සිරිපාල ගෙදර පල!

නිමල් සිරිපාලත් ඔන්න වැඩක් කරලා. 

බස් ගාස්තුව සීයට හයකින් මෙව්ව කරලා. ඒ කියන්නේ තට්ටු කරන ගාස්තුව රුපියලකින් විතර බස්සලා. 

ඇත්තම කියනවා නම් මෙතන වෙලා තියෙන්නේ බස් ගාස්තුව අඩු වීමක්. ඉස්සර අවම ගාස්තුව රුපියල් අටනෙ. ඉතින් රුපියල් දහයක් දුන්නා ම කොන්දොස්තර රුපියල් දෙකකට තට්ටු කරනවා. දැන් අවම ගාස්තුව රුපියල් නමයනේ. එතකොට කොන්දොස්තර තට්ටු කරන්නේ එක සුපියලටයි. 

මං සාමාන්‍යයෙන් දිනපතා ගමන් බිමන් යන්නෙ අඩු ගානෙ ලක්ෂ පනහක් හැටක්වත් වටින වාහනේකින් විතරයි. ඒ කියන්නේ බස්වල හා කෝච්චිවල. මං නං ඔය සුපියලවල් දෙකවල් පඩේකට ගණන් ගන්නෙ නැහැ. ඕවා පර්ස් එකේ දාගත්තා ම ඒක ඉරෙන්න බලනවා. සාක්කුවේ දාගත්තා ම ඒක සිලිං බිලිං ගානවා. හිඟන්නෙකුට දුන්නොත් ඌ රවනවා. ඒ නිසා කොන්දොස්තරලා ඒක තියාගන්න එක ගැන මං සතුටුයි. ඔය කොන්දොස්තර මල්ලිලා රුපියලට දෙකට මාටියා ගහන අය ය කියලා පොදුවේ කිව්වට උන් ඇත්ත වශයෙන් ම අනෙක් පැත්තටත් ඔය වගේ කරනවා. ඒ කියන්නේ වැඩි පැත්තට විතරක් නෙමෙයි අඩු පැත්තටත් ගාන රවුම් කරන අවස්ථා ඕනැ තරම් තියෙනවා.  

හුඟක් අය හිතන්නේ ඔය වගේ රුපියලේ දෙකේ හොරකම් කරන්නෙ බස් කොන්දොස්තරලා විතරයි කියලා. ඒ වුණාට සුදු කිට් ගහන රේල්ලුවේ ඉස්ටේසන් මාස්ටර්ලා අතරත් ඔය වගේ පීචං හොරු ඉන්න බව මගේ අත්දැකීමයි. පව් රජයේ සේවය!

මට තියෙන ප්‍රශ්නය නිමල් සිරිපාල පසුගිය කාලෙ කරපු වෙන වැඩක් තියෙනවා ද කියන එකයි. මේ හාදයාට නිදි වදින එක ගැන ඉස්සර ලොකු ප්‍රසිද්ධියක් තිබුණා. දැන් ඒකත් බැරුව වගේ. නිදි කිරන එක තමයි වැඩිපුර කරන්නේ. 


ප්‍රවාහන ඇමති කිව්වට පුළුවන් නම් කියහන්කො අඩු ගානෙ පහුගිය අවුරුද්දක් තිස්සෙ පොදු ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් කරපු වැඩක් තියෙනවා නම්. 

බස් ගාස්තු වැඩි කරන එක හැර සිරිපාල පොදු ප්‍රවාහනය වෙනුවෙන් කරපු වැඩක් කිව්වොත් මං මේ බ්ලොග් එකේ එයා ගැන ප්‍රශස්තියක් ලියලා පළ කරනවා. 

සිරිසේනට ම හරි යන සිරිපාල. හැබැයි සිරිසේන ලොරි ටෝක්කාරයා. දෙන්නෙ නැතෑ හැමදාම ඇට්ටි හැලෙන ටෝකක්. හඩ්සන් සමරසිංහ පරාදයි. 

සිරිපාල නම් හැකි ඉක්මණින් ගෙදර යා යුතුයි. සිරිසේනත් කයිවාරු අතෑරලා වැඩක් කරන්න බලනවා නම් හොඳයි. නැතිනම් ඉතින් වැඩි දවසක් යන්න කලියෙන් අපි උඩ මාතෘකාවේ පාල සේන කරනවා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔබේ අදහස් වලට මම එකග වෙමි. බලාගෙන යන කොට දන්න දෙයකුත් නැහැ - නොදන්න දෙයකුත් නැහැ. හැම එකකටම කට දානව.

    ReplyDelete
    Replies
    1. මතුගම ජයසිංහයන්ගේ ලියුම් වගේද මූලන නාමලයන්ගේ ලියුම. පුහ්
      http://lankacnews.com/sinhala/main-news/145306/

      Delete
  2. මාතලන් මුල ඉඳලා විරුද්ධ උනාට මීට හොඳයි සෝභිත හාමුදුරුවෝ ආවා නම්..

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙනම් දැන් ජනාධිපති සරත් විජේසූරිය සර්. අපේ නිර්මාල්ටත් අගමැතිකම නැතිනම් අධ්‍යාපන ඇමතිකම හරි හම්බු වෙලා.

      Delete
  3. අර්ජුන් මහේන්ද්‍රන් ගැන ලියන දිග ලිපියක රනිල් ගේ නම මෙන්ෂන් කරන්නේ වත් නැතුව "එජාපය" ට බනින පැරා, කොහොමත් ආණ්ඩු බර ගානක ප්‍රවාහන ඇමතිලා සාම්ප්‍රදායිකව කරා වගේ බස් ගාස්තු වැඩි කරන්න ඉඩ දුන්නම ඒකට ප්‍රවාහන ඇමති ගොන් සිරිපාලයව නිර්භීතව නමින්ම අල්ල ගන්න හැටි මාර කියුට්.

    පැරා කුලී ලියන්නෙක් කියල ම නම් මම කියන්නේ නෑ මෙතන ඇනොලා වගේ. ඔය හැම එකකම ග්‍රේ ඒරියාස් තියනවා.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ නම් අපරාදේ කියන්න බෑ රනිල් ව මෙන්ෂන් වෙනවා. හැබැයි ඒකත් දැඩි විරෝධතා මැද්දේ රනිල් අර්ජුන් ව අවුට් ඔෆ් ද වේ ගිහින් පරෙස්සම් කරනවා කියන්න නෙවෙයි. අර්ජුන් දෙමළෙක් සහ විදේශිකයෙක් වීම වගේ රනිල් ගේත් යාලුවෙක් කියලා නිකම් en passant කියන්න.

      "සිරිපාල"යා දැක්කොත් මම පුකට ගහන්නේ පයින්.

      Delete
    2. බස් ගාස්තු 6%කින් වැඩි කිරීම මහ ලොකු දෙයක් නො වේ. අනෙකුත් සියල්ල වැඩි වී තිබියදී බස් මුදලාලිට විතරක් වෙස්සන්තර වෙන්නට බැරි ය. මේ රටේ ජනතාව ඔය සුපියල ගැන ලොකු උනන්දුවක් නැත.

      ප්‍ර‍ශ්නය ඒක නො වේ. මේ ආණ්ඩුව අඩු තරමේ ඒකාබද්ධ කාලසටහනට බස් දුවවන්නටවත් සමත් වී නැත. ලංගමට සේවකයන් ලෙස බත් ගොට්ටන් දැම්මාට කොන්දොස්තරලා, ඩ්‍ර‍යිවර්ලා හා මිකැනික්ලා හිඟ ය.

      මේ ආණ්ඩුව බස් සේවා වැඩිදියුණු කරන්නට කළ කිසි දෙයක් නැත. බස් නැවතුමක වැසිකිළියක් හෝ හදපු බවට ආරංචියක් නැත. එක කෝච්චි පෙට්ටියක්වත් අලුතෙන් එකතු කර නැත.

      අපට තිබෙන ප්‍ර‍ශ්නය එයයි.

      Delete
    3. ඔච්චර මං ගැන පර්යේෂණ කරන්න ඕනැ නැහැ. අමුවෙන් ම කියන්නංකො හිටං. ලංකාවේ ඉන්න දේශපාලකයන් අතර සාපේක්ෂව මොකක් හරි දෙයක් කරන්න හදන්නේ රනිල් විතරයි. වාමාංශිකයෝ නිකං විවේචන විතරයි. පොදු විපක්ෂෙ කියන්නේ පල් හොරු. සිරිසේන ලොක්කා කයිවාරුවා.

      අපට නායකයෝ නැහැ. ඒ නිසා පොඩි හරි කොලිටියක් දකින්න ලැබෙන එකාව ප්‍රමෝට් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

      පර්යේෂණ කරනවා නම් තව ගැඹුරට කරලා බලන්න. අපි මේ බ්ලොග් එකේ තව කීදෙනෙකුව ප්‍රමෝට් කරලා තියෙනවද කියලා. එකෙක්වත් වැඩක් නැහැ.

      යමක් කරන්න හදනවා යයි ගැරන්ට් කරන්න පුළුවන් කවුරුහරි දේශපාලකයෙකු හරි පක්ෂයක් හරි ඉන්නවා නම් කියන්න. අපි උදව් කරනවා.

      Delete
    4. "ඒ නිසා පොඩි හරි කොලිටියක් දකින්න ලැබෙන එකාව ප්‍රමෝට් කරනවා"

      රනිල් ගේ පොඩි කොලිටි නැතුවාම නොවේ. කලින් ආණ්ඩුවේ මූල්‍ය වගකීම් පනත ගෙන ඒම සහ (මතක හැටියට) චන්ද්රිකා මාද්‍ය මර්ධනයට යොදා ගත් සාපරාධී අපහාස නීතිය කන්ට්‍රෝල් කිරීම වැනි සාධනීය ඉතිහාසයක් රනිල්ට තිබිණි. ඒත් දැන් රනිල් පෙන්වන්නේ ඊට හාත්පසින්ම වෙනස් මාද්‍ය වලට අමු අමුවේ තර්ජනය කරන, මූල්‍ය හොරුන් කොක්කෙන් බැරි නම් කෙක්කෙන් පරෙස්සම් කරන භාවිතයකි. දැන්:

      "පොදු විපක්ෂෙ කියන්නේ පල් හොරු"

      හරි පොදු විපක්ෂේ ඊසිම ටාගට් එක විමල් වීරවංස ගනිමු කෝ. විමල් කළා කියල කියන, (අවුරුදු දැන් එකහමාරක් ගොහිනුත් ඔප්පු කරන්න බැරි) ඔක්කොම හොරකම් වල ගානයි, රනිල්ටත් එහෙමම යහපාලන ප්රෙමීන්ගෙන්ම චෝදනා එන අර්ජුන් ගේ වංචා වල ගානයි (රනිල් නෙවෙයි හොරා අර්ජුන් කියන්න එපා! ඔයා නිමල් පෙරේරාට බනින කොට මහින්දට යන්න ඇරියේ නැහැ නේ සාක්කි නැහැ කියල!) සංසන්දනය කරමු. ඔයා පටන් ගන්න කෝ මේ "පල් හොරු" චෝදනාව රනිල්ට සාපෙක්ෂව factually ජස්ටිෆයි කරන්න.

      (පොදු විපක්ෂෙට ඇරීම මට ගානක් නැත - තව අරින්න. ප්‍රශ්නය ඇත්තේ මේ කටේ තොලේ නොගෑවී "පල් හොරු" කියන ගමන් රනිල් පරෙස්සම් කිරීම ගැනයි)

      Delete
    5. නීතියේ මූලිකාංග ගැන ඔබට අවබෝධයක් නැති බව පෙනේ. ජනතාවට කරන්නට පුළුවන් පැමිණිලි කිරීම පමණි. ජනතාව විමර්ශන කරන්නේ නැත. එසේම, නඩු ඔප්පු කිරීම ද ජනතාවගේ කාර්යභාරයක් නො වේ. ඒ වෙනුවෙන් මහජන මුදලින් පොලීසි, නීතිපති දෙපාර්තමේන්තු ආදිය තිබේ. ඒවා ක්‍රියාත්මක වන ආකාරය ගැන නො දන්නා කෙනෙක් නැත. ඒවා හරිහැටි ක්‍රියාත්මක නො වන්නේ ඇයි ද යන්න සංකීර්ණ ප්‍ර‍ශ්නයකි. දේශපාලකයන්ට අවශ්‍ය වූ පමණින් ඒවා ක්‍රියාත්මක කරන්නට බැරි ය. දේශපාලකයන්ගේ සීමාව සඳහා නිදසුනක් ලෙස වැට් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැලකිය හැකි ය.

      පොදු විපක්ෂෙ ඉන්නෙ පල් හොරු කියන එක ඉතා සරළව ඔප්පු වේ. විමල් වීරවංශ කියන්නේ මා සමග ජවිපෙ පූර්ණකාලීන දේශපාලනය කළ නිර්ධනයෙකි. ඔබ කියන්නේ අද ඔහු ළඟ තිබෙන ධනය ඔහු සාධාරණ අන්දමින් උපයා ගත් බව ද?

      මේ කාරණය, මහින්ද රාජපක්ෂ පවුල හා අඩු වැඩි වශයෙන් පොදු විපක්ෂයේත්, ආණ්ඩුවේත් සියලු දේශපාලකයන්ට අදාළ ය. පිරිසිදුකම ගැන කතා කරන ජවිපෙ පවා මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන බලපත්‍ර‍ විකුණා තිබේ.

      වර්තමානයේ දේශපාලනයේ තබා රජයේ සේවයේවත් කිසිදු සොරකමකට සම්බන්ධ නැති පිරිසිදු මිනිසුන් සොයන්නට බැරි ය. සොරකම පවත්නා ක්‍ර‍මයේ ඓන්ද්‍රිය ලක්ෂණයකි. මේ ලියන මා මෙන් ම ඔබ ද විවිධාකාරයෙන් සොරකම්වලට සම්බන්ධ ය.

      මේ වනාහි සොරුන් පාලනය කරන්නට සොරුන් අතරින් වඩා හොඳ හොරෙක් තෝරාගැනීමක් පමණි.

      Delete
    6. හෝව් හෝව් වලිගෙ පාග ගන්න එපා. නිවී හැනහිල්ලේ කියවන්න කෝ.

      මම කිව්වේ වීමල්ට (විමල් කිව්වේ ඊසි ටාගට් නිසා) නිරපරාදේ චොදනා කල එක පව් කියල නෙවෙයි. එහෙම කරන්න. ඔය පොහොසත් උනේ කොහොමද වගේ ප්‍රශ්නත් අහන්න. ඒවා අහන්න ඕනා!

      ඒ ඔක්කොම කරලා, විමල්ට තියන ඔක්කොම හොරකම් චොදනා වලට ඔයා එස්ටිමෙට් කරලා ගානක් කියන්න - දල වශයෙන් විමල් අපෙන් කීයක් හොරකම් කරන්න ඇද්ද?

      ඔය එක්සසයිස් එකම රනිල් ටත් කරන්න. (අර්ජුන් පරෙස්සම් කරන්නේ රනිල් ය. අර්ජුන් දේශපාලකයෙක් නොවේ. විමල් ගේ ගෑනි ගේ හොරකම් වලට විමල් වගකිව යුතු යම් සේද අර්ජුන් සඳහා රනිල් එසේම වග කිව යුතු ය.) දල වශයෙන් බැඳුම්කර වන්චාව හරහා රනිල් අපෙන් කීයක් හොරකම් කරන්න ඇද්ද?

      කරලා පෙන්නන්න කෝ!

      Delete
    7. තව ප්‍රශ්නයක් (නිකන් බයිට් එකට.) ආයෙත් ගම්මුකෝ වීරවංසය ම. වැඩේ අමාරු කරන්න ඕනේ නම් ගම්මන්පිල හරි දිනේෂ් හරි වාසු හරි ගන්න කෝ.

      පොර ගේ මුළු වත්කම (කියමු 100% ම ඉපැයුවේ හොරකමින් කියලා) පැරා හිතන අන්දමට කීයක් වගේ ඇත්ද?

      රවී කරුණානායක, චන්ද්රිකා කුමාරතුංග, රාජිත සේනාරත්න, එස් බී දිසානායක කියන අය වන්චාවෙන් උපයපු ආදායම කීයක් කීයක් වගේ ඇත්ද? විමල්ට (ගම්මන්පිල/ දිනේෂ්/වාසු) වඩා අඩු ඇද්ද වැඩි ඇද්ද කියල කිව්වත් ඇති.

      Delete
    8. බැඳුම්කර වන්චාව....බැඳුම්කර වන්චාව.... කියලා කෑගැහුවට ඔය බැදුම්කර ගැන ඒකට සම්බන්ධ එකම ව්‍යාපාරයක්වත් විරුද්දත්වයක් ඉදිරිපත් කරලා නෑනෙ..ඇයි?

      Delete
    9. දැන් ඔය ඇනොනිමස් මට කියන්නකෝ ඔයා කියන එක මං මොකටද කරන්නෙ කියලා.

      අනෙක ඇයි ඔයා ඒක නො කර මට කරන්න කියන්නේ?

      මං කරන්නේ දේශපාලනයක් මිසක් සුචරිතවාදී ශ්‍රී ලංකාවක් හැදීමේ ව්‍යාපෘතියක් නෙමෙයි.

      මං සාපේක්ෂව යමක් කළ හැකි හොරෙක් එක්ක හොරුන් වෙනුවෙන් වැඩ කරනවා. එච්චරයි.

      සාපේක්ෂව වඩා තක්කඩින් වන මහින්දලාව, වීරවංශලාව අපි ටෙස්ට් කරලා ඉවරයි.

      ඇයි ඔයා බැඳුම්කර සිද්ධියේදී ඉන්සයිඩ් ට්‍රේඩිං වුණා ය කියා ඔප්පු කරන්නට ඔයා ළඟ තියෙන සාක්ෂි එළියට දාන්නේ නැත්තේ? එතකොට අපි හැමෝටම මේක ලේසි වෙනවනේ.

      Delete
    10. මට මෙතන සාක්කි එලියට දාන්න දෙයක් නැහැ. මම පෙන්නුවේ ඔයා නිකන්ම සිල්ලරට "පොදු විපක්ෂෙ කියන්නේ පල් හොරු" නේ කියන ගමන් ඔයාගේ වීරයා රනිල් "සාපේක්ෂව හොඳයි" කියන්නේ ඩබල් ස්ටෑන්ඩර්ඩ් එකකින් කියලා. ඒ කියන්නේ තමන් කඩේ ගිය එකා හොරකම් කරා කියන්න සාක්කි ඕනේ, පට්ට රිගරස් චෙකින් ඕනේ. නමුත් වීරවංස නිකන්ම පල් හොරෙක්.

      මම ඔයාට කිව්වේ නැහැ "වීරවංසට විරුද්ද සාක්කි තියනවා නම් ඔප්පු කරන්න" කියලා. ****ඒක උනත් වැලිඩ් චැලේන්ජ් එකක්.**** නමුත් මම එහෙම කිව්වේ නෑ .

      මම කිව්වේ වීරවංස "පල් හොරා" අපෙන් ගහ ගත්තා කියල ඔයා හිතන් ඉන්න ගානයි, රනිල් පරෙස්සම් කරන අර්ජුන් ගහ ගත්තා කියල හිතන් ඉන්න ගානයි (දළ වශයෙන් හේතු ඇතිව, නැතුව නිකන්ම අපිත් එක්ක JVP කරා, අද පොහොසත් කියලා නෙවෙයි) පොඩ්ඩක් කියන්න කියලා. එතකොට බලන්න පුළුවන් නේ ඔයා "පල් හොරෙක්" කියල ඉරි අඳින තැන කොතනද කියලා.

      එහෙම බැරි නම් පිලි ගන්න කටට ආවදේ වැඩිය හිතා නොබලා කියන ගැලරි චූන් එක තමයි ඔයා ඔය ලොකුවට නිතර කියන "දේශපාලනය" කියලා. ඒ දේශපාලනේ නම් ඉතින් පාලම බෝක්කු උඩ ඉන්න හාල් පාරුවොත් කරනවා තමන් ඉන්න පක්ෂේ අනුව.

      Delete
    11. //මම කිව්වේ වීරවංස "පල් හොරා" අපෙන් ගහ ගත්තා කියල ඔයා හිතන් ඉන්න ගානයි, රනිල් පරෙස්සම් කරන අර්ජුන් ගහ ගත්තා කියල හිතන් ඉන්න ගානයි (දළ වශයෙන් හේතු ඇතිව, නැතුව නිකන්ම අපිත් එක්ක JVP කරා, අද පොහොසත් කියලා නෙවෙයි) පොඩ්ඩක් කියන්න කියලා.//

      ඇයි ඔය ගණන මට කියන්න කියන්නෙ? වීරවංශ ගහපු ගානවත්, රනිල් ගහපු ගානවත් මං දන්නෙ නැහැ. වීරවංශ සම්බන්ධයෙන් මං කියන්නේ බැලූ බැල්මට වෙන දේ. ඒ සල්ලි එහෙම පහළ වෙන්න නම් ඩේසි ආච්චි දෙන්න ඕනැ, යෝෂිතට දුන්න වගේ.

      රනිල් ගැන මට කියන්න තියෙන්නෙ මේකයි. ධනවාදයේ මුල්‍ය ව්‍යාපාර කියන්නේ මේ වගේ ඒවා තමයි. මුල්‍ය ව්‍යාපාරිකයන් ලාභ සොයා නො යන තැනක් ලෝකෙ තියෙනවා නම් මට කියන්න. හැම මුල්‍ය වෙළඳපොලක ම මේ වගේ ඩීල් තමයි වෙන්නේ. ඒවා පිරිසිදු නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් ඉන්සයිඩර් ට්‍රේඩිං කළා ද කියන එක ඔප්පු කරන්න ඔබ ළඟ තියෙන සාක්කි ඉදිරිපත් කරන්න. එතකොට මේ ප්‍රශ්නෙ ඉවරයි. විමල් ගැන විමර්ශන කෙරෙනවා. ඒව අවසන් වෙනකොට එයා සුද්ද වෙයි.

      Delete
    12. එල කිරි ඇනෝ.... අද තමයි පැරාගෙ දිව ගැටගැසුනු ඒ ඓතිහාසික දිනය....

      Delete
  4. මම අවුරුදු ගානක් තිස්සෙ රුපියලක් අඩුවෙන් බස් එකේ යන්නෙ. මගේ ගාස්තුව 36යි. නමුත් ගන්නෙ 35යි. ඉතිං මම වෙන වෙලාවල්වල රුපියල් දෙක ගැන වොරි වෙන්නෙ නෑ.

    ReplyDelete
  5. සිරිසේන ගැන නම් කියන්න තියෙන්නේ "කතාව දෝලාවෙන් ගමන පයින්" කතාවයි. ඔහු පහුගිය අව්රුදු එකාමාර තැන තෑන කියපු කථා වෙළුමක් හදල එයාටම පිළිගන්වන්න පුළුවන්නම් හොඳයි. ස්වයං විවේචනයක් (විංදනයක්) කොරගන්න.

    ReplyDelete
  6. පැරා අදනම් වැරදියි. පොදු විපක්‍ෂෙ හොරු තමයි ඒත් උන්ව පරිස්සම් කරන්නෙ රනිල්ම නෙවෙයිද​? ඒකට හේතුව මේ ආන්ඩුවෙ හොරු ඉන්න එක වහ ගන්නද​? මොන බොරුද පැරා ආන්ඩුවට ඕනනම් හරියට එක කේස් එකක් ඇද්දනම් ඔය බර ගානක් ඇතුලෙ.
    එහෙම කලානම් ඔය දවසෙ දෙකේ රිමාන්ඩ් හයර් යනගමන් දෙන ගොන් ටෝක් ඔක්කොම බහිනව​. නිදහසේ වැඩ කරන්න පුලුවන්. ඒත් රනිල්ට ඕන ඒක නෙවෙයි.
    එදා වේල ලාවට දුවාගන්න ගමන් සිරිසේන මහින් ද වලියෙන් ඊලඟ ආන්ඩුව ගොඩදාගන්න​. ඒකත් ඩොමිනන්ට් පවර් එකක් එක්කෙ එනවට මිනිහ කැමති නෑ. එතකොට යූ එන් පී දෙවන පෙල පොරවල් වෙන්න පුලුවන් නිසා.
    ඔයා නිකම් ශ්‍රී ලංකා කාරයොන්ට බැන බැන ඉන්නවට වඩා අර වාමාංශික දේශපාලනේ වගේ රටේ දේශපාලනේ ගැනත් ගැඹුරින් බලන්න පුරුදු වෙන්න​. අපි වගේ නෙවෙයිනෙ හොඳ පොතක් වත් ලියන්න පුලුවන්නෙ.

    ReplyDelete
  7. See the big picture Paraa....

    අද අපිට ජාත්‍යන්තරයම ආදරේ කරන ජනාධිපති කෙනෙක් ඉන්නවා. ලොකු ලොකු ජාත්‍යන්තර යාලුවෝ ඉන්නවා. සුවාදීන කොමිෂන් තියෙනවා. මානව හිමිකම් උතුරනව. ලැජ්ජා නැද්ද මේ පොඩි පොඩි දෙවල් වලට කෙඳිරි ගාන්න

    ReplyDelete
  8. මං හිතුව පැරා මාතලන් තරන්වත් අපක්ෂපාතී ඇති කියල. කොහෙද? මේ හාදය රනිල්ටත් වඩා යූ එන් පී කාරයෙක් වෙලානෙ!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා