ක්ෂණිකාලාගේ ක්ෂණික ආශා යුගය

කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගමයි. ජනාධිපතිවරයා ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති පදවියට උසස් කළේ ය.

ඉන් පසු ඇගෙන් හිස් වූ කොළඹ විශ්ව විද්‍යාල‍යේ උප කුලපති පදවියට පත් කර තිබෙන්නේ ඇගේ සැමියා වන විජය කුමාර හිරිඹුරේගමයි. මෙම තනතුර සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සේවය කළ ඔහුත්, කලා පීඨයේ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායකත්, නීති පීඨයේ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවාත් අයැදුම් කර තිබිණි. විශ්ව විද්‍යාල සනාථන සභාව විසින් මාර්තු මාසයේදී මේ නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම වෙත ඉදිරිපත් කරන ලදී. ඒ වන විට එහි සභාපතිනිය එක් අයදුම්කරුවකුගේ බිරිඳ ය.

අවසානයේදී ජනාධිපතිවරයා විසින් කුමාර හිරිඹුරේගම කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර‍ට පත් කර තිබේ. ඔහුගේ පත්වීම සඳහා ඉහළම සුදුසුකම වුණේ දේශපාලනිකව හිරිඹුරේගම පවුල උසස් අධ්‍යාපන ඇමතිවරයා සමග කිට්ටුවෙන් සිටීම බවට චෝදනා එල්ල වේ. 1952 නොවැම්බර් 04 උපන් කුමාර හිරිඹුරේගමට දැන් හැට පිරී තිබේ. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ඔහු‍ට වඩා ජ්‍යේෂ්ඨ හා සනාථන සභාවේ බහුතර කැමැත්ත දිනා ගත් පුද්ගලයා බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල උප කුලපති පදවිවලට පත් කිරීම දැඩි ලෙස දේශපාලනීකරණය වීම ආරම්භ වුණේ 1980 ගණන්වලදී එක්සත් ජාතික පක්ෂ රජය විසින් එවකට ජයවර්ධනපුර විශ්ව‍ විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාරයවරයකු හෝ නො වුණ කරුණා‍සේන කොඩිතුවක්කු සෙසු ජ්‍යේෂ්ඨයන් නො තකා උප කුලපති තනතුරට පත් කිරීමත් සමග ය.

අද වන විට ලංකාවේ ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරු තනතුරු තණ්හාව නිසා කිසිදු හිරිකිතයකින් තොරව දේශපාලකයන් පසුපස යන තත්වයක් නිර්මානය වී තිබේ.

ක්ෂණිකා හිරිඹුරේගම සිංහල, පාලි හා සංස්කෘත භාෂා පර්යෝෂකයකු හා සිංහල ශබ්ද කොෂයේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු ද වූ ආචාර්ය පී.බී. සන්නස්ගලගේ දියණියයි. සෙනෙට් සභාවේ අවසන් සභාපති වූ ඒ.රත්නායක ඇගේ මව් පාර්ශ්වයේ සීයා ය. ආචාර්ය පී.බී. සන්නස්ගල ද දේශපාලනය කර තිබේ. ඔහු 1960 මාර්තු මහ මැතිවරණයේදී හපුතලේ ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර පරාජය විය. එවකට ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි.

සන්නස්ගලලාගේ යුගයේ මෙතරම් ම සදාචාර විරෝධී ලෙස තනතුරු පසුපස හඹා ගිය බවක් නො පෙනේ. ක්ෂණිකාලාගේ යුගයට එන විට ලැබුණු අවස්ථාවෙන් ක්ෂණිකව ප්‍රයෝජන ගැනීම මිස සදාචාරය පිළිබඳ සැලකිලිමත් වීමක් නැත. කාලය මැවු වෙනසක අරුමය වෙන්න ඇති.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කොළඹ විතරද මෙහෙම වෙලා තියෙන්නෙ?

    ReplyDelete
  2. /* විශ්ව විද්‍යාල උප කුලපති පදවිවලට පත් කිරීම දැඩි ලෙස දේශපාලනීකරණය වීම ආරම්භ වුණේ 1980 ගණන්වලදී එක්සත් ජාතික පක්ෂ රජය විසින් එවකට ජයවර්ධනපුර විශ්ව‍ විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාරයවරයකු හෝ නො වුණ කරුණා‍සේන කොඩිතුවක්කු සෙසු ජ්‍යේෂ්ඨයන් නො තකා උප කුලපති තනතුරට පත් කිරීමත් සමග ය. */

    පසුව 1985 උසස් අධ්‍යාපන සංශෝධන පනත යටතේ එවකට සෙනෙට් සභාව මගින් කළ උපකුපති තේරීම ජනාධිපතිවරයා වෙත පවරා ගන්නා ලදී. එවකට ජනාධිපතිවරයා උඋස් අධ්‍යාපන ඇමතිවරයා ද වුයේ යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. Police brutality in Sri Lanka has a long history. On the 12th November 1976, Peradeniya University (formerly known as University of Ceylon) suffered a bloodbath owing to the brutal police attack on the innocent students who were demanding to keep the university open and removal of the university President Professor PW Vithanage who ruled the university as a tyrant. Prof Vithanage was appointed by the late Prime-minister Sirima Bandaranaike (1970-1977) against the university procedures and he reflected her dictatorship.
      http://str8talkchronicles.com/?p=10363

      Delete
  3. කලකට ඉහත තිබූ නිකාඩෝ ක්‍ෂණික නුඩ්ලස් සහ ක්‍ෂණික ඉඳි ආප්ප සිහිවිය.

    ReplyDelete
  4. Few more examples of shortcuts,
    http://www.med.cmb.ac.lk/index.php/department-of-paediatrics-staff?id=252
    He is the son of prof harendra silva

    http://www.med.cmb.ac.lk/index.php/department-of-psycho-staff?id=280
    She is Daughter of Prof Manori senanayaka


    http://www.med.cmb.ac.lk/index.php/department-of-obsgyn-staff?id=242 he leaked exam papers to a female student..
    Pandama of prof Harsha senevirathna,

    many more are their, thats why we downgrade daily...
    children of oder gen

    ReplyDelete
  5. කොච්චර හොඳද. මෛථූනයේ යෙදෙන විට පවා විස්සවිජ්ජාලවල ගැටළු ගැන සාඛඡ්චා කරන්න පුළුවන් නොවෑ. අනේ මන්දා මේ පැරා නම්. කිසිම ධනවාදි චින්තනයක් නැති පොරක්....

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ කා එක්ක ඕක කොරනකොටද?

      Delete
  6. \\ක්ෂණිකාලාගේ යුගයට එන විට ලැබුණු අවස්ථාවෙන් ක්ෂණිකව ප්‍රයෝජන ගැනීම මිස සදාචාරය පිළිබඳ සැලකිලිමත් වීමක් නැත.\\\

    අතට ලැබුණ ගමන් කටට දාගත්තේ නැත්නම් ඉවරයි..තව දාහක් ඉන්නවා අතේ තියෙන එක උදුරගන්න බලන්..

    ReplyDelete
  7. අනික දැන් රජ පවුලේ ඉඳලම පවුලට බෙදිල්ලනේ?
    ඉතින් හිරිඹුරෙගමලා බෙදාගත්තහම මොකද?
    ලංකාවේ ඉස්සරහට කන්තෝරුවක පියන් වැඩක්වත් ගන්නනම් නෑකම ඕනෑවෙයි.
    ඉතින් එකේ වරද මොකද්ද? අර ආරක්ෂක මල්ලි කියනවත් වගේ.

    ReplyDelete
  8. එතකොට ක්ෂණිකා සහ එස්. බී. පස්සෙන් යන ප්‍රේමකුමාර දි සිල්වා, සඳගෝමී කොපරහේවා, චන්දුසිරි නිරිඇල්ල, විජිතපුර විමලරතන, ලලිතසිරි ගුණරුවන්, සිරිමල් අබේරත්න සහ තවත් බොහෝ ඊනියා ආචාර්ය මහාචාර්යවරු ගැන අපි කුමක් කියමුද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා