නෝබොඩීස්ලාගේ ඥානසාර

මේ දිනවල රාජපක්ෂවාදීන්ගේ මූලික ව්‍යාපෘතිය වී ඇත්තේ ඥානසාර නම් රජස් කඳ හෝදා පිරිසිදු වීමයි.

ඔවුන් ඒ කුණු හෝදා ගන්නට හදන්නේ ඒවා චම්පික රණවකගේ හා ඔහු මාර්ගයෙන් ආණ්ඩුවේ ඇඟේ ඇතිල්ලීමෙනි.

එහෙත්, ඥානසාර නම් දහ ජරා ගොඩ නිර්මානය වූයේ චම්පික රණවක ද ඇතුළත් වූ රාජපක්ෂ ආණ්ඩුව කළ ගලේ පැහැරීමෙන් බව ඉතා පැහැදිලි ය.

රාජපක්ෂ කඳවුරේ න්‍යායාචාර්යවරයකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම පසුගිය ඉරිදා දිවයින පුවත්පතට වැල්බයිලාවක් ලියමින් එය මෙසේ අවසන් කළේ ය:

ගලගොඩ අත්තේ ඥානසාර භික්‍ෂුවට අවශ්‍ය දේ දෙනවා නම් ඕනෑම කෙනකුට ඔහුගෙන් ප්‍රයෝජන ගත හැක. නැගෙනහිර පළාතට ගොස්‌ පුරාවස්‌තු විනාශය ගැන පමණක්‌ කතා නොකර "අල්ලගේ ලබ්බ" ගැනත් කතා කළ විට මුළු ලෝකය පුරාම යන්නේ "ලබ්බේ" කතාව මිස අදාළ කාරණය නොවේ. බොදුබල සේනාව අත ගැසූ සියලු දේට සිදුවූයේ එයයි. බොදුබල සේනාවේ හැම ක්‍රියාකාරකමකින්ම සිංහලයාගේ හතුරන් ශක්‌තිමත් වන බව සියලු සිංහලයන් හොඳින් අවබෝධ කර ගත යුතුය. ඥානසාර හිමි සිවුරු උස්‌සාගෙන පරුෂ වචන කියන විට එයින් කුල්මත් වෙන ආවේගකාරී පිරිස්‌ හා අනවබෝධය නිසා මෙවැනි සංවිධාන කෙරෙහි ආකර්ෂණය වෙන තරුණයන්ටත් මට කීමට ඇත්තේ මේ වෙලාවේ සිංහලයන් විචාර බුද්ධිය පාවිච්චි නොකළ හොත් මුළු රටත් ජාතියත් විනාශ වන බවය.

මේවා කියවන විට අපට නම් අසන්නට ඇත්තේ බොලාට අපි ඕවා කිව්වේ කොච්චර ඉස්සර ද කියා ය. රාජපක්ෂලාට මොළේ පෑදෙන විට ඥානෙලා සිංහල ජාතියට පමණක් නොව ලංකාවේ සංඝ සාසනයට ද කෙළවලා ඉවර ය. 

ඥානසාර පමණක් නොව, ඥානසාර පන්නයේ සියලු භික්ෂූන් සිංහලයන්ටත්, බෞද්ධයන්ටත් පිළලයක් බව අප කීවේ ඥානසාර මතු වූ මුල් කාලයේ ම ය. ඒ කාලේ බොහෝ සිංහලයන් අපට කීවේ අප ඥානසාරලා විවේචනය කරන්නේ සිංහල බෞද්ධ විරෝධී නිසා ය කියා ය.

සංඝ සාසනය තුළ අසපුසාරලා, ඥානසාරලා බිහි කල ප්‍රධාන ම බලවේගය චම්පික රණවක හා ඔහුද ඇතුළත් වූ රාජපක්ෂ පාලනයයි. එමගින් ඔවුන් සිංහල බෞද්ධයන්ට කළ හානිය සුළුපටු නො වේ. විජේදාස රාජපක්ෂ, චම්පික රණවක වැනි අය දැන් රනිල් සමග ඒ වැඩපිළිවෙල ආරක්ෂා කරති.

ඉතිහාසය පුරා ම අදක්ෂ දේශපාලනඥයන්ට ජාතිවාදය බලයට වාහනයක් විය. චම්පික රණවක යනු මේ රටේ හොඳම ඇමතිකම් ගණනාවක් කළ, එහෙත්, වැදගත් සලකුණක් තබන්නට අසමත් වූ අදක්ෂයෙකි. ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිනී දිසානායක වැනි අය පමණක් නොව රනිල් වික්‍රමසිංහ පවා ප්‍රබල ඇමතිකම් දැරූ මුල් දශකයේ කරන ලද ඉතිහාසගත වන වැඩ තිබේ. අවුරුදු 10කට වඩා ඇමතිකම් කරන චම්පික රණවක කර තිබෙන්නේ කුමක් ද? 

ඔහු එක් දෙයකට දක්ෂ ය. ඒ කුමන්ත්‍රණ කිරීමටයි. නෝබොඩියකු වී සිට ජාතිවාදයෙන් සම්බොඩියකු වූ ඔහු හිතාගෙන ඇත්තේ තව මොකක් හෝ කෙටි මගකින් ජනාධිපති වීමටයි.

මහින්ද රාජපක්ෂ ද ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වන විට අවුරුදු ගණනක් ඇමතිකම් කරලාත් මෙලෝ වැඩක් රටට කර නො තිබූ නෝබොඩියෙකි. එහෙත්, ඔහු යුද්ධය ජය ගත්තේ ය. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් කළේ ය. ඒවායින් රටේ ආර්ථිකය හෝ ජන ජීවිතය සංවර්ධනය වූයේ නැති වුණත් ඇස් බැන්දුමක් හා අනාගතය ගැන සුබ සිහිනයක් හෝ නිර්මානය කරන්නට ඔහු සමත් වූයේ ය.

ඔහු කෙළවා ගත්තේ මෙවැනි නෝබොඩියන්ගේ ආවේණික ලක්ෂණයක් වන කුමන්ත්‍රණවලින් ම ඔක්කොම කර ගත හැකි ය යන මෝඩ අදහස නිසා ය. ඥානසාර වැනි හපුයියන් රෙද්ද පල්ලේ දා ගත්තේ ඒ නිසා ය.

සම්බොඩියන් වී සිට නෝබොඩියන් බවට පත් වන අයත් සිටිති. රනිල් වික්‍රමසිංහ එවැන්නෙකි. 2015 ජනවාරි 8 වන තෙක් සම්බොඩියකු වූ ඔහු දැන් නෝබොඩියකු බව ඔප්පු කරමින් සිටියි. ඔහු මේ රටේ අගමැති වන මුත් ඔහු කරන දේශපාලනයක් නැත. දේශපාලනය හා මහජන බලමුළු ගැන්වීම් ඔස්සේ බලය ගොඩනගා ගැනීමට වඩා ඔහු විශ්වාස කරන්නේ කෙටි මාර්ග ය. ඔහුට දේශපාලනය අනවශ්‍ය දෙයක් බව ඔප්පු කරන ප්‍රධාන සාධකය පළාත් පාලන මැතිවරණ කල් දැමීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ ආණ්ඩුවක් තිබුණත්, නගර හා ගම්වල ආණ්ඩුවේ දේශපාලනයක් නැත.

ආණ්ඩුවේ එජාප - ශ්‍රීලනිප ගිවිසුම ලබන අගෝස්තු මස වන විට අවසන් වීමට නියමිත ය. ඉදිරි ගමනක් නැති, එක තැන පල් වන, පතෝල ආණ්ඩුවක් තව දුරටත් මේ අන්දමින් තිබුණා ය කියා ඇති වැඩකුත් නැත. ඉදිරියේදී රඟ දැක්වෙන නාටකවල නැවතත් සම්බොඩි වී සිට නෝබොඩි වූ රනිලුත්, නෝබොඩි වී සිට සම්බොඩි වූ මහින්දත් කුමක් කරනු ඇද්ද යන්න වැදගත් ය.

කෙසේ වෙතත්, ඥානසාර සීන් එකෙන් අවුට් වීම වැදගත් දෙයකි. රාජපක්ෂලා විසින් පිළිකෙව් කරනු ලබන ජාතිවාදීන්ට පොළව අල්ලා ගැනීම ලෙහෙසි පහසු නැත. මෙවැනි තක්කඩි මහණුන්ට රාවණා බලය, සිංහ ලේ වැනි වෙනත් ස්වරූපවලින් ද මතු වීමට ඉඩ නො දී සිටීමේ වගකීමක් ද රාජපක්ෂලාට තිබේ. වෙන මොකක්වත් මගුලක් නිසා නොව රෑ වැටුණු වලේ දවලුත් වැටෙන එක මොළේ කළඳක් ඇති අයෙකු නො කරන බැවිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අළුත්ගම සිද්ධියේදී ඥානසාර අත් අඩංගුවට ගන්න ඉඩ නොදෙන බවට වාචික ප්‍රකාශයක් කලේ චම්පික රණවක. චම්පිකට කලින් ඥානසාර ඉතිහාසයේ කුණු බක්කියට නගිනවා. ජනාධිපති කම මේ දෙන්නටම දුර වැඩියි.

    ReplyDelete
  2. මේ ආණ්ඩුව නම් නෝබෝඩියන් පිරුණු ලංකා ඉතිහාසයේ අසමත්ම ආණ්ඩුවකි. ආණ්ඩුව අතගහන ගහන දේ අනාගනිති.කට ඇරියොත් හත්පොලේ ගා ගනිති.පහුගිය කාලෙ කල සමීක්ෂණයකින් කියවුනේ සජිත් ප්‍රේමදාස හැර අනෙක් සෑම ඇමතියෙකුම සිය අමාත්‍යාංශයවල අසාර්ථක බවය.ඉන් කියවෙන්නේ සජිත් වැනි ගොන් තඩියෙකු පළමුවැනියා වන්නට පංතියේ අනික් උන් කෙතරම් මොට්ටයන් පිරිසක්ද යන්නයි.ජනාධිපති අගමැතිගේ සිට සියලු ඇමැත්තන් සිය රාජකාරියේදී අසමතුන්ය.මේ රටේ දැනට පවතින්නේ රනිල් මයිත්‍රී ආණ්ඩුවක් නොව ලහිරු පුතා ,නානසාර, සිවාජිලිංගම් ,පාදෙණිය ආදීන් විටින් විට කරලියට පැමිණෙමින් මෙහෙයවන පාන්ඩුවකැයි අපට සිතේ. විටෙක ආණ්ඩුවට වඩා රාජපක්ෂලා තවම බලවත්ය.මේ අසමත්කමින් ප්‍රයෝජන ගෙන යලිත් සිය බලය තහවුරු කර ගැනීමට තෙම්පරාදු කයිරාටික රාජපක්ෂලා කටයුතු නොකරනු ඇතැයි හැමදාමත් තම බලය පිලිබඳ අධිතක්සේරුවක සිටින රනිල් සිතයි.එහෙත් සියලු ඩිල් කණපිට පෙරලිය නොහැකිද ?

    ReplyDelete
  3. මේ සියල්ලටම විසදුම 2020 දී රනිල් ප්‍රමුඛ පිරිසිදු බහුතරයක් ඇති එජාප ආන්ඩුවක් තනා 2030 තෙක් රනිල් රටේ රාජ්‍ය නායකයා බවට පත්කිරීම පමනි...

    ReplyDelete
    Replies
    1. ඔය ටික කර ගන්නට රනිල්ටත් උවමනාවක් නැති එකේ එසේ කර දෙන්නට කොහේ හෝ අමාරුවක් ඇති වෙනත් පිරිසක් සොයා ගැනීම ඉතා දුෂ්කර ය.

      Delete
  4. Have a look and learn what MR has done to SL GDP

    http://data.worldbank.org/country/sri-lanka

    ReplyDelete
  5. හෑන්සෝලෝJune 27, 2017 at 8:42 AM

    //දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් කළේ ය. ඒවායින් රටේ ආර්ථිකය හෝ ජන ජීවිතය සංවර්ධනය වූයේ නැති වුණත් /// දත්ත ගැන සැලකිලිමත් නොවී මෙවැනි කතා කීම ඔබේ තත්ත්වයට නොගැලපේ - මේ සංවර්ධනය මොන තරම්ද යන්න ඉවෙන් දැනගැනීමට නම් එවැනි වූත් සංවර්ධනයක් නැති මේ රජය යටතේ වසර 2ක් ගත කිරීම ප්‍රමාණවත්ය - අහෝ පැරා ඔබ හැදෙන්නේ කවදාද ?

    ReplyDelete
    Replies
    1. මහින්දගේ සංවර්ධනය මෙගා ව්‍යාපෘතිවලින් සමන්විත විය. ඒවායින් ඇතැම් ඒවා ආර්ථිකයට දැවැන්ත බරකි. මහින්දගේ හාස්කම් බොහොමයක පදනම වූයේ විදේශ ණයයි. ඒ වනාහි අනාගත පරම්පරා උගස් කරමින් ලෝකෙන් ණය ගනිමින් සතුටින් ජීවත් වූ යුගයකි. වර්තමාන ආණ්ඩුවට ද එයින් ගැලවීමක් නැත. උන් දැන් කරන්නේ එදා වේල සඳහා ලෝකෙන් ණය ගැනීමයි. මහින්දට මෙගා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට තිබුණු උනන්දුව මුන්ට නැත. ඔය එක රෙද්දකින්වත් ලංකාවේ ආර්ථිකය සාකල්‍ය අර්ථයකින් දියුණු වූයේ නැත. ජන ජීවිතය දියුණු වුණේ ම නැත. ලංකාවේ හැදුණේ රජයෙන් නිකං කකා ඉන්නට කැමති ජනතාවකි.

      Delete
  6. Have a look and (click on the MAX) learn about our debts since the 50s.

    https://tradingeconomics.com/sri-lanka/government-debt-to-gdp

    ReplyDelete
  7. අන්තවාදීන්ගේ හොඳම උත්තේජකය හා වාසිය විරුද්ධ අන්තවාදීන්ය. දේශපාලකයන් සයිඩ් බෙනිෆිට් ලබන්නන්ය.

    ReplyDelete
  8. පැරකුම්! කෝ දැන් ඥානසාර ? හඬත් නැ, වැඩත් නැ , කොහෙද ඉන්නේ ? නැවතත් අටුරුදහන්ද ? ඊළඟ ෂෝ එකට රියසල්ද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා