කරුණාරත්න පරණවිතානගේ ජාතිකවාදයේ දිළිඳුකම හා මගේ සාඩම්බර සිංහලකම

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ද වන කරුණාරත්න පරණවිතාන බුද්ධිමතෙකි. මම ඔහුගේ දේශපාලනය අගය නො කරමි. එහෙත්, ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් ප්‍රිය කරමි. කැනඩාවේ ‍ොන්සල් ජනරාල්වරයා වන ඔහු මෑතදී ිංහල බ්ලොග් අඩවියක් ආරම්භ කළේ ය. එය ඔබගේ අවධානයට යොමු විය යුතු එකකි. කියවන්න: සතරදිගන්තය

ඔහු විසින් ලියන ලද දර්ශනයේ දිළිඳුබව සහ දිළිඳුබවේ දර්ශනය  නම් ලිපියෙහි ඔහු මෙසේ සඳහන් කරයි. 

ජාතිකවාදය දාර්ශනික වශයෙන් ඉතා දිළිඳුය. එක විද්වතකු පැවසු පරිදි "ජාතිකවාදය මහා චින්තකයන් බිහි කර නැත. ජාතිකවාදයට දාර්ශනික එකාග්‍රතාවක්ද නැත. ජාතිකවාදය හොබ්ස් කෙනෙකු කාල් මාක්ස් කෙනෙකු තබා මක්ස්වෙබර් කෙනෙකු වත් බිහි කර නැත''. එහෙත් ලෝකය තවමත් දුවන්නේ මේ දාර්ශනික වශයෙන් දිළිඳු දේශපාලන දෘෂ්ටිවාදය සමගය.

එසේ වන්නේ ඇයි? එක හේතුවක් නම් ලෝකය එතරම් දාර්ශනික නොවීමය. තවත් හේතු බොහොමයක් ඇත. බොහෝ 'ප්‍රගතිශීලීන්' ජාතිකවාදයට අකමැතිය.එයට හේතුව ජාතිකවාදයේ එක ස්වරූපයක් වන 'ජාතිවාදයට' තිබෙන අකමැත්ත සහ පිළිකුලය. එහෙත් ජාතිකවාදීන්ගේද එසේ නොවන්නන්ගේද අද දවසේද ඉරණම පාලනය කරන්නේ ජාතිකවාදයන්ගෙන්ම වීම  නිසා දාර්ශනික වශයෙන් දිළිඳු ජාතිකවාදය මතුකර තිබෙන සංකීර්ණ දේශපාලන ගැටළු වටහා ගැනීම නිෂ්ප්‍රයෝජන කටයුත්තක් නොවේ."

එහෙත්, මම නම් වාමාංශිකයකු වන ගමන් ම ජාතිකවාදියකු ද වන්නට කැමැත්තෙමි. 

රෝහිත භාෂණ ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ කතිකාවට සාධනීය මැදිහත්වීමක් කළ වාම ක්‍රියාකාරිකයෙකි. අප හිරු කණ්ඩායමේ එකට ක්‍රියාකාරීව සිටි, අප සොඳුරු මිත්‍රත්වයකින් අප බැඳී සිටි එක් කාලයක අප අතර මේ පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇරඹිණි. ජාතිකවාදය ජානුස් දෙවියන්ගේ හිස වැනි මුහුණු දෙකක් ඇති දෙයකයැ යන අදහස භාෂණ නිතර ඉදිරිපත් කළේ ය. ඔහු සිංහල ජාතිකවාදය පසුගාමී දෘෂ්‍ටියක් ලෙස පිළිකෙව් කරමින් දෙමළ ජාතිකවාදය ඉදිරිගාමී දෙයක් ලෙස ඇගැයුවේ ය. එය නව ජාතික රාජ්‍යයක් බිහි කිරීම අරමුණු කරගත් එකකි. ඒ නව ජාතික රාජ්‍යය සමාජවාදී එකක් ය යන විශ්වාසයක ඔහු සිටියේ ය. ඒ අනුව සිංහලයන්ගේ කාර්යභාරය විය යුත්තේ සමාජවාදී දෙමළ ඊලම වෙනුවෙන් සේවය කිරීමයි. මන්ද, සිංහලයාගේ විමුක්ති අරගලයේ යතුර ඇත්තේ දෙමළ ජාතිකයාගේ ජාතික විමුක්ති අරගළය තුළ නිසා ය. භාෂණට හසු වූයේ සිංහල දේශපාලනය පමණි. සිංහලකම යනු එකී ස්වෝත්තමවාදී දේශපාලනය පමණක් නොවේ. සිංහලයාේ කාර්යභාරය පිළිබඳ සංවාදේදී භාෂණ සිටි එක් ස්ථාවරයක් වන්ේ ජාතිකවාදය ඒ පවතින හැටියෙන් ම ගන්නවා විනා එය පරිකල්පනය ො කළ යුතු බවයි. මම එය පිළි ො ගනිමි. මන්ද, සමාජවාදය පිළිබඳ ඇති ජනප්‍රිය අදහස ද පරිකල්පනයක් නිසා ය.

ජාතිකවාදයේ ගැ‍ටලුව ජාතික ස්වෝත්තමවාදයේ ‍හෙවත් ජාතිවාදයේ අඳුර හැම විටම ඒ මත වැටී තිබීමයි. මම ජාතිවාදයෙන් තොර ජාතිකවාදයක් පරිකල්පනය කරන්නට කැමැත්තෙමි. එය ජාතිවාදය දෙසට හෙවත් පසුපසට යොමු වූ ජාතිකවාදයක් නොවී ජාත්‍යන්තරවාදය දෙසට හෙවත් ඉදිරියට යොමු වූ ජාතිකවාදයකි. මා පරිකල්පනය කරන ජාතිකවාදය තුළ මිනිසා සිය ජාතික අනන්‍යතාව අගයමින් ම ලෝකය සමග මුසු වෙයි. මගේ ජාතිකවාදියාට ලෝකය තමන් ගිල ගන්නට සිටින යකෙකු නොව තමන් වැළඳ ගන්නට සිටින මිතුරෙකි. එහෙත්, ඔහු/ඇයලෝකයෙන් එන යුතු බලපෑම් පිටුදකින්නට බිය නොවෙයි. 

ඔහුගේසංස්කෘතික ලෝකය ආක්‍රමණකාරීන්ගේ රණබිමක් නොව, විවිධත්වය තුළ ඒකීයත්වයක් ඇති සමබිමකි. ලෝකය එකම සංස්කෘතියක් විය යුතු නොවේ. විය යුත්තේ ලෝකවාසීන් අතර සංස්කෘතික අවබෝධය පුළුල් වීමයි. 

මෙකී කාරණා මේ අන්දමින් ම ආර්ථිකයට ද අදාළ විය යුතු ය. ඒවා මා සිතන පරිදි සමාජවාදයේ ද ලක්ෂණ වේ.  

උක්ත කාරණා සංක්ෂිප්තව සංයුක්ත කළහොත් මෙසේයි. මම සිංහලයෙක්මි. එහෙත් මගේ සිංහලකම දෙමළ විරෝධී එකක් නොවේ. ‍එසේම මගේ ලෝකය හෙවත් ජාත්‍යන්තරවාදය ආරම්භ වන්නේ දෙමළ කතා කරන මගේ රගේ රටේ සහෝදර දෙමළ මුස්ලිම් මිනිසුන්ගෙනි.  

මම මගේ භාෂාවට, සංස්කෘතියට ඇලුම් කරමි. අයුතු බලපෑම්වලින් එය දූෂ්‍ය වීම වැළැක්වීමට සටන් කරමි. ඒ අතර, වෙනත් භාෂාවන්ගෙන්, සංස්කෘතීන්ගෙන් ආභාසය ලැබ එය පෝෂණය කරන්නට මම කැමැත්තෙමි. මම ඉංග්‍රීසි බසට ද ඇලුම් කරමි. මන්ද, මගේ හදවත ලෝකයට විවෘත වන දොරටුව ඇත්තේ අඉංග්‍රීසි භාෂා උරුමය තුළයි. එහෙයින් මම එය උගනිමි. අපේම ඉංග්‍රීසි භාෂා ප්‍රභේදයක් සංවර්ධනය වෙමින් තිබේ. ලෝක පිළිගැනීම ඇති කර ගැනීම සඳහා අප එය ගොඩනැගිය යුතු ය. 

දෙමළ උගෙනීමට අසමත් වීම ගැන මා තුළ කණගාටුවක් තිබේ. දෙමළ බස උගතහොත් මට ආසන්නතම  අසල්වැසියා සමග ඍජු ලෙස සන්නිවේදනය කළ හැකි ය.

දේශපාලනික වශයෙන් මා කැමති ලංකාව දකුණු ආසියානු කලාපීය ‍දේශපාලනික ව්‍යූහයක් තුළ නැවත සංවිධානය වනවාට ය. එය ජාතික රාජ්‍ය සීමාව ඉක්මවා ගිය එකකි. එහෙත් ඊට පෙර හෝ ඒ හා සමගාමීව හෝ අප අපේ ම සහෝදර දෙමළ, මුස්ලිම් ජාතීන් අනුකලනය කරගන්නා රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙත යොමු විය යුතු ය.

පුංචි මිනිසකු ලෙස මා කරන අරගළයේ පදනම මෙවැන්නකි. කුමන දුෂ්කරතා මධ්‍යයේ හෝ මම මගේ ප්‍රතිපත්ති රැකගන්නට උත්සාහ කරමි.

මේ මගේ සමාජවාදයයි. එය නොනවතින අරගළයකි. මම සමාජවාදය කියා කිසියම් පරමාදර්ශී ‍මාදිලියක් ප්‍රවර්ධනය නොකරමි. මා සිතන්නේ විපර්යාසය අරගළය තුළ සිදු වන සාමූහික නිර්මානකරණයක් ය කියා ය. එය කිසියම් පුද්ගලයකුගේ මනසේ නිර්මානය වූ මාදිලියක අනුකරණයක් නොවේ. 

ඒ අනුව, සමාජවාදය මට සිහිනයක් නොවේ. එය මගේ  අද දවසේ ද ජීවිතයයි.

-අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඔය ක්‍රින බ්ලොගය මුලින්ම බැලූ වෙලේ මා මුලින් දැන සිටියේ නෑ ඔහු කවුද යන්න.

    පසුව මේ යු ටියබ් ක්ලිප් එක දුටු වේලේ ඔහු කොන්ද පිළිබඳ ව්‍යායාමවලට අති සමතෙක් බව මට වැටහුණා.

    http://www.youtube.com/watch?v=DCLyoZZ0zqE

    .

    ReplyDelete
    Replies
    1. මෙයා කොන්ද විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයේ අනෙක් ඉන්ද්‍රියයන්ද හොඳට භාවිතා කරන්න දන්නා කෙනෙක්. කාලයක් රාවයේ ඒ ගැන ගියා කවුද ගෑනු ළමයෙක් කියපු කතාවක්. පැරා දන්නවාත් ඇති සමහරවිට.

      Delete
    2. මෙයා ගැන දැන ගන්න ඕනැම නම් ඒ කාලෙ කොළඹ කැම්පස් එකේ හිටපු අයගෙනුත් හොයලා බලන්න. බ්ලොග් එකක පොර ටෝක් දාපු පමණින් වත් ලංකාවේ ආණ්ඩුවෙ පට්ටම් ගත්ත පමණින් වත් පොරක් වෙන්නෙ නැහැනෙ. ඒ වගේම සුදු ඇඳුම් වලට යටින් තමයි ලෝකෙ වැඩියක්ම දූෂිතයින් ඉන්නෙ.

      Delete
    3. MEYA JOKKU ANDINAWADA, PUKAK THIYANAWA, PADA, CHOO, JEE YANAWATH ATHI NOVEDA KAKKA.

      Delete
    4. @ Anonymous May 15, 2013 at 1:53 PM

      ඇත්තටම ඔබ නම් පුරුවේ පවක් ගෙවන්නෙකි.

      මේ විදියට තැන තැන එකම කවෙන්ටුවේ වේරියේෂන් දමමින් යන්නට වී තිබීම අන් කවරාකාරයෙන් විස්තර කරන්නද?

      ඒ පව ගෙවන්නේ මා සමග ඇති වෛරයක් විලාසයෙනි.

      අවංකකවම මට ඔබ ගැන ඉතා දුකයි.

      Delete
    5. DUK WANNATA EPA MAGENA KAKKA BUWANENI, API KAWRUTH ME GEWANNE PURUWE PAW THAMI. AWANKAWAMA OBA MA AGAYA KALAYUTHUI. MA DAMANA EMA COMMENTUWALA ATHTHE, OBA WISIN LIYA PALA KARANA LADA POST WALA SUBJECTS MISA WENATH ASABYA DE NOVE. THANA THANA COMMENTS DAMANNAT MATA SIDU WOO YE, OBA EWA PALA NOKARANA NISAWENI.

      Delete
  2. ammapa mu nawena ketha

    ReplyDelete
  3. ඔහු කැනඩාවේ තානාපති නොවේ. ටොරොන්ටෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සල්වරයාය.

    ReplyDelete
  4. රටට නම් සෙතක් නැහැ. ඔහු කරන්නේ පොල්තෙල් පහන් පත්තු කරන එක විතරයි

    ReplyDelete
  5. ජාතික වාදය දාර්ශනික වශයෙන් දිළිඳු යයි කීවද ජාතික වාදය ගැන අපට පොහොසත් සංවාදයක් සහ දැනුමක් ගොඩනැගිය හැකිය. ඉදිරියට ඒ ගැන ලියමි ( මා කැනඩාවේ තානාපති යයි ඔබේ ලිපියේ සඳහන වැරදිය. කොන්සල් ජෙනරාල් ලෙස නිවරදි විය යුතුය ) ප්‍රතිචාරයට ස්තුතියි.
    parane (ෆේස්බුක් හරහා දක්වන ලද ප්‍රතිචිරයකි)

    ReplyDelete
  6. ජාතික වාදය හෝ ජාති වාදය හෝ වේවා මොනම ආකාරයක භාෂාවක් සංස්කෘතියක් හෝ වේවා වක්‍රාකාරව සේවය කරන්නේ ධනේශ්වරය වෙත නොවේද ? ශ්‍රී ලංකාව තවමත් ජාතිකවාදය කෙසේ වෙතත් ජාතිවාදයවත් ආගම්වාදයවත් (ඔබ කියනා පරිදි අනෙකා පෙලන) ඉක්මවා යා නොහැකි තැනක සිරවී ඇති විට ඔබ සේවය කරන පරමාදර්ශී සුදුපාට ජාතිකවාදය අනියමින් තවකෙකු විසින් අවභාවිතා කල හැකි නොවේද? එසේ කිරීමට ඉඩ තැබීම ඔබේ මතය ඔබ විසින්ම අනතුරේ හෙලා ගැනීමකි. මා විස්වාස කරන පරිදි බොහෝ මිනිසුන්ට මහා සමාජය තුල පැවැත්මක් හදාගැනීමට ඔය කියන ආකාරයේ ප්‍රපංචයක එල්බ ගැනීම ඉතා වැදගත් වනමුත් නිවහල් මිනිසෙකු වීම සදහා ඔය කිසිවක් වැදගත් නොවේ.

    ReplyDelete
  7. පැරා දෙමළ ප්‍රශ්ණය දකින්නේ සමාජවාදියකුට වඩා, වසර 2500 ක සංස්කෘතියකට හිමිකම් කියන, ගෝත්‍රිකවාදයක් කරපින්නාගෙන යන අහිංසක, අනුකම්පාසහගත්, මෛත්‍රියෙන් පිරුණු, වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන සම්ප්‍රදායික අහිංසක සිංහල බෞද්ධ මානසිකත්වය කරපින්නාගත් ගැමියකු ලෙසයි මට නම් පෙනෙනුයේ.

    පැරා පමණක් නොව, මේ මතය දරණ සියළුම දෙනා එවන් අය ලෙසයි මට නම් පෙනෙන්නේ. දෙමළ ජාතිකවාදයේ ඉදිරි දැක්ම කුමක්ද? ඔවුනගේ ඉදිරි දැක්ම වෙනම රාජ්‍යයක් ඇතිකර ගැනීමයි. ඔවුන් එතනින් නවතිනවාය්යී යන සහතිකය ලබා දෙන්නේ පැරාද?

    නැත බලය මිනිසා විනාශ කරන දෙයකි. එවිට ඔවුන් ප්‍රාර්ථනා කරන්නාවු බලය, ඔවුනට ලැබුනොත් ඔවුන් එයින් සැනසෙයිද ????. නැත. කිසිසේත්ම නැත. සිංහලයාගේ ඉවසීමේ ගතියට, අනුකම්පාවට, ඔවුන් සැලකූ ආකාරය මුළු ළොවම දනි. කුඩා ජන කන්ඩායමක් ලෙස දෙමළ පුරවැසියා ජීවත් විය යුත්තේ, බහුතරයක් ජනතාවගේ සිතිම් පැතුම් ගැන අවභෝධයක් ඇතිවය.

    යාපනේ දෙමලාට ඇතයි මොර දෙන ප්‍රශ්ණ, වැල්ලවත්තේ, දෙහිවල, වත්තල දෙමලාට නැත්තේ ඇයි. ඒ සහජීවනයයි. විය යුත්තේ පැරා දෙමළ ඉගෙන ගැනීම නොව. දෙමලා සිංහල ඉගෙන ගැනීමයි. එමෙන්ම ඔවුනගේ ආගම, භාෂාව හා සංස්ක්‍රිතිය බහුතරය විසින් ඉවසීමයි. එහෙම නැතුව වාසුදේවලා කරන්නාවූ චොකා බයිලා වැඩපිලිවල් තුලින් කල හැකි යමක් නැත. ආර්තික ක්ෂේත්‍රයේ සංපූර්ණයෙන්ම අසමත් කෙනෙකුන් වූවද, (පවුලේ ආර්ථිකය නොවේ) සිංහල ජාතිකවාදය වහල් මානසිකත්වයෙන් මුදවා, එයින් ඉදිරියට ගත් මහරජානෝ කවුරුන් අකමැති වූවද අදත් වැජබෙන්නේ ඒ නිසාය.

    සිංහලයින් මෙනම ද්‍රවිඩයින්ද නිවටුන් විය යුතු නැත. තම අභිමානය රැකගෙන ආර්ථික අතින් මිනිසා දියුණු කළ විය, ගෝත්‍රික වාදය සුනු විසුනු වී යනු ඇත. එතෙක් හෙටද මේ ප්‍රශ්ණය පවතිනවා ඇත.

    ReplyDelete
    Replies


    1. //සිංහලයින් මෙනම ද්‍රවිඩයින්ද නිවටුන් විය යුතු නැත. තම අභිමානය රැකගෙන ආර්ථික අතින් මිනිසා දියුණු කළ විට, ගෝත්‍රික වාදය සුනු විසුනු වී යනු ඇත. එතෙක් හෙටද මේ ප්‍රශ්ණය පවතිනවා ඇත.//

      ++++++++++++++++++++++++++

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා