Posts

Showing posts from June, 2013

අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න

Image
ආණ්ඩුව බුරුමයේ බෞද්ධ බින් ලාඩන් ලෙස හැඳින්වෙන 969 ව්‍යාපාරයේ අධිපති විරතු නම් අන්තවාදී 'බෞද්ධ' භික්ෂුවගේ ඡායාරූපයෙන් 'හැඩ' වූ ජුලි මාසයේ ටයිම් සඟරාව කටුනායක ගුවන් තොටුපළේ රඳවාගෙන කවරය ඉරා‍ නිදහස් කරනවා ද නැතිනම් නිදහස් නො කරම ඉන්නවාදැයි කල්පනා කරමින් සිටියි.  කවරය ඉරුවා ය කියා දැන් වැඩක් නැත. දැන් ලෝක පරිමාණෙන් ම කොළේ ඉරාගෙන ඉවර ය. මේ කොළේ ඉරිල්ලට විරතු වගේ ම දායක වූ තවත් පිරිසක් ලංකාවේ සිටිති. නම් වශයෙන් කියනවා නම් මහ හුඟකි. ලංකාවෙන් හා බුරුමයෙන් මේ රැල්ල මතු වන තුරු බුදු දහම ගැන මෙවැනි නිශේධනීය අදහස‍් ලෝකයේ මුල් බැස ගත්තේ නැත. අහිංසාව ආත්මය කර ගත් ගැඹුරු ධර්මයක් දෙසූ බුදු හිමියන්ගේ ශ්‍රී නාමය කෙළෙසූ මේ බෞද්ධ ත්‍රස්තවාදීන්ගෙන් බුදු සසුන බේරා ගැනීම සඳහා සැබෑ බෞද්ධයෝ දැන්වත් පෙරට පැමිණිය යුතු ය.  බෞද්ධයිනි, සැබෑ බුදු දහම සොයා යන්න. බුදු හිමියන්ගේ ශ්‍රී නාමය මේ ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව සිදු වන මරණ

Image
අලුතින් ලැබුණු විදුලි බිල්පත ගෙවීම සඳහා ඊයේ (28 වැනිදා) පෙරවරුවේ කොළඹ, කොටුව විදුලිබල මණ්‌ඩල ප්‍රධාන කාර්යාලයට පැමිණි හැට එක්‌ හැවිරිදි පුද්ගලයකු හෘදයාබාධයක්‌ වැළඳී එම පරිශ්‍රයේ ඇද වැටී මියගොස්‌ ඇති බවක් අද පුවත්පත්වල වාර්තා වී තිබෙනවා. මේ අනුව අපි මේ මරණ ය මෙහෙම නම් කරමු ද? ‍අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව මිය ගිය පුද්ගලයෙක්. මේ විදියට ඔය වස බොන, සිය දිවි නසා ගන්න අය ගැන වුණත් හොයලා ‍ඒ මරණ විදුලි බිල සමග සම්බන්ධ කරන්න පුළුවන්. කවුරුහරි වස බිව්වේ විදුලි බිල ආ දවසේ හරි, ඊට පසුදා හරි, ඒ සුමානේ හරි, විදුලි බිල ගෙවූ දා හරි, ඊට පසු දා හරි, ඒ සුමානේ හරි නම් අපට ලේසියෙන් ම පුළුවන් මේ මරණ විදුලි බිල එක්ක සම්බන්ධ කරන්න. ඔය විදියට පුවත් නිර්මානය කරන්න පුළුවන් 'මේ වන විට අධික විදුලි බිල දරා ගන්න බැරිව මෙච්චර පුද්ගලයන් සංඛ්‍යාවක් මිය ගිහින් තිබෙනවා' එහෙම කියලා. මේ ක්‍රමය ගොවීන්ගේ සිය දිවි නසා ගැනීම්වලදී ලංකාවේ විතරක් නොවෙයි ඉන්දියාවේත් සාර්ථකව පාවිච්චි කෙරුණා. ගොවීන් සිය දිවි නසා ගන්නේ ණය බර නිසා ය කියා මතවාදයක් නිර්මානය කරන්න පුළුවන් වුණා. සිය දිවි නසා ගන්න එවුන් එසේ කරන්න

කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී - මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී

Image
නවගත්තේගම පාසලේ ගුරුවරිය දන ගැස්සූ බව කියන වයඹ පළාත් සභාවේ 'හිටපු' මන්ත්‍රීවරයාට ඊයේ ඇප ලැබුණා. මේ වන විට ඔහුට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගුරුවරියක් දන ගැහුවත්, වෙනත් අයෙකුට හිංසා කළත් මිනිහෙකුට දඬුවම් කළ යුත්තේ නීති මාර්ගයෙන්.  මම ගුරුවරයෙක්. මම දැන් වසර 20ක් තිස්සේ මේ රස්සාව කරනවා. මම නම් හිතන්නේ නැහැ, ගුරුවරු කියන්නේ පූජනීය පිරිසක් කියලා. මට නම් වත්මන් ලෝකේ ඉන්න කවුරුවත් පූජනීය නැහැ.  ගුරුවරු උත්සාහ කරන්න ඕනැ පූජනීය වෙන්න නොවෙයි. වෘත්තික වෙන්න. ඒ සඳහා ගුරුවරු තමන් උගන්වන විෂය හා ශික්ෂණ විද්‍යාව අඛන්ඩව හදාරන්න ඕනැ. නව ඉගැන්වීම් ක්‍රම අත්හදා බලන්න ඕනැ. නිර්මානශීලී වෙන්න ඕනැ.  ගුරුවරු උත්සාහ කරන්න ඕනැ ළමයින්ගෙන් වැඳුම් ගන්න නො වෙයි. ළමයින්ගේ ආදරය ලබන්න. මට නම් ඒකත් අදාළ නැහැ. මොකද, මට නම් මං කරන වැඩේට පඩියක් ගෙවනවා. පඩිය මදි නිසා මම වෘත්තීය සමිතියක් එක්ක එකතු වෙලා ඒක වැඩි කර ගන්න සටන් කරනවා. පඩි වැඩි කරනකල් ජීවත් වෙන්න ඕනැ නිසා හවසට හවසට ඔය පරිවර්තන වැඩක් වගේ අතානාත්තුවක් කරගන්නවා. ඉර හඳ අල්ලන්න උත්සාහයක් නැති නිසා ලැබෙන ප්‍රමාණයට වියදම් කරලා, ලොකු අතෘප්ත

දිල්හානි ඒකනායකගේ සරළ වදන් තුළින් මතු වන ගැඹුරු දහම

Image
දිල්හානි ඒකනායක සුන්දර නිළියකි. ප්‍රසන්න විතානගේගේ 'ආකාස කුසුම්' චිත්‍රපටයේ ඇගේ රංගනය මගේ මතකයේ රැඳී තිබේ. ඇය සාමාන්‍යයෙන් ගැඹුරු කතිකාවන්ට සම්බන්ධ වන කාන්තාවක නො වේ. එහෙත්, ඇය ඇගේ සරළ අදහස් ඔස්සේ ගැඹුරු දැක්මක් ප්‍රකාශ කරන්නට දක්වන උත්සාහයක් මෙම වීඩියෝව තුළ දුටිමි. ඇයට මහපටැඟිලි දෙකක් ඔසවමින් එම වීඩියෝව මෙහි ගැබ් කරමි. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

පාලක පවුල වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් සැකසීම සඳහා යෝජනා

Image
Colombo Telegraph graphic එක්‌සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අගනා යෝජනාවක් කර තිබේ. ජනමාධ්‍යවේදීන්ට හෝ දේශපාලනඥයන්ට ආචාර ධර්ම පද්ධතියක්‌ හඳුන්වා දීමට පෙර මෙරට ජනාධිපතිවරයාට සහ ඔහුගේ සමීප ඥාතීන් වෙත ආචාරධර්ම පද්ධතියක්‌ වහාම හඳුන්වා දිය යුතු බව ඔහු පවසයි. ජනාධිපති තනතුර දරන්නා ආචාර ධර්ම නැති අයකු බවට පත් කිරීම සඳහා සෑහෙන දායකත්වයක් චන්ද්‍රිකා බංඩාරනායක ජනාධිපතිනිය සමයේ මංගල සමරවීර කළේ ය. එහෙත්, ඔහුගේ මේ යෝජනාව අගය කළ යුතු ය. පහත පළ වන්නේ එකී ආචාර ධර්ම පද්ධතිය සඳහා යෝජනා මාලාවකි.  මැතිවරණ පවත්වන දින තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී යයි ප්‍රසිද්ධියේ නො කීව යුතු ය මැතිවරණවලදී නිශ්චල හා චංචල රාජ්‍ය දේපල එකක් දෙකක්වත් තමන්ගේ පක්ෂයේ මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් නො යොදවා ඉතිරි කළ යුතු ය මහජන මුදලින් දන්සල් දී තමන් පමණක් පිං නො පැතිය යුතු ය රාජ්‍ය වියදමින් තමන්ගේ පවුලේ පංගුව සෙසු සමස්ත කැබිනට් මණ්ඩලයේ ම වැය ශීර්ෂවල එකතුවට වඩා ගොඩක් වැඩි නො වන පරිදි තබා ගත යුතු ය 'සංවර්ධනය' සඳහා ගන්නා ණය වෙනුවෙන් උගස් තබන අනාගත ප

සිලෝන් ටකරං බස්

Image
පාන් ගෙඩි බස් එකක් බස් කියන්නේ ඇත්තෙන් ම මගේ ජීවිතේ ලොකු කො‍ටසක්. දැන් බස්වල යනවා අඩු මෝටර් සයිකලේ නිසායි. ප්‍රයිවෙට් බස්වල යන සිංදු නිසාත් බස් ගමන කම්මැලියි . බස් ගමන එපා ම වුණේ දුෂ්කර සේවා කාලයේ පදවිය හා මතුගම අතර පැය දොළහක් පහළොවක් තිස්සේ ගිය ගමන් නිසායි. නිකම් නොවෙයි, චෙක් පොයින්ට් හය හතක බහිමින්. ඒත්, පුංචි කාලෙ වැඩියෙන් ම ආසා කළ වස්තුවක් වන බස් ගැන මේ සටහන ලියන්න හිතුණේ බස් පිස්සෙකු විසින් කරනු ලබන බස් බ්ලොග් එකක් නිසායි. මට අවුරුදු හතරක් විතර කාලෙ ෆොටෝ එකක් ගන්න ආච්චි එක්ක බස් එකක මතුගම ටවුමට ගිය හැටි තමයි, මට බස් ගැන තිබෙන මුල් ම මතකය. ඒකත් හීනයක් වගේ. ඒ කාලේ අතරමග හිරිකැටිය පාලම කැඩිලා. මෙහා ගොඩින් සෙනග බස්සලා, පාලම උඩින් හෙමින් ගිහින් එහා ගොඩින් ආපහු සෙනග නංවාගෙන තමයි, බස් එක ගියේ.  ඊට පස්සෙ එකේ පංතියේ ඉඳන් බස් ‍එකේ ඉස්කෝලෙ ගියා. තුනේ පංතියේ ඉඳලා ගියේ තනියම. යන්න කැමති ම රියදුරු අසුන පිටිපස්සෙ. ඩුයිවර් උන්නැහේ බස් එළවනවා බලන් ඉඳලා ම නිකම් ම බස් එළවිල්ල පුරුදු වුණා. ඒ කාලෙ බස්වල තිබුණු කරකවන රෙදි බෝඩ් අපට මාර මැජික්. ඩ්‍රයිවර් උන්නැහේ බස් බෝඩ් කරකවනකොට අපි බිම ඉඳන් ඒවා

අන්තර්ජාලය ගෝඨාභයගේ ලංකාව කරකවා අත හරියි

Image
රටට ඇති ලොකු ම අනාගත තර්ජනය සමාජ මාධ්‍ය බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසීය. රට යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා තේරුම් ගන්නා දෙයට සමාජ මාධ්‍ය තර්ජනයක් වුව ද, අපට රට යනු එතුමා සිතන දෙය නො වන නිසා අපට නම් එහෙම එකක් නැත. අපට නම් රට යනු ලෝකයේ කොටසක් වූ, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ප්‍රකාශනයේ හා සංචලනයේ නිදහස සහ ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන අරගල බිමකි. වානිජ මාධ්‍ය ධනවාදී ඒකාධිපති පාලකයන්ගේ ග්‍රහණයට ලක් වෙද්දී සමාජ මාධ්‍ය අපට අලුත් අහසක් විවර කර දී තිබේ. ඊට ටික දිනකට පසු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට්විටර් සමාජ ජාල අඩවිය හරහා ප්‍රශ්න - පිළිතුර සැසියක් පැවැත්වී ය.  අන්තර්ජාලය ලංකාව හිටි ගමන් කරකවා අතාරියි. ඊයේ සුරා බදු දෙපාර්තමේන්තුව හොර අරක්කු තිප්පොලක් වැටලුවේ ය.  ඒත්, හොරෙන් මත්පැන් විකිණූ මේ ස්ථානය කප්රුක නම් අන්තර්ජාල ව්‍යාපාරයයි. එය  ලංකාවේ හොඳ ම ඊ-ස්වාභිමානී ව්‍යාපාරයයි. එහි අධිපති දුලිත් හේරත් 2013 වසරේ ආසියා පැසිෆික් හොඳ ම ව්‍යවසායක සම්මානය දිනා ගත්තේ ය.  දැන් සුරා බදු දෙපාර්තමේන්තුව කියන ආකාරයට කප්රුක විසින් කර තිබෙන්නේ හොර මත්පැන් විකිණීමයි. අපි නම් බොන්න ඕනෑ

අපි ඉතා පොඩි ය; ඒත්, අපට කවුරුවත් ලොකු නැත

Image
මම ක්‍රිස්තියානි පූජකවරුන් හැඳින්වීමේදී පියතුමා යන පදය යොදා ගනිමි. හින්දු පූජකවරුන් ගැන මා කිසිවක් මෙහි ලියා ඇති බවක් මට මතක නැත. ලියනවා නම් ලියනු ඇත්තේ කුරුක්කල්තුමා යන පදය විය හැකි ය. ඉස්ලාම් පූජකවරුන් හැඳින්වීමේදී යෙදිය යුතු පදය කුමක්ද යන්න අසා දැන ගැනීමට මට ඉතා සමීප මුස්ලිම් මිතුරෙක් ඇත. තවම එවැන්නෙක් ගැන කිසිවක් නො ලියූ නිසා අහන්නට උවමනාවක් වී නැත. බෞද්ධ භික්ෂූන් සම්බන්ධයෙන් නම් හිමි යන පදය නම අගට යොදමි. මම ඉතා පැහැදිලිව ම, විවෘතව ම කිසිදු ආගමක් නො අදහමි. කිසිදු ආගමක පූජකවරයකුට, පූජකවරයකු වීම නිසා මගේ කිසිදු ගෞරවයක් නැත. අනෙක් මිනිසුන්ට මහත්තයා, නෝනා කියනවා සේ හාමුදුරුවනේ, පියතුමනි වැනි පද භාවිතා කරමි. මා ගරු කරන්නේ මිනිස්කම්වලට, දක්ෂකම්වලට, අවංකකමට, අව්‍යාජකමට ආදියට පමණි. මේ බ්ලොගයේ සටහන්වලදී සාමාන්‍යයෙන් අපි කිසිවකුගේ නම අගට මහතා යන පදය නො යොදමු. එසේ වුවත්, මේ බ්ලොගයේ නම් සඳහන් කරන ලද ඇතැම් අය හොඳ මහත්මා ගතිගුණ ඇති අය බව මම දනිමි.  ජනාධිපතිතුමා/වරයා, ඇමතිතුමා/වරයා, මන්ත්‍රීතුමා/වරයා‍, විනිසුරුතුමා/වරයා ආදිය මට නම් රස්සාවල් පමණි. ඒ රස්සාවල් කරන අය තමන් විශ්‍රාම යන බව දැනග

දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය

Image
"එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා  නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ. උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය.  ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය. ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.  අපට සිතෙන අන්දමින් නම්, දිල්කා සමන්මලී තමන්ගේ මැරවර ප්‍රතිරූපයට බිය වී එවැනි ප්‍රශ්න නො අසනු ඇතැයි ඥානසාර හිමි අධි විශ්වාසයක සිටින්නට ඇත. ඔහු සූදානම් වී පැමිණ නො තිබුණේ එහෙයින් වන්නට පුළුවන.  ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ ඉතිහාසය ගැන, නෝර්වේ ගිය ගමන් ගැන හා භික්ෂූන් අතර මුදල් පිළිබඳ ඇති වූ ගැටුම් ගැන ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන හැටි ගැන ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ.  ඒ එක් පැත්තකින් අපරිණතකමයි. අනෙක් පැත්තෙන් උද්ධච්චකමයි. අයුතු ජන රාශි හෙවත් මොබ් නිර්මානය කරමින් ප්‍රචණ්ඩත්වය ඔස්සේ ගොඩනඟා ගත් සිය ප්‍රතිරූපය ගැන මහත් ස්වයං ගර්වයකින් යුතුව දෙරණ පුටුවේ වාඩි වූ ඒ හිමියෝ, අහෝ, අංශක 360කින් ම කරකැවී අතහැරුණේ ය. ඥානසාර හිමියන්ගේ ම

පාසල්වල ගවුම් වාටි ලිහීමේ, කලිසම් කකුල් පැලීමේ හා කොණ්ඩා කප්පාදු කිරීමේ ශික්ෂණය

Image
පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම පාසලේ සුසිලා හේරත් ගුරු මහත්මියව බිම දන ගැස්සුවේ ආනන්ද‍ගේ දුවගේ ගවුමේ වාටිය ලිහුවා කියලානේ.  සාමාන්‍යයෙන් පාසල් යන ළමයින්ගේ ඇඳුම් අපේ ඇඳුම් ව‍ගේ නොවෙයි නිතර කොට වෙනවා. එහෙම වෙන්නේ ඒ ළමයි උස යන නිසා. සමහර ළමයි ටිකක් කොටට අඳින්න කැමතියි. ඒ වුණත් මම දන්න තරමින් කිසිදු පාසල් බාලිකාවක් කලවා පෙනෙන කොට ගවුම් නම් පාසලට අඳින්නේ නැහැ.හැබැයි සමහර ගුරුවරියෝ නම් බුරිය පේන්න සෙක්සි විධියට සාරි ඇඳගෙන පාසල් එනවා. නිල ඇඳුමක් වුණා ම ඒකේ දිග, පළල, කොලර්, සාක්කු, රැළි ආදිය ‍යොදන විධි තියෙනවා. ඒ විලාසිතාව වෙනස් කරමින් අලුත් විලාසිතා නිර්මානය කරන එක සුදුසු නැහැ. නිකම් හිතන්නෙකෝ පොලිස් රාළහාමිලා කොලර් උස්සගෙන, නර්ස් නෝනලා කොණ්ඩ වනා දාගෙන එහෙම හිටියොත් තත්වය කොහොමද කියලා. හැබැයි ඉතින් ළමයි කියන්නේ ළමයි‍ නේ. උන්ට මේක කියලා පැහැදිලි කරලා දෙන්න අමාරුයි. දෙමව්පියන්ටත් වැඩිය තේරුමක් නැති වුණා ම තත්වය තවත් නරක අතට හැරෙනවා. අනෙක් පැත්තෙන් අධ්‍යාපනය කියන්නේ මිලිටරි විනයකුත් නොවෙයිනේ. අධ්‍යාපනය කියන්නේ නිදහස්, නිර්මානශීලී පරිසරයක් තුළ සිදු විය යුතු ශික්ෂණයක්. අද

ගුරුවරිය දන ගැස්සූ පළාත් සභාකාරයා, දිවයිනේ වෛරී කතුවැකිකාරයා හා සාමාන්‍ය මිනිහා

Image
දයාසේන ගුණසිංහ අපේ සහෝදර බ්ලොග්කරුවෙක් අද දිවයිනේ කතුවැකියේ පහත සඳහන් ‍කරුණු උපුටා දක්වා එවා තිබේ. 1. නවගත්තේගම පාසලේ සිද්ධිය සිදුවන අවස්‌ථාවේදී ඊට එරෙහිව ගුරු මණ්‌ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඩෙස්‌ කකුල් සහ පුටු කකුල් අතට නොගැනීම ගැන අපි මහත් සේ දුක්‌ වෙමු. 2. මෙය කොළඹ පාසලක සිදු වී නම් පළාත් සභා මන්තිරියාට ගෙදර යාමට සිදු වන්නේ කලිසම ඔළුවේ ඔතාගෙන ය. සමහර විට කලිසම එතූ ඔළුව වෙනමත්, ඔළුව නැති ඇඟ වෙනමත් ගෙදර යැවීමට වුව සූදානම් ගුරුවරුත් ශිෂ්‍යයෝත් කොළඹ සිටිති. 3. මෙය විශ්වවිද්‍යාලයක සිදු වී නම් පළාත් සභා මන්ත්‍රී ඇඳ සිටි ඇඳුම පමණක්‌ ගෙදර යැවෙනවා ඇත. සිරුර පොලිස්‌ මෝචරියෙන් භාරගත හැකිය. 4. මන්ද, මේ උන්මත්තකයන් කවදා හෝ දවසක පාර්ලිමේන්තුවට ගියොත් විය හැකි අනර්ථය ඉමහත්ය. එදාට ඒ තත්ත්වයට මුහුණ දීමට ගෝඨාභය රාජපක්‍ෂලා දුසිමක්‌වත් අවශ්‍ය වනවා ඇත. අවාසනාවකට මෙන් අපට සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂලා එක්‌කෙනකු පමණි. ජාතියක්‌ විසින් වරකට බිහි කරනු ලබන්නේ ද එබඳු පුද්ගලයන් එක්‌ අයකු පමණි. ඔහු විසින් පෙන්වා දී තිබෙන්නේ දිවයින කර්තෘවරයා මෙම සිද්ධිය උපයෝගී කර ගනිමින් කරමින් සිටින්නේ වෛරය හා ප්‍රචණ්ඩ

රාවණා බලය පොල්කටු උසාවි පැරණි කොමඩියක අලුත් පිටපතකි

Image
ඉවැන්ජලික ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතව ලංකාවට ආ ලෝගෝස් හෝප් පොත් නැව රාවණා බලය නම් අන්තවාදී භික්ෂු සංවිධානය ක්‍රියා කරන ආකාරය දුටු විට සිහිපත් වන්නේ 1987 - 89 සමයේ ජවිපෙ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයයි. එම ව්‍යාපාරය වෙත යම් යම් පැමිණිලි කරන්නට ගම්වල මිනිස්සු පුරුදු වූ අතර ජවිපෙ සිය දේශපාලන හා අවි බලය භාවිතා කරමින් ඒ ප්‍රශ්න විසඳන්නට පටන් ගත්තේ ය. ඒ නඩු විසඳීම් සිදු වුණේ ඒ ඒ ප්‍රාදේශීය නායකයන්ගේ බුද්ධියේ දිග පළල අනුවයි. අධිකරණයෙන් සාධාරණත්වය ලබා ගැනීම දුෂ්කර වූ සංදර්භය තුළ ජවිපෙ පොල්කටු උසාවි ජනප්‍රිය වූ මුත් ඒවා අතිශය ප්‍රචණ්ඩ ඒවා විය.  කොටි සංවිධානය ද දෙමළ ජනයා අතර ජනප්‍රිය වන්නට මෙවැනි පොල්කටු උසාවි හරහා ක්‍රියාත්මක කරන ලද ශික්ෂණය උපයෝගී කර ගත්තේ ය.  රාවණා බලය ද දැන් ක්‍රියාකාරී පොල්කටු උසාවියකි. නැගහොත් කැංගරු උසාවියකි. පසුගිය දිනවල ඔවුහු රංචු ගැසී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ක්‍රිකට් වැනි ආයතනවලට කඩා පැන නඩු විසඳීම් ස්වරූපයේ මැදිහත්වීම් කළ හ. බෞද්ධ සංකේත සහිත ඉවත දමන කඩදාසිවලින් බකට් පහන් හැදූ බවට චෝදනා

මන්තිරි වන්නම ගැන නො ලියා නො සිටිය හැකි සටහන

Image
මම නර්තනය ගැන එතරම් දෙයක් නො දනිමි. එහෙත්, මම නර්තන රසිකයෙක්මි. නර්තනයක් ගැන විවරණයක් ලියන්නට මම නො දනිමි. එහෙත්, මේ නර්තනය මම උපරිම අන්දමින් වින්දෙමි. ඒ වින්ද රසය හා එයින් අත් වූ චිත්ත ප්‍රමෝදය ඔබ සමග බෙදා නො ගෙන සිටිය නො හැකි බැවින්මේ සටහන තබමි. ලංකාවේ සරසවි ඇදුරන් පිරිසක් ගැන සතුටක් ඇති වීම ද ඉතා දුලබ සංසිද්ධියකි. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් නිර්මානය කරන ලද මන්තිරි වන්නම සත්තකින් ම අති විශිෂ්ට නිර්මානයකි. එය වන්නම්, කෝලම්, ඉඟි නළු, නාට්‍ය ආදී ෂානර රැසක් ඔස්සේ විවරණය කළ හැකි මාහැඟි නිර්මානයකි.  වන්නම් සම්ප්‍රදාය ඔස්සේ යමින් නවතම නාද රටා හා තිත් රූප ඔස්සේ නිර්මානය කර තිබෙන මෙම 'මන්තිරි වන්නම' මා දන්නා හැටියට 2009දී නිර්මානය කරන ලද ඔහුගේ තුන් බිය මුද්‍රා නාට්‍යයේ අංගයකි. මෙවැනි ම වූ 'ඇඟලුම් වන්නම' හා 'ගුරුදේව වන්නම නම් වූ වන්නම් දෙකක් ද එහි අඩංගු බව අසා ඇත්තෙමි. එහෙත්, මෙහිදී සැබැසින් වේදිකාවේ නො දුටු, වේදිකාවකදී කළ රංගනයක සාමාන්‍ය වීඩියෝවකින් පමණක් දුටු මේ රංගනය වෙන ම ගෙන සලකා බලමි. එය ඉ

පාර අයිනේ මුත්‍රා කරන අය වාහනවලත් මිනිසුන් ඉන්න බව හිතන්න

Image
අද උදේ ම‍ගේ බිරිඳ වැඩට ඇරලලා එද්දි දුටු දර්ශනයක් නිසායි, මේ සටහන ලියන්න වුණේ. අපේ පාරේ තරමක් පාළු හරියකදී තරුණයෝ දෙදෙනෙක් මෝටර් සයිකලය පාර අයිනේ නවතා මුත්‍රා කරනවා. පාරේ කවුරුවත් නැති නිසා එක් ඉලංදාරියෙක් රත්තරං ටික හොඳට එළියට ඇදලා මං ආපු පැත්තටත් හැරිලා තමයි වැඩේ කරමින් හිටියේ. පාරේ මිනිසුන් නැති නිසා හරි නිදහසේ, සැපට බර හෑල්ලු කරනවා.  මෙතනදී වෙන පොඩි පරහක් තමයි, වාහන ඇතුළේත් මිනිසුන් ඉන්න බව අමතක වීම. ඉතින් වාහන ඇතුළේ ඉන්න මිනිස්සු, ගෑනු, ළමයි කාටත් නිල් චිත්‍රපට දර්ශනයක් වගේ එකක් තමයි දකින්න ලැබෙන්නේ. අපේ අය හරි කැමතියි, ඉන්දියාවේ මිනිස්සු පාර අයිනේ හා පොදු තැන්වල මළ මුත්‍ර බැහැර කරනවා ය කියන්න. මම ජීවත් වන මතුගම නගරයේ දැවැන්ත ප්‍රාදේශීය සභාවක් තිබෙනවා. දිනපතා විශාල පිරිසක් මේ නගරයට එනවා. කුමාර වෙල්ගම වීදිය, කුමාර වෙල්ගම පිහිනුම් තටාකය වගේ තැන් මේ නගරයේ තිබෙනවා. ඒත්, දන්නවාද මෙහි එක පොදු වැසිකිලියක්වත් නැහැ. නගර අලංකරණය සඳහා ඒ පොදු වැසිකිලි කඩා දමලා.  දවසක් නගරයේදී මා සමග කතා කරමින් සිටි මිතුරෙක් නහය හකුළුවාගෙන කියනවා "This smell recalls me a visit to Chennai" කියල

බල සේනාවලට කැසිනෝවලට විරුද්ධ වෙන්න බැරි ඇයි?

Image
ඔස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් කැසිනෝ ව්‍යාපාරිකයාට රජය සුවිසල් සහන ප්‍රමාණයක් සලසා ඇති බව පවසන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමි සිංහල බෞද්ධයන් ගැන මහත් කැක්කුමකින් කටයුතු කරන බල සේනා බලකායවල් ඒ ගැන නිශ්ශබ්ද ඇයිදැයි ගිය සතියේ ප්‍රශ්න කළේ ය.  අස්ගිරි මහ නාහිමිත් කැසිනෝවලට එරෙහිව හඬ නැඟුවේ ය.  ජාතික පොලිස් කොමිෂමේ සාමාජික ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් පවසන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම ඊට වඩා වැදගත් බවයි.  හාමුද්රුවනේ පැහැදිලි ය. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ දිගින් දිගට ම 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි මාතෘකාවල එල්ලෙමින් කල් ගන්නට ය. එහෙත්, ඒ අතර ආර්ථිකය ගරා වැටෙමින් තිබෙන්නේ දිළින්දන්ගේ ජීවිත මතට කෑලි හැලෙමිනි. කුමක් වෙනුවෙන් කෙතරම් කලක් ගන්න ද? ආණ්ඩුවට වැලේ වැල් නැත. ජාත්‍යන්තර වශයෙන් ඇති කරගෙන තිබෙන ආරාවුල් හා සමාජ සංහිඳියාව ඔස්සේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීමට අසමත් වීම නිසා නිසා ආණ්ඩුවට පිළිගැනීමක් සහිත විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට බැරි වී තිබේ. සමාජයේ ප්‍රවර්ධනය කරනු ලබන අධික ධනකාමය නිසා ඉහළ යන වෙළඳ ශේෂය හමුවේ හා

සල්ලි එපා - බල්ලො මරමු

Image
රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා තිබූ බවත්, බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් 38කගේ මළ සිරුරු මැයි 22දා නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කරන ලද බවත් වාර්තා විය. රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ය.ඒ පැත්තේ පුද්ගලයන් දෙදෙනෙක් අප්‍රේල් මාසයේදී ජලභීතිකාව වැළඳී මිය ගිය බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතා ජනමාධ්‍යයට පවසා තිබිණි.  මසකට වැඩි කාලයක සිට මගේ සමීප මිතුරකු ඥාතියකු වන අමිල ලියනාරච්චි ඉන්නේ රෝහලේ ය. රාත්‍රියේ මෝටර් සයික‍ලයෙන් ගෙදර එමින් සිටියදී,  වෙනත් පාපැදිකරුවකුව බල්ලන් එළවාගෙන පැමිණීම නිසා ඔහු බල්ලන්ගෙන් බේරෙන්නට උත්සාහ කරද්දී පාපැදිය අමිලගේ යතුරු පැදියේ වැදී වැටීමෙන් ඔහුගේ පාදයක් දරුණු ලෙස බිඳී ගොසිනි.  මෙම ලිපිය ලියන මම ද වරක් බල්ලකු පැනීම නිසා යතුරු පැදි අනතුරකට ලක් වී ඇත්තෙමි. බල්ලා යතුරු පැදි පදවන්නන්ගේ මාරයකු බව බලධාරීන් දන්නේ නැත.  ඉංග්‍රීසියෙන් raining cats and dogs කියා ඉඩියම් එකක් ති

චම්පිකගේ හෘදය සාක්ෂිය

Image
දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට ජාතික හෙළ උරුමය ගෙන එන යෝජනාවට සිය හෘදය සාක්‍ෂියට අනුකූලව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව සලසන්නැයි ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය හා ඇමැති පාඨලී චම්පික රණවක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. ඔහු මෙසේ ඉල්ලා ඇත්තේ ඊයේ එක්සත් ජාතික පක්ෂය සමග පැවති සාකච්ඡාවේදී ය. මෙ සාකච්ඡාව දේශපාලනික වශයෙන් වැදගත් එකකි. මන්ද, මෙය බැලූ බැල්මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන සාකච්ඡා කරන 'අහිංසක' එකක් ලෙස පෙන්නුවත්, මේ වනාහි අනාගත දේශපාලන විපර්යාසයකදී හෙළ උරුමයේ උපා මාරුවට මග පාදා ගන්නා අවස්ථාවකි. සරළව කිව්වොත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටෙව්වොත්,ජාතික හෙළ උරුමය එහි ද ස්ථානගත වන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නා හමුවකි. මේ හමුව සිදු වන්නේ ආණ්ඩුව ආර්ථික වශයෙන් තාප්පයට ම හේත්තු වෙමින් තිබෙන සමයක ය. පාඨලීගේ ඉල්ලීමෙහි හෙවත් මේ හෘදය සාක්ෂි කතාවේ තවත් යටි අරුත් රැසක් තිබේ. ඔහු ඇත්තෙන් ම හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමේ අවස්ථාව ඉල්ලා සිටින්නේ රනිල්ගෙන් ද නැතිනම් මහින්දගෙන් ද?

බලය නැති දේශපාලකයන්ට මළ ගෙදරකවත් යන්න බැරි රටක්

Image
බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිස  එජාපයෙන් බිඳී දෑත් ශක්තිමත් කරන්නට ආ අයුරු මිනීමැරුමක් සම්බන්ධයෙන් පසුගියදා මරණීය දණ්ඩනයට නියම වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාපතිවරයාගේ විත්ති වාචකයේ ඒ තැනක තමන් දේශපාලනයට එන්නට පෙර කසිප්පු විකිණූ බව සඳහන් කරයි.  අද වන විට බොහෝ පළාත් පාලන ආයතනවල සභාපතිවරු හා මන්ත්‍රීවරු මෙවැනි අයයි. ලජ්ජා විරහිත ඉතිහාසයට දේශපාලන බලය හා උන්නතිකාමය එක් වූ විට මේ පාදඩයෝ වැඩි දෙනෙක් තමන් කරන දේ නො දනිති. පළාත් පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු ඔවුන්ට ග්‍රීක් වැනි වේ. මෙවැනි පාදඩයන් දේශපාලන නායකත්වයට ගෙන ඒමේ 'ගෞරවය' හිමි විය යුතු එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහට බලපිටියේදී මුහුණ දෙන්නට සිදු වූ ප්‍රහාරය ඇත්තෙන් ම දෛවයේ සරදමකි. බලිපිටිය ප්‍රාදේශීය සභා සභාපති ඒ. දයාරත්න ද සිල්වා කලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම පදවිය දැරූවෙකි. මෙවැනි පාදඩයන්ගේ දේශපාලන බලය කූටප්‍රාප්තියට පත් කළ වත්මන් පාලක රෙජිමට මුහුණ දෙන්නට සිදු වන අත්දැකීම් මීටත් වඩා කෲර වනු ඇත.  දේශපාලකයන් විසින් නිර්මානය කර තිබෙන රට වනාහි පාලන බලය නැතිනම් උන්ට මළ ගෙදර

ප්‍රභූවරුන් කුලියට මිනී මරන තත්වයක් ඇති වුණේ කෙසේ ද?

Image
බම්බලපිටියේදී පොලිසිය පහර දී දියේ ගිල්වා මානසික රෝගියකු ප්‍රසිද්ධියේ මැරූ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පමණක් නොව උප පොලිස් පරීක්ෂකවරයකු වුවත්, අයත් වන්නේ මධ්‍යම පංතික සමාජ මට්ටමටයි. සාමාන්‍යයෙන් මේ පංතියේ මිනිස්සු ආත්මාර්ථකාමී ය; උන්නතිකාමී ය. එහෙත්, මේ පංතියට යම් සදාචාරයක් නැත්තේ ම නැත.  මේ පංතියේ අය ඕනෑ තරම් මිනී මැරීම සඳහා කොන්ත්‍රාත් දීම කර තිබේ. භෞතිකව මිනී මැරීම ද කර තිබේ.  විශේෂයෙන් ම යුද්ධවලදී, කැරැලි මර්දන කටයුතුවලදී, දේශපාලනයේදී ආදියේදී සතුරන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයන් මරා දැමීම තමන් තුළ සාධාරණීකරණය කර ගැනීම යම් තරමකට හෝ තේරුම් ගන්නට අමාරු නැත. මේ අනුව මොට්ට ආයුධයකින් පහර දී ලසන්ත වික්‍රමතුංග නම් මාධ්‍යවේදියා මහ දවල් මහ මග මරා දැමීම වුවත් තේරුම් ගන්නට පුළුවන. සමාජයේ මහා ප්‍රභූන් හා සාන්තුවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් අතර ඕනෑ තරම් මිනී මරුවෝ සිටිති. ඔවුහු සාමාන්‍යයෙන් බලය හා ධනය සම්බන්ධ හේතු මත සතුරන් මැරවූ අයයි. එහෙත්, සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති නියෝජ්‍ය පොලිස්පති වැනි ප්‍රභූ තනතුරක් දරන කෙනෙක් කුලියට මිනී මැරීම නම් සමාජ පරිහාණියේ ගැඹුර නිරූපණය කරන අලුත් කැඩපතකි

අයි.සී.සී චැම්පියන් කුසලානයේ සමාරම්භක උළෙලේදී ප්‍රචාරය කළ යුතුව තිබුණු ගීය කුමක්ද?

Image
ලෝකයේ කුඩා සංස්කෘතියකට හිමිකම් කියන, සෙසු සංස්කෘතීන් හා මුසු වීම පිළිබඳ යම් බියකින් පසු වන, හුදකලා වීමේ ප්‍රවණතාවක් පෙන්වන ප්‍රජාවක් වන සිංහල ජාතිය අයි.සී.සී චැම්පියන් කුසලානයේ සමාරම්භක උළෙලේදී ලාංකික කොඩිය ගෙන එන වෙලාවේ හින්දි සිංදුවක් වාදනය කිරීම ගැන තදබල විරෝධයක් නැඟීම තේරුම් ගත හැකි කාරණයකි. සුළුතර මානසිකත්වයෙන් පෙළෙන ජාතීන් සාමාන්‍යයෙන් සිය ජාතික සංකේත පිළිබඳ අධි සංවේදී වීම සුලබ ය. වැද්දන්ගේ කෙටේරිය නිදසුනකි. වසර 2000 ආසන්න වකවානුවේදී කොළඹ වාමාංශික පිරිසක් විසින් සංවිධානය කරන ලද එක් වැඩසටහනකදී පෙත්සමක් අත්සන් කිරීම සඳහා යා යුතුව තිබුණේ ඇමරිකන් කොඩිය පාගාගෙන ය. එහෙත්, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ ඒ කාලයේ පිටරට සිටි අපේ ජාතික වීරයන් වැනි කිසිදු ඇමරිකානුවකු ඒ ගැන කුපිත වූයේ නැත. ඔවුන් මේ සංකේත වන්දනා නො කරන්නේ ඔවුන්ට ඉතිහාසයක් නැති නිසා ය කියා අනාගතය ගැන බියෙන් පෙළෙන අපට සතුටු වෙන්නට පුළුවන. ඔවුහු බලවත් වර්තමානයක සිටිමින් ජාතික කොඩිය ජොකාගේ පවා අලවති. සිංහල ජාතිය සිය ජාතික අනන්‍යතාව පිළිබඳ නංවන මේ හඬ විසින් ඔවුන් පිළිබඳ ලෝකයා සතු අවබෝධය පුළුල් වන නිසා අපි ඒ උද්ඝෝෂණ ගැ

හුළං හමාගෙන, හමාගෙන යනකොට ඔන්න හුළං බොකනවා ය කියා කාලගුණේ ඔවුන්ගේ වෙබ්සයිට් එකේ දැම්මා ය

Image
කාලගුණය මිනිස් ගති සේ වෙනස් වන දෙයකි. ගිලීමගෙත් ඇත දත සුද්දෝ කිව්වා වාගේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වුණත්ඇත්ත කියන්නේ නැත්තේ ම නැත. කොහොම වුණත්, අඩු ගණනේ ධීවරයින් හෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන දේ විශ්වාස කර ඇති බව පෙනේ. එහෙම හරි පිරිසක් මේ රටේ හිටපු එක ඇත්තෙන් ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නඩත්තු කිරීම සඳහා වැය වන මහජන මුදල් සම්භාරය යුක්තියුක්ත කරයි. අනෙක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තිබෙන එක ම රාජකාරිය කාලගුණ අනාවැකි කීම නො වේ. සුළිසුළංවලට නම් තැබීම හා ඉන් පසු ඒ නම් ගැන සමාව අයැදීම , දෙයියන්ට පුද පූජා පැවැත්වීම වැනි වැදගත් වැඩ ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබේ. දැන් අරිසෙන් අහුබුදු ශූරීන් නැති නිසා ජාතියේ නම් තබන්නා වන්නට ද කාලගුණේට පුළුවන.  කාලගුණ විද්‍යාව ය කියා කියන්නේ මේ නො දන්න අපට නම් තේරෙන ආකාරයට වැස්සාම වතුර එකතු කර, මැන මෙච්චර වැස්සා ය කියන එක ය. ඔය විදියට ම උණුසුම ගැන ද සුළඟ ගැන ද කියනවා ය.  අනාවැකි කියන්නේ වැහැගෙන, වැහැගෙන යනවා නම් ඉදිරියටත් වහිනවා ය කියන එක ය. වෙනදාත් කෙරෙන විධියට මේ කුණාටු දවසේ ද රෑ හුළං හමාගෙන, හමාගෙන යනකොට ඔන්

CCTV යුගය, ලොකු අයියා, බාප්පලා හා අපි

Image
ඩිජිටල් අවකාශය තුළ අප සතු තොරතුරු ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ  සංජන හත්තොට්ටුව විසින් කරන ලද ඉතා අපූරු ඉදිරිපත් කිරීමක් සමග සම්බන්ධ වීමට ගිය සතියේ මට අවස්ථාව ලැබිණි.  තොරතුරු අස්ථානගතවීම මගේ ජීවිතයේ සාමාන්‍ය දෙයකි. අවුරුද්දේ මුල් මාස කීපයේ හැර දිනපොතක් දිගට ම ලියන්නට අසමත් මගේ තොරතුරු ඇත්තේ මගේ හිතේ හා මේ බ්ලොගේ පමණි. ඕනෑ දෙයක් ඕනෑ වෙලාවට සොයා ගන්නට බැරිකම මගේ ගෘහස්ථ කාර්යාලයේ ආදර්ශ පාඨයයි.  ඔය එස් පහ ආදී සංකල්පවලින් මොඩ් කරන්නට බැරි අප වැනි අලුගුත්තේරුවන් සිටීමෙන් මට නම් හිතෙන්නේ ලෝකයේ ජෛව විවිධත්වය වැඩි වනවා ය කියා ය. කොහොමත්, දැන් ඉතින් හැදෙන්නට එච්චර කාලයක් ද ඉතිරි වී නැති එකේ ඉතිරි ටිකත් ඔන්න ඔහොම ම ඉඳලා මැරෙන්න අධිෂ්ඨාන කරගෙන තිබේ. ඒත්, පරණ මුද්‍රිත ෆොටෝ දුර්වර්ණ වී යන විට මෙන් ම, පුංචි උන්ගේ පොඩි කාලේ ඩිජිටල් ෆොටෝ හා ලියපු කවි ආදිය අස්ථානගත වී ඇති බව දැන ගත් විට අසීමිත දුකක් හා අපේ අපිළිවෙල ගැන කලකිරීමක් ද ඇති වේ. ඒත් ඉතින් ඒවා ඉතිරි වී තිබුණත් ඉතින් කවුරුවත් අපි ගැන කටුගෙවල් හදන එකක්යැ කියා ගිය ‍දේ ගියාවේ කියා අමතක කර දමන්න ද බැරිකමක් නැත. සමහරු තමන් ලියූ ලිපි එකතු