සෝමවංශ අමරසිංහගේ මළගම හා ලාංකීය ස්ටාලින්වාදය
සෝමවංශ අමරසිංහගේ මළගෙදර, බණ ගෙදර ජවිපෙ, පෙසප, ජානිපෙ ආදී පක්ෂ අතර මනුස්සකම ගැන සඳහන් වෙන කතා බහක් අවදි කරලා තිබෙනවා දැක්කා.
මම මගේ ජීවිත කාලය ඇතුළෙ ජවිපෙත්, හිරු කණ්ඩායමෙත් සම්පූර්ණ සාමාජිකයකු ලෙස වැඩ කර ඇත්තෙමි. සාමාජිකයකු නො වීත්, කලින් කලට නව සමසමාජ පක්ෂය, පෙසප සහ තවත් කණ්ඩායම් සමග විවිධාකාරවලින් වැඩ කර ඇත.
මූලිකව මම නම් කියන්නේ මේ වාමාංශික දේශපාලනයත්, සාමාන්‍ය මිනිස්කමත් යනු දෙකක් මිසක් එකක් නො වන බවයි. වාමාංශික සංස්කෘතික අනන්‍යතාව නිර්මානය වන්නේ ම පොදු මිනිස්කම මරා දැමීම තුළයි. එය සිදු වන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමට පෙර මමඋදාහරණ ලෙස සිද්ධි කීපයක් දක්වමි.
1. කවුරුත් දන්නා නන්දන මාරසිංහ ඝාතනය
2. ජවිපෙ සන්නද්ධ අංශයේ සටන්කරුවකුව සිටිමින් විජය කුමාරතුංග ඝාතනය ඇතුළු ජවිපෙ දේශපාලන ඝාතන රැසක තුවක්කුකරු පමණක් වූ, අත්අඩංගුවේ සිටියදී රජය විසින් මරා දමන ලද ලයනල් රණසිංහ ප්‍රේමදාසගේ කුලී මිනීමරුවකු යයි ලයනල් රණසිංහගේ ගෙදරින් බත් වේල් ගණනාවක් කා ඇති ටිල්වින් සිල්වා පසු කලෙක පැවසීම
3. ජවිපෙ හා පසුකාලීනව පෙසප බවට පත් වූ පිරිස අතර ඇති වූ ගැටුමෙහිදී ටිල්වින් සිල්වා සමග සාකච්ඡා කරන්නට පැමිණි පිරිසට බත් කා යන්නැයි ටිල්වින් කළ ආරාධනය මත ඔවුන් බත් කමින් සිටියදී එතැනට පැමිණි සෝමවංශ අමරසිංහ “පක්ෂයට ද්‍රෝහී වුණ අයටත් මේ පක්ෂය කන්නට දෙනවාද?" කියා ඇසීම (මූලාශ්‍රය ඉන්ද්‍රානන්ද සිල්වා, ලංකාදීප 2016-06-26)
4. 1971 කැරැල්ල සම්බන්ධ ලේඛන එක්රැස් කර ජවිපෙන් 1982දී බිඳී ගිය උදේනි සමන් කුමාර විසින් සංස්කරණය කරන ලද ‘71 මහ නඩුව, විජේවීරගේ හෘදය සාක්‍ෂිය’ නම් පොත නියමුවා ප්‍රකාශනයක් ලෙස පළ කළ ජවිපෙ එහි සංස්කාරකවරයාට අඩු තරමේ පොතේ පිටපතක්වත් නො දීම හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සංස්කාරකවරයාට ආරංචි වන ලෙස එය ඔහුට අයත් දෙයක් නොව පක්ෂයේ දේපලක් ය යන අදහස දෙන ප්‍රකාශයක් කිරීම.
තවත් මෙවැනි සිදුවීම් ඕනෑ තරම් පැවසිය හැකි ය. එහෙත්, මේ සිදුවීම් හතර පමණක් මෙම වාම සංස්කෘතිය තේරුම් ගැනීමට ප්‍රමාණවත් ය.
එය මෙසේ වචනගත කළ හැකි ය. මනුෂ්‍යත්වය හිමි පක්ෂ සාමාජිකයාට පමණ ය. ඒ එම පුද්ගලයා පක්ෂ සාමාජිකත්වය දරණ තාක් කල් පමණි. යම් කිසිවෙක් පක්ෂ සාමාජිකත්වය අත් හළේ ද, විකල්ප මතවාදයක් දැරුවේ ද, එතැන් සිට එම පුද්ගලයා කිසි දිනෙක සමාව නො දිය යුතු, අනිවාර්යයෙන් ම සුද්ද කළ යුතු ද්‍රෝහියෙකි. (සුද්ද කරන දිනය තීරණය වන්නේ පක්ෂ බලය මත ය.)
මේ අතරවාරයේ පක්ෂයට සම්බන්ධ නොවී සිටින ජනතාව ලෙස හැඳින්වෙන පිරිස සම්බන්ධයෙන් මේ විප්ලවවාදී පක්ෂවල ආකල්පය විසුළු සහගත ය. ඔවුන් ධනපතියන් ලෙස හඳුන්වන අය හෝ කිසිදාක පක්ෂ ක්‍රියාධරයකු නො වන අය හෝ සම්බන්ධයෙන් මෙම පක්ෂවල ඇත්තේ ව්‍යාජ ප්‍රේමනීය ආකල්පයකි. ඔවුන් කිසි කලෙක තමන්ගෙන් ඈත් වූ වාමාංශිකයන් මෙන් ස්ථාවර සතුරන් හෝ ද්‍රෝහීන් වන්නේ නැත.
දැන් මෙම උදාහරණ ආදියෙහිදී වැඩිපුර සඳහන් වන්නේ ජවිපෙ ගැන මුත්, මෙම තත්වය ජවිපෙට පමණක් සීමා වන්නක් නො වේ. ජාතික ප්‍රශ්නය මත ජවිපෙන් බිඳී ගිය හිරු කණ්ඩායම සමග මෙන් ම, පෙසප ජනරළ පුවත්පත සමග පමණක් නොව, නවසමසමාජ පක්ෂයේ සිට වාමාංශිකයන් ක්‍රියාකාරී වන වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන දක්වා ම විහිද යන අත්දැකීම වන්නේ මේ සියල්ලන් ම ජවිපෙන් සංකේතවත් වන එකී වාමාංශික මහා සංස්කෘතියෙන් ගැලවීමට අසමත් වී ඇති බවයි.
මෙම තත්වය විසින් අවසානයේදී කරනු ලබන්නේ වාමාංශිකයන් යනු බලවේගයක් ලෙස ගත් කල සී සී කඩ විසිර ගිය, කිසිදු කලෙක එක්සත් නො විය හැකි, එකිනෙකා දෙස දැඩි ඊර්ෂ්‍යාවකින් හා වෛරයකින් යුත් පක්ෂ, කල්ලි, කණ්ඩායම් හා පුද්ගල සමූහයක් බවට පත් කිරීමයි.
වෙන වෙන ම ක්‍රියාකාරිත්වයන් ලෙස සැලකූ විට, දේශපාලන, සිවිල් සමාජ, මාධ්‍ය, සංස්කෘතික හා කලා ක්ෂේත්‍රවල මෙම බලවේගය අතිශය සක්‍රිය ය. එසේම, බලවත් ය. එම ක්ෂේත්‍රවල සියලු අධිපති මතවාදයන් මෙම බලවේග විසින් හසුරුවනු ලැබේ. ඔවුන්ගේ ආසන්න තරගකරුවන් වන ජාතිවාදීන්ටවත් ඔවුන් සමග මතවාදීමය තලයේදී තරග කරන්නට බැරි ය. එහෙත්, මහජන තලයේදී මෙම බලවේගය පාර්ලිමේන්තු ආසන 10ක්වත් දිනා ගන්නට සමත් වන්නේ අසාමාන්‍ය තත්වයක් තුළ, ජාතිවාදය සමග සම්මුතියකට එළඹුණොත් පමණි.
මෙහි ඇති ගැටලුව වන්නේ සමාජ වෙනස්කම් ඇති කිරීම සඳහා අවශ්‍ය දේශපාලන බලය නොමැතිව මෙම පිරිස්වලට කළ හැකි බලපෑම අවම වීමයි. අවසානයේදී ඔවුන්ගේ ශ්‍රමය වැය වන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු සභාපතිකමින් ඉවත් කිරීම වැනි සරළ වැඩවලට ය.
සරළ උදාහරණයකින් දැක්වුවහොත්, බොහෝ පැතිවලින් ඉදිරිගාමී වාමාංශිකයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා ඔහුගේ විශ්වවිද්‍යාල සගයකු වන බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ සන්සන්දනය කළ හැකි ය. බුද්ධිමය පැත්තෙන් ගතහොත් නිර්මාල් විශාල සමාජ ප්‍රාග්ධනයක හිමිකරුවෙකි. රංජිත් සෝමවංශ යනු බුද්ධිමය වශයෙන් කිසිදු කැපී පෙනෙන කාර්යභාරයක් කර ඇති අයකු නො වේ. දේශපාලනයට නො පැමිණියා නම් ඔහු බොහෝ විට උපාධිධාරී ගුරුවරයකු හෝ සංවර්ධන නිලධාරි වැනි රජයේ සේවකයකු වන්නට තිබිණි. ආචාර්ය උපාධියක් හිමි, හැමදාමත් වාමාංශික දේශපාලනයේ ඉහළ තැනක සිටි නිර්මාල් රංජිත් දේවසිරි ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩකට නැති අධ්‍යක්ෂකමක් කරද්දී රංජිත් සෝමවංශ බස්නාහිර පළාතේ ම අධ්‍යාපන ඇමතිකම කරයි. අපට සිදු වී තිබෙන්නේ ‘එහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝ්න්ට් නෝ වයි?' කියන්නට ද?
නැත. මෙය පැහැදිලි කර ගැනීම අතිශය දේශපාලනික ය. වාමාංශිකයන් බල දේශපාලනය තුළ දවසින් දවස හැකිළී යමින් ප්‍රතිපත්ති සම්පාදනයේදී හා සමාජය වෙනස් කිරීමේ කාර්යයේදී නො වැදගත් ප්‍රාණීන් පිරිසක් බවට පත් වෙමින් පුස්සන් බලවත් වන්නේ හෙවත් ගල් බොරළු යට යමින් ගොමරිති මතු වන්නේ පැහැදිලි දේශපාලනික ප්‍රශ්නයක් නිසා ය. ඒ දේශපාලනික ප්‍රශ්නය සමග පොරබැදීම වනාහි කෑල්ලෙන් කෑල්ල ගියත් අත නො හැර කළ යුතු අරගලයකි.
මෙය වනාහි මාක්ස්වාදී පෙරටුගාමිත්වයටත් වඩා ස්ටාලින්වාදයයි. මේ දෙකේ වෙනස තේරුම් ගත යුතු ය. මාක්ස්වාදී පෙරටුගාමිත්වය තුළ පක්ෂය නිර්මානය වන්නේ වඩා බලවත් මාක්ස්වාදීන් විසින් අර්ථකථනය කරගන්නා පරිදි විප්ලවය වෙනුවෙන් ඇපකැප වූ වඩා ප්‍රබුද්ධ පිරිස වෙතිනි. විප්ලවය විෂයෙහි වැදගත් වන්නේ මෙම බලවේගය වන අතර සෙසු ජනතාව වනාහි ඒ වෙනුවෙන් මෙහෙයවා ගත යුතු අත් වෙති. අත් යන යෙදුම වැදගත් ය. මන්ද, එහි මොළ නැත. මොළ ඇත්තේ පක්ෂයෙහි ය. ලෙනින්වාදය, ස්ටාලින්වාදය මෙන් ම, ට්‍රොට්ස්කිවාදය ද මූලික වශයෙන් මෙම ආස්ථානයෙන් වෙනස් වන්නේ නැත. මේ තුන ම එහිදී එක සේ ඒකාධිපතිවාදී ය. කෘර ය. ස්ටාලින්වාදය යනු කෘරත්වයේ සීමාවන් අකා මකා දැමීමයි.
ලංකාවේ වාමාංශික සංස්කෘතියේ ගැටලුව ඇත්තේ ස්ටාලින්වාදී කෘරත්වය හා පොදු මිනිස් දුබලතා වන ඊර්ෂ්‍යාව, හීනමානය ආදී කාරණාවලයි. පෙරටුගාමී සංකල්පය යනු ප්‍රජාතන්ත්‍රවාදයත් සමග සංවාදයක පවත්වාගෙන යා හැකි සංකල්පයකි. එහෙත් ස්ටාලින්වාදී කෘරත්වය යනු එකහෙළා ප්‍රතික්ෂේප කිරීම මානව සංහතියේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සමා විරහිතව කළ යුතුව තිබෙන කාර්යයකි.
ස්ලැවොජ් සිසැක් ස්ටාලින්වාදය දකින්නේ නාසිවාදයටත් වඩා භයානක දෙයක් ලෙසයි. “ස්ටාලින්වාදය නාසිවාදයටත් වඩා දාර්ශනික ගැටළු ජනනය කරවන්නක්. උදාහරණයක් වශයෙන් ස්ටාලින්වාදීන්ට හා නාසිවාදීන්ට ගොදුරුවන්නන් අතර පැහැදිලි මූලික වෙනසක් සංසිද්ධිවාදී එළඹුමකදි [phenomenological approach] තියෙනවා. නාසිවාදය තුළ ඔබ යුදෙව්වකු නම් ඔබව සරලවම ඝාතනය කර දමනවා. කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ඔබට කිසිම දෙයක් ඔප්පු කරන්න නැහැ. ඔබ සාපරාධී වන්නේ ඔබ නිසයි-ඔබ යුදෙව්වකු නිසයි. ඒ නිසා ඔබව ඝාතනය කරනවා. එච්චරයි. ස්ටාලින්වාදය තුළ ඇත්ත වශයෙන්ම බොහෝ ගොදුරුවන්නන්ට මුහුණ දෙන්න වන්නේ ව්‍යාජ චෝදනාවලටයි. ඔවුන්ගෙන් බහුතරය දේශද්‍රෝහීන් නොවෙයි. කොහොම වුනත් සිත්ගන්නා ගුණාංගයක් තියෙනවා-ඔවුන්ව වධ වේදනාවලට හෝ බ්ලැක්මේල් කර දේශද්‍රෝහීන් ලෙස පාපොච්චාරණය කරවා ගන්නවා. (ස්ටාලින්වාදය නාසිවාදයට වඩා දුෂ්ට වන්නේ ඇයි? -ස්ලාවොජ් සිසැක්, පරිවර්තනය: ඩෝසන් ප්‍රීති, බූන්දි වෙබ් අඩවිය)
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

කාලයක් තිබුණා විකොසේ සුචරිත ගම්ලත් කට ඇරියොත් කතාව නතර කරන්නේ නසසපට සහ හරය පත්තරේට බැණීමෙන් පසුවයි.
ReplyDelete/* මම මගේ ජීවිත කාලය ඇතුළෙ ජවිපෙත්, හිරු කණ්ඩායමෙත් සම්පූර්ණ සාමාජිකයකු ලෙස වැඩ කර ඇත්තෙමි.
ReplyDeleteමූලිකව මම නම් කියන්නේ මේ වාමාංශික දේශපාලනයත්, සාමාන්‍ය මිනිස්කමත් යනු දෙකක් මිසක් එකක් නො වන බවයි. වාමාංශික සංස්කෘතික අනන්‍යතාව නිර්මානය වන්නේ ම පොදු මිනිස්කම මරා දැමීම තුළයි.
*/
පැරා ඔබ ජවිපෙ සහ හිරු කණ්ඩායම සමග වැඩ කරමින් සිට ඉවත්වුණු පසු අර නැතිවුණු මනුස්සකම නැවත උපදවා ගත්තේ කොහොමද? ඒ කියන්නේ හිටපු ජවිපෙ/හීරු කෂ්ටියව පුනරුත්තාපනය කළ හැකියි නේද?
මෙය ඉහත දේශපාලන කණ්ඩායම්වලට සීමා වූ තත්වයක් හෝ මගේ පෞද්ගලික අත්දැකීමක් පමණක් හෝ නො වේ. මෙවැනි ස්ටාලින්වාදී කල්ලිවලින් ගැලවුණු බොහෝ පිරිස් පසුව පක්ෂයෙන් බැහැරව මනුෂ්‍යත්වය හඳුනාගන්නට උත්සාහ කළ හ. මෙතන ඇත්තේ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ ගැටලුවක් නො වේ.
Deleteඑය ද හරියට මොබ් එකක් වැනි ය. මොබ් එකක් තුළ සිටින මිනිස්සු සාමූහිකව පටු මානසිකත්වයක ගොදුරු බවට පත් වෙති. එහෙත්, මොබ් එක විසිර ගිය පසු ඔවුන්ට වඩා පුළුල් ලෙස බලන්නට හැකි ය.
ප්‍රශ්නය වන්නේ මොබ් එක විසිරුණත්, ස්ටාලින්වාදී පක්ෂ එසේ විසිරෙන්නේ නැතිකමයි.
පෞද්ගලිකව මම නම් ඔය කිසිදු කණ්ඩායමක් සමග කිසිම කලෙක ආගමික භක්තියකින් සිටියේ නැත. මා ඒවායේ රැඳුණේ නැත්තේ ද එහෙයිනි. එහෙත්, වසර 30කට වැඩි කාලයක් තිස්සේ මම දේශපාලනයේ සිටිමි.
මම කට ඇරියොත් ජවිපෙට හා හිරු කණ්ඩායමට බණින බවක් ඔබ අදහස් කර ඇතැයි සිතමි. මේ දෙක මගේ දේශපාලන ගමනේ අතරමග මා පසු කර ආ ඒවා ය. මා නිකම් ම ඒවා පසු කර ආවා නො වේ. මා මගේ ජීවිතය ද මේ පක්ෂ නිසා දැඩි අවධානමට ලක් කළෙමි. එම දේශපාලනයන්ගේ ප්‍රතිඵල ලෙස මගේ බොහෝ මිතුරෝ හා තවත් අහිංසකයෝ මිය ගිය හ. මට ඒවා අමතක කරන්නට බැරිකම මගේ වරදක් නො වේ.
මා අද ගොඩනගමින් සිටින සංවාදය සමග මේ පක්ෂ හා මෙම දේශපාලනය ඓන්ද්‍රියව බැඳී තිබේ. අප ඉදිරියට යමින් සිටින්නේ ඒවායින් එළියට බැසපු තැන්වල සිටයි. ඒ නිසා ඒවා සමග එන්ගේජ් වීම වැළැක්විය නො හැකි ලෙස දේශපාලනික ය.
මේවාට බලය ලැබුණොත් ඔවුන් එතැන් සිට අප සමග එන්ගේජ් වන එක ද මේවායේ හැටි බව අමතක නො කළ යුතු ය. ස්ටාලින්වාදීන් බලය ගත් හැම තැනක ම දැවැන්ත වාමාංශික ඝාතන රැල්ලක් කර තිබේ.
ආසන්න ම ස්ටාලින්වාදී උදාහරණය කොටි සංවිධානයයි. ස්ටාලින්වාදය ද හැමවිට ම ජාතිවාදී වී තිබේ. කොටි සංවිධානය විසින් වැඩිපුර ම මරා දමනු ලැබුවේ වෙනත් සටන්කාමී සංවිධානවල සාමාජිකයන්ව ය.
/* මම කට ඇරියොත් ජවිපෙට හා හිරු කණ්ඩායමට බණින බවක් ඔබ අදහස් කර ඇතැයි සිතමි. */
Deleteමම එසේ නොකියමි.
විකොසේ ගම්ලත්ට නසසප සමග අවුල තිබුණේ හතරවෙනි ජාත්‍යන්තරයේ ප්‍රශ්න නිසා ය. පැරා නම්, ජන රළට ලිපි පවා ලිව්වා නොවැ!
/* ලංකාවේ වාමාංශික සංස්කෘතියේ ගැටලුව ඇත්තේ ස්ටාලින්වාදී කෘරත්වය හා පොදු මිනිස් දුබලතා වන ඊර්ෂ්‍යාව, හීනමානය ආදී කාරණාවලයි. */
ReplyDeleteමේ කියන "ස්ටාලින්වාදී කෘරත්වය" ලංකාවේ ට්‍රොස්කයිට්ස් පක්‍ෂවලත් තිබේද?
වාමාංශික පක්ෂ කියන්නේ එක් තනි වාදයක් මත පදනම් වූ ඒවා නො වේ. මේ කිසිදු පක්ෂයක් තමන් ස්ටාලින්වාදී යයි විවෘතව පිළිගන්නේ නැත. මා දන්නා තරමින් ස්ටාලින් වන්දනාව කළ අවසන් පක්ෂය ෂන්මුගදාසන්ගේ නායකත්වයෙන් තිබුණු කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලයි. පසු කලෙක කුමාර් රූපසිංහගේ මල්ලී වන අජිත් රූපසිංහ මෙම පක්ෂයේ නිල අයිතිකරුවා වී සිටියේ ය. කොම්පඤ්ඤවීදියේ පිහිටි මෙම පක්ෂයට අයත් වෘත්තීය සමිති කාර්යාලයක සොල්දරය මත කලක් හිරු පුවත්පතේ කාර්යාලය පිහිටා තිබිණි. මාක්ස්, එංගල්ස්, ලෙනින් සමග ස්ටාලින්ගේ ද ඡායාරූපය එකට ප්‍රදර්ශනය කළ ලංකාවේ අවසන් පක්ෂය එය යයි මම සිතමි.
Deleteඒ කියන්නේ නසසප, විකොස (සසප) වැනි ට්‍රොස්ට්කිවාදී, නිසාම ස්ටාලින්විරෝධී පක්‍ෂවලට මේ අවුල නෑ කියා ද?
Deleteන්‍යායිකව කෙසේ වෙතත්, භාවිතාව තුළ මෙම පක්ෂවලත් ස්ටාලින්වාදී ප්‍රවණතා තිබෙනවා. මේවා හොඳින් ම නිරූපණය වෙන්නේ මතවාදීමය හේතු මත මෙම පක්ෂවලින් ඉවත් වන අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය තුළයි. සුචරිත ගම්ලත් සම්බන්ධයෙන් සසප/විකොස ප්‍රතිචාර නිරීක්ෂණය කළ විට මෙම ලක්ෂණ දක්නට ලැබේ.
DeleteJoseph Stalin - Psychopathology of a Dictator
ReplyDeletehttp://transyl2014.blogspot.ca/2014/11/joseph-stalin-psychopathology-of.html
ගලාගෙන ආ ලිපිය හිටිහැටියේම අවසන් කොට ඇත..
ReplyDeletesudukukula.blogspot.com
මේ කියන වාමාංශික අනන්‍යතාවය මුල් කාලීන මාක්ස්වාදී - සමසමාජ ව්‍යාපාර වලත් තිබුනාද? මට නම් හිතෙන්නේ එන් එම්, කොල්වින්, බර්නාඩ් සොයිසා යනාදීන් නායකත්වයේ සිටි අවදියේ මේ කශඩ ගති තිබුනේ නැත කියායි. අඩු වශයෙන් 60, 70 ගනන් වලින් මෙපිටට සාපේක්ශව වත්. (මගේ අදහසක් පමනි ). මේ විවේචනය එල්ල කරන බොහෝ අය අතින් ලසසප කොප වැනි පක්ශ නම් කෙරෙන්නේ නැහැ. චීන පිල, ජවිපෙ, නසසප, විකොස, හිරු, පෙසපෙ... මේ කියන්නේ මගේ අදහස සනාත කිරීමක්.
ReplyDeleteමාක්ස්වාදය ලංකාවට ගැලැප්පීම කියන අදහස ආවේ ඔය වැඩිපුර ස්ප්ලිට් වීම් සිදුවුන ට්‍රාන්සිශන් කාලෙදි.
එසේ නම් වෙනසට හේතුව, ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ නායකත්වය (බටහිර උගත් , ජාත්‍යන්තර තලයේ ) නාගරිකයන් වෙතින් ගමට මාරුවීම වත්ද? වෙන විදියකට කිව්වොත්, ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය 'බයිකරනය'ට ලක්වීම?!?
- Dimithri
රංජිත් සෝමවංශ කොළඹ විශ්ව විධ්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ උග්ත්තාට මගද අතහැර පැමිණියෙක්. ඔහු උපාධිය සම්පර්ණ කළෙ නැත.උපුල් ශාන්ත සන්නස් ගලත් මේ අයගේ සමකාලීන වන බව මාගේ මතකයයි.
ReplyDeleteවම-දකුණ පමණක් නො ව උතුර-දකුණ ද මාරු වූ මතුගම ජයසිංහයන්ගේ වෘෂභ කථා
ReplyDelete=======================================================
හරවත් යමක් සාහිත්‍යකලා පිළිබඳ ලියමින් සිටි මතුගම ජයසිංහ යළි නන්දෙඩවීම අරඹා ඇත. සුළු ධනපති දේශපාලනය වාම දේශපාලනය සමඟ පටලවා ගන්නා මතුගම ජයසිංහයෝ සුළු ධනපති දේශපාලනයේ නිෂේධනීය ලක්ෂණ වාම විප්ලවීය දේශපාලනය වෙත ප්‍රක්ෂේපණය කරති. වම-දකුණ මාරු වීම නො සලකා හැරිය හැකි රෝග ලක්ෂණයක් නො වේ. එය ඉතා භයානක ව්‍යාධියක සායනික අපර්ණයක් විය හැකි ය. එකී ව්‍යාධිය ප්‍රමුඛ පාර්ශ්වික කණ්ඩිකාවේ අක්‍රමිකතාවයකින් හට ගන්නා ජර්ස්මාන් සහලක්ෂණය යි. මතුගම ජයසිංහයෙනි, ඔබට අලේඛතාවය හෝ දුර්ලේඛතාවය (ලේඛනය මඟින් අදහස් ප්‍රකාශ කිරීමේ නොහැකියාව හෝ දුර්වතාවය), ආගණනතාවය හෝ දුර්ගණනතාවය (සරල ගණිතමය ගැටලු විසඳීමේ නොහැකියාව හෝ දුර්වලතාවය) සහ අංගුලිකා අසංඥතාවය (තමාගේ හෝ අන්‍යයන්ගේ ඇඟිලි හඳුනා ගැනීමේ නොහැකියාව) යන රෝග ලක්ෂණ ද වම-දකුණ මාරු වීම සමඟ ම පවතී නම් වහා ම රෝග නිර්ණ පරීක්ෂණ සඳහා යොමු විය යුතු බව කරුණා සීතල හදින් පවසමු (මෙය මතුගම දී සිදු කළ නො හැකි බව සලකන්න).
මතුගම ජයසිංහයයෝ තම මහා දේශපාලන විශ්ලේෂණ ආඛ්‍යානය මඟින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන න්‍යාය සහ භාවිතාව සමඟ බැඳි ප්‍රපංචයන් කීපක් විග්‍රහ කර එමඟින් තමන් එළඹෙන නිගමනයන් ලාංකීය වාම දේශපාලනය මතට ප්‍රක්ෂේපණය කරති. මෙම විශ්ලේෂණ විධික්‍රමය ද එමඟින් ඔවුන් එළඹෙන නිගමනය ද සාවද්‍ය ය. ඔවුන්ගේ නිරීක්ෂණය සත්‍යය ය; උපකල්පනය වියවුල් ය; න්‍යාය අර්ධ සත්‍යය ය; නියමය පරම අසත්‍යය ය.
මතුගම ජයසිංහයන් තම ආඛ්‍යානය අසත්‍ය මඟකට ගෙන යන්නේ ආරම්භයේ දී ම ය. “ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික පක්ෂයක් ය” යන අතිශය මුග්ධ අස්ථානයකට ඔවුහු එළඹ සිටිති. ධනපති පංතියේ කටු ලෙවකන, ධනපති පංතියේ කොන්ත්‍රාත් ඉටු කරන පක්ෂයක් වාමාංශික පක්ෂයක් වන්නේ කෙසේ ද? ජ.වි.පෙ වාමාංශික පක්ෂයක් නම් එය පෙනී සිටින සමාජවාදය නාසි සමාජවාදය ද? බොල්ශෙවික්-මෙන්ශෙවික් දෙමුහුම් ගර්භාෂය තුළ අධිරෝපණය කරවා, වර්ධනය කරවා, විකසනය කරවා බිහි කර වූ ජ.වි.පෙ උපතේ සිට විපත දක්වා ම සුළු ධනපති පක්ෂයකි. රෝහණ සහෝදරයා සමාරම්භක යුගයේ යම් කලක් ආණ්ඩුවලට මුක්කු නො ගසා යම් වාමවාදී අස්ථානයක සිටි බව සැබෑවකි. එකල පේරාදෙණියේ ඔගස්ටා කන්දට පැමිණි රෝහණ සහෝදරයා පැවසුවේ මාර්ක්ස් හා ලෙනින් සහෝදරවරු මිනී වලෙන් නැඟිට “යන්න රෝහණ සහෝදරයා පාර්ලිමේන්තුවට” යැයි පැවසුව ද තමා නම් එම පාවාදීම නො කරන බව ය. සුගීස්වර අබේවර්ධන වික්‍රමසිංහ වැනි අය පිළිබඳ ඔහුට තිබුණේ ද ධනපති ආණ්ඩුවලට මුක්කු ගැසීම පිළිබඳ විවේචන ය. කලකට ජයවර්ධන ආණ්ඩුවේ ද කලකට ප්‍රේමදාස ආණ්ඩුවේ ද කලකට කුමාරතුංග ආණ්ඩුවේ ද කලකට රාජපක්ෂ ආණ්ඩුවේ ද පමණක් නො ව ඇමෙරිකන් තානාපති කාර්යාලයේ ද (මූලාශ්‍රය: වාස් තිලකරත්න රහස් පොලිසියට දුන් කටඋත්තරය) කොන්ත්‍රාත් ඉටු කළ පක්ෂයක් වාමාංශික පක්ෂයක් ලෙස අභිෂේක කරන්නට තරම් මතුගම ජයසිංහයනට මඤ්ඤං ද? පීඩිත ජනවර්ගයක විමුක්ති අරගලයක් න්‍යාය මුක්ත ව සන්නද්ධ අරගලයක් බවට පත් වූ කල (වඩා නිවරද ව කිවහොත් පාලක පංතිය විසින් සන්නද්ධ අරගලයක් බවට පත් කළ කල) එම විමුක්ති අරගලය ජනඝාතක යුද්ධයකින් නිම කරන්නට ධනපති පාලක පන්තියට උඩගෙඩි දුන් පක්ෂයක් වාමාංශික ද? ධනපති ආණුඩුවල කොන්ත්‍රාත් ඉටු කළ ජ.වි.පෙ වාමාංශික කරන්නට මතුගම ජයසිංහයන් මෙතරම් තටමන්නේ තමා ද වර්තමානයේ කරමින් සිටින්නේ ධනපති ආණ්ඩුවක කොන්ත්‍රාත් ඉටු කිරීම නිසා ද යන්න අපි නො දනිමු. එනිසා ම, “ලයනල් රණසිංහගේ ගෙදරින් බත් වේල් ගණනාවක් කා ඇති ටිල්වින් සිල්වා” මෙන් ගුණමකු නො වන නිසා, “සිරිකොතින් තුන් වේල ම කා ඇති මතුගම ජයසිංහ” එක්සත් ජාතික පක්ෂයට ප්‍රශස්ති ගයන්නේ ද යන ප්‍රශ්නය අපි නො විමසන්නෙමු.
මතුගම ජයසිංහයන් කුමක් ලියුව ද කුමක් කියුව ද කොහෙන් හෝ කැරකී එන්නේ හිරු කණ්ඩායම වෙත ම ය. හිරු කණ්ඩායමට ආඩපළි නො ගැසුවහොත් මතුගම ජයසිංහයනට දිවා ආහාරය නො ගත් සෙයකි. ජයසිංහයන්ගේ මෙකී චර්යාව අපට සිහි කරන්නේ එකල පේරාදෙණියේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ සිටි කුමක් කතා කළ ද බෝරෝන් (එනම් මූලද්‍රව්‍යය) පිළිබඳ කතා කරන්නට අමතක නො කළ ආචාර්යවරයෙකි. නැත හොත් ඉතිහාස අධ්‍යයනාංශයේ සිටි කුමක් කතා කළ ද වෙල්ලස්ස කැරැල්ල පිළිබඳ කතා කරන්නට අමතක නො කළ ආචාර්යවරයෙකි.
විප්ලවයෙන් පලා ගිය භ්‍රෂ්ටයෙකු වන මතුගම ජයසිංහයන්ගේ පැවැත්ම නැති කිරීමට එනම් “අනිවාර්ය සුද්ද කිරීමට” (මතුගම ජයසිංහයන්ගේ වචන) හිරු කණ්ඩායම හෝ නව සමසමාජ පක්ෂය හෝ කවර නම් අසාධු කාර්යභාරයක් කළේ ද? එවැනි නිෂ්ඵල වැඩ සඳහා ඔය කියනා කාලවල හිරු කණ්ඩායමට හෝ නව සමසමාජ පක්ෂයට හෝ වේලාවක් තිබුණේ ද නැත. මිනී මෝරුන් සමඟ සටන් කරනා අස්සේ කූනිස්සන් පිළිබඳ වෙහෙසෙන්නෝ කවරහු ද?
Cont…
සමහර කෑලි කියවනකොට හිනා ගිහිල්ලා කෙළ ඉස්මොළේ යනව මචං. කමක් නෑ, මං මේ කමෙන්ට් නැවත බ්ලොග් එකේ පළ කරනවා, උඹලා ඔය ජයසිංහයෝ අරව මේවා කියන්නෙ නැතිනම්. මොකද, මේක උඩින් පල්ලෙන් කියවන එවුන් හිතන්නේ මං මට බටර් ගා ගන්නවා කියලා. වැරදිලාවත් මගේ නම සිල්වා එහෙම වුණානම් මළ කෙළියයි. මතුගම සිල්වායෝ!
Deleteකොහොම වුණත්, මේ කමෙන්ට් කවුරුත් කියවනවා නම් හොඳයි.
//වැරදිලාවත් මගේ නම සිල්වා එහෙම වුණානම් මළ කෙළියයි. මතුගම සිල්වායෝ!//
Deleteනෑ බං එතකොට සිල්වාණෝ කියන්නෙ. බලං ගියාම මේ මාක්ස්වාදි විචාරක උන්නැහේ කියන්නෙත් බොරුම නෙවෙයි වගේ.. පැරාට සිංහලත් හරියට බැරුව ද පරිවර්තන එහෙම කරන්නේ. මෙයාගෙන් භාෂා පරිවර්තන කරවා ගන්න අයට අබ සරණයි.
පරිවර්තන කරගත්ත එවුන්ගෙන් අහපං.
Deleteමේකත් කියහන්කො. ප්‍රනාන්දු කියලා තිනම බුණා නම් කියන්නෙ ප්‍රනාන්දුවාණෝ කියල ද?
ආබෘ වගේ වුණානම් කොහොමද?
උඹයි, මායි දන්න ගෞරවාර්ථ. බොරු ගෞරව ඕනැ නැහැ බං. නම කිව්වහම මදැයි.
හා මචං.....
Deleteමෙහෙමයි,
ප්‍රනාන්දු මැතිඳා/ මැතිඳුන්/ මැතිඳාණෝ
අබෘෘ මැතිඳා/ මැතිඳුන්/ මැතිඳාණෝ
ගෝමස් මැතිඳා/ මැතිඳුන්/ මැතිඳාණෝ
පෙරේරා මැතිඳා/ මැතිඳුන්/ මැතිඳාණෝ
මොනව උනත් ඔයා මා....ර පොර ඈ..
මතුගම ජයසිංහයාණෝ දිගුකල් දිනේවා!
මතුගම ජයසිංහයන් හිරු කණ්ඩායම හා නව සමසමාජ පක්ෂය පිළිබඳ ඉහත සාවද්‍ය ප්‍රකාශ කරන්නේ ම ලාංකීය වාම විප්ලවීය දේශපාලනයේ දීප්තිමත් තාරකාව වන ධීමත් රෝහිත භාෂණ සහෝදරයාගේත් නොසැලෙන ඉන්ද්‍රකීලයක් සේ ජීවිත කාලයක් වාම දේශපාලනයේ නිමග්න අපගේ ද මුල්ගුරුවරයෙකු වූ බාහු සහෝදරයාගේත් කිතු සිරුරට මඩ ගැසීමේ දුෂ්ට අභිලාෂයෙන් ය.
ReplyDeleteමතුගම ජයසිංහයෙනි, දේශපාලනය පිළිබඳ පිරිපහදුවක් ලබන්නට ද මාධ්‍යකරණය පිළිබද පන්නරයක් ලබන්නට ද අතහිත දුන් සුධීමතුනට අවලාද නඟමින්, අස්ථානීය චෝදනා නඟමින් “කන්න දුන්න අත සපා කන” ඔබ “ලයනල් රණසිංහගේ ගෙදරින් බත් වේල් ගණනාවක් කා ඇති ටිල්වින් සිල්වා” පිළිබඳ දෙසන්නේ වැදි බණ නො වේ ද? රනස්ගල්ලේ හිමියෝ ලෝකෝපකාරයේ “ඔවා දෙනු පර හට - තමා සම්මතෙහි සිට - දුසිරිත දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැන” යැයි පවසති. වීදුරු ගෙයක නිරුවත් ව සිට නො වේ ද ඔබ අන්‍යයනට ගල් ගසන්නේ? ඔබ කලකට පෙර පාසල්වාදය අලළා ලියූ වියුණුසටහනකට අප එක්කල ආලෝචනයක් මඟින් ද අපි ඔබගේ මෙම දෙබිඩි චර්යාව පෙන්වා දුන්නෙමු. ඔබ එහි දී අපට ඉංගිරිසි ස්වෝත්තමවාදී අධිරාජ්‍යගැති ගතානුගතික මාර්ක්ස්වාදියා යැයි අපනාම බඳවා සංවාදය වෙනතකට අපගමනය කර වූ බව සිහි කරමු.
මතුගම ජයසිංහයෝ ආඥානයෙක් නො වෙති. ඔවුහු සත්‍යය නො දන්නෝ ද නො වෙති. කුහක දේශපාලන අභිලාෂයන්ගේ ගාමක බලයෙන් මෙහෙයවෙන කල මතුගම ජයසිංහයෝ නරුමවාදී වෙති. එකී කුහක දේශපාලන අභිලාෂයන්ගේ ගාමක බලයෙන් මිදුණු නිමේෂයක ඔවුහු ඉතා සුන්දර සංවාදශීලී මානවයෙක් වෙති. මතුගම අජිත් පී. ජයසිංහ නම් විශිෂ්ට නිර්මාණ සාහිත්‍යකරුවාට අප ආසක්ත වන්නේ එනිසා ය. මතුගම ජයසිංහයන් කරන මතු දැක්වෙන ප්‍රකාශයේ සසප පිළිබඳ වන සංයුක්ත සත්‍යය සාධනීය ය:
“න්‍යායිකව කෙසේ වෙතත්, භාවිතාව තුළ මෙම පක්ෂවලත් ස්ටාලින්වාදී ප්‍රවණතා තිබෙනවා. මේවා හොඳින් ම නිරූපණය වෙන්නේ මතවාදීමය හේතු මත මෙම පක්ෂවලින් ඉවත් වන අය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය තුළයි. සුචරිත ගම්ලත් සම්බන්ධයෙන් සසප/විකොස ප්‍රතිචාර නිරීක්ෂණය කළ විට මෙම ලක්ෂණ දක්නට ලැබේ.”
එහෙත් එකී සංයුක්ත සත්‍යය විස්තීර්ණය කරමින් එය හිරු කණ්ඩායමට සහ නව සමසමාජ පක්ෂයට ද අදාළ වියුක්ත සත්‍යයක් බවට පත් කරවන්නට ප්‍රයත්න දරන කල මතුගම ජයසිංහයෝ නිශේධනීය එළඹුමක් ප්‍රකට කරති. නිරීක්ෂණ මත පදනම් වූ සංයුක්ත සත්‍යය සාර්වත්‍ර න්‍යායික සත්‍යය බවට වර්ධනය කර නියමයක් බවට සූත්‍රගතකිරීමේ ශාස්ත්‍රීය ශික්ෂණයක් නොමැති වීම මෙම දෝෂයට හේතු වන ප්‍රධාන කරුණක් බව අපගේ විශ්වාසය ය. එංගලන්තයේ කේම්බ්‍රිජ්හි ඇපල් ගසකින් ඇපල් ගෙඩියක් වැටුණු කල එතැන් සිට සියවස් ගණනක් (අවම වශයෙන් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය තෙක් හෝ) සම්භාව්‍ය හෞතික විද්‍යාව විරාජමාන කළ ගුරුත්වාකර්ෂණ නියමය බිහි වුණ ද ශ්‍රී ලංකාවේ මතුගම පොල් ගසකින් පොල් ගෙඩියක් වැටුණු කල එවැන්නක් බිහි නො වේ. වියුක්ත සත්‍යය සූත්‍රගත කිරීම බුද්ධිමය ව්‍යායාමයකි.
ස්ලාවොයි ජිජැක් (ඔහු ම ද තම නම ජිජැක් බව පවසන කල එය ශිශෙක් විය යුතු යැයි පවසන්නට තරම් පිස්සුවක් ලාංකීය කුමාරවරුනට ඇත්තේ ජිජැක්ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය කියවා තේරුම් ගැනීමට තරම් මොවුන්ගේ මස්තිෂ්ක බාහික වර්ධනය වී නැති නිසා ද?) උපුටා දැක්වන ලද්දේ වුව මතුගම ජයසිංහයන්ගේ “සෝමවංශ අමරසිංහගේ මළගම හා ලාංකීය ස්ටාලින්වාදය” ස්ලාවොයි ජිජැක්ගේ “The Two Totalitarianisms” තරම් දීප්තිමත් නිබන්ධනයක් වන්නේ නැත. එමෙන් ම මතුගම ජයසිංහයන්ගේ “බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ඓතිහාසික තීන්දුව හමුවේ ලංකාව” ස්ලාවොයි ජිජැක්ගේ “Could Brexit Breathe New Life into Left-wing Politics?” වැනි සාරගර්භ කියවීමක් වන්නේ ද නැත.
කරුණු එසේ තිබිය දී ද මතුගම ජයසිංහයන් ස්ටැලින්වාදයට එරෙහි ව නැඟී සිටීම හොඳ ය. අප ලාංකීය ස්ටැලින්වාදය හෙවත් නියුටෝනියානු වමට එරෙහි වූයේ අද ඊයේ සිට නො වේ. ස්ටැලින්වාදයට ගසන්නට යාම නිසා සයිමන් අපට සුබ සහ යස දර්ශනයක් බලන්නට “උඹලා එන්න ඕනෑ නැහැ” යැයි කීවේ ද අද ඊයේ නො වේ. එහෙත් ස්ටැලින්වාදයට ගසන විලාසයෙන් ඇඟට නො දැනී ට්‍රොට්ස්කිවාදයට ද කෙටේරි පහරක් දීම නම් නරක ය. එසේ කළ විට ස්ටැලින්වාදයට සදා විරුද්ධ ට්‍රොට්ස්කිවාදයට හිතැති සම්භාව්‍ය මාර්ක්ස්වාදීන් වන අපට ද මතුගම ජයසිංහයනට එරෙහි ව නැඟී සිටීමට සිදු වේ.
මෙම වියුණුසටහන රාවයේ ලිපියක් ලෙස පළ වන තෙක් අපි සති දෙකක් බලා සිටියෙමු; පළ වූ බවක් නො පෙනිණි. රාවයේ කතුවරයාගේ ලිපි තෝරා ගැනීම පිළිබඳ සමන් වික්‍රමාරච්චි මේ ළඟක දී ප්‍රශ්න කර තිබිණි. සමන්ගේ අදහසක් පිළිබඳ කලාතුරකින් ඇති වන සංශයක් අප සිත මෙවර ඇතිවන්නේ මතුගම ජයසිංහන්ගේ ලිපිය අප දන්නා තරමින් රාවයේ පළ නො වූ බව දැනෙන නිසා ය (පළ වූයේ නම් මතුගම ජයසිංහයෝ අප නිවරද කරත්වා!).
මේක රාවයේ පළ වුණා. උඹලා ඉතින් වෙබ්සයිට් එකනේ බලනවා ඇත්තේ. ඒකෙ ඔක්කොම ලිපි දාන්නෙ නැහැ.
Delete//දේශපාලනය පිළිබඳ පිරිපහදුවක් ලබන්නට ද මාධ්‍යකරණය පිළිබද පන්නරයක් ලබන්නට ද අතහිත දුන් සුධීමතුනට අවලාද නඟමින්, අස්ථානීය චෝදනා නඟමින් “කන්න දුන්න අත සපා කන” ඔබ//
මේ කෑල්ල කියවනකොට ගැමි වහරේ තිබෙන ‘කුල කියනවා' කියන යෙදුම සිහිපත් වෙනවා. එතකොට නම් උඹලා ගැනයි, උඹලගේ ඔය දීප්තිමත් තාරකාව ගැනයි පව් කියලා හිතෙනවා. ඌ ඕක අපේ ග්‍රැෆික් නිර්මානකරුටත් කියලා තිබුණා.
මචං, මං ඉගැන්වීම පටන් ගත්තේ ජවිපෙන්. හිරගෙවල්වලදිත් මං ඉගැන්නුවා. අකුරු නො දැන හිර ගෙදර ආපු මිනිස්සු පස්සෙ අපට ලියුම් එව්වා. ඉස්කෝලවලත් මං අවුරුදු විස්සක් විතර ඉගැන්නුවා. දැනුත්, මගෙන් විවිධ කාරණා විමසා දැනගන්නා අය ඉන්නවා. අපි දන්නා දැනුම බෙදා ගැනීම අපේ සමාජ වගකීමක් මිසක්, මහ ලොකු සේවයක් නෙමෙයි.
දැනුම කියන්නේ මිනිස් සමාජයේ උරුමයක්. ඒකට කාටවත් කොපිරයිට් නැහැ. කාගෙවත් දැනුම තියා නිර්මානශීලිත්වයවත් ඕපපාතිකව බිහි වෙන්නෙ නැහැ. ඒක නිසායි මම මේකෙ පහළ “අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බොහෝ අය දායක වී තිබේ" යි ලියලා තියෙන්නේ.
උඹලාගේ මේ මැදිහත්වීමට මං ඉතා කැමතියි. හැබැයි පීචං කතා නැතුව වැදගත් අදහස් විතරක් ඉදිරිපත් කරනවා නම් හොඳයි. මට නැති වෙන්න ගැහුවට කමක් නැහැ. මට ගහන්න ගූ පාවිච්චි කරන්න එපා. ඒවා උඹලගේ අත්වලත් ගෑවෙනවා.
මචං පැරා, මේක මාර සිද්ධියක්නෙ බං. උඹේ පාඨක සමූහයා මී ළඟට කිය යි ද දන්නේ නැහැ අප උඹෙන් ගාණක් අරගෙන උඹේ හොඳ ලියනවා කියලා! නැති නම් උඹ අපට ගාණක් දීලා හොඳ ලියා ගන්නවා කියලා! පිස්සු හැදෙන රටක් ඕයි මේක. මොකක් කළත් ඒක පිටිපස්සේ මූල්‍ය ගනුදෙනු හොයන තත්ත්වයක් ඇති වෙලා. එහෙම වෙන්නත් හේතු නැති ව ම නො වේ. ඒත් අප ලෝකය දෙස නැති නම් මානව සමාජ සම්බන්ධතා දෙස සංශයවාදාත්මක නො වන දෘෂ්ටියක් හෙළීම අවශ්‍ය දෙයක්. අර සන්නා කියනවා වගේ ලෝකය දෙස ආදරයෙන් බලන පරම්පරාවක් අවශ්‍ය යි.
Deleteඅපට උඹත් එක්ක දේශපාලන තලයේ විසංවාදයක් තිබූ පමණින් උඹ කරන හැම දෙයක් ම වැරදි යි කියන්න ඕන නැහැ. එහෙම කියන්නත් බැහැ. අප උඹලගේ නායකතුමා ජාතික ප්‍රශ්නය ගැන දරන හෝ දැරු ව අස්ථානය එදත් අදත් අගය කරනවා. ඒ බව අප ලියලත් තියෙනවා මෙතනත් වෙනත් තැන්වලත් (උඹ අර “අපි රනිල්ට වුණාට රනිල් අපිට ඉන්නව ද?” වගේ ශීර්ෂයකින් ලියූ වියුණුසටහනට එක්කළ ආලෝචනයකත් අප ඒ බව පැවසුවා). අපට බැහැ එස්. අයි. ගමගේ ආකාරයේ ප්‍රශස්ති ගයන්න. ඒත් සාධනීය දෙය කවුරු කළත් සාධනීය යි. අප පැහැදිලි ව ම පවසනවා ඇතැම් වාමාංශික යැයි කියා ගන්නා අයට වඩා අගමැතිතුමාට ජාතික ප්‍රශ්නය ගැන දැක්මක් තියෙන බව හෝ තිබුණු බව හෝ.
(මේවා ලියලා අර හතරවන ජාත්‍යයන්තරේ කමිටුවට සම්බන්ධ කට්ටිය ආයෙත් සැරයක් අපට පැබ්ලෝවාදී චෝදනා එල්ල කරයි ද දන්නෙ නැහැ!!! පැබ්ලෝවාදයට විරුද්ධ වුණ අපට ම තම යි අන්තිමේ දී පැබ්ලෝවාදී චෝදනා ආවෙත්!!!)
ඔබ මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් සාකච්ඡා කරනවා.
ReplyDelete1. වාමාංශික පක්ෂයක් තමන්ගෙන් බිඳුණු අයකු කෙරෙහි දක්වන කෘෘරත්වය
2. වාමාංශික පක්ෂයක් දක්ෂිණාංශික හෝ පසුගාමී අයකු කෙරෙහි දක්වන කරුණාව
මමත් මේ දෙකම අත් දැක තිබෙනවා. එහෙත් ඉහත පළමුවැනි ගුණාංගය ස්ටැලින්වාදී පක්ෂ තුළ වැඩි වශයෙන් තිබෙන බවයි මගේ වැටහීම.
කෙසේ වුවත්, මේ පක්ෂ තුළත් ගෝත්‍රික ලක්ෂණයක් මෙන් වූ කණ්ඩායම් හැඟීමක් තිබෙනවා. ඒ දුරවලත්වය හරහා තමයි අනිකුත් පක්ෂ හෝ කණ්ඩායම් හෝ පුද්ගලයන්ට පහර දෙනු ලබන්නේ. මේ නිසාම, ලෙනින් පෙන්වා දුන් “වෙන්ව ගමන් කිරීම හා එක්ව පහර දීම“ මෙරට තුළ ක්‍රියාත්මක කරන්නට ලැබෙන්නේ නැහැ. (සමාජවාදී විප්ලවය සිදු නොවන්නේ ඒ නිසාමයැයි මෙයින් අදහස් නොකැරේ.)
මටනම් සමාජවදෙ කිව්වම මතක් වෙන්නෙ පොල්පොට්වයි, ස්ටාලින්වයි. දැන්නම් අර උතුරු කොරියාවෙ පිස්සවත් මතක් වෙනවා. මට දැන් හිතෙනවා, 88/89 කාලෙ ජවිපෙ රට ඇල්ලුවානම් අර පොල්පොට් කලා වගේ, ධනවත් පන්තිය, මධ්‍යම පන්තිය සහ රටේ උගත්තු සේරම මරල දාල, රටේ මිනිස්සුන්ව සමූහ ගොවිපලවල්වල වහල්ලු කරයි කියලා. මොකද දැනටත් කතා කරන්නෙ ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් ගැනනෙ. ඔය මාක්ස්වාදෙත් හරියට අර ඉස්ලාම් ආගම වගේ. තමන්ගෙ පිල නොවන සේරම ද්‍රෝහීන්, එක්කො තමන්ට එකතු වෙන්න ඕනෙ, නැත්නම් මරණය තෝර ගන්න ඕනෙ. ඔය විජේවීර, සෝමවංශ වගේ අන්තගාමීන්ට වඩා අනුර කුමාරට දැකමක් තියෙනවා කියලා මට හිතෙනවා. හැබැයි සෝමවංශලා, වීරවංශලා බැබලුනේ ජවිපෙ නිසා. පක්ෂෙන් ගියත් හරි ඔවුන් විහිළුකාරයන් හෝ මානසික රෝගීන් බවට පත් වුණා. සෝමවංශට නම් වුණේ කැතම වැඩේ.
ReplyDelete"2. ජවිපෙ සන්නද්ධ අංශයේ සටන්කරුවකුව සිටිමින් විජය කුමාරතුංග ඝාතනය ඇතුළු ජවිපෙ දේශපාලන ඝාතන රැසක තුවක්කුකරු පමණක් වූ, අත්අඩංගුවේ සිටියදී රජය විසින් මරා දමන ලද ලයනල් රණසිංහ ප්‍රේමදාසගේ කුලී මිනීමරුවකු යයි ලයනල් රණසිංහගේ ගෙදරින් බත් වේල් ගණනාවක් කා ඇති ටිල්වින් සිල්වා පසු කලෙක පැවසීම
ReplyDelete3. ජවිපෙ හා පසුකාලීනව පෙසප බවට පත් වූ පිරිස අතර ඇති වූ ගැටුමෙහිදී ටිල්වින් සිල්වා සමග සාකච්ඡා කරන්නට පැමිණි පිරිසට බත් කා යන්නැයි ටිල්වින් කළ ආරාධනය මත ඔවුන් බත් කමින් සිටියදී එතැනට පැමිණි සෝමවංශ අමරසිංහ “පක්ෂයට ද්‍රෝහී වුණ අයටත් මේ පක්ෂය කන්නට දෙනවාද?" කියා ඇසීම (මූලාශ්‍රය ඉන්ද්‍රානන්ද සිල්වා, ලංකාදීප 2016-06-26)"
ලංකාවේ වාමාංශික දේශපාලනය සහ බත් කෑමට ඇති ආසාව පිලිබද දැක්වෙන කදිම ලිපියක්.