කුලුනු උඩ සිංහයා

හන්දියේ කුලුනු මත
සිංහයන් ගල් වෙලා
මග බලා ඉන්නවා
කවුරුන්ද එනතුරා

අප බයයි කොටියන්⁣⁣ට
දෙමළු ඒ කොටියාගෙ
පුල්ලි මකලා ඌට
ඉරි දමා බය කළා

අප බයයි අලින්ටත්
අපි උන්ගෙ කැලෑ බිම්
එළි කරල පදිංචිව
උන්ට ගිනි බිඳිනවා

ආදරෙයි හරකුන්⁣ට
දිවි පුදමු අපි උන්ට
ඒත් අපි කුකුළන්ගෙ
ආදරේ මාංශෙට

පරිණාමයත් එක්ක
ආව වල් බල්ලන්ව
පන්නලා රටවුන්ව
බෙහෙත් දී හදමු අපි

හන්දියේ කුලුනු මත
සිංහයන් ගල් වෙලා
පණ තියෙන කපුටන්ගෙ
බෙටි අපයි හෝදන්නෙ

අජිත් පැරකුම් ජයසිංහ
2017-06-05

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හැබෑටම සිංහයා
    ගල්වෙලා නේන්නම්
    හරියටම කීවොතින්
    බැඳුම් කර සිද්ධියේ
    රනිල් ගොයියා වගේ!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා