මහිස් එකක් ගියෙ නම් ඔබ නමට කිමා - පොලිස්පති

කාගේ හෝ උවමනාවකට නිදන් හාරන්නට විලච්චියට ගොස් සිටියදී ගම්වැසියන්ගේ විරෝධය මැද පළා ආ ‍පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම වෙනුවෙන් අභීතව පෙනී සිටීමට පොලිස්පතිතුමා තරමක් පසු වී හෝ වීරෝදාර ලෙස ඉදිරිපත් වී තිබේ.


ඔහු විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් කියන පරිදි විලච්චිය සියවලාපිටිය ප‍්‍රදේශයේ වැවක් පිළිසකර කරමින් සිටි බැකෝ රථ රියැදුරෙකුට මිලකළ නොහැකි යම් වස්තුවක් ලැබී ඇති බවත්, බැකෝ රියදුරු විසින් එම වස්තුව අසල ස්ථානයක සැඟවීමෙන් පසුව එය සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට තමාට පොලිස් මූලස්ථානය හරහා මැයි 01 වැනිදා තොරතුරක් ලැබුණු බවද ඔහු හෙළි කර ඇත. පසුව වහාම ක‍්‍රියාත්මක නොවුනහොත් සොරුන් එම වස්තුව රැගෙන යාමට ඉඩ ඇති බැවින්, එය සැඟවූ ස්ථානය දන්නා කිහිපදෙනෙකු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිරිසක් එම ස්ථානයට පිටත් කර හැරි බවද එහි දැක්වේ. තොරතුරු දැනුම් දුන් පිරිස සමග එම ස්ථානය පරීක්ෂා කර නීත්‍යානුකූලව එම භාණ්ඩය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගිය බව තමා වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද එම නිවේදනයෙන් කියා සිටී.


බැකෝ රියදුරා කියන පරිදි ඔහුව අදාළ ස්ථානය හෑරීමට රැගෙනවිත් තිබෙන්නේ හිසට ගිනි අවියක් එල්ල කරලා ය. 


අපට දැන් තේරෙන පරිදි නම් මේ බඩු ම තමා ය. බඩු කියන්නේ නිදන් නොව නිදන් හාරපු කට්ටිය ය. ඒගොල්ලෝ නම් අරගොල්ලෝ ම තමා ය. 


නැතිනම් මෙයා මෙසේ සිරිසඟබෝ වෙන්න යන්නේ අහවල් එකකට ද? 


මෙහෙම ගියොත් කටුගෙය බින්දේ මම යයි ජගත් බාලසූරිය ජාතික උරුම ඇමති ඉදිරිපත් වන්නට පවා ඉඩ තිබේ. 


මාතෘකාව ලෙස යොදන ලද කවි පදය ප්‍රමිලා බිසව සමග අනියම් සම්බන්ධයක් පැවැත්වීම නිසා දංගෙඩියට යාමට සිදු වූ දස්කොන් කී බවට ජනප්‍රවාදයේ එන කවියක පදයකි.


‍විසැස් කමලාව රස පහස නොවිඳමා
දසිස් දුනි පොරණ ඇසු දුටු පමණටමා 
වෙසෙස් ඔබගෙ අමයුරු පහස ලත් මෙමා 
මහිස් එකක් දුනි නම් ඔබෙ නමට කිමා

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හිටපු පොලිස්පති එක්කෙනා කටුනායක වැඩේට හිස දී බ්‍රසීලයට තානාපතිකමක් ලබා ගත්තා...දැන් මෙයා මේකට හිස දී මොනවා ලබා ගනීද කියල අපි බලා ගෙන ඉමු...

    ReplyDelete
  2. මේවට තමයි කියන්නෙ බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ කියලා....

    අපි ඉතිං තට්ටෙ ගාපු චීන්නු කියලා කට්ටිය හිතං ඇති....

    ReplyDelete
  3. ලජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයි කීවලු. රටකට ගිය කලක්............

    ReplyDelete
  4. විලච්චියෙ මිනිස්සුනම් මාරයි අප්පා... ඔය වටිනා වස්තුව හම්බ වුණ පොර ඕක වලලද්දි ඔය මිනිස්සු දැක්කෙ නැද්ද හැබෑට. මොකද බැකෝ එකකින් හාරල ගොඩගන්න තරම් දරුණු විධියට පොර ඒක වලලලනේ...

    ReplyDelete
  5. මේ අද අප රට පත්ව ඇති තත්වයයි.මීට දශක දෙකකට පමණ එපිට එක යුගයක බැකෝ දමා නිදන් හාරන කන්‍යාවියන් ලවා එළකිරි නාවගන්නා කතන්දර අපි ඇසුවෙමු.බලයෙන් පිස්සු වැටුණු විට මිත්‍යාව දහම වූ විට මෙවැනි දේ අරුමයක් නොවෙයි.පොලීසිය අද නිරුවත් ගණිකාවක් බවට පත්ව ඇත.කට්ටියම මොකද වුනේ කියා දනිති.එහෙත් අර සීතම්බරපට කතාවේ මෙන් මුකුත් නොදන්නා බබාල ලෙස හැසිරෙති.ජනතාව පොලීසිය ජනමාද්‍ය මේ හැමෝම බබාල වී සිටිති.අන්තිමේදී වැටත් නියරත් ගොයම් කද්දී පාලකයන්ට බලයෙන් උමතු වන්නට ඉඩ සැලසු ජනතාවට මේ සියලු නාටක බලා සිටිනු හැර වෙන කල හැකි දෙයක් නැත.

    ReplyDelete
  6. හෙට අනිද්දට පළාතේ මන්ත්‍රීතුමා සහ පොලිසියේ ලොකු මහත්තය එකතු වෙලා මහා දවල් හොරකමේ යන්නත් බැරි නැහැ මෙහෙම යනකොට.

    ReplyDelete
  7. ඉක්‌මන් ගමන් අද ඔබ යනවාද...
    දස්‌කොන් මා නමට ජීවිතෙ දෙනවාද... කියලත් කවුරුහරි කියයි..!! (මුල් පද දෙක මතක නැත)

    ReplyDelete
  8. stf එක බේරුව් එක නම් හොදයි, ඒත් සිද්ධිය ගැන මීට වඩා පැහැදිලි කිරිමක් අවශ්‍යයි.

    ReplyDelete
  9. W3 මචන්ලා, ඔබලාගේ දර්ශනයට සාමාන්‍යයෙන් මා අනුගත නොවන නමුත්, මේ පෝස්ට් එකටනම් 100%ක් එකගයි.

    ReplyDelete
  10. @sudheera May 9, 2012 12:17 AM

    Sakman maluwedi hamuwee bendi haada,
    Sith santhosin dun muwa mee biwuwada,
    Ikman gaman himi ada oba yanawada,
    Daskon mage namata jeewitha denawada

    -Manjula

    ReplyDelete
  11. පරණ කතාවක් මතක් උනා...
    "සද්දෙට සද්දේ හරියි කියමුකෝ...එතකොට ගඳට.....????"

    ReplyDelete
  12. මම දන්නා තරමින් බැකෝ ලෝඩරයකට කිලෝ 1000 ක පමණ බර එසවිය හැකිය. එසේනම් මෙම රියදුරාට හමුව ඇති පුරාවස්තුව කිලෝ 1000 කට වැඩි විය යුතුය. නැත්නම් ඌ ඒක වලලා දමා යන්නේ නැත. වලලා ඇත්තෙත් තවත් බැකෝ වලින් ගොඩ ගන්නට තරම් ගැඹුරිනි. ඌට මේක හම්බවෙනවා ගමේ උන් දන්නෙවත් නැත , ඌ මේක වළලන තුරු ගමේ උන් දන්නෙවත් නැත . ලස්සන වැඩේ ඒකය. පොලිසියෙන් හාරනවිටය ගමේ උන් ගෙම්බර් දැම්මේ . අරූ හාරනකොට ගමේ උන් ගෙම්බර් දැම්මේ නැත . පොලිසිය පව්ය. ඕවගේ මාද්‍ය නිවේදන පට්ටි ගොනුන්ට පමණි .

    ReplyDelete
  13. Police!
    Ammataya.....
    Huduya.......

    ReplyDelete
  14. පන්දම අල්ලලා දෙනවා මදි නෑ නේද
    සිත් සතොසින් මා මේ හෝදන හැටි හොඳ නේද
    ඉක්මන් ගමන් පැන පැන දෙන හැටි වැඩි නෑ නේද
    මහ රජ මගෙ නමටත් ලොකු පදවියක් දෙනවාද

    ReplyDelete
  15. මම වේද කරන්නේ ජනාදිපති ආරක්ෂක අංශයේ. ආරංචි විදියට යුද්ද කලේ කෝටි ගණන් පිටරට සල්ලි සහ රත්තරන් තියෙන කන්ටිනේර් 4 ක් හම්බ උනා. ඒ හතරම ගොටබය, බැසිල්, නාමල් සහ මහින්ද බෙදා ගත්ත. ඔය කියන විලච්චියේ හංගපු කන්ටිනේර් එක ගැන K P මේ ලඟදි කියල තියෙනවා. එක නිසා ගොටබය මහත්තය එයට අයිති STF එක ඔතනට යවල වැඩේ කරගන්න ගියත් මිනිස්සු දුන්නේ නෙහ. මේ ගැන රජ ගෙදරත් ටිකක් අප්සෙට් වෙලා ඉන්නේ. සල්ලි තමි දෙවියන්ගේ මල්ලි කියන්නේ.

    ReplyDelete
  16. බලාගෙන හිටපල්ලා දැන් විලච්චියේ වුන්ට සලකන හැටි. තොපිට වතුරවත් දෙන්නේ නෙහ. කාලකන්නි හැත්තෑ රට සංවර්දනය කරන්න යනකොට එකට අකුල් හෙලනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා