W3Lanka ලක්ෂ 40ක් ගත් බවට නැගෙන චෝදනාවේ ඇත්ත නැත්ත

ඉස්ක්‍රා පුවත්පතේ මාධ්‍යකරුවන් මහජන මුදලින් මෝටර් සයිකල් ඉල්ලන යුගයක අපි ............  
අද අපේ හිට් කවුන්ටරය පිටු කියවීම් සංඛ්‍යාව ලක්ෂ 40ක් ලෙස දක්වනු ඇත. 

2009දී අපි මෙම බ්ලොගය පටන් ගත්තෙමු. බ්ලොගර් වෙබ් අඩවිය හිට් කවුන්ටරය දුන්නේ අප මෙය පටන් ගත්තාට සෑහෙන කාලයකට පසු ය. එසේම, අපි මෙම ලිපි ෆේස්බුක් හා ට්විටර් හරහා ද බෙදා හදා ගනිමු. පුවත්පත්වලත් පළ කරන්නෙමු. එහෙයින් අපගේ ලිපි කියවූ තරමක් විශාල පිරිසක් සිටින බව අපි සිතන්නෙමු.

අප ලියන්නේ මුදල්වලට ය කියා ද, අපගේ අරමුණ රනිල්ට / එජාපයට / රාජ්‍ය නොවන සංවිධානවලට / කොටින්ට / බටහිරට / ඉන්දියාවට කඩේ යන එක ය කියා බොහෝ දෙනා සිය කැමැත්ත පරිදි කියති. ඉදිරියටත් තමන් කැමති දෙයක් කියා ගත්තාට අපට කමක් නැත. උවමනාවට වඩා මේ කතාව කීමෙන් එහි වලංගුභාවය නැති කර ගත්තේ චෝදනාව කරන අය ම ය. 

ලෝකය පාරිභෝජනවාදයට නතු වී ඇති තරම කෙතරම් ද යත්, විකල්ප දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින අයට පවා, මුදලට නොව දේශපාලන අරමුණක් වෙනුවෙන් අප මෙය කරන බව තේරුම් ගන්නට හැකියාවක් නැත. ඔවුන්ට අනුකම්පා කිරීම හැර අපට වෙන කරන්නට දෙයක් නැත. 

එහෙත්, වසර 12ක පමණ කාලයක් තිස්සේ මගේ මූලික දේශපාලන මැදිහත්වීම් අවකාශය සමාජ මාධ්‍ය බවට පත් කරගෙන සිටින මගේ අත්දැකීම් කීපයක් ඒවා ගැන දැන ගන්නට කැමති අය සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙමි. 

මෙම බ්ලොග් අඩවිය හා ඒ ආශ්‍රිත සමාජ මාධ්‍ය කටයුතු දැන් කලක සිට ම පූර්ණ කාලීන වෘත්තියක තරම් කාර්ය බහුල වී තිබේ. අධ්‍යයනය කිරීම, කියවීම, ලිවීම, සංවාදවල යෙදීම ආදී කටයුතු අඛණ්ඩව කරන්නට සිදු වී තිබේ. සතතාභ්‍යාසය හේතුවෙන් වේගයෙන් ලිවීමේ හැකියාව මට ලැබී තිබේ. නිදසුනක් ලෙස මෙම කෙටිකතාව ලියන්නට මට ගත වූයේ පැය භාගයක පමණ කාලයකි. ලියන්නට කලින් බොහෝ සේ අධ්‍යයනය කළ යුතු ය. මේ කතාව ලියන්නට පෙර මම ගංවතුර අනාථයන්ගේ කඳවුරු බලන්නට ගියෙමි. සහන කටයුතුවල නියැලී සිටින නිලධාරීන් සමග සාකච්ඡා කළෙමි. ලිවීමට වඩා හැදෑරීම දුෂ්කර ය.

ලක්ෂ ගණන් පාඨකයන් ලිපි කියවන්නට නො පැමිණියත්, කවියක් ලිව්වත් දාහක් හමාරක් කියවන නිසා ලංකාවේ හැටියට තෘප්තිමත් වන්නට බැරිකමක් නැත. අප ලියන මාතෘකා ඉතා ජනප්‍රිය ඒවා නො වේ. 

අප අරගල කරන්නේ සමාජවාදී ජීවිතයක් වෙනුවෙන් බව අපි කියන්නෙමු. සමාජවාදය යනු රාජ්‍ය බලය ගැනීමෙන් පසු පමණක් කළ හැකි දෙයක් නො වේ. සමාජවාදය ජීවන අරගලයකි. ප්‍රතිපත්ති ගරුකව ජීවත් වීමත්, සමාජවාදී ඇසකින් ලෝකය දෙස බලන්නට උත්සාහ කිරීමත්, සංවාදයත් එහි අංග වේ. අපි දීර්ඝ කාලයක සිට එම භාවිතාවේ යෙදී සිටින්නෙමු. 

උපායශීලිත්වය හා නිර්මානශීලිත්වය ඉතා වැදගත් බව අපි සිතමු. මෙම බ්ලොග් අඩවියේදී අපි ඒවා උපරිමයෙන් පාවිච්චි කළෙමු. අප සමාජවාදය ගැන සංවාද කරන්නට එදිනෙදා සිදුවීම් යොදා ගන්නේ ඒ නිසා ය. 

කුමන හෝ දේශපාලන කාර්යයක යෙදෙන්නේ නම් අතහරින්නේ නැතිව අරගල කිරීම ඉතා වැදගත් ය. බ්ලොග්කරණය එසේ අතහැර නො දමා දිගට ම කරගෙන යාම අති දුෂ්කර එක් දේශපාලනික කාර්යයකි. නො කියවීම, නො තකා හැරීම, සල්ලිවලට ලියනවා ය කීම, වෙනත් අවලාද නැගීම, කඩාකප්පල්කාරිත්වය, මානසික වධ දීම, ශාරීරික හිංසනය හෝ ඒ සම්බන්ධ තර්ජන, පවුල්වලට තර්ජනය කිරීම ආදී දේ දරා ගැනීමට ඔබට හැකි විය යුතු ය. 

මේ සියල්ල මැද ඔබ ඔබගේ ජීවිතය මැනැවින් කළමනාකරණය කර ගත යුතු ය. මෙම බ්ලොගය නිසා මම දිනපතා උදේ හතරට හෝ ඊට පෙර අවදි වෙමි. ගුරු වෘත්තියෙන් සමු ගන්නා විටත් මගේ මූලික වැටුප රු. 18,000ක් පමණි. එහෙත්, මෙම බ්ලොගයේ පළ කළ දැන්වීම් කෑල්ලකින් මම සාර්ථක ඔන්ලයින් පරිවර්තන සේවාවක් පවත්වා ගෙන ගියෙමි. එය කෑලි ගණනට වැඩ කරන බුද්ධිමය කම්කරු කාර්යයකි. ස්වයං රැකියාවකි. ව්‍යවසායකි. 

දේශපාලනය, රැකියාව ආදී කටයුතු මැද ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ද ගත කරන්නට අපට අවස්ථාව ලැබුණේ ඒ නිසා ය. අධික උන්නතිකාමයකින් නො පෙළෙන, ආගම, ජ්‍යෝතිෂය වැනි විනාශකාරී දේ සමග නො බැඳුණු පවුලක් සමග ජීවත් වන එකත් ලොකු සම්පතකි. 

අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීමට ඇති ආසාව නිසා එසේ ලෙහෙසියෙන් මුදල් හම්බ කළ හැකි යයි උගන්වමින් මුදල් හම්බ කරන අයට නිතිපතා අහු වන ලංකාවේ මිනිසුන්ට මට කියන්නට ඇත්තේ අන්තර්ජාලයෙන් ද ලෙහෙසියෙන් මුදල් ඉපැයිය නො හැකි බවයි. එහෙත්, අන්තර්ජාලය ව්‍යවසායකත්වයට කදිම පදනමකි. එය බුද්ධිමත්ව හා නිර්මානශීලීව භාවිතා කළ යුතු ය. 

තව බොහෝ දේ ලිවිය හැකි ය. එහෙත්, එයින් ඔබට ප්‍රයෝජනයක් ඇද්දැයි නො දනිමි. එහෙයින් මෙතැනින් නවතිමි. අලුත් ව්‍යාපෘතියකට අත ගැසීමට අදහසක් තිබේ. එතෙක් තව අවුරුද්දක්වත් මෙම බ්ලොගය පවත්වාගෙන යන්නෙමි. ඒ වන විට හිට් කවුන්ටරය පිටු දැක්ම කෝටි භාගයක් සලකුණු කරනු ඇතැයි සිතමි. 

හතරයි බිංදු හය අල්ල ගන්න හිතාගෙන හිටියට කෝච්චියෙන් බැහැල බලනකොට ඒක පැනල හිටං

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැන් කොරගෙන යන ව්‍යපාරයටත්, මතු කොරන්නට යන ව්‍යාපාරයටත් ජයවේවා!

    ඔය උදේ අවදිවෙන වැඩේ ද ලේසි වැඩක් නොවේ. මට නම් එය කිසිසේත් ම කළ නොහැක.

    හැබැයි උදෙන් ම අවදි වීම දියුණුවෙන මිනිසුන් ගේ ලක්‍ෂණයකි. මා කැමති, අති සාර්ථක ලේඛකයෙකු වන ජෝන් ග්‍රිෂෝම් කියා තිබුණා, ඔහු තම මුල් නවකතාව ලිවීම සඳහා උදේ පාන්දර පැයකට කලින් අවදි වී වසරක් තිස්සේ මහන්සි වූ බව. එය අති සාර්ථක වූ නිසා, ඉන් පසුව ඔහුට රැකියාවෙන් ඉවත් වී පූර්ණකාලීන ලේඛකයෙකු වීමට හැකි වුණා ලු!

    මාත් ජීවිතයේ හොඳම ප්‍රතිඵලය ගත්තේ උදේ පහට අවදි වූ (උසස් පෙළ සඳහා ගමේ සිට මරදානේ පාසලට යන්නට) කාලයේ දී යි!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. //උදෙන් ම අවදි වීම දියුණුවෙන මිනිසුන් ගේ ලක්‍ෂණයකි//

      "දියුණුවෙන මිනිසුන්"යන්න සාපේක්ෂ යෙදුමකි. මේ ලිපියෙන් ගම්‍ය වන්නේ පැරා" දියුණුවූ මිනිසෙක්" බව ඔහු සිතන බව යැයි සිතමි.

      අවුරුදු ගණනාවක සිට ඔහුගේ නිෂ්ක්‍රීය පාඨකයෙක් වු මමත්, පැරා " දියුණුවූ මිනිසෙක්" යැයි සිතමි. ඒ පහත දැක්වෙන කාරණා නිසාය:

      1. අද ඉන්නේ , අප මුලදී දු‍ටු, ඔ‍ටුවෙක් මෙන් ඇට්ටර, ගිරවෙක් මෙන් "සමාජවාදී" මන්තරය මතුරපු පැරා නොවේ.

      2. කාල් මාක්ස් යනු දෙවියන් වගන්සේ නොවන බවත්, " දාස් කැපිටාල්" - බයිබලය නොවන බවත් දන්නා පැරා, ප්‍රායෝගික සමාජවාදයේ බිඳ වැටීමට හේතු සෙවීමට, එය විච්චේදනය කිරීමට ,සාකච්චා මේසය මත තැබීමට සූදානම්ය.

      3.පැරා, තවමත් " මධයම ප්‍රතිපදාවෙන්" "සමාජවාදී ජිවන රටාව" ගෙන යයි.

      ඔහොම යං, ජයවේවා!

      ප:ලි: //එතෙක් තව අවුරුද්දක්වත් මෙම බ්ලොගය පවත්වාගෙන යන්නෙමි//
      ඔච්චර අය කියවනව කියල දන්නව නං, ඔය කියම පණිවිඩය ගෙන යන්න මෙයිට වඩා හොඳ ක්‍රමය මොකක්ද?

      සමහරවිට එහෙම අහන එක සදාචාරාත්මක නොවෙන්නත් පුළුවනි, මොකෝ ඔහෙට කියලත් ජීවිතයක් තියෙන්නෙ එපැයි?

      Delete
    2. //ඔය උදේ අවදිවෙන වැඩේ ද ලේසි වැඩක් නොවේ. මට නම් එය කිසිසේත් ම කළ නොහැක. // මටත් මළාට කරන්න බැරි වැඩක්. රෑ එළිවෙනකල් උනත් අවුලක් නැතුව ඇහැරලා ඉන්න පුළුවන් උනාට මළාට පාන්දර නැගිටින්න බෑ. හැබැයි උදෙන්ම ඇහැරෙනවා අද හොඳට නිදාගන්නවා කියලා හිතාගෙන නිදාගන්න සති අන්ත දවස්වලට.

      මම දැකලා තියෙනවා ගොඩක් සාර්ථක පුද්ගලයෝ උදේම නැගිටලා සන්සුන් මනසකින් තමුන්ගෙ දවස සැලසුම් කරගන්නවා කියලා.

      Delete
  2. හිට්ස් ලබා ගන්නට නම් බ්ලොග් ලිපි අලුතෙන් ලිවීමට අවශ්‍ය නැති බව හිටපු බ්ලොග්කරුවෙකු කියා තිබුණා. ඔහු ගේ තවදුරටත් යාවත්කාලීන නොවෙන බ්ලොගයට පසුගිය වසර දෙක තුළ හිට්ස් ලක්‍ෂ තුනක් ම ලැබී තියේ ලු!
    https://www.facebook.com/photo.php?fbid=1282723645079050&set=a.101964859821607.4469.100000242809041

    ReplyDelete
    Replies
    1. හහ්, දැම්මා නේද මෙතනත් ඇඩ් එකක්:)

      Delete
  3. සුබ පැතුම් ඔබට. ඉද හිට ප්‍රතිචාරයක් එක් කළත් නිරතුරු කියවන පාඨකයෙක්මි :D

    ReplyDelete
  4. ජයග්‍රහණයට සුභපැතුම් නිතිපතා කමෙන්ට් කළේ නැති වුනාට මම නිතරම කියවනවා. සමහර වෙලේට තුන් හතර පාර ටික ටික කියවන වෙලාවලුත් තියෙනවා. දියුණුව ගැන සතුටුයි.

    ReplyDelete
  5. හොරපාලනයේ හොරුන්ටත්, යහපාලනයේ හොරුන්ටත්, 'සමාජවාදී' හොරුන්ටත් එක ලෙස පහර ගැසීමට ශක්තියක්, අවබෝධයක්, සහ හැකියාවක් ඇති W3lanka තවදුරටත් සාර්ථක වේවා.

    ReplyDelete
  6. සුබපැතුම් පැරා. මා ඔබව කියවන්නේ සෑහෙන කලකට ඉහත මා Internal Modem Card එකෙන් dial up ක්‍රමයට අන්තර්ජාලයට පිවිසුන කාලයේ සිටයි.

    ඉදිරියටම යන්න සුබපැතුම්.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Ruchitha Siriwardana.July 27, 2016 at 9:05 AM

    ඔබගේ සමහර අදහස් සමග එකග නොවුනත් සෑම දිනකම පාහේ w3lanka අඩවියට පිවිසෙනවා. උණුසුමි සුබ පැතුම්.
    රුචිත සිරිවර්දන

    ReplyDelete
  9. I do not make comments in your blog, but use to read it everyday morning when I come to work. It is interesting to see the veiw point of Para, which is bit controvercial in many times. I hope you hv to continue to be in this activity without stopping. It is not only writing, you read supportive and negative comments, you find ones who blame you disgracefully using the same space given in your own blog, you respond to some, you be silent in some cases, you see many ano comments, sometimes very lengthy but worth reading. Any how, your day becomes complete. The day when you keep a fulstop to all these, you will feel longly and dull, you will find no meaning in life. you will find you are in a useless empty space. No one will be in touch with you. (this happens to many people and end up in depresion when they retire after an extremely busy life cycle. Anyhow hatsoff to your writing so far.

    ReplyDelete
  10. අජිත් අයියා,
    ලක්ෂ 40ක් හිට්ස් කියන්නේ සුළු ගණනක්.
    බලන්නකෝ කුණුහරුප බ්ලොග් වල තියෙන හිට්ස් ගණන.
    (ඕකනේ ලොක්කා කියන්නේ මේක අම්මටසිරි ලංකාව කියල)

    ReplyDelete
    Replies
    1. උනින හැටියට මළාත් මදැයි කියනවනේ. අපි කතා කරන මාතෘකාවල හැටියට මේත් මදැයි කියලා තමයි මම නම් හිතන්නේ.

      පත්තරවලට වෙලා තියෙන සන්තෑසිය දැක්කාම අපි නරක නැහැ කියලා හිතෙනවා.

      Delete
  11. සුභ පතමි. ඔබගේ ලිවිල්ල අනර්ගයි !

    ReplyDelete
  12. Well done mate! I like your style of writing. Please don't give up writing this blog. Continue your good work.

    ReplyDelete
  13. සුබ පැතුම් පැරා!

    ReplyDelete
  14. I do not make comments in your blog, but use to read it everyday morning when I go to toilet. Reading this makes my business easy in there. Thank you.

    ReplyDelete
    Replies
    1. //I do not make comments in your blog//

      Amen ! God bless you my son :)

      Delete
  15. නරකම නෑ....ඔහොම යන් හීන් සැරේ

    ReplyDelete
  16. අජිත් ලොක්කා තව තව දියුනුවට පත් වේවා!

    ReplyDelete
  17. මගේ යාලුවෙක් පාන්දර නැගිටලා මලා.

    ReplyDelete
    Replies
    1. හැමදාම උදෙන් නැගිටින එක පණ යන කේස් එකක් තමයි.

      Delete
  18. චිත්තරේ අපූරුයි, හැබැයි අං ඇති බුල් එකෙක් වගේ පෙන්නෑ, අහිංසක නේචර්ලව් එකෙක් වගේයි.

    50ට එහා යං, නැත්නං ඔහේටත් ලොජිස්ට් කෙනෙක් වෙන්න වෙයි.

    ReplyDelete
  19. සුභපැතුම්...!!
    ජයවේවා..!!

    ReplyDelete
  20. තමයි මම කියවපු පලමු බ්ලොගය. මම ඔබේ සහ මාතලන්ගෙ සෑම ලිපියක්ම කියවා තිබේ.. ජයවේවා!!

    ReplyDelete
  21. පැරාට සුභ පැතුම්...!!!
    Comments නොදැම්මත් හැමදා ම වගේ කියවනවා.. දිගට ම ලියන්න.
    ජයවේවා...!!!

    ReplyDelete
  22. මෙහෙමයි ඉතිං ජාතියට ආගමට බැනලා ලිපි පල කරලා ලක්ෂ 40ක් නෙමෙයි කෝටි 40ක් ගත්තත් වැඩක්ද ඕයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. කිසිදු වෙනස්කමකින් තොරව සියලු ජාතීන්ටත්, කිසිදු සමාවකින් තොරව සියලු ආගමටත් ඉත සිතින් බනිමි.

      මිනිසුන්ගේ ජීවිත කාලකන්නි කරන ප්‍ර‍ධාන සාපයන් දෙක ආගම හා ජාතියයි.

      (ඕනැ නම් මගේ කියමනක් කියලා පොතක ලියා ගන්න.)

      Delete
  23. සුබ පැතුම් පැරා,බොහෝ විට ඔබ සමග එකඟ වන්න නොහැකි උනත් ඔබේ අදහස් සහ ඒවා ඉදිරි පත් කරන අයුරු අගය කරමි(රන්ජන්-අලුත්ගම )

    ReplyDelete
  24. අජිත් පැරකුම් ගොයියා ට ජය වේවා!

    ReplyDelete
  25. සුබ පැතුම් පැරා. කමෙන්ට්ස් නොදැම්මට මමත් ඔබේ අඩවියට ඇවිත් ලිපිත් කමෙන්ට්ස් මගින් දක්වා තිබෙන අදහසුත් නිතරම වගේ කියවනවා.

    ReplyDelete
  26. දැන් කොරගෙන යන ව්‍යපාරයටත්, මතු කොරන්නට යන ව්‍යාපාරයටත් ජයවේවා!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා