ජංගම දුරකථනයක් මිළ දී ගැනීමේදී අහු නොවී ඉන්න එක ක්‍රමයක්
(පාරිභෝගිකයන් ලෙස ආරක්ෂා වීමේ වැදගත්කම වෙනුවෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක් ඇසුරෙන් සැකසිණි.) ජංගම දුරකතනයක් මිල දී ගැනීමේ දී එහි තත්ත්වය පිළිබඳ ව පාරිභෝගිකයින්ට අවබෝධයක් ලබා ගත හැකි නව තාක්ෂණික ක්‍රමවේදයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසා තිබේ. මෙහි දී ජංගම දුරකතනයක් මිල දී ගැනීමට ප්‍රථම දුරකතන පෙට්ටියේ සහ දුරකතනයේ අංක 15කින් යුතු ඉමි අංකය (IMEI) සමඟ අදාළ දුරකතනයේ අංක පුවරුවෙන් *#06# ඇතුළත් කොට ලැබෙන අංකය සසඳා ඉමි අංකය තහවුරු කර ගත හැකි වේ. අදාළ ඉමි අංකය , IMEI හිස්තැනක් දුරකතනයේ ඉමි අංකය යොදා 1909 වෙත SMS පණිවිඩයක් එවීමෙන් තත්පර 30ක් ඇතුළත දුරකතනයේ නීතිමය ආවරණය පිළිබඳ ව පාරිභෝගිකයා වෙත තොරතුරු ලබා ගත හැකි වන බව ඔහු පවසයි. මේ මගින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය එම දුරකතනය වෙත හිමි වී ඇති බව තහවුරු කර ගත හැකි වන බවත් එම අනුමැතිය කොමිෂන් සභාව මගින් ලබාදෙනුයේ ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය ලබා දෙන සහතිකය මත බවත් ඔහු...