ජංගම දුරකථනයක් මිළ දී ගැනීමේදී අහු නොවී ඉන්න එක ක්‍රමයක්

(පාරිභෝගිකයන් ලෙස ආරක්ෂා වීමේ වැදගත්කම වෙනුවෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක් ඇසුරෙන් සැකසිණි.) 


ජංගම දුරකතනයක් මිල දී ගැනීමේ දී එහි තත්ත්වය පිළිබඳ ව පාරිභෝගිකයින්ට අවබෝධයක් ලබා ගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබේ. 


මෙහි දී ජංගම දුරකතනයක් මිල දී ගැනීමට ප්‍රථම දුරකතන පෙට්ටියේ සහ දුරකතනයේ අංක 15කින් යුතු ඉමි අංකය (IMEI) සමඟ අදාළ දුරකතනයේ අංක පුවරුවෙන් *#06# ඇතුළත් කොට ලැබෙන අංකය සසඳා ඉමි අංකය තහවුරු කර ගත හැකි වේ. අදාළ ඉමි අංකය , IMEI හිස්තැනක් දුරකතනයේ ඉමි අංකය යොදා 1909 වෙත SMS පණිවිඩයක් එවීමෙන් තත්පර 30ක් ඇතුළත දුරකතනයේ නීතිමය ආවරණය පිළිබඳ ව පාරිභෝගිකයා වෙත තොරතුරු ලබා ගත හැකි වන බව ඔහු පවසයි. 


මේ මගින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය එම දුරකතනය වෙත හිමි වී ඇති බව තහවුරු කර ගත හැකි වන බවත් එම අනුමැතිය කොමිෂන් සභාව මගින් ලබාදෙනුයේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය ලබා දෙන සහතිකය මත බවත් ඔහු පවසයි. 


දුරකතනයක් නැතිවීම පිළිබඳ ව යම් පාරිභෝගිකයෙකු පොලීසිය වෙත පැමිණිලි කර මාස තුනකට පසුව දුරකතනය සොයා ගැනීමට අපොහොසත් වුවහොත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අදාළ ඉමි අංකය ජංගම දුරකතන ජාලයන්හි භාවිත කළ නොහැකි පරිදි අක්‍රීය කරනු ලබන අතර එවිට අදාළ දුරකතනය භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වන බව  ද හේ පෙන්වා දුන්නේය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ethakota, Kali galawala wikunana phone, baala chinese phone?

    ReplyDelete
  2. හොඳ දෙයක්
    හරියට ක්‍රියාත්මක වෙනවා නම්
    හැබැයි අර මෙයාලගෙ සමහර දුරකතන ගාස්තු වලට අවම මිල වගේ මෝඩ නීති නම් ගොන් පාර්ට් වැඩ.

    ReplyDelete
  3. පුලුවන්නම් කාපල්ලා ලනුව, උඹලගේ IMEI එක යවපන් රජාගේ පුස්තකාලයට, ඕකෙන් කරන්න පුළුවන් ඒවා දන්නා කිසිම කෙනෙක් ඕක දෙන්න නැහැ

    ReplyDelete
  4. මම ඔය කියන විදියට දැන් දෙපාරක්ම SMS යැව්වා, තාම නං පිලිතුරක් ආවෙ නැහැ :-/

    උඩ ඇනොනිමස්ට - රජයට මිනිස්සුන්ගේ ෆෝන් වල IMEI එකතු කරන්න ඕනෙ නම් මෙහෙම සෙල්ලමක් දාන්න අවශ්‍ය නැහැ, දුරකථන සමාගම් වලින්ම එය ලබාගන්න පුලුවන්.

    ReplyDelete
  5. ඔන්න දන්නා තරම පේනවා, කොම්පැනියෙන් ගත්තොත් පාවිච්චි කරන සිම් එකේ විස්තරත් හම්බ වෙනවා ඇති නේද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා