හමුදා කඳවුරක් ඉදිරිපිට ගාඩ් ඩියුටි ඉන්න කොල්ලෙකුට දුන්න අවවාදයක්

මේ දැන් සිදු වුණ දෙයක්. සම්පූර්ණ විස්තරේ කියන්නෙ නැත්තෙ අදාළ පුද්ගලයාට කළ යුතු අනතුරු ඇඟවීම පුරවැසියකු ලෙස මම කළ නිසායි. මම දැන් කොළඹ නගරයේ ප්‍ර‍භූ ප්‍රදේශයක ආරක්ෂක නිලධාරි නිවස්නයක් ඉදිරියෙන් පදික වේදිකාවේ ඇවිදගෙන ආවා. ඒ කාර්ය බහුල පදික වේදිකාවේ මට ඉදිරියෙන් තරුණියක් ගමන් කළා. අර හමුදා කඳවුර ඉදිරියේ මුරට සිටි සන්නද්ධ ආරක්ෂක අංශ සාමාජිකයෙක් මොකක් හෝ අවකැපෙන වචනයක් අර නාඳුනන තරුණියට කිව්වා. තරුණිය හැරී රවා බලා යන්න ගියා.

එහෙම දෙයක් දෑසින් දැකලාත් අහක බලාගෙන යනවා නම් අප කරන දේශපාලනය වැඩක් නැහැ. ඒ නිසා අවදානම ගැනත් හිතලා මං ටිකක් ආරක්ෂිත දුරකින් ඉඳන් කතා කළා. නැතිනම් අවිය උදුරගන්න හැදුවා ය කියා වෙඩි තියයි. 

මම ඇහුවා, ඔයා යුනිෆෝම් එකක් ඇඳගෙන රාජකාරියක් නේද කරන්නෙ, ඇයි මේ වගේ හැසිරෙන්නෙ කියලා. ඔහු නිහඬව හිටියා. කැත වැඩ කරන්න එපා ය කියලා මම මගේ ගමන ගියා. ඔහු මට ආයුධ උරුක් කරන්නට ආවෙ නැහැ. මා කතා කළ නිසා පාරේ ගිය දෙන්නෙක් මොකක්ද සිද්ධිය කියලා ඇහුවා. 

ඔහුගේ නිහඬබව වරදකාරී හැඟීමක් ලෙස පිළි ගනිමින් මම ඔහු ගැන මීට වඩා හෙළිදරව් කරන්නෙ නැහැ. නැතිනම් තවමත් ඔහු එතැන ඩියුටි. හේතුව මෙවැනි තරුණ හැඟීම් සහිත සාමාන්‍ය ආරක්ෂක අංශ සාමාජිකයෙකුට ඉහළ නිලධාරීන් ලවා දඬුවම් ලබා දීමෙන් සියලු ප්‍ර‍ශ්න විසඳෙන්නෙ නැහැ. හැබැයි, ඉතින් මේ වගේ පුංචි දේවල් ගැන දැනගන්නට කවුරුවත් අපට උගන්නන්ට අවශ්‍යත් නැහැ. 

මහින්දගේ කාලෙ මා දවසක් ගාල්ල නගරයේ විද්‍යාලෝක විද්‍යාලෝක විද්‍යාලය ආසන්නයේ වක්වැල්ල පාරේ කොටුව පැත්තට වාහනය පදවද්දී පසුපසින් හිටි ගමන් පැමිණ වේගයෙන් මා ඉස්සර කර ගිය ප්‍ර‍භූ ආරක්ෂක රිය පෙළක මෝටර් සයිකලයක පසුපස සිටි අපේම මහජන මුදලින් වැටුප් ගන්නා පොලිස් බල්ලෙක් “අයින් කර ගනින් පකයො කාර් එක," කිව්වා.

මාත් කුණුහරුප දන්නවා වුණත්, දරුවන් වාහනයේ සිටි නිසා මා නිහඬ වුණා. ආරක්ෂක රථ පිරිවරා ගත් දේශපාලක හොරෙකු අප පසු කර ඉගිලුණා.

මා හිතන්නේ අපි 2015 ජනවාරි 8 වෙනස් කරන්නට අදහස් කළේ අන්න ඒ සංස්කෘතියයි. මුළුමනින් ම බැරි වුණත්, අපි යම් වෙනසක් සලකුණු කළා කියලායි මම හිතන්නෙ.

ලංකාවේ දේශපාලනය වගේ ම සමාජයත් හරිම පසුගාමීයි. අපේ තිබෙන මූලික ගැටලුවක් තමයි, අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා නො කරන එක. ඒ වගේ ම වෙනත් කෙනෙකුට සිදු වන අසාධාරණයකදී කතා නො කර සිටින එක. සමාජය වෙනස් කරන්නට ඕනැ නම් අපි මේ අභියෝග භාර ගත යුතුයි. දේශපාලකයන්ගෙන් සියල්ල බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට බැන බැන සිටීමෙන් කිසිවක් සිදු වන්නේ නැහැ. 

ජනතාව, පුරවැසියන් විදියට අප ශක්තිමත් විය යුතුයි. යහපත් සමාජයක් වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන් වන අරගල බිම මේ කියවන ඔබේ දෑස් ඉදිරිපිටත් තිබෙනවා. අප ඒ හැම තැනකම බොරුවට, අසාධාරණයට එරෙහිව සටන් කළ යුතුයි. 

මා මෙම ලිපියත් සමග බෙදාගෙන තිබෙන රූපයේ තිර සේයාරුව මා ගත්තෙ පැය 24කට විතර කලින්. මේ වන විට එය දහස් ගණනක් විසින් ලයික් කර, ෂෙයා කර ඇති. එසේ කරන අය අතර සැලකිය යුතු කාන්තාවන් පිරිසක් සිටින බවත් මා දැක්කා. 

මෙච්චර දියුණු ලෝකෙක, මේ සිංහල බෞද්ධ ය කියන රටේ අම්මාගේ යෝනියෙන් ජාතක වුණු, අම්මාගේ කිරෙන් ජීවිතය තහවුරු කර ගත් අපි මෙවැනි අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා තිරිසනුන් වුණේ කොහොමද? ලෝකෙ ශාස්ත්‍රීය සංවාද හා කොළඹ වීදි අතර පරතරය මතක් වන කියමනක් මේ සමග මතක් වුණා. 

අවසන් වශයෙන් ජාර්ක් රොන්සියර්ගේ මූලික අර්ථකථනයෙන් ඔහු අපෙන් අසන්නේ, ගිලී යන නෞකාවක ප්‍රථම පන්තියේ ගමන් ගන්නා තරුණියක සහ තෙවැනි පන්තියේ ගමන් ගන්නා තරුණයෙකු අතර ආදර සම්බන්ධයකින් මේ තරම් සතුටක් ලබන්නට අප සිටින්නේ කුමන සියවසක ද කියා ය. - එරන්ද මහගමගේ (අයිසන්ස්ටයින්ගේ දේශපාලනය, බව බ්ලොග් අඩවිය)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යුද්ධ තියෙන කාලේ සිදුවීම් 2ක්..
    වරක්  බිරිඳ සහ දරුවා සමග වාහනේ යනකොට චෙක් පොයින්ට් එකක නැවැත්තුවා.. මගේ වාහනේ ලියකියවිලි පරීක්ෂා කරන ගමන් එක් සන්නද්ධ සාමාජිකයෙක් බිරිඳට ඇස් ගහලා.. මෙයා ඒක කිව්වේ එතැනින් ගියාට පස්සේ.. මම තරහින් ආයෙත් හරවගෙන යන්න හදනකොට බිරිඳගේ පෙරැත්තය නිසා අත් හැරලා දැම්මා.
    දෙවෙනි එක මම තනියම යනකොට නවත්තලා වාහනේ චෙක් කරා.. එතැන තවත් වාහනයක් නවත්තලා තිබ්බා. ඒකේ ජෝඩුවක් ඇවිත් තිබ්බා. ඒකේ ගැහැනු කෙනාව මේ අය කුඩූව ගාව ඉඳන් ප්‍රශ්න කරනවා..මම ටිකක් ඇතින් හිටපු ඒ පිරිමි කෙනාගෙන් ඇහුවා මොකද කියලා..
    ඇයගේ හෑන්ඩ් බෑග් එකේ කන්ඩෙම් පැකට් එකක් තිබිලා..මේ ඔහුගේ පෙම්වතිය..  මේ මනුස්සයට කතා කරන්න නොදී නින්දිත විදිහට ගෑනූ කෙනාව ප්‍රශ්න කරනවා.

    යුද්ධයෙන් පසු .. මවගේ නිවසේ වැඩ කරන්න එන ගෑනූ කෙනා හවස තම ගෙදරට යනකොට කොහුවල කෑම්ප් එකේ ඇතුලේ වැට ගාව හිටපු කෙනෙක් ලිංගය එලියට ඇදලා පෙන්වලා.. 
    පහුවෙනිදම මම ගිහින් ඒකේ ලොක්කෙකුට මේක කිව්වා..
    දැන් නම් වටේට තාප්පයක් ගහලා..

    ReplyDelete
    Replies
    1. ලොක්කො, තමුසෙ එදා බිරින්ඳැ හින්ද බේරිලා තියෙන්නෙ. ඔය වගේම කේස් එකක් මගෙ යාළුවෙක්ට වෙලා, ඌ එතන ඉන්න ආමි කාරයට බැනල. මුන් ඌට හොඳටම නෙලල කෑම්ප් එකට අරන් ගිහින්. ඊට පස්සෙ මූගෙ ඇඳුම් ගලවලා ජොකා පිටින් බිත්තියට හේත්තු කරල කිව්වලු බිත්තියට නගින්න කියල. බිත්තියකට කොහෙ නගින්නද? පස්සෙ පිටිපස්සෙ එකා තුවක්කුවෙ බට් එකෙන් මූගෙ පිටිපස්සට හොඳටම ගහනවලු. පස්සෙ ගෑනිගෙත් ඇඳුම් ගලවලා, මේසෙ උඩ නග්ගලා කිව්වලු නටන්න කියලා. හොඳ වෙලාවට ඌගෙ අන්කල් කෙනෙක් ඒ දවස්වල මේජර් ජෙනරල් කෙනෙක්. පස්සෙ ඒ ජෙනරල්ගෙ පිහිටෙන් තමයි බේරිලා තියෙන්නෙ. ජෙනරල් කෑම්ප් එකේ ලොක්කට කථා කරල. පස්සෙ අර ආමිකාරයො කිව්වලු සොරි කියල. මූ කියනවා ඌට හිතුණෙ ඌවයි ගෑණිවයි දෙන්නවම මරයි කියලලු. ඔය ආමිකාරයො එක්ක සෙල්ලම් නෑ. දැන්නම් යුද්ධෙ නැති නිසා ඔච්චර බලයක් නැතුව ඇති.

      Delete
    2. 2nd Ano... මාර අහබු සිදුවීම් පෙළක් ! තව තව ....

      Delete
  2. අඳුරට බනිමින් සිටින සමාජයක එක් කුඩා පහනක් දැල්වූ ඔබට අපගේ ප්‍රණාමය පුදමුග

    ReplyDelete
  3. /* මං ටිකක් ආරක්ෂිත දුරකින් ඉඳන් කතා කළා. නැතිනම් අවිය උදුරගන්න හැදුවා ය කියා වෙඩි තියයි. */

    ආයුධ පෙන්නන්න එක්ක යන්නත් ඉඩ තිබුණා ඉස්සර වාගේ!

    ReplyDelete
  4. බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති අවසන් 20 20 තරගය බලන්න බිරිඳ එක්ක ගිය මොහොතේ ඛෙත්තාරාම පාලම අසල හිටපු පොලිස්කාරයෙක් බිරිඳගේ පසුපස ප්‍රදේශය අල්ලා තිබුනා.ඒ බව ඇය පැවසුවේ එම ස්ථානයද පසු කර තව දුරක් ක්‍රීඩාංගණය දෙසට ගිය පසුයි.එසේ වුවත් ඇය ඒ බව මට පැවසීමෙන් පසු ඇයගේ දැඩි විරුද්ධත්වයද නොසලකා මා නැවත එම පාලම අසලට පැමිණ එහි සිටි පොලිස්කාරයින්ගෙන් මේ කරණය ගැන විමසුවා.එහි පොලිස් යුනිෆෝම් ඇඳගත්තු කිහිප දෙනෙක්ම සිටි නිසා කවුරුද මේ දේ කලේ කියලා හරියටම අඳුරා ගන්න නොහැකි වුනත් පොලිස්කාරයෝ කිව්වේ සෙනග වැඩි නිසා වැරදීමකින් අතක් වදින්න ඇති බවක්.හැබැයි ඒ වරද්ද ආයෙමත් උනොත් ප්‍රතිචාරය මෙය නොවන බව මම උන්ට ඒ වෙලාවේ කියලා අවා.

    ReplyDelete
  5. හමුදා සාමාජිකයින්ට හා පොලිසියේ අයට නිතිය තද වැඩියි.. එකම දේ අපි ඔවුන්ට එරෙහිව පැමිණිලි නොකරන එකයි.. ඔබේ ක්‍රියාව අගය කරනවා..

    ReplyDelete
  6. ඔහු හොඳ හමුදා නිලධාරියෙක් වෙන්න ඇති. නැත්නම් පැරා අර පොලිස් නිලධාරියා බැන්න වචනෙන්ම අහගන්න තිබ්බා මන් හිතන්නේ.
    මීට ටික කලකට පෙර වෙරළු වගයක් කකා ආපු තරුණියකට මාත් එක්ක හිටපු තරුණයෙක් විහිළුවක් කලා. "ආ නංගි, වෙරළුද කන්නේ " කියලා. ඒ තරුණියත් ඒ විදියටම රවා ගෙන ගියා. විහිළුව අසභ්‍ය නොවුනත් ඒ විදියට කරන එක මෝස්තරයක් හා මායමක් මන් හිතන්නේ තරුණියන්ගේ. "අවකැපෙන" වචනය මොකද්ද කියල නොදැන පැරා කර තිබෙන්නේ වරදක් ද මන්දා...

    ReplyDelete
    Replies
    1. මහජන මුදලින් වැටුප් ලබන රැකියාවක් කරන අයෙකුට එවැනි තත්වයන්වලදී කිසිදු සමාවක් දිය නො හැකියි.

      Delete
  7. මම ගිය වාහනේ රියදුරාට ඔය විදිහටම වාහනේ අයින් කරගන්න කියලා කුණුහරුපෙන් බැන්නා..ප්‍රබු ආරක්ෂාව යටතේ හිස් වාහනයක් අරගෙන ගිය ආරක්ෂක අශයේ මහත්තෙක්...

    ReplyDelete
  8. https://www.facebook.com/ceylonma/videos/1913552392245950/
    lets see what actions are being taken by Yahapalanaya

    ReplyDelete
  9. පැරා ඇත්තටම
    ඔයා රැජිනිකාන් පික්චර් වල දාන පාට් වගේ ඒ රණවිරුවාට එහෙම කිව්වද යහා පාලනය නැගලා යනවා නේද නැතිනම් ඉතින් රණවිරුවනට පාට් දාලා මොනවා වෙයිද දන්නේ නෑ ඔයාට

    ReplyDelete
    Replies
    1. Ravindra HeendeniyaJune 15, 2017 at 5:13 PM

      මේ කට්ටියට රණ විරුවෝ කියාද අමතති

      Delete
  10. මේ කට්ටියට රණ විරුවෝ කියාද අමතති

    ReplyDelete
  11. මටත් චන්දිකා නෝනාගේ කට්ටිය කදාන ටවුම මැද අයින් කරගනින් පකෝ කියා ගෙන ගියා. මම හිතන්නේ ඔය වචන පුභූ ආරක්ෂකයන් ගේ වචන සෙට් එකක් වගේ.

    ReplyDelete
  12. ලංකාවේ දේශපාලනය වගේ ම සමාජයත් හරිම පසුගාමීයි. අපේ තිබෙන මූලික ගැටලුවක් තමයි,
    1; අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා නො කරන එක. We don’t know the value of it...!!!
    2; ඒ වගේ ම වෙනත් කෙනෙකුට සිදු වන අසාධාරණයකදී කතා නො කර සිටින එක. We are selfish..!!!
    3; සමාජය වෙනස් කරන්නට ඕනැ නම් අපි මේ අභියෝග භාර ගත යුතුයි. We do not want to do but, someone else has to it behalf of us...!!!

    දේශපාලකයන්ගෙන් සියල්ල බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට බැන බැන සිටීමෙන් කිසිවක් සිදු වන්නේ නැහැ.;It’s our style (trend)...!!!

    ReplyDelete
  13. ලංකාව මේ තරම් ජරා ජීර්ණ වෙලා තියෙන්නේ වැරද්දක් කරන කෙනාට එරෙහි වෙන්න මිනිස්සුන්ගේ තියන බය / නොන්ජල් කම නිසා, ඒ බයට කියන්න සන්ස්ක්රුතික නමක් තියනවා ස්බ්යත්වය කියා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා