මුත්තයියාගේ මුරලිදරන් සහ ශෙහාන් කරුණාතිලකගේ චයිනමන්

Api Nodanna Pradeep Mathew 
මුරලි ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් පුහුණු කරන එක වැරදි ය ආදී බයිලා අතර මුරලි වෙනුවෙන් ජාතිය ම නැගිට්ට කතාවක් ද කියවේ.

සුසන්තිකාට තහනම් උත්තේජක චෝදනාව ආ වෙලාවේත් මේ ජාතියේ නැගිටිල්ල සිදු වුණේ ය.

ජාතිය කියන්නේ මොකක් ද?

මුරලි වෙනුවෙන් ජාතියේ නැගිටීම වැඩිපුර අවධාරණය කරන අතර නො කියා කියන දෙයක් වන්නේ මුරලි දෙමළ වුණත් ජාතිය ම ඔහු වෙනුවෙන් නැගිට්ට බව නො වේ ද?

ඒ කියන්නේ මුරලි වෙනුවෙන් ජාතිය ම නැගිට්ටත් ඩොට්, ඩොට්, ඩොට් කතාවක් නේ ද? අමු හිංගලෙන් කිව්වොත් ඌ පිට එකා බව නේ ද?

පහත දැක්වෙන්නේ 2011දී මා මුරලි ගැන තැබූ සටහනකි.


(2011 මාර්තු 19, W3Lanka) තාරකාවෝ බැබළෙන්නේ තමන්ගේ ම ආලෝකයෙනි. තමන්ට කියා එළියක් නැති ග්‍රහයෝ තාරකා‍වල එළිය තමන්ගේ සේ පරාවර්තනය කරති.

මුත්තයියා මුරලිදරන් තරුවකි. ඔහු ටෙස්ට් කඩුලු 800 ලබා ගත් අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික රූපවාහිනිය හරහා පැවසුවේ අලුතින් ඉදි වන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය මුරලිදරන්ගේ නමින් නම් කරන බවයි.

එහෙත්, පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගනය විවෘත විය. එය මුරලිදරන් නමින් නම් කරන බව මුලින් කීව ද එසේ සිදු වූයේ නැත.

මුරලිදරන් යනු ඉන්දීය සම්භවයකින් යුත් දෙමළ මිනිසෙකි. සිංහල අපි 1983දී මුරලිදරන්ගේ පවුලේ දේපල ගිනි තැබුවෙමු. මුරලිදරන්ට ලංකාවේ පුරවැසිකම පවා ලැබුණේ ඉපදී බොහෝ කලකට පසුවයි.

ලංකාව විසින් බිහි කරන ලද විශිෂ්ඨ ම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වුණාට ඔහු දෙමළෙකි. එහෙයින් ඔහු නමින් ක්‍රීඩාංගනයක් නම් කිරීම ලෙහෙසි නැත.

ක්‍රීඩාව තිබෙන්නේ විශ්වීය දෙයක් වන සතුට හා යහපැවැත්ම සඳහා ය. ඒකට ඔය ජාතික රෙද්දවල් වැනි දේශපාලනය අදාළ කර ගත යුතු සීමාවක් තිබේ. මුරලි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පුහුණු කර ගන්නා ඩොලර් ටික පවා මා සිතන පරිදි ලංකාවට ඔය ජාතිකවාදී අදහස්වලට වඩා ජාතික වශයෙන් වැදගත් ය. අනෙක එංගලන්තයේ දුවන අස්සයන්ට ලංකාවේ කම්මැලි මිනිසුන් ලවා ඔට්ටු අල්ලවා සල්ලි හම්බ කරන එවුන්ගේ තියෙන ජාතික මෙව්ව එක මොකක් ද?

මම මේ දිනවල ශෙහාන් ගුණසේකරගේ චයිනමන් පොතේ දිලීප අබේසේකර විසින් කරන ලද විශිෂ්ට පරිවර්තනය කියවා හමාර කරමින් සිටිමි. සිංහල පරිවර්තනයට පෙර තමන් එය ඉංගිරිසියට පරිවර්තනය කරන්නට ඇතැයි ශෙහාන්ට සිතෙන සිතිවිල්ල සාධාරණ ය. 

මට නම් ඔය ඇඩ්වර්ටයිසිංකාරයන් අල්ලන්නේ නැත. උන් හිතන තරම් ලොකුවක් ඇඩ්වර්ටයිසිංවල නැත. මල්ටිබොන්ඩ් වෙනුවෙන් ඇලෙව්වොත් ඇලෙව්වාමයි කියන වචන දෙක ලියා තමන් එදා රුපියල් ලක්ෂ දෙකක් ගත් බව ආරියසිරි විතානගේ කයිය ගසයි. ඇඩ්වටයිසිං කයිවාරුකාරයෝ තමන්ගේ සමාගම් ව්‍යාපාරික ඩීල් වෙනුවෙන් කොම්පැනිවල ලොක්කන්ට සල්ලිවල සිට ගැහැනු දක්වා දෙන දොළ පිදේනි ගැනත් කතා කරනවා නම් හොඳ ය. අනෙක් පැත්තෙන්, ලංකාවේ ලොකු ලොකු ඇඩ්වටයිසිං පොරවල් අප වැනි චූල පරිවර්තක කම්කරුවන්ට පොලු තියන හිරිකිත ආකාරය ගැන කියන්න ද ලැජ්ජා ය. වැඩේ කරගෙන උන් ඇඟ බේරා ගන්නේ ක්ලයන්ට් ඒකට කැමති නැති වුණා ය කියමිනි. දවසක් එක් ඇඩ්වටයිසිංකාරියෙකුට මා කීවේ ක්ලයන්ට් එක්ක ............ එක ඔයාගේ වැඩක්, මං පරිවර්තන කළේ ඌට නෙමෙයි, ඔයාටනේ කියල.

ඇඩ්වටයිසිංකාරයන් ගැන තියෙන හිරිකිත නිසා මුලින් මං මේ පොත බලන්න පවා අකැමැති වුණත්, අම්මපා, ඇඩ්වටයිසිංකාරයෝ දෙන්නෙක් කරපු මේ පොත ඇත්තට ම මරු!

මට සුගතපාල ද සිල්වා අවසන් සමයේදී කළ අමුතු ඉලංදාරියා පරිවර්තනය සිහි වේ. ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනී බෝයි පරිවර්තනයේදී සුගතපාල සිල්වා අසමත් වූ දෙයක් කිරීමට දිලීප සමත් වී තිබේ.

ලංකාව ගැන ලියැවුණ පොතක් ලිවීමේදී ඉංග්‍රීසියෙන් ලියන පුද්ගලයාට වඩා පරිවර්තකයා අත්දැකීමට භාෂාත්මකව සමීප ය. එහිදී පරිවර්තනය භාෂාව පැත්තෙන් මුල් ඉංග්‍රීසි ලේඛනය අභිභවනය කිරීම අත්‍යවශ්‍ය ය.

චයිනමන් තරමක් දිග වැඩි ය. බොහෝ වැල්වටාරම් ඉවත් කළ හැකිව තිබිණි. එහෙත්, විනෝදය සඳහා කියවීමට ඒවා නරක නැත. සිංහල නවකතාකරුවන් ළඟ තිබෙන ළඟින් යන්න බැරි දාර්ශනික මෙව්ව එක ශෙහාන් ළඟ නැත. ඒක හරි අපූරු ය. චයිනමන් විනෝදය සඳහා කියවිය හැකි පොතක් වුවත්, එහි යටිතලය ස්පර්ශ කරන්නේ ධනවාදය හා ජාතිවාදය විසින් ක්‍රීඩාව දූෂ්‍ය කර ඇති ආකාරයයි. එය ලංකා ඉතිහාසයේ එක් තලයක් අපූරු සදය උපහාසයකින් විවරණය කරන්නකි.

ප්‍ර‍දීප් මැතිව්ගේ ප්‍ර‍බන්ධ චරිතය ඔස්සේ ශෙහාන් ගුණසේකර ලංකාවේ ජාතීන් අතර ප්‍ර‍ශ්නය ද පසුබිමින් චිත්‍රණය කරයි.

මුරලිදරන් පිළිබඳ අලුත් ම සිද්ධිය ඔස්සේ චයිනමන් සජීවීකරණය වනු දක්නට ලැබේ. 

චයිනමන් කතාවේ ප්‍ර‍දීප් මැතිව් යනු බොරු හා ඇත්ත දෙක ම ය. මේ තියෙන්නෙ එයාගෙ වෙබ් අඩවිය.

ඇත්ත හා හා ප්‍ර‍බන්ධය අතර සම්බන්ධය ගැන කියැවුණ මේ අවස්ථාවේදී මට සමන් වික්‍ර‍මආරච්චිගේ අසන්ධිමිත්තා නව කතාව ගැනත් ලිවිය යුතුයි කියලා හිතෙනවා. මේ වන විට අසන්ධිමිත්තා සුවර්ණ පුස්තකෙන් කපා හැර ඇති බව වාර්තා වේ. පොත් ලියන කාලයට සම්මාන ගනිමින්, නො ලියන කාලයට සම්මාන විනිශ්චය කරන ලංකාවේ සාහිත්‍ය විනිසුරුවරුන්ට එවැනි කෘතියක අපූර්වත්වය තේරුම් ගැනීමට බැරි වීම පුදුමයට කාරණයක් නො වේ.

වරලත් විචාරකයිනි, ප්ලීස්, ඔබට නො වේ.  රස විඳින අප වැනි සාමාන්‍ය මිනිසුන්ට ය. (අනන්‍යතා අර්බුදවලට බෙහෙත් සපයනු නො ලැබේ.)


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* ඔහු දෙමළෙකි. එහෙයින් ඔහු නමින් ක්‍රීඩාංගනයක් නම් කිරීම ලෙහෙසි නැත. */

    එහෙම එකක් ඇත. එය පී සරවනමුත්තු ක්‍රීඩාංගණයයි. එය ක්‍රීඩකයෙකු ගේ නමින් නම් කළ ලංකාවේ එකම ක්‍රීඩාංගණය ද විය හැක. දෙමළ නමක් තිබීමට හේතුව එය ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට හිමි නිසා විය හැක.

    ReplyDelete
    Replies
    1. Pakyasothi sarawanamuththuge thaththa neda ground ekata idama dila thiyenne..... ehema kthawak mathakay mata. Aththada danne na

      Delete
    2. වත්මන් පාක්‍යසෝති ගේ සීයා.
      සිවිල් සර්වන්ට්. ටැමිල් යූනියන් ක්‍රිකට් ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට්. රට නියෝජනය කළ ක්‍රීඩකයෙකු නොවෙයි වගේ.

      https://en.m.wikipedia.org/wiki/Paikiasothy_Saravanamuttu

      Delete
  2. මම නම් කවදාහරි නවකතාවක් ලිව්වොත් ලියන්නේ සම්මානයක් ගන්න බලාගෙනයි.

    ReplyDelete
    Replies
    1. සම්මාන ගන්නා පියවර හතේ මග:

      1. සිත් ගැනීම ගැන තියෙන ප්‍ර‍සිද්ධ පොත කියවන්න.
      2. කිසිදා කිසිවකු විවේචනය නො කරන්න. (ඒ අතරේ ෆෙක් ප්‍රොෆයිල්වලින් පලු යන්න දෙන්නට වුණත් පුළුවන)
      3. ප්‍ර‍වීණයන්ගේ පොත් කියවා කෝල් කර ඒවා මාර බව කියන්න.
      4. පොත් දොරටවැඩුම්වලට ගිහින් හැමෝ එක්කම හිනා වී හායි කියන්න.
      5. බොහෝ කට්ටියගේ අනුගාමිකයකු වන ගමන් තමන්ට ද අනුගාමිකයන් හදා ගන්න.
      6. අයියා නියමයි, මල්ලී එල වැනි වචන නිතර පාවිච්චි කරන්න.
      7. ඔය කටයුතුවලට ප්‍ර‍ධාන තැන දී කටයුතු කරන අතරේ නවකතාවකුත් ලියන්න.

      Delete
  3. ඇඩ්වර්ටයිසිං කාරයෝ ගැන කියා ඇති දේ ගැන හිතට පොඩ්ඩක් අප්සට් වුණත් මේ පොත ගැන අදහස් නොදක්වා හොරෙන්ම යන්නේ කොහොමද ?

    //මුරලිදරන් පිළිබඳ අලුත් ම සිද්ධිය ඔස්සේ චයිනමන් සජීවීකරණය වනු දක්නට ලැබේ.// ..හරියට හරි මටත් ඒක ඊයේ උදේ කල්පනා වුණා ..

    ReplyDelete
    Replies
    1. ඇඩ්වටයිසිං ගැන මගේ පෞද්ගලික අද්දැකීම් එක්ක එහෙම කිව්වට ඒක ඒකෙන් ජීවත් වෙන හැමෝටම අදාළ නැහැ. ඔයා ලේඛකයෙක් වුණේ ඇඩ්වටයිසිංවලට කලින් නේ. ඇඩ් නිසා ඔයා තුළ තිබෙන වටිනාකම් නැති වෙන්න දෙන්න එපා.

      Delete
  4. One of all time favorites. I'm yet to read the translation though

    ReplyDelete
  5. ආසාවෙන් කියෙව්ව පොතක්.ලංකාවේ ක්‍රිකට් උන්මාදයට මුවාවෙලා කරපු අසික්කිත බිස්නස්,පොලිටික්ස් සහ කැපිලි කෙටිලි ලස්සනට මතු කරපු කතාවක්.එකාතකට මේ තරමින් හරි ක්‍රිකට් ඉතුරු වෙලා තියෙනව පුදුමයි.

    ReplyDelete
  6. කවුරු කොහොම කිව්වත් ලංකාවේ ක්‍රිකට් ඇතුලෙ ජාතිවාදයක් සහ කල්ලිවාදය දරුණුවටම තියෙනව.අනික ක්‍රිකට් කියන්නේ රටක් විදිහට නැරඹුවට රට පුරා ව්‍යාප්ත උන ක්‍රීඩාවක් නෙමෙයි.(මම කියන්නෙ ලෙදර් බෝල් ක්‍රිකට්).කොළඹ නුවර ගාල්ල සහ මාතර පාසල් ටිකක් සෙල්ලම් කරන ඒ තුලත් පාසල් අනුව ජාති ආගම් සහ කල්ලි සහ ගුරුකුල අනුව කැපිලි කෙටිලි බහුල මේ ගේම් එක ඇතුලෙ කල්ලියෙන් පිට එකෙකුට ලංකාවට සෙල්ලම් කරන්න නම් එක්ස්ට්‍රා ඕඩිනරි පොරක් වෙන්ඩ ඕනි.මුරලි මාලිංග සනත් නුවන් ප්‍රදීප් ලංකාවට ගහන්නෙ එහෙමයි.තුවාන් ඩිල්ෂාන්ට තිලකරත්න දිල්ෂාන් වෙන්න සිදු වෙන්නෙත් සුරාජ් මොහොමඩ්ට සුරාජ් රන්දිව් වෙන්න සිදු වෙන්නෙත් එහෙමයි.

    ReplyDelete
  7. ඈ බං පැරා,

    උඹට මේ වගේ ගොං කතා ලියන්න අදහස හිතට ආවේ දෙහිවල ඉඳන් 163 බස් එක ගාට ගාට යන අතරේ ද?

    “ඇඩ්වර්ටයිසින්කාරයන්” යැයි උඹ හඳුන්වන අය අතර උඹ වගේ මන්ද කතා නො ලියන, කියවීමක් සහිත මිනිස්සු ඕනෑ තරම් සිටිති. උඹේ මේ මඩ හෑලිවලට වඩා දාර්ශනික කියවීමක් චින්තාගේ cult එකේ තියෙනවා පැරා. ජාතික ප්‍රශ්නය ගැන චින්තා උඹට වඩා ගව් ගාණනක් ඉදිරියෙන්. Milestone Celebration Mentality එක චින්තාට නැති නිසා cult එකේ hit counter screenshots පළ වන්නේ නැති ව ඇති.

    පැරාගේ ආශාවේ වස්තුව පැරා ම වීම ගැන අවුලක් අපට නැහැ. අවුල තියෙන්නේ ස්වයංප්‍රමෝදයේ ස්වයංමොහනයෙන් පසු හිටි හැටියේ අවදි වී, කුලප්පු වී පැරා හතර වටේට නෙළීම තුළ යි. පැරාට මාර thought pressure එකක් තියෙනවා. ඉතිං ඒ තෙරපෙන අදහස් ටික කලබලයේ එළියට දාන්න ගිහිං පැරා හැම දා ම ගොං පාර්ට් දානවා. සටහනක් පටන් ගත්තේ කුමක් ලියන්න ද කියන එක අවසානයට එන විට පැරාට අමතක යි. මාර විදියට thought derailment එකක් පැරාගේ සටහන්වලින් පෙන්නුම් කරනවා. තමන්ට පවසන්නට අදහස් ගොන්නක් තිබුණත් පැරා ඒ අදහස් වර්ධනය කර, පිරිපහදු කර, ඔපමට්ටම් කර එළි දක්වන්නේ නැහැ. ඒකට අවශ්‍ය ශාස්ත්‍රීය ශික්ෂණයක් පැරාට නැති ද කියලත් වෙලාවකට හිතෙනවා.

    යම් අරමුණක් සඳහා සිතීම යනු ප්‍රගුණ කළ යුතු කුසලතාවක්. පැරාට ඒ කුසලතා ව ප්‍රගුණ කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි වැදගත් පෞ‍රාණික ලේඛනයක් පිළිබඳ අප පවසන්නේ කරුණා සීතල හදින්. විසිවන සියවසේ බටහිර දර්ශනය ප්‍රභාමත් කළ කේම්බ්‍රිජ් විද්‍යාර්ථි‍නියක වූ ලිසී සුසාන් ස්ටෙබිං (Lizzie Susan Stebbing) පඬිවරිය විසින් විරචිත Thinking to some purpose එම විශිෂ්ට ලේඛනය යි. සොයාගෙන කියවීම පැරාගේ වැඩක්. අද කාලයේ මෙවැනි ලේඛනයක් සොයා ගැනීම ඉතා පහසු වැඩක්.

    දැන් මිලියන හතරේ jouissance එකෙන් ප්‍රමෝදයට පත් වී උඹ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා සම්බන්ධ සිදුවීමක් පිළිබඳ කියවීමක් ආරම්භ කරනවා. උඹ ඔය කියන පුද්ගලයා විසින් හෝ ඔහුගේ අනෙකුත් සගයන් විසින් හෝ සිදු කෙරුණේ වෘත්තියක් බවත් එය ඔය කියන ආකාරයේ “රට වෙනුවෙන් කළ සේවයක්” නො වන බවත් කියන්නට උඹ ටිකක් බය යි. උඹ කාලයකට පෙර වමත් පිතිකරුවෙකු ගැන ලියූ සටහනක් අලළා ද අප උ‍ඹේ ඔය බය පිළිබඳ ලියා ඇත. ඔවුන්ගේ වෘත්තිය ක්‍රිකට් වූ කල ඔවුන් කවුරුත් ගාස්තුව ගෙවනවා නම් මොකාට වුණත් වැඩ කළා කියා ඇති අවුලක් නැත. රෝසා, සුනිල් වගේ අය නිවාඩු දාලා, බස් එකේ ගුවන් තොටුපළට ගිහින් ආසියානු තරඟාවලිවල දිව්ව යුගයට වඩා අද ක්‍රීඩාව වෘත්තීය මට්ටමකට පැමිණිලා තිබෙනවා.

    ඔය ටික සෘජු ව කියා ගන්න නො හැකි ව තටම තටම ඉන්න ගමන් උඹ ශෙහාන් පිළිබඳ කතාවක් ආරම්භ කරනවා. ශෙහාන්‍ තමන්ගේ භාෂාත්මක නිර්මිතය තුළ සූරකමක් දක්වා තිබෙනවා. ඒක ඔන්ඩච්චෙගේ The English Patient හෝ තිස්සගේ Bringing Tony Home හෝ තරම් ආස්වාදනීය නැතත් සැලකිය යුතු නිර්මාණයක්. ශෙහාන් පිළිබඳ උඹ විශ්වවිද්‍යාල මට්ටමින් ආරම්භ කරන කතාව අවසන් වන්නේ පහළ බාලාංශයෙන්.

    // මල්ටිබොන්ඩ් වෙනුවෙන් ඇලෙව්වොත් ඇලෙව්වාමයි කියන වචන දෙක ලියා තමන් එදා රුපියල් ලක්ෂ දෙකක් ගත් බව ආරියසිරි විතානගේ කයිය ගසයි. //

    “පැරාගේ ලිවීම යනු arrears පිළිබඳ ගැටලුවකි” යි ඩබ්ලිව් තුන ලංකාහි ප්‍රබල සංවාදකරුවෙකු වන අපගේ ගෞරවයට පාත්‍ර වන සහෝදරයෙකු නිතර පවසනු අප දැක ඇත. ආරි පිළිබඳ තමන්ගේ හිතේ ඇති යම් අමාරුවක් සනසවා ගන්න උඹ ඉහත වැකිය ලියුවේ උඹ දැන් කන්නේ යහපාලන නිෂ්පාදනයක් ලෙස ලියාපදිංචි කර ඇති අරලිය-නිපුණ හාල් මිශ්‍රනයක් නිසා ද?

    //දවසක් එක් ඇඩ්වටයිසිංකාරියෙකුට මා කීවේ ක්ලයන්ට් එක්ක ............ එක ඔයාගේ වැඩක්, මං පරිවර්තන කළේ ඌට නෙමෙයි, ඔයාටනේ කියල.//

    ලැජ්ජ යි පැරා! ලැජ්ජ යි! ඉහත වැකිය ලිව්ව උඹ විශ්‍රාමික ගුරුවරයෙක් නො වේ ද? දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක් නො වේ ද? අද හෙට පනස්එක් වැනි වියට පිය නඟන වැඩිහිටියෙක් නො වේ ද? උ‍ඹ ඔය ලොකු කතා කියන්නේ outsourcing කරන ස්ත්‍රියකට නේ ද? කෝ බං උඹේ අර පොර ටෝක් ස්ත්‍රීවාදය? උඹ ඔය වගේ කතාවක් වරුණි වගේ කෙනෙකුට කිව්වා නම් ඉංගිරිසි ටී අකුරක් උඹේ කටින් ඇතුලට යවයි අනිත් පැත්තෙන් එළියට එන්න. නිකං බොරු චණ්ඩිය නො වී හිටහං බං. උඹේ ඔය පාලනයක් නැති කැත කට නිසා තමා උඹට එක තැනකවත් එක දිගට වැඩක් කරගෙන ඉන්න බැරි. “අපේ කට්ටියේ” හිටපු සුගතත්ලාට, සුරේන්ද්‍රලාට ඒ කාලේ තානාපති කාර්යාලවල පරිවර්තන රස්සාවල් කරගෙන කලා කටයුතුත් අලුත් විධියකට කරගෙන ඉන්න පුළුවන් වුණා. ඒත් උඹලගේ ඔය ඉවසීමක් නැති නහර ඉලිප්පෙන ගාය එක්ක Upwork, Freelancer, PeoplePerHour වගේ තැනකවත් රස්සාවක් කර ගන්න බැරි වෙනවා.

    උඹේ මේ සටහනේ තිබෙන හිනා කාලා මැරෙන ඡේදය තමා අන්තිම හරියේ තිබෙන්නේ.

    Cont…

    ReplyDelete
    Replies
    1. //දවසක් එක් ඇඩ්වටයිසිංකාරියෙකුට මා කීවේ ක්ලයන්ට් එක්ක ............ එක ඔයාගේ වැඩක්, මං පරිවර්තන කළේ ඌට නෙමෙයි, ඔයාටනේ කියල.//

      නිකම් මෝඩය වෙන්න එපා බං. මං කිව්වෙ ක්ලයන්ට් එක්ක ගනුදෙනු බේරගන්න එක
      ඔයාගෙ වැඩක් කියල මිසක් උඹ හිතන ජාතියෙ එකක් නෙමෙයි.

      අනෙක, ලංකාවේ අවුට්සෝසිං ගැන නො දන්න මගුල් නො කියා හිටහන්. මේකෙ එකාලා ගහන ගේම් දන්නෙ උඹලා නෙමෙයි, ඒව එක්ක පැටලෙන අපි. කම්කරුවන් වන අපට හැමෝම එක්ක ජෙන්ටල්මන් විදියට ගනුදෙනු බේර ගන්න බැහැ.

      අනෙක මේකත් දැනගනින්. මං ලියන්නෙ ඇරියස්වලට නම් ඉතින් සමාජ ප්‍රශ්න ගැන ලියන හැමෝම ලියන්නෙ ඇරියස්වලට තමයි. ප්‍රශ්නවලින් බැට කාපු එවුන්ට ඇරියස් තියෙනවා තමයි. පීඩිතයන් අරගල කරන්නෙ ඇයි? ඔවුන්ට තියෙන ඇරියස් නිසා තමයි. තමන්ට හිමි වැටුප නො ලැබෙනවා නම් ඒක ඇරියස් එකක් තමයි.

      උඹ ලියන්නේ උඹට මා එක්ක තියෙන ඇරියස් එක නිසා.

      Delete
  8. // ඇත්ත හා හා ප්‍ර‍බන්ධය අතර සම්බන්ධය ගැන කියැවුණ මේ අවස්ථාවේදී මට සමන් වික්‍ර‍මආරච්චිගේ අසන්ධිමිත්තා නව කතාව ගැනත් ලිවිය යුතුයි කියලා හිතෙනවා. මේ වන විට අසන්ධිමිත්තා සුවර්ණ පුස්තකෙන් කපා හැර ඇති බව වාර්තා වේ. පොත් ලියන කාලයට සම්මාන ගනිමින්, නො ලියන කාලයට සම්මාන විනිශ්චය කරන ලංකාවේ සාහිත්‍ය විනිසුරුවරුන්ට එවැනි කෘතියක අපූර්වත්වය තේරුම් ගැනීමට බැරි වීම පුදුමයට කාරණයක් නො වේ. //

    රේඛා ද විරේකා ද කියන කෙනෙකුගේ හිස්ටරික පල්හෑල්ලක් උඩ දමමින් හිටිය උඹ, සමන් වගේ අසූ රියන් යෝධ චරිතයක් උඹේ ඔය සෙන්ටිමීටරයේ කෝදුවෙන් මනින්න යන එක මාර thrilling experience එකක් වෙයි. අනේ පැරා ඉක්මනට උඹේ ඔය අසන්ධිමිත්තා විචාරය (sorry sorry රසවින්දනය) දානවකො අපටත් කියවන්න; කියවල යමක් ඉගෙන ගන්න පැරාමය විචාර කලාව ගැන. මොකද අප අයි. ඒ. රිචර්ඩ්ස්, එෆ්. ආර්. ලීවිස් වගේ පොඩි පොඩි විචාරකයන්ගේ විචා‍ර විධික්‍රම ගැන ඉගෙන ගෙන පර්යේෂණ පත්‍රිකා පළ කරලා තිබුණට පැරාමය රසවින්දන විචාර කලාව වගේ ලොකු ලොකු ඒවා තව ම දන්නේ නැහැනේ!

    පළ කරමුකෝ බලන්න ඔය අඬබෙර ගහන රසවින්දනය නොහොත් විචාරය, මොන බාල්දියක් ද ඒ ගමන පෙරළ ගන්න යන්නේ කියලා දැන ගන්නත් එක්ක.

    පැරා විසින් සමන් කියවනු ලැබීම සමඟ අපට සිහි වන්නේ අප විසින් පැරා පිළිබඳ කලකට පෙර ලියවුණු පහත අදහස ය:

    “Ajith Perakum Jayesinghe is a lionheart, thus he attacks the substantiated civil personalities quite often. Bravery per se can sometimes be preposterous. Jayesinghe might have the courage of a David. But his sling is not strong enough to hurl a stone to topple a Goliath.

    End.

    සැ.යු: මෙම ආලෝචනය අජිත් පැරකුම් ජයසිංහයනට “මානසික වධ දීමක්” (ජයසිංහයන්ගේ වචන) ලෙස නො සැලකු ව මැනවි.

    ReplyDelete
    Replies
    1. අපට නම් සමන් වික්‍රමආරච්චි අසූරියන් නො වුණාට, ඔහුගේ අසන්ධිමිත්තා කෘතිය වැදගත් සාහිත්‍ය නිර්මානයක්. ඒක ස්වර්ණ පුස්තක අවසන් වටයෙන් මුලින් ම අයින් වෙන්නෙ ඇයි? ඒ කෘතියෙ වැදගත්කම පිළිබඳ උඹලා වගේ හිස් පඬියො කතා නො කරන නිසායි.

      ලංකාවේ සාහිත්‍ය සමාජය කියන්නේ මාෆියාවක්. ඒක ඇතුළෙ ඉන්න එක ගෝඩ් ෆාදර් කෙනෙක් තමයි සමන් වික්‍රමආරච්චි කියන්නෙත්. අපි ඔය මාෆියාවට බයත් නැහැ. ගණන් ගන්නෙත් නැහැ. අපි කතා කරන්නේ කෘති ගැන විතරයි. අපට මිනිස්සු අදාළ නැහැ. ඒ වගේ ම, අපි කතා කරන්නේ අප වින්ද රසය ගැන නිසා අපට ලොකු වචන අදාළත් නැහැ.

      අනන්‍යතා අර්බුද තිබෙන බොහෝ අය ලංකාවේ ඉන්නවා. හැබැයි මචං බ්ලොග් ලෝකෙදි නම් මේක අනන්‍යතා අර්බුද ගැන අලුත් මානයක්. මේ ඇනොනිමස් ලිවිල්ලේ තියෙන්නේ තමන්ගේ කණ්ඩායම පිනවා ගන්න පරණ තාලේ වැඩක්.

      මං දන්න වාමාංශික පත්තර මිත්‍රයෙක් හිටියා. මිනිහා නම් දහයකටත් වඩා පාවිච්චි කරනවා. ප්‍රවෘත්ති එක නමකින්. ශාස්ත්‍රීය ලිපි තමන්ගේ හැබෑ නමින්. සිරා ය කියල හිතන කවි තවත් නමකින්. පෙම් කවි වෙන නමකින් ආදී වශයෙන්.

      හැබැයි මේ පොර තමන්ගේ සමීප කවයත් එක්ක කියනවා ඒවා ලියන්නේ තමන් ය කියලා. එයාගේ චූන් එක තියෙන්නේ ඒ කවය ඇතුළෙ. පත්තරේ අලෙවිය නැත්තට ම වැටිලා තියෙද්දි පවා මේ පොර සමීප කවයත් එක්ක ඒ ආතල් එක අරගෙන ජීවත් වුණා. ඒ සමීප කවය පොරට කන්න බොන්න දීලා රැක ගත්තා.

      මේ ඇනෝ පොරට තියෙන්නේ ඒ වගේ මානසිකත්වයක්.

      Delete
  9. කුමාර් සංගක්කාර UK තානාපති කරනව කියල හිටං තුමා බොහොම හැගීම් බරව කිව්වා.

    පස්සේ ඉතින් වැඩේ කෙරුනේ නම් නැහැ. මම නම් හිතුවේ දේශපාලකයෝ කටට ආවට කියන කතා ඔහොමයි කියලා.

    දැන් මේ අජිත් කියන විදියට, බලන් යනකොට මේ ආණ්ඩුවට සිංහලයෙක්ට තානාපති කමක් දෙන එකත් මාර අමාරුයි වගේ.

    ReplyDelete
  10. පැරාගේ මිලියන හතරට මගේ මෙව්වා එක මාත හෙමීට හෙමීට මිලියන දෙකේ ටාගට් එකට යන්නේ... ඩොලර් මිලියන දෙකක් කිව්වාම... කාලද බීලද අප්පා....

    ReplyDelete
  11. අමතක කරන්නෙපා... ඔක්කොටම කලින් මුරලි කියන්නෙත් ශ්‍රී ලාංකිකයෙක් බව...

    අන්න කජු කිරි කොල්ලෙක් (කුසල් මෙන්ඩිස් 100*) ඔස්ට්‍රේලියන් ස්පිනර්ස්ලට නෙලනවා.

    මුරලි ඔස්ට්‍රේලියන් කාරයන්ව අන්දලා වත්ද? ;-)

    - Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා