Posts

Showing posts with the label ප්‍රතිභා මහානාම හේවා

ක්ෂණිකාලාගේ ක්ෂණික ආශා යුගය

Image
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගමයි. ජනාධිපතිවරයා ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති පදවියට උසස් කළේ ය. ඉන් පසු ඇගෙන් හිස් වූ කොළඹ විශ්ව විද්‍යාල‍යේ උප කුලපති පදවියට පත් කර තිබෙන්නේ ඇගේ සැමියා වන විජය කුමාර හිරිඹුරේගමයි. මෙම තනතුර සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සේවය කළ ඔහුත්, කලා පීඨයේ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායකත්, නීති පීඨයේ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවාත් අයැදුම් කර තිබිණි. විශ්ව විද්‍යාල සනාථන සභාව විසින් මාර්තු මාසයේදී මේ නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම වෙත ඉදිරිපත් කරන ලදී. ඒ වන විට එහි සභාපතිනිය එක් අයදුම්කරුවකුගේ බිරිඳ ය. අවසානයේදී ජනාධිපතිවරයා විසින් කුමාර හිරිඹුරේගම කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර‍ට පත් කර තිබේ. ඔහුගේ පත්වීම සඳහා ඉහළම සුදුසුකම වුණේ දේශපාලනිකව හිරිඹුරේගම පවුල උසස් අධ්‍යාපන ඇමතිවරයා සමග කිට්ටුවෙන් සිටීම බවට චෝදනා එල්ල වේ. 1952 නොවැම්බර් 04 උපන් කුමාර හිරිඹුරේගමට දැන් හැට පිරී තිබේ. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ඔහු‍ට වඩා ජ්‍යේෂ්ඨ හා සනාථන සභාවේ බහුතර කැමැත්ත දිනා ගත් පුද්ගලයා බව වාර්තා වේ. විශ්ව විද්‍යාල...