ඥානසාර සැඟවී සිට දිවයිනට එවල තියෙන්නෙ පරණ පත්තර කෑල්ලක්


පසුගිය ජුනි 18දා සැඟවී සිටින ඥානසාර හාමුදුරුවන් දිවයින පත්තරේට ලිපියක් එවා තිබුණා මතකද? ඒක දිවයින වෙබ් අඩවියේ පළ වුණේ මෙන්න මෙහෙම. ක්ලික් කරලා ගිහින් බලන්න.

බොදු බලය හිරගෙට යන
''බ්‍රේකින් නිවුස්‌'' සිහිනයෙන් මිදෙන්න
සැඟවී සිටින ඥානසාර හිමියෝ දිවයිනට එවු ලිපිය

අන්තවාදයේ බෞද්ධ විරෝධි සැබෑ ස්‌වරූපය දකින්න

මේක හුඟක් කට්ටිය උඩ දාගෙන ප්‍රචාරය කළානෙ. 

ඒ වුණාට අනේ ඥානසාර හාමුදුරුවෝ දිවයින පත්තරේට එවලා තියෙන්නෙ පරණ පත්තර කෑල්ලක් අයියො. ඔය උඩ තියෙන්නෙ ඒ ලිපිය. ඒක ලංකාදීප පත්තරේ පළ වුණේ අවුරුදු හතරකට කලින් අනේ. බලන්නකෝ ඉතින්! 

දෙයි හාමුදුරුවනේ මේ වගේ චේතිය බොරු කෙළින හාමුදුරුවරු ඉන්නකොට රටක බුද්ධාගමක් ඉතුරු වේවියැ. 

ඒ මදිවාට ගොනාට ඇන්දුවේ වෙන කාවවත් නෙමෙයි, සිංහල ජාතිවාදයට රෙදි නැතුව කඩේ යන දිවයින පත්තරේ ය කියහන්කෝ. පව් අනේ දිවයින!

මේව බලන් ඉන්න අපටත් ලැජ්ජයි අනේ. චීයා!

මෙහෙම ඔබත්, රටත් රවටන මිනිසුන්ට ඔයාලා තවමත් ගරු කරනවා ද? 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අනේ හපොයි !
    බුදුන් සරණ නොගිය ...මේ වගේ චීවර ධාරියන් පස්සේ යන...
    උපාසක බළලුන්ට අබ සරණ හැර .....වෙන මොන සරණක්ද ? !

    ReplyDelete
  2. I think it had become a fashion to criticize Buddhist nationalism all around, mainly by the Sinhala Buddhist themselves. Tamils and Muslims are creating all kind of racist issues like land grab issue inflammatory falls news etc, govt ignoring them for political mileage and Muslims are using it to hide land gram and other corrupt activities.

    Sinhala Buddhist patients will run out soon and things will get ugly for Muslims and will take another 30 resolve the conflict. We are majority of this country, minority should understand that. Govt should not allow Muslim politicians to go free for land grab, drug dealing and other unlawful activities. I know for fact, few years ago Muslims killed a Tea company executive and shot director just for business competition.

    Muslims are the worse people, you can see what is happening in the world where they are minority or majority. Think about it who are the most intolerant? Us or them?

    ReplyDelete
    Replies
    1. "Sinhala Buddhist patients will run out soon" Be careful Americans. These animal has lot of patients when the opposition is very powerful like Praba but it will run out when they see poor Tamil or Muslim.

      Delete
  3. දිනේෂ් ගුණවර්ධනත් එක දවසක් පාර්ලිමේන්තුවේදී ඔය වගේ මගෝඩි වැඩක් කලා LTTE එක පිටරටවල යළි මුදල් එකතු කරන බව කියන්න අවුරුදු ගණනකට කලින් ඇමරිකාවේ ගහපු පරණ පත්තරයක් පෙන්නලා.හොඳ වෙලාවට අහගෙන ඉන්න එතරම් පිරිසක් හිටියේ නැහැ.

    ReplyDelete
  4. මට පේන්නෙ නානසාර කියලා වෙන කවුරු හරී දිවයිනේ දේසප්‍රේමි මොන්ටිසෝරි බබාලව රවට්ටලා.

    ReplyDelete
  5. පැරා මේක ඔබට නෝට් වුනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මෙය අපගේ පාඨකයකු විසින් අපගේ අවධානයට යොමු කරන ලද්දකි. නම සඳහන් නො කරන්නේ ඔහුගේ කැමැත්ත මත ය.

      Delete
  6. අබ සරණ වේවා
    බොදු බල සරණ වේවා
    ගණ සරණ වේවා
    මෙතුන් සරණින් ජයම වේවා!

    ReplyDelete
  7. බසින් පාලි අපි පන්සිල් පද කියමු
    සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
    කයෙන් සිතෙන් දස අකුසලකම් කරමු
    පවෙන් ගැලවෙන්න තව බොරුවේ ගැළෙමු

    ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
    එම කාරණය ඇසු සැන අප නෙත් තෙමිණ
    යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
    ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ

    උත්තමයෝ අපිය නැත කළ කිසි වරද
    සත්තම දමන්නට එන්නේ කොයි කවුද
    ඇත්තම වීඩියෝවල සටහන් වුවද
    ගෙත්තම කර මුසා වහගන්නෙමු එයද

    අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
    බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
    ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
    බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත

    පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
    පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
    සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
    මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම

    ගුවන් විදුලියේ හැම දිනයකම බණ
    නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
    මෙවන් පිනට බර දේසෙක හතර කොන
    රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ

    ගතේ දැවටුනද බණ පද නිරන්තර
    අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
    සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
    මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

    http://www.boondi.lk/article.php?ArtID=2526

    ReplyDelete
  8. පැරා,

    මේගැන මගේ මතය,

    01. ඥානසාර හාමුදුරුවෝ කරන්නේ ජාතිවාදයේ නාමයෙන් බුදුදහමට ඇති ගවුරවය නැතිකිරීමයි (ඔහුට විරුද්දව මහනයක හාමුදුරුවරු චෝදනා නොකරන්නේ තමන් සිංහල ජාතියට විරුද්දයි කියන මතය ඇතිවෙයි කියන බයටයි )

    02. රටේ පාලකයන් සිංහල අන්තවාදය හොවෙවා මුස්ලිම් අන්තවාදය හොවෙවා රටේ පැවතුනට මේවා පිටිපස්සෙන් ඉන්න මිනිසුන්ට දඩුවම් නොකරන්නේ තමන්ට චන්ද පදනම නැතිවෙයි කියන බයටයි.

    03. රටේ පාලකයන් හැමවිටම සුළුජාතික අන්තවාදය ට ඉතා ඇල් මැරුන විරුන්ධ බවක් දක්වන අතර මහජතික අන්තවාදයට ඊට වඩා තද විරුද්ද බවක් චන්දයක් ළගපාතක නැති අවස්තාවක පවත්වනවා ඊට හේතුව පාර්ලිමේන්තුවේ සුළුපක්ෂ විරුද්ද වීමෙන් තමන්ගේ බලය ගිලිහෙන බව දන්නා නිසා, නමුත් චන්දයකට ලංවෙද්දි රටේ සිංහල දෙසපාලුවෝ දෙපැත්තකට බෙදිලා සමහරක් මුස්ලිම් ජාතිවාදයට විරුද්ද වන අතර (හරියට අතුරලියේ රතන හාමුදුරුවෝ සහ විජේදාස රාජපක්ෂ කරනවා වගේ ) සමහරුන් සිංහල ජාතිවාදයට විරුද්ද වෙනවා (හරියට රාජිත සේනාරත්න කරනවා වගේ ) මේ counterbalance ක්‍රමවේදය නිසා රටේ මහජාත්යත් සුලුජාතියත් රැවටීමට හැකිවෙනවා.

    04. සිවිල් සමාජය මෙහදී මහජාතික ජාතිවාදයට දැඩි විරුද්ද වෙන අතර සුළු ජාතික අන්තවාදය නොදැක්ක වගේ ඉන්නවා, මිට තියන සාදාරන හේතුව ඔවුන්ට විදේශ රාජ්‍ය නොවන සංවිදාන මහින් ආදර ලබාගන්න බැරිවෙන නිසා මිට හොදම උදාහරණය ගාමිණී වියන්ගොඩ වැනි අයයි.

    රටේ ජනතාවත් ඉතා දුෂිතයි ඔවුන් බලන්නෙත් තමන්ට වාසි ක්‍රමය තෝරාගැනීමයි, දුෂ්ට චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ මේ පරිසරය තුලයි.

    ReplyDelete
  9. එයා 2013 හිටිය මතයෙම තාම ඉන්නවානම් පරන ලිපියක් යැවීමේ වරද මොකක්ද?

    ReplyDelete
  10. දේශප්‍රේමය ආගමික ප්‍රේමය යනු ඇස් අන්ධ කරන රෝගයක්. ගන්දස්කාර චීවරයන් තමයි බුද්ධ ධර්මය හෑල්ලුවට ලක් කළේ . අස්ගිරියට අවශ්‍ය මහරජා නැවත ගෙන ඒමයි. එවිට පත්තිරිප්පුවේ ඉඳගෙනම කාර් රේස් බලන්න පුළුවන්.

    ReplyDelete
  11. These outlayers get importance because of the population is politically divided half and half. (They are not able to make who is good for the counties future. Can not blame the politicians for that because the political power is decided by these goons. JR did not have this problem because of 2/3 with him.

    ReplyDelete
  12. මටනම් පේන්නෙ ඔය ඥාණසාර හාමුදුවන්ට මේ ආණ්ඩුවෙ සමහර ඇමතියො සපෝට් කරන නිසා තමයි ආයෙ උඩ පනින්න ගත්තෙ. ඒ ඇමතියො හිතනව ඇති ආණ්ඩුවට ජාතිවාදී මුහුණුවරක් එක් කළොත් මහින්දවාදී ඡන්ද ටිකක් කඩා ගන්න පුළුවන් කියල.

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, එකබද්ධයටත් ආණ්ඩුව වක්‍රව උදව් කරන බව පේනවා. රනිල්-සිරිසේන දෙපාර්ශවයම. ජනතාව සදා සොත්ති...

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා