ඩෙංගුවලට බී.ටී.අයි. හෙවත් බෝතලේ ටොනික් ඉස්තරම්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවෙන රෝග අංශයේ සංඛ්‍යාලේඛන අනුව, 2017 වසරේ පසුගිය මාස හය තුළ ඩෙංගු රෝගීන් 67,205ක් වාර්තා විය. සිදු වූ මරණ සංඛ්‍යාව 195කි.
මෙම සංඛ්‍යාව 2016 වසරේ වාර්තා වුණ මුළු මරණ සංඛ්‍යාව වන 78 මෙන් දෙගුණයකටත් වැඩි ය.
වසර 2015දී වාර්තා වුණ ඩෙංගු මරණ සංඛ්‍යාව 54කි.
2016 වසරේදී වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 55,150කි.
2015 - 29,777
2014 - 47,502
2013 - 32,063
2012 - 44,461
2011 - 28,473
2010 - 34,188
සෑම වසරක ම වැඩි ම රෝග ව්‍යාප්තියක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
කෙසේ වෙතත්, 2017 වසර ඩෙංගු සම්බන්ධයෙන් ගත් කල ඉතිහාසගත වන වසරකි. එය මීට පෙර පැවති උපරිමය මෙන් කීප ගුණයක වැඩි වීමකි.
එසේ සිදු වී තිබෙන්නේ ඇයි?
මෙතැනදී පැහැදිලිව ම රජයේ අකාර්යක්ෂමතාව විවේචනයට ලක් විය යුතු ය. සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා විශේෂයෙන් මහජන සෞඛ්‍යය සම්බන්ධ නිලධාරීන් මෙම තත්වයට වගකිව යුතු ය.
අනෙක් පැත්තෙන්, කසල කළමනාකරණයෙහි ඇති අකාර්යක්ෂමතාව ද ඩෙංගු ව්‍යාප්තිය වැඩි කිරීමට ඉවහල් වී ඇතැයි සිතිය හැකි ය.
ඩෙංගු රෝගය ව්‍යාප්තියට මහජනයාගේ වැරදි ආකල්ප හා සනීපාරක්ෂක පුරුදු ද හේතු වෙයි.
එහිදී විශේෂයෙන් ම පරිසරය පිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් ඇති මහජන ආකල්ප වැදගත් ය. පරිසරය යනු තමන්ගේ ගෙවත්ත පමණක් නො වේ. විශේෂයෙන් ම පාර, පාරේ කාණු, සේවා ස්ථානය, නගරය ආදී සෑම තැනක් ම පරිසරයයි. අයථා ලෙස තැන් තැන්වල පොලිතින්, ප්ලාස්ටික් ආදිය විසි කිරීම නිසා ඍජුවම ඒවායේ ද, ඒවා නිසා අවහිර වන කාණු ආදියේ ද ඩෙංගු මදුරුවන් බෝ වේ.
රෝගය පැතිරෙන කාලයට පමණක් කරන පරීක්ෂා හා දඩගැසීම් ආදියෙන් පලක් නැත. මහජන ආකල්ප හා සනීපාරක්ෂක චර්යාවන් වෙනස් කිරීම ඉතා වැදගත් ය.
ලංකාවේ පවතින අවිධිමත් වර්ෂා රටාව නිසා මොනවා කළත්, මදුරුවන් බෝ වන ස්ථාන දුරු කිරීම අපහසු ය. උදාහරණයක් ලෙස නිවෙස්වල වැහි පීලි, බිම වැටී තිබෙන කෙසෙල් කොළ වැනි ශාඛ පත්‍ර, අන්නාසි, හබරල වැනි ශාඛවල පිත්ත කඳට සවි වන ස්ථානය හා තවත් බොහෝ ස්වාභාවික පරිසරයන් මදුරුවන් බෝ වීමට මහෝපකාරී වේ. එසේම ලංකාවේ පවතින උෂ්ණ දේශගුණය ද මදුරුවන්ට ඉතා හිතකර ය.
ඩෙංගු මර්දනය කිරීමට ජාතික වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය ය. රජය හා ආණ්ඩු තිබෙන්නේ ඒවා සංවිධානය කරන්නට ය. නැතිනම්, මහජනයා ඒවා නඩත්තු කිරීමෙහි තේරුමක් නැත. එසේම, මහජනයා ද ඩෙංගු මර්දනයට උපරිම සහයෝගය ලබා දිය යුතු ය.
ඩෙංගු සෞඛ්‍යයට පමණක් නොව ආර්ථිකයට ද දැඩි බලපෑමක් කරයි. ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැවැන්ත වියදමක් කරන්නට සිදු වේ. ඊට අමතරව, බොහෝ විට ඩෙංගු නිසා රටට අහිමි වන්නේ වටිනා මානව සම්පත් ය.
ඩෙංගු රෝගය මර්දනය කිරීමට බීටීඅයි බැක්ටීරියාව කියුබාවෙන් ගෙන ඒම ගැන ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරු කයිවාරු ගසන්නේ දැනට අවුරුදු දහයකට පමණ පෙර සිට ය.
බයෝ පවර් ලංකා නම් ආයතනයක් 2010දී පමණ දේශීයව මෙම බැක්ටීරියාව නිපදවී ය. එහෙත්, එය දිරිගැන්වුණේ නැත. කොමිස් හුටපට රාශියක් මේ පසුපස තිබිණි. දේශීයව නිපදවන බී.ටී.අයි. බැක්ටීරියාවට වඩා මිළ අධික කියුබානු බැක්ටීරියාව ආනයනය කිරීමට එවකට සිටි ඇමතිවරුන්ට හා නිලධාරීන්ට අවශ්‍ය වූ බව ද වාර්තා විය.
වසර 2013දී පමණ මෙම කියුබානු බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසින ලද මුත්, එවකට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන එය අසාර්ථක වූ බව පැවසී ය.
වර්තමාන ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමති පදවිය හෙබවූ සමයේ සිට ම බී.ටී.අයි. බැක්ටීරියාව යනු ඩෙංගු දැඩිව පැතිරෙන සමයන්හිදී ගායනා කරන ලද නැළවිල්ලක් පමණක් විය. දැන් ද එය එසේ ම ය. දැන් කියුබාව නොව ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය ද පටලවාගෙන අලුත් බයිලාවක් කියනු ඇසේ. ඒ වැසි නතර වී ඩෙංගු ව්‍යාප්තිය අඩු වන තෙක් පමණි.
ලංකාවේ රජය හා ආණ්ඩුව මහජන ජීවිත සම්බන්ධයෙන් කෙතරම් වගකීම් විරහිත ද යන්නට ඩෙංගු තරම් හොඳ උදාහරණයක් නැත.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ආණ්ඩු මාරුවුනාට, සිරිසේනලා, සිරිපාලලා, සේනාරත්නලා එදා හිටිය උං ටිකමනේ අද ඉන්නේ. නිලධාරින්ගේ නම් තනතුරුවත් වෙනස් වෙලා නැතුව ඇති.
ReplyDeleteඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය කරපු Research එක නම් බයිලාවක් නෙමේ !
ReplyDeleteඒක හොද විසදුමක් වෙයි !
ඩෙංගු වලට පමණක් නෙමේ අනෙක් මදුරුවන් මගින් බෝ වෙන රෝග වලට
බයිලා කියන්නේ ලංකාවේ ආණ්ඩු තමයි !
ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය කරපු Research එක -
මේ video එක බලන්න - https://youtu.be/1ErcwogWbIA
http://www.eliminatedengue.com/program
දැනට එම එකට පරීක්ෂණාත්මකව පාවිච්චි කරන රටවල් - Australia, Brazil, Colombia, Indonesia, Vietnam, India
http://www.eliminatedengue.com/project
මම බයිලා ය කිව්වෙ ලංකාවෙ දේශපාලකයන් හා නිලධාරීන් කියන දේවලට. මේ රිසර්ච් එකට නෙමෙයි. ලංකාවෙ එවුන් දන්නෙ එවෙලෙට ගැලවෙන විද්‍යාව හෙවත් ගැලවිජ්ජාව විතරයි.
Deleteඔව් ඇත්ත ඒක තමයි මමත් කිව්වේ "බයිලා කියන්නේ ලංකාවේ ආණ්ඩු තමයි !" කියල
Deleteඔබේ අදහසට මමත් එකගයි !
මිනිසුන්ගේ නොසැලකිල්ල කියන සාධකය ප්‍රධානයි.ඒ ගැන තර්කයක් නැහැ. නමුත්
ReplyDeleteඑක්දහස් නමසිය හැත්තෑ ගණන් වලත් මදුරු මදුරු මර්දනයට රජයෙන් ද ලොකු වැඩකොටසක් කළා.කන්දක් මුදුනේ තිබුන තනි ගෙයක් උන අපේ ගේ වටේටත් ඇවිත් මදුරු මර්දන බෙහෙත් ඉහල ගියා මට මතකයි .නමුත් අද මොකද වෙන්නේ. ගෙවත්තේ හබරල කොලේක පවා රැදුන වතුර ටිකට මිනිස්සු අල්ල අල්ල දඩ ගහනවා.ඒක රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගෙන.ඔය දඩ ගහල හොයන කෝටි ගණන් සල්ලි වලින් මදුරු මර්දනයට මොනවද රජය කරන්නේ.ඔය ඩෙංගු මදුරුවෝ අල්ලන්න රංචු පිටින් යන එවුන්ට පඩි ගෙවන්නම කීයක් යනවා ඇද්ද?ඔය එන එවුන්ට මදුරු කීටයෝ අල්ලාගෙන දඩ ගහල විතරක් නොගිහින් එවෙලේම මදුරු මර්දනයට බෙහෙත් ටිකකුත් ඉහල යන ක්‍රමයක් සකසන්නේ නැත්තේ ඇයි? උන්ට ඕනි දඩ මිසක් මදුරු මර්දනේ නෙවෙයි. එකයි ඇත්ත.අනික නිසි ලෙස වතුර නොබසින නගරයේ කානු වල , වල් වැදුන රජයේ ඉඩම් වල පුරන් කුඹුරු වල වතුර වලවල් වල කෝටි ප්‍රකෝටි ගණන් මදුරුවෝ. ඔය මදුරු කීටයෝ අල්ලන එවුන් ඒවා දිහා අහක් ඇරලා බලනවද? නෑ, මොකද ඒවාට දඩ ගහන්න කෙනෙක් නැහැ.මදුරුවන්ට කලින් වඳ කරන්න ඕනි මේ හැම ආපදාවකින්ම මිනිස්සුන් හූරා කන කාල කන්නි දේශ පාලුවන්වයි.
කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන රාජපක්ෂවාදී කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත‍්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ReplyDeleteකොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක කසල ගෙනැවිත් දැමීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර පවසයි. මෙය හිටපු දූෂිත රාජපක්ෂ රෙජීමයේ බලය ගිලිහී වියරු වැටුන අමනයින්ගේ වැඩක් බව පෙනේ.
කොළඹ නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී පසුගිය කාලයේ කොළඹ නගරය හරි ලස්සනට තිබුනේ යයි ඇතැම් දූෂිත පුඟුලන්/ අමන අවලමුන් කියූවත් ඇත්තටම සිදු වූයේ පස් දමා කුණු වැසීම බවද ඔහු එහිදී පැවසීය. බයගෝතයා වැනි පඩ ශෝ කාරයින් එදා බිලියන් ගණන් මුදල් නාස්ති කරමින් කළේ මෙයයි.
Sri lanka is a failed state. No point living in this shithole anymore. Yes there are natural disastars that u cant avoid but dengu is nt one of them. We hv citizens who controbute to spread of denvu and a government who does noth8ng other than making public annoumcements. I mean whats th point of this country if we as citizens dont even know how tl dispose our gargabe with out throw8ng in th streets abd politicians who got elected wit out votes do nothiv but it yet fet aways wit more rewards
ReplyDeleteපැරා මගේ ගෙදර තියෙන්නේ ශ්‍රි ජයවර්ධනපුර නගරයට අයිති පුදේශයකයි. කවදාවත් ඩෙංගුරෝගීන් මේ ප්‍රදේශයේ හිටියේ නැහැ නමුත් මගේ දුවට ඩෙංගු හැදුනා දැනට සති දෙකකට විතර ඉස්සර . මට පේන්නේ මදුරු මර්ධනය අඩපනවී ඇති බවයි.
ReplyDelete// විශේෂයෙන් ම පාර, පාරේ කාණු, සේවා ස්ථානය, නගරය ආදී සෑම තැනක් ම පරිසරයයි.//
ReplyDeleteපැරා,
මිට සිංගප්පුරුවේ යොදල තියන විසදුම අපුරුයි, මට කියවන්න ලැබුන සිංගප්පුරුවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නල පද්ධතියක් තිබෙන බව ඔවුන් සකසල තියෙන්නේ ශ්‍රී ලංකාව වගේ කානු පද්ධතියක් නෙමෙයි මේ නල මගින් අපද්‍රව්‍ය බැහැර කරනවා ඊට අමතරව කසල ප්‍රතිචක්‍රීකරණය නිසිලෙස වෙන්නේ ඉතා විශාල දඩ පනවා ඇති නිසා.
මිනිසා ඒ රටේ මදුරු වසංගතය නෑ
පැරා, මේ දත්ත ලබාගත් ලින්ක් එක දෙන්න පුලුවන්ද?
ReplyDeleteලිපියේ පළමු වචන කීපය ලින්ක් කර තිබේ. http://www.epid.gov.lk/web/index.php?option=com_casesanddeaths#
DeleteAno @ 9.22 am
Deleteපැරා, ඔබට තුති. ලිපියේ ලින්ක් එක සපෝට් කළේ නැහැ. මොකක් හරි අවුලක් ???
දැන් ගොඩ. නැවතත් තුති.
හෝමාගම නගරය තුල ජීවත් වන අපේ අසල්වාසීන් බොහෝ දෙනෙක් ඩෙංගු රෝගීන් බවට පත් වුණා. එකම ගෙදර දෙතුන් දෙනා එකවර රෝහල් ගත කරලා. පාසල් දරුවෙක් මියගියා. ඔහුගේ සහෝදරයත් දැන් ඩෙංගු වැළදී රෝහල් ගත කරලා.
ReplyDeleteතවම දුමායනයට කවුරුවත් ආවේ නැහැ. ඉඳ හිට ඩෙංගු මර්දන කණ්ඩායම් ඇවිත් කැරකිලා යනවා. සති කිහිපයකට පෙර කලාකරුවන් සහභාගී කර ගත් කණ්ඩායම්ද ආවා. නමුත් එම කණ්ඩායම් පැමිණ යනවා විනා ඔවුන් ගේ පැමිණීම ඩෙංගු මර්දනයට රුකුලක් වෙලා නැහැ. මන්ද අවට පරිසරය තුල වතුර රැදෙන තැන් එමටයි. එලෙසමයි. ඇතැම් වතු වල හිමිකරුවෝ වෙනත් ප්‍රදේශවල පදිංචිය. එම වතු වල කැලේ වැවිලා. අර මුලින් කිවූ කණ්ඩායම් වලට කරන්න දෙයකුත් නැතුව ඇති. මන්ද ඔවුන්ට නීතිමය බලයක් හිමි නොවන නිසා.
රාජ්‍ය නිළධාරීන් කිසිවක් නොකරන බව තමයි කියන්න තියෙන්නේ. නැත්නම් අපි මෙච්චර ඉල්ලා සිටියත් දුමයානයටවත් කිසිවෙක් නොපැමිණෙන්නේ ඇයි ?
එයට ආණ්ඩුවේ බොරු සිල් ගැනීම රුකුලක් වී ඇත.
දැන් ඉතින් වග කිව යුතු රාජ්‍ය නිලධාරීන්ව සහ දේශපාලුවන් ගස් බැඳිය යුතුදැයි සිතාබැලිය යුතුයි.