දෙමළාට ඇති ප්‍ර‍ශ්නය කොච්චර උත්තර දුන්නත් ප්‍ර‍ශ්නය කුමක්දැයි නැවත නැවත ඇසීමයි

දෙමළ ජනයාට ඇති ප්‍ර‍ශ්නය ගැන උපුල් කුමාරප්පෙරුම රාවයට ලියන ලද ලිපියක් හා සම්බන්ධව සමාජ මාධ්‍ය සංවාදයකදී නැවත වතාවක් දෙමළාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද යන ප්‍ර‍ශ්නය නඟා තිබිණි. එතැන මම මෙවැනි පිළිතුරක් දුන්නෙමි. “ලංකාවේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය ඉතා සරළ ය. එනම්, කොයි තරම් පැහැදිලි කර දුන්නත්, ඒ පැහැදිලි කිරීම් නො තකා හැර, අලුත් වටයකින් නැවත දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි ඇසීමයි. උදාහරණයක් ලෙස, නිර්මාල් රංජිත් මේ ගැන පැහැදිලි කරමින් පොතක් ම ලියුවේ ය. දැන් ඔබ මේ ප්‍රශ්නය නිර්මාල්ගෙන් අසන්නේ නැතිව උපුල් කුමාරප්පෙරුමගෙන් අසයි. මෙය ඇත්තෙන් ම දෙමළාගේ ප්‍රශ්නයක් නොව සිංහලයාගේ ප්‍රශ්නයකි." මගේ මිතුරෙක් එයට එකතු කිරීමක් කරමින් එය සිංහල බෞද්ධයාගේ ප්‍ර‍ශ්නයක් බව කීවේ ය.

සිංහල ජාතිවාදී පදනමින් මෙම ප්‍ර‍ශ්නය මතු කරන අය බොහෝ විට කියන්නේ වාමාංශිකයන්ට එයට පිළිතුරක් නැති බවයි. මෙයට මගේ පිළිතුර කිසිවෙක් මගෙන් අසා නැත. ඇසුවා නම් මා දෙන පිළිතුර මෙසේ ය:

මා ජීවත් වන මතුගම ප්‍රදේශයේ දෙමළ කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුප සිංහල කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුපට වඩා අඩු ය. එහෙත්, බොහෝ විට වෙහෙසකර වැඩ සඳහා පළපුරුදු දෙමළ කම්කරුවෝ වැඩි වැඩ ප්‍ර‍මාණයක් කරති. සිංහල කම්කරුවන්ට මෙන් නොව, දෙමළ කම්කරුවන්ට හෙළා තලා කතා කරන්නටත්, වැඩිපුර වැඩ කරන්නැයි බල කරන්නටත්, කෑම හා තේ ආදිය අඩු ගුණාත්මකභාවයකින් ලබා දෙන්නටත් සිංහල ස්වාමිවරු කටයුතු කරති.

දෙමළ කම්කරුවාට එසේ සලකන්නේ දෙමළ වීම නිසා ය. මා ජීවත් වන ප්‍රදේශයේ වැඩිපුර ජීවත් වන්නේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයා ය. ඔවුහු දෙමළ ජනයා අතර ද පීඩිත පිරිසකි. උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ ජනයා ජාතික පදනමින් කරන බලය බෙදීමක් සම්බන්ධ ඉල්ලීම ඉටු වුවත්, ඉන්දීය සම්භවය සහිත දෙමළ ජනයා මුහුණ දෙන ගැටලුවලට විසඳුමක් නැත.

ලංකාවේ දෙමළ බස කතා කරන ජනයාට ඇති සියලු ප්‍ර‍ශ්න දේශපාලනයට ලඝු කළ නො හැකි වුවත්, දේශපාලනය එහි ප්‍ර‍ධාන කොටසකි. තත්වයන් වෙනස් කිරීමේදී දේශපාලනය ඉතා වැදගත් ය. ඒ නිසා දෙමළ අරගලයේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ දේශපාලන බලය වර්ධනය කර ගැනීම වෙනුවෙනි. දෙමළ අරගලයේ මූලික ඉල්ලීම දේශපාලන බලයයි. එනම්, තමන් ජීවත් වන ප්‍රදේශවල පාලනය වැඩි ස්වාධීනත්වයකින් කර ගත හැකි බලයයි. එහි අන්තයෙහි සිටින කොටස් පූර්ණ ස්වාධීනත්වය ඉල්ලා සිටිති.

තමන් බහුතර ප්‍ර‍ජාවක් ලෙස ජීවත් වන ප්‍රදේශවල පාලනය තමන්ට හසුරුවා ගත හැකි අන්දමේ දේශපාලන බලයක් ඉල්ලා සිටීම ප්‍ර‍තිගාමී ඉල්ලීමක් නො වේ. එය වනාහි ජනතාව වෙත වැඩිපුර බලය බෙදී යාමට ඉවහල් වන ප්‍ර‍ගතිශීලී ඉල්ලීමකි. එහෙත්, ජාතික පදනමින් බලය බෙදීමට වඩා භූගෝලීය පදනමින් බලය බෙදීම ප්‍ර‍ගතිශීලී ය.

මෙතැනදී මතු වන ප්‍ර‍ශ්නයක් තිබේ. ලංකාව ජාතීන් අතර ප්‍ර‍ශ්නයක් තිබෙන, ජාතීන් අතර තිස් අවුරුදු සිවිල් යුද්ධයක් ඇති වුණ, ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ බරපතල ප්‍ර‍ශ්න ඇති රටක් බව අපට අමතක කළ නො හැකි ය. ලංකාවේ උතුරු-නැගෙනහිර දෙමළ, කඳුරට දෙමළ, නැගෙනහිර මුස්ලිම් යන ප්‍ර‍ධාන සුළුතර ප්‍ර‍ාවන් තුනෙන් ම ජාතික පදනමින් බලය බෙදා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන සංදර්භයක එය නො තකා හැර භූගෝලීය පදනමින් ම බලය බෙදිය යුතු යයි කීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී ක්‍රියාවක් වන්නේ නැත.

මෙයට හේතු වන මූලික කාරණය වන්නේ ශ්‍රී ලාංකික රාජ්‍යයේ තිබෙන ජාතික අසමමිතිකත්වයයි. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් නො වේ. රාජ්‍යය තුළ බුදු දහමට සෙසු ආගම්වලට නැති සුවිශේෂ ස්ථානයක් හිමි වී තිබේ. එසේ සිදු වූයේ නිශ්චිත ඓතිහාසික පරිණාමයක් තුළ ය. එසේම, ප්‍රායෝගික තත්වයන් තුළ ලංකාවේ දේශපාලන නායකත්වය සිංහල බෞද්ධයකුට පමණක් හිමි වන සම්ප්‍ර‍දායක් ද නිර්මානය වී තිබේ. ශ්‍රී ලංකාවේ භෞතික රාජ්‍ය සැකැස්ම සිදු වී තිබෙන්නේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ප්‍ර‍ජාවට වැඩි බලයක් හිමි වන ආකාරයට ය. මේවා සිදු වන්නේ තනිකර ම ව්‍යවස්ථා නීති මගින් නො වේ. තවත් සමාජ, සංස්කෘතික සාධක රැසක් ඒ කෙරෙහි බලපායි. ඒ නිසා, ලංකාවේ ජාතීන් ප්‍ර‍ශ්නයක් නැති ය කියන්නට හෝ ජාතීන් අතර ඇති ප්‍ර‍ශ්නයට ජාතික නො වන විසඳුමක් දෙන්නට හෝ බැරි ය. කෙතරම් ප්‍ර‍ගතිශීලී වුණත් භෞමික පදනම මත බලය බෙදීමක් ලංකාවේ ප්‍රායෝගික නො වන්නේ එම සංදර්භය තුළයි. එය අනාගතයේ යම් දවසක අපේක්ෂා කළ යුතු තත්වයකි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය සංහිඳියාව ගොඩනගා ගන්නා තෙක් අප ජාතීන් අතර බලය බෙදාගන්නා ක්‍ර‍ම ඔස්සේ ගමන් කළ යුතුව තිබේ.

පසුගිය දිනවල යාපනය විශ්වවිද්‍යාලයේදී දෙමළ සිසුන් විසින් සිංහල සිසුන් පිරිසකට පහර දුන් සිද්ධිය ජාතිවාදී සිදුවීමකි. සිද්ධිය සම්බන්ධයෙන් කවුරු රෙදි හෝදන්නට හැදුවත් එහි ඇත්තේ ජාතිවාදය බව සඟවන්නට බැරි ය. එය වනාහි ලංකාව සමස්තයක් ලෙස ගත් විට සුළුතර වන දෙමළ ජාතිවාදය, තමන් බහුතරය වන උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී හැමදාමත් හැසිරුණ විධියයි.

මුස්ලිම් සුළුතරය ඉදිරියේ දෙමළ ජාතිවාදය ඉතිහාසයක් පුරා මෙසේ කටයුතු කර තිබේ. එය කෙතරම් තිරශ්චීන වූවා ද යත්, උතුරු නැගෙනහිර පළාත්වල මුස්ලිම් වාර්ගික ශුද්ධියක් ද කොටි සංවිධානයේ නායකත්වයෙන්, දෙමළ ජාතිවාදීන්ගේ ආශිර්වාදයෙන් සිදු විය. ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන්ගේ පශ්චාත්තාපයක් නැතිකම ඔවුන් ප්‍රදර්ශනය කළේ අවසන් ඊලාම් යුද්ධයේ ආරම්භය මූතූර් වෙත ගෙන යාමෙනි. අවසන් ඊලාම් යුද්ධයේදී කොටි සංවිධානය හමුදාවට මුල් වෙඩිමුරය තැබීමට තෝරා ගත්තේ මූතූර් මුස්ලිම් ජනතාවගේ ඔලුවලට උඩිනි.

සිංහල ජනතාව හමුවේ දෙමළ ජාතිවාදය යම් විනයගත වීමක් සිදු වුණා නම් එසේ වුණේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහල ජාතිවාදීන් ද දෙමළ ජාතිවාදය හා සමාන හෝ ඊටත් වැඩි කෘර ජාතිවාදයකින් දෙමළ ජනයා මතට කඩා පනින්නට හැමදාමත් සූදානමින් සිටි නිසා ය. සිංහලයන්ගේ ජාතිවාදී ව්‍යාපෘතියට රාජ්‍ය හා මිලිටරි බලය ද උපයෝගී කර ගැනිණි. එබැවින් සිංහල, දෙමළ ජාතිවාදයන් අතර ගැටුමින් හැමදාමත් වැඩිපුර තුවාල ලැබුවේ දෙමළ ජාතියයි.

කොටි සංවිධානයේ පරාජය යනු දෙමළ ජාතිවාදයේ තීරණාත්මක පරාජයකි. මොන යම් ආකාරයකින් හෝ එවැනි පරාජයන් වළක්වා නො ගෙන අරගලයක් ඉදිරියට ගෙන යන්නට බැරි ය. එහෙත්, දෙමළ ජාතිවාදයේ තිබුණු සීමාවන් හේතුවෙන් පරාජය වළක්වා ගැනීමට ඔවුන්ට බැරි විය. කොපමණ වලි කෑවත් දෙමළ ජාතිවාදීන්ට නැවත 2002 සටන් විරාමය අත්සන් කරන විට ඔවුන් සිටි ප්‍රබල තත්වයට නැවත එන්නට බැරි ය. මේ යථාර්ථය තේරුම් නො ගන්නේ නම්, ඇත්තෙන් ම සිදු වන්නේ තව දුරටත් විනාශයට පාර කපා ගැනීමයි.

මේ බව විශේෂයෙන් සඳහන් කරන්නට සිදු වුණේ විශේෂයෙන් ම දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍ර‍ගතිශීලී ස්ථාවරවල සිටින සිංහල වාමාංශිකයන් බොහෝ දෙනෙක් දිගින් දිගට ම දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් මෘදු හැඟීම් දැරීම හා දෙමළ ජාතිවාදය ප්‍ර‍තිචාරාත්මක සුළුතර ජාතිවාදයක පදනමින් සාධාරණීකරණය කරන්නට උත්සාහ දරන ආකාරයක් නිරීක්ෂණය කිරීම නිසා ය. ජාතිවාදයට පිළිතුර ජාතිවාදය නො වේ. මහ ජාතිවාදයට වඩා සුළුතර ජාතිවාදය ප්‍රගතිශීලී වන්නේ නැත. කලින් ඇති වුණේ කොයි ජාතිවාදය ද කියන එක සෙවීම මුලින් ඉපදුණේ කිකිළි ද බිත්තරේ ද සොයනවා වැනි මුග්ධ වැඩකි. අප විමසිය යුත්තේ ජාතිවාදයේ මුල් නොව එහි අග්ගිස්ස හෙවත් එය අවසන් කරන ආකාරයයි.

වාමාංශිකයන් ඉතා පැහැදිලිව ජාතිවාදයෙන් වෙන් විය යුතු ය. ජාතීන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම ලෙස සුළුතර ජාතිවාදයන් හෝ ප්‍ර‍වර්ධනය නො කළ යුතු ය. වාමාංශිකයන් පෙනී සිටිය යුත්තේ සුළුතර ජාතිවාදයන් වෙනුවෙන් නොව, ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම වෙනුවෙනි. සරළව කිවහොත්, ජාතිය යනු වාමාංශිකයන්ට අදාළ දෙයක් නො වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සිංහල ජාතිවාදීන් ද මනුශ්‍යයින් ය යන්න මගේ නවතම පාඨයයි.

    ReplyDelete
    Replies
    1. නිකන් පලයන් බන් ගොං කතා නොකිය. සිංහල ජාතිවාදී කාලකණ්ණින්ට අපි විරුද්ධයි. හැබැයි උන්ටත් වඩා අතිශය දරුණු ලෙස ජාතිවාදය කරපින්නා ගත් උතුරේ අන්ත ජාතිවාදී දමිළ කල්ලි, මිනීමරු ත්‍රස්තවාදී ක්‍රියා විවේචනය කරන්නට බැරිව කොරවී සිටින උඹලා වගේ කුහක කාලකණ්ණි තක්කඩි නම් මනපහත් අමනුශ්‍ය මල හොල්මන් ලෙස හැඳින්වීමට අප කැමතියි.

      Delete
    2. "මා ජීවත් වන මතුගම ප්‍රදේශයේ දෙමළ කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුප සිංහල කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුපට වඩා අඩු ය" මෙයම ලංකාවේ දෙමල ජාතිකයින්ට දෙමල වීම නිසාම ප්‍රශ්නයක් ඇත යන මතය දෙමල අවස්තාවදීන් විසින් ත්‍රස්තවාදය වැපිරීමටත් තවත් පිරිසක් විසින් ඩොලර් ඉපයීමටත් තවත් පිරිසක් විසින් තමන් සිංහල වුවද දෙමල ජනතාව ගැන කතා කරනා උ.බ.ජ (උගත් බුද්දිමත් ජනතාව ) බව හැඟවීමට යොදා ගන්නා මෝඩ කතාවක් බවට කදිම නිදසුනකි.
      පිරිමි කම්කරුවාට වඩා ගැහනු කම්කරුවාට ගෙවන්නේද අඩු මුදලකි. එසේ වන්නේ ඔවුන් අඩු මුදලකට ශ්‍රමය සැපයීමට සූදානම් නිසාය.අපි කඩයකට ගොස් බඩු ගන්නේද අඩුම මුදලට ඇති තැනිනි. එලෙසම ශ්‍රමය ගන්නේද අඩුම මුදලකට දෙන කෙනාගෙන්ය. බ්‍රෙක්සිට් එකේදී මේ ප්‍රශනයම අර්ත දැක්වූයේ පිටස්තරයින් අඩු මුදලට ශ්‍රමය සැපයීමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙ රැකියා අවස්තා සොරා ගැනීමක් ලෙසය.මෙය ලංකාවේදී දෙමලා වීම නිසා අඩුවෙන් ගෙවීමක් ලෙස අර්ත දක් වන්නේ මා ඉහතින් දැක් වූ පිරිස්ය.

      උතුරට හෝ නැගෙනහිරට හෝ කඳුරටට ෆෙඩරල් දුන්න යැයි කිය ඔබ වෙසෙන මතුගම මිනිසුන් අඩු මුදලට තම ශ්‍රමය විකිනීමට කැමති අයකුගෙන් සේවය ගෙන අවසානයේ වැඩි පඩියක් ගෙවාවි යයි සිතන්නට බැරිය. එසේ වන්නේ නම් ඔබ නොදනිතත් ඔබ සිටින්නේ තුම්පනේ විය හැක.

      ඔබට වර්ගවාදය යනු කුමක් දැයි නියම වැටහීමක් ගැනීමට නම් වඩාත්ම සුදුසු වන්නේ සහජීවන කාරයින් වන්දනාමාන කරනා ඇමෙරිකාව දෙස බැලීමය. ෆුර්ගුසන් හි කළු ජාතිකයින්ට කළු ජාතිකයින් වීම නිසා ඇති ප්‍රශ්න පිළිබඳව එරට එවකට හිටපු ඇටර්නි ජනරල්ගෙ 2015 වාර්තාව බැලීම වටී. මෙය කළු ජාතිකයින් බහුතරයක් සිටින ප්‍රඩෙශයකි. සුළුතරයක් සිටින ප්‍රදෙශ වල තත්වය මීටත් වඩා නරක වීමට ඉඩ කඩ වැඩිය.

      අත් අඩ්ංගුවට පත් වන්නගෙන් 93% ක් කළු ජාතිකයින්ය
      වාහනය වැරදි තැනක පාර්ක් කල කළු කාන්තාවකට අවසානයේ $1000 ක් ගෙව දින 6ක් හිරේ ලගින්නටද වේ
      කොටින්ම කියනවානම් පොලිස් බල්ලන් ස්වාමියාට අකීකරුව පැන හපා කන්නේද 100% ම අවස්තාවල්දීම් කළු පුද්ගලයින්ය.

      මේ එම වාර්තාවයි. මෙහි තිබෙන ආකාරයේ පහත් සැලකීමක් අප රටේ කිසිම තැනක සුළු ජාතීන්ට විරුද්ද්ව සිදු වේද ?

      https://www.washingtonpost.com/news/post-nation/wp/2015/03/04/the-12-key-highlights-from-the-dojs-scathing-ferguson-report/?utm_term=.719a8d222c60

      Delete
  2. මාතලන් ජාතිවාදය පිලිකුල් කරයි.. එහෙත් දෙමළාටම් වෙන් වූ ප්‍රශ්ණයක් ඇත්තේ නැත.. ප්‍රශ්ණයක් ඇත.. ඒ සමස්ත ජනතාවටයි.. පිළිතුරු සෙවිය යුත්තේ එයටයි.. එවිට සියළුම ප්‍රශ්ණවලට උත්තර ලැබේ.. ඒ තියා පාසැල්වල භාෂාවන් ඉගැන්වූවද, වත්මන් නායකත්වය කියනා මෙන් සහජීවනය විෂය මාලාවට ඇතුලත් කලද.. සිංහලයාට දෙමළා දෙමාළාමය. තම්බියා තම්බියාමය.. උන්ටද අප එසේමය.. මහින්දගේ කාළයේ සහජීවනය පිළිබඳ උපන්ගෙයි පොර ටෝක් දෙන එකෙක් භාෂා ඇමති කලේය. අන්තීමට උනේ ඒ කාළකන්නියා රටේ ඇගමැතිට "පකයා" කියා ආමන්ත්‍රනය කිරීම පමණි. ඒ අමාත්‍යංශයෙන් රටට ලැබුනේ එපමණකි.

    ReplyDelete
    Replies
    1. ප්‍ර‍ශ්නවලට උත්තර ජාතීන් විදියට විතරක් නොව රටවල් විදියටත් සොයන්නට අමාරු ය. උදාහරණයක් ලෙස මිහිතලය උණුසුම් වීමට ජාතික විසඳුම් නැත.

      එහෙත් මිනිසුන් ජාතීන් ලෙස සිතන කල් අපට ජාතිය ප්‍ර‍ශ්නයක් ලෙස සැලකීම අතහැර දමන්නට බැරි ය.

      ඔබ කියන දෙය ඇත්ත ය. ජාතිය අපේ අරමුණක් නො විය යුතු ය.

      Delete
    2. පැරා,

      //මා ජීවත් වන මතුගම ප්‍රදේශයේ දෙමළ කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුප සිංහල කුලී කම්කරුවකුට ගෙවන දෛනික වැටුපට වඩා අඩු ය. එහෙත්, බොහෝ විට වෙහෙසකර වැඩ සඳහා පළපුරුදු දෙමළ කම්කරුවෝ වැඩි වැඩ ප්‍ර‍මාණයක් කරති. සිංහල කම්කරුවන්ට මෙන් නොව, දෙමළ කම්කරුවන්ට හෙළා තලා කතා කරන්නටත්, වැඩිපුර වැඩ කරන්නැයි බල කරන්නටත්, කෑම හා තේ ආදිය අඩු ගුණාත්මකභාවයකින් ලබා දෙන්නටත් සිංහල ස්වාමිවරු කටයුතු කරති. //

      ඔබ මොනතරම් බොලද විදියටද ජාතිවාදය දකින්නේ, මේ දෙමල මිනිසුන් සූරා කෑමට ලක්වෙන්නේ ඔවුන් දෙමල නිසා නෙමෙයි ඔවුන්ට කේවල් කිරීමේ පුරුද්දක් නැති නිසා සහ අතීතයේ සිට ඔවුන්ට ලබාදී ඇති වහල් මානසිකත්වය නිසා.

      යම් විදියකින් ඔවුන්ට හැකියාව තියනවනම් සහ තම සේවය ගැන කේවල් කල හැකිනම් ඔවුන්ගේ මිල වැඩිවනු ඇති, ඔබ නොදන්නවා උනත් බදුල්ලේ සිට මීට ටික කලකට පෙර අප වත්තේ වැඩට පැමිණි තරුණයා සිංහල සේවකයකුට වඩා අයකරන අතර ඔහු සිංහල සේවකයකුට වඩා මහන්සියෙන් වැඩකළ නිසා බොහෝ වැඩ ඔහුට සොයාගත හැකි උන අතර සිංහල ශ්‍රමිකයකුට වඩා ඔහු ඉපැයීමක් කරයි.

      ශ්‍රමය සුරා කෑම පමණක් නෙමෙයි අඩුවෙන් වැඩ කිරීමත් මේ රටේ පවතින බව ඔබ නොදනිම කණගාටුවකට හේතුවක්. මේ දමිල මිනිසුන්ගේ ඉතිහාසයේ පටන් මොලය සේදීම නිසා ඔවුන් ව අඩුමුදලට ලබාගැනීම දෙමල වීම නිසා ඇතිවූ ප්‍රශ්නයක් නෙමෙයි මෙවැනි මනසක් ඇති සිංහල මිනිසෙකු උනත් සුරාකෑමට ලක්වීම අද සිදුවෙන බව ඔබට නොදැනීමයි පුදුමය.

      Delete
    3. එතකොට කේවෙල් කරන්න ගියොත් කණ පලාගන්න වෙන්නෙ මොකක් හින්ද ද?

      Delete
    4. එහෙම කන පළල තිබුනානම් මෙවෙනකොටත් සිංහලයන් විසින් දෙමළුන් පිඩා කරන විදියක් ලෙසට අර්ථ දක්වනු ඇති.
      ඔබ ඉදිරිපත් කරන චෝදනාව ටැමිල් නෙට් එකේවත් චෝදනාවක් විදියට ඉදිරිපත් වී නෑ සමහර විට මේක ඔබේ අඩවියෙන් උපුටාගෙන
      ටැමිල් නෙට් එකේ දමන්නත් ඉඩ ඇති.

      නිකන් බයිලා කෙලින්න එපා පැරා, කීදෙනෙක් කෙවල් කරන්න ගිහිල්ල කන පලාගෙන තියනවද?
      මෙහෙ ආපු එකානම් යස අපුරුවට කේවල් කරනවා. සමහර විට ඔබේ පැත්තේ මිනිසුන්ගේ මොළ සුද්දකරලා නිසා වෙන්න ඇති.
      මම නම් හැම විටම අදාළ සේවකයාව උනන්දු කලේ ගුණාත්මයෙන් වැඩේ කිරීම සහ අඩුමුදලට නොවිදුනා කේවල් කර තමන්ට සාදාරන මුදල ලබාගන්න ලෙසයි.

      Delete
    5. මතුගම ගැන නොදනිමි. නමුත් දොඩන්ගොඩ හයිවේ එක්සිට් එක අසල අප විසින් සිදුකල ඉදිකිරීම් ව්‍යාපෘතියක ඉතා දක්ෂ දමිළ බාස් කෙනෙක් සිටි අතර ඔහුට අප දිනකට රු. 2,200ක් ගෙව්වෙමු. ඔහු ඒ අසල ඉංග්‍රීසි නමක් ඇති එස්ටේට් එකක පදිංචිකරුවෙකි. අනෙක් බාස්ලා සිංහල වූ අතර ඔවුන්ට රු. 2,000 බැගින් ගෙවීමු.

      අත් උදවුකරුවන් දමිළ සහ සිංහල දෙවර්ගයෙන්ම සිටි අතර ඔවුන් සියල්ලන්ටම රු. 1,500 බැගින් ගෙවූ අතර ජාතිවාදී පදනමක් මත වැටුප් ගෙවීමක් නොවීය. දෙමළ බාස්ලාට දිය යුත්තේ අඩුවෙන්ද? අපට මේ බව ආරංචි නොවීම පුදුමයකි.

      Delete
    6. ලාංකික සිතුවිලි කියා ඇති දේ බොහෝ දුරට නිවැරැදියි. වතුකරයේ වැටුප් මට්ටම සාපේක්ෂව අඩුවන අතර වතුකර දෙමල කම්කරුවන් අඩු වැටුපට සේවය කිරීමේ රුසියෝය. දෙමල සහ මුස්ලිම් හාම්පුතුන්ද මොවුන්ට අඩුවෙන් වැටුප් ගෙවයි. එතකොට ඒක වෙන්නෙ මොන ජාතිවාදෙ හින්දද?

      එමෙන්ම දෙමල ජනයා මත්පැන් පානයේ රුසියෝය. සමීක්ෂණ අනුව ලංකාවේ වැඩිම මත්පැන් පානය කරන්නේ පිලිවෙලින් යාපනය, නුවර එලිය සහ මඩකලපුව බව පුවතක සඳහන් වුනි. දැන් එතකොට උන් බොන්නේත් සිංහල ජාතිවාදීන්ගේ වරද නිසාද?

      සිංහල ජාතිවාදයද ඉතා පහත් අශීලාචාර ස්වභාවයක් පෙන්වයි. නමුත් එහෙම කියා හැම මගුලම උන්ගේ එකවුන්ට් එකට දැමීම විකාරයකි.

      Delete
    7. නුවර තැබැරුම් ඇරපු මුල් කාලයේ ගෙනෙන පීප්ප සේරම ගෙනෙන කොටම පොලිම් ගැහු‍ණු ස්වදේශික ජනයා එක දවසින් බීල ඉවර කළාලු, ස්වදේශිකයන් කීවේ දෙගොල්ලන්ටම ද කියල කියල නෑ, හැබැයි පොලිම හදන්න ඇත්තෙනම් ස්වදේශිකයෝ නොවෙන්න ඇති.

      දෙමළ කම්කරුවෝ ඔය විදිහට බොන්න පුරුදුවෙන්න එක හේතුවක් වෙන්නේ, සල්ලි ඉතුරු කරකර ගත්තත් තමුන්ගේ ජීවන තත්වය දියුණු කරගන්න බැරි වන විදිහේ සිමාවන් ඇතුලේ කොටුවී තිබීමයි, සල්ලි තිබ්බත් ලයිමෙම වැටිල ඉන්න වෙලා තිබ්බේ, සල්ලි ඉතුරුවු නොතින් කවුරු හරි හොරකම් කරනවා එච්චරයි. සමාජවාදී සෝවියට් රුසියාවේත් බොහොමයක් මිනිස්සු බිලම නැහුනා සල්ලි ඉතුරු කරන්නේ මොකටද කියා නොදැන.

      සුද්දෝ අපේ මිනිසුන්ව වතු වල වැඩට නොගත්තේ කම්මැලියෝ නිසාවෙන්නේ, බැරි වෙලාවත් අපේ අය කම්මැලියෝ නොවුනම් සුද්දෝ අපිවත් වතු දෙමළ ජනතාව වගේ කේවල් නොකරන වහල් මානසිකත්වයක් තියන ජනතාවක් කරන්න තිබ්බා, මොකද ඒක සුද්දෝ කරපු හපන්කමක්, උතුරේ දෙමළ ජනයාටවත්, වතු දෙමළ ජනයා ගෙනාව දකුණු ඉන්දියාවේවත්, කොළඔ ජීවත්වෙන අය අතරවත්වත් එහෙම වහල් මානසිකත්වයක් නෑනේ.

      Delete
    8. AnonymousJuly 22, 2016 at 3:26 PM,

      //දෙමල ජනයා මත්පැන් පානයේ රුසියෝය. //

      අන්න මට අමතක උන දේ, මෙහෙ අපු කෙනා අවුරුදු 20 ක් පමණ ඇති ඔහු මුලින්ම එන කොට, ඔහුට හරියට සිංහල කතාකරන්න වත් බෑ.
      හැබැයි ඔහු සවස 6ට පමණ කසිප්පු බිලයි හිටියේ, මට පුදුම සිංහල වෙලා මගේ ප්‍රදේශයේ කොහේ කසිප්පු තියනවද කියල නොදන්නා මට වඩා
      (මම සුරාපානය නොකරමි ) මොහු කොහොමද මේ තැන් සොයාගත්තේ කියල.

      දෙමල වීම ඔහුට බිම සොයාගැනීමට බාදාවක් වී තිබුනේ නෑ (මම කිසි විටක ඔහුගේ පුද්ගලික ප්‍රශ්න නිවැරදි කරන්න ගියේ නෑ උදේ 9 සිට පස්වරු 4.30 පසු මම කිසිම වැඩක ඔහුව යේදවුයේ නෑ )


      Delete
    9. මට හිතෙන්නේ පුරස්නේ තියෙන්නේ දේශපාලනය ඔලුවේ තියාගෙන ඉන්න පොරවල් අතරේ. එහෙමත් නැත්නම් සමාජ ක්‍රියාකාරිකයන් හෝ සිවිල් බුවාලා අතරේ. ඔය කිසිම දෙයක් නෙමේ හදන්න ඕන, මිනිසෙක් තවත් ප්‍රාණියෙකුට ගරුකරන්නේ සහ මතයන්, සංස්කෘතියන් වෙනුවෙන් දක්වන මියුචුඅල් රෙස්පෙක්ට් එක සහ ටොලරන්ස් එක. ඕක තාම වෙන්නේ නැහැ. ඒක මූලිකව හැදෙන්න ඕන ගෙදර නැමැති, බිත්ති හතර ඇතුලෙන්. එතනින් පස්සේ තමයි ඉතිරිය හැදෙන්නේ. ඒ තරමටම මේ විශය පුද්ගලානුබද්ධ වෙලා. වෙලා නෙමේ ඒක කාවද්දලා.

      Delete
    10. කාවද්දලා නිසා කියන හේතුව නිසාම. අනුගාමිකයෝ එහෙම නැත්නම් ගිරව් සහ පුක දෙන්නන්ගේ සමාජයක් බවට රට පත්වෙලා. අමතන්න ඕන තැනයි, හැමනෙන්න ඕන තැනයි නොහඳුනන සමාජයක රට අතරමං වෙලා.

      Delete
    11. මතුගම අවට ප්‍රදේශයේ සාමාන්‍ය දෙමළ කුළීකරුවන්ට දෙන අඩුයයි කියා පැරා පවසන මුදල උදේ සහ දිවා අහාර සහ තේ වේල් දෙකක්ද සමග රුපියල් 1,200/- කි...
      වැඩ කරන කාලය උදේ 08:00 සිට හවස 04:00 දක්වාය...
      වතු වැඩ අහවර වී දවල් දෙකට විතර වැඩට එන මිනිස්සුන්ටත් 500/- ක් හෝ 600/- ක් දෙනවා ඔවුන් කරන වැඩ ප්‍රමාණය අනුව...

      කන්අඩි පැලීම කෙසේ වෙතත් අප සමග එකට අඩි ගැසීමට පවා සෙට් වෙන දෙමළුන්නම් එහි ඇත...

      ගෙදර හදන කෑම වලින්ම කොටසක් වැඩට එන මිනිහෙකුට දෙනවා ඇරෙන්න, වෙනම මහන්සි වෙලා ඒ මිනිහට විතරක් අඩු ගුණාත්මක කෑම වේලක් හදල දෙන්න කියල ගෙදර උන්දැට කියල බලනවකො පැරා, හොඳට අහ ගන්න පුළුවන් වෙයි...
      මේවා වඳුරු කුණුහරප වලටත් අන්ත කතා...

      අපේ ගෙදර අදටත් අප සමග සුහදව සිටින ඉඩමේ හෝ ගෙදර වැඩපලේ යෙදෙන දෙමළ මිනිසුන් නිතර ගෙවසෙන තැනක්, ඒ මිනිස්සුන්ටත් ගෙදර ඉදෙන බතෙන් හොද්දෙන්ම කන්න දෙනවා ඇරෙන්න මේ වගේ ගූ පුච්චගෙන කන විදිහේ අදහසක්වත් මේ වෙනකල් ඇවිත් නැහැ...
      ගෙදර තියෙන තේ කොළ භාජනෙන් තේ කොළ අරගෙන ඒ මිනිස්සුන්ට තේ හදල දෙනවා ඇරෙන්න වෙනම බාල තේ කොළ තියාගෙන ඉන්න එකක් ගැන හීනෙන්වත් හිතිලා නැහැ...

      හේතුව කුමක් උනත් ඔච්චර කුණුකමක් හිතන්න පුළුවන් කමත් ඒක සාමාන්‍යකරණය කරලා ලියන්න පුළුවන් අසික්කිත කමත් එක්තරා හැකියාවක්...

      Delete
    12. මාතෙගේ කොමෙන්ට් එක නං පට්ට. දෙමලාට දෙමළා වීම හින්ද ඇති උණ පුරස්නයක් නැති වග කොච්චර කිවුවත් මේ ජෙප්පො තේරුම් ගන්නෙ නැති හැටි!

      Delete
    13. // හේතුව කුමක් උනත් ඔච්චර කුණුකමක් හිතන්න පුළුවන් කමත් ඒක සාමාන්‍යකරණය කරලා ලියන්න පුළුවන් අසික්කිත කමත් එක්තරා හැකියාවක්... //

      පැරා ගේ හැකියාවෙන් ප්‍රයෝජන ගෙන බහුබූත ලියා ගාන කපාගැනීම පිලිඹඳව අපි සතුටු වෙමු ලොකු පුතා තුමෝ

      Delete
  3. ඉතිං හරිෙන් බං. //සරළව කිවහොත්, ජාතිය යනු වාමාංශිකයන්ට අදාළ දෙයක් නො වේ.// නං ජාතියක් තියන උන්ට ඔය වාමාංසික ඒවුන් කියන්නෙත් මන්ද බුද්ධිකෙයා් වෙග් කොටසක් විතරයි නෙ.

    ඉතිං කවුරුහරි හිතනවානං ජාතියක් තියන ඒෙකක් අැවිල්ලා ඔය කියන වාමාංසික ඒෙකක්ව දැක්කාම නැවතිලා "හප්පේ මෙන්න වාමාංසික දෙයියෙක් වගේ එකෙක් යනවා මම වදින්න ඕනෑ" කියලා හිතලා පාරෙන් අයින්වෙලා ඉඩ දීලා වදියි කියලාද...

    ReplyDelete
  4. දෙමළාට ඇති ප්‍ර‍ශ්නය මොකද්ද? ඕකට උත්තර නෑ, දෙමළා කියන එක වෙනුවට Y කියලා ආදේශ කෙරුවනම් ලෝකයටම පොදු සත්‍යයක්, X - මම Y - ඌ .

    ReplyDelete
  5. කොච්චර උත්තර දුන්නත් මේ ප්‍ර‍ශ්නය නැවත අහනවා ය කියන එක පුදුම වෙන්න දෙයක් යැ. ඔය තියෙන්නෙ දිගට ම. දෙමළාට තියෙන ප්‍ර‍ශ්නය සිංහල ආධිපත්‍යවාදී රාජ්‍යය තුළ සමාන දේශපාලන බලයක් නැති එක. උන් ඉල්ලන්නෙ ඒක. වෙන රෙද්දක් නෙමෙයි.

    ඕක කොච්චර කිව්වත් ආයෙ අහයි.

    ReplyDelete
    Replies
    1. පැරකුම්, මොන පාට කන්නඩියක්ද දාන්නේ?
      වෙන රෙද්දක්වත් නෙවෙයි උන් ඉල්ලන්නේ කෑල්ල.
      උඹට x, y විචල්‍ය ගැන මතක නැතුව ඇති උඩ සමීකරණය තේරුම් ගන්න. ටිකක් මතක් කරලා බලපන්. එතකොට එක තේරෙයි.
      ප්‍රශ්නේ 'ප්‍ර‍ශ්නය සිංහල ආධිපත්‍යවාදී රාජ්‍යය තුළ සමාන දේශපාලන බලයක් නැති එක' නම් යකෝ, ලංකාවේ හැම පීඩිත යයි සම්මත ජන කොට්ටාශ, කුල හැම එකකටම ඕක ඔය විධියටම තියෙනවා. ලෝකේ හැම තනමත් ඕක ඔය විධියටම තියෙනවා.
      උන් කැල්ල ගත්තොත් උන්ගේ මිනිස්සුන්ටත් ඕක ඔය විධියටම තිබේවි.

      Delete
    2. පැරකුම්: ඔබට ලෝකයේ වෙන කාටවත් නැති ලස්සන/කැත නමක් ඇතයි ඔබ ලොකුවට පාරම් බානවා යයි සිතමු. එවිට ඔබේ නම කුමක් දැයි යමෙකු ඇසූ විට අජිත් පැරකුම් කියනවා වෙනුවට ඔබේ වයස, ඔබ ඉගෙන ගත් පාසල, ඔබේ සීයා මිය යන විට ඔහුගේ වයස වැනි අදාල නැති බහු බූත පිලිතුරු කියනවානම් ඔහු නැවත නැවතත් ඔබේ නම ඇසීම ගැන ඔබ හඬා වැටිය යුතු නැත..
      ඔබ ඉහත සඳහන් කල ආකරයෙන් කන පැලෙන්නට නොගැසීම ගැන මෙව්වා විය යුතුය.







      Delete
  6. අ.පැ. ජයසිංහයාණෝ පසුගිය දූශිත රාජපක්ෂ රෙජීමය සමයේ මදක් වසන් වී සිටි දමිළ ජාතිවාදයට පක්ෂ සිංහලයන් මතුකරන අර්ථවිරහිත සුලභ මිථ්‍යා මතය තරමක මධ්‍යස්ථ බවක් පෙන්වමින් සමාජ ගතකරන්නට උත්සාහ කරනු පෙනේ. උක්ත පිරිස දමිළ බෙදුම්වාදී ජාතිවාදය සමග නව පනක් ලද්දාක් මෙන් නැවත සෙමෙන් සෙමෙන් කරළියට පැමිණෙමින් තිබේ. මේ ප්‍රහර්ශයන් අතරින් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති මෙන්ම X කණ්ඩායමේ හිටපු ක්‍රියාධරයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පොතක් වූ ‘දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්ද’ යනුවෙන් සටහන් පෙළක් අන්තර්ජාලය හරහා මෙන්ම සමාජ ජාලා හරහා කතා බහට ලක් කිරීමට උත්සාහ කරන ආකාරය පෙනේ.එය ඉහතින් දැක්වූ දේශපාලන සංදර්භය අමතක කර විග්‍රහ කරන්නට යෑම අනුවණ කමකි. නිර්මාල්ලාගේ අරමුණ සංයුක්තව අවබෝධ කරගැනීමට නම් ඉතා විමසිල්ලෙන් මේ කියන්නට හදන්නේ කුමදැයි විමසා බැලිය යුතුය.

    නිර්මාල් මහතා පිළිතුරු දෙන්නේ යැයි කියන්නේ මීට දශක දෙකකට පමණ පෙර සිට ‘දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම මෙරට ඇතිවී ඇති සුවිශේෂී ගැටළුව කුමක්ද?’ යනුවෙන් නගන තීරණාත්මක පැනයටයි.මේ සටහන් තබන්නේ යැයි කියන්නේ විශේෂයෙන් ආචාර්ය නලින්ද සිල්වා මහතාට පිළිතුරු ලෙසයි.ඒ ඔහු විසින් මීට දශක දෙකකට පමණ ඉහත ප්‍රකාශයට පත් කල ‘ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා‘ ග්‍රන්ථය මුල් කොට ගනිමිනි. සරල කතා ලෙස අතහරින වැල්වටාරම් අස්සේ නරුමවාදී ලෙස අසංගතව ඉදිරිපත් කරන අදහස් නලින්ද සිල්වා මහතාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීම කෙසේ වෙතත් ඉතිහාස විෂයෙන් ඈත් කර ඇති අද තරුණ විය පසුකරන පරම්පරාව සහ ඉන් පසු පරම්පරාවට කරන ආමන්ත්‍රණයක් ලෙස සැලකූ විට මෙය දේවසිරි මහතා ඉතා උපක්‍රමශීලීව සිදුකරන ව්‍යයාමයක් බව වටහා ගැනීම අපහසු නැත.

    ReplyDelete
    Replies
    1. ඔහු මුලින්ම අදහස් පළ කරන්නේ ‘ දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය අනෙකක් නොව දෙමළ වීමයි’ යන මතුපිටින් බැලූ කල කිසිඳු තර්කයකට ගෝචර නොවන තරමේ අපබ්‍රංශයකිනි.නමුත් කතාව මැදදී ඔහු නියම තැනට පැමිණේ.ඒ මෙලෙස අදහස් දක්වමිනි.

      “දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”

      තවත් ඉදිරියට ගිය විට ඔහු මෙයට තවත් ආරලු බුරලු එක් කරමින් “‘දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප්‍රජාවක් ලෙස තම සවෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි.” යනුවෙන් පවසයි.

      අප මෙහිදී මූලිකවම මෙම ප්‍රකාශය සළකා බලමු.

      “දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”

      මෙම අදහස දරන පළමුවැන්නාත් අවසනයාත් නිර්මාල් මහතා නොවේ. ත්‍රස්තවාදී උවදුරට බෙහෙත් සෙවූ දශක දෙක හමාරක තුනක කාලයක් පුරාවටම එක් පාර්ශවයක් නියෝජනය කල කුලකයකගේම පොදු අදහස මේ වෙයි.’සුපිරිසිදු’ මාක්ස්වාදීන් , ෆෙඩරල්වාදීන් , සාම වෙළදාමට මතවාදී සවිය සැපයූ විශ්ව විද්‍යාල උගතුන් , රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන් ආදී මෙකී නොකී කණ්ඩායම් බොහොමයක්ම මේ කුලකයට අයත්ය. (මේ කුලකය පිළිබඳ සිදුකල අපූරු විග්‍රහයක් “බහුමානීය කියෑවීමක ඒකමානීය නිරුවත!” යන ලිපියක සඳහන් වේ. එහිදී රචකයා විසින් මේ කුලකය හඳුන්වා තිබුනේ ‘ගෝස්‌තරවාදී විකල්ප ගෝත්‍රය’ ලෙසයි.)

      Delete
    2. මොවුන් මීට කලකට පෙර පැවසුවේ දෙමළ ජනතාවට කාලයක් පුරා අත්විඳින්නට සිදුවූ අසාධාරණකම් නිසා අවසන් ඵලය ලෙස ත්‍රස්තවාදය ඇති වී ඇති බවත් රෝගය සුව කිරීමට නම් රෝග නිධානය එනම් දෙමළ ජනයාට සිදුවූ අසාධාරණකම් වලට පිළිතුරු දිය යුතු බවත්ය.

      නමුත් මේ අසාධාරණ කතා පදනමක් නැති හුදු අසංගත ප්‍රලප බව පෙන්වීමට අතලොස්සක් වූ විද්වතුන් ඉදිරිපත් කල මත ඉදිරියේ අසාධාරණකම් වල සිට අභිලාෂයන් දක්වා පල්ලම් බසින්නට මේ බොහෝ දෙනාට අකමැත්තෙන් වුවද සිදුවිය. (දෙමළ ජනයාට ප්‍රශ්න නැතැයි මෙයින් හැඟවෙන්නේ නැත. නමුත් ඒවා දෙමළ වීම නිසාම ඇති වූ ඒවා නොවන බව පමණි මින් අදහස් වන්නේ). ඒ සියල්ලන් නියෝජනය වෙමින් දේවසිරි මහතා දරන උත්සාහයට මේ තබන සටහන ඔහුට පමණක් නොව ඒ සියලු දෙනාටම පොදුවේ ගලපා ගත හැක.

      මුලින්ම නිර්මාල් මහතා මේ ගැටලුව දෙස බලන ආකාරයේම කිසියම් කෘතීම මවාගත් ආකාරයක් වැනි ගතියක් තිබේ. තනිකර අසංගත අදහස් කිහිපයක් අරහෙන් මෙහෙන් අත හරිනවා හැරෙන්නට ගත යුත්තක් නැති තරම් යැයි මුල් කියවීමේදී හැඟෙන්නේ මේ කෘතීම බව නිසා වන්නට පුළුවන. සමහර විට ඒ ඔහුගේ උපක්‍රමශීලීබව වන්නටද පුළුවන. අහේතුකව කර කවා අත හැර ඒකාග්‍රතාවය බිඳි විට ඉන් පසු තමන්ට අවශ්‍ය මගේ යවා ගැනීමට පහසු බව ඔහු නොදන්නවා නොවේ. එය අමතක කලත් නිර්මාල් මහතා ඉදිරිපත් කරන මේ මතය තනිකර අතාර්කික ප්‍රකාශයක් බව ඉතා පහසුවෙන් පෙන්වා දිය හැකිය.

      “දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.” මෙහිදී අප එකින් එක මේ ප්‍රකාශයේ ඇති අසංගත බව වටහා ගනිමු.

      Delete
    3. අභිලාෂ කතන්දර නිර්මාණය කලේ කවුද? කුමකටද?

      මූලිකවම මෙයින් කියවෙන්නේ දෙමළ ජනයාට පොදු අභිලාෂ ගොන්නක් ඇති බවත් ඒවා ඉටු කරගැනීමට සිංහල බෞද්ධයා ඉඩ නොදීමත් එමගින් දෙමළ ජනයාට අසාධාරණයක් සිදුවන බවත්ය.

      මෙහිදී මූලිකවම සිතට එන ගැටළු නම්.

      දෙමළ ජනයාට ඇතැයි නිර්මාල්ලා කියන මේ අභිලාෂ මොනවාද?ඒවා ඇති වූයේ කෙසේද?

      අසාධාරණකම් කුමක්දැයි ඇසූ කල අභිලාෂයන්වලින් පිළිතුරු දීමෙන්ම මුලින්ම අසාධාරණකම් කුමක්දැයි ඇසූ පැනයට පිළිතුරු දීම අමතක කර හෝ මග හැර ඇති බව පිළිගත යුතුය.අසාධාරණකම් කුමක්දැයි ඇසූ කල අභිලාෂයන් ගැන පැවසීම ‘යන්නේ කොහේදැයි ඇසූ කල මල්ලේ පොල්’ යැයි කියූවාට දෙවනි නැත.

      කෙසේ වෙතත් මේ අභිලාෂ කතාවේ මුල පිලිබඳ ඉතා හොඳ ඉඟියක් ලැබෙන ප්‍රකාශයක් මීට සිව් වසරකට පමණ පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.

      ” ජනවාර්ගික අර්බුදය විසඳීමට නම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමට පෙර දෙමළ ජාතිකයන් භුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දීමට රජය කටයුතු කල යුතුයි.”

      -TNA පාර්ලිමේන්තු මන්ත්රී තොමස් විලියම්ස්
      -2009-ජුනි 24 පාර්ලිමේන්තුවේදී

      එහිදී ඔහු ඉල්ලා සිටින්නේ බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමට පෙර දෙමළ ජනයා බුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දෙන ලෙසයි.තෝමස් විලියම්ස් පමණක් නොව දෙමළ අභිලාෂ කෝණයෙන් ප්‍රශ්නය දෙස බලන බොහෝ උගතුන් මෙම අදහස දරයි.මෙයින් කියවෙන්නේ කුමක්ද?බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමට පෙර දෙමළ ජනයා බුක්ති විඳි වරප්‍රසාද මොනවාද?බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමෙන් පසු දෙමළ ජනයාට අහිමි වූයේ ඒවායින් මොනවාද? පිළිතුර පැහැදිලි කර ගත යුතුය.

      Delete
    4. බෙදා වෙන් කර පාලනය කිරීම තම මූලික දේශපාලන දහම කරගත් බිරිතානියන් විසින් මෙරටදී ඒ සඳහා සිංහල ජාතියට හා සංස්කෘතියට හිමි නිසි ප්‍රමුඛ තැන අහිමි කිරීමට දෙමළ ජාතිවාදය සියවසක පමණ සිට යොදා ගත්හ.ඒ අරමුණ වෙනුවන් ඔවුන් දෙමළ ප්‍රහභූ පන්තියට යුරෝපීයන්ට හා සමානවම ඉහල වරප්‍රසාද ලබා දුන්හ. කෝල්බෘක් කොමිසම හරහා සිංහලයන්ට එරෙහිව දෙමළ ජනයා යොදා ගැනීම සඳහා ඉතා සූක්ෂමව සැලසුම් සහගතව ක්‍රියා කලේත් ලංකාවේ අනිකුත් සියලු පළාත් වලට ප්‍රථමයෙන් යාපනය ප්‍රදේශයේ ඇති කල ඉංග්‍රීසි පාසල් හරහා දෙමළ ප්‍රභූ පන්තියක් නිර්මාණය කලේත් බිරිතානියන් තම යටත්විජිත බොහොමයකම සාර්ථකව අත්හදා බැලූ බෙදා වෙන් කර පාලනය කිරීමේ උපාය මාර්ගය මෙහි සාක්ෂාත් කර ගැනීමටය. මේ පිළිබඳ ඉතා සවිතර සටහනක් ‘ඊළාම් රාජ්‍යයක් සඳහා කෝල්බෘක් කොමිසමේ දායකත්වය’ හා ‘යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය ඇසුරින් බිහි වූ දෙමළ ප්‍රභූ පන්තිය’ යන මැයෙන් සූරිය ගුණසේකර මහතා විසින් රචිත “මහා සිංහලයේ ඓතිහාසික අසාධාරණය” නැමති ග්‍රන්ථයේ ඇතුලත්ය.(පිටු 23-31, පිටු 40-50)

      දේශපාලන තලයේදී ඔවුන් දෙමළ ප්‍රභූන් සිංහලයන්ට වඩා ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකීය.1833දී පිහිට වූ විවස්ථාදායක සභාවේ සංයුතිය තුල සිංහල ජනයා 80% පමණ 12% පමණ වූ දෙමළ ජනයා සමග සමාන කරමින් එක් මන්ත්‍රී ධූරය බැගින් පිරිනැමීම එයට හොඳ නිදසුනකි.19 වන සිය වසේ මුල සිට ඇරඹුනු මෙම මනෝභාවය 20 වන සිය වසේ හතලිහ දශකය දක්වා එන විටද ක්‍රියාත්මක විය.වරප්‍රසාද ලත් දෙමළ ප්‍රභූන්ට අභියෝගය වූයේ සර්වජන චන්ද බලයෙන් දේශපාලන බලය තීරණය වන විටදී ඔවුන් එතෙක් සාධාරණ නියෝජනයට ඔබ්බෙන් අසමමිතිකව භුක්ති විඳි වරප්‍රසසාද සියල්ල අහිමි වීමයි.සර්වජන චන්ද බලයත් සමගම තමන්ට මධ්‍යම රජය‍ තුල කලින් හෙබවූ අසමමතික බලය රැක ගැනීමට නොහැකි බව දුටු චෙල්වනායගම් ප්‍රබුඛ දෙමළ ප්‍රභූන් තම ඉල්ලීම් ක්‍රමයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යක් ලබා ගැනීමේ දිශාවට ගෙන යන්නට විය.දෙමළ රාජ්‍ය පක්ෂය (Illankai Tamil Arasu Kachchi) ඔවුන් විසින් බිහි කරන්නේ ඒ වෙනුවෙනි.

      Delete
    5. නිර්මාල්ලාගේ දරිද්‍ර අභිලාෂ දෘෂ්ඨිය…,

      අප නිර්මාල්ලාගේ අභිලාෂ කතන්දරයේ අතාත්වික, අසංගත හා අනුචිත බව මොහොතකට අමතක කර එම දෘෂ්ටියේම පිහිටා එදෙස බලමු.

      නැවතත් නිර්මාල් මහතාගේ ප්‍රකාශය බලමු !

      “දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”

      නිර්මාල් මහතාගේ තර්කයේ පදනම දෙමළ ජනයාට අනන්‍ය භූ-දේශපාලන අභිලාෂයන් ඇති බවත් ඒ අභිලාෂයන් සිංහලයන් විසින් පිළිගත යුතු බවත්ය.

      නමුත් ඊට අනුරූපවම බැලුවහොත් ‘සිංහලයන්ටද අනන්‍ය භූ-දේශපාලන අභිලාෂයන් ඇති බවත් ඒ අභිලාෂයන් දෙමළ ජනයා විසින් විසින් පිළිගත යුතුය’ යන්න අභිලාෂ දෘෂ්ඨිය මත සැකසූ නිර්මාල් මහතාගේ තර්කයේම තිබිය යුතු කොටසකි.නිර්මාල්ලාම කියන ‘අභිලාෂ දෘෂ්ඨියෙන්ම” බැලුවහොත් සිංහලයන්ගේ භූ දේශපාලන අභිලාෂය නම් මෙරට එක්සේසත් රාජ්‍යයක් සේ පවත්වාගෙන යාම බව ඔහුට පසක් විය යුතුය. නිර්මාල් මහතා තර්කානුකූල වූවානම් ඔහුගේ දෘෂ්ඨියට අනුව වුවත් ඉතිරි වන්නේ එකිනෙකට පරස්පර තත්වයන් දෙකක් මිස වාද විවාද කර නිවරදි දැයි සෙවිය යුතු බරපතල ගැටලුවක් නොව, තමාට ලියන්නට දෙයක් නැති බව ඔහුටම වැටහී යා යුතුය. ඇතැම් විට එය වැටහී තිබියදීම කියවන්නා නොමඟ යැවීම ඔහුගේ අරමිණ වූවාදැයි අපි නොදනිමු.

      සිංහලයන් කිසියම් ජන වර්ගයක භූ-දේශපාලන අභිලාෂ පිලීගත යුතු නම් සිංහලයාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට දෙමළුන් අකමැති වීම ප්‍රශ්නයක් නොවෙන්නේ ඇයි? දෙපාර්ශවයක අභිලාෂයන් එකිනෙකට පටහැනි නම් එක්කෝ කල යුත්තේ එකෙකුගේ අභිලාෂයන් අනෙකා පිළිගෙන තමන්ගේ අභිලාෂයන් නකුට ගසා ගැනීමටයි.නිර්මාල්ලා මෙහිදී නකුට ගසා ගැනීමට සිංහල අභිලාෂයන් තෝරාගත්තේ කෙසේද?අභිලාෂ දෘෂ්ඨිය අදහමින්ම සිංහල අභිලාෂයන් සහමුලින්ම අමතක කර දෙමළ අභිලාෂයන් උස්සා තබන්නට නිර්මාල්ලා පෙලඹෙන්නේ ඇයි?

      Delete
    6. දෙපාර්ශවයේ අභිලාෂයන් එකිනෙකට පරස්පර නම් කිසිවෙකුත් එකිනකාගේ අභිලාෂයන් ඉටු කිරීමට එකඟ නොවේ නම් ඊලඟට ඇති විසඳුම කුමක්ද? දෙපාශවයම ගහ මරා ගෙන අවසානයේ ජයගන්නාගේ අභිලාෂයන් වලට ඉඩ දීමයි. නිර්මාල්ලා අභිලාෂයන් පස්සේම පන්නන්නේ නම් දැන් මෙයත් සිදුවී හමාරය.දැන් එසේ නම් සිංහල අභිලාෂයන් පිළිගැනීමට නිර්මාල්ලා සූදානම්ද? (නිර්මාල්ගේ තර්කය වැරදි බව මොහොතකට අමතක කලත් එයට අනුව ) දැන් විසඳීමට ගැටලුවක් නැත.’දෙමළ අභිලාෂයන්’ ‘සිංහල අභිලාෂයන් ‘ හමුවේ පරාජය වී ඇත.එය හුදු නිර්මාල්ගේ තර්කයට ප්‍රති තර්කයක් ලෙස පමනක් ඉදිරිපත් කලත් අප කිසිසේත් එවැනි නරුමවාදී පිළිවෙතකට එකඟ නොවෙමු. එමගින් පෙනෙන්නේ වෙනකක් නොව මේ අභිලාෂ කතා වලින් නම් මේ කියන ප්‍රශ්නය විසඳීම කල නොහැකි බවයි. නිර්මාල් මහතා තමන්ගේ ප්‍රකාශයට හිමි විය යුතු අවම තර්කානුකූල බව වත් ලබා දී නොමැති බව පැහැදිලිය.මේ අභිලාෂ කතා වලින් ප්‍රශ්න විසඳිය නොහැකි බව දැන්වත් වටහා ගත යුතුය.

      සිංහල යන වචනය ඇසූ පමණින් එයට එරෙහිවීමට හා ඒ එරෙහිවීමට හේතු සාධක සොයන්නටත් දෙමළ යන වචනය ඇසූ පමනින් එය නිරුවත් වර්ගවාදය වුවත් එයට බද්ධවීමටත් ඒ බද්ධවීම සාධාරණීකරණය කරන්නට පොත් පෙරලාගෙන නහින්නටත් මානසිකත්වය සැකසෙන්නේ මැකෝලි පුත්‍ර දුගී මනෝභාවය නිසයි.

      Delete
    7. නිර්මාල්ලා කියන ආකාරයේ අභිලාෂ පිළිබඳ ගැටුමක් අධිරාජ්යවාදීන් පැමිනෙන්නට පෙර නොපැවති අතර සිංහල පොදු සංස්කෘතිය තුල අනෙකුත් සංස්කෘතීන්ට හිමි විය යුතු තැන ලබා දෙමින් එකිනෙකාට ගරුකරමින් සිටි අතර අනෙකුත් සංස්කෘතීන් පොදු සංස්කෘතිය තුලට අවශෝෂනය වෙමින් එක් ධාරාවක් ලෙස අවම ගැටුම් සහිතව විකසනය විය.පන්සල තුල හින්දු දෙවියන් වෙනුවෙන් ඉඩක් වෙන්වන්නේ මේ අන්‍යෝන්‍ය සංස්කෘතික මිශ්‍රවීම් වලට ලැබුනු නිදහස් ඉඩ කඩ ඔස්සේය.නිර්මාල්ලා මෙන්ම ඔවුන්ගේ බුද්ධිමය ස්වාමිවරුන් බෝ කල ඊනියා අහිලාෂ විෂබීජ නොවන්නට අපට ගහ මර ගැනීමට දෙයක් ඉතිරි වන්නේ නැත.එබැවින් අප අදහ ප්‍රමුඛත්වය දිය යුත්තේ වෙන්වීමේ දිශානතිය සොයමින් විකාශනය වන ඊනියා අභිලාෂ කතන්දර පරාජය කරමින් එකිනෙකාට ගරු කරමින් එක පොදු සංස්කෘතියක් තුලට ගොනු වීම මිස නිර්මාල්ලා මෙන් එකිනෙකා විරසක කරවන ඉතිහාසයට සංස්කෘතියට පටහැනි ඊනියා අභිලාෂ කතන්දර පෝෂණය කිරීම නොවන බව පැහැදිලිය.ඒ සඳහා කතිකාවතක් ඇති කිරීම වෙනුවට එකිනෙකා කා කොටා ගන්නා දිශානතිය පාදා ගැනීම වෙනුවෙන් වෙහෙසීම කෙතරම් බුද්ධිගෝචර දැයි ඒ වෙහෙසෙනන්ට කවදා වැටහේද?

      Delete
    8. දැන් අපි නිර්මාල් මහතාගේ මූලික තර්කයේ අවසන් කොටස සලකමු.

      “දෙමළාට සිය සවෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප්‍රදේශය බාහිර බලයක් විසින් ආක්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි. ”

      මෙය හුදු නිර්මාල්ගේ මනෝ නිර්මාණයක් ද? නැත. මෙය නිර්මාල්ලාගේ බුද්ධිමය ස්වාමිවරුන් ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් නිර්මාණය කර දුන් මතයයි. මේ කියන්නේ 1940 දි පමණ සුන්දරලිංගම්ලා චෙල්වනායගම්ලා පැවසූ, වඩුක්කොඩෙයි ඔස්සේ තිම්පු හරහා නකෝන් පතෝන් දක්ක්වා ගමන් කල එමෙන්ම නන්දිකඩාල්වල ගිලෙන තෙක් ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්තයන් තම ත්‍රස්ත ක්‍රියා සාධාරණීකරණය කල එමෙන්ම අද විග්නේශ්වරන්ලා – සුමන්තිරම්ලා උස් හඬින් කියන්නට තටමන දෙමළ නිජබිම පිලිබඳ අමු කෙප්පය සාධාරණීකරණය කරන්නට හදන උත්සාහය හැර වෙනකක් නොවේ.

      දෙමළ නිජබිම් සංකල්පය දැන් වසර 30 ක් පමණ පුරාවට නිර්මාල්ලා මෙන් සිය ගනනක් උගතුන් සමග අවශ්‍ය පමණටත් වඩා සාකච්චා කර ඇති නමුත් පරන හනමිට බිම තැබීමට බොහෝ දෙනා තවමත් අසමත්ය.නිර්මාල්ලා මේ හදන්නේ ප්‍රභාකරන් මෙන්ම ‘සිංහල මහ ජාතිය සිංහල බහුතර උවමනාවන් වෙනුවෙන් ලියවුනු මහාවංශ මිත්යාවේ ගිලී ඇත” යන මනෝභාවයේ සිට බව සැක නැත. වසර දහස් ගනනක අවිචින්න ඉතිහාසය පිලිබඳ ඉතා සංගත අදහස් අරහෙන් මෙහෙන් ඉදිරිපත් කරන හුදකලා අදහස් දෙක තුනකින් බිඳළිය නොහැකි බව නිර්මාල්ලාට නොතේරෙනවා නොවේ. නමුත් නිර්මාල්ලාගේ රාජකාරිය, කොන්ත්‍රාත්තුව එයයි.එක බොරුවක් වැසීමට තවත් බොරු සියයක් අවශ්‍ය යැයි කියමනක් තිබේ.එබැවින් බින්දුවේ සිට ඇරඹිය යුතු දෙමළ ඉතිහාස කතාව නිර්මාල්ලාට තබා නිර්මාල්ලා දහසක් ආවත් සිදු කල නොහැකි බව පැහැදිලිය.නිර්මාල්ගේ උත්සාහය ‘මහා හිමාලය හැට්ට කටුවකින් බිමට සමතලා කරන්නට දරන වෑයමකට’ දෙවනි නැත.මයිල්වාගනම් පුලවර් එකවකට (1736) ලංදේසි ආන්ඩුකාරවරයාගේ ඇරයුමින් රචනා කල ‘යාල්පානම් වයිපවමාලෙයි’ කෘතියේ අඩංගු කෙප්ප වලින් කිහිපයක් උපුටා දැක්වීමට අවශ්‍ය නම් නිර්මාල්ලාට පුළුවන. මෙහි ඇති අසංගත භාවය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් ‘දෙමල ඊළාම් නිජබිම් ප්‍රශ්නය ‘ නැමති ග්‍රන්ථයේ ‘මෙන්ම ඊළාම් සිහින දේශයට පදනම – යාල්පානම් වයිපවමාලෙයි ‘ නම් සූරිය ගුණසේකර රචිත ග්‍රන්තයේ අඩංගු සටහන් වලින් පැහැදිලි කරගත හැක. එහිද දෙමළ ඊලාම් ව්‍යාජ ඉතිහාසය අදටද දෘශ්‍යමාන සාධක මෙන්ම පෙර අපර දෙදිගම රටාල ඉතිහාස පිළිබඳ සවිස්තරාත්මක සටහනකින්ද යුක්තය.මහාවංශය සිංහල අධිපති උවමනාවන් වෙනුවෙන් සැකසූ හුදු ප්‍රබන්ධයක් නම් එහි සඳහන් බොහෝ සිදුවීම් පෙර අපෙර දෙදිග ඉතිහාසයන් සමග මනාව සැසඳෙන්නේ නැත.

      යමෙකුට සංහත භාවය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරන්නේ නම් නරුම ලෙස තමන්ට අභිමත පරිදි තමන් කැමති ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. නමුත් ඒවා සහ මානසික ව්‍යාධියක් ඇත්තකු ඉදිරුපත් කරන අදහස් අතර වෙනසක් නැත. මානසික ව්‍යාධියක් ඇත්නම් ඔහු අනිත් බොහෝ බාහිර සාධක නොසලකා තමන්ට අභිමත ලෙස තමන් කැමති හිතට එන ඕනෑම දෙකයක් කීමට හා කිරීමට පෙළඹේ. අප යමක් ඉදිරිපත් කරන විට හැකිතාක් සංගත විය යුතු යැයි කියන්නේ මේ නිසාය.

      උතුරේ දෙමළ සංධානයේ ප්‍රහර්ශය මැද්දෙන් නිර්මාල්ලා මේ ශාස්ත්‍රීය තලයේ යැයි කියමින් ගන්නා උත්සාහය විග්නේෂ්වරන්ලා හරහා දේශපාලනයටත් ඉන්පසු උතුරේ හැඟීම් මත තීරණ ගන්නා දෙමළ තරුණයන් අතට යන්නේ තුවක්කුවද සයිනයිඩ් කරලද සමගිනි. ප්‍රභාකරන්ලා නිර්මාණය කලේ චෙල්වනායගම්ලා බවද චෙල්වනායගම්ලා බිහි වීමට මයිල්වාගනම් පුලවර්ලා ගේ ‘ශාස්ත්‍රීය උත්සාහයන්’ද පාදක වූ බවද අමතක නොකල යුතුය. එබැවින් මෙය මෙහි ඇති දේශපාලන අරමුනෙන් වියුක්තව ගෙන අහිංසක ශාස්ත්‍රීය ව්‍යායාමයක් ලෙස ඌනනය කිරීම අනුවණ කමකි.

      නමුත් ‘දෙමළාගේ ප්‍රශ්නය’ නිර්මාල් මහතා මකුළු දැලෙන් සුළං බදන්න ගත් අසාර්ථක උත්සාහයක් හැර වෙනකක් නොවන බව පැහැදිලිය.

      Delete
    9. I think this is a great analysis from you Ano. I am glad there are those of you present with a well balanced outlook among many with hidden agendas

      Delete
    10. සිංහලෙන් ලියපු ඇනෝ වෙතටයි ----

      කරුණාකර ඔබේ රෝගී තත්ත්වය තවත් උත්සන්න වීමට පෙර ඔබට වෛද්‍යවරුන් විසින් නියම කොට ඇති දෛනික පිස්සු පෙති ගැනීම අද සිටම අරඹන්න.

      Delete
    11. නිර්මාල් මැන්ටලයකි. නලින් ද සිල්වා තවත් මැන්ටලයකි.
      ඔවුන්ට ලෝකය පෙනෙන්නේ අපට පෙනෙන විදියට නොවේ, වටපිට නොපෙනේ. ටනල් විෂන් කාරයෝ!!

      Delete
    12. AnonymousJuly 23, 2016 at 7:29 AM

      හහ් හා, අනුන්ට පිස්සු කිය කියා අමු මොන්ගල් කෙලින තමන්ගේ මොන්ගල්කම කමෙන්ටුවෙන් පේනව. ඌ මතුකරපු තර්කවලට කටඋත්තර නැති බොලා වගේ අමුම අමු ගොබ්බ මැටි හරකුන්ට පුළුවන් ඔය වගේ මොන්ගල් කමෙන්ට් කොටන්න විතරයි.

      Delete
    13. සතුට යනු, උඩ ඇනෝ කාරයා කියා ඇති දේ තේරුම් ගැනීමේ හැකියාවක් හෝ ඊට දීමට පිළිතුරු සිතාගත නොහැකිව වලිග පාගන් දඟලන මානසික රෝගී විකාරරූපී විකටයින්ද සිටීමයි. බි.පෙ.සි.

      Delete
    14. නියමයි ඇනෝ මිත්‍රයා ඔබේ විග්‍රහය. නිර්මාල්ලා මෙන්ම නලින්ලා ඉන්නේ අන්ත දෙකක.. දෙගොල්ලම කියන්නේ පට්ට බොරු... ආලවට්ටම දාලා බොරුව සමාජ ගත කරනවා. ඇත්තටම දෙමළාට වෙනම වූ ප්‍රශ්ණයක් නෑ. එහෙම තියෙනවා නම් කොටින්ගේ "දේශපාලන අංශයේ" නායිකාව උන තමිලිනීගේ පොතේ ඒ ගැන තියෙන්නම ඕන. තමිලිනීලා ඉතරක් නෙමෙයි කරුණලා පිල්ලෙයාන්ලත් ළිඳෙන් එලියට ආවාම තමන් මුලා උනා කියලා තේරුම් ගන්නවා. ඇත්ත කතාව ඒකයි.

      දැන් බලන්න යාපනේ කැම්පස් එකේ අර ගිටිකාපූ කොල්ලා මැරුනා නම් නිර්මාල්ටවත්, නලීන්ටවත්, සම්බන්තන්ටවත්, සුමන්තිරන්ටවත්, සිරිසේනටවත්, රනිල්ටවත්, චන්ද්‍රිකාටවත්, මහින්දටවත්, මං ගොනා පිලටවත්, පචවංශටත්, බෑන් කී මුන්ටවත්, අර අළුත් කුමාරයාටවත් පාඩුවක් නෑ නේ.. පාඩුව වෙන්නේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ට. නලින්ලගේ දරුවෝ රට රටවල, නිර්මාල්ගේ දරුවෝ කොළබ, සිරිසේනගේ විමල්ගේ දරුවෝ ලන්ඩන්වල.. ඔය බයිලා ගහන හැමෑ එකාගෙම දරුවෝ එහෙමයි..

      එකෙක්වත් ඇත්ත ප්‍රශ්ණය කතා කලේ නෑ. සංහිදියාව නැතිවෙයි කියලා.. එතකොට සංහිදියාව ඇති කරන්න සිංහල කොල්ලෝ මැරුණත් අවුලක් නැද්ද...? ඒක මාර සංහිදියාවක් නේ.. එහෙම එකක් කවදාවත් ඇති කරන්න බෑ..

      කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා.. ඒ තමයි මහින්ද මෙතඩ් එක... ඒත් ඒකත් හරියන එකක් නෙමෙයි.. මම නම් කියන්නේ රට තුල ආර්ට්Hඉක සංවර්ධනයක් ඇති වෙන තුරා මේ සිංහල දරුවෝ යාපනේ යවන්න නරකයි.. මොකක් හරි වෙන්න යන්නේ බොහොම සුළු වෙලාවයි.. එදත් මොකක්ද කලේ.. උන් ටික බස් වල කිලිනොච්චියට ගෙනත් දැම්මා.. එතකොට කිලිනොච්චියෙන් මෙහාද සංහිදියාව තියෙන්නේ.. එහෙම වෙන්න බෑ නේ..

      මුන්ගේ සංහිදියා පර්යේෂණ සඳා සංහල මී පැටව් යොදා ගන්නවාට මම නම් විරුද්ධයි.. ඒක තවත් ඛේදවාචකයට අත වැනීමක්... උනුත් ඉන්නේ මාර වෛරයක... ඒකත් අපි පිලිගන්න ඕන..

      Delete
    15. පට්ට ඇනෝ පට්ට! කෝ පැරෝ උත්තර? අදාළ නැද්ද?

      Delete
  7. එක්තරා කාලයකදී උතුරේ වෙනම රාජධානියක් තිබුණානේ....
    එය කෝට්ටේ සහ පසුව සීතාවක රාජධානි විසින් නිල වශයෙන් පිළිගත්තානේ....
    ඉතින් එහෙව් එකේ දෙමළාට එයාගේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය සියළුම බලය දීමේ මොනම ආකාරයකවත් වරදක් නැහැ.
    ඔය සත්‍යය මෙතන කමෙන්ට් කොටන බූරුවන්ට තේරෙන්නේ නැහැ.

    ReplyDelete
  8. ගරු සභාවෙන් අවසරයි,

    කාලයක් (අනූ ගණන්වල මුල) මම කළුතර සිට කොල්ලුපිටියට රැකියාවට ආවා දුම්රියෙන්. උදේටත් සමුද්‍රදේවී හවසටත් එකෙම තමයි.
    එනකොට කොච්චර අමාරු තිබුනත් සීට් එකක අයිනකවත් වාඩි වෙන්න දෙන්නේ නෑ. යනකොට සමහරවිට රත්මලාන වෙනකනුත් හිස් සීට් තියෙනවා වාඩි වෙන්න දෙන්නේ නෑ, එවවලට අයිති කාරයෝ ඉන්නවා. මමත් වලංගු ටිකට් අරගෙන තමා ගියේ.

    දවසක් ෆුට්බෝඩ් එක ළඟ හිටගෙන එනකොට කොල්ලෝ ටිකක් ලොකු argument එකක. එකෙක් කියනවා 'ප්‍රබාකරන්ට කෑල්ල දෙන්න ඕනේ කියලා. අනිත් උන් ඌව කන්න හදනවා. මමත් ටිකක් කන දාගෙන හිටියා මේක අමුතු කතාවක් නිසා. එතකොට කෑල්ල දෙන්න ඕනේ කියලා කියපු එකා කියනවා, මේ කෝච්චියේ සීට් අයිති කරන ඉන්න උන් වැඩිම උනොත් අවුරුදු 40ක් මේකේ යනවා ඇති. (18න් රක්ෂාවට ඇවිල්ලා දැන් පෙන්ෂන් කටේ 58). එහෙම උන් සීට් වලට අයිතිවාසිකම් කියනවා නම්, අර පරම්පරා ගණනාවක් උතුරේ ජීවත්වන මිනිස්සු කෑල්ල ඉල්ලුවහම ඇති වැරැද්ද මොකක්ද කියලා.
    කතාව බොරු නෙවෙයි නේද.

    මාගේ සටහන මෙතනින් අවසානයි
    ඔබ සැමට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. දැන් සමුද්‍රෙ ඔච්චර කෙළි නැහැ. පරණකමට හිස් සීට් තියාගෙන යන්න බැහැ. මිනිස්සු ඉස්සර වගේ නොවන නිසා. ඒ නිසා ගැන්සි ගැහිලා ඉඩ පාලනය කර ගන්නවා.

      අර දෙමළ කම්කරුවන් ගැන ප්‍රශ්නයත් ඒ වගේ. දෙමළ කම්කරුවන්ටත් ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බැහැ. හේතුව මිනිස්සු දැන් ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් ගැන දැනුවත්.

      දෙමළුන්ට ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බැහැ. මොකද, අසූ තුනේ දාපු සෙල්ලමට කොටි හොඳ රිටර්න් එකක් දුන්නා. උන් පැරදුණ එක වෙනම දෙයක්. ඒත් ගුටි කාපු සලකුණු තවම තියෙනවා. ඒ මතකය ගොඩක් කල් තියෙයි.

      කෝච්චියෙදි වගේ ම තමයි. දැන් පරණ සෙල්ලම කරන්න බැරි නිසා සෙල්ලම අලුත් විදියට ගෙනියනවා. ඒ මෙහෙමයි. දෙමළ වීම නිසා දෙමළුන්ට තියෙන ප්‍රශ්නෙ මොකක් ද? එක වටේකින් උත්තර දුන්නා ම තව වටේකින් ආයෙත් ඒ ප්‍රශ්නෙම අහනවා.

      දැන් මං මෙහෙම අහන්න ද? කවුරුහරි රජක කුලයේ වීම නිසා රජකයින්ට තිබෙන ප්‍රශ්නය මොකක් ද?

      ප්‍රශ්නයක් නැහැ කියන අය මට කියන්න ඇයි පීඩිත කුලවල මිනිස්සු තවමත් ඡන්දෙ දෙනකොට තමන්ගේ කුලයේ කෙනෙකුට ම ඡන්දය දෙන්නෙ?

      දැන් ඉතින් මෙතන ගෙනත් ගොන් කතා අතාරින්න එපා, මේ වගේ. අපේ ගමේ දුරාවෙ කට්ටිය ඡන්දෙ දෙන්නෙ ගොවිගම හාමු කෙනෙකුට ය, අරක මේක කියලා. හාරලා බලන්න ලංකාවේ පාර්ලිමේන්තුව හා එයට පත් වී තිබෙන මිනිසුන්ට වැඩිපුර ඡන්ද ලැබුණ ප්‍රදේශ හා එහි කුල පදනම්.

      කුලය එච්චර වැඩ කරන රටකනේ මේ ජාතීන් අතර ප්‍රශ්නයක් නැහැ ය කියලා පස් කන්න හදන්නෙ.

      Delete
    2. පැරා,

      //අර දෙමළ කම්කරුවන් ගැන ප්‍රශ්නයත් ඒ වගේ. දෙමළ කම්කරුවන්ටත් ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බැහැ. හේතුව මිනිස්සු දැන් ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් ගැන දැනුවත්. //

      තමුන්ම නේද මිට පෙර මෙහෙම ඇහුවේ

      //එතකොට කේවෙල් කරන්න ගියොත් කණ පලාගන්න වෙන්නෙ මොකක් හින්ද ද?//

      දැන් පිලිගන්නවා නේද මිට පෙර කිව්වේ බොරුවක් කියල.

      පැරා වාමන්ශිකයෝ හැමදාමත් කලේ ඔයවගේ මිනිසුන් නොමගයැවීම තමයි.
      අවාසනාවට 1989 දී බොහෝදෙනෙක් තමුන්ලගේ මේ මෝඩ තර්ක වලට රැවටිලා වලකජු ගැස්සෙව්වා.

      Delete
  9. දෙමලාට තිබෙන ප්‍රශ්නය මොකද්දැයි ඇසිය යුත්තේ දෙමලාගෙන්ය. නමුත් ඉතිහාසය පුරාම සිදුවීඇත්තේ සිංහලයා මෙම ප්‍රශ්නය සිංහලයාගෙන් අසා සිංහලයාම උත්තර දීමයි. ප්‍රශ්නය දෙමලා ගැන උනත් දෙමලා ඊට සහභාගීවී නොමැත.

    ReplyDelete
    Replies
    1. Well said. This kind of articles clearly reveals the brainlessness of stupid leftists of SL. Even if the Tamil community states whether they do not have any problem, they do not accept it and may try to force them to change that statement. So stupid.

      Delete
    2. එතකොට අවුරුදු 30ක් තිස්සෙ කෙරිච්ච යුද්ධය දෙමළා මේ ප්‍රශ්නයට කරපු සහභාගි වීමක් නෙමෙයි ද?

      ඕක ඇහුවා ම මේ සිංහල කට්ටිය කියන්නේ ඒක ප්‍රභාකරන්ගේ බල තණ්හාව ය කියලායි. එතකොට ඒ යුද්දෙට සල්ලි දුන්න, ජීවිත දුන්න දෙමළ මිනිස්සු කවු ද? එතකොට කියයි ඒ බයටනේ කියලා.

      ඔන්න සිංහල කට්ටිය දෙමළා ගැන දන්න තරම. අපට නම් දෙමළ ජනයා මේ ප්‍රශ්නය පුවත්පත් ලිපියේ සිට කාමිකාසි ගුවන් ප්‍රහාර දක්වා අහනවා හොඳට ඇහුණා. මොකද, අපි අහන්න සූදානමින් සිටි නිසා.

      මේ වගේ මුග්ධ කතා කියන්නෙ හොරට නිදාගෙන ඉන්න එවුන්. කණ ළඟ බෝම්බ පත්තු කරත්, තමන්ට මොකුත් වෙලා නැතිනම්, හොරට නිදාගෙන ඉන්න එවුන් නැගිටින්නෙ නැහැ.

      Delete
    3. යුද්ධය යනු දෙමලාගේ සහභාගීත්වය නොව දෙමලාගේ ප්‍රශ්නෙට දෙමලා සහබාගී නොකර සිංහලයා දුන් උතරවලට දෙමලාගේ විරුද්ධත්වයේ ප්‍රකාශනයයි.

      Delete
    4. නො එසේනම් දෙමලාව සහභාගී නොකරහැනීමේ ප්‍රථිපළයයි.

      Delete
    5. දෙමළාටම වෙන් වූ ප්‍රශ්ණයක් නෑ කියලා තමිලිනිගේ පොත කියෙව්වම පේනවා...

      එයා දේශපලන අංශයේ නායිකාව බවත් මතක තියා ගන්න...

      Delete
    6. මාතලන්, දෙමළාට වෙන් වූ ප්‍රශ්නයක් නැති බව ඇත්ත. ඒ ප්‍රශ්න සෙසු ජන ප්‍රජාවන්ටත් අදාළ බව ඇත්ත. එහෙත්, කිසියම් ප්‍රජාවක් තමන්ගේ ප්‍රජාව තුළ ඒකට විසඳුම් හොයන එක වැරදි ද? දැන් උදාහරණෙකට අපි මිහිතලය උණුසුම් වීම කියන ප්‍රශ්නය ගම්මුකෝ. ඒක ලෝකයේ සියලු මිනිසුන්ට අදාළයි. ඒත්, අපි ලංකාව ඇතුළේ ඒකට විසඳුම් හොයන එක වැරදියි ද?

      ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයත් ඒ වගේ. තම තමන්ට පුළුවන් අවකාශයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගත්තා ම ලෝකයේ ම ඒක ඇති වන්නට ඉවහල් වෙනවා. තමන්ගේ භූමිය තමන් පාලනය කර ගන්නට ඕනෑ ය කියා යාපනේ මිනිහා ඉල්ලනවා. පානමේ මිනිස්සු ඒක ඉල්ලන්නේ නැහැ ය කියන එක යාපනේ මිනිස්සුන්ගේ ඉල්ලීම වැරදි වෙන්නට හේතුවක් නෙමෙයි.

      තමිලිනීගේ පොතේ කතා නො කරන ගොඩක් දේ තියෙනවා නේ ද? එයාට ඒවා කතා කරන්නට බැරි වෙන එකත් දේශපාලන ප්‍රශ්නයක් තමයි.

      අපි ඉන්නෙ සිංහල ජාතිවාදී රාජ්‍යයක් ඇතුළෙ. ඒක පවතිනකල් සුළුතර ජාතිවාදයන් පවතින එක අහෝසි කරන්න බැහැ. අපි උත්සාහ කරන්න ඕනැ රාජ්‍යයේ සිංහල ජාතිවාදී ස්වරූපය වෙනස් කරන්න.

      ඒ වුණාට බොහෝ සිංහලයන් උත්සාහ කරන්නේ ඒක එහෙමම තියාගෙන දෙමළුන්ගේ ජාතිවාදය නැති කරන්නයි.

      Delete
    7. දෙමළ ජාතිවාදයක් තිබුනට ප්‍රශ්ණයක් නෑ... කුළ වශයෙන් වගේම ගම වශයෙන් පාර වශයෙන් බෙදිලා ඉන්න රටක.. ඒත් මේ 10% - 15% ක අයිතිවාසිකම් දෙන්න ඕන නෑ කියන එකයි මගේ මතය.. එහෙනම් ඉතින් ඇමරිකාවේ මෙන්ම එංගලන්තයෙත් ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලන්නත් ඕන... මැලේෂියාවේ සිංගප්පූරුවෙත් මේ ඉල්ලීම් තියෙන්න ඕන... මිඩිල් ඊස්ට් වල කේරල ප්‍රාන්ත ඉල්ලන්න ඕන.. එහෙම දේ වෙන්නේ නෑ නේ.. ඇයි එහෙම ඒවා නැත්තේ... අන්න එතනයි මහ ආන්ඩු ඉන්න ඕන... මහින්දලා ඒ අතින් හරි..

      Delete
    8. මාතලන්ලට ඕව තේරුම් කරන්න අමාරුයි. දේශපාලන කියවීමක් තියෙන පොරවල් නෙමෙයිනේ. චන්ද කාලෙට යූස් කරන්න හොඳයි

      Delete
    9. දැන් තමිලිනී මෙයාල කියන විදියටම පොත ලිව්ව නං දේශපාලන බලපෑම් නෑ. එහෙම නැති හින්ද බලපෑම්. එහෙමද ආස?

      Delete
    10. තමිලිනි පොතේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල ලිව්වනම පිළිගන්න කෂ්ටිය

      Delete
    11. පට්ටම ආතල් එක කියන්නේ රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලෙකට සහභාගී උණු පැරත් අහනව දෙමළාට කියල වෙනම ප්‍රශ්නයක් නැත්නම් දෙමෙල්ලු යුද්ධ කරාවිද කියල. මොක්කු හරි ටිකක දේශපාලන අරමුණකට කඩේ යවා ගන්න ගන්න ඕන උනහම අහවල් එක (රට/ජාතිය/සංස්කෘතිය/ආගම/නිදහස් අද්‍යාපනය/අපේ සර්/අපේ ලකී අය්යා) වෙනුවෙන් දිවි පුදමු කියල යන (පැරා ඒ කාලෙ ගියා වගේ) මැටි මෝල් මීහරක් ටිකක් හොයා ගන්න ඕනෙම කාලෙක හොයා ගන්න පුළුවන්.

      දැන් මේ දකුණේ කැම්පස් වල කොල්ලන්ගේ ඔළුවට කම්පියුටර් මොනිටර් අත ඇරලා මරා ගන්න තරමට දරුණු වෙන්නේ කැම්පස් එකෙන් අවුට් වෙලා මාස ගානෙන් අමතක වෙන දේවල් වලට, නැතුව පැරා හිතන් ඉන්නවා වගේ මාර පීඩනෙකින් එතනට තල්ලු වෙලා නෙවෙයි.

      දැන් නැති උනත් චන්ද්‍රිකා ගේ අන්තිම කාලේ පෝස්ටර් කේස් වලින් මිනී දෙක තුනක් මැරුණා. ඒක දැකලා හිතනවා නම් මාර කැපවීමක් නේද තමන්ගේ දේශපාලන දර්ශනේට කියලා, එහෙම එකක් නැහැ ගොන් කම ඇරෙන්න.

      UK වල කෙල්ලෝ ISIS එකට බැඳෙන්න මැදපෙරදිගට යන්නෙත් එහෙනම් ඉස්ලාම් ආගමට විරුද්ධ මාර පීඩනයක් නිසා වෙන්න ඇති නේද පැරෝ?

      දැන් පැරා ජෙප්පො වෙනුවෙන් ජීවිතේ දෙන්න ගිය පීඩනේ දැන් ඉවර වෙලාද දැන් දෙය්යන්ගේ පිහිටෙන් පවුලක් පන්සලක් වෙලා යසට ඉන්නේ?

      Delete
    12. ඕව කියල වැඩක් නෑ ඇනෝ. මෙයාල හිතන්නෙ මෙයාල ඇර අනික් උන් මුකුත්ම දන්නෙ නැත කියලනෙ!

      Delete
    13. @ මාතලං; හම්බකරං කාල බීල බඩ පුරවං ඩෙසර්ට් එකට දේසපාලොන විචාර කොරන මාතලං - දෙමලාටම කියල ප්‍රශ්නයක් නැත්නම් අවුරුදු තිහක යුද්දයක් කරේ දෙමලට තිබුන පුදුමාකාර පුකේ අමාරුවක් නිසා වෙන්න ඇති.

      http://akshaya.lk/index.php/component/k2/item/179-2016-07-18-21-03-20.html

      Delete
    14. දෙමලා ගේ ප්‍රශ්නය දෙමලාගේම ප්‍රශ්නයක් 1964 සමසමාජයේ පාවාදීමත් සමගය
      වැඩවසම් ‍රැහැන් වලින් බැඳුනු ආන්ඩු ක්‍රමයක් තුල දෙමලාගේ ප්‍රශ්නයට උත්තර නොමැත

      Delete
  10. දෙමළාටත් තම්බියාටත් ප්‍රශ්නයක් ඇත. ඒ ප්‍රශ්නය නම් තමන් උපන් තමන් හැදුනු වැඩුනු රට තමන්ගේ රට කියා පිළිගැනීමට නොහැකි වීමයි. සිංහලයා එය සිංහලයාගේ පමණක් රටක් බව සිතාගෙන සිටීමයි. ස්වෝත්තමවාදී සිංහලයා හිතාගෙන ඉන්නේ දෙමළ සහ මුස්ලිම් ජනතාව තමන්ගේ ආධිපත්‍යය පිළිගෙන යටහත් පහත්ව දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිය යුතු වීමයි.
    “බලපන් ඩෝ මූ දෙමළෙක් වෙලත්..........“ යන කොටස පාවිච්චි කරන සිංහලයන් සිටින තුරු දෙමළාට දෙමළ වීම නිසා ඇති වන ප්‍රශ්නයක් නැතැයි කීමට නොහැකියි.

    සුළු ජාතිකයාගේ ජාතිවාදය ප්‍රගතිශීලීයැයි ලෙනින් කියා ඇති බව කවුදෝ ප්‍රකාශ කළ බවක් මට මතකය. පීඩිත ජාතියක පුද්ගලයකු තුළ පීඩක ජාතියට එරෙහිව ඇතිවන වෛරය අරුමයක් නොවන බව අප තේරුම් ගත්තද, එය ප්‍රගතිශීලී හෝ යුක්තිසහගත ජාතිවාදයකැයි කීමට නොහැකිය. එහෙත්, පීඩිත ජාතියක පුද්ගලයකු එම පීඩනයෙන් නිදහස් වීම සඳහා ත්‍රස්තවාදය හෝ වෙනයම් වාදයක් භාවිතා කරයිනම් පළමුවෙන්ම කළ යුත්තේ එම පීඩනය නැති කිරීමයි.

    නීත්‍යානුකූල රාජ්‍යයකට “සාධාරණ අරගලයක්“ ඇති වීමට ඉඩ දිය නොහැකිය. “හිත හොඳ මිනිහෙක්“ තමන්ගේ නැගණිය කෙළෙසා මරා දැමූවන් වරකට එකා බැගින් ඝාතනය කිරීම සාධාරණයැයි තර්ක කළ හැකි නමුත් නීතිය ඉදිරියේ හිත හොඳ මිනිහාද මිනීමරුවෙකි.

    ඒ නයින්, රාජ්‍යයට එරෙහිව අවි ගත්තවුන් ඝාතනය කර හෝ අරගලය නැවැත්වීමට රාජ්‍යය භාරගත් ආණ්ඩුවට සිදු වේ. මහජාතිය ආණ්ඩුවේ පැත්ත ගෙන එක පෙරමුණක් වූ විට පීඩිතයාට ආණ්ඩුව සහ ජනතාව අතර වෙනසක් නෙපෙනේ.

    එල් ටී ටී ඊ එකට වුනේ එය ම නොවේ. පීඩිත ජනතාවගේ කැකෑරෙන විරෝධය තම වාසියට ගත් එල් ටී ටී ඊ කාරයෝ ඒ වන විටත් විවෘත සමාජයට නොපැමිණියහැකි තරමට ම්ලේච්ඡත්වයකට පත්ව මංකොල්ලකරුවන් පිරිසක් බවට පත්ව සිටි බැවින් තමන්ගේ පැවැත්ම හා වර්ධනය සඳහා තනිකරම අාණ්ඩුවට එරෙහි සටනකට අවතීර්ණ විය. අවසන් භාගයේදී එම යුද්ධය හොර කල්ලියක් සහ පොලීසිය අතර යුද්ධයකට වඩා වෙනස් වූයේ යන්තමිනි.

    ReplyDelete
    Replies
    1. එතකොට දෙමළා මේක උන්ගේ රට කියලා හිතාගෙන ඉන්න එකේ අවුලක් නැද්ද... කෑල්ලක් ඉල්ලනෙත්, වෙනම පාළනයක් ඉල්ලන්නෙත් ඒක නිසා නේ...

      Delete
    2. මෙන්න මේක කියන්න ඕනෙ. අපි නං කියන්නෙ නෑ මේක සිංහලයාගේ විතරක් රටය කියල. හැබැයි කව්රු හරි කියනව නං මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය තරම්ම , දෙමල, මුස්ලිම් සංස්කෘති විශේෂයි කියල.. අපි ඒකට එකඟ නෑ. ඕනෙම රටක ප්‍රධාන සංස්කෘතියක් තියෙනව. අනෙක් උප සංස්කෘතීන් හැදෙන්නෙ ඒක හෙවණේ. මතක තියාගන්න ඒක හෙවණේ මිසක් ඒක යටතේ නෙමෙයි.උදාහරණෙකට එංගලන්තෙ ඇන්ග්ලෝ සැක්සන් කල්චර් එක ගමු. ඒක හින්ද ඕනෑම දෙමලෙකුට හරි මරක්කලයෙකුට හරි සිංහලයෙකුට තරමටම මේ රටට අයිතියක් තියෙනව.හැම මිනිහෙක්ම එක සමානයි. හැබැයි සංස්කෘති එහෙම නෑ. දැන් ඉතිං මෙන්න ජාතිවාදියෙක්..කියල කෑ ගහන්න තියාගන්නෙපා.

      Delete
    3. මාතලන්: දෙමළා මේක උන්ගේ විතරක් රට කියලා හිතාගෙන ඉන්නවනම් ඒක වැරදියි තමයි. මං කියන්නෙත් ඒකමයි. ස්වෝත්තමවාදය දෙමළගෙ වුනත් සිංහලයගෙ වුනත් වැරදියි. වෙනම පාලනයක් ඉල්ලන එකේ හරි-වැරැද්ද හොයන එක කවුරුහරි දික්කසාද වෙන එකේ හරි-වැරැද්ද හොයනව වගේ වැඩක්.
      සරදියෙල්: සංස්කෘතිය ගැන මං කතා කළේවත් නෑනෙ. සංස්කෘතිය ඉබේ ඇති වෙන දෙයක්. ඒක හෙවනෙ හැදෙන දෙයක් තමයි කොහොමටත්. ඒ වගේම ඒක හින්ද ඕනෑම දෙමලෙකුට හරි මරක්කලයෙකුට හරි සිංහලයෙකුට තරමටම මේ රටට අයිතියක් තියෙනව.හැම මිනිහෙක්ම එක සමානයි කියල කියනකන් සරදියෙල් ජාතිවාදියෙක් වෙන්නෙ නෑනෙ. ඇයි අවිස්වාසයක්?

      Delete
  11. අනේ පැරෝ මේ ලිපියෙ ගොඩක්ම තියෙන්නෙ අර " ජාතිවාදී රිලවුන් " කියල තිබ්බ එකේ තිබුණු දෙවල්මනේ. ඒ ටිකම එහෙන් මෙහෙන් පටලවල ආයෙත් දාල. දෙමලාගේ ප්‍රශ්නෙ ගැන නං කියන්න දෙයක් නෑ මට. උඩ කට්ටිය ඒක ලෙසටම පැහැදිලි කරල. හැබැයි මතුගම පැත්තෙ දෙමල කම්කරුවටයි සිංහල කම්කරුවටයි ගෙවන්නෙ අසමාන වැටුප්ය කියල පැරා කිව්වෙ පට්ට බොරුවක් ඈ. අපි නං දෙගොල්ලටම කෑම බීම එක්ක 1200ක් දෙනව.

    ReplyDelete
  12. සිංහලයා දෙමලාව පාගන එක ගැන කතා කොරන පැරා යාපනයේ වෙල්ලාලයන් කලවාර් හා නලෙයිවාර් කුල ( ඒවා අඩු කුල) වල දෙමලුන්ව පාගන එක ගැන නොදොඩන්නේ ඇයි? නො එසේ නම් ගොවිගමයන් කරාවයන් ව හා දුරාවයන්ව නොතැකීම ගැන නොදොඩන්නේ ඇයි? උත්තරය සරලයි. ප්‍රසිද්ධ ප්‍රශ්නය දෙමලාගේ ප්‍රශ්නය නිසයි. පැවැත්ම ඇත්තේ එතන නිසයි.( මේ "පැවැත්ම" ආර්ථිකයට ඌනනය නොකරන්න)

    ReplyDelete
    Replies
    1. සරදියෙලො එක්කො උඹ පස්සෙන් පොලෝසිය පන්නනවා. නැතිනම් උඹ ඉන්නෙ මේනකාගේ බඩ උඩ. මේකෙ කලින් ලියලා තියෙන කමෙන්ට් කියවපන්.

      Delete
    2. අනේ නිකං යනව පැරෝ යන්න!මං කොහොමත් මෙනකාගේ බඩ උඩ තමයි ඉන්නෙ.

      Delete
    3. අජිත් පැරකුම්,

      පීල්ල පනින්න එපා මහත්තයෝ. සරදියෙල්ට ඕන නම් මෙනකාගේ බඩ උඩ නෙමේ පුක උඩ හිටියත් උඹට මොකෝ.
      ලංකාවේ දෙමළ ප්‍රජාවට ඔච්චර ලොකුවට වෙනම රාජ්‍යයක් ඕනෙනම් ඇයි ලෝකේ වැඩිම දෙමල ජනගහනය ඉන්න තමිල්නාඩුවට වෙනම කෑල්ල ඉල්ලලා ෆයිට් නොකරන්නේ. ඉල්ලපු දාට බලන්න පුළුවන් බැස්ටි හම්බවෙනහැටි පුකෙන් යන්න. ලංකාවේ ??

      Delete
    4. දැක්කනෙ ඇනෝ පැරා ලස්සනට කොලේ වහන හැටි. උඩ තියෙන කොමෙන්ට් බලන්නලු. ඒවයේ කොහෙවත් තියෙනවද කලවාර් නලෙයිවාර් කුල වල අයට වෙල්ලාලයන්ගෙන් වෙන කරදර? ඒක ඇහුවම මේනකාගේ බඩක් ගැන කියෝනව. අපි ගුරුවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔහොම 'කුඩු ලාල් ' මොඩලයේ උත්තර නං නෙමෙයි පැරෝ. හොඳේ?

      Delete
    5. දෙමළු ඉල්ලන්නේ වෙනම රාජ්‍යයක් නෙවෙයි, මනුස්සයෝ. උන් ඉල්ලන්නේ උන්ගේ පළාත්වල පරිපාලන කටයුතු කරගෙන යෑමට බලය. උන් ඉල්ලන ඔය බලය සහ ඊට වඩා ගොඩාක් දේවල් මීට දශක ගණනාවකට කලින්ම තමිල්නාඩුවේ දෙමළුන්ට ලැබිලා තියෙනවා.

      Delete
    6. Anonymous තුමා July 23, 2016 at 8:46 PM

      අනේ මහත්තයෝ, කොයි ලෝකෙද බන් උඹ ඉන්නේ. එහෙනම් අහවල් එකටද කියපන් රුද්‍රකුමරන්ලා රටින් පිට ආණ්ඩුවක් හදල තියෙන්නේ.
      පැරාගේ වචනවලින්ම කියනවනම් 'රෙද්ද තමයි!'

      Delete
    7. @ AnonymousJuly 23, 2016 at 11:55 PM

      අනේ බොල රෙද්ද පල්ලේ මහත්තයෝ,

      උඹ වගේ සිංහල ජාතිවාදීනුයි, දෙමළ ජාතිවාදීනුයි තමයි ඔය බම්බු "ආණ්ඩුව" සීරියස් ගන්නේ. ලෝකේ අනිත් අයට ඕක නිකම්ම නිකම් ජෝක් එකක් විතරයි. සිහි නුවණින් ඉන්න අපි වගේ උදවියට ඔය බම්බු "ආණ්ඩුව" පේන්නේ ස්වයංවින්දන ක්‍රියාවක් හැටියට. හරියටම ගෑනියෙකුගේ බඩ උඩට නගින්න බැරි වෙච්ච එකා අත මරණවා වගේ වැඩක්. ගිහින් චූ කරලා නිදාගනින් මහත්තයෝ අපිට පව් නොදී.

      Delete
    8. AnonymousJuly 24, 2016 at 10:22 AM

      හොඳා, හොඳා , චූ කරලා නිදාගන්නන්. දතුත් මදින්න ඕනෙද? එකත් කියන්නකෝ.
      උඹ තුමා වගේ හොඳ සිහි නුවණින් ඉන්න උන් ලෝකේ වෙන්නේ මොනවද කියල දන්නවනේ.
      අනේ පකෝ පුකේ ඇඟිල්ලක් ගහන නිදාගනින් අත මරගන්නවත් බැරී නෂ්ට කාම රෝගියා.

      Delete
  13. සිංහලයින් තරම් ජාතිවාදී උන්මත්තකයින් රැළක් ලෝකයේ අන් කිසිම ස්ථානයක නැත.

    ReplyDelete
    Replies
    1. කතාව නම් බාගෙට හරි. සින්හලයයි දෙමලයි කිව්වනම් හරියටම හරි.

      Delete
  14. නිදහස වෙනුවට සිර කුටිය පුළුල් කිරීමට යෝජනා කරන අජිත් පැරකුම් ජයසිංහගේ සැඟවුණු සිංහල මහා ජාතිකවාදය ..
    =======================================================

    දේශපාලනය, ආර්ථිකය, සාහිත්‍යකලා ඈ නේක විසාහි සුවිසෙස්, සුසාධනීය හා සු‍සංවාදීය අදහස් දැක්වීම් කරන ප්‍රවීණ සමාජ-දේශපාලන විචාරකයෙකු, ලිබරල් ධනවාදී බුද්ධිමතෙකු හා සංවාදශීලී සොඳුරු මානවයෙකු වන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් ස්වකීය දෘෂ්ටිවාදයන්ගේ ප්‍රකාශනය සෑම අවස්ථාවක ව පාහේ ඉතා නිරවුල් ව හා සෘජු ව ඉදිරිපත් කරන්නෙකු බව අපි දනිමු. වසර ගණනක් තිස්සේ ජයසිංහයන් ගේ ලියුම්-කියුම් කියවන-අසන අපට ඔවුන් එක් කරුණක දී නම් ඉතා දියාරු, වැටකොළු-බණ්ඩක්කා-පතෝල ආකාර අස්ථානයක් අනුයන බව නිරීක්ෂණය කළ හැකි ය. එකී කරුණ නම් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ය. ලාංකීය දේශපාලන අවකාශය තුළ ක්‍රියාකාරී බුද්ධිජීවීන්ගේ දෘෂ්ටිවාදාත්මක අස්ථානයේ ප්‍රතිගාමීත්වය හෝ ප්‍රගතිශීලීවත්ය හෝ සම්පරීක්ෂාවට ලක් වන තීරණාත්මක මොහාත එළඹෙන්නේ ඔවුන්ගේ දෘෂ්ටිවාදාය ජාතික ප්‍රශ්නය නම් උරගල මත සම්පරීක්ෂා කළ විට ය.

    මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් ජාතික ප්‍රශ්නය අලළා අනුයන අස්ථානය පිළිබඳ අපට නිනව්වක් නැති ව ම නො වේ. දේශපාලන වශයෙන් අසත් මඟක වැටී වල්මත් ව සිටි ජයසිංහයන් සත් මඟ වෙත පිය නැඟූ පශ්චාත්-ජ.වි.පෙ. යුගය තුළ ඔවුන් ගෙවූ වසන්ත සමය අපට අමතක නැත. “උතුරේ පෙරමුණට දකුණේ පසුමුණක් වීමට වඩා දකුණේ ම දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කර ගැනීම වැදගත් ය” යන සීමිත අරමුණකට එළඹි ජයසිංහයෝ විසි එක් වන සියවසේ පළමු දසකය ගෙවෙන්නට මත්තෙන් උත්තරාර්ධගෝලයේ වසන්ත සමයට සමු දී දක්ෂිණාර්ධගෝලයේ ශරත් සමය වෙත පිය නැගූහ. අප ගිම්හානයේ හිරු කිරණින් බල ගැන්වෙන විට ජයසිංහයෝ ශිශිරයේ ශීත සුළඟේ සැනසෙමින් සුප්ත කාලයකට එළඹුණහ. අවාසනාවකට එම ශිශිරය ජයසිංහයන් කිසි දා හැර ගියේ නැත. ජයසිංහයෝ එතැන් සිට අද වන තෙක් සුප්ත සමයේ ම රැඳී සිටිති.

    පසු ගිය දා යාපනය සරසවියේ ගැටුම සම්බන්ධ ව වියුණුසටහනක් පළ කරමින් ජයසිංහයන් යළි ජාතික ප්‍රශ්නය වෙත එළඹ ඇති සෙයකි. එම වියුණුසටහන අලළා අප හා අනෙකුත් පාඨකයන් විසින් නඟන ලද ප්‍රශ්න කිසිවකට පිළිතුරු නො දුන් ජයසිංහයන් එම වියුණුසටහන වර්ධනය කරමින් තවත් වියුණුසටහනක් පළ කර ඇත. ජාතික ප්‍රශ්නය පිළිබඳ ජයසිංහයන් යළි සංවාද වීම අපට විත්තප්‍රසාදජනක ය. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ කවර නම් අස්ථානයක් ප්‍රකට කරත්ද? ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ දිගංශය කුමක් ද?

    ජාතික ප්‍රශ්නය අරබයා ජයසිංහයන්ගේ ප්‍රවිෂ්ටයේ පදනම වන්නේ වාමාංශික පංති රහිත සමාජයට සමරූපී ව ලිබරල් ධනවාදය තුළ ගොඩ නැඟී ඇති සමානාත්මතා මූලධර්මය ය. ජයසිංහයෝ තම වියුණුසටහන මෙලෙස අවසන් කරති:

    “වාමාංශිකයන් ඉතා පැහැදිලිව ජාතිවාදයෙන් වෙන් විය යුතු ය. ජාතීන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම ලෙස සුළුතර ජාතිවාදයන් හෝ ප්‍ර‍වර්ධනය නො කළ යුතු ය. වාමාංශිකයන් පෙනී සිටිය යුත්තේ සුළුතර ජාතිවාදයන් වෙනුවෙන් නොව, ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම වෙනුවෙනි. සරළව කිවහොත්, ජාතිය යනු වාමාංශිකයන්ට අදාළ දෙයක් නො වේ.”

    බැලූ බැල්මට මෙම ප්‍රකාශය ඉතා හරවත්, සබුද්ධික හා මධ්‍යස්ථ එකකි. සිංහල මහා ජාතිකත්වය විසින් බල ගැන්වෙන කෛරාටික ධනපති පාලක පන්තිය ධනවාදයේ ලිබරල් යුගය තුළ මෙම රස කරවන ලද හලාහල විෂ ලාංකීය ජන විඥානය තුළට ඇතුලුකර ඇත. “පැරකුම් කෙතරම් විද්වත් මතයක් දරන්නෙක් ද? මෙවන් විශ්ලේෂකයන් අපගේ පිනට ම පහළවන්නේ ය” යන පහන් සංවේගයක් එකී ප්‍රකාශය කියවන පාඨක සමූහයා තුළ ඇති විය හැකි ය. එහෙත් මෙම ප්‍රකාශය අන්ත ප්‍රතිගාමී ය; අන්ත අධිපතිවාදී ය; සිංහල මහා ජාතියේ ඊනියා පඬි කුලයේ හෙජමොනික දෘෂ්ටිවාදයට වක්‍ර ව න්‍යායාත්මක ජීව ප්‍රාණය සපයන්නේ ය.

    Cont...

    ReplyDelete
  15. ජයසිංහයන් පවසන “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම” යන වියුක්ත ප්‍රකාශයේ භාවිත අර්ථය කුමක් ද? එමඟින් බිහි වන ඊනියා ලිබරල් ධනවාදී සමානාත්මතාවය කුමක් ද? මේ අන් කිසිවක් නො ව, විෂමජාතීය අනන්‍යතාවයන්ගෙන් හෙබි ලාංකීය සමාජය සමජාතීය ශ්‍රී ලාංකික අන්‍යතාවයක් බවට පත් කර ගැනීමේ කූට ව්‍යාපෘතියකි. එමඟින් බිහි කර ගන්නා ඊනියා සමානාත්මතාවය සමපාත වන්නේ සිංහල මහා ජාතියේ අනන්‍යතාවය මත ය. එනම් සිංහල මහා ජාතියේ සම්මතය තුළට පීඩිත ජාතීන් ස්වීකරණය කරවා එකී පීඩිත ජාතීන්ගේ අනන්‍යතාවයන් සිංහල මහා ජාතියේ හෙජමොනික (අධිපති) අනන්‍යතාවයන් තුළ දිය කර හැරීම යි. මෙය පරම සිංහල මහා ජාතිකවාදය යි. අනෙකාගේ අනන්‍යතාවයට ගෞරව කර එය පිළිගැනීම වෙනුවට අනෙකාගේ අනන්‍යතාවය නැති කර අනෙකා ද තමා හා සමාන අයෙකු බවට පත් කිරීම සිංහල මහා ජාතිකත්වය පෝෂණය කිරීමක් පමණි. තල තෙල් ගඳ නැති දෙමළා කෙරෙහි සිංහල මහා ජාතිකත්වයට විරෝධයක් හෝ ගැටලුවක් හෝ නැත. සිංහල මහා ජාතිකත්වයට ගැටලුව ඇත්තේ දෙමළාගේ අනන්‍යතාවය පිළිබඳ ය. දෙමළ ජනතාවගේ විමුක්ති අරගලයට සාපේක්ෂ ව අතිශය ප්‍රතිගාමී අස්ථානයක සිටි භ්‍රෂ්ටයෙකු වූ තල තෙල් ගඳ නැති, සිංහලකරණය වූ දෙමළෙකු වූ ලක්ෂ්මන් කදිරගාමරයන් සිංහල මහා ජාතිකත්වයට වීරයෙකු වූයේ එනිසා ය. කදිරගාමරයනට අගමැති ධුරය ලබා දිය යුතු බවට හඬ නැඟුවේ සිංහල මහා ජාතිකත්වය මිස දෙමළ සහෝදරත්වය නො‍ වේ. වාමාංශිකයන්ගේ අරමුණ සියලු ජාතීන්ගේ අනන්‍යතාවයන්ට අන්‍යෝන්‍ය ලෙස ගරු කරන, ඒවා ඉවසන සාර සමාජයක් ගොඩ නැඟීම ය. දෙමළ ජනයාට සිංහල හාලේ බත් කන්නට බල කරන, සිංහල ඇදුම් අඳින්නට බල කරන, සිංහලෙන් වැඩ කරන්නට බල කරන ඊනියා ලාංකීය අනන්‍යතාවයකින් අපට වැඩක් නැත. “විවිධත්වයේ එක්සත්කම” විනා “විවිධවය වෙනුවට ඒකීයත්වයක්” අපට අවශ්‍ය නැත. අප සිංහල මහා ජාතිකත්වයට පවසන්නේ ඔබලාගේ “ඊනියා සමානාත්මතාවයත් සාටෝපවත් ‘ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන්’ ගොඩනැගීමත් ඔබලා ම පෙට්ටගමක දමා තබා ගන්න” යනුවෙනි. අපගේ ආදිආචාර්ය කාල් මාර්ක්ස් විසින් සංකල්පගත කළ “අන්තර්ජාතිකවාදියා” යනු ජයසිංහයන් පවසන අධිපති සිංහල මහා ජාතිකත්වයට වක්‍ර ව සහය දෙන ඊනියා සමානාත්මතාවාදියෙකු නො වේ.

    ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම වශයෙන් ඉදිරිපත් වන යෝජනාවේ මූලික පදනම විය යුත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය හෙබවීම සඳහා පීඩිත ජාතීන් පුළුල් ලෙස දායක කර ගැනීමේ අව්‍යාජ අභිප්‍රේතාර්ථය ය. සිංහල භාෂාව ප්‍රමුඛ ව ව්‍යවහාර නො කෙරෙන, නිෂ්චිත සංස්කෘතික අනන්‍යතාවයක් සහිත පීඩිත ජන වර්ගයන්ට තමන්ගේ කටයුතු වඩා කාර්යක්ෂම ව කර ගත හැකි, තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් ප්‍රවර්ධනයකර ගත හැකි, තමන් ද ශ්‍රී ලංකා රාජ්‍යයේ සුජාත කොටස්කරුවෙකු බව දැනෙන ආණ්ඩුකරණයක් අවශ්‍ය ය. මෙම අරමුණ හුදු පරිපාලන බලය බෙදීම මඟින් ඉටු කර ගත නො හැකි ය. අප ඉල්ලා සිටින්නේ පුළුල් ලෙස ආණ්ඩු බලය හවුලේ බුක්ති විඳීමකි (මේ සඳහා “බෙදීම” යන වචනයක් ව්‍යවහාරයට ගෙන එන ලද්දේ සිංහල මහා ජාතිකත්වය විසින් ය). වාර්ගික අනන්‍යතාවයකින් යුත් පීඩිත ජනයා සඳහා තම අවශ්‍යතා මත (ස්වයං නිර්ණිත) තමන් විසින් මෙහෙය වනු ලබන අර්ථවත් පාලන ක්‍රමයක් (ස්වයං පාලනයක්) ඇති කර ගැනීම පීඩිත ජන වර්ගයාගේ අභිලාෂය ය.

    එවැනි විසඳුමක ආරක්ෂණය සඳහා අප විසින් ඉල්ලා සිටින ස්වයං නිර්ණ අයිතිය සිංහල මහා ජාතිකත්වය විසින් “රට බෙදීම” ලෙස අපනාම ගන්වා විකෘත කරනු ලැබ ඇත. දෙමළ විමුක්ති අරගලය වෙන ම රටක් වෙනුවෙන් ආරම්භ වූවක් නො වේ. දෙමළ ජනයා සඳහා වෙන ම රටක් යනු වාස්තවික යථාර්ථයක් නො වේ. අධිකරණ ශාලාවක් හෝ බැංකු කඩයක් හෝ කැලෑ පොලීසියක් හෝ පිහිටුවා ගත් පමණින් වෙන ම රාජ්‍යයක් බිහි වන්නේ නැත. එවැනි ප්‍රකාශනවාදී වරදසහගත අස්ථානයකට අතීතයේ යම් කාල පරිච්ඡේදයක දී දෙමළ විමුක්ති අරගලයේ ප්‍රමුඛ ප්‍රකාශකයා වූ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරය එළඹීම ඔවුන්ගේ න්‍යායාත්මක දෝෂයකි. එවැනි විගඩම් මුලින් ම මෙරටට හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ළදරු මානසිකත්වය විසින් බව අද ජනතා විමුක්ති පෙරමුණට ද අමතක ව ඇත.

    Cont ...

    ReplyDelete
  16. දෙමළ විමුක්තිඅරගලය සඳහා ස්වයං නිර්ණ අයිතිය අවශ්‍ය වන්නේ වෙන ම රටක් බිහි කර ගැනීමට නො ව ස්වයං පාලනයේ ආරක්ෂණ යාන්ත්‍රණයක් ලෙස ය. ස්වයං නිර්ණ අයිතිය රූපික ව සලකන විට විවාහ සංස්ථාව තුළ දික්කසාදය සඳහා ඇති අයිතියට සාම්‍යයකි. අධිපති සංරචකය විසින් අවශේෂ සංරචකය පීඩාවට පත් කරනු ලැබීමට එරෙහි ව අවශේෂ සංරචකය සඳහා ඇති ආරක්ෂණ යාන්ත්‍රණය දික්කසාද අයිතිය යි. දික්කසාද අයිතිය පිළිගැනීම යනු දික්කසාද වීම නො වේ. සිංහල මහා ජාතිකත්වය දෙමළ ජනයා සඳහා ස්වයං නිර්ණ අයිතිය සහිත ස්වයං පාලනයකට බිය වන්නේ පීඩිත ජන වර්ගයන්ට අව්‍යාජ ව විමුක්තිය ලබා දීමට ඇති අකමැත්ත නිසා ය. සිංහල මහා ජාතිකත්වය නො කියා කියනුයේ “දෙන්නේ නැහැ, පුළුවන්නම් ගහලා ගනිං” යන්න ය. දෙමළ විමුක්ති අරගලය වරක් සිංහල මහා ජාතිකත්වයේ මෙම ප්‍රකෝප කරවීම් නමැති මර උගුලට හසු වී නොමඟ ගියේ ය. යාපනය සරසවියේ අවාසනාවන්ත සිදුවීම දෙමළ විමුක්ති අරගලය යළි නොමඟ යාමක ආරම්භය නො විය යුතු ය. එසේ වුවහොත් දෙමළ විමුක්ති අරගලය යළි අසූව දශකයේ මුලට පසුගමනක යෙදෙනු ඇත. දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් පෙනී සිටින අප යාපනය සරසවියේ සිදුවීමට බිය වන්නේ එනිසා ය.

    “සරළව කිවහොත්, ජාතිය යනු වාමාංශිකයන්ට අදාළ දෙයක් නො වේ.” යනුවෙන් මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ පවසති. සැබවින් ම මෙය සරල නො ව අතිසරල ප්‍රකාශයකි. වමේ ව්‍යාපාරයේ තිස් වසක් තුමු සිටි බව නිතොර පරවම්භනය කරන ජයසිංහයන් මෙවැනි මෝඝ ප්‍රකාශයක් කිරීම පිළිබඳ අපි කනගාටු වෙමු. ජාතිය පිළිබඳ සංකල්පය වම තුළ පුළුල් කතිකාවකට බඳුන් වූවකි. දෙවන ජාත්‍යන්තරය තුළ දී ද ඉන් පිටත දී ද එය සාකච්ඡාවට බඳුන් වී ඇත. ජාතිය පිළිබඳ විද්වත් කතිකාවක් ඇති කළ ලෙනින් ද එ‍යට එරෙහි අස්ථානයක සිටි ලක්ශම්බර්ග් ද පමණක් සැලකු ව ද ජාතිය පිළිබඳ කර ඇති ශාස්ත්‍රීය සම්ප්‍රදානය අතිමහත් ය. අප විසින් කලකට පෙර මේ පිළිබඳ ලියන ලද සටහන ජයසිංහයන්ගේ වාරණයේ අයෝමය පාදපාවට යට විණ. ඒ පිළිබඳ කෙටි සටහනක් පමණක් පසු ව පළ විණ. අවශ්‍ය වුවහොත් යළි පළ කරන්නෙමු. පීඩිත ජාතීන්ගේ විමුක්ති අරගලයේ දී ස්වයං නිර්ණ අයිතියේ කාර්යභාරය වූ කලී මාර්ගෝපකරණයක් පමණි. නදියෙන් එතෙර වන්නට භාවිතා කළ ඔරුව ඉන් පසු කර තබාගෙන යෑම වාමාංශික සම්ප්‍රදාය නො වේ. තිස් වසක් වමේ ව්‍යාපාරයේ සිටි බව පවසන ජයසිංහයන් වාමාංශික ශාස්ත්‍රීය සම්ප්‍රදානය ඇසුරු කර නැති සෙයකි. ජයසිංහයෙනි, තෙපි තිස් වසක් වම වැද පොල් ගෑවාහු ද?

    ජයසිංහයෝ මෙම වියුණු සටහනෙන් ද දෙමළ-මුස්ලිම් සංහිදියාව බිඳ දැමීමේ නීච වෑයමක් දරති. අප මේ පිළිබඳ අපගේ විග්‍රහය මින් පෙර පළ කර ඇත. එනිසා යළි මෙහි නො ලියමු.

    මතුගම අජිත් පැරකුම් ජයසිංහ අංශක තුන්සිය හැටක් කැරකී යළි සුපුරුදු සිංහල මහා ජාතිකවාදී අස්ථානයට ම පැමිණ ඇත. ලිබරල් ධනවාදී කසී සළුවෙන් ඕජස් ගලන තම සිංහල මහා ජාතිකවාදී කුණපය වසා ගන්නට වෙර දරන ජයසිංහයනට වඩා යම් ආකාරයකින් “අන්තිම දෙමළාගේ සමින් ද සිංහලයන් සඳහා පාවහන් සාදන තෙක් සටන් කරන්නට” කතා කළ උන්මත්තක සිංහල මහා ජාතිකවාදියෙකු වූ කේ. ඇම්. පී. රාජරත්න අව්‍යාජ ය. මක් නිසා ද රාජරත්න අවම වශයෙන් තම සිංහල මහා ජාතිකවාදී මතය සඳහා පෙනී සිටියේ ය. එහෙත් ජයසිංහයෝ ජනතාව නොමඟ යවමින් ව්‍යාජ මානවවාදීත්වයක් පෙන්වති.

    ජයසිංහයෙනි, ජාතික ප්‍රශ්නය සඳහා “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම” යන වියුක්ත විසඳුමක් යෝජනා කරන ඔබ අන්තර්ජාතිකවාදීත්වය හා පංති රහිත සාර සමාජය පිළිබඳ නිර්මල මාර්ක්වාදී ඉගැන්වීම් විකෘති කරයි. ඒ වූ කලී සසර දුක නැති කර ගැනීමට සංසාරය කෙටි කර ගනු වස් සියදිවි නසා ගැනීමට යෝජනා කරමින් නිර්මල බුදු දහම විකෘති කිරීම වැනි සාපරාධි ක්‍රියාවකි.

    Cont ...

    ReplyDelete
  17. නිදහස වෙනුවට සිර කුටිය පුළුල් කිරීමට යෝජනා කරන ඔබ ආන්තික සිංහල මහා ජාතිකවාදියෙකි. අපගේ දෙමළ විමුක්ති අරගලයේ ආත්මීය දෝංකාරය විසින් ඉල්ලා සිටින්නේ අනන්ත ආකාශයේ රිසි සේ සැරිසරන්නට නිදහස යි. ඔබ ඇතුලු සිංහල මහා ජාතිකත්වය අපට යෝජනා කරනුයේ කූඩුව පුළුල් කර දීමට ය. අපගේ අභිලාෂයන් නො සලකා හරින, අපගේ අනන්‍යතාවයන් නැති කරන ඊනියා සිංහල මහා ජාතිකත්වයේ ව්‍යාජ සංහිඳියාවෙන් අපට වැඩන් නැත. බණ්ඩා-සෙල්වා ගිවිසුමේ සිට සිංහල මහා ජාතිය දෙමළ සහෝදරත්වයට බන්දේසිවල තබා දුන් දුන් පුස් ගැසූ කේක් ගෙඩි කා ඇති වෙන්නට දෙමළ සහෝදරත්වය බඩේ රුදාව සාදාගෙන තිබේ. එනිසා යළිත් දෙමළ සහෝදරත්වයට පුස් කේක් අවශ්‍ය නැත. දෙමළ කතා කරන ජනයාගේ අභිලාෂයන් අවබෝධ කර ගන්න යැයි අපි සිංහල මහා ජාතිකත්වයෙන් ඉල්ලා සිටිමු. අවසන් දෙමළාගේ සමින් ද සිංහලයන්ට පාවහන් සාදන්නට එදා රාජරත්න සිතුව ද එය අද නම් සිංහල මහා ජාතියට සිතන්නටවත් නො හැකි ය. දෙමළ විමුක්ති අරගලයට එරෙහි ව අද ඔබ නැඟී සිටින්නේ නම් ඔබට එය කරන්නට සිදුවන්නේ සමස්ත ලෝකයට එරෙහි ව ය. ලෝකයට තබා තමිල්නාඩුවෙන් එහාටවත් යාමට ඔබ ද වක්‍ර ව සහය දෙන සිංහල මහා ජාතිකත්වයට නො හැකි බව අවසන් වශයෙන් පවසමු. පීඩිත ජාතීන්ගේ ලෝක ව්‍යාප්ති විමුක්ති අරගල දිනේවා!

    End

    ReplyDelete
    Replies
    1. 'නිදහස වෙනුවට සිර කුටිය පුළුල් කිරීමට යෝජනා කරන අජිත් පැරකුම් ජයසිංහගේ සැඟවුණු සිංහල මහා ජාතිකවාදය' ලිපිය ලිවූ ඇනෝ තුමා වෙත,

      ඕක කෙටියෙන්, තේරෙන භාෂාවෙන් ලියල දානවද කරුණාකරලා.

      ඔන්න කලින්ම ස්තුතියි කියලත් කිව්වා

      Delete
  18. Relevant Links:

    1: අප විසින් කලකට පෙර මේ පිළිබඳ ලියන ලද සටහන ජයසිංහයන්ගේ වාරණයේ අයෝමය පාදපාවට යට විණ. ඒ පිළිබඳ කෙටි සටහනක් පමණක් පසු ව පළ විණ.

    2: ජයසිංහයෝ මෙම වියුණු සටහනෙන් ද දෙමළ-මුස්ලිම් සංහිදියාව බිඳ දැමීමේ නීච වෑයමක් දරති. අප මේ පිළිබඳ අපගේ විග්‍රහය මින් පෙර පළ කර ඇත. එනිසා යළි මෙහි නො ලියමු.

    ReplyDelete
  19. දෙමෙල්ලු කියලා ජාතියක් නෑ මෙයා.
    ඒකීය පුද්ගලයෝ කියලා වර්ගයක් විතරයි ඉන්නේ.

    ReplyDelete
  20. මම නිදහස් මතධාරියකු මිස මාක්ස්වාදියකු හෝ වෙනත් කිසිදු දෘෂ්ටිවාදයක බැතිමතකු නොවන බව කරුණාවෙන් සලකන්න.

    එක් කරුණක් පමණක් පෙන්වා දෙමි. දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම යනු මානව ඉතිහාසය පුරා ම සිදු වී තිබෙන ස්වාභාවික ක්‍රියාවලියකි. වර්තමාන සිංහල, දෙමළ දේශපාලන ප්‍රජාවන්ට ද පවතින්නේ අවුරුදු 100ක තරම් කෙටි ඉතිහාසයකි. 19වන සියවස මැද භාගය වන විට මේ ජාතීන් මේ ආකාරයෙන් ගොඩනැගීම ආරම්භ වී හෝ නො තිබිණි. දෙමළ ජාතිය නම් වත්මන් තත්වයට ගොඩනැගීම සම්පූර්ණ කර ගත්තේ දෙමළ සන්නද්ධ අරගලය තුළයි.

    දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම ජාතියෙන් අවසන් වන්නේ නැත. ප්‍රගතිශීලීන් හෝ වාමාංශිකයන් සිටිය යුත්තේ ඉතිහාසය සමග මිස දෘෂ්ටිවාදයන් සමග නො වේ.

    දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම වියුක්ත සංකල්පයක් නොව ඓතිහාසික සත්‍යයකි. එය පරිකල්පනයක් නො වේ. ජාතිවාදීන්ට ද කළ හැක්කේ යම් මැදිහත් වීමක් පමණි. අවසානයේදී දේශපාලන ප්‍රජාවන්ගේ පුළුල් වීම තීරණය වී තිබෙන්නේ ඓතිහාසික සංදර්භය අනුවයි. දෘෂ්ටිවාදී පරිකල්පනයන්ට එහිදී කළ හැක්කේ සීමිත කාර්යභාරයක් පමණි.

    ReplyDelete
    Replies
    1. ධනපති පංතිය යනු ලබ්බට තැබූ අත පුහුලට නො තබන පංතියක් නො වේ …
      =============================================================

      1. “දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම යනු මානව ඉතිහාසය පුරා ම සිදු වී තිබෙන ස්වාභාවික ක්‍රියාවලියකි.” - මතුගම අජිත් පැරකුම් ජයසිංහ

      ඉතිං කවරෙක් නම් එසේ නැති බව පැවසුවේ ද? නිෂ්පාදන සබඳතාවල ප්‍රගමනය සමඟ එය සිදු‍ වේ. Das Kapital හා A Contribution to the Critique of Political Economy යන දීප්තිමත් ප්‍රකාශන ද්වයය පමණක් අධ්‍යයනය කළ ද එය එසේ සිදුවන්නේ කෙසේ ද යන්න මනා ව අවබෝධ කර ගත හැකි ය.

      2. “දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම ජාතියෙන් අවසන් වන්නේ නැත. ප්‍රගතිශීලීන් හෝ වාමාංශිකයන් සිටිය යුත්තේ ඉතිහාසය සමග මිස දෘෂ්ටිවාදයන් සමග නො වේ.” - මතුගම අජිත් පැරකුම් ජයසිංහ

      මාර්ක්ස් විසින් මානව සමාජය ප්‍රගමනය වීම නිෂ්පාද සබඳතා මත සිදුවන ආකාරය පැහැදිලි කිරීමට සුනිෂ්චිත අර්ථයකින් භාවිතා කෙරැණු ප්‍රජාවන් පුළුල් වීමේ කතිකාව සහ ඵෙතිහාසික හෞතිකවාදය ඔබ විසින් පදනම් විරහිත ව, අදාළ නො වන සන්දර්භයක් තුළ අවභාවිතා කරනු ලැබ එකී සංකල්පවල අර්ථය විකෘති කරනු ලැබේ. ප්‍රාග්ධනය හා ශ්‍රමය ද්විභින්න ව සංචිත වීමත් සමඟ ඇති වන සමාජ සබඳතා, අතිමූලික සමාජයන්හි සිට වර්තමානය දක්වා ද වර්තමානයේ සිට අනාගත පංති රහිත සමාජවාදී සාර සමාජය දක්වා ද නිෂ්පාදන සබඳතා මත වර්ධනය හා විකසනය වීම අතීතය මත පිහිටා වර්තමානය තුළ විවරණය කිරීම ඵෙතිහාසික භෞතිකවාදය යි. ඔබ “ප්‍රජාවන් පුළුල් වීම” යනුවෙන් සංකේතගත කරන්නේ මෙකී “සමාජ සබඳතාවල වර්ධනය හා විකසනය” විය යුතු ය. ඔබ “ප්‍රගතිශීලීන් හෝ වාමාංශිකයන් සිටිය යුත්තේ ඉතිහාසය සමග” යන ප්‍රකාශයේ “ඉතිහාසය” යනුවෙන් සංකේතගත කරන්නේ මෙකී “ඵෙතිහාසික භෞතිකවාදය” විය යුතු ය. එසේ නැති ව හෙරඩෝටස්ගේ හෝ ප්ලිනිගේ හෝ දීපවංසකරුවාගේ හෝ මහාවංසකරුවාගේ හෝ අධිපති පාලක පංතියේ රේඛීය ඉතිහාසයෙන් අපට වැඩක් නැත. ඉතිහාසය ලෙස ශාස්ත්‍රීය අර්ථයෙන් සංකේතගත කෙරෙන දැනුම් පද්ධතිය පිළිබඳ වුව අප විමසනුයේ ජෝර්ජි ප්ලෙකානව් හෝ ලෙස් ගුණවර්ධන හෝ රොමිලා තාපර් හෝ (මෙම සුධීමත් නාමයන් අතරට අප මිය යන්නට පෙර අනාගතයේ යම් දිනෙක වමාගේ නාමය ද එකතු කරන්නට හැකි වේවා යන පැතුමක් අපට ඇත) අනුයන ආකාරයට ය.

      ඉතිං අප සැම දා සිටියේ ද සිටින්නේ ද එම ඵෙතිහාසික භෞතිකවාදය මත ය. ලිබරල් ධනවාදියෙකු අපට මෙතරම් කරුණාවෙන් අප සිටිය යුතු තැන මතක් කරන්නේ ඇයි ද යන්න අපි හොඳින් දනිමු. සිංහල මහා ජාතිකත්වයටත් එයින් බල ගැන්වෙන පීඩක ධනපති පාලක පංතියටත් පීඩිත ජනයා තළා, පෙළා, නැතිභංගස්ථාන කිරීමට ඇති ප්‍රධාන ම බාධකය වම ය. එනිසා පීඩිත ජනයාගේ විමුක්ති අරගලයෙන් න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් වාමාංශිකයන් පිටුවහල් කිරීම සිංහල මහා ජාතිකත්වයේත් එයින් බල ගැන්වෙන පීඩක ධනපති පාලක පංතියේත් අරමුණ ය. මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් සිංහල මහා ජාතිකත්වයේත් එයින් බල ගැන්වෙන පීඩක ධනපති පාලක පංතියේත් කොන්ත්‍රාත්තුව කැපවීමෙන් බාර ගෙන ඇති සෙයකි.

      මාර්ක්ස්වාදයේ අත්‍යන්ත අභිප්‍රේතාර්ථය වූ පංති රහිත සමාජවාදී සාර සමාජය ළඟා කර ගැනීම සඳහා මාර්ක්ස්වාදීන්ගේ කාර්යභාරය වන්නේ ධනපති ක්‍රමයට කොන්දේසි විරහිත ව පහර දී එය පෙරළා දැමීම ය. එය කළ හැකි වන්නේ පීඩක ධනපති පංතියට එරෙහි ව පීඩිත නිර්ධන පංතිය මුළු ගන්වන නිර්ධන පංතියේ සර්වව්‍යාප්තික අරගලයකින් ය. ධනපති භීමරූපියාට එරෙහි ව නිර්ධන පංතිය කරන බිහිසුණු අරගලයේ දී නිර්ධන පංතිය එක්සත් විය යුතු ය. ජාතීන් වශයෙන් හෝ ආගම් වශයෙන් හෝ සමාජයේ උපරිව්‍යුහයේ පවතින වෙනත් මොනයම් හෝ ලාක්ෂණිකයක් මත පීඩිත නිර්ධන පංතිය භේදභින්න නො විය යුතු ය. එසේ භේදභින්න වීම පීඩිත නිර්ධන පංතියේ අරගලය බෙලහීන කිරීමකි; පීඩක ධනපති පංතිය ශක්තිමත් කිරීමකි. මාර්ක්ස්වාදය පීඩිත ජනයා ජාතින් වශයෙන් ධ්‍රැවීකරණය වීමට එරෙහි වන්නේ එම හේතු ව නිසා ය. එසේ නැති ව පීඩිත ජාතීන්ගේ ජාතික අනන්‍යතාවයන් අධිපති ජාතීන්ගේ අන්‍න්‍යතාවයන් තුළ දිය කර හැරීමට නො වේ. රුසියානුවා ද ඉංගිරිසියා ද ප්‍රංශුවා ද තමන්ගේ අනන්‍යතාව අතහැර ජරමානුවෙකු ලෙස ජීවත් විය යුතු බවක් මාර්ක්ස් නො කීවේ ය. එවැනි දේ පවසන්නෝ ධනපති පංතියේ කුලීකාර දෘෂ්ටිවාද නිපදවන්නෝ ය. එවැනි දාර්ශනිකයෝ විසිඑක් වන සියවසේ දී මතුගම පමණක් නො ව දහනව වැනි සියවසේ දී යුරෝපයේ ද සිටියෝ ය. මාර්ක්ස් හා එංගල්ස් විසින් එවැනි දෘෂ්ටිවාද නිපදවන්නන්ගේ කියුම්-කෙරුම් පිළිබඳ යස අගේට Ludwig Feuerbach and the End of Classical German Philosophy නම් විශිෂ්ට ලේඛනයේ විග්‍රහ කරන ලදී.

      Cont ...

      Delete
    2. ජරමානු සමාජයට වඩා විෂමජාතිය ජාතික අනන්‍යතාවන් මත සැකසුණු රුසියානු සමාජය තුළ මාර්ක්ස්වාදය ස්ථාපනය වීමේ දී ජාතික අනන්‍යතාවන් පිළිබඳ කතිකාව වඩාත් වර්ධිත අවස්ථාවකට පැමිණි බව නිරීක්ෂණය කළ හැකි ය. මාර්ක්ස්වාදයේ මාර්ක්ස්-ලෙනින්වාදී දිගුව ඉතා පැහැදිලි ව ජාතික විමුක්ති අරගලයන් ඥානනය කර ගන්නේ පීඩිත පංතිය පීඩක පංතියට එරෙහි ව කරන ආස්වාදනීය අරගලයක් ලෙස ය. මූලික ලෙස ම සම්භාව්‍ය මාර්ක්ස්වාදය (මාර්ක්ස්-එංගල්ස් විසින් සූත්‍රගත කෙරුණු මාර්ක්ස්වාදය) අනුයන්නේ වුව අපි ජාතික ප්‍රශ්නය අරබයා මාර්ක්ස්-ලෙනින්වාදී විස්තීර්ණය පිළිගන්නෙමු. අප දෙමළ ඊළාම් විමුක්ති අරගලය ආවාසනාවන්ත ලෙස පරාජයට පත් වූ විට කනගාටු වූයේ එය නොමඟ ගොස් සිටියේ වුව විමුක්තිකාමී මාණවමාණවිකාවන් පිරිසක් විසින් පීඩක පංතියට එරෙහි ව පීඩිත පංතිය වෙනුවෙන් අරඹන ලද අරගලයක් නිසා ය. අප ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ වූයේ වුව රෝහණ සහෝදරයා ඝාතනය කෙරුණු කල කනගාටු වූයේ ද එම පදනමින් ය. එදා ආරුණාශලම් ශාලාවෙන් පිටතට පැමිණෙන කල අල්විස් පොකුණ වටා කඳින් වෙන් කළ තරුණ හිස් තබා තිබිය දී අප කම්පා වූයේ ද එම පදනමින් ය.

      දෙමළ ජනයාගේ අභිලාෂයන් සැලකිල්ලට ගනු ලබන දෙමළ ජනයාගේ අනන්‍යතාවයන් නො නැසෙන ආකාරයේ විසඳුමකින් විනා “දේශපාලන ප්‍රජාවන් පුළුල් කිරීම” යැයි සන්දර්භයෙන් විනිර්මුක්ත ව නන්දෙඩවීමෙන් ජාතික ප්‍රශ්නය විසඳෙන්නේ නැත. මෙතෙක් කාලයක් සිංහල මහා ජාතිය හා ධනපති පාලක පංතිය එක් ව සිදු කළේ ද එලෙස දෙමළාගේ ප්‍රශ්නයට දෙමළා නොමැති විසඳුම් සෙවීම ය. මතුගම අජිත් පැරකුම් ජයසිංහ “ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම ය” යි පැවසීම “ජීවිතය දුකක් වීමට විසඳුම මිය යෑම ය” යි පැවසීම වැනි විකාරයකි. අප කළ යුත්තේ ජාතික ප්‍රශ්නය ඇති වීමට හා පැවැත්මට හේතු වූ සාධක ‍සඳහා විසඳුම් ලබා දීම ය. දෙමළ ජනයාගේ අභිලාෂයන් නො සලකා හැර “දේශපාලන ප්‍රජාවන් පුළුල් කිරීම” මඟින් එකී කාර්යය සාධනය වන්නේ නැත.

      පීඩක ධනපති පංතිය බලා සිටින්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේ පීඩිත පංතිය ජාතිය, ආගම, කුලය ඈ නේක වෙනස්කම් මත භේදභින්න කරවා, පීඩක ධනපති පංතියට එරෙහි ව නැඟී එන පීඩිත නිර්ධන පංති අරගලය බෙලහීන කිරීමට ය. ලිබරල් ධනවාදී දාර්ශනිකයෙකු වන ජයසිංහයන් දෙමළ-මුස්ලිම් සංහිඳියාව බිඳ දැමීමට නො සෑහෙන වෑයමක් දරමින් පරණ කුණු ගොඩවල් අවුස්සන්නේ ද එම අදහසින් ම ය. මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් යනු පීඩක ධනපති පංතියේ නීච අරමුණ සාක්ෂාත් කර ගැනීමට පීඩක ධනපති පංතිය විසින් භාවිතා කරනු ලබන සුළු කොන්ත්‍රාත්කරුවෙකු පමණි. කුමාර වාපා බණ්ඩාර, දයාන් ජයතිලක වැනි මහා කොන්ත්‍රාත්කරුවන් සිටිය දී අජිත් පැරකුම් ජයසිංහයන් වැනි සුළු කොන්ත්‍රාත්කරුවෙකුට පමණක් පහර දීම නුසුදුසු ය. එනිසා අප මෙම සටහන් ලියන්නේ ඉතා ඉවසීමකින් ය.

      ධනපති පංතිය පීඩිත දෙමළ ජනයාට එරෙහි ව ඔසවන මුඟුර යම් දිනක දී පීඩිත සිංහල ජනයාට ද පීඩිත මුස්ලිම් ජනයාට ද ඔසවන බව අප තේරුම් ගත යුතු ය. ධනපති පංතිය යනු ලබ්බට තැබූ අත පුහුලට නො තබන පංතියක් නො වේ. සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු පීඩිත නිර්ධන පංති ජනයා කළ යුත්තේ එක්සත් ව පීඩක ධනපති පාලක පංතියට එරෙහි ව නැඟී සිටීම ය. මෙකී කළ යුතු දෙය සිංහල සමාජයේ පීඩිත නිර්ධන පංතියත් දෙමළ සමාජයත් පීඩිත නිර්ධන පංතියත් වටහා ගෙන ඇති බවක් නො පෙනේ. මුස්ලිම් සමාජයේ පීඩිත නිර්ධන පංතිය ද නැගෙනහිර හැසිරෙන ආකාරයෙන් ඔවුන් ද මෙකී කළ යුතු දෙය වටහා ගෙන ඇති බවක් නො පෙනේ.

      3. “දෙමළ ජාතිය නම් වත්මන් තත්වයට ගොඩනැගීම සම්පූර්ණ කර ගත්තේ දෙමළ සන්නද්ධ අරගලය තුළයි.” - මතුගම අජිත් පැරකුම් ජයසිංහ

      ඔබ මෙය ඉගෙන ගත්තේ නලින්ගෙන් ද අමරසේකරගෙන් ද? කෙ‍සේ වෙතත් ඔබගේ ප්‍රකාශය තුළින් දෙමළ සන්නද්ධ අරගලය දෙමළ ජාතික විමුක්ති අරගලය සම්බන්ධයෙන් සාධනීය කාර්යභාරයක් කළ බව ඔබ පිළිගෙන ඇත. (ඔන්න ඔහොම එනව නම් අජිත් පැරකුම් ජයසිංහට යළි වමට වීසා ලබා දීම ගැන අපට සලකා බැලිය හැකි ය!)

      End.

      Delete
    3. මෙම කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුත්තේ නිදහස් මතධාරියකු වන මා නොව, මේ රටේ මාක්ස්වාදීහු ය. එහෙත්, ඔබ මෙම ස්ථාවරයන් සම්බන්ධයෙන් වග නො කියන සංදර්භයක් තුළ කිසිවෙක් ඒවා බැරෑරුම් ලෙස ගණන් ගන්නා බවක් නො පෙනේ. මෙම කාරණා පිළිබඳ මම මීට පෙර අවස්ථා ගණනාවක අදහස් දක්වා ඇත්තෙමි. මා සිතන පරිදි නම් වාමාංශිකයන් ජාතික විමුක්ති අරගල සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ජාතිකවාදය මූලධර්මයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා නො වේ. කොටි සංවිධානයේ පරාජයට පෙර දෙමළ ජාතිකවාදය හා කොටි සංවිධානයේ පරාජයෙන් පසු දෙමළ ජාතිකවාදය යනු මට නම් එකක් නොව දෙකකි.

      මාක්ස්වාදීන් හෝ වාමාංශිකයන් හෝ ප්‍රගතිශීලීන් හෝ දෙමළ ජාතික විමුක්ති අරගලයට ප්‍රමුඛතාව දිය යුතු ය යන කරුණ ඒත්තු ගැන්වීම සඳහා එදා මෙන් ම අදත් ඔබගේ ලේඛනය තුළ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නැත. අංක 2 යටතේ ඔබ කර තිබෙන පැහැදිලි කිරීම තුළ ඇති පරස්පරයන් අධ්‍යයනය කර බලන්න.

      තැනක ‘පීඩක ධනපති පංතිය බලා සිටින්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේ පීඩිත පංතිය ජාතිය, ආගම, කුලය ඈ නේක වෙනස්කම් මත භේදභින්න කරවා, පීඩක ධනපති පංතියට එරෙහි ව නැඟී එන පීඩිත නිර්ධන පංති අරගලය බෙලහීන කිරීමට ය,' යි කියන ඔබ ‘දෙමළ ජනයාගේ අභිලාෂයන් සැලකිල්ලට ගනු ලබන දෙමළ ජනයාගේ අනන්‍යතාවයන් නො නැසෙන ආකාරයේ විසඳුමක්' ගැන ද කතා කරයි.

      පීඩිත පංතියේ අභිලාෂයන් ජාතිවාදී අභිලාෂයන් සමග සමපාත වන්නේ කෙසේ ද යන්න සදාකාලික ප්‍රහේලිකාවකි. මෙය තේරුම් ගැනීම සඳහා ඔබට පහත සඳහන් කාර්යය කළ හැකි ය.

      මේ දෙමළ ජනයාගේ අභිලාෂයන් මොනවාදැයි ඔබ සූත්‍රගත කරන්නේ කෙසේදැයි දැන ගැනීමට කැමැත්තෙමි. එසේම, ඔබ පරිකල්පනය කරන විසඳුම කුමක් ද යන්නත් දැන ගැනීමට කැමැත්තෙමි.

      Delete
    4. //(ඔන්න ඔහොම එනව නම් අජිත් පැරකුම් ජයසිංහට යළි වමට වීසා ලබා දීම ගැන අපට සලකා බැලිය හැකි ය!)//

      වීසා කිව්වා ම හිනා යනවා බං අපේ සමහර වාමාංශිකයන්ගේ වැඩ මතක් වෙලා. සමහර වෙලාවට වාමාංශිකයන්ගේ අභිලාෂය වීසා ද කියලත් හිතෙන දේවල් වුණා. මේක භාෂණටයි, ටෙරල්ටයි සමහර විට මං නො දන්න ඇත්තට ම තර්ජනයට ලක් වුණ තවත් ඇතැමුන්ටයි අදාළ නැහැ.

      වීසා ගැන අපි දන්න රස කතා ගොඩක් තියෙනවා. සමහර ඒවා නම් අපි ලිව්වා. ඒත්, සමහර ඒවා ලිව්වෙ නැහැ. ඒවා ඉතින් පොදු මිනිස් දුබලකම් නිසා සමාව දෙන්න පුළුවන්. ඔන්න අපි දන්නෙ නැහැ, ඒවා නො දන්න කීර්ති වර්ණකුලසූරියත් පසුගිය දවසක චිත්‍ර ගුරුවරියක් ගැන මොකක් ද හරුපයක් ලියලා තිබුණා.

      Delete
    5. //තැනක ‘පීඩක ධනපති පංතිය බලා සිටින්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේ පීඩිත පංතිය ජාතිය, ආගම, කුලය ඈ නේක වෙනස්කම් මත භේදභින්න කරවා, පීඩක ධනපති පංතියට එරෙහි ව නැඟී එන පීඩිත නිර්ධන පංති අරගලය බෙලහීන කිරීමට ය,' යි කියන ඔබ ‘දෙමළ ජනයාගේ අභිලාෂයන් සැලකිල්ලට ගනු ලබන දෙමළ ජනයාගේ අනන්‍යතාවයන් නො නැසෙන ආකාරයේ විසඳුමක්' ගැන ද කතා කරයි.//

      මෙහි පරස්පරස්යක් නැත. පීඩිත පංතිය පීඩක පංතියට එරෙහි ව එක්සත් ව නැඟී සිටීම යනු පීඩිත පංතියේ සංඝටකයන්ගේ අනන්‍යතාවයන් නැති කර ගැනීමක් නො වන බව අප විසින් පෙන්වා දී ඇත. සිංහලයාටත් දෙමළාටත් මුසල්මානුවාටත් තම අනන්‍යතාවයන් රැක ගැනීමට හා ප්‍රවර්ධනය කර ගැනීමට නිදහස හා අයිතිය තිබිය යුතු ය. ගැටලුව වී ඇත්තේ අධිපති සිංහල මහා ජාතිකත්වය හා එමඟින් බල ගැන්වෙන පාලක පංතිය අවශේෂ ජාතිකත්වයන්ට ඔවුන්ගේ අනන්‍යතාවය රැක ගැනීමට හා ප්‍රවර්ධනය කර ගැනීමට නිදහස හා අයිතිය ලබා නො දීම ය. එමඟින් පීඩිත පංතියේ විවිධ ජාතීන් අතර බෙදීමක් ඇති වී තිබේ. පීඩිත පංතියේ එම බෙදීම පීඩක පාලක පංතියට වාසියකි. අප කළ යුත්තේ පීඩිත පංතියේ විවිධ ජාතීන්ගේ අනන්‍යතා සුරැකෙන එක්සත් කමක් ඇති කර ගැනීමට ය. අප ඒ බව ඉතා පැහැදිලි ව පවසා ඇත. ජාතික අනන්‍යතාවයන් මානව ජීනෝමය තුළ ලිය වී ඇති ලාක්ෂණිකයන් හා බැඳි ඇත. අප එක්සත් විය යුත්තේ අන්‍යෝන්‍ය ලෙස එකිනෙකාගේ අනන්‍යතාවයන් පිළිගෙන ය. අප ජාතික ප්‍රශ්නට විසඳුම යෝජනා කරන්නේ එම පදනම මත සිට ය.

      ජාතික ප්‍රශ්නය පිළිබඳ අපගේ විසඳුම අප ඉතා පැහැදිලි ව පවසා ඇත. කලක් අප සමඟ වමේ සිටි ඔබ අප විසින් ස්වයංනිර්ණ, ස්වයංපාලන කතා කියනු ලබන විට මේ එන්නේ මොකට ද කියා දනී. අප පවසන විසඳුම සඳහා ඇති තනි වචනය ඔබ හොඳින් දන්නා නිසා අපි මෙහි නො ලියමු. එම වචනය ඇසුණු සැණින් සිංහල මහා ජාතිකත්වය අප රට බෙදන්නට හදනවා යැයි කෑ මොර දෙනු ඇත. දෙමළ ජාතික විමුක්ති අරගලය ආරම්භයේ සිට අසූව දසකයේ මැද වන තෙක් ඉල්ලා සිටියේ අප පවසන විසඳුම ය. ශෙල්වනායගම් පමණක් නො ව ඔක්ස්ෆර්ඩ්හි සිට ලංකාවට පැමිණි අලුත තරුණ බණ්ඩාරනායක ද එක්දහස් නවසිය විසි ගණන්වල දී අපගේ විසඳුම පිළිගෙන තිබිණි. පසු ව බල තණ්හාවෙන් මෙහෙය වුණු බණ්ඩාරනායකට තරුණ කල තිබූ සාධනීය අදහස් නැති විණ.

      ජාතික ප්‍රශ්නය සම්න්ධයෙන් ඔබටත් අපටත් එක තැනකට පැමිණිය නො හැකි බව අපි දනිමු. එසේ එන්නට හැකි වූවා නම් ඔබ වමේ අප දමා වෙනතක යන්නේ ද නැත. එකඟ වන්නට නො හැකි වුවත් ඔබ ජාතික ප්‍රශ්නය පිළිබඳ කතා කිරීම හොඳ ය. ඒ ගැන සිංහල සමාජය තුළ ඇති උනන්දුව ඔබට ලැබෙන ප්‍රතිචාරවලින් පෙනී යනු ඇත. පසු ගිය සමයේ වැඩි ම ප්‍රතිචා‍ර ලැබූ ලිපි දෙක ඔබ විසින් ජාතික ප්‍රශ්නය අලළා ලියූ ලිපි දෙක විය හැකි ය.

      වීසා ගැන මතක් කල හොඳ ය. වීසා ගැන ගැටලු දැන් දැන් යළිත් මතු වන්නට පටන් ගෙන ඇත. ඇත්තට ම පැරා දැන ගන්න අහන්නේ මේ ප්‍රශ්න දෙක. මේ ගැන අහන්න හිටියට හැම දා ම දරුණු වාද විවද එක්ක මඟ හැරෙනවා.

      1. ඇයි බං උඹ ඉන්දියාට ගිහිං හැංගුණේ යුරෝපයේ රුකවරණය පතන්නේ නැති ව? ඒ කාලේ යුරෝපයට සංක්‍රමණය වුණ ඇතැම් එවුන් කරලා තිබුණ බම්බුවේ විප්ලවීය දේශපාලනයකුත් නැහැ. එකෙක් හිටියා සින්දු ගැන වෙබ් සයිට් එකක් කරපු එකෙකුත්! උඹ මොනවා වුණත් ඒ කාලේ වම වෙනුවෙන් ශබ්දයක් දැම්ම සැලකිය යුතු ජීව දත්ත සටහනක් තිබුණ හාදයෙක්නේ.

      2. අර ජපානෙට ගිය වෙලාවේ උඹ පනින්න ගිහිං ආයේ ආවේ ජපන් කෑම අවුල් නිසා ද?

      (සුහද සිතින් ඇහැව්වේ ඕං)

      Delete
    6. වීසා කතන්දරය ගැන:

      මා ඉන්දියාවට ගියේ මගේ උවමනාවකට නොව ඒ කාලයේ ඇති වූ සිද්ධියකට මා සම්බන්ධ යයි වැරදි වැටහීමක් සිංහල ජාතිවාදීන් අතර හා ආණ්ඩුව තුළ ඇති වී තිබුණු නිසා ය. ඔවුන් එය සුද්ද කර ගත් පසු මම ආපසු ලංකාවට ආවෙමි. ඒ දිනවල මගේ බිරියට අපේ පළමු දියණිය ලැබෙන්නට සිටි නිසා මට ඒ සම්බන්ධ වගකීම් තිබිණි.

      මහින්දගේ කාලයේ අපි අන්ත අසීරු, අවදානම් තත්වයක සිටියෙමි. එහෙත්, ලංකාවේ ම හිටියේ වෙනත් කොහේ හෝ ගොස් ඒ සමාජයේ පිටස්තරයන් බවට පත්ව අකර්මන්‍ය වනවාට වඩා මෙහි සිට වැඩි මැදිහත් වීමක් කරන්නට පුළුවන් නිසා ය.

      ජපානයට ගිය වෙලාවේ මා ගල් වෙනවා ද යන්න සලකා බැලුවේ ආර්ථික අරමුණු මත ය. ඒ වන විට මම හිරු කණ්ඩායමට සම්බන්ධ වී සිටියේ නැත. හිරු කණ්ඩායමට සම්බන්ධ වූ පසු මම මගේ මුළු ජීවිතය ම ඒ වෙනුවෙන් නාභිගත කළෙමි. එය හැර ගියේ ඔබ කියන ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධ ආස්ථානය පිළිබඳ ගැටලුව පමණක් නොව ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය පිළිබඳ මූලික ගැටලුවක් නිසා ය.

      දැන් ආර්ථික ගැටලු විසඳී නැත. එහෙත්, තනිව ආර්ථිකයක් පවත්වා ගනිමින්, අඛණ්ඩව සමාජ මාධ්‍ය, මාධ්‍ය හා වෙනත් ක්‍රියාකාරකම් ඔස්සේ මැදිහත් වීම කරගෙන යන්නට අප වැනි තනි පුද්ගලයන් කෙතරම් මහන්සි වෙනවා ද යන්න කිසිදා කිසිවෙක් තේරුම් ගන්නේ නැත.

      වීසා ජෝක් ගැන අපට වඩා උඹලා දන්නවා ය.

      Delete
    7. //මහින්දගේ කාලයේ අපි අන්ත අසීරු, අවදානම් තත්වයක සිටියෙමි.// සිටියෙමු යනුවෙන් නිවැරදි විය යුතු ය.

      Delete
    8. සිංහල ජාතිකවාදය නිර්මානය වන්නේ ම දෙමළ ජාතිවාදය අනෙකා කරගෙන ය. දෙමළ (මුස්ලිම් ද ඇතුළුව) නැතිනම් සිංහල ජාතිවාදයක් ද නැත.

      මේ කතාව දෙමළ ජාතිවාදයට ද අදාළ ය. ලාංකීය දෙමළ ජාතිවාදයේ 1948න් පසු අවධිය බොහෝ දුරට ප්‍ර‍තිචාරාත්මක ය. 1983න් පසු අවධිය තුළ දෙමළ ජාතිවාදය වර්ධනය වන්නේ ම සිංහලයා අනෙකා කරගෙන ය.

      එකිනෙකා යටපත් කිරීම අරමුණු කර ගත් ජාතිවාදයන් දෙකක අභිලාෂයන් සපුරන්නේ කෙසේ ද යන්න උභතෝකොටිකයකි. එවැනි ජාතිවාදයන්ගෙන් කවර හෝ එකක ගැලෙන ව්‍යාපාරයකට පීඩිත පංති සමගිය ගොඩනගන්නට බැරි ය.

      ඔබ නො කියන තනි වචනය වෙන් වීමයි. මේ වෙන් වීම ම ගැටලු සහගත ය. වෙන් වන්නේ කුමන පදනමකින් ද? දෙමළ ජාතිය වෙන් වනවා නම්, මුස්ලිම් ජාතියට සිදු වන්නේ කුමක් ද? දෙමළ ජාතියේ වෙන් වීමේ අයිතිය පිළි ගන්නා අය මුස්ලිම් ජාතිය පිළි ගන්නවා ද? මුස්ලිම් ජාතියට වෙන් වීමේ අයිතිය නැද්ද?

      මේ වනාහි පීඩිත පංතිය සමගි කරන අරුම පුදුම සූත්‍ර‍යකි. ඇනොනිමස් කමෙන්ට් දමන ඔබ ලිස්සා යන්නට උත්සාහ කරන්නේ ඇයි ද යන්න පැහැදිලි ය.

      මේකත් කිව යුතු ය. “ජාතික අනන්‍යතාවයන් මානව ජීනෝමය තුළ ලිය වී ඇති ලාක්ෂණිකයන් හා බැඳි ඇත," යන ප්‍ර‍කාශය සත්‍යය විකෘති කිරීමකි. සිංහල, දෙමළ වැනි ජාතීන් අතර විභේදනයන් ජිනෝමය තුළ සටහන් වී තිබේ ය යන්න මතභේදාත්මක ය. මානව ජිනෝමය වැඩිපුර අවධාරණය කරන්නේ මානවයාගේ පොදුබවයි. එහි ඇති අපැහැදිලි අංශු මාත්‍රික ලක්ෂණයක් මතු කර ජාතිවාදය වෙනුවෙන් පාවිච්චි කිරීම ඔබේ ජාතිවාදී නිරුවත ප්‍ර‍දර්ශනය කරයි.

      (අනන්‍යතාවය කියා එකක් නැති බව ද තිබෙන්නේ අනන්‍යතාව බව ද මතක් කර දෙන්නට කැමති ය.)

      Delete
    9. (අනන්‍යතාවය නො ව අනන්‍යතාව විය යුතු බවට ඔබ කරන ප්‍රකාශය නිවරද ය. කිසි යම් ගුණයක් හඟවන පදාන්ත ප්‍රත්‍යය “තාවය” නො ව “තාව” වීම විදුහුරු ය. අනන්‍යතාව, අවශ්‍යතාව, නිරවද්‍යතාව ඈ පද සාධනය වන්නේ එසේ ය. නමුත් “අන්”, “අක්”, “අන්” ඈ ප්‍රත්‍ය යෙදීමේ දී යම් සඳ ගැටලුවෙක් පවතී. පදාවසානයේ “ය” කාරය යෙදීම පිළිබඳ ඇති මත‍භේද අලළා විග්‍රහයක් පසු ව සුදුසු තැනෙක ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමු. මෙම සටහන් මෙහි පළ වී සති දෙකකට පමණ පසු De-Paration වෙබ් අඩවියට සංරක්ෂණය සඳහා යැවීමේ දී එකී සදොස් තැන් ද ඇතැම් වදන්වල අකුරු හැළී තිබෙන තැන් ද නිවරද කර යවන්නෙමු.)

      දැන් අප මෙම ආලෝචනයේ මුඛ්‍ය අරමුණ කරා එළඹෙමු.

      “ජාතික අනන්‍යතාවයන් මානව ජීනෝමය තුළ ලිය වී ඇති ලාක්ෂණිකයන් හා බැඳී ඇත.” යන වැකිය ජයසිංහයන් නිවරද ව කියවා නැති බව ඔවුන් ගොඩනඟන තර්කයෙන් ගම්‍ය වේ. එම වාක්‍යයේ අරුත වැරදි කොනින් අල්ලා ගන්නා ජයසිංහයෝ අප ජාතිවාදියෙකු බව ද පවසති. අපි ජාතික අනන්‍යතාවන් පිළිගන්නෙමු. එහෙත් මානව වර්ගයා ජාතිකත්වය මත ධ්‍රැවීකරණය වී එක් ජාතිකත්වයක් විසින් තවත් ජාතිකත්වයක් යටපත් කර පීඩාවට පත්කිරීම නො පිළිගන්නෙමු. එක් ජාතියක ජාතික අනන්‍යතාව හෝ අනන්‍යතාවන් හෝ තවත් ජාතියක ජාතික අනන්‍යතාව හෝ අනන්‍යතාවන් හෝ තුළට ස්වීකරණය කර නැති කර දැමීම නො පිළිගන්නෙමු. අපි මෙසේ පැවසුවෙමු:

      “වාමාංශිකයන්ගේ අරමුණ සියලු ජාතීන්ගේ අනන්‍යතාවයන්ට අන්‍යෝන්‍ය ලෙස ගරු කරන, ඒවා ඉවසන සාර සමාජයක් ගොඩ නැඟීම ය. දෙමළ ජනයාට සිංහල හාලේ බත් කන්නට බල කරන, සිංහල ඇදුම් අඳින්නට බල කරන, සිංහලෙන් වැඩ කරන්නට බල කරන ඊනියා ලාංකීය අනන්‍යතාවයකින් අපට වැඩක් නැත.’විවිධත්වයේ එක්සත්කම’ විනා ‘විවිධත්වය වෙනුවට ඒකීයත්වයක්” අපට අවශ්‍ය නැත. “

      අප විසින් මෙම කරුණ අරබයා ඩබ්ලිව් තුන ලංකාහි පසු ගිය දින කීපය තුළ පළ කළ ආලෝචනවල ඒ බව පැහැදිලි ව විග්‍රහ කර තිබේ. ඒවා විවේකී ව කියවා වටහා ගන්නා මෙන් ජයසිංහයන්ගෙන් කාරුණික ව ඉල්ලා සිටිමු. ජයසිංහයන් හා ඔවුන් විසින් වක්‍ර ව සහය දෙනු ලබන සිංහල මහා ජාතිකත්වය පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටින අපට ජාතිවාදී ලේබලය ඇල වීම පිළිබඳ අපි කම්පා නො වෙමු. ඔබ අපට දෙමළ ජාතිවාදියා යැයි අපනාම නැඟු ව ද අපට කම් නැත. කලක් සිංහල මහා ජාතිකත්වය අපට කොටි ලේබලය ඇල වූයේ ද පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටීම නිසා ය.

      අප නො කියා කියූ වචනය වෙන් වීම ම නො වේ. අප අදහස් කළේ සන්ධීය ආණ්ඩුකරණයක් පිළිබඳ ය. අප වෙන ම රටක් ඉල්ලුවේ නැත. සිංහල මහා ජාතියේ වෑයම වූයේ අප එතනට තල්ලු කිරීම ය. නොමඟ ගිය දෙමළ විමුක්ති අරගලය යම් කාල පරිච්ඡේදයක දී එතැනට යාම න්‍යායාත්මක දෝෂයකි. අපි මෙසේ පැවසුවෙමු:

      “දෙමළ ජනයා සඳහා වෙන ම රටක් යනු වාස්තවික යථාර්ථයක් නො වේ. අධිකරණ ශාලාවක් හෝ බැංකු කඩයක් හෝ කැලෑ පොලීසියක් හෝ පිහිටුවා ගත් පමණින් වෙන ම රාජ්‍යයක් බිහි වන්නේ නැත. එවැනි ප්‍රකාශනවාදී වරදසහගත අස්ථානයකට අතීතයේ යම් කාල පරිච්ඡේදයක දී දෙමළ විමුක්ති අරගලයේ ප්‍රමුඛ ප්‍රකාශකයා වූ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරය එළඹීම ඔවුන්ගේ න්‍යායාත්මක දෝෂයකි.”

      “දෙමළ විමුක්ති අරගලය සඳහා ස්වයං නිර්ණ අයිතිය අවශ්‍ය වන්නේ වෙන ම රටක් බිහි කර ගැනීමට නො ව ස්වයං පාලනයේ ආරක්ෂණ යාන්ත්‍රණයක් ලෙස ය. ස්වයං නිර්ණ අයිතිය රූපික ව සලකන විට විවාහ සංස්ථාව තුළ දික්කසාදය සඳහා ඇති අයිතියට සාම්‍යයකි. අධිපති සංරචකය විසින් අවශේෂ සංරචකය පීඩාවට පත් කරනු ලැබීමට එරෙහි ව අවශේෂ සංරචකය සඳහා ඇති ආරක්ෂණ යාන්ත්‍රණය දික්කසාද අයිතිය යි. දික්කසාද අයිතිය පිළිගැනීම යනු දික්කසාද වීම නො වේ.”

      (අප එසේ පවසා තිබිය දී ද ජයසිංහයන් අප රට බෙදන්න යන බව පවසා සිංහල මහා ජාතිකත්වය අපට එරෙහි ව ප්‍රකෝප කරවන්නට වෑයම් කරන්නේ අපට වීසා ලබා දෙන්නට ද? නැති නම් වීසා දීර්ඝ කර දෙන්නට ද? “අනේ අපට වීසා එපා” යැයි අපි ජයසිංහයනට තුති පූර්වක ව පවසමු!)

      Cont…

      Delete
    10. ජීනෝමය (genome) යනු කිසි යම් ජීවියෙකුගේ ප්‍රවේණි ද්‍රව්‍යයේ සමස්තය ය. පරිණාමික වශයෙන් දියුණු ජීවින්ගේ එය DNA (deoxyribonucleic acid - ඩියොක්සිරයිබොන්‍යුක්ලික් ඇසිඩ්) ලෙස සෛල න්‍යෂ්ටිය තුළ ප්‍රධාන වශයෙන් ද සෛල ප්ලාස්මාවේ ඇති මයිටොකොන්ඩ්‍රියා (mitochondria - ශක්තිය නිපදවීමට අදාළ ඉන්ද්‍රිකා) තුළ අවශේෂ වශයෙන් ද සැකසී පවතී. ජීවියාගේ වර්ධනය හා විකසනය යාමනයේ සිට ලාක්ෂණික (traits) නිර්ණය දක්වා අදාළ නේක තොරතුරු මෙකී ප්‍රවේණි ද්‍රව්‍යයේ ගැබ් ව පවතී. එම තොරතුරු කේතගත වී ඇති මූලික ව්‍යුහය ජාන (genes)!නම් වේ. මෙකී ජාන, ඇලීල (alleles) නම් අනුකොටස් මඟින් සෑදී ඇත. ජානමය ව්‍යුහය ප්‍රවේණිදර්ශය (genotype) නම් වේ. ලාක්ෂණික ව්‍යුහය රූපානුදර්ශය (phenotype) නම් වේ. සම්භාව්‍ය මෙන්ඩලීය ප්‍රවේණි විද්‍යාවට (Mendelian Genetics) අනුව ප්‍රවේණිදර්ශය හා රූපානුදර්ශය අතර සම්බන්ධය සෘජු හා රේඛීය එකකි. නිදසුනක් ලෙස මෙන්ඩල්ට අනුව මෑ පුෂ්පයේ පැහැය නම් ලාක්ෂණිකය (රූපානුදර්ශය) නිර්ණය වූයේ එයට අදාළ නිශ්චිත ජානයක ව්‍යුහයකින් (ප්‍රවේණිදර්ශයකින්) ය. එහෙත් නූතන අණුක ජීව විද්‍යාව මත වර්ධනය වූ නූතන ප්‍රවේණි විද්‍යාව අනුව රූපානුදර්ශය හා ප්‍රවේණිදර්ශය අතර සම්බන්ධය සෘජු හා රේඛීය එකක් නො වේ. එනම් ලාක්ෂණික නිර්ණය වන්නේ තනි ජාන මත නො ව ජානමය හා පාරිසරික (භෞතික හා සමාජ පරිසරයන්) බහුවිධ සාධක මත ය. යම් ජනවර්ගයක් ප්‍රජාවක් ලෙස අතිදීර්ඝ කාලයක් තිස්සේ යම් පාරිසරික තත්ත්වයක් (හෝ තත්ත්වයන්) යටතේ පරම්පරා ගණනක් පැවතීමේ දී එකී ජන වර්ග ප්‍රජාව තුළ එක්රැස් වන ජාන කිටුව (gene pool) එකී ජනවර්ග ප්‍රජාවට අනන්‍ය විය හැකි ය. එය ප්‍රජා ප්‍රවේණි විද්‍යාවේ මූලික සිද්ධාන්තයකි. එකී අනන්‍ය ජාන කිටුව වුව පරම්පරා ගණනක දී බහුවිධ සාධක මත වෙනස් විය හැකි ය. එසේ නො වෙනස් ව පවතින සම්මත තත්වයන්හි හැසිරීම හා අපගමනයන් හාඩි-වයින්බර්ග් සමතුලිතය (Hardy-Weinberg equilibrium) මඟින් ගණිතමය ව වුව අධ්‍යයනය කළ හැකි ය.

      මෙය හුදු පරිකල්පනයක් නො වේ. මෙය වාස්තවික සත්‍යයකි. වෛද්‍ය විද්‍යාවේ යම් යම් රෝගවලට හේතු (aetiology) හෝ අවදානම් සාධක (risk factors) හෝ විමර්ශනයේ දී ද ඇතැම් ඖෂධ සඳහා ඇතැම් රෝගීන් දක්වන ප්‍රතිචාර විමර්ශනයේ දී ද ජනවර්ග මූල ව පවතින ජාන සංයුතීන්ගේ දායකත්වය හඳුනාගත හැකි ය. සුපැහැදිලි නිදර්ශන කීපයක් මෙසේ ය:

      පෙණහලු ඇතුලු විවිධ ඉන්ද්‍රීයන්ට බලපාන සිස්ටික් ෆයිබ්‍රෝසිස් (cystic fibrosis) නම් රෝගී තත්ත්වය උතුරු යුරෝපීය ජනවර්ග අතර සුලබ වුවත් අන්‍ය ජනවර්ග අතර දුලබ ය. මූලික ව ම ස්නායු පද්ධතියට බලපාන ටේ-ශාච්ස් (Tay-Sachs disease) නම් රෝගී තත්ත්වය ඇශ්කෙනාසි යුදෙව්වන් (Ashkenazi Jews) අතර සුලබ වුවත් අන්‍ය ජනවර්ග අතර දුලබ ය. රුධිරය කැටි ගැසීම වැළැක්මට දෙනු ලබන වෝෆරින් (warfarin) නම් ඖෂධය ස්වදේශීය ඇමෙරිකානුවන් තුළ ක්‍රියාකරන ආකාරයට වඩා සැලකිය යුතු තරම් වෙනස් ආකාරයකට අප්‍රිකානු සම්භවයක් ඇති ඇමෙරිකානුවන් තුළ ක්‍රියා කරයි. මෙවැනි නිදර්ශන රැසක් පවතී.

      මානවවිද්‍යාත්මක පර්යේෂණ විධික්‍රම මඟින් ද ජනවර්ගවල අනන්‍යතා නිෂේධනය නො කෙරේ. Homo sapiens sapiens මානව වර්ගයාට පොදු වූ ප්‍රමුඛ ලාක්ෂණිකවලට අදාළ ජානමය පදනම සේ ම ඒ ඒ ජනවර්ගවලට විශේෂිත ලාක්ෂණිකවලට අදාළ ජානමය පදනම ද මානව ජීනෝමය තුළ සංචිත ව පවතී. එය ප්‍රතිශතමය ලෙස කුඩා වීම වෙනත් කතාවකි. එංගලන්තයේ කේම්බ්‍රිජ්හි උගත් ෆෙයාර්බෑන්ක් එඩ්වර්ඩ්ස්ගේ (Fairbank Edwards) විසිඑක් වැනි සියවසේ මුල පළ වූ Human Genetic Diversity වැනි පර්යේෂණ පත්‍රිකාවක අප පවසන කරුණ පෙන්වා දී ඇත. “මානව ජීනෝමය වැඩිපුර අවධාරණය කරන්නේ මානවයාගේ පොදුබවයි” යනුවෙන් ජයසිංහයන් පවසන කල ඔවුන් පදනම් වන්නේ රිචර්ඩ් ඩෝව්කින්ස්ගේ (Richard Dawkins) The Ancestor’s Tale මත ය. එඩ්වර්ඩ්ස් ද කියවන මෙන් අපි ජයසිංහයනට ආරාධනා කරමු.

      අප මේ සියලු දේ පවසන්නේ ජාකික අනන්‍යතාවන් යනුවෙන් යමක් පවතින බව සාධනය කිරීමට විනා ජාතිකත්වය ධ්‍රැවීකරණය වී බිහි වන ඊනියා ජාතිවාදයක් සඳහා න්‍යාය සපයන්නට නො වේ. මාර්ක්ස්වාදීන් වන අපට එවැනි අභිලාෂ නොමැත. එලෙස ම මාර්ක්ස්වාදියෙකු වූ පමණින් ජීව විද්‍යා දැනුම් පද්ධතිය ඉවතලන්නට අපට නො හැකි ය. එසේ කළ යුතු බව මාර්ක්ස් හෝ එංගල්ස් හෝ පවසා ද නැත.

      ජාතිකත්වය යනු හුදෙක් ජානමය පදනම මත ගොඩ නැඟුණු දෙයක් බව අපි නො පැවසුවෙමු. අප පැවසුවේ “ජාතික අනන්‍යතාවයන් මානව ජීනෝමය තුළ ලිය වී ඇති ලාක්ෂණිකයන් හා බැඳී ඇත.” යන්න පමණි. එහි අරුත ජයසිංහයනට දැන් වැටහෙති යි අපි සිතමු.

      End.

      Delete
  21. I very like to reed Parakum sir blog. Becase he tel brave every things. I accept all Parakum sirs idias. Tamil people have problems. Muslim people have problems. All problems make sinhala budist racism. We must make socalism garment and sole the problems all. That the best thing.

    ReplyDelete
  22. අනේ පැරා, හරි හරි උඹ නිදහස් මතධාරියා. හැබැයි ටිකක් විතර මෝඩයි. තම මතේම තමා හරි. ටිකක් හිතන්න පුරුදු වෙයන්. මොකක්ද අනුන් කියන්නේ කියලා එක හරිනම් පිලිගනින් ලැජ්ජාවක් නෙමේ. නැත්තං ලෝකේ හතරැස් කියා කියා ඉඳපන්.
    ඔං මන් ගියා

    ReplyDelete
    Replies
    1. හරි මචං. ඉතින් උඹ මොකක් ද කියන්නෙ කියපන්කො මට පිළිගන්න.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා