දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද? (A comment and and two replies)

 
මට මතක විදිහට ඕකට නියම උත්තරය දුන්නෙ ආචාර්ය නිර්මාල් රංජිත්. වමා කිව්වෙ දෙමළට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය රටක් නැතිකමය කියල. සිංහල උන්මාදවාදී වර්ගවාදීන්ගේ මෝඩ ප්‍රශ්නයට පොල්ලෙන් ගහන උත්තරයක් එහි අඩංගුය කියල මා හිතනව. ඒ හැරෙන්න කවදාවත් ඔය ප්‍රශ්නයට උත්තරය සිංහල වර්ගවාදීන් තේරුම් ගන්නෙ නෑ.

//වමා කිව්වෙ දෙමළට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය රටක් නැතිකමය කියල.//සිංහල උන්මාදවාදී වර්ගවාදීන්ගේ මෝඩ ප්‍රශ්නයට පොල්ලෙන් ගහන උත්තරයක් එහි අඩංගුය කියල මා හිතනව//
ඉතින් දොරේ ලංකාවේ ඉන්න ලක්ෂ 30ක් වුනු දෙමළ ජනතාවට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නේ රටක් නැතිකම නම් ඉන්දියාවේ ඉන්න කෝටි 7ක් වුනු දෙමල ජනතාවට කොඉතරම් නම් ලොකු ප්‍රශ්නයක් ද ඇත්තේ රටක් නැතුව නේද? මම පදිංචි ප්‍රදේශයට කිට්ටුවෙන් අහිගුණ්ටික ජනාවාසයක් තියෙනවා. එයාල නිතරම කියන්නේ එයාල ගැන කිසිම රජයකින් හොයා බලන්නේ නෑ කියලා . ඔයාගේ බුද්ධිමත් වමා ගේ නිර්වචනයට අනුව මට දැන් තමයි මොලේ පෑදෙන්නේ. එයාලගේ ප්‍රශ්නෙට හේතුව රටක් නැති කම. මම මේ නොදන්නා කමටයි අහන්නේ දොරේ, එතකොට දෙමල ජනතාවට දෙමල වීම නිසාම ඇති එකම ප්‍රශ්නය වුන "රටක් නොමැති කම" ට විසඳුමක් විදිහට ඔබතුමාගේ විශ්වකර්ම වමා දෙන විසඳුමට අනුව වෙනම රටක් දුන්නොත් ඊට පස්සෙත් එයාලට ප්‍රශ්න තිබුනොතින් එහෙම අයෙත් දෙන්න තියෙන විසඳුම හරිම සරලයි. ඒ රට අයෙත් දෙකට කඩනවා. ද්‍රවිඩ හින්දු අයට එකයි, ද්‍රවිඩ කතෝලික/ක්‍රිස්තියානි අයට එකයි. අම්මප මේ වගේ ඇසූ පිරූ තැන් ඇති විශ්වවිද්‍යාල අදුරෙක්ගෙන් ශිල්ප ලබන්නට තරම් මා වාසනාවන්ත නොවූ තරම්...අදෝමැයි...


විසඳුම රට බෙදීම නොවෙයි. දෙමළ මිනිස්සුත් මේ රටේ පුරවැසියන් බවට පත් වන්න අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීමයි. ලංකාව තමන්ගේ රට යයි කියන්න දෙමළ මිනිසුන්ටත් පුළුවන් තත්වයක් ඇති කළ යුතුයි.

ඉන්දියාවේ ඉන්න කෝටි හතක් දෙමළ වැසියන් තමන්ට රටක් නැති ය කියා නො කියන්නේ ඉන්දියාව ඔවුන්ගේත් රට ලෙස ඔවුන් සලකන නිසා.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අපි තාමත් නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හොයනවා වගේ අජිත්... ඇත්තටම දැන් දැන් උදා වෙමින් තියෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෙවේ..ජනවාර්ගික ගැටළු එන්න වැඩි වෙන්නට ඉඩ හරිමින් කැකුණ තලා ගැනීම...

    ReplyDelete
  2. පැරා, ඔයා හෝ ගාල පෝස්ට් දානවා, ඒත් තාම මගෙ ඔරිජිනල් ප්‍රශ්නෙට (දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද ) කියන එකට උත්තරයක් නෑ. අදත් ඔයා කරල තියෙන්නෙ එහෙම ප්‍රශනයක් තියනවා නම් කියල හිතල ඒකට උත්තරයක්. මැක්කගෙ කතාවෙ අවසානය වගේ. හදිසියෙවත් මාලුවෙක්ගෙ ඇඟේ මැක්කෙක් හිටියොත් කියල, ඉතුරු හෑල්ල කියවනවා..

    අර ඔයා කලින් කියල තිබ්බ දෙමල ෆිල්ම් එකෙ ජෝක් එක, එකම තමා දැන් වෙන්නෙ, මම අහනවා මොකක්ද ප්‍රශ්නෙ කියල, ඔයා කියනවා බලය බෙදන්න, දෙශපාලන අයිතිය වගෙ දේවල්. එත් ප්‍රශ්නෙ??


    http://www.w3lanka.com/2013/05/blog-post_23.html?showComment=1369299454400#c3671365035344978891


    http://www.w3lanka.com/2013/05/blog-post_2209.html?showComment=1369390126708#c173155914105259462

    http://www.w3lanka.com/2013/06/blog-post_8501.html?showComment=1370244114473#c6727388621754863710

    ReplyDelete
    Replies
    1. දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද කියන ප්‍රශනයට කෙටි ම, ලස්සන ම උත්තරය ඔන්න නිර්මාල් දීලා තිබෙනවා. මේ සංවාදයේ කර තිබෙන්නේ එය පැහැදිලි කිරීමක්. දේශපාලන බලය තිබෙන සිහලයන් ලෙස අප කළ යුතුව තිබෙන්නේ දෙමළාට තමන් පිටස්තරයෙකු ය කියලා නො හිතෙන රටක් හදන එක.ඔය ප්‍රශ්නය දිගින් දිගට අහමින් ඉන්න එක නො වෙයි.

      ඒත්, ඒක තමයි ඔබේ ජාතිවාදී දේශපාලනය. ඔබ අනුගමනය කරන්නේ මානසික වධ දීමේ උපක්‍රමයක්. කොච්චර උත්තර දුන්නත් ඔබ නැවතත් අහනවා කලින් ප්‍රශ්නය ම‍. ඔබේ පිළිතුර ලැබෙන කල් ම. එහෙම ඇහුවා ම අනෙක් මිනිහාට උත්තර දීමත් එපා වෙන බව ඔබ දන්නවා.

      ඔබට දෙන්න තිබෙන උත්තරය දීලා ඉවරයි. නැවත මේ ප්‍රශ්නය දිගින් දිගට මෙතන පහරන්න එපා. ඒ සඳහා ඔබ බ්ලොගයක් හදා ගන්න. ඒවා ගූගල් නොමිළේ දෙනවා.

      බුද්ධියෙන් අදහස් පළ කරන්න. පොලිසියේ මර්දන උපක්‍රම මෙහි පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න එපා.

      Delete
    2. වු කුක්කු පැටියාට දුක හිතිලා වගේ. ඒත් තාම දෙමල උන්ට දෙමල වීම නිසාම ඇති ප්‍රශ්නය උබට කියන්ඩ බැරි වෙලා පැරා. ඔය වෙනම රටක් ඉල්ලන අපේක්ශාව කොලඹ කේන්ද්‍රීය දෙමලුන්ට​, වතුකරය​, මාතලේ නුවර කේන්ද්‍රීය දෙමලුන්ටත් තියෙනවද බන්. උන්ට වෙනම රටක් දුන්නම සිංහල ප්‍රදේශවල ප්ල්ග් ගැහිලා ඉන්න දෙමලු ටික ඒ ප්‍රදේශ වලට යයිද​? නැත්තන් තොපේ රටට තොපි පලයන් කියලා අපිට උන්ව​ පන්නඩ වෙයිද​? උබ කියන විදිහට සුලු වාර්ගිකයන් ඉල්ලන ඉල්ලන දේවල් දෙන්ඩ ගියොත් මේ ලෝකෙ බෙදල ඉවර වෙන්නෑ. උබ ඇයි පැරා හිතා මතාම අමතක කරන්නේ මුස්ලිමුන්ගේ බෙදුම්වාදී උවමනාව​. 2002 උන් නිකුත් කල ඔලුවිල් ප්‍රකාශ උබ කියවලා නැද්ද​? උතුරු නැගෙනහිර දෙමල පලනයකට දුන්න කියමුකෝ. උබ හිතනවද නැගෙනහිර බහුතර මුස්ලිමුන් බබ්බු වගේ ඉදියි කියලා. එකම ගොන්පාර්ට් කථා කියන්නේ ඔයයි පැරා. මේවට පුලුවන්නම් උත්තර සන්ගත ලෙස දෙන්ඩ, නිකන් කෙසෙල් ගෙඩි දෙකේ බයිස්කෝප් දෙමල චිත්‍රපටි වල ගොන් ආතල් උදාහරන ගෙන හැර දක්වන් නැතිව​.

      Delete
    3. පැරා,
      මම ඔයාගෙන් ප්‍රශ්න ඇහුවෙ ඔයා ප්‍රසිද්ද මාද්‍යයක යම්කිසි මතවාදයක් ප්‍රසිද්ද කරන නිසා. එතකොට ඔයාගෙ ප්‍රකාශනය ගැන මට හැඟුන ප්‍රශ්න ඉදිරිපත් කරන්න මට වෙනම බ්ලොග් හදන්නෙ ඇයි. උඹ උඹෙම හිතලු අස්සෙ ඉන්දගෙන මට බනින එක ඇරෙන්න මගෙ ප්‍රශ්නෙට කෙලින් උතරක් දීල තියනවද කියල හොඳට බලන්න. උඹ මට මුලින්ම දුන්න (සත පහකට ) වැඩක් නැති උත්තරෙ තර්ක බිඳින්න මම උත්තර දුන්න, ඒකෙන් පස්සෙ නිකන් මට බැන බැන හෝ මවාගත්ත දෙවල් වලින් බනිනවා මිසක් කෙලින් උතතරෙ දීල නෑ.

      බලන්න් මේක;
      "ඒත්, ඒක තමයි ඔබේ ජාතිවාදී දේශපාලනය. ඔබ අනුගමනය කරන්නේ මානසික වධ දීමේ උපක්‍රමයක්."

      මගේ ප්‍රශ්නෙ නිසා උඹ මට ජාතිවාදීලු, මම කරන්නෙ වදයක්ලු. ඉතින් බන් උඹ දහාතේ කියන එක ප්‍රශ්න කරන එක කොහොමද ජාතිවාදී වෙන්නෙ, වධයක් නම් වෙන්න පුලුවන් මොකද උඹට කට උත්තර නැති හින්දා, එහෙමනම් ඉතින් සොරි ඩොට් කොම්.

      මෙතව එකක්;
      "මේ බ්ලොගයේ පරමාර්ථය ඔබ වැනි මර්දන යන්ත්‍රයේ කොටස්කරුවන්ට ඉගැන්වීම නො‍ වෙයි"

      පැර, උඹත් කිසිම වෙනසක් නෑ බන් උඹ ඔය විවෙචනය කරන පාලක පංතියෙ දෙශපාලුවොත් එක්ක බැලුවාම. උන්ටත් උත්තර නැති වෙනකොට ලෙබල් අලවනව, පස්සෙ ඉතින් වැන් එක එවයි. උඹ මුල ඉඳලම ප්‍රශ්නෙ මග ඇරියා කියන එක උඹට නොතෙරුනාට මෙකෙ අනිත් උන්ට තෙරෙයි.

      තව කියනවා, මෙහෙම,
      "මේ බ්ලොගයේ පරමාර්ථය ඔබ වැනි මර්දන යන්ත්‍රයේ කොටස්කරුවන්ට ඉගැන්වීම නො‍ වෙයි. ඒත්, අප ‍ඒ දේ කරන්න සූදානම්. හැබැයි, ජීවිතයට තර්ජන ඇති නො කරන බවට විශ්වාසය ඇති කරන්න. අනෙක අප ඒ වෙනුවෙන් වෙන් කරන කාලය වෙනුවෙන් ඔබ මුදලින් ගෙවිය යුතුයි. "

      මාර ධනවාදියෙක්නෙ ඔයා. කතාව වමෙන්, යන්නෙ දකුනෙන්. තමන්ගෙ අදහස සන්වාදයට ලක් කරන්නත් සල්ලි ඉල්ලන වනම්, අනෙ උඹෙ වම තියාගනින් බන්.

      අවසානයෙ කියන්න තියෙන්නෙ, පැර, උඹත් මේ කාලකන්නි දේශපාලන් ක්‍රියාවලියෙ තවත් එක චරිතයක් විතරයි, උඹට හොඳ මතවාදයක් තියනව, නමුත් ඒක ප්‍රකාශකරන එකයි, එකට පක්ශ අයත් එක්ක ඒ ප්‍රකාශනය සංවදය කරන එකයි විතරයි කරන්නෙ. ඒකට විරිද්ද මත ඩරන්නො, මෝඩයෝ, ජාතිවාදීන්, ව්දකයි, කියල හන්වඩු ගහල සන්වාදයෙන් පැනල යනව.

      අවසානයෙ ඉල්ලන්නෙ, මුල ඉඳල ආයෙත් කියවන්න මගෙ ප්‍රශන සහ ඔයා දීපු උත්තර, ඒවාට මම දීපු ප්‍රති උත්තර.




      ලංකාව ගොඩයන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ ආකල්ප හින්දා කියල කියන එක සහතික ඇත්ත, මොකද විප්ලව කරන්න යන උනුත් එක කරන්න කටින් මිසක් හදවතින් නෙවෙ, තමන්ගෙ සීමාවල් ඇන්දගෙන, එකෙ පිට පනින්නෙ නැතුව, අල්ලපු සීමා කලුද සුදුද කියල හොයන්නෙත් නැතුව... අනෙ මන්ද...

      Delete
  3. දෙමළුන්ට දෙමළ වීම නිසා ප්‍රශ්නයක් තියනව. ඒක තනි වාක්‍යයකින් කියන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. උන්ට රටක් නැති වීම කියන වමාගෙ උත්තරයේ බරපතල වැරැද්දක් නැති වුනත් සුළු අඩුපාඩු තියනව කියලයි මං හිතන්නෙ. රටක් නැත්තෙ දෙමළුන්ට විතරද? සෑම ජනවර්ගයකටම රටක් තියෙන්නම ඕනැද? වගේ අතුරු ප්‍රශ්න මතුවෙන්නෙ වමාගෙ උත්තරේ තියන ඒ සුළු අඩුපාඩුව නිසයි.

    මට හිතෙන්නෙ ඒ නිසා, දෙමළුන්ට තියන ප්‍රශ්නය "රටක් නැති වීම" නෙවෙයි, "සුළුජාතියකට අයත් වීම"යි. සුළු ජාතියකට ලැබිය යුත්තෙ සුළු අයිතිවාසිකම් කියල "මහ ජාතිය" කියන එකේ සමහර අය හිතන එකයි ගැටළුව. උදාහරණයකට ගත්තොත්, මහජාතියට පුළුවනි තමන්ගෙ සංස්කෘතියට අවශ්‍ය විදිහට නීති රීති හදවගන්න. සුළු ජාතියට ඒ අයිතිය සීමිතයි. කැමති පළාතක පදිංචි වෙන්න තියන අයිතියට වඩා තදින් බලපානව මේ "දෙවැනි පෙළ පුරවැසියන්" වශයෙන් ජීවත් වීම නිසා ලැබෙන පීඩනය. සමහර අයට ඒක තේරුම් ගන්න නම් සුළු ජාතිකයෙක් වෙලාම බලන්න ඕනැ. අඩු වශයෙන් "මේක සිංහලයන්ගෙ රට" කියල නොකිය ඉන්නවනම් යම් තරමක හරි සාධාරණත්වයක් ඇති වෙනවා. ගෙදරක බෝඩිම් කාරයෙක්ගෙ තත්වය සහ ප්‍රධාන පදිංචිකාරයගෙ තත්වය ගැන හිතන්න.

    ReplyDelete
    Replies
    1. උබ ඔය කියන සුලු ජාතීන්ට යුරෝපය වැනි රටවල පූර්න පුරවැසි කම ලැබිලා තියෙනවද​? අදත් එන්ගලන්තය කියන්නේ ඇන්ගිලිකන් සුද්දන් ගේ රට මිසක් ඒකේ හැට හුටාමාරක් රින් ගලා ඉන් එකක එක උන්ගේ රට නෙවෙයි බන්. ඉති අපි විතරක් ඇයි සුලු ජාතින් ගේ ඉල්ලීම් ඉල්ලන්නේ. සුලු ජාතින්ගේ ප්‍රශ්න විසදපු රටක් හොයලා මට කියනවකෝ.

      Delete
  4. පැරාට විරුද්ධ අදහස් දරන සියල්ලන්ම මෝඩයෝය.....රජතුමාට විරුද්ධ අදහස් දරන සියල්ලන්ම දේශද්‍රෝහීන් හෝ ඩොලර් කාක්කන්ය.....මට නම් එකම කාසියේ දෙපැත්තය.

    ReplyDelete
  5. දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද ? මේ ප්‍රශ්නය පැන නගින්නේ සමාජ ආර්ථික වශයෙන් පසුගාමී සමාජ වල ජිවත් වන දෙමළුන්ට පමණි. . එසේම දෙමළුන්ට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද ? යන්න නිබඳවම අසන්නේ සමාජ ආර්ථික වශයෙන් පසුගාමී සමාජ වල ජිවත් වන තමා උගතෙක්, වාමවේදියෙක් , මානව හිමකම් සුරකින්නෙක් , අන්තර්ජතිකවාදියෙක් යැයි සිතන කිසිදා ලෝකය දැක නැති මේ නුගත් කාලකන්නි ශ්‍රී ලංකික ගෝත්‍රික සමාජය නමැති ලිඳ තුල ජිවත් වන සාක්ෂරතාවය පමණක් ඇති ලිං මැඩි ඔස්තාර්ලාගේ ඔළුවල පමණි. ආර්ථික වශයෙන් සමෘධිමත් , මානව හිමිකම් ලංකාවට වඩා දියුණු , ඇමරිකාව, කැනඩාව, ප්‍රන්සය, ජර්මනිය , ඔස්ට්‍රේලියාව වැනි රටවල දෙමළුන්ට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද ? යන්න කිසිදා නොවිමසේ. එවැනි සමාජ වල ජිවත් වන දෙමළුන්ද මේ ප්‍රශ්නය කිසිදා අසන්නේ නැත. එවැනි සමාජ වල දෙමලුන්ගේ පමණක් නොව සමරිසියන්ගේ , සතුන්ගේ පවා අයිතිවාසිකම් ගැන මිනිසුන් සංවේදී වෙති. කිසිම මානව දයාවක් නැති වියාජ ආගම භක්තියක් උලුප්පවා ගෙන සිටින කිසිදු මානව හරයන් නැති ලංකාව වැනි අසංස්කෘතික රටවල ජිවත් වන මිනිසුන්ට එවැනි සමාජ වලින් ඉගනගත හැකි දේ බොහෝමය.

    ලංකාව නුගත් පසුගාමී ගෝත්‍රවාදයෙන් මිදෙන තාක්කල් මේ ප්‍රශ්නය රැව් පිළිරැව් දෙනු ඇත . මේ යන අන්දමට ඉදිරි කාලයේ දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද පමණක් නොව මුස්ලිම් වීම නිසා බො බ සේනා වලින් පහර නොකා තම්බියෙකුට හරක් මස් කෑල්ලක් කෑමට පවා ඉඩක් නොමැති විට මුස්ලිම් මිනිසෙකුට මුස්ලිම් අනන්‍යතාවය නිසා ඇති ප්‍රශ්නය කුමක්ද ? යන්න පවා විමසීමට ලක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. මම තමයි මේ කොමෙන්ට් දාල දෙමලුන්ට තියන ප්‍රශ්නෙ මොකක්ද කියල අහපු පසුගාමි ගෝත්‍රිකයා.

      http://www.w3lanka.com/2013/06/comment-and-and-two-replies.html?showComment=1370273575577#c2601108913945354350


      මම හිතන මේ ඇනො අවිත් ඉන්නෙත් පැරා කියල, එහෙම නැතත් ඉතින් පැරා කියල කියන්නම්, මොක්ද එකම දර්ශනෙනෙ.

      "එසේම දෙමළුන්ට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද ? යන්න නිබඳවම අසන්නේ සමාජ ආර්ථික වශයෙන් පසුගාමී සමාජ වල ජිවත් වන තමා උගතෙක්, වාමවේදියෙක් , මානව හිමකම් සුරකින්නෙක් , අන්තර්ජතිකවාදියෙක් යැයි සිතන කිසිදා ලෝකය දැක නැති මේ නුගත් කාලකන්නි ශ්‍රී ලංකික ගෝත්‍රික සමාජය නමැති ලිඳ තුල ජිවත් වන සාක්ෂරතාවය පමණක් ඇති ලිං මැඩි ඔස්තාර්ලාගේ ඔළුවල පමණි. ආර්ථික වශයෙන් සමෘධිමත් , මානව හිමිකම් ලංකාවට වඩා දියුණු , ඇමරිකාව, කැනඩාව, ප්‍රන්සය, ජර්මනිය , ඔස්ට්‍රේලියාව වැනි රටවල දෙමළුන්ට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද ? යන්න කිසිදා නොවිමසේ."

      උඹ ඔය කියන එක රටකත්, සාමෙ වෙනුවෙන් කප් ගහන රටකත්, දැන් තවත් යුරෝපීය රටක මම ජීවත් වෙමි. ඇත්ත මුන් මානව හිමිකන් රකිනව, ඊකෙ දෙකක් නැ, හැබැයි අවිත් බලපන් මචන් දෙමලු විතරක් නෙවෙ ලන්කාවෙන් ආව හැම එකෙක්ම වාගෙ ඉන්නෙ තමන් මේ රටෙ දෙවෙනි පන්තියෙ පුරවැසියො කියන හිතුවිල්ලෙන්. උන් දන්නවා උන් මෙහෙට ඇවිත් ඉන්නෙ කාල ඇන්දල සැප ලයිෆ් එක ගෙවන්න මිසක්, රටවල් ඉල්ලන්න ගිහින් ටින්කිරි කන්න නෙවෙයි කියල. ලංකාවෙදි ප්‍රශ්නෙ වෙනස්. ඒක උන්ගෙ ගෙදර, ගෙදර වලි දාගන්න එක ලේසියි අල්ලපු ගෙවල් වල වලි දාගෙන කනවට වඩා. උඹල කවදාවත් තෙරුන් ගත්තෙ නැති, තේරුන් ගන්නෙ නැති සත්‍ය ඔකයි.

      ආයි බනපන් මට...

      Delete
  6. රටක ජාති දෙකක් ඇතිවීම අරුමයක්. එහෙම එකක් අපට වුනේ කොහොමද කියලා ඉගෙනගන්නේ නැතිව අපිට බෑ අපේ ජාති ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. ලෙඩේ හරියාකාරව නොදැන කොහොමද බෙහෙත් දෙන්නේ?

    දැන් පොත් ගණනක් එකට සංස්කරණ කරලා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පළ කරපු මහාවංශය කියවන මට ඒකේ දේවානම් පියතිස්ස කාලයට පෙර වූවා යයි කියන දේ ලියා ඇති ස්වභාවය පේන්නේ ඉතිහාසය ලියන විදිහට නොවෙයි සුරංගනා කතාවක් ලියූ විදිහටයි. මට විශ්වාස කරන්න බෑ පැටව් දෙන්නා බැගින් 16 වරක් පැටව් ගැහුවේ බැළලියක් මිස ගැහැණියක් කියා. ඒ මුල් පරිච්ඡෙදවල අරමුණ බුද්ධ චරිතයට සිංහල මුල ඈඳීම වග නිකම්ම තේරෙනවා.

    යම් කලෙක එක ජාතියක් සිටි තැනට තව ජාතියක් ආවොත් ස්වාභාවිකව වෙන්නේ ඒ ආගන්තුකයන් පලවා හැරීම හෝ ටිකෙන් ටික ආගන්තුකයන් දේශීය ස්වරූපය ගැනීමයි. ඒක වෙනකොට පිටින් ගෙනා සිරිත්-විරිත් දේශීය සංස්කෘතියට ඇතුලත් වීමත් බෙහෙවින් වෙනවා. ඒකට කියන්නේ ඉන්ටෙග්‍රේශන් හා ඇසිමිලෙශන් නේ? (ඇමරිකාවේ ඉන්න මට ඒක හොඳින් පේනවා). ඉතිං අපි අනුරාධපුර යුගයේ හරකෙකුගේ රූපය පාගාගෙන ගියාට චෝලයන් (අද තෙලුගු කතාකරන අය) ආවට පස්සේ අපි ඒ ජීවිත අවස්ථා හතර පිළිබිඹු කළ අලියා, අස්සයා, සිංහයා, ගවයා යන සතුන් හතර දෙනා ඒකෙන් අහක් කළා

    ලංකාවේ ඉහත කාලයේ හිටියේ සිංහලයන් නම් උන් කොහෙන්ද මෙහේ ආවේ කියා අපි හොඳින් සෙවිය යුතුයි. සිංහල භාෂාව ඉන්දු-යුරෝපීය බසක් ඒක ලංකාවට ආවේ ඉන්දියාවෙන් ය කියන එක පිළිගත් මතයයි. මිනිස්සු ආවේ ඉන්දියාවෙන් ඒ නිසා බාසාව ආවේ ඉන්දියාවෙන්. ලේසියි නේ? එතකොට ඇමරිකාවේ මායාවරුන් කියනවා ඒ අය ආවේ ශිලන්කාවෙන් මුහුදේ දවස් 150 ගෙවා නැවෙන් කියා. (හ්ම්, මායා රට...). අපි හිතුවේ නෑ නේද මායා මුතුන්මිත්තන් මුහුදෙන් ආවා නම් ලංකාවටත් දුර ගෙවා මුහුදින් මුල් හෙළයන් ආවාද කියා?

    සිංහල භාෂාවේ තියෙනවා 'වතුර, හෙල, තුරු, හඬ' වගේ සංස්කෘත, පාලි ඇතුලු අනිකුත් කිසිම ඉන්දීය භාෂාවල සමාන පද (කොග්නේට්) නැති නමුත් ජර්‌මැනික් භාෂාවලට නෑකම් කියන පද. මෙන්න ප්‍රහේලිකාවක්. යුරෝපීය භාෂාවල් සමග ඇති සිංහල සම පද ඉන්දීය භාෂාවල නෑ. ඉන්දීය භාෂා සමග සිංහලයේ ඇති සම පද යුරෝපයේ නෑ. මේ දාත අනුව ඉන්දු යුරෝපීය ආදි මව් බසට සමීපම බස සිංහලද, සංස්කෘතද, ඉංග්‍රීසිද?

    හෙළයන් මෙහෙන් ගියත් මෙහෙට ආවත් ඒ සිද්ධිය වුන කාලය අපිට පේන මානයට වඩා හුඟක් අතීතයෙයි. ලංකාව ගැන ඉතා විස්තරාත්මකව ලියූ පොත් දෙකක් ලෝ පරිගණක වැලේ තියෙනවා. එකක් 1681කේ පළකළ රොබර්‌ට් නොක්ස් ගේ පොතයි. අනික ජෙම්ස් කොර්‌ඩිනර් 1807තේ ලිව් පොතයි. නොක්ස් කියනවා 'මම ගිහිං තියෙන රටවල්වලින් එකකවත් දැකලා නෑ සිංහලයන් වගේ යුරෝපීයයන් හා සමාන ජාතියක්. මේ රජ්ජුරුවෝ මිනිස්සුන්ට වඩා කළුයි'. කොර්‌ඩිනරුත් මේ වගේ දෙයක් කියනවා: 'හිරු අව්වට පිලිස්සෙන්න එලියට නොෙන මිනිස්සු ඉංග්‍රීසි ජාතිකයන්ටත් වඩා සුදුයි'.

    ඉස්සර මම කොළු කාලේ (1950ස් ගණන්වල) පුරාණ පංසල්වල රූප දකිනකොට හිතුවා මම වගේ හම දුඹුරු විදිහට පාට නොකළේ ඇයි කියලා. දැන් මම දන්නවා. නොක්ස් කිව්වා කළු මිනිස්සු තමන් ක්‍රිස්තියානි භක්තිකයන් කියා මුහුදු තීරයේ ඉහලට පහලට යනවා. උන් ප්‍ර‌ැතුගීසින්ගේ (ප්‍ර‌ැ=ප්+රු) සහායකයින් ය කියා. මේ ඉන්දියාවෙන් ප්‍රතිකාල්වරු ගෙනා (දෙමළ) සේවකයනුයි. ආය කියන්න දෙයක් නෑ මගේ මුතුන්මිත්තත් දෙමළෙක්.

    නොක්ස්ගෙයි කොර්‍ඩිනර්‍ගෙයි පොත් robert knox ceylon, james cordinar ceylon දෙකෙන් ගූගල් කරලා සොයා ගන්න. ඊලඟට දෙමළ සුලමුල.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔබතුමාට බයිබලය​, කුරානය​, යුදෙවුවන් පලවෙනි තෙස්ත මේන්තුව සුරන්ගනා කථා විදිහට පේන්නැද්ද​?

      Delete
    2. නැහැ දරුවා. සිංහලයන් බුදුන්ට ඉස්සරත් හිටියා. මහාවංශය දේවානම්පියතිස්ස කාලයට පස්සේ ඉතිහාස පොතක් හැටියට ලිවා කියා මට පේනවා. මේක ආගම් භෙදයක් ගැන නොවෙයි. අපේ ප්‍රශ්නය දෙමළ ජනයා සිංහල නොවුනේ ඇයි යන්නයි. අපි අදවත් ඔවුන්ට පෙන්වන්න ඕනේ සිංහල සංස්කෘතියට එක්වන්න කියා.

      Delete
  7. /ඉන්දියාවේ ඉන්න කෝටි හතක් දෙමළ වැසියන් තමන්ට රටක් නැති ය කියා නො කියන්නේ ඉන්දියාව ඔවුන්ගේත් රට ලෙස ඔවුන් සලකන නිසා./...

    පැරාගේ මොලේ තරම මෙයින් පෙනේ. මම හිතන් හිටියේ ඔහුට යම් දැක්මක් ඇතැයි කියායි. නමුත් ඔහු දිගින් දිගටම දෙමල බෙදුම්වාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව කඩේ යාමෙන් හත් පොලේ ගාගෙන ඇත​. තමිල්නාඩුව කේන්ද්‍රීය දෙමලුන් වෙනම රටක් නොයිල්ලන්නේ ඉන්දියාව උන්ගේ රට යැයි පිලි ගන්නා නිසා යැයි මේ හම්පඩ කසිකබල් මාක්ස්වාදියා පවසයි. (සමා වන්ඩ ආමන්ත්‍රනය සැර වැඩි උනත් මාක්ස්වාදීන්ගේ මුග්ද බව පැවැසිය යුතුයි.) බම්බු!ව උන් වෙනම රටකට නොයන්නේ දිල්ලි පාලනය සතු දැවැන්ත යුධ ශක්තිය හමුවේ උන්ට අලගු තැබීමටවත් බැරි නිසයි. ඉන්දියාවේ බ්‍රිතාන්‍යයෙන් නිදහස දිනා ගන්නා සමයේදී තමිල්නඩුව ප්‍රධන දෙමල ක්‍රියාකාරීන්ගේ අපේක්ශාව ඉතිහාසය සොයා දැන ගන්නා ලෙස ඉල්ලමි. තමිල්නාඩුව පමනක් නොව නාගලන්තය​, අසෑමය​, කාශ්මීරය වැනි අදද බෙදුම්වාදී ව්‍යාපාර පවතින ප්‍රාන්ත වැඩිය දගලන් නැත්තේ දිල්ලි පාලනය සතු අතිශය දැවන්ත යුධ ශක්තිය නිසාය​. කෝටි 6ක ඉන්දීය දෙමලුන් ගේ හදවතින්ම උන්ගේ අපේක්ශාව කුමක් දැයි අසා ගන්නා ලෙස මේ වාමාංශික කේවට්ටයන්ට කියමි. ලෝක ඉතිහාසය, දේශපාලනය තබා අපේ රටේ ඉතිහාසයවත් නොදන්නා (නොදන්නා කමට වඩා සිංහල ඉතිහාසයට වෛර කරන​) මෙවැනි වාමාංශිකයන් පසුපස ගාටන උන් ගැන දුක හිතේ. මෙහෙ ඉන්න දෙමලුන්ට ප්‍රශ්නයක් තියෙනවාම කියමුකෝ. ඉතින් අපිට අලද​? අපි ඉන්නේ දෙමලුන්ගේ ප්‍රශ්න විසදන්ඩද​? ඔය විදිහටම උබලා අගයන බටහිර රටවල සුලු ජනවර්ග වල ප්‍රශ්න උන් විසදනවාද​? දෙමල බෙදුම්වාදය ලෙයින් සහ යකඩින් නැවත නැවතත් මර්දනය කල යුතුයි. නන්දිකඩාල් කලපු එකක් නොව දස දහසක් උව නිර්මානය කර සිංහලයාට ජීවත් වීමට ඇති එකම රට ආරක්ශා කල යුතුය​.

    ReplyDelete
  8. ඉතිං දෙමළ ජාතියේ සුලමුල මොකක්ද?

    ලඟදී වෛද්‍ය වඩිවෙල් ලියුවා සිංහල භාෂාව දෙමළයි පාලියි දෙකේ කවලමක් මිස නියම බාසාවක් නොවෙයි කියලා. මෙහෙම අදහසක් එන්න හේතුව හුඟක් දෙමළ අය සංස්කෘත වචන දෙමළ කියලා හිතන නිසයි. සිංහලවල පහෙන් පංගුවක් විතර සංස්කෘත වචනයි. අපි ඒවා සිංහලට ගන්නේ යම් යම් රීති අනුවයි. ඒ රීතිම තමා අපි ඉංග්‍රීසි වචන ගන්නකොටත් කරන්නේ. අපි ඒක නිතැතින්ම කරනවා. අපි අද කතා කරන්නේ මේ කියන මිශ්‍ර සිංහලයි. (සිංහල + සංස්කෘත). හැම ඉන්දීය භාෂාවක්මත් සංස්කෘත මිශ්‍ර කරගන්නවා.

    දෙමළ භාෂාව හැදුවේ උතුරෙන් ආව අගස්ති කියන ආරූඪ නම දුන්නු ඍශිවරයයි. ඒ නිසා සංස්කෘත පද ගොඩක් දෙමළ භාෂාවට කවා ඇති බව අරුමයක් නොවේ. දෙමළෙන් කියනවා අගස්තියර් අපේ ජාති පීතෘවරයා කියා. අගස්ති කියන්නේ කඳු වැටිය (වින්ධ්‍යා) බිඳගෙන ගිය යන අරුතයි. වින්ධ්‍යා කඳු වැටිය ඉන්දියාවේ උතුරත් දකුණත් වෙන්කල තැනයි. ද්‍රවිඩ දේශය විශාල වශයෙන් පවතින්නේ දක්‍ෂිණ සානුවෙයි (Deccan Plateau). වැස්ස හිඟ මේ කොටසේ වඩාත්ම උෂ්ණ පළාත අද තමිල්නාඩුවයි. ඒ දේශගුණය යාපනේ වගෙයි.

    රටවල් හා ජාති ගැන සොයනකොට අපි ඒ ඒ කාල වල ලෝකයේ සිටිය ජනගහනය ගැන සිතිය යුතුයි. 1350හේදී ලෝක ජනගගනය මිලියන 400කට (කෝටි 40ක්) අඩුයි කියා කියනවා. ඒ කියන්නේ අද ලංකාවේ ජනගහනය වගේ විසි ගුණයක් පමණයි.

    ජන ශුන්‍ය ආහාර හිග ආදියේදී කටුක දේශගුණ ස්ථානයන්වල ගම් පිහිටුවීමට හේතු නොමැත. ඒ කාලයේ ඩෙකන් සානුවේ උණුසුම්ම හා වැහි දුලබ අර්‍ධ කාන්තාරයේ ජනපද තිබුනාට වඩා නොතිබෙන්න ඇතැයි අපට හැඟෙනවා. දකුණේ මිනිසුන්ට මංපහරන ම්ලෙච්චයන් කියා උතුරේ මිනිසුන් කිව් අතර උදුරේ උන්ට හරක් හොරු කියා දකුණෙ උන් කීවා කියා Tamil Plutarch (1859) ලිවූ අපේම නීතිඥ කැසී චිට්ටි කියනවා. ද්‍රවිඩ කියන්නේ කවලම් වී පහත් වූ ක්‍ෂත්‍රිය කුලේ මිනිසුන් කියා සංස්කෘත ශබ්දකොෂය දක්වනවා. ක්‍ෂත්‍රියයන් යුදයට බර කුලයයි. දෙමළ ඉතිහාසයත් යුදවලින් පිරිලා.

    පුරාණ මලය රට නොහොත් මලය නාඩ් සිංහලයන් ලඟින්ම ඇසුරු කල වෙලහෙළඳාම් කල රටයි ඒ අද කේරල යන ඉන්දියාවේ බටහිර කඳුකර රටයි (මලෙයි කියන්නේ කන්දටයි). අපේ ඇසුර කොතරම්ද කිව්වොත් මලයාලි අකුරු සිංහල අකුරු වගෙයි. දකුණේ සාර භූමිය මලය රටයි. නිස්සාර භූමිය තමිල් නාඩුවයි. මේ දෙකින් ආදි රට කේරලයයි. 1807තේ කොර්‌ඩිනර් ලිව්ව පොතෙත් 1681කේ ලිව්ව නොක්ස්ගේ පොතෙත් ලංකාවේ ද්‍රවිඩයන්ට කීවේ මලබාර්‌ර්‍වරු කියායි. ඒ කියන්නේ මලය රටේ මිනිසුන් යන්නයි. මෙයින් තේරෙන්නේ 19 වෙනි ශතවර්‍ෂයේදිත් 'දෙමළ' ටැමිල් යන නම යුරෝපීයයන් හුරුකර ගෙන නොසිටි වගයි.

    අගස්ති ඇවිත් දෙමළ ජාතිය පිහිටෙව්වේ කුලශෙකර රජුන් කාලයේ යයි චිට්ටි කීවා. නමුත් මේ සිද්ධිය සිදුවුනේ අවුරුඩු 5000කට පෙරින් කියා ඔහු අසා තියෙනවා. ඒත් අගස්ති ලියුවා කියන වෙද කාව්‍යයේ කියා තිබෙනවාලු පරංගි ලෙඩ ගැන. පරංගින් ආවේ 13න් වෙනි ශතවර්‍ෂයටත් පසුව කියායි ඉතිහසයේ කියවෙන්නේ. නමුත් ඔවුන් අරාබි ජාතිකයන් සමග ශත වර්‍ෂ ගණනක් යුද කළ නිසා 13න් වෙනි ශතවර්‍ශයේ ආවාය කියා අපට හිතාගන්න පුළුවන්. මහාවංශය කුලශෙකර ගැන කියනවා. ඔහු දාමරිකයන් එවා දන්ත ධාතු පැහැරගෙන ගිහිං සිංහල රජුන්ට ඒවා ආපසු ගන්න සිදුවුනා කියා කියවෙනවා. ඒ 13න් වෙන ශත වර්‍ෂයෙයි.

    ඒ කියන්නේ දෙමළ ජාතිය පිහිටුවා ඇත්තේ 13න් වෙනි ශත වර්‍ෂයේයි. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ දෙමළ අළුත් භාෂාවක් කියා. අද යුරෝපයේ ස්පාඤ්ඤ, ඉතාලි ආදි ලතින් බසින් ආ බාසාවලුත් සංසිද්ධි වුනේ ඒ වකවානුවේමයි. ඇමරිකාවට අවුරුදු 200යයි. නමුත් ඊටම ආවේනික සංස්කෘතියක් තියෙනවා.

    දමිළයන් යාපනේ පදිංචි වුනේ මොන කාලයේද, එසේ වෙන්න හේතු මොනවාද?

    17ත් වෙනි ශත වර්‍ෂයේ අඩ භාගයේ අවුරුදු 50ක් රජ කළේ පළමුවෙනි රාජසිංහයි. ඒ කාලය ගැනයි රොබර්‌ට් නොක්ස් ලියුවේ. නොක්ස් කියනවා ප්‍ර‌ැතුගීසින් ඇවිත් කරන විනාශය රජුන්ට ප්‍රශ්නයක් වුනා කියා. ඉතිං නොයෙක් අනික් ජාතීන් ගැන සොයා බැලුවාලු. අන්තිමේදී ඕලන්දයට තානාපතියන් යවා උවුන්ගේ උදව් ඉල්ලා තියනවා. ඒ අතර මහාවංශය කියනවා රජතුමා පාණ්ඩ්‍යවරුන් සමග යුද ගිවිසුමක් කර ගෙන ඒ අනුව දෙමළ කුමාරිකාවක් සරනපාවා ගත්තා කියා. රොබර්‌ට් නොක්ස් කියනවා රටේ හෙළයන්ට පමණක් ඉඩම් අයිතිය දුන්නත් රටවැසි කම නොදුන් දමිළයන්ටත් ඉඩම් තබාගන්න අවසර දුන්නා කියා.

    මේ ගිවිසුම අනුව ගෙනා දමිළයන් ඉඩම් දී නතර කළේ යාපන්‍යේ වග අපට පේනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් යාපනය ඉක්මනින් යා නොහැකි දුරම තැන වීමයි. අනික යාපන දේශගුණය දමිළ මව් බිමේ දේශගුණයම වීමයි. 1807තේ කොර්‍ඩිනර් කිව්වා ප්‍රතිකාල්වරුන්ට අනුව ඔවුන් එන විට ලංකාවේ සිටියේ ජාති දෙකයි, එකක් දකුණේ සිංහලයනුයි උතුරේ වැදි ජාතියයි දෙජාතියම කතා කළේ සිංහලයි කියා.

    දැන් අපට ප්‍රත්‍යක්‍ෂයි යාපනේ දෙමළ ජාතිය සිංහල මිශ්‍ර නොවුනේ ඇයි කියාත් ප්‍රතිකාල් වරුන් සමග ආ දමිළයන් හා බ්‍රිතාන්‍ය යටත් වැසියන් ලෙසා රොත්ත පිටිං ආපු ඉන්දීයයන් සිංහල වුනේ ඔවුන් ස්වභාවයෙන් සිංහල වුන නිසාත් වග.

    ReplyDelete
  9. හැබැයි අවිත් බලපන් මචන් දෙමලු විතරක් නෙවෙ ලන්කාවෙන් ආව හැම එකෙක්ම වාගෙ ඉන්නෙ තමන් මේ රටෙ දෙවෙනි පන්තියෙ පුරවැසියො කියන හිතුවිල්ලෙන්.

    ඇයි උඹ ලංකාවේ ඉන්න කලේ පලවෙනි පන්තියේ පුරවැසියෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර් මචං, මම ඉන්නේ ඇමරිකාවෙයි. මම දෙවෙනි පංතියේ නොවෙයි මෙතන. නමුත් ලංකාවේදී නම් දෙවෙනි නොවෙයි 'නෝ ක්ලාස්' පංතියෙයි මම හිටියේ. ඒකට හේතුව සිංහල නිසායි. සිංහලයන්ට තැනක් තිබුනේ 1958 විතර වෙනකම් පමණයි.

      අනික් හැම ජාතියකටම හිටියා තමන් වෙනුවෙන් කතා කරන්න සංවිධානයක්. අපට තිබුනෙ ගුටි කන සංවිධානයයි. බණ්ඩාරනායකයි, එංගලන්තයේ විශ්වවිද්‍යාලවල ඩොක්ටර්‌ලගේ කුක්කන් වුන තනියම හිතන්න බැරි කොමියුනිස්ට්කාරයොයි, ජයවර්‌ධනලයි කවුරුත් තමන්ගේ මඩිය හෝ කීර්‌තිය ඉහල තියන්න මිස කිසියම් අවබොධයක් නැතිවයි දෙවල් කලේ.

      නමුත් එල්ලෙන්න අතු නැති අපි හැම පැත්තෙන්ම බැට කෑවා හෝ පෑගුනා විතරයි. මචං ඔයාට ඩොක්ටර් පට්ටම මොනවා ලියලා කාට එහෙයි කියලා ලබාගත්තත් ඒ තොප්පිය නිසා මිනිස්සු තත්ත්වේ දෙනවා. ඒ නිසා නේ ඉස්සරහිං ඩොක්ටර් කියලා දාලා ලියන්න වෙන්නේ? කියන දේට වඩා කියවන්නාට අගේ ඒකයි. ඒකයි අපට ගිය කල. (ඔයාගෙ වරදක් කිව්වා නොවෙයි සහෝ).

      බ්‍රිතාන්‍යවරු අයිවර් ජෙනිංස් විශ්වවිද්‍යාලයට දැම්මේ බ්‍රිතාන්‍යයන් උතුම්‌ය හෙළයන් නිවටයන්‌ය කියලා කුල්ටූර්-හර භේදය හදලා ආණ්ඩුවේ සුවච කීකරු සේවකයි හදන්නයි. ඒ අනුව සිංහලෙන් ඉගෙනගත්තු එවුං ක්ලා‌ර්‌ක්ලා, පියුංලා වුනා. ඉංග්‍රීසි කුල්ටෝ ඉහල පදවි වලට ගත්තා.

      ස්වොත්සාහයෙන් වෙළඳාම් හා කර්‍මාන්ත කිරීම පහත්‌ය කියා මතයක් ඇති කළා. (ඒ කාලේ මංගල යෝජනා තීරු දිහා බලනකොට තේරෙයි සමාජය මේ පංති ක්‍රමයට දාපු හැටි). ඔයින් මෙයින් සිංහල මාධ්‍යයේ එවුන් කොහේ ගියත් හීමමානය අරගෙන යනවා.

      Delete
    2. මම කිව්වෙ හැඟීම ගැන, නැතුව දෙන නොදෙන දේම නෙවෙයි. මට හරියටම විස්තර කරන්න බැරි උනත්, ඒක හරියට අපෙ අම්මල තාත්තලට ගෙදර අයිතිය තිබ්බත් අපිට ඒ ගෙදර අපේ වගෙ ඉන්න පුලුවන්, රන්ඩු වෙන්න පුලුවන් ඔනෙනම්.

      ඒ උනාට උඹට බොඩිමක ඒ ගතිය දැනෙන්නෙ නෑනෙ.

      හරියට මහින්ද හරි ඒ ඒ කාලෙ හිටපු දේසපාලුවන්ට රට ලියල දුන්නට, අපිට දැනෙනවානෙ මේක අපේ කියල. (පැරාලට දැනුනෙ නැතුවට )

      මේ ඔය ඩොක්ට කෑල්ල දාන එක නීතියක්ද බන්? අපි නම් ඉතින් පසුගාමි ගෝත්‍රිකයොනෙ (Pg) ඔය අනිත් උන් කියනවා වගෙ.

      Delete
    3. මට තේරෙනවා. අභියොගයක් නොවෙයි කළේ. ඒක නොතේරුනාට සමා වෙන්න. (පස්වාන් දහසක් බුදු වේවා!)

      ගෙදර ඉන්නවා වගේ හරි බෝඩිමේ ඉන්නවා වගේ නෙවෙයි මචං. ඒක හරියට (කබල්) හෝටලේක නැවදිලා ඉන්නවා වගෙයි. ලංකාවේ සිංහලයාට කිසි දෙයක් අල්ලන්න අවසර නෑ. පොලිසියෙන් වෙඩි කන්නයි වෙන්නේ.

      ඇමරිකාවේ එහෙම නොවෙයි. මම සිංහල ගැන විසඳුමක් හැදුවා. ඒක පෙන්වන්න කෙනෙක්ගේ කාර්‍ය්‍යාලය කියන්න කිව්වහම ඔවුන් කිව්වා ඔයා කරදර වෙන්න එපා අපි නිලධාරියෙක් ඔයාගේ ගෙදරට එවන්නම්, වෙලාවක් කියන්න කියලා එව්වා.

      මට අසල්වැසියෙක් සමග හුටපටයක් වුන දවසක පොලිසියට ගියේ නෑ. කතා කරලා කිව් පමාවෙන් එතෙන්ට ආවා. යන යන තැන දොරකඩ පියුං හාමුදුරුවෝ මාව නවත්තලා 'මහත්තයා වැඩක්. අද බෑ' කියන එක වෙන්නේ නෑ මෙහේ. අණ්ඩුවේ සේවකයන් නොවෙයි මහජන සේවකයොයි මෙහේ ඉන්නේ. ඒක නොකළා කියලා බදු රාජ්‍යාංශයට නඩුවක් මේ දවස් වල යනවා.

      මම ඇමරිකාවේ පුරවැසිභාවය ගත්තේ කොළඹදී මගේ ඇමරිකන් පුරවැසි ගෑණිට එන්න ඉඩ දුන් කඩේට මට අවසර නොදුන්නු නිසායි.

      සිංහලයාට ලංකාවට වඩා ඇමරිකාවේ ආත්මගෞරවයෙන් ඉන්න පුළුවන්. 'අඩෝ, පඩෝ ඔහේ යන්න උඹට අවසර නෑ' කියලා දෙයක් මෙහේ නෑ.

      Delete
    4. සොරි වෙන්න ඕනෙ මම වල්ගෙ පාගගත්තනම්.
      මේ Dr. ද? "AnonymousJune 4, 2013 at 6:31 PM"

      මම "AnonymousJune 4, 2013 at 6:48 PM"

      ඔය ඔක්කොම ක්ලීන් එකට තියෙන්නෙ මෙහෙ මිනිස්සුන්ගෙ ආකල්ප සහ පාලනයේ තියන ක්‍රමවේදයන් නිසා. අපේ රටෙත් පාලකයොයි, රටෙ මිනිස්සුයි, රටේ රාජ්‍ය සේවකයොයි (රටෙ මිනිස්සු සහ රාජ්‍ය සේවකයෝ යනු දෙවර්ගයකි ) හරි ආකල්ප වලින් තම තමන්ගෙ යුතුකන් ඉටුකරාන ල]න්කාවෙත් එහෙම වෙයි.

      හැබැයි, මේ තියන සිස්ටම් එක සින්හල, දෙමල, මුස්ලිම් ඔක්කොකට පොදු දෙයක්, නැතුව පැරාල කියනවා වගෙ දෙමලුන්ට විශේශ අසාදාරනයක් නෑ, මම කලිනුත් කිව්ව වගෙ, ඔයත් කියල තියනවා වගෙ, මේ සිස්ටම් එක සමසේ අපිට අරිනවා ජාති භෙදයෙන් තොරව.

      උඩම උන් අතාරිමු, නිකන් ගමෙ ග්‍රාමයා (අපහාසෙට කියන ලදි ) ගත්තත්, ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන්ට් කෙනෙක් ගත්තත් උන් ඔක්කොම ඉස්සෙල්ල බලන්නෙ තමන් "ලඟට" ආපු එකාගෙ ඔලුවට නඟින්න පුලුවන්නද කියල, බැරිනම් ඉති රබර් වගෙ කොඳු නැවෙනවා. මේ සිස්ටම් එකයි අවුල තියෙන්නෙ. ඒ ලොකු ප්‍රශ්නෙ ගැන පැරාල, වෑමයො කතා කරන්නෙ නෑ,

      Delete
  10. සොරි වෙන්න ඕනෙ මම වල්ගෙ පාගගත්තනම්.
    මේ Dr. ද? "AnonymousJune 4, 2013 at 6:31 PM"

    මම "AnonymousJune 4, 2013 at 6:48 PM"

    ඔය ඔක්කොම ක්ලීන් එකට තියෙන්නෙ මෙහෙ මිනිස්සුන්ගෙ ආකල්ප සහ පාලනයේ තියන ක්‍රමවේදයන් නිසා. අපේ රටෙත් පාලකයොයි, රටෙ මිනිස්සුයි, රටේ රාජ්‍ය සේවකයොයි (රටෙ මිනිස්සු සහ රාජ්‍ය සේවකයෝ යනු දෙවර්ගයකි ) හරි ආකල්ප වලින් තම තමන්ගෙ යුතුකන් ඉටුකරාන ල]න්කාවෙත් එහෙම වෙයි.

    හැබැයි, මේ තියන සිස්ටම් එක සින්හල, දෙමල, මුස්ලිම් ඔක්කොකට පොදු දෙයක්, නැතුව පැරාල කියනවා වගෙ දෙමලුන්ට විශේශ අසාදාරනයක් නෑ, මම කලිනුත් කිව්ව වගෙ, ඔයත් කියල තියනවා වගෙ, මේ සිස්ටම් එක සමසේ අපිට අරිනවා ජාති භෙදයෙන් තොරව.

    උඩම උන් අතාරිමු, නිකන් ගමෙ ග්‍රාමයා (අපහාසෙට කියන ලදි ) ගත්තත්, ඉස්පිරිතාලෙ ඇටෙන්ඩන්ට් කෙනෙක් ගත්තත් උන් ඔක්කොම ඉස්සෙල්ල බලන්නෙ තමන් "ලඟට" ආපු එකාගෙ ඔලුවට නඟින්න පුලුවන්නද කියල, බැරිනම් ඉති රබර් වගෙ කොඳු නැවෙනවා. මේ සිස්ටම් එකයි අවුල තියෙන්නෙ. ඒ ලොකු ප්‍රශ්නෙ ගැන පැරාල, වෑමයො කතා කරන්නෙ නෑ,

    ReplyDelete
  11. මම අහංගම. මෙහෙම ලිව්වහම කවුරු, කවුරුද කියලා තේරෙයි. මමයි අර සිංහල හා දෙමළ ඉතිහාසය ගැන බ්‍රේක් ගහ ගහ කැලේට පැනපැන ආයෙත් පාරට එනවා වගේ කිසි පිළිවලකට නැතිව ලිව්වේ. 67ක් වයස මගේ ඔළුව ඔහොම තම දැන්, දැන්.

    අපේ ප්‍රශ්නය ගැන හිතමු. දමිළයන්, හෙළයන් කියන්නේ එක එකා ගත්තහම එක හා සමානයි. නමුත් සංස්කෘතිය අතින් වෙනස්. මම කිව්වානේ වෙනම දෙමළ කොටසක් ඇති කළේ නාකි රාජසිංහ කියලා? 1948ටේ ජනගහනය මිලියන 5ක් අද 20 වුනේ හාවුන් වගේ බෝ කරපු නිසා නොවෙයි. මගේ මුතුන්මිත්තා, රාජපක්සගේ මුතුන්මිත්තා, සිල්වලාගේ, ප්‍රනන්දුලාගේ, --සේකරලාගේ, --සිංහලාහේ, --පාලලාගේ. ෆොන්සේකාලාගේ, මුතුන්මිත්තෝ අර නරකාදියේ ඉන්න බැරි නිසා වැඩිවශයෙන් බ්‍රිතාන්‍ය කාලයේ බ්‍රිතාන්‍ය යටත් වැසියන්ට යටත් රටවල් කෝකටත් යන්න අව්සර තිබුන නිසා මේකට පැනගත්ත නිසයි.

    ඉතිං අපි දමිළ සහෝදරයන්ට කියන්න ඕනේ, 'මචං අපි ඔක්කොම මෙතෙන්ට ආවේ ආදරයෙන්, සාමයෙන් ඉන්න නේ? තමුසෙලා ආවේ අපේ රට පරංගියාගෙන් බේරා ගන්න නේ? ඒ නිසා ඉඩම්කඩම් රජ්ජුරුවෝ දුන්නා නේ? ඉතිං ඔය බ්‍රිතාන්‍ය කාරයන් ලෝකේ හැමතැනම අරගෙන ගිය එවුන් එකතු වෙලා ටැමිල් ඩයස්පොරා කියලා බයිබල් නමකුත් දාගෙන 'සිංහලයන්, නිවට, තමන්ගේ වරිගේ ගැන වත් නොදන්න එවුන් නිසා ලංකාව අල්ලමු' කියන එක අතහැරලා එකිනෙකා සමග මිශ්‍රව වාසය කරමු කියලා, ඒකට උදව් වෙන්න සිංහලයන් යාපනයේ පදිංචි කරන එකයි අපි කළ යුත්තේ.

    ReplyDelete
  12. මම අහංගම
    හෙනහුරාට පිළිතුරක්:

    මමත් ඇමරිකාවේ ඉන්න සුළු ජාතිකයෙක්, දැනට අවුරුදු 30යි.

    සමහරු සුළු ජාතික කම තමන් විහින්ම පාරම්පරිකව තබාගන්නවා. ඒවගේ අය තමා යුරෝපයට ඇවිත් වෙනම ඉඳගෙන රටේ සංස්කෘතියට පිටින් කූඩාරම් ගහගෙන තමන්ගේ මව් සංස්කෘතිය රැකගෙන වෙන්ව ඉන්නේ. කාලයක් මානව අයිතිවාසිකම් ගැන තප්පුලාපු යුරෝපීයයො අද කියනවා උඹලා අපි ලෝක යුද්ධය අවසානයේ අපේ රටවල් හදනකොට ඒ වැඩට ආවා. දැන් ආපහු යන්න කාලය ඇවිත් කියලා (ජර්‌මනියේ අන්‌ගෙලා මර්‌කල්). මේක වැඩියෙන්ම වදින්නේ දකුණු ආසියාතිකයන්ටයි (ඉන්දියාව, පාකිස්තානය, ලංකාව). අරාබිකාරයනුත් පසු කාලයේ ආවා යුරෝපයට -- නිදහසත් මුදලුත් සොයාගෙන. නමුත් ඒ රටට මිශ්‍ර වෙන්නේ නෑ.

    කවුරුත් පිටරට ගිහිං ආපහු නො‌එන්නේ ඒ රටේ තමන් හට තම මාතෘ භූමියට වඩා වාසියක් තියෙන නිසාමයි. මට අවස්තාව ලැබෙනවා නම් මම හෙට ලංකාවට එනවා. ඒක ආවාට ගියාට කරන්න බෑ නේ?

    මමත් මැරෙනකම් සුළු ජාතිකයෙක්. නමුත් මගේ දරුවා මහ ජාතිකයෙක්. හේතුව ඈ මේ සංස්කෘතියේ හැදුනු-වැඩුනු නිසායි. අපිට උවමනා වුනත් එකට ගුලි ගැහිලා සිංහල කම තියාගෙන පුංචි ලංකාවක ඉන්න අවකාශ තිබුනේ නෑ. මේ සුළු ජාති කම ඊලඟ පරම්පරාවෙන් ඉවරයි. ඒකයි පිටරට පදිංචි වෙන විනීත ක්‍රමය.

    ලංකාවේ මුස්ලිම්වරු කාලයක් දෙමළ කතා කළා මට පෙනුනා. ඇයි ඒ? මුසු වෙන්න අකමැති නිසානේ? ඒ වගේමයි දමිළයනුත්. ඉතිං ඒ අය හැමදාම සුළු ජාතිකයෝ. අපි ඒ අයට ඒ තත්ත්වයෙන් මිදෙන්න උදව් දෙන්න ඕනේ. රට කඩන එක නොවෙයි පිළියම.

    අපේ දමිළයන් හා මුස්ලිම්වරු කංකෙඳිරිගාන්නේ පුරුද්දටයි. ඒක ආවේ ඉංග්‍රීසිකාරයාගේ කාලේ ඉඳලයි. සෝල්බරි කොමිසම් වාර්‍ත්තාවේ මේ සුළු ජාතීන් සිංහල ආණ්ඬුවට කළ අයුතුකම් ලියා තියෙනවා. අපේ කොමියුනිස්ට් කාරයන් තනියම හිතන්න බැරි නිසා ඉංග්‍රීසියෙන් ගුරාලා කිව්ව දේ සිංහලෙන් ගිරවුන් වගේ කියවනවා.

    ඇමරිකාවේ මහ ජාතියට, සංස්කෘතියට එන්න මාර්‍ගය සදා තියෙනවා. ඒ ඉංග්‍රීසියෙන් ඉස්කෝලෙ පංති ඉගෙනගන්න එකයි. පොඩි කාලෙ සිටන් ඉංග්‍රීසි ව්‍යවහාර කරනකොට ඒක තමන්ගේ මව් බස වෙනවා. තව එකක් තියෙනවා. ඉංග්‍රීසි දන්නවානම් තමන්ගේ අභිවෘද්ධියට ආධාර වෙනවා.

    ලංකාවේ කොමියුනිස්ට්කාරයන්ට ඕනේ සුළු ජාතින් එහෙමම තියන්න, එතකොට තමන්ගේ විලාප කියන්න කරුණු තියෙනවා නේ. සුළු ජාතියක් මහ ජාතියට එක් වෙන්න තව ලොකු රුකුලක් තමා මහ ජාතියේ ප්‍රෞඩත්වය. අපේ ලොක්කෝ සිංහලෙන් කතා කරපුවහම උත්තර දෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒකේ සැඟවුන තේරුම තමා සිංහල දන්නවා කියන එකයි ඒකටත් වඩා, ඉංග්‍රීසි බෑ කියන එක එක්තරා පහත්භාවයක් කියා හිතන එක.

    ඉහල තැන්වලම සිංහලට පලා බෙදන එක මට නම් ඉවසන්න බැරි එකක්. මට මේ ගැන පොතක් පිරෙන්න ලියන්න කරුණු තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම තමයි මේ කොමෙන්ට් දාල දෙමලුන්ට තියන ප්‍රශ්නෙ මොකක්ද කියල අහපු පසුගාමි ගෝත්‍රිකයා.

      http://www.w3lanka.com/2013/06/comment-and-and-two-replies.html?showComment=1370273575577#c2601108913945354350

      ------------------------------------------

      ඔයා හරියටම හරි, අපිට නූගත්තු, ගෝත්‍රිකයො කියල බැන්නට, මේ පැරාල වගෙ වමෙ උන්ට කවදාවත් තෙරුන් යන්නෙ නැති ඇත්ත ඕකයි. මම එකයි දිගින් දිගටමපැරාත් එක්ක එල්ලුනෙ, දෙමලුන්ට විතරක් තියන ප්‍රශ්නෙ මොකක්ද කියල අහල. වැඩක් නෑ, පැරා මග ඇරල යනව.

      පැරා සහ තවත් කස්ටිය කියල තිබ්බනෙ, දියුනු රටවල් මෙහෙම සුලු ජාතීන්ට සලකන්නෙ නෑ, ඉන්දියාව එහෙම හරි හොඳයි කියල. පොඩ්ඩක් මේවා බලන්න.

      http://www.youtube.com/watch?v=CiLpFG5uUc0

      http://www.bbc.co.uk/news/world-asia-india-21826366


      Delete
    2. මම අහංගම.

      රටක්, nation, කියන්නේ එක සංස්කෘතියක් ඇති භූමියක්. ඒකයි අද ලෝකේ හැම තැනම මේ මුස්ලිම් බලවේගයට එරෙහිව නැගිටින්නේ. අපිට දෙපැත්තකින් පීඩන එනවා. නමුත් කිසිදාක ඇමරිකාව හෝ අනික් බටහිර රටවල් දමිළයන්ගේ උදව්වට එන්නේ නෑ, ඉන්දියාව ආවොත් මිසක්. නමුත් ඉන්දියාව දන්නවා අපිට වඩා හොඳ යුද පුහුණුවක් ඇති වග.

      ඕනෑම රටක කෑල්ලක් වෙන් කරලා ඔන්න ඔතන හිටපල්ලා, උඹලගෙන් අවශ්‍ය මුහුදෙන් එන හතුරා පන්නන්නයි කියලා දුන්නහම වෙන්නේ උන් එක තැනට වෙලා තමන්ගේම රටේ තාලෙට ඉන්න එකයි.

      දමිළයන් ගෙනාවේ 1600ය ගණන්වල අග භාගයෙයි. ඒ වෙනකොට හෙළයා උතුර, අනුරාධපුරය අත්‌හැරලා ගිහිං හුඟක් කල්. නොක්ස් කියනවා මේ මිනිස්සු අර නටබුන් වෙච්ච ඒවා හදපු හැටි ගැනවත් දැනගෙන හිටියේ නෑ කියලා. මට හිතෙන්නේ රජ්ජුරුවෝ දමිළයන්ව ආපහු යවන්න හෝ රටේ අනික් තැන්වල කරා වගේ සිංහල කරන්න හිතාගෙන ඉන්න ඇති. නමුත් අවුරුදු අසූ ගණනේ රජුන්ට ඕවා හැම එකක්ම කරන්න චිත්ත ධාරණ ශක්තිය තියෙන්න නැතිව ඇති. බැඳගෙන ආපු රැජින එක්ක ඉඳලා තියෙන්නේ එක අවුරුද්දයි. එයාව නුවර දාලා මෙයා හිටියේ දිගිලියේද මොකක්ද කියන තැනකලු.

      අපි මේවා සාධාරණව සාමකමීව මේ අයට පෙන්නලා දීලා කියන්න ඕනේ සිංහල ඉගෙනගත යුතුමයි කියලා. මේකයි විසඳුම. අද රජ්ජුරුවෝ අර ඉන්දියන් කාරයෙක් එක්ක ඇවිද ඇවිද 'අපේ ඉංග්‍රීසි' කියලා කරපු හරුපේ විසඳුමක් නොවෙයි සිංහල නැත්තටම නැතිවෙන අමන කමක්

      Delete
  13. lankaawe kari demalu indiyawata pukadenawa un maranna on

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා