ඔබ පියඹා ගොසින්

(මේ දවස්වල පොඩ්ඩක් කාර්ය බහුල නිසා ඊළඟ ලිපිය ලියනකල් සිංදුවක් ගැන පොඩි අදහසක්.)

ජෝති ගැයූ ගී අතරින් මේ ගීයේ තිබෙන සුන්දරත්වය පරදවන්නට සමත් වෙනත් ගීයක් තිබෙනවා ද කියා මට හිතෙනවා. හැබැයි සුන්දරත්වය තිබෙන්නේ මෙම මුල් ගීයේයි. පසුකාලීනව කරන ලද පටිගත කිරීම් විසින් එහි සුන්දරත්වය විනාශ කර තිබෙනවා. ඒකට මූලික හේතුව ඩ්‍රම්ස් හඬ උස්සා තිබෙන එක විය හැකියි.

දෑසෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොලු බසින්
පරෙවි රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්

පැහැය සුවඳ ඇතී
සිහින් සිනිඳු පෙතී
රේණු සැලෙන මුදු
පිපුණු මලක් බඳු


ඔබේ සළුවෙ වැදී
සිහිල් සුලං ඇදී
හෙමින් සැරේ එබී
මගේ සවන් සිඹී


මහද කුටිය පුරා
ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා
විඳිමි පෙරුම් පුරා


ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
තිරගත වූ වසර :1972

මේ ගීය ගැන විස්තරයක් අස්වැන්න බ්ලොගයේත් තිබෙනවා



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කලින් අසා නෑ වගේ.

    මේක නීල දෑස පුරා ගීතයේ කොපි තනුවේ තවත් කොපියක් නේද?

    ක්ලිප් එක බලන වෙලේ හිතුනේ මේ රඟපෑමට පඹයින් දෙන්නෙකු ගන්න තිබුණා නේද කියලායි. අජූවයි.

    ReplyDelete
    Replies
    1. මේ ගීතයට මීට වඩා වෙනස් රංගනයක් කරන්නත් බැහැ නේද?......

      Delete
    2. ඒක අධ්‍යක්‍ෂණයේ වැරැද්ද!

      ඒ කෙසේ වෙතත් ඔය ජෝඩුව සින්දුවකට ලස්සනට නටපු දර්ශනයක් මං නං දන්නේ නෑ. විජයත් එහෙමයි!

      Delete
  2. ඔබ ගැයු ගී සතුටු සිතින්
    අදත් ඇසේ සතර අතින්
    නොලැබම නිසි නිසි බුහුමන්
    ඔබ හනිකට නික්ම ගිහින්

    ReplyDelete
  3. මට කවදාවත් ජෝතිපාල ගැන අවුලක් තිබුනේ නැහැ. ඒත් මෙන්න මේක කියෙව්වට පස්සෙ තමයි හිතෙන්නෙ අපි හොඳටම දන්න සම්පූර්න අමුම අමු ඇත්තක්, අපි 'නොදැන' ඉඳල තියෙනවා කියලා! එහෙම නෙමෙයිද? මේක කියන්නේ කේ කේ සමන් කුමාර. (නැවත දමන්නේ ජෝතිපාල ගැන අපහාසයකට නොවේ, මාර නිරීක්ශනයක් හින්දා.)

    "... කුඩා කාලයේ පටන් මට ජෝතිපාල යනු පීඩකයාගේ හඬ විණි. එතුළ මට හැමවිටම දැනුනේ දඩ පිරිමියකුගේ හඬය. ඒ රිද්මයය. එතුළ වන සෙම සෙවල ගතියය. භාවාතිශය බවය. කොල්ලන්ගේද බල්ලන්ගේද රිද්මයය... මේ පීඩකයන්ගේ ග්‍රාම්‍ය පාදඩකම සමග තඩි පිරිමිකමත් ඔවුන්ගේ කාය භාෂාව ආදියත් සමග මට ජෝතිපාලව අනන්‍ය විණි...."

    මහා ගාන්ධර්වයා ගැන පොඩි එකාගේ ලියුම - කේ. කේ. සමන් කුමාර http://sinhala.lankanewsweb.net/art/item/6269-2016-11-05-08-00-13

    (ජෝතිපාලගේ සින්දු අහන්න රසවිඳින්න මේකෙන් බාධාවක් නැහැ. දැන් මේක හිතේ තියාගෙන අහල බලන්න... දොලොස් මහේ පහන වාගෙ පැලට එලිය දුන්න.., නියරේ ලන්දේ අල හිත බැන්දේ..., රූ අප්සරාවී මන බන්දා ආ.., රන් තිලකා..පොඩි සුමනා..සුදු ශිලා..කලු මැණිකා..)

    - Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා