සේපාල ඒකනායක වීරයකු කිරීමේ සිට ඕස්ට්‍රේලියාවේ ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ ලාංකික මානසික රෝගියා හඳුනා ගැනීම දක්වා සමාජ පරිණාමය

සේපාල ඒකනායක - ලාංකිකයාගේ රෝග ලක්ෂණයක් 
ඕස්ට්‍රේලියාවෙන් පිටත් වූ මැලේසියන් ගුවන් සේවයට අයත් යානයක් පැහැර ගැනීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් මානසික රෝගියකු යයි සැක කරනු ලබන ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ මානසික රෝගියා මානසික රෝගියකු ලෙස සැලකීමට ලංකාවේ සමාජයට හැකි වීම එක්තරා දුරකට අප අත්පත් කරගෙන තිබෙන සමාජ සංවර්ධනයකැයි සැලකිය හැකි ය.

අදින් අවුරුදු 35කට පෙර 1982 ජූනි මාසේ 30 සිදු වූ සිද්ධියක් සිහිපත් වේ. අතිශය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගෙන රටේ කීර්ති නාමයට බරපතල කැළැලක් සිදු කළ මෙවැනි ම උන්මත්තකයකු වූ සේපාල ඒකනායක එකල ලංකාවට වීරයකු විය.

දැනුත් පත්තරකාරයෝ අවුරුද්දකට හමාරකට වරක් මේ පුද්ගලයාගේ සම්මුඛ සාකච්ඡා ආදිය පළ කර ඔහු ඔසවා තබති. උන්මත්තකයා පුනරුත්ථාපනය නො කර, එම පුද්ගලයාගේ උම්මත්තකභාවය වීරත්වයට නැගීම සමාජ විරෝධී ක්‍රියාවකි.

මේ කාඩ්බෝඩ් වීරයා සම්බන්ධයෙන් මතු වන චෝදනාවක් වන්නේ ගුවන් යානා පැහැර ගැනීම සම්බන්ධයෙන් සිරගත වී සිටි ඔහු 1983 ජුලි මාසයේදී දෙමළ සිරකරුවන් 53ක් පහර දී, කපා කොටා මරා දැමීමේ ප්‍ර‍හාරයට නායකත්වය දුන් බවයි. එහෙම නායකත්වය දීමේ හැකියාවක් ඔහුට ලැබෙන්නට ඇත්තේ මාධ්‍ය විසින් කරන ලද පිම්බීම නිසා ය.

මෙම ඝාතනයට එවකට වැලිකඩ බන්ධනාගාරයේ සිටි ප්‍ර‍ධානීන්ගේ අනුග්‍ර‍හය ලැබී තිබිණි. එම සිදුවීම මෙහෙයවූ බව කියමින් වීර සිංහලයකු හා ඉතා සැර පරුෂ පුද්ගලයකු ලෙස හැසිරුණු ප්‍ර‍ධාන ජේලර්වරයකු වසර කීපයකට පසු මම මැගසින් බන්ධනාගාරයේදී දුටුවෙමි. මෙම සමූහ ඝාතනය ගැන කිසි කලෙක නිසි විමර්ශනයක් සිදු වූයේ නැත.

මෙවැනි අපරාධකරුවන් දැනුත් මතු වේ. සියලු අපරාධකරුවන්ගේ ද අවසාන නවාතැන ජාතිවාදය හා ආගම්වාදය වීම කෙතරම් උත්ප්‍රාසජනක ද? අලුත් ම උදාහරණය එස්. එෆ්. ලොක්කා නමින් ප්‍ර‍සිද්ධ වූ, සමූහයක් සමග එක්ව අනුරාධපුරයේ නයිට් ක්ලබ් හිමිකරුවකු වූ වසන්ත සොයිසා නමැත්තා නිරායුධව සිටියදී මරා දැමූ ඝාතකයා ය.

අපරාධකරුවන්, උම්මත්තකයන්, මෝඩයන් වැනි අය ක්‍ර‍ම විරෝධී වීරයන් ලෙස සැලකීමේ ප්‍ර‍වණතාවක් ඈත අතීතයේ සිට ම ලංකාවේ තිබේ. එයට හේතුව ලෙස මට නම් පෙනෙන්නේ ලංකාවේ සමාජය තුළ නවීනත්වයට එරෙහි මානසික කැරැල්ලක් පැවතීම විය හැකි ය.

සාමාන්‍ය මංකොල්ලකරුවෙකුට වඩා විශේෂ පුද්ගලයකු බවට කිසිදු සාක්කියක් නැති සරදියෙල් වීරයකු කරගෙන ඇත්තේ ඒ කාලයේ කවුරුන් හෝ සුද්දකු ඔහු රොබින් හුඩ් පුරාවෘත්තයට සමාන කිරීම නිසා ය.

රොබින් හුඩ් යනුවෙන් පුද්ගලයෙකු ඇත්තට ම සිටි බවට සාධක ඉතා විරල ය. මෙම ඉතිහාස සටහන කියවන්න. නැතිනම් වීඩියෝව බලන්න.

සරදියෙල් අධිරාජ්‍ය විරෝධියකු හෝ දුප්පතුන්ට ධනය බෙදා දුන් අයකු කළ හැක්කේ සාහිත්‍යයකින් පමණි. එහෙත් සාහිත්‍යය ඉතිහාසයක් ලෙස ළමයින්ට ඉගැන්වීමෙන් අප අනාගත පරම්පරාවන්ට ලබා දෙන්නේ ඉතා වැරදි පූර්වාදර්ශයකි.

මරු සිරා සම්බන්ධයෙන් ද කිව හැක්කේ මෙය ම ය. මරු සිරා අපරාධකරුවකු කළේ සමාජය විසින් ය යන සමාජ සත්තා යථාර්ථවාදී කලාකරුවන්ගේ සමාජවාදී අදහස වෙනත් ඕනෑම අපරාධකරුවෙකුට ද අදාළ කළ හැකි ය. මරු සිරා පුරාවෘත්තයක් වීම වෙනම කාරණයකි. එහෙත් ඔහු වීරයෙකු නො වේ.

1989 කැරැල්ල සමයේදී සමාජය විසින් අපරාධකරුවන් කරන ලද මෙවැනි වීරයෝ ඇතැමෙකුට ජවිපෙ කොක්ක ගැසුවේ ය. මාල කැඩීම සම්බන්ධයෙන් සිරගතව සිටි පුද්ගලයකුට ඒ කාලයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ටිල්වින්ලා කොක්ක ගසා තිබිණි. මෙම පුද්ගලයා පසුව ජවිපෙ සමග එක් වී ප්‍ර‍ධාන නගරයක මැද්දේ නිර්භයව පෝස්ටර් ඇලවීම වැනි කටයුතු කළේ ය. පසු කලෙක අසන්නට ලැබුණු පරිදි ඔහු ජවිපෙ නමින් සොරකම්වල යෙදී තිබිණි. මෙවැනි ඇතැමෙකු අවසන් ගමන් ගියේ ජවිපෙ අතින් ම ය.

මිනිසුන් අපරාධකරුවන් වන්නේ සමාජයේ වරදින් ම නො වේ. එයට බලපාන වෙනත් මානසික හේතු රැසක් තිබේ. මෝඩකම හා හිතුවක්කාරකම ඒ අතරින් ප්‍ර‍මුඛ ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රොබින් හුඩ් ගැන ඉතිහාසඥයන්ගේ මතය කැලෑවැදී නීතියෙන් පිට වසංව සිටි පුද්ගලයන් (outlaws) ගණනාවක් පිලිබඳ කාලයක් තිස්සේ තිබූ කතා එකතුවෙලා රොබින්හුඩ් ලෙජන්ඩ් එක හැදුනයි කියලා.

    අපේ රටේ ත්‍රස්තවාදයෙන් බැට කන්න ඉස්සර අපි පිටරට ත්‍රස්තවාදී ක්‍රියා වීරකම් ලෙස දැකපු කාලයක් තිබුනා. විශේෂයින් පලස්තීන ත්‍රස්තවාදීන්ව වීරයන් කලා. ඊස්රායල් මගී ගුවන් යානාවක් පැහැර ගත් ලයිලා කාලිඩ් ගැන චිත්‍රකතා තිබුනා. අපිටත් ත්‍රස්තවාදයෙන් වැදෙනකොට තමයි තේරුනේ ඕනෑකමින් සිවිලියන් ඉල්ලක්කවලට ගහන එක ත්‍රස්තවාදය නේද කියලා !

    ReplyDelete
    Replies
    1. මල්ලෙ පොල් විග්‍රහයක්

      Delete
    2. මනසික රෝගී අපරාධ කරුවන් ගැන කතා කරනකොට පලස්තීනයක් ගැන දොඩවනවා. මල්ලෙ පොල් විග්‍රහයක්. මොසාඩ් එජන්තයෙක් කොහෙද.

      Delete
  2. සේපාල ඒකනායක මහතා දෙමල සිරකරුවන්වෙන සහෝදරත්වයේ දෑත දිගුකලා.
    දෙමළ බල්ලන් එම අත් හපා කෑවා.
    සේපාල මහතා මාක්ස්වාදියෙක්වන් ක්‍රිස්තියානි කාරයෙක් වත් නොවන නිසාත්,
    සංවේදී හදවතක් ඇත්තෙකු නිසාත්. ඔහු ආවේගශීලී වුනා.
    ඔහු මං වගේ ගල් හිතක් තිබුන කෙනෙක් නම්
    දෙමෙල්ලුන්ට පුක දෙන්න යන්නෙත් නෑ,
    උං පුකේ ඇරියා කියලා කලකිරෙන්නෙත් නෑ,
    මරනවා නම් ඔයිට වඩා මරනවා

    ReplyDelete
    Replies
    1. මේ අදහස් සම්බන්දව සිතා බැලු විට ඔබටත් මානසික ප්‍රතිකාර අවශ්‍ය බව පෙනෙයි....

      Delete
    2. ඉතින් ඔය නොකිය කියන්නේ 'ගල් හිත' තිබෙන ඔබ දෙමෙල්ලුන්ට පුක දෙන්නේ නැහැ නමුත් වෙන කාට හරි පුක දුන්න කියල නේද?

      Delete
  3. පැරා, උම්මන්තකයෙක්ව උස්සා තබන පත්තරකරයොත් උම්මන්තකයෝ බව ඔබට නොතේරේද ?

    ReplyDelete
  4. ඥාණසාර කොතනටද?

    ReplyDelete
  5. තමන්ගේ සතුරාගේ මළමිනියෙනුත් පලිගත් විජේවීර නම් උම්මන්තකයා ගැන පැරාගේ විවේචනය කෝ?

    ReplyDelete
  6. JVP= මැක්කා
    පැරකුම්ගේ මැක්කා JVP

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා