පොඩි මිනිහට දර්ශනය (පැරාගේ පළමු දර්ශනය පාඩම)

මේ මාතෘකාව කියෙව්ව ගමන් ඔබට හිතුණෙ මොනවා ද?

“මේ ප-යා දන්න හු--ක් තියෙනවා ද? මූ කවුද මේව ගැන ලියන්න. මූ මං වගේ කියවන එකෙක් යැ.“

ඔයා දර්ශන‘වාදියෙක්'. ඒ මොකෙක් ද කියන එක මේ ලිපියෙ ඉතුරු ටික කියවනකොට තේරෙයි. මේක කියවලා මෙතන ඇනොනිමස්ලි මටයි මගේ පවුලටයි කුණුහරුපෙන් බැනලා යන්න හිතෙනවා නම් ඔයා අනිවා ඩෙෆා දර්ශන‘වාදියෙක්' තමයි.

දර්ශනය කියන්නේ මොකක් ද?

දර්ශනය කියන්නේ දාර්ශනිකයන් කරන දේ ය කියන්නට පුළුවන්.

හැබැයි ලංකාවට ඒක ගැලපෙන්නෙ නැහැ. ලංකාවේ දාර්ශනිකයන් (Philosopher) ලෙස පෙනී සිටින්නේ දර්ශන‘වාදීන්' (Philosophists). ඒ අය කරන දේ දර්ශනය කියා හිතුවොත් අපට වරදිනවා. ඇත්තෙන් ම මේ අය දර්ශනය සම්බන්ධයෙන් මුළු ලංකාව ම නොමග යවලා ඉවරයි.

ඒ නිසා ලංකාවේ නම් දර්ශනය නො වන්නේ කුමක් ද කියා කියා දෙන එක ලේසියි.


  • දී ඇති තත්වයන් මාරයි, ඒවා ඒ අන්දමින් ම පැවතිය යුතුයි, වෙනස් කරන්නට හදන එවුන්ව මරාගෙන කෑ යුතුයි කියන එක දර්ශනය නෙමෙයි.
  • දී ඇති තත්වයන් ප්‍රශ්න කිරීම වැරදියි, එහෙම ප්‍රශ්න කරන එවුන්ගේ අම්මට ----- යුතුයි කියන එක දර්ශනය නෙමෙයි.
  • තිබෙන දේ ප්‍රශ්න කරමින් ඔක්කොම බොරු, විකල්පයක් නැහැ කියමින් තියෙන දේ වෙන වටයකින් පිළි ගන්නා එකත් දර්ශනය නෙමෙයි.
  • ගොඩක් පොත් කියවන එක හෝ එහෙම කියවනවා ය කියා කියන එක හෝ දර්ශනය නෙමෙයි.
  • දර්ශනය ගැන කතා කරන අය එක්ක පූස් පැටව් වගේ දැවටි දැවටී ඉන්න එකත් දර්ශනය නෙමෙයි.
  • දර්ශනය දන්නවා ය කියන අය ෆේස්බුක් එකේ ලියන ඒවා ඔක්කොම ලයික් කරන එක හා ෂෙයා කරන එකත් දර්ශනය නෙමෙයි.
  • දර්ශනය දන්නවා ය කියන අයගෙන් ප්‍රශ්න අහන, විකල්ප අදහස් ලියන අයට කුණුහරුපෙන් බනින එකත් දර්ශනය නෙමෙයි.
  • දර්ශනය විමසන සාමාන්‍ය මිනිසුන්ට ටිංකරින් ධර්මෙ, ලංකාවෙ බ්ලොග් ලියන එක්කෙනා, ගුරුවරයා වගේ කම්කරු විරෝධී, සාමාන්‍ය ජනතාව පිළිකුල් කරන කතා කියලා වෙන සාමාන්‍ය මිනිසුන් ඒ අවකාශයට ඇතුළු වෙන එක වළක්වන එකත් දර්ශනය නෙමෙයි.
  • සාමාන්‍ය මිනිසුන්ට (සමහර වෙලාවට තමන්ට පවා) නො තේරෙන භාෂාවෙන් කතා කරන එක හා නිතර තේරෙනවද දන්නෙ නැහැ ය යන බුද්ධිමය ස්වෝත්තමවාදී කෑල්ල දාන එකත් දර්ශනය නෙමෙයි.
  • දර්ශනය කියන්නේ සාමාන්‍ය මිනිසුන් අත නො ගැසිය යුතු දාර්ශනිකයන් (ලංකාවේ නම් දර්ශන‘වාදීන්‘) පමණක් නැටිය යුතු රගමඬලක් යයි සිතීමත් දර්ශනය නෙමෙයි.
  • දාර්ශනිකයන්ගේ නම් හා ඔවුන්ගේ උද්ධෘත මුද්දර එකතු කරනවා සේ එකතු කිරීමත් දර්ශනය නෙමෙයි.
  • අලුත් දාර්ශනිකයන් ඕම මේම සං සං ගාලා ලංකාවට හඳුන්වා දීමත් දර්ශනය නෙමෙයි.
  • අසවල් දාර්ශනිකයා ගැන දන්නෙ මං, තෝ දන්න ----ක් නැහැ බූරුවෝ, උඹේ අම්මට ---ගන්නෙ නැතුව ඉඳපන් කැ-- කියන එක ඒ විධියට හෝ ඊට වඩා ශිෂ්ට භාෂාවෙන් කියන එකත් දර්ශනය නොවෙයි.
  • තමන් කරුණු උගත් මූලාශ්‍ර සඟවමින්, වෙනත් අය ඉගෙන ගැනීම වළක්වන එකත් දර්ශනය නෙමෙයි.
  • අනුන්ගේ අදහස් මූලාශ්‍රය සඟවමින් තමන්ගේ ඔරිජිනල් අදහස් වගේ ලියන එකත් දර්ශනය නෙමෙයි.
  • කොටින් ම දර්ශනය කියන්නෙ තනියෙන් පොර වෙන ගේමක් නෙමෙයි.
  • දර්ශනය කියන්නෙ ප්‍රදර්ශනය නෙමෙයි. 

දර්ශනය කියන්නෙ මොකක් ද කියලා වෙන දවසක කතා කරමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දර්ශන කෙසේ වෙතත් විදර්ශනව (ජනක) නම් දනිමි. තෙදිනක් හමු වී ඇත.

    ReplyDelete
  2. විදර්ශණ කුණුහබ්බ කියන කොටත් එතන මාර දර්ශණයක් තියෙනවා...

    හරියට මහින්ද බණ කියනවා වගේ

    ReplyDelete
    Replies
    1. දර්ශනට අවශ්‍ය වෙන්නේ ඇයි කියන එකෙන් තමයි දර්ශනය වෙනුවෙන් මාර්ගය විවර වෙන්නේ. නමුත් ලංකාවේ දාර්ශනිකයෝ දර්ශනය පුද්ගලික උවමනාව හා ආයතනික උවමනාව වෙනුවෙන් පාවිච්චි කිරීම තමයි ගැටළුව. ලංකාවේ සියළු දාර්ශනික යැයි කියාගන්නා දේවල් එක්ක බෞද්ධ සංස්කෘතික මූලයක් තියෙනවා. ඒකට පශ්චාත් නූතනවාදීන්ගේ සිට නානසාර දක්වා අහුවෙලයි ඉන්නේ. ලංකාවේ දාර්ශනික වචන පුනරුච්චාරනයක් විතරයි තියෙන්නේ. ඒක හරියටම පිරිවෙන් ගිය පණ්ඩිතයෝ වගේ එකක්. මැටි වලින් හැදුනට පුච්චල ගත්ත වලං කවදාවත් මැටි එක්ක එකතු වෙන්නේ නැතිකම තමයි මෙහි මූලික හරය. දර්ශනය නිර්මානාත්මක ගවේෂණයක් විදියට ලංකාවේ භාවිතා වෙලාම නැහ. නාමකරනයක් පමණයි තියෙන්නේ. එයට හේතුව ලංකාවේ නිසි නිෂ්පාදනයක් නොතිබීම. එහෙම එකක පාරිභෝජනවාදී දාර්ශනිකයින් පවා හුදෙක් වචන කන්නන් හා වචන තලුමරන්නන් බවට පත් වෙලා තියෙනවා. වාමාංශික දාර්ශනික පුනරුච්චාරනය සහමුලින්ම තවමත් විදේශිකයි. නලින් ද සිල්වාගේ දර්ශනය පිලිබද වන සියළු සංකල්පයන් බටහිරයි වගේම එකක් තමයි ඒ. බටහිර බවෙන් ගැලවීමේ ස්වදේශික දර්ශනයක් යන්නත් ලංකාවේ විහිළුවක් බවට පත් වෙලයි තියෙන්නේ. දාර්ශනික මතවාද අවස්ථා ගණනක පසුබැසීමකින් හෝ උපායශීලී සැලසුම් මත පොලවේ දේවල් සමග ගණුදෙනු කරන්න ඕන. ලංකාවේ දාර්ශනික මතයන් පැලපදියම් වීම සදහා වන සමාජ දේහයක් නැහ. කොළඹින් කෙරෙන්නේ වාචික නඩත්තු කිරීමක් පමණයි. එම නඩත්තු කිරීමේ පරාසය පුද්ගලික මෝස්තරකාරිත්වයකට එහා යන්නේ නැහ. මේක කපිල ජනක බණ්ඩාර ලියල තිබුනා දර්ශනයේ දුගී බව සහ දුගී බවේ දර්ශනය කියලා. ලකංවේ සමස්ත දාර්ශනික ප්‍රවේශයම කඩමාල්ලක් විතරයි. විලිවහගන්නත් බැරිව හැම එකාම ලැජ්ජාවට පත් වෙන්නේ ඒ නිසා. පුද්ගලික විලිලැජ්ජාව වහගන්නත් බැරිවෙලා තියෙන්නේ ඒවා මෙම පොලවේ නොවීමයි.

      Delete
  3. අැයි බං විදර්ශන කන්නන්ගර...
    මම නම් කියන්නේ පොර වෘත්තීය පූර්න කාලීන දාර්ශනිකයා!
    හේතුව: පොර දන්න දෙය මුදල් උපයන මාර්ගයක් කර නොගැනීම.
    CP

    ReplyDelete

  4. Disclaimer : Mama mahindata ekenma paksha wunu, boru wapura rate janathawa mula kota mema anduwa balayata pamini wita e nisa behewin kanassallata path wunu, e gana aththa kiyamin Sarasa wisin borukarayanta wiruddhawa me blogaya liyana wita boho uddamayata path wunu, kawuruth pawichchi karana wachanaya kiyanawanam wishala bayi manasikathwayen yuktha ayekmi. Namuth Dan mama mese gaurawa kala Mahinda mema SAITM prashnaya pilibandawa katayuthu kala akaraya dakimen pasu mata sampoornayenma mohu kerehi thaba thibunu gawrawaya nathi wee giyeya. Mohu thawath ek nirlajji reddak noandi jada deshapaluwek bawa mata manawa pahadili wee atha. Mohuge mema kriya nisa mohuge palana kalaya thula anith aya athara aprasadyata path wana witath mama mohuta support kara atha. Namuth athishaya sadachara wirodhi lesa kuhaka aramunu mul karagena doctors la kiyana gobilo minisun mula karamin genayana me theasthawadayata Bella thabimen mohuge nayakathwa Lakshana mata hondin pahadili wee thibe. Me awasthawe rate janathawa maragena marena udghashanayakata paminiya yuththe rate deshapalakayin arthikaya prana apayata gena thamange waraprasada sandaha kolla kamata wiruddhawa misak wena kisima hethauwakata nowe. Thama wruththiya kuhakathwaya penwana Sarasage ihatha liyawillatath mage aprasadya!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා