11. අපේ මාරයියා මොකද තාම මතයක් ඉදිරිපත් කරලා නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ තොට ඇස් පේන්නෙ නැද්ද අර උඩින් කියලා තියෙනවා කමෙන්ට් කරන්නෙ නෑ කියලා?

      Delete
    2. ඒ උනාට බ්ලොග් එකෙත් බුරියානි හදන හැටි කියනවා මිසක් පොදු අපේක්ෂකයා ගැන මුකුත් කියලා නෑනේ.

      මේ වගේ දේවල් ගැන බ්ලොග් ලොව සුරුවිරුකම් පෑ බ්ලොග් චක්‍රවර්ති මාරයියාගේ මතය මාර වැදගත්.

      Delete
    3. බුරියානි හදනවා කියලා ඒ ව්‍යංගයෙන් කියා තියෙන්නේ විපක්ෂය පොදු අපේක්ෂකයා තෝරන හැටි තමයි. තොපිට ඒක තේරෙන්නේත් නැහැ.

      Delete
  12. YAKO E Buriyani eka hadana widiyatama thamai.Podu aeksakaya thoranneth.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා