ජාතිවාදී රිලවුන්ගේ ගිනි ගත් වලිග කොන් කැපීම

මොවුන් සිංහල ද දෙමළ ද කියා මම නො දනිමි. එය හඳුනාගන්නට සාධක කිසිවක් ඔවුන්ගේ ශරීරවල නැත. එහෙත්, ඔවුන් මෘගයන් බව හඳුනා ගැනීම නම් ඉතා පහසු ය.  
යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් කවුරු රෙදි හෝදන්නට හැදුවත් එහි ඇත්තේ ජාතිවාදය බව සඟවන්නට බැරි ය. එය වනාහි ලංකාව සමස්තයක් ලෙස ගත් විට සුළුතර වන දෙමළ ජාතිවාදය, තමන් බහුතරය වන උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී හැමදාමත් හැසිරුණ විධියයි. 

මුස්ලිම් සුළුතරය ඉදිරියේ දෙමළ ජාතිවාදය ඉතිහාසයක් පුරා මෙසේ කටයුතු කර තිබේ. එය කෙතරම් තිරශ්චීන වූවා ද යත්, උතුරු නැගෙනහිර පළාත්වල මුස්ලිම් වාර්ගික ශුද්ධියක් ද කොටි සංවිධානයේ නායකත්වයෙන්, දෙමළ ජාතිවාදීන්ගේ ආශිර්වාදයෙන් සිදු විය. 

ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන්ගේ පශ්චාත්තාපයක් නැතිකම ඔවුන් ප්‍රදර්ශනය කළේ අවසන් ඊලාම් යුද්ධයේ ආරම්භය මූතූර් වෙත ගෙන යාමෙනි. අවසන් ඊලාම් යුද්ධයේදී කොටි සංවිධානය හමුදාවට මුල් වෙඩිමුරය තැබීමට තෝරා ගත්තේ මූතූර් මුස්ලිම් ජනතාවගේ ඔලුවලට උඩිනි.

සිංහල ජනතාව හමුවේ දෙමළ ජාතිවාදය යම් විනයගත වීමක් සිදු වුණා නම් එසේ වුණේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහලයන් ද දෙමළ ජාතිවාදය හා සමාන කෘර ජාතිවාදයකින් දෙමළ ජනයා මතට කඩා පනින්නට හැමදාමත් සූදානමින් සිටි නිසා ය. සිංහලයන්ගේ ජාතිවාදී ව්‍යාපෘතියට රාජ්‍ය හා මිලිටරි බලය ද උපයෝගී කර ගැනිණි. එබැවින් සිංහල, දෙමළ ජාතිවාදයන් අතර ගැටුමින් හැමදාමත් වැඩිපුර තුවාල ලැබුවේ දෙමළ ජාතියයි. 

කොටි සංවිධානයේ පරාජය යනු දෙමළ ජාතිවාදයේ තීරණාත්මක පරාජයකි. මොන යම් ආකාරයකින් හෝ එවැනි පරාජයන් වළක්වා නො ගෙන අරගලයක් ඉදිරියට ගෙන යන්නට බැරි ය. එහෙත්, දෙමළ ජාතිවාදයේ තිබුණු සීමාවන් හේතුවෙන් පරාජය වළක්වා ගැනීමට ඔවුන්ට බැරි විය. කොපමණ වලි කෑවත් දෙමළ ජාතිවාදීන්ට නැවත 2002 සටන් විරාමය අත්සන් කරන විට ඔවුන් සිටි ප්‍රබල තත්වයට නැවත එන්නට බැරි ය. මේ යථාර්ථය තේරුම් නො ගන්නේ නම්, ඇත්තෙන් ම සිදු වන්නේ තව දුරටත් විනාශයට පාර කපා ගැනීමයි.

සිංහල ජාතිවාදීන් සම්බන්ධයෙන් ද කියන්නට තිබෙන්නේ සමාන කාරණාවකි. තමන් මාර හොඳ බව පෙන්වන්නට කියන ප්‍රලාපවලින් තමන්ට සතුටු විය හැකි මුත්, එයින් ජාතිවාදය ඉක්මවා කිසිවක් කරන්නට බැරි ය. 

ඔය හොඳකම ය කියා කියන්නේ අන් කිසිවක් නො ව, සිංහලයන් දෙමළ ජනයාට කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවල සාමයෙන් ඉන්නට දී ඇතැයි කියන එක ය. එය කියන එවුන් සම්බන්ධයෙන් මට නම් කියන්නට ඇත්තේ ඉතා සරළ දෙයකි. 

 ඇත්ත වශයෙන් ම, සිංහල ජාතිවාදීන් දෙමළ ජනයාට කොළඹ ඇතුළු ප්‍රදේශවල සාමයෙන් ඉන්නට දී ඇත්තේ ඔවුන්ට විරුද්ධව කිසිවක් කරන්නට බැරි නිවට නියාලුකම නිසා ය. මහ ලොකු සිංහල ජාතිවාදීන් කිසිවෙකුට කළ හැකි දෙයක් නැත. අලි කයිය තිබුණාට ඔවුහු දෙමළුන්ට බය ය. ඉන්දියාවට බය ය. දෙමළ ඩයස්පෝරාවට බය ය. යුරෝපයට බව ය. එච්චර දුර යන්නට ඕනෑ නැත. ලංකාවේ ආණ්ඩුවට ද බය ය. සිංහල ජාතිවාදීන්ගේ ඔය කියන හොඳකම නිර්මානය වී තිබෙන්නේ ඔය කියන බයවල් නිසා මිස අන් කිසිවක් නිසා නො වේ. 

සමාජ ජාල ආදියෙන් වීරයන් වී සිටින සිංහල ජාතිවාදීන්ට අපි අභියෝගයක් කරමු. ඔබගේ සිත් ඇතුළේ සැඟවී තිබෙන කළු ජූලියක් නැවත ඇති කරන්නට හැකිනම් එනු ඉදිරියට. තොපට ජාතිවාදයෙන් කළ හැකි කිසිවක් නැත.

සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, ජාතිවාදීන් හැම දෙනෙක් ම අනුකම්පා විරහිතව, නීත්‍යානුකූලව මර්දනය කළ යුතු ය. දුටු තැන වෙඩි තැබීම දක්වා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත යුතු ය. 

යාපනය විශ්වවිද්‍යාලයේ ඩෙඟා නැටූ දෙමළ ජාතිවාදී පිස්සන් වහා අත්අඩංගුවට ගත යුතු ය. දකුණේ එයට සූදානම් වී සිටින පිස්සන් වෙනුවෙන් මාංචු සූදානම් කර තබා ගත යුතු ය. 

උතුරේ වෙන්ඩ ප්‍රභාකරන්ලාට මෙන් ම දකුණේ ඥානසාරලාට ද බෙදන්නට එක විධියේ හැන්දක් අවශ්‍ය ය. උතුරේ ජාතිවාදය අවුස්සන විග්නේශ්වරන්ලාට ද, දකුණේ ජාතිවාදය අවුස්සන ඔහුගේ මස්සිනාගේ කල්ලියේ විමල් වීරවංශලාට ද එක හා සමාන ලෙස සැලකිය යුතු ය. මේ රිලවුන් අල්ලා ඔවුන්ගේ ගිනි ගත් වලිගා කොන් කපා දැමිය යුතු කාලයකට අපි එළඹ සිටින්නෙමු.  

ජාතිවාදයට පිළිතුර ජාතිවාදය නො වේ. මහ ජාතිවාදයට වඩා සුළුතර ජාතිවාදය ප්‍රගතිශීලී වන්නේ නැත. කලින් ඇති වුණේ කොයි ජාතිවාදය ද කියන එක සෙවීම මුලින් ඉපදුණේ කිකිළි ද බිත්තරේ ද සොයනවා වැනි මුග්ධ වැඩකි. අප විමසිය යුත්තේ ජාතිවාදයේ මුල් නොව එහි අග්ගිස්ස හෙවත් එය විනාශ කරන ආකාරයයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යාපනයේ සිංහල සිසුන්ට පහර දීම
    =======================
    යාපනයේ සිංහල ශිෂ්‍යයින්ට පහර දීම ඉදිරි දේශපාලන වර්ධනයන් සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක වන බව මගේ අදහසයි. මේ පහර දීම සාමාන්‍යෙයන් විශ්වවිද්‍යාල වල ඇතිවන ශිෂ්‍ය ගැටුමක් ලෙස තේරුම්ගත හැකි වුවද මේ පහරදීම පසුපස දෙමළ සමාජය තුළ ඇති සිංහල විරෝධී හැගීම් තීරණාත්මක සාධකය වී ඇති බව පැහැදිළිය. ඒ නිසා එය වාර්ගික ගැටුමක් ලෙස තේරුම් ගත යුතුය.
    මේ පහරදීම පිළිබදව දකුණේ සිංහල ජාතිකවාදී බලවේග සතුටින් පිනා ගොස් ඇති බව මහින්ද රාජපක්ෂගේ හා විමල් වීරවංශගේ කතාවලින් පැහැදිළි වේ. මගේ පොදු නිරීක්ෂණයෙන්ද මා යාපනය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන්ට කතාකොට ලබාගත් තොරතුරු වලින්ද මට තේරුම් ගොස් ඇත්තේ මේ පහර දීම පසුපස ඇති මානසිකත්වය පන ගැන්වෙන්නේ යාපනය තුළ වර්ධනය වෙමින් පවතින දෙමළ අන්තජාතිකවාදී හැගීම් වලින් බවයි.
    සාමාන්‍ය වශයෙන් යාපනය විශ්වවිද්‍යාලයට සිංහල සිසුන් පැමිණීම දෙමළ දේශපාලන මනස තුළ සටහන් වන්නේ යාපනයේ දෙමළ සමාජයවෙත කෙරෙන සිංහල ආක්‍රමණයක් ලෙසයි. ගැටුමට මුල් වී ඇති විශ්වවිද්‍යලයේ උත්සවයක් සදහා උඩරට නැටුම් භාවිතා කරන්නැයි සිංහල සිසුන් කර ඇති ඉල්ලීමද මේ ආකල්පය සාධාරණීකරණය කරන්නකි.
    මෙය යාපනය කරාවූ සිංහල-බෞද්ධ වන්දනා නඩ සම්බන්ධයෙන්ද ඇති හැගීමකි. මා යාපනයේ සිංහල ශිෂ්‍ය සංගමයේ අය සමග අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමි. ඒය ඒ තරම් දේශපාලන වශයෙන් සැලසුම් සහගත ලෙස සිංහල ජාතිකවාදී ව්‍යාපෘතියක නියැලෙන බවක් මට පෙනී ගියේ නැත. ඒ අයට සිංහල ශිෂ්‍ය සංගමයක් පිහිටුවීමට ඇති උනන්දුවද තේරුම් ගත හැක්කකි. කෙසේ වෙතත් මේ සිංහල සිසුන් දකුණෙ සිංහල ජාතිකවාදී දේශපාලය තුළ ස්ථානගත වන්නේ යුද්ධය පැවැති කාලයේ ඊනියා මායිම් ගම්මාන වල සිටි සිංහල ජනයා දකුණේ සිංහල දේශපාලන මනස තුළ ස්ථානගත වූ ආකාරයටයි.
    ඒ අනුව දේශපාලන වශයෙන් ගත්කල යාපනයට සිංහල සිසුන් යාම දකුණේ ජනයාට අර්ථවත් වන්නෙ සංහිදියා ක්‍රියාවලියක කොටසක් ලෙස නොවේ. උතුරේ සිංහල උරුමය යලි ස්ථාපිත කිරීමේ අත්‍යාවශ්‍ය පියවරක් ලෙසටයි. එය සිංහල සාමන්‍ය මනස තුළ තුළ ප්‍රක්ෂෙපණය වී ඇත්තේ "දකු‍ෙණ් විශ්වවිද්‍යාලවල දෙමළ සිසුන්ට ඉගෙනගත හැකිනම් උතුරේ විශ්වවිද්‍යාලවල සිංහල සිසුන්ට ඉගෙනගත නොහැකි මන්ද" ලෙසිනි. මාහිතන විදිහට මෙය සාධාරණ ආකල්පයකි. නමුත් දේශපාලන වශයෙන් ගත් කළ තත්වය ඊට වඩා සංකීර්ණ එකකි. යුද්ධයෙන් පසු සිංහල සිසුන් යාපනය විශ්වවිද්‍යාලයට යාම 1970 ගණන්වල සුචරිත ගම්ගත් ධර්මසේන පතිරාජ සුනිල් ආරියරත්න වැනි අය කතිකාචාර්යවරු ලෙස යාපනය විශ්වවිද්‍යාලයට යාමෙන් වෙනස්ය.
    කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය මේ සම්බන්ධව ගෙන ඇති ස්ථාවරය අගය කළ යුත් එකකි. කෙසේ වෙතත් මෙය සිදුවීම මෙතනින් නවතින සිදුවීමක් ලෙස තේරුම් ගත නොහැක. විශේෂයෙන්ම විශේෂයෙන්ම මෙම තත්වය උතුරේ රැඩිකල් දෙමළ ජාතිකවාදයට මෙන්ම දකුණේ සිංහල ජාතිකවාදී දේශපාලන කදවුරටද බෙහෙවින් වාසිදායකය.
    - නිර්මාල් රංජිත් දේවසිරි

    ReplyDelete
  2. 2005-15 කාලයේ උතුරේ දමිල ජනතාව දරුනු මර්ධනයකට ලක්කොට තිබුනා.. යුද්ධයේ අවසන් මාස 3 දී දකුනේ හමුදාව අතින් දමිල සිවිල් වැසියන් 40000 පමන ඝාතනය වුනා... තව සියගනනක් රාජපක්ෂ පාලන සමයේ සුදුවෑන් යවා අතුරුදහන් කලා.. උතුරේ හමුදාව තවම සිවිල් වැසියන්ට අයත් බිම් අක්කර දහස් ගනනක් අල්ලාගෙන කදවුරු බැදගෙන ඉන්නවා..
    මෙවා ගැන කිසිදු පරීක්ශනයක් නෑ... දකුනේ සිංහල බෞද්ධ බහුතරය මේවා අනුමත කරනවා පමනක් නොව උතුරේ දමිලයින්ට සාධාරනයක් ඉශ්ට කිරීම ගැන කතාකිරීමටත් අකමැතියි..
    ඉතින් උතුරේ තරුන දෙමල හදවත් වල කැකෑරෙන වෛරයක් ඇතිවීම ස්වභාවිකයි.. එ වෛරය තමා මෙතැන එලියට පනින්නෙ..

    ReplyDelete
  3. අදහස සමඟ එකඟ යි. මේ වගේ මුග්ධ වැඩ වලින් දෙමළ සහෝදරත්වය ඒ අය වෙනුවෙන් හඬ නඟන අප වැනි අය අපහසුවට පත් කරවනවා. මෙය “තනි පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කීප දෙනෙකුගේ හෝ මෝඩ වැඩක්” ලෙස ලඝු කර නො සලකා හැරීම භයානක එළඹුමක්. සිංහල හෝ දෙමළ හෝ කවරෙකුට වුව මෙවැනි වැඩ සඳහා පවතින නීතිය යටතේ දඬුවම් කළ යුතු යි. මෙවැනි අදූරදර්ශී වැඩවලින් දෙමළ සහෝදරත්වයේ විමුක්ති අරගලය නැවතත් අසූව දශකයේ මුලට පසුගමන් කිරීමක් සිදු වීම අප විසින් නවත්වනු ලැබිය යුතු යි. මෙවැනි පුද්ගල සිද්ධි මහා ජාතිවාදී ආරවුල් දක්වා වර්ධනය විය හැකි යි. මේ සම්බන්ධයෙන් දෙමළ සහෝදරත්වයේ අස්ථානය තව ම පැහැදිලි නැහැ. අපගේ දෙමළ හිතවතුන් කීප දෙනෙකුගෙන් මේ ගැන විමසූ විට ඔවුනට මේ ගැන නිශ්චිත කියවීමක් නැහැ. එය භයානක නිහැඬියාවක්. අප බලාපොරොත්තු වෙනවා දෙමළ සහෝදරත්වය මෙම සිදු වීම අවඥාව නමැති කෙවිටෙන් ඔසවා විසිකර දමනු ඇති බව.


    පැරා, මොකක් ද මචං ඔය “කොණ්”? ඔය “කොණ්” කපන්න නම් එහෙම ඒවා කොහේ ද තියෙන්නේ? අපි ඕක “කොන්” කරලා කපලා දාමු නේ ද? එහෙම නැති නම් සිංහල භාෂාව “කොන්” වෙන්න පුළුවන්. දෙමළ භාෂාවේ කවුරුවත් “ ණ” කාර පටලවා ගන්නේ නැහැ, පටලවා ගත්තත් ඒක වරදක් ලෙස පිළිගෙන නිවරද කර ගන්නවා මිස වරද සම්මත කරගන්න විකාර දොඩවන්නෙත් නැහැ. අප උතුරේ සිටි කාලයේ අපට දෙමළ උගන්වන්නට බාර ගත් ශෝභමාන සිරිමතිය අවියත් වචන ව්‍යවහාර කරන්නට ආධුනික අපටවත් ඉඩ දුන්නේ නැහැ; සිංහලයට වඩා “න” හෝ “ණ” හෝ ආකාර ශබ්දවල ප්‍රභේද දෙමළ බසේ තිබුණත්.

    සරල ව ව්‍යවහාරය සඳහා මෙහෙ ම මතකයට ගනිං:

    1. සිංහලයේ “ණ්” අන්ත පද නොමැත.

    2. සිංහලයේ “ණ්” යන්න පදයක මැ‍ද යෙදෙන අවස්ථා නිශ්චිත වින්‍යාස රීතියකින් සැකසී ඇත. එය මෙසේ දැක්විය හැකි ය:

    I. “ට” වර්ගයේ (එනම් “ට”, “ඨ”, “ඩ”, “ඪ”, “ණ” හා “ඬ”) අක්ෂරවලින් “ඬ” හැර අනෙක් අක්ෂරවලට පූර්ව ව යෙදෙන්නේ “ණ්” ය. එයින් ද “ඪ” අක්ෂරයට පෙර “ණ්” යෙදෙන පද සමකාලීන සිංහලයේ නැත.

    නිදර්ශන කීපයක් මෙසේ ය:

    ණ්ට යෝගය - ඝණ්ටාර, නිඝණ්ටුව

    ණ්ඨ යෝගය - නිගණ්ඨ, අහිකුණ්ඨික

    ණ්ඩ යෝගය - ආණ්ඩුව, මණ්ඩපය (සුලබ ම යෝගය “ණ්ඩ” යෝගය ය)

    ණ්ණ යෝගය - මෙම යෝගය පාලි හා දෙමළ භාෂාවලින් සිංහලයට තත්සම වූ පදවල යෙදේ:

    පාලි - වණ්ණනා (සකු - වර්ණනා)
    පාලි - තම්බපණ්ණි (සකු - තාම්‍රපර්ණි)
    කණ්ණාඩි* (දෙමළ - කණ්ණාඩි)
    වණ්ණම* (දෙමළ - වණ්ණම්)
    * මේ පද කන්නාඩි, වන්නම් ලෙස ලිවීම ද වියත් ය. එහෙත් කණ්නාඩි, කන්ණාඩි, වණ්නම, වන්ණම ලෙස යෙදීම අවියත් ය.

    II. “ඩ” හා “ට” අක්ෂරවලට පූර්ව ව ඉහත පැවසූ ආකාරයට “ණ්” නො යෙදී “න්” යෙදෙන ව්‍යතිරේක කීපයක් තිබේ. ඒවා මෙසේ ය:

    කථන භාෂණයෙන් ලේඛනයට පැමිණි පද - දුවන්ට, දුවන්ඩ, අඬන්ට, අඬන්ඩ, කපන්ට, කපන්ඩ
    ඉංගිරිසි භාෂාවෙන් තත්සම වූ පද - කැන්ටිම, කවුන්ටරය, ලන්ඩනය, කැලැන්ඩරය
    සම්ප්‍රදාන විහක්ති ප්‍රත්‍යාන්ත බහු අර්ථ පද - ඔවුන්ට, වියතුන්ට, නීතීන්ට, රීතීන්ට, දරුවන්ට

    III. තණ්හාව යන පදයේ “හ” අක්ෂරයට පූර්ව ව යෙදෙන්නේ “ණ්” ය.

    3. සිංහලයේ “ණ්” ආරම්භක පද නොමැත.

    (“ණ්” පිළිබඳ කෙරෙන මෙම විග්‍රහයට අදාළ නැති වුව ද තවත් යමක් මෙහි ලා පවසමු. “ණ” ආරම්භක පද සමකාලීන සිංහලයේ ඇත්තේ එකකි. එනම් “ණය” ය. සම්භාව්‍ය සිංහලයේ නම් “ණ” ආරම්භක පද කීපයක් ම තිබේ. නිදර්ශන කීපයක් මෙසේ ය: අමාවතුරේ “ණිය” නම් වදනක් යෙදේ. එහි අරුත “නෑනා” යන්න ය. ධම්පියා අටුවා ගැටපදයේ “ණහ” නම් වදනක් යෙදේ. එහි අරුත “බල්ලා” යන්න ය.)

    දැන්, පැරකුම් අපගෙන් මෙසේ විමසිය හැකි ය. එහෙනම් අප වෙසක් එකට බලන්නේ “තොරණ්” ද? නැති නම් “තොරන්” ද? එයට පිළිතුර නම් “තොරණ්” බැලුවාට කම් නැත; බැලුවේ “තොරණ” බව ලියන්න යනුවෙන් ය. අප නම් දශක හයකට ආසන්න කාලයක් බැලුවේ ද ලියුවේ ද “තොරණ” ය.

    ReplyDelete
    Replies
    1. එතකොට මචෝ කුරුළු තොරන් බැලුවට කමක් නැද්ද?

      Delete
    2. මේ ඇනෝට මගේ ප්‍රනාමය.

      (ඇණෝ ද මන්දා?)

      Delete
  4. රමිඳු පෙරේරා අක්ශය වෙබ් අඩවියේ මෙහෙම ලියනවා.

    // එම නිසා යාපන විශ්ව විද්‍යාලයේ සිදුවීම අපට තේරුම් ගැනීමට සිදුවන්නේ හුදෙකලාව නොව ඉහත කී පුලුල් දේශපාලන සන්දර්භය තුල තබා සංයුක්තවය. යාපනය විශ්ව විද්‍යාලය තුල බහුතරය දෙමල ජාතික සිසුන් වන අතර සුලුතරය සිංහල සිසුන් වෙති. යටත් කරනු ලැබූ මනෝභාවයක පසුවන දෙමල සමාජයට යාපනය විශ්ව විද්‍යාලයට පැමිනෙන සිංහල සිසුන් පෙනෙන්නේ සාමයේ ඔලිව් අතු ගෙනෙන සුර ධූතයින් ලෙස නොව තමාව යටත් කොටගෙන සිටින දකුනු දේශපාලන සැකැස්ම වෙතින් පැමිනෙන ආගන්තුකයින් ලෙසය. අනෙක් අතට එලෙස යාපනයට යන සිංහල සිසුන්ගේ මනෝභාවය අධ්‍යයනය කිරීම ද මෙහිදී ඉතාම සිත්ගන්නා සුලුය. මෙම මනෝභාවය විදහා දක්වන කැඩපතකි යාපනය විශ්ව විද්‍යාලයීය සිංහල සංගමය විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුව. මෙම ෆේස්බුක් පිටුව බලන විට එම සංගමය විසින් කරනු ලබන විවිධ ක්‍රියාකාරකම්වල ඡායාරූප එහි පල කොට තිබෙනු දැකගත හැක. උදාහරනයක් ලෙස මෙවර වෙසක් දිනය නිමිත්තෙන් එම සංගමය වෙසක් කලාපයක් ඉදිකොට තිබෙන අතර ඊට අදාල ඡායා ඇල්බම් බෙදා හදා ගෙන තිබෙන්නේ 'යාපා පටුන පුරා වෙසක් ආලෝකය පැතිරවීම', 'යාපා පටුනට උතුම් වෙසක් සිසිල දායාද කිරීම' ආදී කැප්ෂනයන් සහිතවය. මෙම සටහන ආරම්භයේ උපුටා දක්වා තිබෙන ස්ටේටස් අප්ඩේටය එම සංගමය විසින් පල කරන්නේ මැයි 19 වන දා යුද ජයග්‍රහනය නිමිත්තෙනි. එම උද්ධෘතයේ යටි පෙල නම් සිංහලයාට අහිමිව තිබූ උතුරු අර්ධද්වීපයට නැවත සිංහලයාට යන්නට ඉඩ ලබා දුන් හමුදාවට උපහාර පුද කිරීමය. සිංහල සංගමය මෙසේ රනවිරුවන්ට ප්‍රනාමය පුද කරන්නේ එම රනවිරුවන් විසින් මරා දමනු ලැබු තමන්ගේ ඥාතින්ව හා තමන් සටන්කාමීන් ලෙස පිලිගන්නා පිරිස් සිහිකිරීමට උතුරේ ජනයාට කිසිදු අවසරයක් දකුනේ දේශපාලන අධිකාරිය විසින් ලබා නොදෙන තත්වයක් තුල බව මෙහි දී සිහියට නගාගනු වටී.//
    //එබැවින් ලංකාව තුල කවර හෝ සංහිදියාවක් සදහා සැපිරිය යුතු අත්‍යවශ්‍ය පලමු කොන්දේසිය නම් දකුනු දේශපාලන සැකැස්ම විසින් උතුරු දේශපාලන සැකැස්ම මත පිහිටුවාගෙන සිටින ආධිපත්‍යය අත්හැරීමය. මෙම ආධිපත්‍යය අත් නොහැර 'ස්ටෑන්ඩ් අගේන්ස්ට් රේසිස්ම්' යනුවෙන් ෆේස්බුක් ප්‍රොෆයිල හැඩ කරගත්තාට ජාතීන් අතර ගොඩනැගෙන අන්‍යොන්‍ය විශ්වාසයක් නොමැත.//

    මේ අනගි ලිපිය සම්පූර්නයෙන් කියවන්න.. ඔබ ඊට වැය කරන විනාඩි 5 ඉතාම වටිනා විනාඩි 5ක් බවට සැක නැහැ. http://akshaya.lk/index.php/component/k2/item/179-2016-07-18-21-03-20.html

    මහ ජාතිවාදයට වඩා සුළුතර ජාතිවාදය ප්‍රගතිශීලී වන්නේ නැති බව සැබෑවක් ම යයි සිතුවත් මේ සත්‍යය මගහැර යා නොහැක්කක්. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, ජාතිවාදීන් හැම දෙනෙක් ම අනුකම්පා විරහිතව, නීත්‍යානුකූලව මර්දනය කිරීම මතුපිට තලයකදී හරි තමයි. නමුත් අප වඩා උනන්දු විය යුතු මූලික ප්‍රශ්නය නම්..උතුරු හා දකුනු දේශපාලන සැකැස්මවල් අතර පීඩක-පීඩිත සම්බන්ධය බිඳින්නේ (?) සමනය කරන්නේ කෙසේද යන්නයි.

    - Dimithri

    ReplyDelete
  5. ජාතිවාදී රිළවුන්ගේ ගිනි ගත් වලිග කොන් කැපීමට පැරකුම්ට අපගේ සහය ලැබේ,

    ReplyDelete
  6. අතේ පොලු තියාගෙන ඉන්නෙ උතුරට තනිව පැවත්මක් ඇතිබව විශ්වාසකරන කවදාවත් යාපනයෙන් පිටතට නොගිය කාන්ඩයක් විය යුතුයි !

    ReplyDelete
    Replies
    1. දෙමළ ගල්, සිංහල පොලු

      Delete
  7. බහුතරයකට නොපෙනෙන සරළ සත්‍ය නම් දෙමළ බහුතරය අදටත් ඊළමට කැමතියි. බහුතරය කියන්නෙ 50%යි, එක ඡන්දයක් කිව්වට, මේ දෙමළ බහුතරය 50%ට වැඩියි. නමුත් ප්‍රශ්නෙ වෙන්නෙ ඊළම දිනා ගන්නෙ සටනෙදි දෙමළ සුළුතරයයි කොටිත් එක්ක හිටියෙ. ඕක හරියටම බලන්න සමීක්ෂණයක් කරන්න පුළුවන්.

    ඊළමට කැමතියි කියන්නෙ, සිංහල ජනතාව එක්ක දකුණෙ ඉන්න අකමැත්ත නෙවෙයි,උතුරෙ ඉන්න අකමැත්ත. ඒ නිසා ඔය සිරිසේන, රනිල් ඇතුළු යහපාලනය මොන බයිලා කිව්වත් ඔය සහජීවනය දකුණෙ ඇති කළාට, උතුරෙ ඇති කරන්න බෑ. සිංහල මිනිස්සු පදිංචි වුණොත් ප්‍රශ්න, මොකද උතුරෙ දෙමළ හිතන්නෙම උතුර කියන්නෙ දෙමළ නිජ භූමිය, ඒකට අනිත් ජාතීන්ට එන්න බෑ කියලා. උතුරෙ දෙමළා තාමත් ගෝත්‍රවාදීයි, ගෝත්‍රිකයො එක්ක ශිෂ්ඨ මිනිස්සුන්ට ඉන්න වෙන්නෙ ගෝඨගෙ තියරියට විතරයි. හරි හෝ වැරදි, ගෝඨගෙ කාලෙ උතුරෙ දෙමල්ලු යටත් වැසියො ගානට තමයි තියාගෙන හිටියෙ. වැඩිය කට ඇරියොත් සුදු වෑන් එකෙන් තමයි යන්න වෙන්නෙ. දැන් නිදහස දෝරෙ ගලනකොට සිංහලුන්ව වවුනියාවෙන් එහාට එලවලා දානවා.

    ReplyDelete
    Replies
    1. තැනක බලෙන් හිටියොත් බලය නැතිවුන ගමන් එළියට දානවා, ඒක භෞතික විද්‍යාවේ මූලධර්මයක්. සංයෝගයක් හැදුණුදාට ආයේ මිශ්‍රවේවි.

      Delete
    2. රොබට්ගේ මතය සමග එකඟයි. නමුත් භයානකම දේ තමයි ඇත්ත සිදුවීම නෙමෙයි ජාත්‍යන්තරයට යවන්නෙ. දමිල වෙබ්සයිට් සහ දමිල පුවත්පත් සිංහළ අය ගැහුව විදිය තමයි පෙන්වන්නෙ. අනෙක රජයත් ඉතාම නිද්‍රාශීලී උදාසීන ස්වභාවයක් පෙන්වනවා. රජය මීට වඩා ක්‍රියාත්මක විය යුතුයි.

      Delete
  8. //මුස්ලිම් සුළුතරය ඉදිරියේ දෙමළ ජාතිවාදය ඉතිහාසයක් පුරා මෙසේ කටයුතු කර තිබේ. එය කෙතරම් තිරශ්චීන වූවා ද යත්, උතුරු නැගෙනහිර පළාත්වල මුස්ලිම් වාර්ගික ශුද්ධියක් ද කොටි සංවිධානයේ නායකත්වයෙන්, දෙමළ ජාතිවාදීන්ගේ ආශිර්වාදයෙන් සිදු විය.//

    මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් ඔවුන්ගේ අස්ථානය නිවරද නො වූ බව දෙමළ ඊළාම් විමුක්ති අරගලය විසින් පසු කාලීන ව පිළිගැනුණා. මන්නාරමෙන් මුස්ලිම් ජනයා ඉවත් කිරීම පිළිබඳ ඔවුන් කනගාටුව ප්‍රකාශ කළා. කරුණු එසේ තිබිය දීත් පැරා මේ අවස්ථාවේ පරණ කුණු ගොඩවල් අවුස්සන්නේ ඇයි? දෙමළ ඊළාම් විමුක්ති අරගලය අතීතයේ නිශ්චිත කාල පරාසයක දී දෙමළ සහෝදරත්වයේ විමුක්තිය උදෙසා නිශ්චිත කාර්යභාරයක් කළා. එය අතීතය. ඔවුන් වර්තමානය තුළ හෝ අනාගතය තුළ හෝ වාස්තවික යථාර්ථයක් නො වෙ යි. සිංහල මහා ජාතියේ ජාතිවාදී, ආගම්වාදී හා ගෝත්‍රවාදී ඇතැම් කොටස් අළු ගසා දමා යළි නැඟින්නට වෙර දරන මේ වෙලාවේ, සියලු පීඩිත ජනයා මහා ජාතික අධිපතිවාදට එරෙහි ව එක්සත් විය යුතු යි. එවන් තීරණාත්මක අවස්ථාවක උඹ මෙතන පරණ කුණු ගොඩවල් අවුස්සලා දෙමළ-මුස්ලිම් සහෝදරත්වයට වින කරන්න හදන්නේ සිංහල මහා ජාතිවාදයට උඩ ගෙඩි දෙන්න ද? මෙතන අපේ යකා අවුස්ස ගන්නේ නැති ව හිටපං.

    යාපනය සරසවියේ සිද්ධියට සම්බන්ධ අයට තරාතිරම නො සලකා නීතිය ක්‍රියාත්මක කළ යුතු යි කියන උඹේ අදහස අතිවිශිෂ්ට යි. ඒ සදහා මෙන්න අප දෑත ම උඹ වෙත දිගු කරනවා. ඒත් මෙතනට දෙමළ ඊළාම් විමුක්ති අරගලය ගාව ගන්න එපා.

    අප පසු ගිය දවසක දැක්කා අර සිරසේ හාදයෙක් මහේෂ්වරන්ගෙන් මැතිනියගෙන් කවුරුත් දන්න පරණ දෙයක් ගැන එක ම ප්‍රශ්නය නැවත නැවත අහනවා. දෙමළ ඊළාම් විමුක්ති අරගලයේ යුදවාදී එළඹුම සුපිරිසිදු නැති බව අලුතින් කියන්න ඔන නැහැනේ. නො විය යුතු බොහෝ දේ වුණා. ඒවා රහස් නො වෙ යි. ඒත් අර නිවේදකයා හරි මෙහෙයවන්නා හරි මොකා හරි ඒක ම නැවත නැවත අහනවා. ඕකට කියන්නේ පිෂ්ට පේෂණය කියලා.උඹත් ඒක නො කර හිටං පැරා.

    ReplyDelete
    Replies
    1. //මන්නාරමෙන් මුස්ලිම් ජනයා ඉවත් කිරීම පිළිබඳ ඔවුන් කනගාටුව ප්‍රකාශ කළා.//

      දෙමළ ජනතාවට එරෙහිව කරපු අපරාධ සියල්ලට ම සිංහල ආණ්ඩුවත් මේ වගේ සොරි කිව්වොත් පිළි ගන්නවා ද?

      කොටින්ගේ සොරි කීම් පවා හිස් ප්‍රලාප පමණක් බව අවසන් ඊලාම් යුද්ධයේදී මූතූර් සිදුවීම්වලින් හා දකුණේ බස් බෝම්බ ආදියෙන් පෙන්වා දුන්නා.

      මේවා කරුණුයි. පෞද්ගලික සොරි කීම් නෙමෙයි.

      Delete
  9. // සමාජ ජාල ආදියෙන් වීරයන් වී සිටින සිංහල ජාතිවාදීන්ට අපි අභියෝගයක් කරමු. ඔබගේ සිත් ඇතුළේ සැඟවී තිබෙන කළු ජූලියක් නැවත ඇති කරන්නට හැකිනම් එනු ඉදිරියට.//

    දැන් මේක - බය නැත්නම් දෙමෙල්ලුන්ට ගහල පෙන්නපියව් කියන එක - වගකීමක් තියන, මාර අත්දැකීම් තියන මාර පොලිටිකල් පොරක් ගේ චැලේන්ජ් එකක් නේ. මෙහෙම හිතමු හයිපොතටිකලි - හැබැයි වෙන්න බැරි දෙයක් නෙවෙයි .

    මේ චැලේන්ජ් එක ෆේස්බූක් එකේ එහෙම දෙබරෙට ගල් ගැහුවා වගේ යනවා. නානසාර ල මේක අල්ලාගෙන බලාපියව් නිවටයෝ වගේ හිටියම තොපිට හොඳ අහන්න නෙවෙයි බයගුල්ලෝ කියලයි අහගන්න වෙන්නේ කියල ලොකු කැම්පේන් එකක් යනවා. මේක දැකලා ලේ රත් වෙලා තියන වෙලාවේ පාරක ඇක්සිඩන්ට් එකකින් හරි මොකකින් හරි දෙකින් ෆයර් වෙලා අන්තිමට මිනී හතරක් පහක් මැරෙනවා.

    අජිත් තමන්ගේ කන්ට්‍රිබියුෂන් එකට moral වගකීම බාර ගන්නවද? නැත්නම් රා බීපු මීයා වගේ "කාපු බීපු වේලාවට කියන කතා ඥානසාර රාළහාමි ගණන් ගත්තේ මොකද" කියලා කර අරිනවද? එහෙම නැත්නම් "මම කිව්වත් නොකිව්වත් ඕකුන් ගහල තියනවනේ" කියල ලිස්සල යනවද.

    තමුසෙගෙ ලිපි කියවන කොට හොඳ උනත් වැරදි උනත් මට එක සතුටක් නම් තියෙනවා අජිත්, සංහිඳියාව ගැන බොරු බන දෙසන ගමන් එක පැත්තක විතරක් පිස්සු බල්ලන්ට ගල් ගහන තමුසේ වගේ කුහකයෙක් තව දුරටත් තමන්ගේ ගුරුවරයා තෝර ගන්න චොයිස් එක නැති පොඩි උන්ට උගන්නන්නේ නැති එකේ සතුට.

    ReplyDelete
    Replies
    1. මේක නිකන් "අදහස් පල කිරීමේ නිදහස" කියන්න එපා රජෝ. එහෙම "අදහස් පල කරන" උන්ට තමයි ඔයා කියන්නේ ෆේස්බුක් එකේ චන්ඩි නොවී පුළුවන් නම් පාරට බහින්න කියලා.

      Delete
    2. පැරා කෝ?

      =======
      ඇනෝ සහෝදරයා, කෝ පැරා? සිල් අරන් ද කියලා හොයලා බලන්න ඕන. නැති නම් කුණු වෙන්න ගහලා දොයි ද දන්නෙත් නැහැ. පැරා මෙතන අවුල්සහගත සටහනක් දාලා මාරු වෙලා. ලිබරල්වාදී සළුපිළි අන්දවා හැඩවැඩ කරලා තිබුණත් පැරාගේ මේ සටහන කුණු වී ඕජස් ගලන කුණපයක්. ලිබරල්වාදී සමානාත්මතාවයේ සින්ධුරම් තවරා තිබුණත් පැරාගේ මෙම සටහන සේවය කරන්නේ අධිපති පන්තියේ ජාතිවාදයට. පැරාගේ මෙම සටහන යනු මහා රුධිරවහනයකින් උතුරත් දකුණත් රත් පැහැයෙන් තෙත් කිරීමට කරන ආයාචනයක්. පැරා එහෙම අභිප්‍රේතාර්ථයකින් මෙය නො ලිව්වා නම් පාඨක සමූහයා නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙහි ඇති සංදිග්ධතාවයන් පිළිබඳ පැහැදිලි කිරීමක් මේ වෙන විට කළ යුතු ව තිබුණා. සටහන පළ වී පැය 24 කට කිට්ටු වෙන්න එනවා; ආලෝචන 40 කට කිට්ටු ගණනක් එකතු වී තිබෙනවා. ඒත් පැරා නිහඬ යි. බාගෙවිට පැරා රෝලන්ඩ් බාත්ස් වරදවා වටහගෙන ද කියලත් හිතෙනවා. කර්තෘ මිය යෑම කියන්නේ මේ වගේ විගඩම්වලට නො වෙ යි. මේ නිහැඬියාව ඇතැම් විට පැරාගේ වෙළද ප්‍රචාරණ උපක්‍රමයක් වෙන්නත් පුළුවන්. ඒත් මේ වගේ සංවේදී ප්‍රශ්නයක් ඒ වගේ අරමුණකට යොදා ගන්න එක හිරිකිත වැඩක්. අපට දැන් පැරාගෙන් අහන්න වෙන්නේ අර පැරාගේ මායියා පැරාගෙන් අහන ප්‍රශ්නයම යි: “කෝ ඔයාගේ ඔය ලියන දේවල් භාවිතාවෙ දී?”

      පැරා, නො ලසා එනු මැනවි. වම වශයෙන් අපට ඔබ සමඟ විසඳා ගැනීමට ගැටලු කීපයක් තිබෙනවා.

      Delete
  10. එතැන ප්‍රචණ්ඩව හැසිරුණු සියල්ල ජනවර්ගය නොසලකා අත්අඩංගුවට ගත යුතුයි.

    කැම්පස් ඇතුලේ ආගමික උත්සව, අමුත්තන් පෙරහැරින් කැඳවාගෙන යනවා වගේ සම්ප්‍රදායික දේවල් කරනවා කියා අැහුවාම මට නම් හරි අවුල්. සංස්කෘතියයි, ආගමයි ටපලවගත් තැනක ජාතික සමඟිය ඇති කරනව බොරු, කැම්පස් එකක් සෙකියුලර් වෙන්න බැරි රටක රජයේ ආයතන සෙකුලර් වෙයිද?

    ReplyDelete
    Replies
    1. බෙරගගහ පෙරහැරවල් යන කැම්පස් එකක්, ශ්‍රීලාංකික අනන්‍යතාව.

      Delete
    2. ඇයි තොට ශිංගල බෙරිද සෙකුලර් පුකුලර් ගාන්නේ

      Delete
    3. ඒකට හරියන තේරම දෙන නිවැරදි සිංහල වචනේ දන්නේ නෑ, නිරාගමික කියන එක හරිද?

      Delete
    4. සෙකියුලර් කියන එකට දාල තියන සිංහල වචනේ හොයාගත්තා, ඓහික, ශිංගල ඔස්තාද්ලට නම් ඒක තේරෙනවත් ඇති.

      Delete
  11. //එබැවින් ලංකාව තුල කවර හෝ සංහිදියාවක් සදහා සැපිරිය යුතු අත්‍යවශ්‍ය පලමු කොන්දේසිය නම් දකුනු දේශපාලන සැකැස්ම විසින් උතුරු දේශපාලන සැකැස්ම මත පිහිටුවාගෙන සිටින ආධිපත්‍යය අත්හැරීමය. මෙම ආධිපත්‍යය අත් නොහැර 'ස්ටෑන්ඩ් අගේන්ස්ට් රේසිස්ම්' යනුවෙන් ෆේස්බුක් ප්‍රොෆයිල හැඩ කරගත්තාට ජාතීන් අතර ගොඩනැගෙන අන්‍යොන්‍ය විශ්වාසයක් නොමැත. - Ramindu Perera//

    Full article:

    යාපනය විශ්ව විද්‍යාලයේ වෙස් නැටුම් සහ සිසු ගැටුම්

    ReplyDelete
  12. මම එදා ඉඳන් අද වෙනකන් කියන්නේ ඕකයි... සංසාරයේ කෙලවරවත් පෘතග්ජන මිනිස්සු තුල සංහිදියාව කියලා රෙද්දක් ඇති කරන්න බෑ.. එහෙම නම් ඔක්කෝම මිනිස්සු රොබෝලා සෙට් එකක් වගේ එකම චිප් එකක් තියෙන මැෂින් ටිකක් වෙන්න ඕන. පවුලකවත් ළමයි ටික එක වගේ නැතුව මේ ගොන් වේසිගේ පුතාලා ඇති කරන්න හදන රෙද්දේ සංහිදියාව මක්කද කියලා මට නම් තේරෙන්නේ නෑ.

    ඕක නැති කරන්න තියෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ ජම්බුද්දීපේ පවතින තුරා සිඳු නොවන දෙයක්.. ඒ තමයි ජාතී බේද, ආගම් බේද, පලාත් බේද නැතිව ශක්තිමත් ආර්ථිකයක් හදන එක. ඒක හීනයක් විතරයි. ඒ නිසා ගෝත්‍රිකයන්ට ගැලපෙන ප්‍රායෝගික ක්‍රමයකට යන්න ඕන.. ඒ තමයි පැරා ඉස්සර ප්‍රතික්ෂේප කල දැන් අනුමත ක්‍රන ක්‍රමය..

    කිසිම බේදයක් නැතිව පුකට වෙඩි තියන එක.. එතනදි මහින්දද, රිලවද, චම්පිකද, බෙංගමුවේ ආලවකද වගේම.. විගාද, සම්පන්තන්ද, යාපනේ එකාද, කැම්පස් එකාද කියලා බලන්න නරකයි.. නැත්නම් වෙන්නේ රෙද්දේ යහපාලනයක් නිසා කන්නවත් නැතිව ඉන්න මිනිස්සුන්ට ආයේ පාරක් බෝම්බ පාරවල් කන්න තමයි..

    ReplyDelete
    Replies
    1. මාතලන්, මේක හරියට අපේ කන්ඩායමේ විකට් 9ක් ගිහිල්ල තියෙන වෙලාවක විනිං ටාගට් එකට යන්නෙ කොහොමද වගේ තත්වයක්. හැම පන්දු යවන්නාටම සමානව නෙලන්න බැහැ. (මෙතන අපේ කන්ඩායම කියන්නෙ සිංහල, දෙමල, මුස්ලිම් හැමෝම ඉන්න එක, ඒකට දාන්න පුලුවන් නමක් 'ජනවාරි 8' කන්ඩායම කියලා. අපි එදා දිනුවෙත් විකට් 9ක් ගියපු තත්වෙක ඉඳලා තමයි! )

      අපි කැමති උනත් නැති උනත් උතුරු - දකුනු ලෙස පැහැදිලි බෙදීමක් තියෙනවානේ. පටන් ගන්න ඕනේ එතැනින්. නීතියට සැමට සාධාරනව ක්‍රියාත්මක වියයුතුය, බේද නැතුව ශක්තිමත් ආර්ථිකයක් හැදිය යුතුය කියන ඒවා ගැන විවාදයක් තියෙන්න බැහැ. නමුත් මේ තත්වය විශේශ තත්වයක් බවත් ඒකට - ඔබේ ශෛලියෙන් කියනවනම් - ඉස්පෙසිපික් ප්‍රවේශයක් තිබිය යුතු බවත් තමයි අප බරපතලව තේරුම් නොගන්නා දේ. සාමාන්‍ය ෆ්ලැට් තියරිය මේකට හරියන එකක් නැහැ නේද?

      - Dimithri

      Delete
    2. එහෙම නම් හමුදාවට පොලීසියට සිංහලත් නොවෙන දෙමළත් නොවෙන මුස්ලිමුත් නොවෙන එවුන් ටිකක් ගෙන්න වෙනවා, චීන්නුන්ට කීවා නම් වැඩේ හරි.

      Delete
    3. @ ඩිමිත්‍රි

      සොලියුසොන් එක කිව්වා නම් උත්තරයක් දෙන්න තිබ්බා.. ෆ්ලැඩ් නියායා කියන්නේ ආයේ කුඩු වෙන්නම තියන්න ඕන... මහින්ද මහත්තයා රතු පස්වලදි දුන්නේ.. ඊට පස්සේ වතුරලවල පී එච් අගයේ ප්‍රශ්නයක් තිබුනේ නෑ නේ.. ඉබේම හරි ගියා...

      Delete
    4. //ෆ්ලැඩ් නියායා කියන්නේ ආයේ කුඩු වෙන්නම තියන්න ඕන..//
      කිසිම දෙයක් හරියට ඉගෙන ගෙන නැති මාතලන් වැනි පොල් බූරුවන්ට මෙවැනි කතා කියන විට ලජ්ජාවක් ඇති වන්නේ නැත.

      Delete
    5. රටක් ගොඩ නගන්න සංවර්ධනය කරන්න ලැජ්ජා වෙවී ඉඳලා හරියන්නේ නෑ... කොහොමත් ලැජ්ජා බය තියාගෙන දේසපාලනේවත් මාද්දියවේදිඅයවත් කොරන්න බෑ..

      Delete
    6. රට ගොඩ නගනවා සන්වර්ධනය කියන්නේ කුඩු වෙන්න තියන එක කියලා හිතන්නේ වනචාරීන්.ඒක ප්‍රසිද්ධියේ කියන්නේ ලැජ්ජාවක් නැති එවුන්.ඔයා ඕක ගෙදරින්ම පටන් ගන්න.

      Delete
    7. ඉතින් කොහේද ඔයාගේ ගෙවල් කියලා දන්නෙ නෑ නේ...

      Delete
    8. ඔයා ඔච්චර මොන්ගල් කියලා අදයි දන්නේ.මම කිව්වේ ඔයාගේ ගෙදරින් පටන් ගන්න කියලා.මට නම් හරියට ගෙයක් නැහැ.ගේ උකස් තියලා සල්ලි ටික ගෝල්ඩන් කී එකට දැම්මා.

      Delete
    9. Ano 6.11 හහ් හා වෙල් සේඩ්. ඕකා මොන්ගල් විතරක් නෙවෙයි උපතින්ම මන්ද බුද්ධික අංගවිකල උපන්ගෙයි මෝඩයෙක් වගේ.

      Delete
    10. ලංකාවේ බහුතර ජනතාව වත්මන් රජයට ඡන්දය දුන්නේ දූෂිත මිනීමරු රාජපක්ශ මෘග පාලනය අවසන්කර නිදහස, සමානත්මතාවය, සංහිඳියාව සහිත අලුත් රටක් බලාපොරොත්තුවෙනි. එජාප නායකයෝද එය දනිති. අනික වත්මන් රජයට කිසිසේත්ම මරා ගෝඨා ගෙන ගිය මර්දනය ඇතිකිරීමට කිසිදු හැකියාවක්වත් මහජන සහයක්වත් නොමැත.

      නමුත් මොළේ කළඳක් නැති කාලකණ්ණි රනිල් හාමුගේ බත්ගොට්ටෝ කියන්නේ රනිල් හාමුගේ පාලනය රැකගැනීමට මර්දනය යොදාගන්නටය. එදා රාජපක්ශ කල්ලියේ මර්දනය පිළිකුළෙන් හෙළා දුටු බහුතර ජනයා නැවත රනිල් ඇතුලු යහපාල්න කල්ලියට මර්දන්ය ඇතිකිරීමට කිසිදු අවස්ථාවක් නොදෙන බව සහතිකය. කැපුවත් කොළ යූඑන්පී ගොබ්බයින්ට හුළංය.

      Delete
  13. //ඇත්ත වශයෙන් ම, සිංහල ජාතිවාදීන් දෙමළ ජනයාට කොළඹ ඇතුළු ප්‍රදේශවල සාමයෙන් ඉන්නට දී ඇත්තේ ඔවුන්ට විරුද්ධව කිසිවක් කරන්නට බැරි නිවට නියාලුකම නිසා ය. මහ ලොකු සිංහල ජාතිවාදීන් කිසිවෙකුට කළ හැකි දෙයක් නැත. අලි කයිය තිබුණාට ඔවුහු දෙමළුන්ට බය ය. ඉන්දියාවට බය ය. දෙමළ ඩයස්පෝරාවට බය ය. යුරෝපයට බව ය. එච්චර දුර යන්නට ඕනෑ නැත. ලංකාවේ ආණ්ඩුවට ද බය ය. සිංහල ජාතිවාදීන්ගේ ඔය කියන හොඳකම නිර්මානය වී තිබෙන්නේ ඔය කියන බයවල් නිසා මිස අන් කිසිවක් නිසා නො වේ. //

    මෙය ඉතා සාවද්‍ය ප්‍රකාශයකි. අතිශයින්ම දුර්වල දේශපාලන දැක්මකි. ඇත්තෙන්ම දකුණේ මෙබඳු ප්‍රහාර ඇතිනොවීමට ප්‍රධාන හේතුව බහුතර සිංහල ජනතාව සාපේක්ෂව වඩාත් මධ්‍යස්ත ආකල්ප දැරීමයි. සිංහල ජාතිවාදීන් ඇතත් ඔවුන්ට ජාතිවාදී පදනමින් සංවිධානාත්මක ප්‍රහාර එල්ල කළහැකි සංවිධාන නැත. යමතාක් දුරකට මෙබඳු මොබ් මානසිකත්වයක් ඇත්තේ බොදු බල සේනාවට පමණි. නමුත් බහුතර සිංහලයෝ බො.බ.සේ.ට අකමැතිය.

    අනෙක් අතින් දකුණේ වෙසෙන දමිළ ප්‍රජාව වඩා ශිෂ්ට සම්පන්න ලෙස කටයුතු කරන බැවින් ඔවුන්ට සිංහලයින් සමග යහපත් සබඳතා ඇත. නමුත් ඕනෑම අවස්ථාවක ජාතිවාදය ඇවිස්සී ගැටුම් ඇතිවිය හැක. උදා: ලෙස අලුත්ගම විසූ මුස්ලිම් ප්‍රජාව කලෙක සිට ඉතා උද්දච්ඡ මදාවි ස්වරූපයක් මවාසිටි අතර සිංහල ජාතිවාදී මැරයෝ බොදුබල සේනා උසිගැන්වීම සමග ප්‍රචණ්ඩත්වය මුදාහළහ.

    දෙමළුන්ට, ඉන්දියාවට, දෙමළ ඩයස්පෝරාවට, යුරෝපයට බය රනිල් ඇතුළු යහපාලන කල්ලිය මිස සිංහල ජාතිවාදීන් නොවේ. උන්ට උලත් පිළත් දෙකම එකය. බහුතර සිංහල ජනතාව තුළ ජාතිවාදී හැඟීම් වපුරා උන්ව සංවිධානාත්මකව උසිගැන්වුවොත් තත්වය දරුණු විය හැක.

    විශේෂයෙන්ම සිංහල මාධ්‍ය හරහා සිංහල ජාතිවාදීන් උග්‍ර ලෙස විවේචනය වුවත් දමිළ මාධ්‍ය හරහා දමිළ සහ මුසල්මානු ජාතිවාදීන් විවේචනය වීම ඉතා අඩු අතර එම මාධ්‍ය අතිශය උග්‍ර ලෙස දමිළ මුස්ලිම් ජාතිවාදය අවුස්සාලයි. මෙයද උතුරේ උග්‍ර ජාතිවාදී ආකල්ප නොවෙනස්වීමට ප්‍රබල හේතුවක් බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. Tamil Guardian වෙබ් සයිට් එකේ මේ සිද්ධිය දාල තියෙන්නෙ සිංහල ළමයි දෙමළ අයට ගහපු විදිහට. බොරැ ප්‍රචාර දීල ජාතිවාදය අවුස්සන්නෙ කවුද කියලා පේනවනෙ

      Delete
  14. Any way I tel Jafna Tamil students very corect. Sinhala students wrong there.

    ReplyDelete
  15. Well said machan, paratath kiyaganna bari Eka thamayi. Anduwatath oka thamayi kiyaganna baruwa dangalanne- umba toku Anna wage kiwwa@$&

    ReplyDelete
  16. Meka balanna

    http://www.tamilguardian.com/article.asp?articleid=22295

    Dan kawuda ban gahala thiyenne.. Meke thiyenne Sinhala ballige puthala demala daruwanta duwanna gahuwa kiyalane..photosuth thiyenawa..

    Mokakda ban me Ponna kari hiwal anduwa? Ispirithalawala inna ewunge nam janamadya walin denne naththe ayi.. Ayi kirialla demalu balanna ispirithala wala yanne..

    Ayi me siddhiye saththyaya nam gam sahithawa idiripath karanne naththe.. Ayi waradakaruwan arrest karanne naththe.. Demaluda gahuwe sinhalayoda????

    ReplyDelete
  17. Shakthimath nayakayek paradawa hiwal ponna anduwak atawa gaththa sinhala ponnayanta sapa wewa.. Balapalla gonnune thurkiye janathawa thamange ekadipathi kiyana shakthimath nayakayawa araksha karana hati parata balala.. erdogan kiyanneth amerikawatawath yuropetawath baya nathi minihek.. Gon sinhala goyi ralala mee harak tika thamange shakthimath kondak thibuna nayakayawa pannala Dan hiwallu awith puke Arina hati Bala innawa

    ReplyDelete
  18. // සමාජ ජාල ආදියෙන් වීරයන් වී සිටින සිංහල ජාතිවාදීන්ට අපි අභියෝගයක් කරමු. ඔබගේ සිත් ඇතුළේ සැඟවී තිබෙන කළු ජූලියක් නැවත ඇති කරන්නට හැකිනම් එනු ඉදිරියට.//

    සේපාල ඒකනායක වීරයාට ජයවේවා!!!!!!!

    ReplyDelete
  19. මහින්ද සහ රනිල් යනු ප්‍රතිගාමි දේශපාලන බලවේගවල නායකයන් වුවුත් මොවුන් දෙදෙනාගෙන් එකෙකු තෝරා ගැනීමට සිදුවූ විට රනිල් තෝරා ගැනීම වඩා ප්‍රගතිශීලී විකල්පයයි.
    එසේම සිංහල සහ දෙමළ ජාතිවාදය/ජාතිකවාදය (පහසුවට හුත්ත යන්වෙන් නම් කරමු) සැලකූ විට. මේ හුත්තවල් දෙකෙන් වඩා ප්‍රගතිශීලී හුත්ත වන්නේ සිංහල හුත්තයි.
    මන්ද සිංහල හුත්තන් බහුතරය විමල් වීරවංශගේ පක්ශයේ (ජාතික නිදහස් පෙරමුනේ) මතවාදය වටා ගොනුකරගත හැක. (විමල් වීරවංශ දුටුවිට ඔහුව මරාගෙන කන්නට සිතේනම් කරුණාකර මනෝ වෛද්‍ය වරයෙක් හුමුවන්න)
    නමුත් දෙමළ හුත්තන් ගොනුවන්නේ ඥානසාරවාදයක් වටා බව පැහැදිලිය. එමනිසා සිංහල හුත්ත වෙනුවෙන් පෙනී සිටීම වඩා ප්‍රගතිශීලී විකල්පයයි.
    යාපනය සරසවි සිද්ධිය පැහැදිලිවම දෙමළුන්ගේ වරදක් බව පැහැදිලිය. නැතිනම් දෙමළුන් මෙය වවාගෙන කනු ඇත.
    මෙම ලිපිය තුලින් ඔබේ සිංහල විරෝධය පැහැදිලිවම පෙනේ.

    ReplyDelete
  20. ලාංකීය දෙමළ ජාතිවාදය ලන්දේසීන් විසින් වින්නඹුකම් කර ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කල දෙයක්.
    බිරිතානි අධිරාජ්‍ය්‍යට යටත්වීම නිසා සිංහලයන් තුල දීන මතවාද 3ක් ඇතිවුනා.
    1. සුද්දො එන්න කලින් අපි හිටියේ කොළඅතු ඇඳගෙන.
    2. සුද්දො නැත්නම් අපි තාමත් කොළඅතු ඇඳගෙන.
    3.අපේ සිංහල එවුන් වගේ නෙමෙයි දෙමළ අය හරීරීරී දක්ෂ, බුද්ධිමත්, කඩිසර, හොඳ, උසස් මිනිස්සු වර්ගයක්.
    වෙනත් විදියකින් කිවහොත් සිංහලයෝ බල්ලො දෙමළු දෙවිවරු.
    නිදහස ලැබිලා කාලයක් ගියත් තවමත් ඔය දීන අදහස් සිංහලයෝ තුල තියෙනවා. විසේසෙන්ම සිංහල ක්‍රිස්තියානි කාරයෝ තුල ඕක වැඩියි.
    සිංහල බහුතරයක් සිටින ප්‍රදේශයක විශ්ව විද්‍යාලයකට දෙමළ සිසුන් රංචුවක් ආවොත් සිංහලයන් ඒක ප්‍රශ්න නොකරන්නෙත් සිංහලයෝ අතර ඇති ඔය දීන කම නිසයි.
    නමුත් දෙමළුන්ට ඔය නිවට කම නෑ. එ් නිසා ඔවුන් යාපනය සරසවියට වැඩියෙන් පැමිනීම ප්‍රශ්ණ කරනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා