රාජ්ජ මෙව්ව එකට විරවාගෙන ඉන්න නාට්ටිකාර බුවාලා ඇතුළු කලාරිටවලට

ආණ්ඩුවෙන් කන්න බලා ඉන්න සංස්කෘතික ජීවිතය.......
උඹලා අප කලාකාරයන් ලෙස සලකනවා ද නො දනිමි. අපි ඔය කලා සංගංවල නැත. කලාකරුවන්ගේ පුවත්පත් නිවේදන ආදියට අස්සන් කරන්නේත් නැත. පුවත්පත් සාකච්ඡාවලට ඇවිත් ලැම්බොගිනි ඉල්ලමින් හොටු හූරන්නේ ද නැත. එසේම, බතික් කමිස, කුරුතා එහෙම ඇඳගෙන, අතේ වළලු ගොඩක් දාගෙන ඇවිදින්නේ ද නැත. කොණ්ඩෙ නම් වැවෙනවා ය. ඒ වුණාට හිස් මුදුනට තියා බඳින්නට බැරි ය. එහෙම කළත් අපේ ඇඟවල කලාකාර සෝමාරිකම නැති නිසා උඹලා මෙන් ගතියක් නැත. 

අපි කම්කරුවෝ ය. ජීවත් වන්නේ ශ්‍ර‍මය විකුණලා ය. ඒ ගමන් අපි කම්කරුවන්ට කම්කරුවන් ලෙස ම වඩා යහපත් සමාජ තත්වයන් අත්පත් කර ගන්නට දේශපාලන අරගලයට මැදිහත් වන්නෙමු.

ඒ වුණාට මං නම් හිතන්නේ අපිත් කලාකාරයෝ තමා ය. හේතුව, අපිත් කවි, කතා ලියනවා ය. නාට්ටි එහෙමත් කරලා නැත්තේ ම නැත. සමහර කලාකාරයන්ට වඩා සිංදු කියන්නට පුළුවන් අය අප අතර ඉන්නවා ය. 

කලාකාරකමත් හරියට නිවේදකකම වගේ ය. ඕනෑම කෙනෙකුට නිවේදකයෙක් වෙන්නට බැරිකමක් නැති බව ලංකාවේ රූපවාහිනී සේවා විසින් ඔප්පු කර තිබේ. කතා කරන්නට බැරි අයට සංඥා භාෂාවෙන් නිවේදකකම කරන්නට පුළුවන. ඒ නිසා සමස්ත සමාජය ම එක එක ජාතියේ කලාකාරයෝ තමා ය. සමහරුන්ට සමහර කලාවන් වැඩිපුර පුළුවන. ඒවා ගැන වැඩිපුර හැදෑරීමෙන් හා සතතාභ්‍යාසයෙන් පරිණතභාවයට පත් වූ අය සිටිති. එහෙම අයට වෘත්තීය කලාකරුවන් වෙන්නට පුළුවන. 

මම මා සලකන්නේ කම්කරුවෙකු ලෙසයි. ඕනෑනම් බුද්ධිමය කම්කරුවෙකැයි කියන්නට ද පුළුවන. කලාකාරයෙක් කියා කවුරුවත් පිළි නොගත්තාට මා වෘත්තීය බ්ලොග්කරුවෙකි. වෘත්තීය ලේඛකයෙකි. වෘත්තීය පරිවර්තකයෙකි. වෘත්තීන් දෙක තුනක් කරන්නේ එකකින් ජීවත් වෙන්නට අමාරු නිසා ය. හැබැයි මම නම් කාටවත් අත නොපා, ආණ්ඩුවෙන් හිඟා කන්නේ නැතිව, කම්කරුවෙක් ලෙස හොඳ ජීවිතයක් ගත කරමි. අප වැනි කම්කරුවන්ට ඇති ප්‍ර‍ධාන ගැටලුව වන්නේ වැඩ කරන්නට බැරිදාට ජීවත් වන්නට මාර්ගයක් නැතිකමයි. මන්ද, අපේ බදු මුදලින් ආණ්ඩුව දේශපාලකයන්ට හා රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවනවා විනා අප ගැන බැලිල්ලක් නැත. අඩු ගණනේ අප වෙනුවෙන් බැංකුවල තිබෙන විශ්‍රාම වැටුප් ගිනුම්ලටවත් සාධාරණ පොලියක් ගෙවන්නේ නැත. ඒ අතරවාරයේ අපි කලාත්මක ප්‍ර‍කාශනවල යෙදෙනවා ය. වරලත් විචාරකයන් තග දමද්දීත් කලා නිර්මාන ගැන කතා කරමින් අඩු තරමේ උඹලාගේ නිර්මානයක් රසවිඳින්නට තවත් අප වැනි මිනිසුන් පොළඹවනවා ය.

මේ ටික ලියන්න හිතුණේ නාට්ටිකාර බුවාලා ටිකක් පහුගිය දිනවට රාජ්ජ නාට්ටි උළෙලේදී පෙන්නූ නාට්ටියක් නිසා ය. ඇත්ත වශයෙන් ම උඹලා නාට්ටි කියා පෙන්නන ජහුටාවලට වඩා නම් ඒක හොඳ නාට්ටියකි. 


බොලාගේ නාට්ටියක් බලන්නට කම්කරුවන් වන අපට හරිම අමාරු ය. පවුල පිටින් නාට්ටියක් බලන්නට ගිය විට නාට්ටිකාරයෝත්, නාට්ටි සංවිධායකයෝත් අපේ ඉහ මොළ සූරා කනවා ය. ඒ මදිවාට නාට්ටි සාලාවල වාඩිවෙන්නට පුටුවක්වත් හරියට නැත. දාඩිය උතුරනවා ය. 

උඹලාත් ඉතින් මියුසික් වෙනුවට සීඩී ප්ලේ කිරිල්ලේ පටන් එක එක වංගු අපට ගහනවා ය.

නාට්ටිවලට ආසාව නිසා කොල්ලන් සෙට් එකකට එකතු වෙලා නාට්ටියක් පෙන්නලා ජාමෙ බේරා ගන්නට බැරි තරමට උඹලා නාට්ටි සංවිධායකවරුන්ට වද දෙනවා ය. උඹලා හිතන්නේ උඹලාගේ නාට්ටිය පෙන්නලා උන් හෙට පුංචි තියටර් එකක් බොරැල්ලෙන් ගන්නවා ඇති ය කියා ය. පෝස්ටර් ගහගෙන, සමරු කලාපවලට ඇඩ් හිඟාගෙන, නගර සභාවට විනෝද බදු වංගු ගසාගෙන උන් විඳින කට්ට ගැන උඹලාට හැඟීමක් නැත. උඹලාගේ නාට්ටි සංවිධානය කරන්නට ජූඩ් ඇර වෙන කවුරුවත් නැති වී තිබෙන්නේ ඒ නිසා ය.

උඹලාට රාජ්ජ නාට්ටි උළෙලේ ම පිහිටාරක්ෂාව පමණක් පතාගෙන ජීවත් වෙන්නට සිදු වී තිබෙන්නේ උඹලාගේ ම වැරදි නිසා ය. ඔය මළ ඉලව්ව ජෝන් ද සිල්වා එකේ තිබ්බත්, නෙළුම් පොකුණේ තිබ්බත්, උඹලාට සෝක් මදි බස්නාහිර පළාත් සංස්කෘතික මෙව්ව එකේ ඒසී හෝල් එකේ තිබ්බත් ඕක ඉතින් බොලාට ම මිසක් අපට නම් කිසිම අදාළකමක් නැත. 

අප උඹලාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවෙන් හිඟාකමින් කලාකරුවන්ගේ නම්බුව නැති කර ගන්නේ නැතිව අප වැනි කම්කරුවන් වී ජීවිතය සරි කර ගන්නා ගමන් පුළු පුළුවන් ආකාරයෙන් කලාව කරහල්ලා කියා ය. 

ලංකාවේ ඔය සිංදු කර්මාන්තය ඇර අනෙක් කලාවන්ගෙන් හැටහුටහමාරකට ජීවත් විය හැකි කර්මාන්ත හදන්නට බැරි ය. එහෙම කලාවෙන් ජීවත් වෙන්නට ඕනෑ නම් ඉන්දීය අර්ධද්වීපය සමග ආර්ථික හා සමාජ සම්බන්ධතා පුළුල් කරන්නට ඉවහල් වෙන ක්‍රියාමාර්ගවලට මේ අපි වගේ උදව් කළ යුතු ය. ඉංග්‍රීසි ඉගෙන ගත යුතු ය. මේ දූපත වටේ ඇති මහ මුහුද තරණය කරන්නට පුළුවන් නිර්මාන ගැන සිතිය යුතු ය. 

එහෙම හිතන්නේ නැතිව, ආණ්ඩුව අපට සලකන්නේ නැති ය කියමින් නහයෙන් අඬන විට අපට උඹලා හරි ගොන්පාට් ය. උඹලාගේ නාට්ටි සංදර්ශනේ අර ටෙලි නිළියෝ නැත්තේ ඇයි? කලාවෙන් ජීවත් වෙන්නට බැරි බව උන් දන්නවා ය. ඒ නිසා උන් වෙන වෙන කර්මාන්ත කරගන්නවා ය. එහෙම කරලා උන් සිරා ගෙවල් හදලා ඉරිදා පත්තරවල මැද පිටුවල දානවා ය. කලාකාරයන් වුණාම ඉන්න ඕනේ කලාගාර වගේ ගෙවල්වල ය කියා හිතාගෙන උඹලා ඉතින් හූල්ලනවා ය. 

සරළව කිව්වොත් මෙන්න මෙහෙම ය. රාජ්ජ නාට්ටි උළෙල නැති වුණත් නාට්ටි තිබිය යුතු ය. සුවර්ණ පුස්තකේ නැති වුණත් නවකතා බිහි විය යුතු ය. සම්මාන උළෙල නැතත් චිත්‍ර‍පටි බිහි විය යුතු ය.

ආණ්ඩුවේ මෙව්ව එකට විරවාගෙන ඉන්නේ නැතිව පුළුවන් විදියට කළ යුතු ය. බ්ලොග්කාරයන් වන අප කරන්නේ එසේ ය.

නාට්ටි, චිත්‍ර‍පටි ගැන ආදර්සෙට ඕනැ නං ගප්පියා වැනි අය ගන්නට පුළුවන. 

අවසාන වසයෙන් මේකත් කියමි. කම්කරුවන් වන අපට බොලාවත් නඩත්තු කරන්නට හයිය නැත. මන්ද, අපට මේ රටේ ලක්ෂ 12කට වැඩි රජයේ සේවකයන්ට හා දේශපාලකයන්ට වැඩ නො කර පඩි-නඩි, පැන්ෂන්, වරප්‍ර‍සාද, තීරු බදු නැති කාර් ආදිය දෙන්නට තියෙනවා ය.

පසුව එක් කරන ලද කොටසක්: 

පහත පළ වන්නේ නාට්‍යකරුවන්ට ජනාධිපතිගෙන් සාකච්ඡාවක් සඳහා කරන ලද ආරාධනය ප්‍ර‍තික්ෂේප කරමින් ඔවුන් විසින් යවන ලද ලිපියයි. 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අභීත කලාකරුවන් වෙනුවෙන් බුකියේ දැමූ කොමෙන්ටුව මෙතනත් දමමි...

    කලාකරුවන්ගේ අබිමානෙද මක්කද එකට කෙලවෙන්න නොදී..
    මීට පස්සේ නාට්ටියක් බලලා ඉවර උනාම,
    ඉස්ටේජ් එකේ පිටිපස්සට ගිහින් කස්ටියටම රුපියල් විස්ස විස්සවත් දියල්ලා..

    පව් බං, උනුත් හිඟන්නෝ වගේ, ආන්ඩුවෙන් කීයක් හරි ඉල්ලනවා..

    ReplyDelete
    Replies
    1. ඔවු මහත්තය... ඔයා නාට්‍ය බලන කෙනෙක්නම් එන්න පිටිපස්සට රුපියල් 20ත් අරන්.ඉස්සෙල්ලම ඕක ඔයාම පටන්ගන්න,අපිත් ඔයගෙන්ම පටන් ගන්නම්.

      Delete
    2. මහත්තය නෙමේ බොල හාමු!.රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ ගිය ප්‍රභූ පවුල් ආස්සරේ කරපු පොරක්.පොඩි කාලෙ පවා තෝසෙ කාල සල්ලි නොදී කට්ටි පනින් නැතිව කඩේ හිටපු ඔක්කෝටම මොනර පටි දීල ආපු කොල්ලො .රුපියල් විස්ස නෙමේ උඹලට ඕන දෙයක් කියපං.මේ හාමුට බැරි දෙයක් නොදන්නා දෙයක් නෑ.බොරු නම් බ්ලොග් එකට එකට ගොඩ වෙලා බලපන්.

      Delete
    3. බොරු ගොන් පාට්නේ . ආණ්ඩුවට බදු නොදී හිටපල්ලා. එදාටආණ්ඩුවෙන් නොඉල්ලා හිටපන්.හිඟමනේ සහ අයිතිවාසිකමේ වෙනස මුලින් තෝරා බේරා ගත්තේනම් වඩා හොඳය. අනික කම්කරු පන්තිය වෙනුවෙන් තමන්ගේ පෙනී සිටීමේ වරදක් නැත.ඒ ගැන කියෙව්වාටද කමක් නැත.නමුත් තමුන් නොදන්නා කලාපයේ ප්‍රශ්න ගැන මීට වඩා හොයා බලා ලියන එක හොඳය.මොකද මේ කාලේ ද ගිරවුන්ගේ අඩුවක් නැත.

      Delete
  2. මෙතන අපි ඉංගිරිසියෙන් මොකක්හරි ලිව්වොත් ඇවිල්ලා ව්‍යාකරණ වැරදියි අරක මේක කියලා, වැරදි ඇයි කියලා ඇහුවම කටයි පුකයි දෙකම වහගෙන හැංගෙන ඇනෝලා මේ කලාකාරයා පෙන්නගෙන ඉන්න පෝස්ටරේ ගැන විග්‍ර‍හයක් කරන්නෙ නැද්ද?

    අපේ නම් අඩු ගානෙ කියන දේ මොකක්ද කියන එක තේරෙනවා. මේක ව්‍යාකරණ වැරදි විතරක් නෙමෙයි මේ කියන්නේ මොකක් ද කියන එකවත් තේරෙන්නෙ නැහැ. තේරෙනවා නම් කියමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. //අපේ නම් අඩු ගානෙ කියන දේ මොකක්ද කියන එක තේරෙනවා. මේක ව්‍යාකරණ වැරදි විතරක් නෙමෙයි මේ කියන්නේ මොකක් ද කියන එකවත් තේරෙන්නෙ නැහැ. තේරෙනවා නම් කියමුකො බලන්න.//

      ඉතින් ඒකනේ පැරා "සම්භාව්‍ය කලාව"...:D

      Delete
    2. අම්මපා ඒකත් ඇත්ත. තේරෙන්නෙ නැතිනම් සම්භාව්‍යයි නේ.

      Delete
    3. ඕක සින්ගප්පූරු ඉන්ග්‍රීසි වලට සමානයි. එයාලත් බොහෝවිට ප්‍රශ්නයක් අහනකොට , සාමාන්‍ය වාක්ය කියල අන්තිමට "is it" කියල කියනවා.
      උදා: ඔයා ලංකාවෙන්ද කියල අහන්නෙ "You are from Sri Lanka, Is it ?" කියල

      Delete
    4. //Attention - President
      We do have a cultural life... isn't it?// ( to be entirely correct it should be : "We do have a cultural life; don't we?" )

      අනුවර්ථනය //ජනාධිපතිතුමාගේ අවධානය සඳහාය.
      අපිට සංස්කෘතික ජීවිතයක් තිබෙනවානේ, නැද්ද මං අහන්නෙ? //

      සංස්කෘතික ජීවිතය යන්න මොකක්ද මං දන්නෙ නෑ.
      ඒත් මට තේරෙන විදිහට අදහසනම්, අපිට අපිට එහෙම එකක් තියනව නේද කියන එක ironic විදිහට අහන එක. ඒ කියන්නෙ එක්කො "එහෙම එකක් තිබුනට නෑ වගේ" එහෙම නැත්නම් "එහෙම එකක් තිබුනට /තිබිය යුතු වුනාට රජය දන්නෙ නෑ / රජයෙන් ඒ සඳහා උනන්දුවක් නෑ වගේ" දෙයක්

      Delete
    5. ඩෝන්ට් වී කිව්වා නම් පොතේ හැටියට හරි වුනාට, ඉතිං ඇයි ඕක විතරක් ඉංග්ලිෂ් වලින් කියන්නේ ජනාට?

      Delete
  3. පැරා කියන එකට අපිත් එකඟයි, පැරා වෘත්තිය ලේඛකයෙක් බව අපි දන්නවා, මොකද පත්තරවලට ලිපි ලිව්වාම ගෙවීමක් කරනවනෙ. ඒත් වෘත්තිය බ්ලොග්කරුවෙක් කියන්නෙ, කවුද ගෙවන්නෙ ? ඔය ආණ්ඩුවට කඩේ යනකොට සිරිකොතින් ගෙවනව, NGO වලින් ගෙවනවා වගේ ගොන් කතා නෙමෙයි,Google ඇඩ්වලින්ද ? දන්නෙ නැති නිසයි අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. W3Lanka ලියනවාට කවුරුවත් ගෙවන්නෙ නැහැ. ගූගල් ඇඩ් සිංහලට වැඩ කරන්නෙ නැහැ. දාන්න පුළුවන්. ඒත් ඒක ගිවිසුම අනුව තහනම්. මේ මහන්සිය වෙලා ඉංග්‍රීසියෙන් බ්ලොග් එකක් ලියනවා නම් අඩු ගානෙ මාසෙකට ඩොලර් 100ක්වත් හොයාගන්න පුළුවන් ගූගල් ඇඩ්වලින්. මං ඉස්සර එහෙම කළා.

      මේ බ්ලොග් එක මං පාවිච්චි කරන්නේ දේශපාලන මැදිහත්වීම් වෙනුවෙන්. ඒක මගේ දේශපාලනය. ඒ නිසා කවුරුවත් ඒකට ගෙවන්න ඕනැ නැහැ. හරිනම් මේක බලන එවුන්ට මං ගෙවන්න ඕනැ. උන් නැතිනම් මෙලහට අපි දේශපාලනිකව මැරිච්ච තැන්වල ගසුත් පැළ වෙලා.

      Delete
  4. අනික මම දන්න ඉංග්‍රීසියෙන් නම් ඔතන "Isn't it ?" වෙනුවට යෙදෙන්න ඕනෙ "don't we ?" , හැබැයි ඒක ඉල්ලීමක් විධියට ගැලපෙන්නෙ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. It isn't exactly a request, as I see it.
      More like a sarcastic and/or ironic statement in the form of a question.
      I'm not sure what a "cultural life" is though.

      Delete
    2. ඕනැම question tag එකක් වෙනුවෙන් Isn't it? හා No? යෙදීම ශ්‍රී ලාංකික ඉංග්‍රීසි භාෂාවේ ලක්ෂණ බවට පත් වෙලා.

      හරි වැරදි කෙසේ වෙතත් ඒවා දැන් සුලබව භාවිතා වෙනවා.

      ඒ වුණාට මේ වාක්‍යයෙන් කියන දේ පැහැදිලි නැහැ.

      Delete
    3. නෝ? කියන එක නම් බොහෝවිට ඉන්ග්‍රීසි මව් භාශාව නොවන යුරෝපීයන් හා ආසියාතිකයින් තමයි බහුලව යොදන්නෙ. ඒත් isn't it, aren't you, hasn't it etc..ඉන්ග්‍රීසි ඇමරිකානු ඔස්ට්‍රේලියානු නවසීලන්ත ආදීන් ඕනෙ තරම් කියනව නේද?බ්‍රිටිශ් ස්ලෑන්ග් හෝ පහල යයි සලකන පන්තියේ හෝ සමහර ප්‍රාදේශීය dialect වල "isn't it" කියන්නෙ "innit" කියල
      e.g. "It's the easiest way, innit?"

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඉතිං ඕක සිංහලෙන් කිව්වනම් අහවරයි 'නො'?
      සිංහලයේ 'නො'කාරය. හෙහ් හෙහ්

      Delete



    6. ගස් ලබ්බ ,Pra Jay ඇයි සිංහලෙන් විතරක්?ඔහෙලට ඉංග්‍රීසි දෙමළ අරහං ද? අනේ ඔහෙලගෙ චින්තනේ....

      Delete
    7. ඔය ගස්ලබ්බ කියන නොකාරය මං හිතන්නෙ සමහර පැතිවල ව්‍යවහාරයේ තිබෙනවා. මාතලේද, ඌවෙ ද කියන එක මට ෂුවර් නැහැ.

      Delete
  5. Replies
    1. මං හිතන්නේ මේ කියන්න හදන්නේ ‘ජනාධිපතිතුමනි, අපට සංස්කෘතික ජීවිතයකට අයිතිය නැද්ද?' වගේ එකක්. ඕක දන්න සිංහලෙන් කිව්ව නම් හිටන් කාට වුණත් තේරෙනවනේ.

      Mr. President, don't we have right for cultural life?

      Delete
    2. හැමෝටම තිබිල තියෙන්නේ වියාකරණ ප්‍රශ්නයක් නේ. ඔහේගේ ශයිලියද එකම ශයිලිය.? එතන තිබුනේ මෙහෙම. "ජනාදිපති තුමනි සංස්කෘතික ජිවිතේ කියල දේකුත් තියෙනවා...දන්නවද."

      Delete
    3. එතැනදී ප්‍රශ්න කරන්නේ රටේ ප්‍රධාන පුරවසියයයි සලකන මනුස්සයාගේ රසය.(රසක්නතාවය ) ඒක පරණ jvp සටන්පාඨ වලට වඩා effective නැද්ද?

      Delete
    4. ජනාදිපති තුමනි සංස්කෘතික ජිවිතේ කියල දේකුත් තියෙනවා...දන්නවද

      මගේ ශෛලියෙන් කරන පරිවර්තනය: Do you know Mr. President? We have a thing called cultural life.

      ශෛලිය මොක වුණත් කියන දේ තේරෙන්නෙ නැතිනම් ඒක ප්‍ර‍බුද්ධ වෙනවා. එතකොට ඒක අපි වගේ සාමාන්‍ය මිනිසුන්ගෙන් අවුට්. මං හිතන්නෙ ජනාධිපතිතුමත් අපි වගේ සාමාන්‍ය පොරක්. ඔච්චර ඇඩ්වාන්ස්ඩ් ඉංගිරිසි තේරෙන්නෙ නැහැ.

      Delete
    5. පැරා මේ මගුලක් කතා කරනවා. පැරා සාමාන්‍ය ඉංග්‍රීසිකාරයෙක් නම් කොහොමෙයි පරිවර්තන කරන්නෙ. මම නම් කියන්නෙ පැරා ඉංග්‍රීසි විද්වතෙක්. හැබැයි අනුන් ලියල දෙන ඉංග්‍රීසි කියවන සිරාට මේක කියව ගන්නත් පුළුවන්ද මන්දා. කොහොම වෙතත් ළඟ ඉන්න ලේකමෙක් කොහොම පරිවර්තනය කොරනවද දන්නෙ නෑනෙ. මෙන්න මෙහෙම අතිනුත් දාල කිව්වොත් " ජනාධිපතිතුමනි අපි හොඳ සංස්කෘතියක් තියෙන සිංහල බෞද්ධ මිනිස්සු "

      Delete
  6. මේවත් බලලම බනින්න අයියලා .. පරණ ඇරියස් වලටම බනින්නේ නැතිව.

    https://www.facebook.com/respectabletheatre/photos/ms.c.eJw1x8kRACAMA7GOGOIcePtvjAeDfkLKwj5GjBfvhDS549~;VzWRf6kwJug~-~-.bps.a.922349804559643.1073741830.915875198540437/922349887892968/?type=3&theater

    ReplyDelete
    Replies
    1. කලාකරුවන් පන්සල්වල හාමුදුරුවරුන් වගේ තක්කඩි පිරිසක් විය යුතු නැහැ.

      සැබෑ කලාවට රජය අදාළ කර ගන්න ඕනැම නැහැ.

      අපිත් කලාව තමයි කරන්නෙ. ඒකට අපි සංගම් හදාගෙන රජයෙන් කප්පම් ඉල්ලන්නෙ නැහැ. රජය ඕනැ තරම් කලාකාරයන්ට කප්පම් දීලා තියෙනවා. මතක තියාගන්න ඒ දුන්නෙ මහජන මුදලින්.

      උදාහරණයක් විදියට අර සැමීගේ කතාව කියල චිත්‍ර‍පටයක රඟපාපු නළුවට විමල් වීරවංශ මහජන මුදලින් ගෙයක් දුන්නා. ඒ රඟපෑමට සම්මාන ලැබීම ජාත්‍යන්තර සම්මාන ගැන අලුත් මානයකට අප විවෘත කළා.

      සුසන්තිකාටත් රජය ගෙයක් දුන්නා. එයා දැන් ඒක එයාට තඩිබාන සැමියාට දීලා. සුසන්තිකාගේ ඔලුව කෙසේ වෙතත් ඒ කකුල් දෙක හරි ජාතික වස්තුවක්. ඒ නිසා ඒකට කමක් නැහැ කියමුකෝ. ජගත් චමිලත් ජාතික වස්තුවක් නම් බුදු අම්මෝ මට නම් ජාතියත් එපා.

      අපි කලාව කරන්නේ සම්මාන බලාගෙන නෙමෙයි. අපි අපේ කලාවන් පවත්වාගෙන යන්නෙ කම්කරුවන් වගේ දාඩිය මහන්සියෙන් වැඩ කරලා ඒ උපයන මුදලින්. හේතුව ලංකාවේ කලා කර්මාන්ත පවත්වාගෙන යන්න බැරිකම. උදාහරණයක් විදියට කවිය ලංකාවේ කර්මාන්තයක් කරන්න බැහැ. කර්මාන්තයක් කර ගත්තත් ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් බස්වල කවි ස්ටිකර් අලවලා අමාරුවෙන් ජීවිතය ගැටහගහන්න විල්බට් අඹතලාව වගේ කීපදෙනෙකුට විතරයි. අපේ කවියෝ කැමතිද විල්බට් අඹතලාව වෘත්තීය කවියෙක් විදියට පිළිගන්න.

      ජනතාව කලාව පරිහරණය කරන්නේ තමන්ට පුළුවන් මට්ටමට. ඒකට බලපාන සාධක ගොඩක් තියෙනවා. කලාව දියුණු වෙන්න නම්, මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය වෙන්න ඕනැ. ඒකට අධ්‍යාපනය, ජනමාධ්‍ය ආදියත් බලපානවා.

      කලාකාරයන් කියන අය සමාජය වෙනස් කරන්න කරන මැදිහත්වීම් මොනවද? හැමෝම කතා කරන්නේ කර්මාන්තයක් විදියට තමන්ගේ කලාව රැකගන්න එක ගැන. එහෙම රැකගන්න හදන්නෙ ජනතාවගේ බදු මුදලින්. අපටත් දීපියව් කියලා රජයෙන් පළි ගහනවා. ආණ්ඩුව දෙයි. ගෙවන්න ඕනැ කවුද? වැඩ කරන ජනතාව. වැඩ කරන ජනතාවට ඔය කලාවන් පරිහරණය කරන්නට ලැබෙනවා ද?

      Delete
    2. විදේශ විනිමය මේ රටට ගේන, මේ රටේ ආර්ථිකයට කොන්ට්‍රිබියුට් කරන,වගා කරන, නිෂ්පාදනය කරන, වැට් ගෙවන, පේයී ගෙවන ඔක්කොම ජාතික වස්තූන්.

      Delete
  7. //"ඕනෑම කෙනෙකුට නිවේදකයෙක් වෙන්නට බැරිකමක් නැති බව ලංකාවේ රූපවාහිනී සේවා විසින් ඔප්පු කර තිබේ. කතා කරන්නට බැරි අයට සංඥා භාෂාවෙන් නිවේදකකම කරන්නට පුළුවන.//"

    ඉතිං ඕයි පැරා තමුසෙලා පුක දෙන නෙලුම් යයේත් එහෙමනේ . අර ඉවාන් පවුලුෂා කියන ගොබිලව දාල කරපු තමුසෙලාගේ නෙලුම් සම්මාන උළෙලත් එහෙමනේ , ඌ තමුසෙටයි නාලකටයි ෆුල්ටෝස් දාලා දීපු නිසා ඌ හොඳද , ඊළඟ පාරවත් රුපවාහිනියේ හරි අයිටීඑන් එකේ හරි එකෙක් ගෙන්නාගෙන කරවනවා . අර වගේ හිපාටුවෙක් නැතුව

    ReplyDelete
  8. පීක් එකේ ඉන්න කොට හොඳට හම්බු කරල ගෑනුන්ට වියදම් කරල කෙලින්න තියෙන ඔක්කොම පිස්සු කෙලල අන්තිමේ ඉන්න හිටින්න වත් තැනක් නැති උනාම අනේ අපිට ආණ්ඩුවෙන් සලකන්නේ නැතෝ කියන කලාකාරයන්ගේ දුක් සීන් හැම සතියකම වගේ පත්තරේ යනව.පහුගිය දාක රාජ්‍ය සම්මාන ගනිපු කවියෙකුට රස්සාවක් නැතෙයි ආණ්ඩුවෙන් එකක් දෙන් නැතෙයි කියල බුකියෙ හොටු පෙරුව.දැන් නාට්ටිකරයෝ කියනව උන් ගැනත් ආණ්ඩුව බලා ගන් නැතෙයි කියල.ආණ්ඩුවට බදු ගෙවන සාමාන්‍ය මිනිහෙක් විදිහට මට අහන්න තියෙන්නෙ මෙච්චරයි.ස්ට්‍රයික් කරන දොස්තරලා ,රාජ්‍ය සේවකයෝ නලවන්නයි,දේශපාලනේ කරන අපතයින්ට සැප ගන්නයි,කලාකාරයන්ගේ දුක නිවන්නයි ඔය ඔක්කෝටම බයිට් එක අපිද ?

    ReplyDelete
  9. තරුණ නාට්‍යකරුවන් විසින් ජනාධිපතිගෙන් ලැබුණ සාකච්ඡාව ප්‍ර‍තික්ෂේප කරමින් යවන ලද ලියුම ඉහත පළ කර තිබේ.

    තරුණ නාට්‍යකරුවන් වඩා දේශපාලනික විය යුතු ය. නාට්‍ය කලාව ජනතාව අතරට නැවත ගෙන යාමට යම් කිසි දෙයක් කළ යුතු ය.

    ReplyDelete
  10. "කම්කරුවන් වන අපට බොලාවත් නඩත්තු කරන්නට හයිය නැත. මන්ද, අපට මේ රටේ ලක්ෂ 12කට වැඩි රජයේ සේවකයන්ට හා දේශපාලකයන්ට වැඩ නො කර පඩි-නඩි, පැන්ෂන්, වරප්‍ර‍සාද, තීරු බදු නැති කාර් ආදිය දෙන්නට තියෙනවා ය."


    මෙච්චරකල් හිතං හිටියේ ලංකාවේ මිනිස්සුන්ව රවට්ටලා ආණ්ඩුවට පත්වෙන හොරැ ටික වැඩ නො කර පඩි-නඩි, පැන්ෂන්, වරප්‍ර‍සාද, තීරු බදු නැති කාර් ගන්නවා කියාලාය. දැන් බලන කොට ෆේස් බුක් එකේ කරනම්පාන මේ බ්ලෝග් කාරයෝ ගොඩාරියක් ඇතුළු මහජනතාව ඒක දැන ගෙන හිතා මතාම කරන දෙයකි. ඒ කියන්නේ මේක බැලු බැල්මට පැරඩියක් වගේ ලියා තිබුණාට මේ ලියුමේ කියන අදහස්වල විදිහට නම් මේක එහෙම නෙමේ ය. ඒක අමුම අමු ලිටරල් ය.

    දැන් මේ ඈත ගම්වලින් ආපු කොල්ලො කෙල්ලෝ වැරදියට ඉංග්‍රිසි ලියා ගෙන තමන් පණ්ඩිතයො කියල හිතාගෙන ඉන්නේ උන්ට හරි හමන් අධ්‍යාපනයක් නැති නිසා නම්, උන් මේ කියන්නේ රජය කියන අපෙන් බදු ගහන ආයතනය ඒවාට මුදල් වෙන් කළ යුතු බවයි. කලාව සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති හැදිය බවයි. නාට්‍යාගාර, උළෙල, පහසුකම් ආදිය සංවිධානය කළ යුතු බවයි. හොඳ තත්ව යටතේ නාට්‍ය අඩු මුදලට පෙන්වීමට මග පෑදිය යුතු බවයි. ඒවා බ්ලොග් ලියනව වගේ තනි තනි වැඩ නෙමෙයි. රජයක් විසින්ම කළ යුතු වැඩ. සිංගප්පූරැව ඉන්දියාව සහ බටහිර රටවල මොන මොන සීමා සහිත කම් එක්ක හරි මේවා යම් මට්ටමකට කෙරෙනවා. ඒ නැතුව උන් කියන්නේ උන්ට නිකං පඩි ගෙවන්න හරි ගෙවල් දෙන්න හරි කාර් දෙන්න හරි කියලා නෙමෙයි.

    පැරා සහ මාතලං වැනි බ්ලොග් කාරයෝ ඇත්තටම එහෙනං කියන්නේ රජයට තමන් කැමති විදියට බිස්නස්කාරයින්ගේ ඕනැ එපා කං ඉෂ්ට කරං, බදු ගහගෙන ඉන්න දෙන්න කියලද? දේශපාලකයින්ට කාර් අරං දෙන්න, ගෙවල් දෙන්න, පගා ගහන්න ඉඩ දෙන්න තමන් එකඟ වුණත්, කලාව වෙනුවෙන් මුකුත් කරන්න එපා කියලද? මේ ඉංග්‍රිසී බෝඩ්වල වැරදි උඩ දාගෙන දඟලන්නේ ආණ්ඩුවට විරැද්ධව එන බලවේග හෑල්ලු කරමින් දුර්වල ආණ්ඩුවක් තියාගන්න ඕනැ ලිබරල් වහන්තරාව යට ඉන්න බිස්නස්කාරයින්ට සේවය කරන්න නෙමෙයි ද? ටෙලි නාට්‍ය හෝ යූටියුබ් වැනි ඒවා වෙනම කලා මාදිලි බව ඔයාල දන්න නමුත් ගහන්න ඕනැ වුනාම නාට්‍යකාරයින්ට ඒ මාදිලි යෝජනා කරමින් උන් හිටි තැන් අමතක වුණා වගේ හැසිරෙන්නේ ඒක නෙමෙයි ද? ඔහොම ගියොත් නම් ලංකාවේ බ්ලොග් කාරයින් දේශපාලකයින්ගේ තත්වෙට ම වැටෙනවා. අපේ රටේ සිංහල පත්තරවල, බ්ලොග්වල ඕනැ තරම් භාෂා වැරදි තියෙනවා. එංගලන්තෙත් බෝඩ් ලෑලිවල, සුද්දංගෙ කඩවල බෝඩ්වල ඕනැ තරම් ඉංග්‍රීසි වැරදි සහ යෙදුම් තියෙනවා. මෙතන ඇත්ත ප්‍රශ්නෙ ඒක නෙමෙයි. ඒවා ඉස්සරහට අරං සැබෑ පණිවිඩය වහන්නේ ඇයි ????

    ReplyDelete
  11. "තරුණ නාට්‍යකරුවන් වඩා දේශපාලනික විය යුතු ය. නාට්‍ය කලාව ජනතාව අතරට නැවත ගෙන යාමට යම් කිසි දෙයක් කළ යුතු ය."
    අස්සයාට යන්න ඉස්තාලෙ දොර ඇරල දාල ඊට පස්සෙ මේ වගේ දියාරැ හිස් ප්‍රකාශ කරන්න එපා. වගකීමක් ඇති පාඨක සමූහයක් ඉන්න කෙනෙක් හැටියට සැබෑ විශ්ලේශනයක් කරන්න. නැත්නම් කට වහගෙන ඉන්න. ඔබේ අරමුණු වෙනුවෙන් ඔබ හොඳටම දේශපාලනික බවත්, තරැණ නාට්‍යකාරයෝ ටික දේශපාලනිකව පරිණත නැතිබවත් ඇත්තක්. ඒකයි ඔවුන් ආරක්ෂා කළ යුතු. කරැණාකර මේ දුර්වලතා ඔබේ අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීමෙන් වළකින්න.

    ReplyDelete
    Replies
    1. ඕව නං ගණන් ගන්න එපා සහෝ. සමාජ මාධ්‍ය යුගයේ ඕව නෝමල්. ඔය වගේ නෙමෙයි අපි අහගන්න ඒවා. කවුද ගණන් ගන්නෙ?

      Delete
  12. මට තේරුණු විදියට මෙතැන වරද වෙලා තිබුනේ නාට්‍ය මංඩලය සංස්කෘතිකෙන් අධ්‍යාපනයට දාපු වෙලේ කලින් කරපු ප්‍රතිපාදන අතුරුදන් වීම නේද?

    ReplyDelete
  13. ඇයි අපි ඉන්‍දියාවටමැ නිර්මාණ කරන්නේ.
    අප කලාකරුවනට මඩේ ඉන් චීනා(made in china)ට කලාකෘති නිපදවන්නට නොහැකිද?

    ReplyDelete
    Replies
    1. නාට්‍යකාරයෝ මේ රාජ්ජ නාට්ටි උළෙලවල් අරවා මේවා අතෑරලා ජනතාව වෙනුවෙන් නාට්‍ය කිරීම කරගෙන යන්න ඕනැ. පන්සල්වල හාමුදුරුවරුන් වගේ තක්කඩින්ට රජයේ සල්ලි ගන්න ලජ්ජා නැති වුණාට හරි කලාකාරයන්ට ලැජ්ජාව තියෙන්න ඕනැ.

      ඔය සම්මාන පෙරේතයන්ට එහෙම ලැජ්ජාවක් නැහැ. හොඳම උදාහරණ තියෙන්නෙ නාට්‍ය ක්ෂේත්‍රයේ නෙමෙයි. සාහිත්‍යයේයි. ඒක නියම බෙදං කෑම.

      තරුණ නාට්‍යකාරයෝ හෝ මේවා ප්‍රතික්ෂේප කළ යුතුයි. අපි නම් ප්‍රතික්ෂේප කරලා බොහොම කල්. අපට රජයෙන් නිකුත් කල කලාකාර හැඳුනුම්පත් නැත්තෙ ඒ නිසා නේ.

      Delete
  14. අර බොරැල්ලෙ තියෙන පුන්චි ටීටරේ නාට්‍ය බලන එකෙ සිරා කේස් එකක්. පුටු ටියලා තියෙන්නෙ ප්‍රයිවට් බස් එකේ වගේ. දනිස් කටු වදිබවා ඉස්සරහා සීට් එකේ. හදිසියකට නැගිටාඅ යන්න උනොත් මුලු පේලියම නැගිට්ටවන්න වෙනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා