එයාගෙ පුතා මොන මඟුල කර ගත්තත් අපට පාන් ද?

මේ සතියේ රාවයට ලියූ ලිපිය මෙතැනින් කියවන්න 
ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුත්‍රයාගේ විවාහය සම්බන්ධයෙන් ෆේස්බුක්හි හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් අප ද අදහස් දැක්වූයෙමු. මේ හෙළිදරව් කිරීම එක්තරා දුරකට විමල් වීරවංශගේ පවුල සම්බන්ධයෙන් පසුගිය දිනවල අනුර කුමාර දිසානායක තම සමාජ මාධ්‍ය ගෝලයන් ලවා කරන ලද හෙළිදරව් කිරීම්වල හා මඩ ගැසීම්වල ම අනෙක් පැත්තයි.

අප කලක් තිස්සේ මේ තිරිසනුන්ගේ නින්දිත අවලාද අසා ඇත. එය අවසන් කරන්නට මෙය හෝ අවස්ථාවක් කර ගත යුතු යයි අපි යෝජනා කරමු. මෙය ජවිපෙට පමණක් අදාළවන කරුණක් නො වේ. මේ වනාහි සමස්තයක් ලෙස ම වාමාංශික සංස්කෘතිය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රශ්න කිරීමකි. ඔවුන් තමන් සමග සිට ඉවත් වූ විකල්ප මත ඇති, දේශපාලනය කරන අය සම්බන්ධයෙන් කටයුතු කරන සදාචාර හා මානුෂික විරෝධිත්වය ආවරණය කර ගන්නේ තමන් හා තමන්ගේ නායකයන් ඉතා සුපිරිසිදු ය කියා තොරොම්බල් කරමිනි.

සමස්තයක් ලෙස ම වාමාංශිකයන් පසුගිය කාලයක් මුළුල්ලේ ම අපට මඩ ගසන්නේ අප ලියන්නේ මුදලට ය කියා ය. අප ඒ පිළිබඳ කිසි විටෙක කුපිත නො වුණෙමු. එසේම, අපගේ සමාජ දේශපාලනික මැදිහත්වීම් හා ලිවීම් නො නැවැත්වූවෙමු. පසුගිය කාලයේ අලුතින් දකින්නට ලැබුණු තත්වයක් වන්නේ විශේෂයෙන් ම වාමාංශිකයන් සම්බන්ධ විවේචනයක් කළ පසු ඉතා නින්දිත, පහත් අන්දමින් බිරිඳ, දරුවන් වැනි අයට අවමන් කරන හා තර්ජනය කරන නිර්නාමික කමෙන්ටු මෙම බ්ලොග් අඩවියට එවීමයි. ජවිපෙ ෆේස්බුක් කල්ලිය සමග ඇති වන සංවාදවලින් පසු මෙවැනි කමෙන්ටු පළ වීම සමග ඒවා කරන අය ගැන අදහසක් ඇති කර ගත හැකි ය. අනෙක් පැත්තෙන් ඒවායේ තිබෙන භාෂාව හා අදහස් ඉතා පැහැදිලිව ම 1989දී ජවිපෙ වෙනුවෙන් මිනී මැරූ ඝාතකයන් තුළ පැවති වෛරය සිහිගන්වයි. මර්දකයන් අතර සිටි ග්‍රාමීය තරුණයන් අතර තිබුණු මානසිකත්වය ද එය ම ය.

අප ඉතා පැහැදිලිව ම අන්තවාදී දේශපාලනයන්ට එරෙහි ය. එහිදී අපට නම් ජාතික අන්තවාදීන් මෙන් ම වාමාංශික අන්තවාදීන් ද එක හා සමාන ය. මෙම අන්තවාදයන් ඔස්සේ ලංකාවේ සමාජයේ කිසිදු සාධනීය වෙනසක් සිදු කළ හැකි යයි අපි විශ්වාස නො කරමු. එසේම, මෙම අන්තවාදයන් පිටුදැකීම සමාජ වෙනසෙහි මූලික කොන්දේසියක් බව ද අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් එකී අන්තවාදයන් සමග අරගල කළ යුතු ය.

අනෙක් දරුණු ම සාධකය වන්නේ බොරුවයි. සමස්ත සමාජ දේහය ම වසා පැතිර තිබෙන බොරුවට එරෙහිව දැවැන්ත අරගලයක් කළ යුතු ය.

ලංකාවේ රාජ්‍ය ක්‍රමය ගැන අපට පැහැදිලි නිර්වචනයක් තිබේ. අප කියන්නේ මෙහි තිබෙන්නේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුතු ධනවාදයක් බවයි. එහි ප්‍රධාන ම සූරා කන බලවේගය රජයයි. මහජනතාවගෙන් සූරා ගන්නා බදු මුදල් හා අනාගතය උගස් තබා ලබා ගන්නා ණය යෙදවෙන්නේ ප්‍රධාන වශයෙන් ම මෙම දැවැන්ත රජය නඩත්තු කිරීමටයි. රජය විසින් ඇත්ත වශයෙන් ම සේවා සපයන්නේ රජයෙන් යැපෙන දේශපාලකයන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන්, රජයේ නිලධාරීන් හා රජයේ සේවකයන්ගෙන් සමන්විත මධ්‍යම පංතියටයි. එහෙත්, එය පවත්වාගෙන යන්නේ පීඩිත, දුප්පත්, නිර්ධන පංතික, වැඩ කරන ජනයා වෙනුවෙන් ය කියමිනි. මේ වනාහි ලංකාවේ ලොකුම බොරුවයි.

මේ පංතිය විසින් මේ වන විටත් හොඳ පාසල්, නොමිළේ උගන්වන රජයේ විශ්වවිද්‍යාල වැනි සියලු යහපත් දේ අත්පත් කරගෙන තිබෙන අතර, කම්කරුවන්ට සිදු වී තිබෙන්නේ ඔවුන් නඩත්තු කිරීම සඳහා වැඩි වැඩියෙන් වැඩ කිරීමටයි.

ලංකාවේ දේශපාලනය යනු මේ බොරුව හා බැඳුණු තවත් බොරු ජාලයකි. විප්ලවය ද එම බොරු ජාලයේ තවත් එක් බොරුවකි. එය ද තොරොම්බල් කරනු ලබන්නේ පීඩිතයන්, කම්කරුවන් වෙනුවෙන් ය කියා ය.

එහෙත්, මේ විප්ලවවාදීන් අයත් වන්නේ ද පදනම් වන්නේ ද වැඩ කරන ජනයා මත නො වේ. රජයෙන් යැපෙන මධ්‍යම පංතියේ පහළ ස්ථරය මත ය. ඔවුන් අතට බලය ගැනීමෙන් විප්ලවයක් කළ හැකි ය යන්න බොරුවේත් බොරුවයි. ඔවුන්ගේ අවශ්‍යතාව කුමක් ද? රජය ශක්තිමත් කර, රජයෙන් කරන සිය යැපීම තවත් පුළුල් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඒ වනාහි වැඩ කරන ජනයා මත තව දුරටත් පීඩනය වැඩි කරන විදියක් මිස අන් යමක් නො වේ.

ලංකාවේ ඵලදායී වැඩ කරන කම්කරු පංතිය ඔය කියන වාමාංශික ව්‍යාපාර සමග කිසිදු සම්බන්ධයක් නැත. උදාහරණයක් ලෙස, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන්, පෞද්ගලික අංශයේ කම්කරුවන්, නාගරික කම්කරුවන්, ඉදිකිරීම් කම්කරුවන්, සනීපාරක්ෂක කම්කරුවන්, මැදපෙරදිග ගෘහ සේවිකාවන් වැනි අය ඔය පක්ෂවල ඉතා විරල ය. එපමණක් නොව, මේ පක්ෂවල තිබෙන පීඩක ව්‍යූහයන්ගේ පසුගාමිත්වය නිරූපණය කරන හොඳම නිදසුනක් වන්නේ ඒවායේ අවම කාන්තා නියෝජනයයි.

අප හෙළිදරව් කරමින් සිටින්නේ මෙම බොරුවයි.

මේ විප්ලවවාදීන්ගේ විප්ලව හැමදාමත් තරුණයන්ගේ මොළ ශෝධනය, ජාතිවාදය, පටු අධිරාජ්‍ය විරෝධය, බටහිර විරෝධය, නාගරික විරෝධය, ස්ත්‍රී විරෝධය, ග්‍රාම්‍ය සංස්කෘතිය උත්කර්ෂයට නැංවීම, කුල ගැටුම් පමණක් නොව, සුදු හම පිළිබඳ ඇති කාමුක සංකල්ප වැනි පසුගාමී ආකල්ප ආදිය මත පදනම් වන විනාශකාරී කඩාකප්පල්කාරිත්වයන් පමණි. මේ වන විට සිංහල තරුණ පරම්පරා දෙකක් ද, දෙමළ තරුණ පරම්පරා දෙකක් පමණ ද මෙම අන්තවාදී කැරැලි වෙනුවෙන් දිවි පුදා හමාර ය.

අප අරගල කරන්නේ මේ දහජරා දේශපාලනය වෙනුවට තරුණයන්ට ඇත්ත අභිමුඛ කිරීමටයි.

අනුර කුමාරගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය සම්බන්ධ සිද්ධිය මේ ඇතැම් කාරණාවල නිරුවත හෙළි කළ අවස්ථාවකි.

අපට අනුර කුමාරගේ පුත්‍රයා සම්බන්ධයෙන් කිසිදු විවේචනයක් නැත. ඔහු කටයුතු කර තිබෙන්නේ සාමාන්‍ය ලාංකික තරුණයකු පරිද්දෙනි. අනුර කුමාර සම්බන්ධයෙන් ද අපට විවේචනයක් නැත. ඔහු ද කටයුතු කර තිබෙන්නේ සාමාන්‍ය ලාංකිකයකු පරිදි ය.

මෙම විවාහ මංගල්‍යය වෙනුවෙන් කරන ලද වියදම් අනුර කුමාරගේ ම විය යුතු නැත. එය එම පුත්‍රයාගේ මුදල් විය හැකි ය. ඒවා උපයා ගත්තේ ඔහු නම් අපට එහි කිසිදු ගැටලුවක් නැත.

එසේම, විවාහ වන්නේ කුමන චාරිත්‍රානුකූලව ද යන්න ද ඔහුගේත්, ඔහුගේ සහකාරියගේත් තෝරා ගැනීමකි. අපට ඒ සම්බන්ධයෙන් ද ගැටලුවක් නැත.

එහෙත්, ගැටලු තිබේ. අනුර කුමාර ඉතා පැහැදිලිව ම මේ රටේ පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව මාරාන්තික අරගලයක් සඳහා විශ්වවිද්‍යාල තරුණයන් යොමු කිරීම පිටුපස සිටින්නෙකි. එහෙත්, ඔහුගේ පුතා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් ඉගෙන ගෙන තිබේ නම්, එතන ඉතා පැහැදිලි බැඳියා පිළිගැටුමක් තිබේ. ලංකාවේ අප දන්නා ගතානුගතික පවුල් සංස්ථා තුළ පුත්තු තාත්තලා ගැන මුළුමනින් ම නො තකා ඒ තරම් ම ස්වාධීන තීරණ ගන්නවා ද? මා දන්නා තවත් බොහෝ ජවිපෙ සාමාජිකයන්ගේ දරුවෝ පෞද්ගලික උසස් අධ්‍යාපනය ලබති. තමන්ගේ දරුවන්ට හොඳ යයි ඔවුන් සිතන දෙය ලබා ගන්නා තවත් පිරිසකට වෛර කරන්නට, ඔවුන් අමාරුවෙන් ලබා ගන්නා අධ්‍යාපනය කඩාකප්පල් කර දමන්නට යමෙකු කටයුතු කරන්නේ නම් එය කොයි තරම් ජඩකමක් ද?

එසේම, මහින්ද රාජපක්ෂගේ මිහින් ලංකා ආයතනය සම්බන්ධයෙන් ඔහුට දරුණු විවේචනයක් තිබිණි. එයට රැකියා ලබා දුන්නේ නාමල් රාජපක්ෂලාගේ ලැයිස්තු අනුව බව වැඩිපුර ම කී අයෙකු වන්නේ ඔහු ය. දැන් ඔබ අපට කියන්නේ අනුර කුමාරගේ පුතාට ඉතා විනිවිද පෙනෙනසුළු අන්දමින් මිහින් ලංකා ආයතනයේ රැකියාවක් ලැබුණු බව පිළි ගන්නැයි කියා ද? ඔහු ම පසුගිය කාලයේ කියූ ආකාරයට එසේ සිදු වීමේ හැකියාවක් නැත.

එසේම, පසුගිය කාලයේ එක අතකින් සමාජය තුළ සිංහල බෞද්ධ ජාතිවාදය ද, අනෙක් අතින් පක්ෂය තුළ ආගම් විරෝධය ද තොරොම්බල් කරමින් ද ජවිපෙ යකා නැටුවේ ය. එහෙත්, අවසානයේදී පෞද්ගලික කුටුම්බ තුළ කිසිදු විකල්ප ජීවිතයක් තිබී නැති බව පෙනේ.

ජවිපෙ වනාහි ලංකාවේ තරුණ පරම්පරා දෙකකින් අසීමිත වධ බන්ධනවලට ලක් වී මිය යාම දක්වා බොහෝ කැප කිරීම් ලබා ගත් පක්ෂයකි. එහි දැන් සිටින පිරිස ඒ ඉතිහාසය මත තම පැවැත්ම රැක ගැනීම ගැන ද අපට කිසිදු ගැටලුවක් නැත. එහෙත්, තවත් පරම්පරාවක් ඒ අන්දමින් ගඟේ යැවීම වැළැක්විය යුතු ය.

අප සමග සිට එසේ මිය ගිය සහෝදරයන්ගේ මතකය නිසා අපි තවමත් විකල්ප ජීවිත ගත කරන්නට උත්සාහ කරන්නෙමු. ඔවුන් සමග එදා අප අතහැර දැමූ ආගම අප තවමත් ආපසු වැළඳගෙන නැත. ජ්‍යෝතිෂය වැනි මිථ්‍යා අප අපගේ ජීවිතවලට ළං කරගෙන හෝ නැත. අපි තවමත් ආගමික, ජාතික අන්තවාදයන්ට එරෙහිව සටන් කරන්නෙමු. මේ සියල්ලට ම වඩා අප කරන දේශපාලනය අප ගෙදර ඇතුළේ ද සජීවී කරන්නෙමු. අපේ දේශපාලනය ගෙදරට මරගාතේ - ලෝකෙට පරකාසේ එකක් නො වේ.

අපට කරන්නට බැරි දේවල් කරන්නැයි අපි කිසිදා වෙනත් අයගෙන් ඉල්ලා සිටින්නේ නැත. මැරෙන්නට යනවා නම් යන්නේ අප මිස අප ඒ වෙනුවෙන් වෙනත් අයෙකු ඉදිරියට තල්ලු කරන්නේ නැත.

අප අද වන තෙක් කිසිදු ධනේශ්වර දේශපාලකයකු සමග ඩීල් දමාගෙන පෞද්ගලික වරප්‍රසාද ලබාගෙන නැත. කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට, ව්‍යාපෘතියකට, දේශපාලනයකට විකිණී නැත. කවුරු මොනවා කීවත්, අප මේ ලියන අකුරක් ගානේ ම, අප කරන සෑම දේශපාලන කාර්යයක් ගානේ ම වැය කරන්නේ කම්කරුවන් ලෙස වැඩ කර උපයා ගත් දහදියයි.

අවලාද ගැසුවා මිස අද වනතෙක් කිසිවෙක් කරුණු සහිතව මේ කිසිවක් බොරු ය කියා ඔප්පු කර නැත.

අපට මඩ ගසන වාමාංශික සූර චෞරයන්ට අභියෝගය තවමත් විවෘත ය. අපි තවමත් විකල්ප ජීවිතයක් ඔස්සේ සමාජවාදය සොයමින් සිටිමු. අපට ඩීල් නැත. ඩීල් දැමූ එවුන්ගේ බොරුව නිරුවත් කිරීමට අප බිය ද නැත.

පහත පළ වන්නේ ජවිපෙ සමාජ මාධ්‍ය වීරයන් සමග සංවාදයකට පසු මේ බ්ලොගයේ දමන ලද නිර්නාමික කමෙන්ටුවකි. මෙවැනි හා මීටත් දරුණු වර්ගයේ කමෙන්ටු මටත්, මගේ දරුවන්ටත් එරෙහිව මෙහි පළ කරන ලදී. එය පළ කරන්නේ මෙවැනි කමෙන්ට් දමන අයට තිබෙන මානසිකත්වයේ තරම ගැන ඔබට තේරුම් කර දෙන්නට ය. කැරැලිවලදී මිනී මැරීමට යවන්නේ මෙවැනි අයයි. ඔබේ දරුවාත් මෙවැන්නෙකු වනවාට ඔබ කැමති ද? අන්තවාදය පිටුදකින්න.

අප මේවාට බිය වන්නේ හෝ අපගේ කටයුතු නවත්වන්නේ හෝ නැති බව කරුණාවෙන් සලකන්න. 




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජවිපෙ මානසිකත්වය ඊයෙ වගේමය. ඉතා දරුණු පිරිසක් පෙරටුගාමී ලෙස වෙන් වී ගියත් ජවිපෙ ඉතිරි පිරිස්ද බිහිසුණු බවින් මිදී නැත. ඔබට අවලාද නගන්නේ ඒ නිසයි. ඔබට කල අපහාසය තුල වෙනස් මත දරන්නන් කෙරෙහි ඇති ජවිපෙ ආකල්පය මොනවට පෙනේ. ඔබගේ ලිවීම ශාස්ත්‍රීයය. ඔබ ඔබගේ දැක්ම ගෙන හැර දක්වයි. යමෙක් එයට වෛර කරන්නේ අන්‍ය මත නොඉවසීමේ පසුගාමීත්වය නිසාය. තමන්ගෙ දේශපාලන මතයට වෙනස් මටහ්යක් දරන කෙනෙක් මරන්න මේ අයට පුලුවන්. මීට වෙනස්ව ධනවාදීන් වෙනස් මත දරන්න සමග පාටි දමති. භයානක වෙනස එයයි.

    අනෙක් දරුණු ම සාධකය වන්නේ බොරුවයි. සමස්ත සමාජ දේහය ම වසා පැතිර තිබෙන බොරුවට එරෙහිව දැවැන්ත අරගලයක් කළ යුතු ය. // මධ්‍යම පන්තික ආධිපත්‍ය ගැන ඔබ දක්වන අදහස් අගෙයි. සැබෑ කම්කරුවා කවුද සැබෑ පීඩිතයා කවුද යන්න විමසා බැලිය යුතුයි. නිළධාරීවාදය වෙනුවට සැබෑ සමානාත්මතාව උදාවෙනවානම් උදා වෙන්නෙ මෙවැනි සියුම් විමසුමකින් පමනයි. නැත්නම් ඔවුන් උදාකරනවායයි කියන සමාජය වංක දෙබිඩි ජීවිත වලින් සමන්විත වූවක්. ජෝජ් ඕවල්ගෙ ඇනිමල් ෆාම් පොත වගෙ.

    මේ සියල්ල අතර අනුර කුමාරගෙ පුත්‍රයාගෙ වෙඩින් එක ගැන විරුද්ධවාදීන් නගන චෝදනා ගැනත් කතා කරන්න ඕන. ඒක ඔවුන්ගෙ පෞද්ගලිකත්වය. සමහර චැනල් අනුරගෙ ලේලිගෙ ආගම ගැනත් හයිලයිට් කරල. ඔවුන් සේවය කරන නායකයගෙ බිරිදත් අන්‍යාගමික බව ඔවුන්ට අමතක වෙලා.

    පසුගිය වනචර දශකයෙ නොබියව අදහස් දැක්වූ චින්තකයෙක් ඔබ.( අපටත් ඒ යුගයෙ සැබෑ තත්වය ගැන හරි අවබෝධයක් නොවූ බව ලජ්ජාවෙන් හා නිහතමානීව පිලිගන්නව ) එම යුගයේ වනචර පාදඩයන්වත් ඔබට මෙසේ ප්‍රචන්ඩ තර්ජන කරේ නෑ මා හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ අවසන් වාක්‍යය වැදගත්. අප ජීවත් වුණේ බියෙන්. ඒත් පෞද්ගලිකව මට නම් එම දශකයේ තර්ජනයක් එල්ල වුණේ නැහැ.

      අනෙක, මා මෙවැනි ප්‍රතිචාර දක්වන්නේ ජවිපෙ විසින් ය කියා කෙළින් ම කියන්නේත් නැහැ. මෙවැනි මානසිකත්වයන් වාමාංශිකයන්ට පොදුයි.

      Delete
    2. සුබෝධ,
      //ජවිපෙ මානසිකත්වය ඊයෙ වගේමය. ඉතා දරුණු පිරිසක් පෙරටුගාමී ලෙස වෙන් වී ගියත් ජවිපෙ ඉතිරි පිරිස්ද බිහිසුණු බවින් මිදී නැත. //

      මට අද වගේ මතකයි 1989 වයස 13ක ළමයෙක් ලෙස මම අහපු මගේ නැන්දනිය කියපු කතාව, එහිදී පළාත් සබාවේ වැඩකළ අහිංසක සේවකයකු මරාදමන ජනතා විමුක්ති පෙරමුණ අදාළ මිනිය පෙට්ටියක නොදා වලලන්නයි කියනවා, එහෙම නොකිරීම නිසා ඕජස් ගලන මළසිරුරේ කැබලි අදාළ පුද්ගලයාගේ මිදුලේ දමන්න තරම් ජනතා විමුක්ති පෙරමුණ අමන වෙනවා.

      ඉහත පැරාට සහ ඔහුගේ බිරිදටත් දරුවන්ටත් කරන ලද අපහාස වලින් පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තවම පුනුර්ප්තාපනය වී නැති බවයි.
      මෙනිසා මෙය රටේ මහජනයා හොදින් දන්නවා ඔවුන් දන්නවා මොන වෙස්මුන දාගෙන අවත් එන්නේ යකෙක් කියල.

      Delete
    3. //ඒත් පෞද්ගලිකව මට නම් එම දශකයේ තර්ජනයක් එල්ල වුණේ නැහැ.//

      එහෙම නැතත් උනා වගේ පෙන්නන්න එපෑ.. එතකොටනෙ කෝටි ගනන් සල්ලි කෝටි ගනන් තෑගි ‍ලැබෙන්න‍ෙ....

      Delete
    4. එහෙම පෙන්නුවා ම සල්ලි හම්බ වෙනවදදදදදදදද? අයියෝ අපරාදෙ මෙයා.

      Delete
    5. අපරාදෙ නේන්නම් මෙයා.
      වෙස්ටර්න් කන්ට්‍රි එකක සිටිසන්ෂිප් ඔපර්චුනිටි එකනේ ඔයා මිස් කරගෙන තියෙන්නෙ.
      යුවර් ගුඩ් ඕල්ඩ් ෆ්‍රෙන්ඩ්ස් ඉන්ක්ලූඩිං රෝහිත භාෂණ නව් එන්ජෝයිං

      Delete
  2. //එහි ප්‍රධාන ම සූරා කන බලවේගය රජයයි. මහජනතාවගෙන් සූරා ගන්නා බදු මුදල් හා අනාගතය උගස් තබා ලබා ගන්නා ණය යෙදවෙන්නේ ප්‍රධාන වශයෙන් ම මෙම දැවැන්ත රජය නඩත්තු කිරීමටයි. රජය විසින් ඇත්ත වශයෙන් ම සේවා සපයන්නේ රජයෙන් යැපෙන දේශපාලකයන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන්, රජයේ නිලධාරීන් හා රජයේ සේවකයන්ගෙන් සමන්විත මධ්‍යම පංතියටයි. එහෙත්, එය පවත්වාගෙන යන්නේ පීඩිත, දුප්පත්, නිර්ධන පංතික, වැඩ කරන ජනයා වෙනුවෙන් ය කියමිනි. මේ වනාහි ලංකාවේ ලොකුම බොරුවයි.//

    ඇත්ත.

    ReplyDelete
  3. අජිත් පැරකුම් ජයසිංහ මෙවැනි බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

    මීට,
    අක්‍ෂය පාඨකයෙක්

    ReplyDelete
  4. මම ගමේ කණිෂ්ට විද්‍යාලයකට ගිහින් 5 වසර ශිෂ්‍යත්වය සමත් වෙලා, කොළඹ ජාතික පාසලකින් උසස්පෙළ සමත්වී, රජයේ විශ්වවිද්‍යාලයකින් ප්‍රථම උපාධිය ලබාගෙන, තවත් රජයේ විශ්වවිද්‍යාලයකින්ම පශ්චාත් උපාධි ලැබූවෙක්. (වැඩිකල් නෑ)

    නමුත් මගේ දරුවාට මම කරන්නේ,

    ඔහුව ජාත්‍යන්තර පාසලකට දාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වලා, ලන්ඩන් OL AL කරවලා, අවුරුදු 18 දී යවනවා ඔහු කැමති පෞද්ගලික සරසවියකට. ඔහුට පුළුවන් වෙයි අවුරුදු 21 වෙද්දි සිය උපාධිය සම්පූර්ණ කරලා ‍රැකියාවකට යන්න.

    ReplyDelete
    Replies
    1. සංකර බටහිර අධ්‍යාපනයෙන් දරුවාගේ ඔලුව කුරුවල් නොකරනු. සකස්කඩ, ගණදෙවි හෑල්ල, බුද්ධ ගජ්ජය වනපොත් කරවනු. තව ද සිංහලයාගේ උරුමය වූ නැකැත් ශාස්ත්‍ර‍ය, සිංහල වෙදකම යනාදියද උගන්වනු. පිරිවෙනකට ඇතුලුකොට සිංහල, පාලි, සංස්කෘත, ඡන්දස් ශාස්ත්‍ර‍ මනාාකොට උගන්වනු. තවද එකුන් විසි වයස් වනවිට පණ්ඩිත විභාගය සාර්ථකව අවසන් කරවනු. හැකිනම් ඉන් පසුව සසුනට දායාද කරනු.


      Delete
    2. Anonymous හැමෝටම අපේ මහා ජාතික චින්තක නලින් සිල්වා මහත්තයා කරපු දේ කරන්න බෑනෙ. ඒක තේරුම් ගන්න.

      Delete
  5. අනුර ගේ පුතාට කොහොම උනත් රටේ අනිත් පුත්තුන්ට නම් නාමල් බේබිගෙන් නාහ මිහින් ලංකා එකට යනඑක නම් බොරු. එක අතකට මේක මොකක්ද? ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩල දෙකම රවීට දීල තියෙන්නෙ. මීට පස්සෙ ලොතරැයි ගන්නේ සුද්දො වෙන්නැති!

    ReplyDelete
  6. කෝට්ටෙගොඩ පැත්තෙ ඉන්න අය මං මේ කියන දේ ඇත්තද කියලා හොයලා බලන්න. මේක මං අහපු කතාවක්. වසර 1989 කාලයේ ජවිපෙට සම්බන්ධව වැඩ කරපු නීරා නම් ලුම්පන් තරුණයෙකු හමුදාවට අසු වී පක්ෂ ක්‍රියාකාරිකයන් පාවා දුන් නිසා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔහුගේ මව මරා දමා යෝනිය තුළට ගලක් දමා කෙටුවා. ඒ මානසිකත්වයයි, මේ කමෙන්ටුවේ තිබෙන මානසිකත්වයයි දෙකම එකයි. හැබැයි, අපි මේවට බය නැහැ. අපි අරගල කරන්නෙ මේ අන්තවාදය අවසන් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි පැරා. මේ සංවාදය ඉදිරියටත් සාකච්ඡා කල යුතුයි. ඒත් මේ කොහෙද යන හුකන්නෙකුගේ කමෙන්ටුවකට මේ සංවාදය කොටු වෙන්න ඉඩ තියන්න එපා. ඔය වගේ කමෙන්ට්ස් පැරා දැක්ක පලමු අවස්තාව මේක් නෙමේනේ.

      උඩ පින්තූරේ දැම්මේ වෙන කේන්තියකට නේද....

      Delete
    2. /////මේ අන්තවාදය අවසන් කරන්න./////////

      ++++++++++++++

      Delete
  7. නමුත් මගේ දරුවාට මම කරන්නේ,

    ඔහුව ජාත්‍යන්තර පාසලකට දාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වලා, ලන්ඩන් OL AL කරවලා, අවුරුදු 18 දී යවනවා ඔහු කැමති පෞද්ගලික සරසවියකට. ඔහුට පුළුවන් වෙයි අවුරුදු 21 වෙද්දි සිය උපාධිය සම්පූර්ණ කරලා ‍රැකියාවකට යන්න.

    trust me I ve done the same but they will start their uni life at the age of 17
    now my daughter is in Manipal for MBBS & son also in Manipal Malaysia for engineering & they complete their first year & they just became 18

    PAW!!!
    f

    ReplyDelete
  8. /*.....එහෙත්, ඔහුගේ පුතා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් ඉගෙන ගෙන තිබේ නම්....*/


    මෙය මට පෙනෙන ආකාරයට ලංකාවේ බොහෝ දෙනෙකු වරදවා ගන්නා තැනක්.

    මේ SLIIT යන්න රජයේ අරමුදල්වලින් ඇරඹූ ආයතනයක් මිස පුද්ගලික ව්‍යාපාරයක් නොවෙයි නේද?

    මේ වරදම කරමින් සමහරු ඕස්ට්‍රේලියාවේ ඇතැයි කියන පුද්ගලික විශ්වවිද්‍යාල ගැන බයිලා කියනවා මං දැක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කාට අයිති වුණත් මුදල් ගෙවලනෙ ඉගෙනගන්නෙ. ජවිපෙ විරුද්ධවෙන්නෙත් ඒකටනෙ.

      Delete
    2. රසික ඔයා උගත් දැනුවත් වැඩිහිටියෙක් නේ. බයි ගතිය පෙන්නන එපා.
      බත් කඩේට හිගින් මාළු කෑම එකක් දෙන්න කිවම වේටර් ඔයාට මාළුන්ට දාන කෑම දෙන්නේ නෑනේ. වේටර්ට තේරෙන දේ ඔයාට තේරෙන්නේ නැද්ද ? කොන්දොස්තරගෙන් ෂීට් තියෙනවා කියල ඇහුවම ඒ මනුස්සයට තේරෙන දේ ඔයාට නොතේරෙන්නේ ඔයා බබාද? ඔයාල කොල්ලෝ කාලේ තමයි මොබයිල් ෆෝන් වලට හැම එකටම සෙල්ටෙල් කිවේ.
      ලොකු ලොකු කතා කියන ඔයාට නොතේරුනාට මෙතන අනිත් මිනිස්සුන්ට තේරෙනවා "පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින්" කියල අදහස් කරන්නේ මුදල් ගෙවල ඉගෙන ගන්න ආයතනයකින් කියන එක බව. කතාව ගවුසියන් වුනත් ලොරන්සියන් වුනත් මේ කතාවේ මැද අදහස ගන්න. නිකම් අන්තය ගැන කතා කරලා ඔයා පෙන්නනේ ඔයාගේ අපරිණත කම. ඕනේ කතවක මැදට අන්තෙට ගිය අදහසක් කියල කතාව අවුඋල් කරලා දාන්න එපා. අන්දරේට ගොනා වගේ ඉන්න කීවම කරපු දේ නේද ඔයා මේ කරන්නේ ?

      Delete
    3. You are correct. SLIIT is not a private institute. It is a semi-government institute. It doesn't get government funding. All the expenses are covered by the student tuition fees.
      SLIIT is similar to St.Bridgets, St.Thomas administrative structure. They are not private schools like Royal Institute or Gateway, but still you have to pay a tuition fee.

      Delete
    4. යම් ආයතනයක් ඇරඹීමට මුදල් ආයෝජනය කළ ආකාරය සහ එය පවත්වාගෙන යන ආකාරය අනුව ඒ ආයතනයේ මූලික අරමුණු වෙනස් වේ.

      මේ කියන ස්ලිට් ආයතනය මෙන්ම බ්‍රිජට් ගේ සහ තෝමස් ගේ පාසල් ද පුද්ගලික මුදල් ආයෝජනය කළ කොටස්කරුවන්ල ලාභාංශ සොයන ව්‍යාපාර නොවන බව පැහැදිළි ය. ඔවුන්ට බැංකු ණය වෙනුවෙන් පොලී ගෙවීමට ද නැත. අවශ්‍යවන්නේ වියදම් පියවා ගැනීම පමණි!

      Delete
    5. කතාවෙන් පෙන්නේ නම් ඔයා බබයියෙකු බවයි. කවදද ඉතින් මෝඩයෝ මං මෝඩ වැඩක් කලා කියල පිළිගත්තේ. කරපු මෝඩ කම පිලිගන්නත් බුද්ද්ධියක් තියෙන්න ඕනේ.

      Delete
  9. Thanks Para, for showing JVP's true colors again. Well, we all remember 88/89 killings from bus conductor to Colombo VC (JVP killed people from all walks of life) JVP must be the first to kill for politics in Sri Lanka. Hope JVP will go down the drain in next election.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා