Posts

Showing posts from April, 2012

මාර්තු පී.බී. ජයසුන්දර, අප්‍රේල් පී.බී. ජයසුන්දර හා මැයි පී.බී. ජයසුන්දර

Image
මසකට පෙර 2012 මාර්තු 26දා මුදල් අමාත්‍යාංශ ලේකම් පී. බී. ජයසුන්දර පැවසුවේ මෙසේ ය. ඉදිරි කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ශක්‌තිමත් වනු ඇතැයිද එය රු.125 කට අඩු අගයක අනිවාර්යයෙන්ම ස්‌ථාවර වනු ඇතැයිද තමාගේ විශ්වාසය බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පවසයි. ඉකුත් සිකුරාදා වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.132 ද ඉක්‌මවා ගොස්‌ තිබිණි. මේ සිදුවන රුපියලේ පිරිහීම අනුව ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය කවර අගයක නවතීදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය ජයසුන්දර මහතා මේ බව කීවේය. දැනටමත් ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයන ඉල්ලුම අඩුවී අපේ විනිමය අනුපාතයට තිබෙන පීඩනය අඩුවනු ඇතැයිද ඒ තුළින් ඇමෙරිකානු ඩොලරයක අගය රු.125 ට අඩු අගයක ස්‌ථාවර වනු ඇතැයි තමාගේ බලවත් විශ්වාසය බවද මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අවධාරණය කරයි. (උපුටා ගැනීම  2012 මාර්තු 26දා දිවයි‍න පුවත්පතෙනි) දැන් මෙහෙම කියන්නේ ද ඒ පී. බී. ජයසුන්දර ම ය. වර්තමාන වෙළඳපල තත්වයන් සැලකීමේදී ඇමරිකානු ඩොලරයක් කිසිසේත්ම රුපියල් 150ක සීමාව ඉක්මවීමට කරුණක් නොමැති බවත්,

බලය රැක ගන්න අන්තවාදය

Image
බඩු මිළ කැරකි, කැරකී ඉහළ යමින් තිබේ. වැටුප් වැඩි කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැත. ආර්ථිකය වල පල්ලට යොමු වී තිබේ. අන්තෝ ජටා ය. ඒ කියන්නේ ඇතුළත ගැටලු ය.  බහි ජටා වන්නේ දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් හැකියාව නිසා ලංකාවේ දෙමළ ජනතාවගේ හිමිකම් පිළිබඳ ඇති වන ජාත්‍යන්තර අවධානයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවට යුද අපරාධ චෝදනා, මානව හිමිකම් චෝදනා, ප්‍රජාතන්ත්‍රවාදය නඟා සිටුවීමේ අවශ්‍යතාව ආදිය මත ඇති වන ජාත්‍යන්තර පීඩනයයි.  සකලවිධ දූෂණයේ යෙදීම නිසා තමන් තුළ ම ඇති වී තිබෙන බිය හේතුවෙන් රට කරගෙන යන්නට බැරි වුණත් වෙන කෙනෙකුට දෙන්නට ද හැකියාවක් නැත.  අන්තවාදයට නැඹුරු වීම මේ අවස්ථාවේ ආණ්ඩුවට ඇති එක ම විකල්පයයි. එය පාලකයන්ගේ අර්බුදයට තිරසාර විසඳුමක් නො වුණත් එයින් සිය ඉරණම දිනකින් හෝ දෙකකින් හෝ කල් දමා ගන්නට උත්සාහ කරන්නට පුළුවන. ‍ එහෙත්, ලෝකයේ අන්තවාදය සරණ ගිය කිසිදු පාලනයකට දීර්ඝායු තිබුණේ නැත. විශේෂයෙන් ම දුබල ආර්ථිකයන් මත පදනම් වන පවුල් පාලනයන්ට එමගින් දිගු කලක් සිය පාලනය තහවුරු කර ගන්නට ලැබී නැත.  අනෙක් පැත්තෙන් මේ අන්තවාදයන් ඍජුව හසුරුවන්නෝ ද උන්නතිකාමී සිහින ඇත්තෝ ය. පවත්නා පාලනය රැක ගන්නවා වෙනුවට අන්තව

ඊලියන්ත ලින්ඩ්සේ වයිට් නැවත කරළියට

Image
ඊනියා ජීවක ඊලියන්ත ලින්ඩ්සේ වයිට් නැවතත් කරළියට පැමිණ තිබේ. මෙවර ඔහු ආණ්ඩුව මෙන් ම විපක්ෂය ද අල්ලා ගෙන ඇත. මෙවර ඔහු පිළිබඳව පාර්ලිමේන්තුවේ කියැවුණේ දිවයින පුවත්පතට අනුව විකල්ප වෛද්‍ය ක්‍රමය නීත්‍යානුකූලව පිළිගැනීමේ වාදයකදී ය.  මේ ඊනියා වෛකල්පික වෛද්‍ය විද්‍යාව නීත්‍යානුකූල යයි පිළි ගන්නවා නම් නුදුරු අනාගතයේදී ලංකාවේ ඕනෑම මානසික රෝගියකුට, කපටියකුට වෛද්‍යවරයකු වන්නට හැකියාව ලැබෙනු ඇත.  ලංකාවේ වෛද්‍යවරු මෙන් ම වෛද්‍ය සභාව ද මෙම අවිද්‍යාවන්ට සිය නිහඬතාව තුළින් අනුබල දෙති.  මේ වනාහි අවිද්‍යාව, මිථ්‍යාව, මුග්ධකම හා දූෂණය ලංකාවේ රජ කරන සමයකි.  පහත දෙවැඩසටහන ඔස්සේ නෙත් ගුවන් විදුලියේ බැලුම්ගල වැඩසටහන මෙකී අවිද්‍යාවට එරෙහිව කළ සටනට සවන් දෙන්න. නෙත් එ‍ෆ්.එම්. මාධ්‍ය සටන් සගයන්ට අපේ ආචාරය! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සිංහල වෙනම රාජ්‍ය සංකල්පය පරදවමු! ලංකාව දිනවමු!

Image
අපූරු පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.  සිංහල ජාතික පෙරමුණ නම් පක්ෂයක ලේකම් බව කියන ජයන්ත ලියනගේ නමැත්තකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙන් දෙමළ, දෙමළ ජාතික හා ඊලාම් වැනි වදන් සිය නමෙහි භාවිතා කරන දේශපාලන පක්ෂ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගෙන කටයුතු කරන බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තිබේ.  අප සාකච්ඡා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති නඩුව ගැන නොව, මේ තර්කය ගැනයි.  කිසියම් දේශපාලන පක්ෂයක් සිංහල හෝ මුස්ලිම් යන වදන් සිය නමෙහි භාවිතා කරනවා නම් එම පක්ෂ ද ඒ අනුව වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා විය යුතු ය. මන්ද, ලංකාවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවිය නො හැකි අන්දමින් ම වෙන ම සිංහල හෝ මුස්ලිම් රාජ්‍යයක් ද පිහිටුවිය නො හැකි ය.  එම තර්කය අනුව ලංකාවේ වසන එක ම ජාතිය ලාංකික ජාතිය පමණි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ශ්‍රී ලංකාව වනාහි ශ්‍රී ලාංකික ජාතියේ දේශයයි. මෙම තර්කය අනුව, දේශපාලන පක්ෂයක් බව කියන සිංහල ජාතික පෙරමුණ ද, ජාතික හෙළ උරුමය ද, මුස්ලිම් කොංග්‍රසය ද, තවත් එවැනි පක්ෂ ද සිංහල හා මුස්ලිම් වෙන ම රාජ්‍ය පිහිටුවීම අරමුණු කර ගත් ඒවා ය.  ඇත්තෙන් ම, ලංකාවේ මූලික ප්‍රශ්නය

සමාජවාදී සමානතා පක්ෂයේ වෙබ් අඩවියේ වාම විහිළු

Image
ලංකාවේ වාමාංශික පෙරටුගාමී පක්ෂවලට තමන් හැර අන් සියල්ලෝ ම ද්‍රෝහියෝ ය.  විශේෂයෙන් ම සෙසු වාමාංශික පක්ෂවල සිටින්නෝ සියල්ලෝ ම ධනවාදයට යටත් වූවෝ ය.  එහෙත්, මේ රටේ සිටින දූෂිත ම කොටස වන ජනතාව මොවුන්ට අහිංසක බබ්බු ය. ඒ බබ්බු මේ අයගේ දාර්ශනික ඩෝස් එක ගිල්ලා ම දැනුවත් වී, සංවිධානගත වී විප්ලවය කර, මේ පෙරටුගාමී පක්ෂවල දන්න කට්ටිය රටේ ජනාධිපති, අගමැති, ඇමති, මන්ත්‍රී ආදීන් බවට පත් කරනවා ය.  අප මෙහි දක්වන සබඳතා පුරුක ඔස්සේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පිවිස එම ලිපියේ භාෂාව රස විඳින්න. විජේ ඩයස්ගේ පක්ෂයට සිරිතුංග ජයසූරියගේ එක්සත් සමාජවාදී පක්ෂය  ex-lefts  ය. වික්‍රමබාහු කරුණාරත්නගේ නව සමසමාජ පක්ෂය  another ex-radical group  එකකි.  මේ කියන හිටපු වාමාංශිකයන්ට සමාජවාදී සමානතා පක්ෂය ගැන කතා කරන්නට කීවොත් ඔවුන් කියන්නේ ද මෙවැනි ම කතා ය.  සමාජවාදී සමානතා පක්ෂයට අනුව ඒවායේ නායකයන් වන Si ritunga Jayasuriya and Wickremabahu Karunaratna, share platforms at their protests and function as cheerleaders for these parties.   මේ සමාජවාදී සමානතා පක්ෂය සිය වාමාංශික පතිවත උපරිමයෙන් ආරක්ෂා කරගෙන සිටින පක්ෂයකි.

එළවළු අද කුණු ගොඩට හෙට අධි මිළට; කාපිය පොළොස්!

Image
මේ රටේ රජයක් නැති බව පෙන්වන පැහැදිලි ස්ථානයකි, දඹුල්ල. එක පැත්තකින් ආගමික චන්ඩීන් ආගමික සුළුතරයන්ගේ ආගම් ඇදහීමේ නිදහසට බාධා කරන, දේශපාලකයන් ද මේ චන්ඩීන් හමුවේ දැපනෙ වැටෙන මේ නගරයේ අනෙක් පැත්තෙන් ගොවීන්ගේ එළවළු නිෂ්පාදන පොහොර වෙමින් තිබෙනු දැකිය හැකි ය. ඒ පොහොර වෙමින් ඇත්තේ රටින් ගෙනා පොහොර හා කෘමි නාශක ආදිය දමා වැවූ එළවළු බව මතක තබා ගැනීම හොඳ ය. දඹුල්ලට එළවළු රැගෙන එන ගොවියන්ට සිය නිෂ්පාදන විකුණා ගත නො හැකි බැවින් ඔවුහු ඒවා එහි දමා යති. ඔවුන්ට ආදායම අහිමි වී ඇත. එපමණක් නො ව, එළවළු වැවීම සඳහා ප්‍රාග්ධනය ද අහිමි වී ඇත. මෙහි විපාක නුදුරු අනාගතයේදී ම විඳින්නට මේ රටේ පාරිභෝගිකයන්ට සිදු වනු ඇත. තත්වය මෙසේ වුණත්, සිල්ලර එළවළු ලෑල්ලේ කිසිදු එළවළු කිලෝවක් රු. 60ට අඩුවෙන් නැත. එළවළු ලෑලැවල අලුත් එළවළු හිඟයක් ද ඇති අතර ඈත පළාත්වලින් එළවළු ගෙන එන්නට දඹුල්ලට යන වෙළෙන්දන් ගොවීන් විසින් දමා ගොස් ඇති කුණු එළවළු නො මිළේ ම රැගෙන විත් විකුණන බවට සැක මතු වේ. මේ අතර සිල්ලර වෙළෙන්දෝ පවසන්නේ අලුත් අවුරුද්දෙන් පසු පාරිභෝගිකයන් අත මුදල් නැති නිසා එළවළු ඉල්ලුම අඩ් වී ඇති බවයි. දැන් මෙතැන ඇති ප්‍රශ්න

වමේ මාර නවෝදයට අපේ සුබපැතුම්!

Image
බැලූ බැල්මට වමේ මාර නවෝදයක් ඇති වී තිබේ.  වාමාංශිකයෝ යළි එක්සත් වෙමින් සිටිති. පසුගිය කාලයේ බිංදුවට බැස තිබුණු වාමාංශිකයන්ගේ සන්ධ්‍යා කාලීන ගැඹුරු දේශපාලන සාකච්ඡා යළි පණ ගැන්වෙමින් තිබේ. මේ වන විට විදේශ රටවල දේශපාලන රැකවරණ ලැබ සිටින රැඩිකල් ම වාමාංශික දෙවිවරු ද උඩ සිට මේවාට පිරිත් පැන් හෙළනවා ඇත.  බාහු සමග ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇති සිරිතුංග ද, සිරිතුංග සමග ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇති මහින්ද දේවගේ ද ආදී වශයෙන් ලොකු ලොකු සංවිධාන නම්වලින් පෙනී සිටින විවිධ තනි තනි වැනි පුද්ගලයෝ ඒකරාශීව පුවත්පත් සාකච්ඡා පවත්වමින්, මැයි දිනයට සූදානම් වෙමින් සිටිති.  මෙයට ප්‍රධාන හේතුව, ජවිපෙන් කැඩුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂය දක්වන වාම නැඹුරුවයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සෙබළු නැති සෙන්පතියන්ට සෙබළ මුළක් පිටුපසින් බලමුළු ගන්වා දීමට සමත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. එසේ ම, සිය ඊනියා ප්‍රතිපත්ති රැක ගනිමින් වාම පක්ෂ නායකයන් ලෙස රතු තොප්පි දමාගෙන මහජන නියෝජිත සභා නියෝජනය කිරීමට ඇතැමුන්ට ඇති නො තිත් ආශාව සපුරා ගන්නටත් මොකක් හෝ පොටක් පෑදේවා යි අපි පතමු.  විශේෂයෙන් ම ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර තර

මුදල් වෙනුවෙන් ක්‍රිකට් ගහන ලසිත් මාලිංගට අපේ ආචාරය!

Image
බලන්න, මේ අයගේ අදහස් අතර පරතරය! "පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බ කිරීමේ වැරැද්ද මොකක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මොකවත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි, මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා. කව්රුහරි නිකම් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්." - ලසිත් මාලිංග   බොරු වීරයන්ගේ රට, ජාතිය ගැන ව්‍යාජ කතා වෙනුවට ඇත්ත කතා කළ ලසිත් මාලිංග ඔබට අපේ ආචාරය!   මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස

Image
ආණ්ඩුව නැවතත් උදුල් ප්‍රේමරත්න පසුපස ය. බොරැල්ල පොලිසිය ඔහු වනාතමුල්ලේ පොලිස් මෙහෙයුමට එරෙහි විරෝධය පසුපස සිටියේ යයි පවසමින් ඔහු අත් අඩංගුවට ගන්නට වරෙන්තුවක් ඉල්ලුවත්, අධිකරණය පැවසුවේ ඔහු වරදක් කර ඇත්නම් අත් අඩංගුවට ගැනීමට පොලිසියට පුළුවන් නිසා වරෙන්තුවක් අවශ්‍ය නො වන බවයි.  උදුල් ප්‍රේමරත්න මෙම මිලිටරි විලාසී සර්ව රාත්‍රික පොලිස් මෙහෙයුමේදී සාමූහිකව අත්අඩංගුවට පත් වූ ලුම්පන් නිර්ධනයන් වෙනුවෙන් මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන්නට කටයුතු කළ බව වාර්තා වේ.  කලින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ඔහු ක්‍රියාකාරී වූ සමයේ ආණ්ඩුව ඔහු පසුපස ලුහුබඳිමින් ඔහු දැඩි පීඩනයකට ලක් කළේ ය. අවසානයේදී එවකට ඔහුට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණ ඔහු අඩුවෙන් අවධානයට ලක් වන තනතුරක් වෙත මාරු කළේ ය.  ජවිපෙන් වෙන් වූ පිරිස් ජන අරගල ව්‍යාපාරය බිහි කර ගත් පසු උදුල් ප්‍රේමරත්න නැවතත් ක්‍රියාධරයකු ලෙස අවධානයට ලක් වන්නට වූයේ ය. විශේෂයෙන් ජාතික ප්‍රශ්නය සම්බන්ධ දේශපාලනයේදී ඔහු කැපී පෙනුණේ ය.  වෙනත් බොහෝ වාම ක්‍රියාධරයන් තුළ දක්නට නො ලැබෙන අව්‍යාජත්වයක් උදුල් ප්‍රේමරත්න තුළින් ප්‍ර

රජය විසින් රජය බුල්ඩොසර් කරමින් තිබේ

Image
මේ ආණ්ඩුව අපූරු ආණ්ඩුවකි. එහි සුපිරි අංශ තිබේ. එම සුපිරි අංශවල සිටින සුපර්මෑන්ලා සුපිරි නො වන අංශවලට සලකන්නේ ඒ අංශවල අය මහජනතාවට සලකන ආකාරයටයි.  හොඳම උදාහරණය කොළඹ කොටුවේ හදන්නට යන (මහින්ද රාජපක්ෂ) නෙළුම් කුළුණට ඉඩ ගැනීම සඳහා පසුගිය 20දා තැපැල් දෙපාර්තමේන්තුවේ දේශීය පාර්සල් අංශය ඉවත් කර ඇති අන්දමයි.  ඉවත් කර ගන්නැයි දැනුම් දී තිබුණත්, ඉවත් කර නො ගත් නිසා රුපියල් කෝටියකට වඩා වටිනා මහජන මුදලින් මිළ දී ගත් තැපැල් සේවා අමාත්‍යංශයට අයත් පරිගණක,කාර්යාල උපකරණ ආදිය සමග ම ගොඩනැඟිල්ල කඩා ඉවත් කර තිබේ. එම භාණ්ඩ භාර නිලධාරීහු ද කිසිත් නො කර නිකම් සිට ඇත.  රජය රජයේ දේපල බුල්ඩෝසර් කරද්දී ඒවා ඉස්සරහට පනින්න කාටවත් අමාරුවක් තියේවියැ.  හැබැයි අපි නම් හිතන්නෙ මේවා දේශපාලනික සංකේතාත්මක ක්‍රියා. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හම්බන්තොට බේරා ගන්නට වාහනවලට වැඩියෙන් ගෙවමු

Image
ලංකාවේ ආණ්ඩුව හම්බන්තොට වරායක් හැදුවේ ය. ඒ හැදුවේ වලේ ගල් කඩන්නට පෙර වතුර පුරවා බව දැන් කවුරුත් දනිති. වරාය හදන්න හා ඉන් පසු වතුරට යට වූ ගල් කඩන්නට වැය කළේ මහජන මුදල් ය.  දැන් වරායට ඇති ලොකු ම ගැටලුව නැව් නො එන එක ය. ඒ නිසා මැයි 31 සිට වාහන නැව් හම්බන්තොටට තල්ලු කිරීමට ආණ්ඩුව නීතියක් පනවා ඇත. හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ කොළඹ වාහන ගබඩා කරන්නට ඉඩ නැතිකම ය. එය බොරු හේතුවකි. වාහන ආනයනකරුවෝ ඉක්මණින් වාහන ඉවත් කර ගන්නා අතර, බදු වැඩි කිරීම නිසා දැනට නම් වාහන ආනයනය බෙහෙවින් අඩු වී තිබේ.  වාහන හම්බන්තොටින් ගොඩ බා, ඒවා වාහන ප්‍රවාහන රථවලින් කොළඹට ගෙන එන්නට සිදු වීම නිසා තමන් ගෙන්වන වාහනයකට අමතර රු. 25,000ක මිලක් එකතු වන බව  මරුති හා සුසුකි නියෝජිතයන් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම පවසයි.  මේ හම්බන්තොට බේරා ගැනීම වෙනුවෙන් වැය කරන අමතර ඉන්ධන නිසා ය. වාහන ආනයනය සීමා කළේ ඉන්ධන පරිභෝජනය අවම කරන්නට යයි ද කියැවේ.  හතර බීරි කතා හා වලිගය විසින් බල්ලා සෙලවීම සිහිපත් වන්නේ මෙවැනි දේ නිසා ය. තවත් විස්තර මෙතැනින් මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

බෞද්ධ කොඩියෙන් රේස් අරඹන අබුද්දස්ස කාලය

Image
උතුම් සම්බුද්ධ දේශනාවත්, අද ලංකාවේ භාවිතා වන සිංහල බුදු දහමත් අතර සම්බන්ධයක් ඇත්තේ ම නැති තරම් ය.  දඹුල්ලේ ඉඩම් හිමි රදළයෙකු හා ධනේශ්වර සංචාරක ව්‍යාපාරයක හිමිකරුවකු වන භික්ෂුවකගේ නායකත්වයෙන් දඹුල්ලේ සුළුතර මුස්ලිම් ප්‍රජාවගේ පල්ලියකට හා ආගම් ඇදහීමේ නිදහසට අතවර සිදු වූ බව අද වන විට ලොව පුරා ම ප්‍රචලිත වී ඇත.  මේවාට එරෙහිව කතා කරන විට ස්වෝත්තමවාදීන් විසින් මතු කරනු ලබන තර්කයක් වන්නේ අරාබියේ එහෙම පුළුවන් ද, අරෙහෙ පුළුවන් ද, මෙහෙ පුළුවන් ද වැනි තර්කයි. මේවා අපට අදාළ නැත. අප පෙනී සිටින්නේ පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙනි.  අද වන විට, සිංහල බෞද්ධ අන්තවාදය රටට මහා පිළලයක් වී හමාර ය. එය ලෝකයට ද පිළලයක් ‍වීම ආරම්භ වී තිබේ. සිංහල බෞද්ධ අන්තවාදය පැහැදිලිවම ත්‍රස්තවාදයකි. වඩා නිවැරදිව කියන්නේ නම් අර්ධ රාජ්‍ය ත්‍රස්තවාදයකි.  අවිහිංසාවාදය, සාමය හා සහජීවනය ආත්ම කර ගත් දහමක් ලොවට දෙසූ උතුම් බුදුන්ගේ නාමයට මෙම බොරු බෞද්ධයන් කරන අවමානයට සැබෑ බෞද්ධයෝ විරුද්ධ විය යුතු ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රේමකුමාර් ගුනරත්නම්, ඩී.බී.එස්. ජෙයරාජ් හා මහරාජා

Image
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරික ප්‍රේමකුමාර් ගුනරත්නම් ගැන නිව්ස් ෆස්ට් වෙබ් අඩවිය සඳහා ඩී.බී.එස්. ජෙයරාජ් විසින් ලිපියක් ලියන ලදී. ( කියවන්න ) එම ලිපිය ප්‍රේමකුමාර් ගැන කරුණු රැසකින් සමන්විත ය. විශේෂයෙන් ම ඔහු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේදී ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරිකයතු ලෙස ඉන්දියන් හමුදාවට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර ගැන එහි විස්තර කර තිබේ. කටින් පමණක් ඉන්දියාවට එරෙහිව සටන් කරමින් සිටි ජවිපෙ ඇත්තෙන් ම ඉන්දියන් හමුදාව සමග අභිමුඛ කරවන පුද්ගලයා ලෙස ප්‍රේමකුමාර් ගුනරත්නම් හඳුන්වන ජෙයරාජ් ඔහු වීරත්වයට නගන බව පෙනේ. ප්‍රේමකුමාර්ගේ ක්‍රියාකාරකම් ත්‍රස්තවාදයට වඩා ගරිල්ලා සටන් බව ජෙයරාජ් කියයි. එසේ ම, මෙසමයේදී ම ජවිපෙ නායකයන් ඉන්දියාව සමග රහස් සම්බන්ධකම් ඇති කර ගනිමින් ප්‍රේමකුමාර්ගේ ක්‍රියාකාරකම් නතර කිරීමට අණ කරන බව ද එහි සඳහන් වේ. පසු කලෙක සෝමවංශ අමරසිංහ ඉන්දියාව හරහා රටින් පළා ගියේ රෝ සංවිධානයේ උදව්වෙන් බව ප්‍රකට කරුණකි. අමරසිංහ කිසි දිනෙක මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කර නැත. ප්‍රේමකුමාර්ගේ එදා ක්‍රියාකාරකම් ගැන අද පරීක්ෂණ කරනවා නම්, එදා ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවං

මධ්‍යම මට්ටමේ රජයේ සේවකයන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රයට තට්ටු වෙයි ද?

Image
කන්නට ඕනෑ වුණා ම කබරගොයා වුණත් තලගොයා කර ගැනීම මේ රටේ සාමාන්‍ය තත්වයකි. දැන් ආණ්ඩුවට මධ්‍යම මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට දෙන තීරු බදු රහිත වාහන පර්මිට් එක කන්නට ආසාවක් ඇති වී තිබේ. එහෙත්, එසේ කරනු ඇත්තේ දේශපාලකයන්ට හා ඉහළ ම රාජ්‍ය නිලධාරීන්ට දෙන බලපත්‍ර රැක ගන්නා ගමන් ය.  අද දිනමිණට මුල් පුවත වී ඇති කතාව ලංකාවේ ඕනෑම කෙනෙක් වසර බොහෝ ගණනක් තිස්සේ සිට දන්නා සාමාන්‍ය කාරණයකි.  විජයානි එදිරිසිංහ අද දිනමිණට එය ලියා ඇත්තේ හරියට මාර ගවේෂණාත්මක ප්‍රවෘත්තියක් සේ ය. කියවා බලන්න.  බලපත්‍රයක් ලක්‍ෂ 7-10 අතර මිලකට රජයේ නිලධාරීන්ට ලබාදෙන ‘කාර් පර්මිට්’ ජාවාරමක් ඇතැම් වාහන ආනයනකරුවෝ ජාවාරම පිටුපස විජයානි එදිරිසිංහ රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට සුවිශේෂී වරප්‍රසාදයක් වශයෙන් තීරු බදු සහන යටතේ මෝටර් රථ ගෙන්වීමට ලබා දෙන බලපත්‍රය සහ එමඟින් ගෙන්වූ වාහන දෙවැනි පාර්ශ්වයකට විකිණීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව හෙළි වී තිබේ. මෙම බලපත්‍රය මිලදී ගැනීම සඳහා මහා පරිමාණ වාහන ආනයනකරුවන් විසින් වෙනම බ්‍රෝකර්වරුන් පවා යොදවා තිබේ. මෙම බලපත්‍රයක් රුපියල් ලක්‍ෂ 7 සිට 10 දක්වා වූ මිල ගණන්වලට අලෙවි කරන බව

වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන

Image
ලංකාවේ මිනිහෙක් මැරෙන්න අකැමැති ම විධිය හෙණ ගහලායි.  වයස අවුරුදු විස්සක් විතර වූ මදාවි කාලෙ එක දවසක් මම හෙණ ගහද්දී බයිසිකලයක් පැදගෙන පාරේ ගියා. කන්දක් මුදුනෙදි දඩාං ගෑවා. මගේ ඇඟට උණු වතුර වැටෙනවා වගේ දැනුණා. මං හිතුවෙ කවුරුහරි මට වෙඩි තිබ්බා කියලයි. මම දිගට ම බයිසිකලේ පැද්දා. වූ දේ තේරුණේ ටිකක් දුර ගියාමයි.  එදා හෙණ නො වැදුණ මං ඊට බොහෝ කාලෙකට පස්සෙ අනුරාධපුරේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ගෙදරදි අපේ ඉස්සරහ ම මහ ගහකට හෙණ වැදිලා ගිනි ඇවිලිලා නිවිලාත් යනවා දැක්කා. මම හිතන්නෙ විනාඩියක් විතර ඇතුළත හෙණ කීපයක් ඒ ගහට වැදුණා. ඒක හරියට නපුරු හීනයක් වගේ. ඒ වෙලාවෙ ජයතිලක බංඩාරත් තවත් අපේ මිතුරෝ කීප දෙනෙකුත් එතැන හිටියා.  අවුරුදු තුන හතරකට කලින් දවසක් අවුරුදු නිවාඩුවකට පසුව ගෙදර ඇවිත් පරිගණකය ක්‍රියා කරවා ගත්තා. වැස්සක ලකුණක්වත් තිබුණෙ නැහැ. දරාං ගාලා මහ අකුණක් ගැහුවා රවුටරෙත්, පරිගණකේ බල සැපයුමත් ඉවරයි. ඒති මං ඉතිරි වුණා.  මේ වන විට, අකුණු මගේ රවුටර් තුන හතරකට වග කියලා තිබෙනවා. අකුණු ගහනකොට පරිගණකය භාවිතා කිරීම අනතුරුදායක ක්‍රියාවක්. ඒත්, මම මේ වැඩේ හරියට කරනවා. සමහර විට මම මැරෙන්නේ එහෙම වෙන්න

වෛද්‍යවරුන්ට ප්‍රවාහන දීමනා; සෙසු රජයේ සේවකයන්ට බදු

Image
රජයේ වෛද්‍ය නිලධාරීන්ට රු. 29,000ක ප්‍රවාහන දීමනාවක් ගෙවීමට රජය එකඟ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කලින් ඔවුන්ට රු. 15,000ක ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබූ අතර එය රු. 14,000කින් වැඩි කර තිබේ. ඒ ඔවුන්ට ලබා දෙන තීරු බදු රහිත මෝටර් රථවලින්  වැඩට එන්නට ය. සෙසු රජයේ සේවකයෝ ආයතන තුළ පදිංචි වූ අය නො වෙති. ඔවුහු ද බස්වල, කෝච්චිවල, මෝටර් සයිකල්වල, කාර්වල වැඩට එන්නෝ වෙති. පහළ පංතික රජයේ සේවකයන් පාවිච්චි කරන මෝටර් සයිකල් හා කාර් ආදියේ මිළ පසුගිය දිනවල අධික ලෙස ඉහළ ගිය බව කවුරුත් දනිති.  වෛද්‍යවරුන්ට ලබා දීමට එකඟ වී ඇති ප්‍රවාහන දීමනා වැඩි කිරීම රජයේ සේවකයන්ගේ ආරම්භක මූලික වැටුපට වඩා වැඩි බව ගුරු සංගම් පෙන්වා දෙති. මෙවැනි තෝරා ගත් රජයේ සේවකයන්ට පමණක් ඉහළ වැටුප් වැඩිවීම් හා වරප්‍රසාද ලබා දීමට රජය කටයුතු කරන්නේ ඇයි ද යන්න අපගේ විමසීමට ලක් විය යුතු ය.  තමන්ගේ වෘත්තීය ශක්තිය නිසා හා තමන් ඉතා වැදගත්, අත්‍යවශ්‍ය සේවාවක් නිසා තමන්ට මෙවැනි අවස්ථාවත් හිමි වන බව ඇතැම් වෛද්‍යවරු සිතති. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන තමන් සටන් නො කරන්නේ මන්දැයි ඔවුහු සෙසු රජයේ සේවකයන්ගෙන් අසති. එහෙත්,

පරණ වාහන නො ගෙන්වන ලංකාවේ පිටරටුන්ගේ පරණ ඇඳුම් අඳින දුප්පත් මිනිස්සු

Image
ලංකාව අපූරු රටකි.  මේ රටට පැරණි වාහන ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු අලුත් ම නීති රීති මෙසේ ය.  ඊයේ ජනාධිපතිතුමා වාහන ආනයනකරුවන් සමග සාකච්ඡා කර එළඹෙන ලද තීරණ අනුව පාවිච්චි කරන ලද වාණිජ්‍ය වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත. ලංකාව ආඩම්බරකාර රටකි. පරණ වාහන ගෙන්වන්නේ නැත්තේ ඒ නිසා ය. ඇටමැස්සා නම් කියන්නේ මේ ඉන්දියාවට කෙළවීමට ගත් තීරණයක් ය කියා ය. කියවන්න එහෙත්, රෙදිපිලි සම්බන්ධයෙන් එහෙම නැත. පසුගිය අලුත් අවුරුදු සමයේ නිරීක්ෂණය කරන්නට ලැබුණු කරුණක් වූයේ මේ වන විට ලංකාව නැවතත් විශාල වශයෙන් පිටරටවලින් පරණ ඇඳුම් ආනයනය කරන බවයි. බරට පමණක් බදු ගෙවා ආනයනය කරනු ලබන මේ රෙදි අද වන විට මග දෙපස, පදික වේදිකාවල, කඩවල හා සාප්පුවල ද විශාල වශයෙන් විකිණේ. ලංකාව දරිද්‍රතාවේ කිමිදුණු 1970 දශකයේදී ද මෙම සංසිද්ධිය දකින්නට ලැබිණි. එම කාලයේදී ඒවාට කීවේ බේල් කියා ය. ඇත්ත වශයෙන්ම බේල් (bale) කියන්නේ සම්පීඩනය කර තදින් බඳිනු ලබන මිටිවලට ය. මේ රෙදි නැව් මගින් ලංකාවට ගෙන එන්නේ ඒ අන්දමි

සුබ නව වසරක්!

Image
අපි යනවා නිලා පත්තු කරන්න සුබ නව වසරක්! හමු වෙමු නැවතත් අප්‍රේල් 17 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මං ලියන්නේ අහවල් පිස්සුවට ද? | Why W3Lanka writer writing

Image
සිංහල සංස්කෘතිය අනුව වසරක් ගෙවී වසරක් උදා වෙමින් තිබේ. මම අඩුවෙන් සිංහලයෙක් ද වැඩියෙන් ලෝකවාසී මනුෂ්‍යයකු ද වීමට උත්සාහ කරන පුද්ගලයෙකි. මමත් මගේ බිරිඳත් නැකැත්, ජ්‍යොතිෂය ආදිය පිළි ගන්නේ නැත. එහෙත්, අපේ දරුවන්ට ලැබිය යුතු සංස්කෘතික උරුමය මව්පියන්ගේ මති මතාන්තර නිසා වැළැක්විය යුතු නැතැයි සිතන නිසා අපි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරන්නෙමු. කොහොමත්, මම මෙවැනි අවස්ථාවලට කැමැත්තෙමි. ජීවිතය නිතර, නිතර අලුතින් පටන් ගන්නට අධිෂ්ඨාන කිරීම මානසිකව හොඳ දෙයකි. ඒ නිසා, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අලුතින් ජීවිතය පටන් ගන්නේ කෙසේදැයි මම සිතමි. මේ වෙනදා මෙන් උපහාසාත්මක ලිවිමක් යැයි වරදවා වටහා නො ගන්න මම දැන් කොළඹ කව දේශපාලනය සමග කිසිදු සම්බන්ධයක් නැත. අප ජීවත් වන ගම්වල ඔය වමවල් නැත. පෙරටුගාමියෝ නම් සිටිති. ජන අරගල ව්‍යාපාරය හැදූ කාලයේ ඔවුන්ගෙන් අපට ද ආරාධනාවක් ලැබිණි. දැන් ඔවුන් ජන අරගල ව්‍යාපාරය අත්හැර දමා ඇති බවක් පෙනේ. ඔවුන් දැන් පක්ෂයක් නොවැ. අප දන්නා පරිදි වාම පෙරටුගාමීන් ය කියන්නේ අනෙක් අයට අපි පස්සෙන් වරෙව් ය කියා කියන අයියලා පිරිසකි.  අප වැනි කාගේවත් පිටුපසින් ද නො යන, කාටවත් අපේ ප

සුනාමිය අවා නම්..........

ලංකාවේ වෙරළබඩ ජනතාව ඊයේ සිය ජීවිතයේ තීරණාත්මක දවසක් පසු කළේ ය. ඔවුන්ගේ වාසනාවට සුනාමිය නො ආවේ ය. මේ අතර, තවත් සුනාමියක් එනු ඇතැයි බලාපොරොත්තු සහිතව සිටි අය ද සිටින්නට ඇත. ඒ වනාහි 2004 සුනාමියෙන් පසු විදෙස් රටවලින් ලැබුණු පුණ්‍යාධාර ගසා කෑ කටිටියයි.  ඇතැම් රාජ්‍ය නො වන සංවිධාන ජාවාරම්කාරයන් පරම්පරා හතකට සුනාමියෙන් මුදල් උපයා ගත් හ. 2004 සුනාමියෙන් පසු ලංකාවට ලැබුණු ඩොලර් ආධාර නිසා රුපියලේ අගය පවා ඉහළ ගියේ ය. විදේශ ණය සඳහා දුන් සහන කාලයන් වැනි සුනාමි සහන ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට මහත් පිටිවහලක් විය.  මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩුවට ද කුමන අන්දමින් හෝ විදේශ විනිමය අවශ්‍ය වී ඇත. ලංකාවේ ආණ්ඩුව විදේශ විනිමය උදුරා ගැනීමට පවා සූදානම් බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ආ බාමි ආමි එක දැක ටෙස්ට් ක්‍රිකට් තරගයේ ටිකට් මිළ නැංවූ අන්දමින් පෙනේ.  කොහොම වුණත්, සුනාමිය නො ආ නිසා ලංකාවේ මුහුදුබඩ දිළින්දන් පිරිසක් අමාරුවෙන් ගොඩනඟා ගත් දේපල ආරක්ෂා විය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පෙරටුගාමීන් හමුවේ ඇති ගුනරත්නම් අභියෝගය

Image
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආරම්භ කළ සැණින් ඔවුන් හමුවේ තියුණු අභියෝගයක් ඇත. ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාමේ සිද්ධියේ පසු ජවනිකාවලදී ඔවුන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න මෙහිදී වැදගත් ය.  ප්‍රේමකුමාර් ගුනරත්නම් පැහැරගෙන යාම ප්‍රසිද්ධිය ලබා ගැනීම සඳහා එම පක්ෂය විසින් ම කරන ලද්දකැයි දැන් ආණ්ඩුව කියයි. ප්‍රේමකුමාර් විවිධ නම්වලින් පෙනී සිටීම හා ගුප්ත චරිතයක් වීම ද, ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීම ද ආණ්ඩුවට වාසිදායක වී තිබේ. ඔහු විශ්වාසදායක පුද්ගලයකු නො වන බව ආණ්ඩුවේ ප්‍රකාහනයයි.  එහෙත්, දිමුතු ආටිගල සම්බන්ධයෙන් එකී කාරණා අදාළ නැත. එහෙත්, ප්‍රේමතුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබ දින කීපයකට පසුව නිදහස් කරන්නට සිදු වීම එය කළ අයගේ පරාජයක් බව නිසැක ය. එපමණක් නොව, එය වනාහි එක්තරා අතේ පත්තු වීමකි. මෙම අපවාදයෙන් ගැලවීම පිණිස ඔවුන්ට පිහිටට ඇත්තේ ලජ්ජා නැතිකම පමණි.  රට තුළ කුමන පුරසාරම් දෙඩුවත් මෙම සිද්ධිය මගින් ලංකාවේ ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් ඇති වන කැළල  නො මැකෙන එකකි.  මෙම සිද්ධිය දේශපාලනික ලෙස ආයෝජනය කිරීමේ පරිණතබවක් පෙරටුගාමී සමා

පැහැර ගත්තේ නිල හා නිල නො වන මර්දන අංශ එකතුවකින් බව දිමුතු ආටිගල කියයි

Image
දිමුතු ආටිගල පැහැරගෙන ගොස් තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන නිල හා නිල නො වන මර්දන යන්ත්‍රවල ක්‍රියාකාරිත්වයේ පියවරක් ලෙස බව දිමුතු ආටිගල අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසුවා ය. ඇය පවසන්නේ පැහැර ගත් අැය රඳවාගෙන සිටි ස්ථාන හමුදා හෝ පොලිස් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව ඇයට වැටහුණු බවයි. පැහැර ගැනීම සිදු වුණ අවස්ථාවේ නිල් පාට නිල ඇඳුම් ඇඳ සිටි දෙදෙනෙකු දුටු බව ද ඇය පවසයි. ඇය කියන පරිදි අකරමගදී දෙදෙනෙකු එම වාහනයෙන් බැස ගොස් ඇත. ඔවුන් ජවිපෙට පක්ෂව කතා කර ඇති අතර, ‘උඹට මෙ‍හෙම වෙන්නෙ ජවිපෙන් වෙන් වුණ පවට යැයි ‘ඔවුන් පවසා ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සන්නද්ධ අංශයක් ඇද්ද, දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙනවාද ආදී කරුණු පිළිබඳව ඔවුහු දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. ඇගේ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙතැනින් කියවන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රේමකුමාර් ගුනරත්නම් නාටකයේ අත්දැකීම්

ප්‍රේමකුමාර් ගුනරත්නම් සිද්ධියෙන් ශ්‍රී ලාංකිකයන්ට පහත සඳහන් පාඩම් උගත හැකි ය. ශ්‍රී ලාංකිකයන්ට මානව හිමිකම් නැතත් ඕස්ට්‍රේලියානුවන්ට මානව හිමිකම් ඇත.  ඔස්ට්‍රේලියානුවන්ගේ මානව හිමිකම්වලට ලංකාවේ රජය ද ගරු කරයි. ඒ අනුව, ඔවුන් ලංකාවේදී අතුරුදහන් වන්නේ නැත.  පෙර පිනට ලෝකෙන් උතුම් රටේ උපදින ශ්‍රී ලාංකිකයන්ට ද මානව හිමිකම් භුක්ති විඳීමට අවශ්‍ය නම් කුමන අන්දමකින් හෝ ඕස්ට්‍රේලියාව වැනි පාලනයක් සහිත රටකට සංක්‍රමණය විය යුතු ය.  ඕස්ට්‍රේලියාව වැනි බටහිර යුදෙව් ක්‍රිස්තියානි රටවල් ලංකාව වැනි ශ්‍රේෂ්ඨ රටවලදී පවා තමන්ගේ පුරවැසියන් ගැන සොයා බලති.  ලංකාවේ දිමුතු ආටිගල වැනි සාමාන්‍ය ජනයාට පැහැර ගැනීමට ලක්ව ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය නම් ඔස්ට්‍රේලියානු පුරවැසියකු සමග පැහැර ගැනීමට ලක් විය යුතු ය.  ඉන් පසු ඒ පැහැර ගැනීම නිසා තවත් පිරිසකට ද ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ලබා ගත හැකි වීම පැහැර ගැනීමක ඇති හොඳ පැත්තයි.  ඕනෑම කළු වළාවක රිදී රේඛාවක් තිබේ.  ඕස්ට්‍රේලියාවට යන බෝට්ටු ද තිබේ.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රෙමකුමාර් ගුනරත්නම්, මුදලිගේ නොවෙල් වීම අතුරුදහන් කිරීමට තරම් දෙයක් ද?

Image
ප්‍රේමකුමාර් ගුනරත්නම් ලංකාවට පැමිණ ඇත්තේ මුදලිගේ නොවෙල් නමින් ගමන් බලපත්‍රයකින් බව ඔස්ට්‍රේලියානු රජය ලංකාවේ රජයට දැනුම් දී ඇතැයි විමල් වීරවංශට අයත් ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ වාර්තා වී තිබේ.  ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ලංකාවේ දේශපාලනය කළ නො හැකි බව ආරක්ෂක ලේකම්වරයා පවසයි. එසේ පවසන ඔහු ද ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය තිබුණු අයෙකි. ලංකාවේ දේශපාලනයට සම්බන්ධ චරිතයක් වන පාලිත කොහොන ද ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුව සිටියේ ය.  ප්‍රෙමකුමාර් ගුනරත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සාධාරණ ය. මන්ද, ඔහු ලංකාවේ මෙන් ම ඕස්ට්‍රේලියාවේ ද ආගමන, විගමන නීති උල්ලංඝනය කර තිබේ. ඒ වෙනුවෙන් ඔහුට සිර දඬුවම් විඳින්නට සිදු වනු ඇත.  නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් ද ආගමන, විගමන නීති උල්ලංඝනය කිරීම නිසා බ්‍රිතාන්‍යෙය්දී අත්අඩංගුවට පත්ව දඬුවම් ලැබුවේ ය.  මන්ත්‍රී තිලංග සුමතිපාල ද සමාන චෝදනාවකට ලංකාවේ අධිකරණයෙන් දඬුවම් ලැබ පසුව නිදහස ලැබුවේ ය. ප්‍රේමකුමාර් ගුනරත්නම් අතුරුදහන් කරන්නට තරම් හේතුවක් මේ ආගමන, විගමන නීති උල්ලංඝනය කිරීම තුළ නැත. අනෙක් පැත්තෙන් මේ කිසිවක් දිමුතු ආටිගලට අදාළ නැත.