රිලවුන්ගෙ අම්ම මතක් වෙන කතාවක්
Photo credit: https://commons.wikimedia.org/wiki/File:Toque_Macaques.jpg |
නාට්‍යවේදී ප්‍රභාත් වරුසමානට අයිති බාගෙට හදපු ගෙයක් තියනවා තිසා වැවේ බැම්ම අද්දර. ඒ හරිය හරිම පාළු හරියක්. රෑට මිනිස් පුළුටක් නැති තල් යාය. කඩේකට යන්නට වුණත් කිලෝමීටර් ගණනක් පයින් යන්නට ඕනැ. ඔන්න මං එහි නතර වෙන්නට තීරණය කළා.
ජෝසප් ස්ටාලිනුත් අනුරාධපුරයෙන් මහනුවරට ස්ථාන මාරුවක් ඉල්ලලා තිබුණෙ. කෙටි කාලයක් ඔහුත් මේ බාගෙට හදපු නිවසේ මාත් එක්ක හිටියා.
ඒ කාලෙ මා වැඩ කරපු පාසලේ නියෝජ්‍ය විදුහල්පති තමයි ලේඛක පී.බී. ජයසේකර. ඔහුගේ බිරිය වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිසා ඔහු ජීවත් වුණේ අනුරාධපුර දුම්රියපොළ ළඟ නිල නිවාසයක. මම ඒ ගෙදර බයිසිකල් කට්ටක් නවත්වා තබා සති අන්තයේ කොළඹ යනවා. ඉරිදා නයිට් මේල් කෝච්චියේ ඇවිත් පාන්දර තුනට විතර අනුරාධපුරෙන් බැහැලා, බයිසිකල් කට්ට පැදගෙන ඉසුරුමුනිය හන්දියෙන් වෙස්සගිරියට ගිහින් එතනින් අතුරු පාරකින් තිසා වැව් බැම්ම දිගේ තරමක් දුර බයිසිකලය පැදගෙන යන්නට ඕනැ. ජයසේකර මහත්තයා මගේ බයිසිකල් කටුවේ හුළං එහෙම බැහැලා තිබුණොත් හුළං ගහලාත් තියන හිතමිතුරෙක්.
ඉතිහාසෙට ම අයිති දැවැන්ත වෘක්ෂ රාජයන්ගෙ ගුප්ත සෙවණැලි ඇඳුණු වැව් බැම්ම දිගේ රෑ බයිසිකල් ගමන මතක් වෙනකොටත් හරි මිහිරියි. පාන්දර ම වැවට බැහැලා නාලා, පැයක් විතර නිදාගෙන ඉඳලා, ලෑස්ති වෙලා ආපහු බයිසිකල් කටුව පදිනවා කඩ දොළහට. එතන රේල් ගේට්ටුවේ මුරකරු පවත්වාගෙන යන පෙට්ටි කඩයෙන් ලුණු මිරිස් එක්ක උණු රොටියක් කාලා, ප්ලේන්ටියකුත් බීලා, ඔහුගේ නිවසේ ම බයිසිකල් කට්ටත් දාලා, එතනින් නගිනවා මහමාන්කඩවල යන වෑන් එකක. ඒකෙ ගියාම ඉස්කෝලෙ ළඟින් බහින්නට පුළුවන්.
දවල්ට ආපහු ඇවිත් කඩ දොළහේ වැලිගම හෝටලෙන් දවල්ටයි රෑටයි දෙකට ම හරියන්න බඩ පැලෙන්නට බත් කනවා. හේතුව, ආයෙ තිසා වැව පැත්තට ගියා ම කඩ නැහැ. රෑට කන්න කඩයක් හොයාගෙන පුත්තලම් හන්දිය පැත්තට හරි අලුත් නගරය පැත්තට හරි බයිසිකල් පදින එක ලේසි නැහැ වැව් තලය පිසගෙනබැම්ම මතින් හමන මාරුතය නිසා.
මේකට මගේ බිරිඳ විසඳුමක් යෝජනා කළා. ඒ තමයි, රෑට නූඩ්ල්ස් වැනි දෙයක් කා තේ බොන එක. මේකට සතියට ම ඇති වෙන්නට ක්ෂණික නූඩ්ල්ස් හා තේ බොන්නට අවශ්‍ය වෙනත් අඩුම කුඩුම පොඩි, පොඩි පාර්සල් හදලා ඇය දුන්නා මට. ජෝ භූමිතෙල් ලිපක් අරගෙන ආවා. කන්නම් මේ සතියෙ කියලා සිතාගෙන මං ඉතින් අර කලින් කියපු විදියට මේ බඩු පොදියත් එල්ලගෙන, ජෝවත් බයිසිකල් පොල්ලෙ තියාගෙන පැද්දා ප්‍රභාත්ගෙ බංගලාවට.
සුපුරුදු විදියට ඉස්කෝලෙ ගිහින් ආපහු ආවා කියමුකෝ ගෙදරට. දොර ඇරලා බලනකොට ඒක යකුන් නටපු පිටියක්. දැක්ක ගමන් මට හැක් ගෑවුණා. අඩියක් පස්සටත් ගැනුණා. අර බඩු පොදිය ලිහලා, ඒවායේ තිබෙන පැකට් කඩලා, ඒවා ඔක්කොම අප නිදා ගත්ත තඩි මේසය උඩ හලලා, ඒ උඩ යකා නටලා, භූමිතෙල් ලිපත් පෙරළලා, ඒ මදිවට කාමරේ පුරා රීලාත් තිබුණා.
කවුද යකෝ මේ බලු වැඩේ කළේ? අප මෙතන ඉන්නවාට තරහට ද? අපේ දේශපාලන විරුද්ධවාදියෝ ද? නැතිනම් ප්‍රභාත්ගෙ තරහකාරයෙක් ද? දැන් ඉතින් හොයපන්කො බෝඩිං?
අන්ද මන්ද වෙලා, ගේ වටේ රවුමක් ඇවිදලා බලනකොට මෙන්න ගෙනාපු කිරිපිටි දමාපු ප්ලාස්ටික් භාජනයක් තියෙනවා ගහක් යට. ඒකත් ඇරලා සම්පූර්ණයෙන් ම කාලා. මළ පෙරේතයෙක් නේ යකෝ මේ හොරා.
තව ටිකක් වටපිට බලනකොට රිලා මොටෙක් ඉන්නවා දැක්කා. ඌ නිකම් කැරි කාලා බලා ඉන්නවා වගේ. ඔය රිලව් හස්ත සංසර්ගයේ යෙදෙනවා මං දැකලා තියෙනවා. උන් එහෙම කරලා කැරි කනවා හිස් අහස ලියන සඳරු දැකලා තියෙනවාලු. කැරි කාපු රිලවා වගේ ය කියන පැරණි ප්‍රස්ථාව පිරුළ හැදුණෙ එහෙමලු.
කැරි කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි ළමයි. මං පදවියේ වැඩ කරන කාලෙ දවසක් අපේ පාසලේ ගුරුවරියකගේ ගෙදර ගියා. එයාට ළමයි කැලතක් හිටියා. එක කොල්ලෙකු හොටු පෙරාගෙන එතනින් දුවනකොට අර මිස් කතා කළා මෙහෙම.
“චූටි පුතා මෙහෙ එන්න ඔය නහයෙ කැරි ටික පිහදාන්න."
ඒක එයා වැරදිලා කිව්වා ද, නැද්ද මං දන්නෙ නැහැ. හැබැයි ඉතින් ඔය ඉස්ම ජාතියට තාක්ෂණික නො වන වචනයක් නැති නිසා ඔය වචනෙ භාවිතාවට ගනිල්ලා මං කියන දේ අහලා. අලුත් වචන හදන්නට ඕනැ නැහැ.
අර කේ.කේ. සමන් කුමාරගේ අලුත ලියපු මහිලාවංශය කියන වැල පොතේ නම් තියෙනවා සුකුරු කියලා වචනයක්. ඒකත් හොඳයි. ඒ පොත නම් අ.පො.ස. වර්ගයේ. ඒ කියන්නෙ අපොයි පොත ගත්ත සල්ලි. ලංකාවෙ සාහිත්‍ය විචාරක පොරවල් මොකදෑ අඩේ ඒ පොත ගැන කතා කරන්නෙ නැත්තෙ? පව් යකෝ ඌ, තොපට පොවන්නට ඌට සල්ලි නැති වුණාට මොනව හරි කියපල්ලා. ඌත් හෙණ දාර්ශනිකයෙක් නේ. ඔන්න මං නම් මගේ විචාරය අකුරු තුනකින් ඉදිරිපත් කළා. අ.පො.ස.
ඒක නෙමෙයි කතාව. අපේ කාමරේට ගේම දීලා තියෙන්නෙ රිලා රංචුවක්. ලංකාවෙ රිලව් කියන්නෙ මහ වලත්තම සත්තු ජාතියක්. උන් භාජනවල පොට තද වෙන, බුරුල් වෙන පැති දන්න තරමට උගත්. ටී.වී. ඇන්ටෙනාවලින් සිග්නල් ගන්නට බැරි පැත්ත ගැන උන් දන්නවා. උන් ඒක කරකවන්නෙ ඒ පැත්තට. මූණ බලන කණ්ණාඩි ගලවාගෙන ගිහින් හැඩ බලලා වහල උඩ ඉඳන් කණ්ණාඩිය බිම අතාරිනවා. පොඩි ළමයින්ගේ අතේ තියෙන පැණි රස කෑම එහෙම බය කරලා උදුරා ගන්නත් උන් දන්නවා. පව් කාලකණ්ණි, සමහරු අයිස්ක්‍රීම් වගේ ජාති ම කාලා ලෙඩ වෙලා ඉක්මණින් මැරෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයා ඕකුන් ගෑනු දිහා බලාගෙන වැලත් අදිනවාලු. එහෙව් වලත්ත හැත්ත.
කාමරේ අස් පස් කර ගන්න ඉතුරු වරුව ගත වුණා ය කියමුකෝ. ජෝ වෘත්තීය සමිති වැඩවලට ගිහින් ආපහු ආවට පස්සෙ මං කියපු විස්තරේ පිළිගත්තෙත් නැහැ. හැබැයි එතනින් උයාගෙන කෑමේ සංසිද්ධිය අවසන්. ජෝ නම් මාරු වෙලා ගියා. මං අවුරුද්දක් රිලව් එක්ක ජීවත් වුණා.
මේ කතාව මතක් වුණේ මෙන්න මේ ලිපිය කියවලායි. ඒකෙ මේ රිලා, වඳුරු ප්‍රශ්නය ගැන එකෙන් ම විස්තර කරලා තිබෙනවා.
ඔය පරිසරය ගැන අසීමිත ආදරයකින්, සතුන් ගැන මාර සාංකාවකින් පෙළෙන පරිසර අන්තවාදීන් විසින් දැන ගත යුතුව තිබෙන කාරණයක් තමයි, ලෝකෙ නරක ම ආහාර පුරුදු තියෙන සතුන් වර්ගයක් තමයි මේ රිලවුන් හා වඳුරන්. උන් නෙළන පලවැලවලින් 10%ක්වත් කන්නේ නැහැ. ඉතිරි 90%ට වඩා ප්‍රමාණයක් අපතේ යවනවා. පරිසරයට උන් කරන හානිය මිනිසුන් කරන හානියට වඩා වැඩියි. අලියා වුණත් එහෙමයි. ඌ දශක ගණන් පරණ පොල් ගස් පෙරළන්නෙ ගොබේ විතරක් කන්න.
ඔය පාරිසරික අන්තවාදය ගැනත් අලුතෙන් හිතන්නට ඕනැ. පරිසර අන්තවාදය සමාජවාදී අදහසක් නෙමෙයි. සත්ව ලෝකයේ මිනිස් මූලිකත්වය පිළිගන්නවා නම්, සතුන් ගහණයන් පාලනය කරන්නටත් අපට සිදු වෙන බව තමයි යථාර්ථය. හැබැයි ඉතින් උන් අසරණ සතුන් බවත් ඇත්තක්.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
ජහ ජරා සත්තු වගයක් තමයි.ආවොත් පලාතම කාබාසිනියා කරල යන්නෙ.අපේ ගෙදර කොච්චර පලතුරු ගස් තිබුනත් කන්න වෙන්නෙ දූරියං විතරයි.අනිත් සේරම රිලව් බුක් කරගෙන
ReplyDelete/* කැරි කියන්නෙ කුණුහරුපයක් නෙමෙයි */
ReplyDeleteපැරා ගේ නමට රෙජිස්ටර් කරන්නද, අර ටීචර් ගේ එකවුන්ට් එකට දාන්නද?
පුක රසිකගේ නමට රෙජිස්ටර් වුණ එකේ ඕං ඔහෙ මේක මගෙ නමට දාන්න.
Deleteපැරා ඔය තිසා වැව් ඉවුරේ රෑ තිස්සේ මමත් ඇවිදලා තියෙනවා.එක හරි චමත්කාරජනක අත්දැකිමක්.
Deleteඔය පුත්තලම් පාරෙන් ආවම තියෙන "පොතනගම" තමයි අපේ අම්මලාගේ ගම.අනිත් එක ඔය රිලා කරදරය තියෙන්නේ පුජා නගරය අවට එහෙම තමයි.පොතනගම,දහයියාගම වගේ නගරය ආසන්නයේ තියෙන ගම් වලට උන්ගෙන් කරදරයක් නැහැ.
ඕනෑම ගහණයක් වර්ධනය වෙන්නේ අවශ්‍ය පරිසරික සාධක හොඳින් තියෙන විටයි. පිළියන්දල-මහරගම හරියේ ගම්පැත්තට වෙන්න ඉස්සර හරියට වඳුරන් ගිටියා. තාමත් කලාතුරකින් රංචුවක් බලා ගන්න පුළුවනි. උං ඒ දවස්වල රබර් කොල කෑවා, දැං පොල් කුරුම්බැට්ටි කනවා.
Deleteවිනය පිටකයේ සින්හල පරිවර්තනයක සුකුරු කියන වචනය තියෙනවා. වරක් සිද්ධාර්ථ ගෞතම ස්වයංවිදනයේ යෙදෙන භික්ෂුවක්ගෙන් අහනවා "එම්බල තෝ අතින් ගසා සුකුරු මුදනෙහි ද?" කියලා.
ReplyDeleteමං පාසල් යන කාලයේ කියවපු පොතක තිබුණා මෙහෙම වාක්‍යය කොටසක්
Delete......කාලයක් තිස්සේ ලිඟුව පිරිමැද සුකුරු මුදා හැරීමට පුරුදු වී සිටි.......
මචං පැරා මට අයිඩියාර් එකක් පොඩ්ඩක් ලගට වරෙන්කො..
ReplyDelete(ලෝ ටෝන් එකෙන්...)
මචං මුලින්ම අපි ප්‍රී වයිපයි දෙනවා කැලෑවලට
ඊට පස්සේ රිලව්න්ට ගලවන් බැරි විදිහට සෝලාපවර්ඩ් ස්මාර්ට් පැනල් කැලේ මැද ඉස්තාන ගතකරනවා,
ඊඊටත් පස්සේ රිලව්න්ට ඩික්කි ඩිකා රෑ දවල් නැතුව පෙන්නනවා පෝය දෙකක්.
එතකොට උන් කන්නෙ බොන්නෙ හුකන්නෙ නැතිව අතේ ගහල කැරිමකාලා සිහිසුන්වෙලා ඉදියි හරියට... මහරගම-හෝමාගම පැත්තෙ උන් වගෙ.
ඒ අස්සේ රිලා සීන් රේකෝඩ් කරල නැට් හරි ඇනිමල් ප්ලැනට් වලට විකුනල විදේස විනිමයත් රටට ගේනව.
කාටවත් කියන්න එපා පැරා ..ඇමෙරිකාව හා යුරෝපය ,අපි වගෙ අති දියුනු ගහෙන් බහින්නෙම නැති රටවල ටෙස්කරල ඕකේ උන වැඩක් මේක.
යංද පුසියන්කුලමට හා..ද ,රිලා කැරිත් සල්ලි.. මල්ලී..
tasan xxx,
Deleteපොස්ට් එකට වැඩිය උඹේ කොමෙන්ට් එක මරු බන්.
සඳරුවත් දැන් ලියන්නේ නැති එකේ නරකද බ්ලොගක් ලිව්වොත්.
ඩික්කි ඩිකා...... හිනා කාල මැරෙනවා.
https://en.wikipedia.org/wiki/Monkey_Kingdom
ReplyDeleteරිලවුන්ට ඉතින් මිරිස් ගුලියේ බෙහෙත දුන්න නම් වැඩේ හරි.
ReplyDeleteදැන ගන්නත් එක්ක බෙහෙත ලියන්න
Delete