සෑම වැසියන් තිදෙනෙකුගෙන් ම එක්කෙනෙක් අන්ත දිළින්දන් වන මොනරාගල පැවැත්වෙන දැයට කිරුළ සැණකෙළිය

(2011 ජනවාරි 30, W3Lankaබඩු මිළ අහස උසට ගොසිනි. දුප්පත්තු බඩගින්නේ ය.


එහෙත්, ආණ්ඩුව සැරසෙමින් සිටින්නේ මහා සංදර්ශනයකටයි.


ඒ පෙබරවාරි 4දා දිවයිනේ දිළිඳු ම දිස්ත්‍රික්කයක් වන මොනරාගලදී ආරම්භ වන දැයට කිරුළ ප්‍රදර්ශනයයි.

මොනරාගල රාජපක්ෂවරුන්ගේ බල මර්මස්ථානයක් වන හම්බන්තොටට අල්ලපු දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කය අයත් වන ඌව පළාතේ මහ ඇමති වන්නේ ජනාධිපති‍ගේ වැඩිමල් සොයුරාගේ පුත්‍රයා වන ශශීන්ද්‍ර රාජපක්ෂයි.


1990/1991ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දිළින්දන් ගණන් ගැනීම අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ දිළිඳුකමේ ප්‍රතිශතය 33.7%කි. 2006/2007 දත්ත අනුව මෙය වෙනස් වී ඇත්තේ 33.2% දක්වා පමණි.


ඒ දිළිඳු ජනයා වෙනුවෙන් පවත්වනු ලබන දැයට කිරුළ සංදර්ශනය වෙනුවෙන් කරන වියදම‍ කොතරම්දැයි තවම දැනගන්නට නැත. එහෙත්, ප්‍රදර්ශනය නිමිති කොටගෙන කරන ලද යටිතල පහසුකම් සංවර්ධනයන්ට රු. බිලියන 20ක් වැය කර ඇති බව ආණ්ඩුව පවසයි.


යටිතල පහසුකම් සංවර්ධනයෙන් දිළින්දන්ට යම් සෙතක් වන බව පිළිගත යුතු ය. එහෙත්, මෙම යටිතල පහසුකම් සංවර්ධනයේ ඉලක්කය දිළිඳුකම දුරලීම නො වේ. එය අතුරු ඵලයකි. අරමුණ නිෂ්ඵල සංදර්ශනයක් සඳහා පහසුකම් සැලසීමයි.


විශේෂයෙන් ම ආර්. ප්‍රේමදාස යුගයේදී මෙවැනි දැවැන්ත තමාෂා ගම් උදා නමින් රට පුරා පැවැත්විණි. 1987 ජුනි මාසයේදී මොනරාගල දිස්තික්කයේ බුත්තල ද දැවැන්ත ගම් උදා සැණකෙළියක් පැවැත්විණි.

එයින් මොනරාගල ජනතාවට වූ තීරණාත්මක සෙතක් තිබේ නම්, එම දිස්ත්‍රික්කයේ දිළිඳුකම මේ අන්දමින් රජයනු ඇතැයි සිතිය නො හැකි ය.


එදා මෙන් ම අදත් මෙනරාගල ජනයාට පෙබරවාරි 4 සිට 11 දක්වා සෑම දිනකම ජනපි‍්‍රය ගායක ගායිකාවන් එක්වන සංගීත ප්‍රසංග හා සංස්කෘතික සංදර්ශන ද, ආණ්ඩුවේ වර්ණනාව කියවෙන ප්‍රදර්ශන කුටි 300ක් පමණ ද, තවත් වෙළඳ කුටි සිය ගණනක් ද බලා හිස් කුසින් නින්දට යා හැකි ය.

Comments

  1. අනේ එඩිටර් මහත්තයො... නිකන්වත් ඒ පලාතෙ ගිහින් තියෙනවද? ඉස්සර යන්න පාරක්වත් නොතිබිච්ච පැති ඒව. දැන් අඩුගානෙ පාරක්වත් තියෙනව. ඔය මොනරාගල ඉදල රැ 12ට බස් එකට නැග්ගාම පැය 8කින් කොලඹ එන්න පුලුවන් උනේ ඒ පැතිවල යටිතල පහසුකම් වත් ලැබිච්ච හන්ද... පොඩ්ඩක් ගිහින් අත්විදලම බලපන්.. කොළඹ ඉදන් බන කියන්නෙ නැතුව

    ReplyDelete
  2. දැයට කිරුල වෙනුවෙන් කොතරම් මුදල් නාස්ති කළත් ප්‍රදෙශයේ ජනතාවගේ මූලික සෞඛ්‍ය සේවාව සපයන මොණරාගල දිස්ත්‍රික් මහරෝහල තවමත් හිඟන මට්ටමේ පවතී.

    1.රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළුවන විටම තිබෙන කොරිඩෝව දිගේ යනවිට වැසිකිළි ගඳ නහයට දැනේ.මෙයට හේතුව දැඩිසත්කාර ඒකකය අසළ තිබෙන විවෘත වැසිකිළි වලකි.මේයින් නිකුත්වන විෂබීජ හේතුවෙන් අසළ ඇති ශල්‍යාගාරයේ,ශල්‍ය වාට්ටුවේ හා දැඩි සත්කාර ඒකකයේ රොගීන්ට සිදුවන හානිය විශාලය.

    2.රෝහලේ ශල්‍යාගාරයේ වහල මුළුමණින්ම අබලන්ව ඇති අතර ශල්‍යකර්ම කරන අතරතුර රෝගීන්ගේ ශරීරයට වහලෙන් කුණුවතුර වැටේ.

    3.ශල්‍යාගාරයේ රෝගීන් එහා මෙහා ගෙනයාමට ඇත්තේ ට්‍රොලි 3ක් පමණි.දැයට කිරුලට එන ලොක්කන්ට හදිසි අනතුරක් වුවත් යන්නට වෙන්නේ ඔය ට්‍රොලි තුනේ තමයි.

    මේ සියළුම කාරණා දැනට තාවකාලිකව යටපත් කරමින් පැලැස්තර සෝබන අළුත්වැඩියාවක් කරමින් පවතී.(උදා:-බිත්තිවල තීන්ත ගෑම.බිම පොලිෂ් කිරිම.එස් 5 ක්‍රමයට අනුගතව ඇතැයි සඳහන් නාමපුවරු එල්ලීම. ආදී වශයෙන්)

    ReplyDelete
  3. 1 anonymous,
    අප කතා කරන දිළින්දන්ට පැය අටෙන් කොළඹ එනවාට වඩා වැදගත් වන්නේ සාගින්නයි. 2006දී දිළින්දකු ලෙස සැලකුණේ තමන් වෙනුවෙන් මාසයකට රු. 2000කට මඳක් වැඩි මුදලක් වැය කළ නො හැකි අයටයි. මොනරාගල දිස්ත්‍රික්කයේ ජනගහණයෙන් තුනෙන් එකක් එහෙම අය. අප කතා කරන්නේ ඔවුන් ගැනයි. ‍හැරත්, මොනරාගල දියුණු වුණා නම් අවශ්‍ය දේ මොනරාගලින් කර ගන්නවා මිසක් කොළඹ එන්නේ මොකටද?

    ReplyDelete
  4. well said editor,
    these ppl are looking things with colourd glasses .....they dont have insight and also no brain too..... poor srilanka ...pending tunisia

    ReplyDelete
  5. මම නම් මොනරාගල ඉදල පැය අටකින් කොළබ ආවෙ රෑ 12.00ට නෙවෙයි මහ දවල්. රත්නපුරෙන් පස්සෙ දවල් කාලෙට වාහන තදබදයක් තිබිලත් පැය අටකින් කොළබට ආව. රෑ 12.00ට ඇවිල්ලත් පැය අටක් තිස්සෙ මොනව කළාද මන්ද?

    පාරවල් දියුණු වුණේ අදක ඊයේක නෙවෙයි. හැම ආණ්ඩුවක්ම පාරවල් හැදුව. දහස් ගණන් සිංහල කොල්ලො මරපු ප්‍රේමදාස 1992 දි බුත්තල ගම් උදාව තියල විශාල භෞතික දියුණුවක් මොනරාගලට කරා. පාරවල්, ගොඩනැගිලි, නළ ළිං අරව මේවා මහ ගොඩක් හැදුව.

    දහස් ගණන් දෙමළ කොල්ලො මරපු මහින්දත් ගොඩක් සංවර්ධන කටයුතු කරනව. පාරවල්, ගොඩනැගිලි, පාලම් හදනව. හිතුනොත් මොනරාගලට වරායකුත් හදාවි.

    ඒත් ප්‍රශ්නය තියෙන්නෙ මේ මොනව කළත් මොනරාගල මිනිස්සුන්ගෙ දුප්පත්කම අඩු නොවන එකයි.

    ReplyDelete
  6. ඇත්තටම ගොඩක් මිනිස්සුන්ට මෙවගේ වැඩ එපා වෙලා තියෙන්නේ තමන්ගේ බඩට පහර වදිනකොට..තියෙන නිසා වෙන කරන්න දෙයක් නැති බලන්න යනවා.මමත් මොනරාගල කෙනෙක් ඒත් මේ සල්ලි කෝටි ගනන් වියදම් කරල දරා ගන්න බැරි තරමට ණය වෙලා කරන බොරු සෝබන වැඩ වලට මමනම් කැමති නැහැ.සංවර්ධනය කරන්න දේවල් ඕන තරම් තියෙනවා. කෘෂිකර්මාන්තය, විශේෂයෙන්ම තරුණ තරුණියන්ගෙ රැකියා ප්‍රශ්නය, අධ්‍යාපනය වගේ දේවල්.... සම්පත් ඕන තරම් තියෙනවා නව රැකියා අවස්ථා බිහි කරන්න. ඇයි ආණ්ඩුවට බැරි ඔය වගේ දේවල් ගැනත් හිතන්න..ආණ්ඩුව සල්ලි වියදම් කරනවා වගේම තව දුරටත් අනවශ්‍යය විධියට ණය නොවී රටට සල්ලි එන ක්‍රමද සොයා ගත යුතුය.

    ReplyDelete
  7. @2 Anonymous : මොහු පවසන කතාව සම්පූර්න සත්‍යකි. කුනුවතුර වැටීම කෙසේ වෙතත් එහි පවතින විවේකාගාර මෙන්ම එල්ලෙමින් පවතින විදුලි බුබුලුද ඒවාට සාක්ෂි කියා පායි. එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමා කෙතරම් පැමිනිලි කලද සලකා නොබැලීම කණගාටුවට කරුනකි.

    @එඩිටර්: ඔබතුමා කරනා සේවය දන්නා නමුදු කරනා හොදක් වීනම් එයද දක්වන මෙන් කාරුණිකව ඉල්ලමි. වරෙක ටැබූ කියී පරිදිම නොහොද පමනක් කබල් ගැම් කුහක කමක් යැයි මටද සිතෙ.

    1 anonymous,

    ReplyDelete
  8. Monaragalata Maruthi ehaka yanakota aathal ne:))

    ReplyDelete
  9. 8 Anonymous Maruthi Wala Witharada Monaragala Yanakota Athal Mewageth Yanna Puluwanne. http://www.lankaenews.com/Sinhala/news.php?id=16160 Ane Nikam Deka Punne Nathiwa Palayan Ban

    ReplyDelete
  10. Buttala Kohoma Heduwath Bibile - Monaragala Road eka Nam Kalama demma Deyata Kirula Nisa.

    ReplyDelete
  11. දැයට කිරුළ වැඩසටහන පිළිබදව ෙතාරතුරු අපක්ෂපාතී ෙතාරතුරු ලබාගැනිමට අවශ්‍යයි.හැකිනම් ලබාගතහැකි අකාරයක් සදහන් කරන්න..

    ReplyDelete
  12. දැයට කිරුළ වැඩසටහන පිළිබදව ෙතාරතුරු අපක්ෂපාතී ෙතාරතුරු ලබාගැනිමට අවශ්‍යයි.හැකිනම් ලබාගතහැකි අකාරයක් සදහන් කරන්න..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා