ඒකා බද්ධ වෛරය

ඒකාබද්ධ විපක්ෂය පාද යාත්‍රාවක් ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මෙන් ම පාද යාත්‍රාව ද වියුක්ත සංසිද්ධියකි. වියුක්ත යයි කියන්නේ ඒවායේ සංවිධාන ස්වරූපයේ හෝ අරමුණුවල සංයුක්තබවක් දක්නට නො ලැබෙන නිසා ය.

ඒකාබද්ධ විපක්ෂය එක පැත්තකින් පැහැදිලි නායකත්වයකින් තොර එකකි. එහෙත්, එතරම් සමාජ බලයක් නැති කුඩා ජාතිවාදී කණ්ඩායම් විසින් තම පැවැත්ම හා අරමුණු වෙනුවෙන් ඇදගෙන යනු ලැබේ. උදාහරණයක් ලෙස, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, බෙංගමුවේ නාලක හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ගෙවිඳු කුමාරතුංග වැනි අය විසින් නායකත්වය දෙන කුඩා කල්ලි ඒකාබද්ධ විපක්ෂය දරාගෙන සිටින ශක්තියයි. ඔවුන් ඒ වෙනුවෙන් ඇප කැප වීමට මූලික හේතුව ඔවුන්ට පැවැත්ම ඇත්තේ ද මෙම වැඩසටහනට උර දීම තුළ පමණක් වන බැවිනි.

පොදු දේපල පනත යටතේ ඇප නොමැතිව බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත වීම රාජපක්ෂ පවුල පැත්තෙන් පාද යාත්‍රාවේ සංවිධාන කටයුතුවලට මැදිහත් වීම අවම කිරීමට හේතු වී ඇති බව පෙනේ. රාජපක්ෂ පවුල මුහුණ දී සිටින ප්‍ර‍ධාන අර්බුදය වන්නේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දූෂණ චෝදනායි. මේ වන විට පරීක්ෂණ බොහොමයක් සෙමින් මුත් ස්ථාවර අවසානයන් කරා ළඟා වෙමින් තිබේ. අපරිණතකම නිසා වඩා අපරීක්ෂාකාරී ලෙස කටයුතු කර තිබෙන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ වැනි අය ඉතා පහසුවෙන්  නීතියේ රැහැනට හසු වන අයුරු පෙනෙන්නට තිබේ. බැසිල් රාජපක්ෂ වැනි අය අධික බලකාමයෙන් පෙළුණු අයයි. මහින්ද හා ගෝඨාභය වඩා දක්ෂ ලෙස කටයුතු කර තිබේ. එහෙත්, පොලිසිය හා අධිකරණය අපක්ෂපාතීව කටයුතු කරන්නේ නම් ඔවුන්ට මෙම චෝදනාවලින් ගැලවීම පහසු වන්නේ නැත.

රාජපක්ෂ පවුල මුහුණ දී සිටින ඇත්ත උභතෝකෝටිකය වන්නේ ආණ්ඩුව සමග සම්මුතියකට එළඹීමෙන් හෝ ගැලවී ගත නො හැකි තරමට විමර්ශන සිදු වීම හා නඩු පැටලීමයි. ආණ්ඩුවට එරෙහිව යාමෙන් ඔවුන් තවත් හිර වෙන්නට තිබෙන ඉඩකඩ ගැන ඔවුහු බිය වෙති. ඒ අතරවාරයේ ම, වෙන විකල්පයක් නැතිකම ද ඔවුන්ට බල පා තිබේ. ඒ නිසා ඔවුන් ඒකාබද්ධ විපක්ෂය සමග යනමුත්, ඒ ගමන එතරම් අධිෂ්ඨානයකින් කරන බවක් දක්නට නැත. විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ තුළ මෙම ලක්ෂණය පැහැදිලිව දකින්නට ලැබේ. ඒකාබද්ධ විපක්ෂයේ වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය අවධානය යොමු වන එක් ප්‍ර‍ධාන කාරණයක් වන්නේ මහින්ද ඒවාට එනවා ද නැද්ද යන්නයි. ඇත්තම කියනවා නම් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකයන්ට ද ඔහු ගෙන්වා ගැනීම සඳහා දැඩි උත්සාහයක්  දරන්නට සිදු වේ.

රාජපක්ෂ පවුලේ මහින්ද, නාමල්, බැසිල් වැනි අය තුළ දැකිය හැකි ප්‍ර‍මුඛ ලක්ෂණයක් වන්නේ ඔවුන් ජනප්‍රිය රැළිවල ගොදුරු බවට පත් වෙන්නට හා ඉන්පසු ඒවායේ නායකත්වයට පත් වන්නට තිබෙන නැඹුරුවයි. එයට මූලික හේතුව වන්නේ මොවුන්ට පැහැදිලි දේශපාලන දැක්මක් නැතිකමයි. දෘෂ්ටිවාදීන් නො වන ඔවුන් හැම විට ම ජනප්‍රිය රැල්ල සමග ඇදෙති. එසේම, මහජන බලවේග විසින් ඉල්ලා සිටින නායකත්වය දීමේ දක්ෂකමක් ද ඔවුන්ට තිබේ.

මෙම ලක්ෂණය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ දශකය තුළ පැහැදිලිව දක්නට ලැබුණු අතර, දෙමළ අරගලය යුදමය වශයෙන් පරාජය කර ලංකාවේ දේශපාලනය සම්බන්ධ සුසමාදර්ශීය වෙනසක් ඇති කිරීමට ද මහින්ද නායකත්වය දුන්නේ ය. එහෙත්, ඔහුගේ මෙම ලක්ෂණය නිසා ම ඔහුට එම සුසමාදර්ශීය වෙනස ප්‍ර‍ගතිශීලී සමාජ විපර්යාසයක් වෙත යොමු කරන්නට ද රටේ වැඩි ස්ථාවරත්වයක් ඇති කිරීමට ද යොදා ගැනීමට හැකි වූයේ නැත. ඔහුට යම් පැවැත්මක් හෝ ඉතිරි වුණේ යුද්ධයේ ජයග්‍ර‍හණය වෙනුවෙන් දුන් නායකත්වය හා අතිශය දූෂිත මුත්, යුද්ධයෙන් පසු දියත් කරන ලද සංවර්ධන ව්‍යාපෘති නිසා ය.

දැක්මකින් තොරව, ජනප්‍රිය බලවේග විසින් මෙහෙයවෙන නායකත්වයකට ලැබිය හැකි උපරිම වාසනාව මහින්ද රාජපක්ෂට ලැබුණු අතර, අද වන විට, තව දුරටත් වාසනාව මත පමණක් යැපෙන්නට හැකියාවක් නැත. සීමාන්තිකව මිථ්‍යාව පසුපස යමින් සිටි මහින්ද රාජපක්ෂට බලය ගිලිහීමෙන් පසු තමන්ට හා තම පවුලට අත්පත් විය හැකි තත්වය පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් ලබා ගැනීමට හෝ හැකි වූයේ නැත. වර්තමානයේ ඔවුන් මුහුණ දී සිටින දුෂ්කර තත්වයට හේතුව එයයි.

දැන් ඔවුන්ට ඉක්මණින් මේ රජය වෙනස් කර කලින් පැවති ක්‍ර‍මය ස්ථාපිත කර ගන්නට අවශ්‍යව තිබේ. එහෙත්, ව්‍යවස්ථාව අනුව හෝ පාර්ලිමේන්තුවේ පවතින බල තුලනය තුළ හෝ එවැන්නක් කිරීමේ කිසිදු හැකියාවක් නැත. මන්ත්‍රීන් මිළ දී ගෙන පාර්ලිමේන්තුවේ බල තුලනය වෙනස් කරන්නට ඇතැමෙක් තබා ඇති බලාපොරොත්තු සිහින පමණි. ඒවා බලය ඇති කාලයේ කළ හැකි වුවත්, බලයෙන් ගිලිහී දුබලව සිටින මහින්ද රාජපක්ෂලාට එසේ කරන්නට කිසිදු හැකියාවක් ඉතිරි වී නැත. එහෙත්, කුමන හෝ අද්භූත ආකාරයකින් ආණ්ඩු බලය අතට ගත්තත්, මහින්ද රාජපක්ෂ පාලනය පැවති දශකයේ තිබුණු පැරණි ක්‍ර‍මය නැවත ස්ථාපිත කර ගැනීම ඉතා පහසු නැත. හේතුව, පසුගිය වසර එකහමාරකට වැඩි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආයතන හා නීති පද්ධති යම් දුරකට ශක්තිමත් වී තිබෙන හෙයිනි.

එහෙත්, පාද යාත්‍රා වැනි වැඩසටහන්වලට සැලකිය යුතු සෙනගක් ආකර්ශනය කර ගැනීමේ හා ඉදිරි මැතිවරණයකදී ශක්තිමත් තුන්වන බලවේගයක් වීමේ හැකියාව මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයට ඇති බව පිළි ගත යුතු ය. එහෙත්, එම ශක්තිය අධි තක්සේරු කර ගත යුතු නැත. ඔවුන් ශ්‍රීලනිපයෙන් කොටසක් කඩා ගත හොත්, එය එම පක්ෂයට කෙටි කාලීනව දරුණු පහරක් වනු ඇත. එහෙත්, ශ්‍රීලනිපය අභිභවා දෙවන තැනට ඒමට හෝ ඒකාබද්ධ විපක්ෂයට පහසු නැත.

ඒකාබද්ධ විපක්ෂය තමනුත් සහභාගි වී කරගෙන යන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ව්‍යවස්ථා මර උගුලක් ලෙස නම් කරමින්, සිංහල-බෞද්ධයන් කුපිත කරමින් ජාතිවාදයේ පිළිසරණ සොයන්නේ ඔවුන්ට තිබෙන එකම මාර්ගය වැටී ඇත්තේ ජාතිවාදය තුළින් වන බැවිනි.

ඒකාබද්ධ විපක්ෂයට ශක්තියක් නැතැයි කිසිවකුට පැවසිය නො හැකි ය. ඒ පසුපස තිබෙන අයෝමය ශක්තිය පෝෂණය වන කාරණා කීපයක් තිබේ. ඉන් පළමුවැන්න ජාතිවාදය ද නො වේ. ඒ වනාහි සමාජය ඉහ වහා ගිය දූෂණ ලෝලී, උන්නතිකාමී, පාරිභෝජනවාදී අමන මානසිකත්වයයි. මෙම බලවේගයට අවශ්‍ය වන්නේ අන් කිසිවක් නොව, රාජපක්ෂ සමය තුළ තිබුණු දූෂිත, අයුක්ති සහගත, අවනීතික, පාදඩ ක්‍ර‍මය නැවත ස්ථාපිත කර ගැනීමයි. මන්ද, ඔවුන් යැපුණේ එයින් වන හෙයිනි. රාජපක්ෂ දශකය තුළ වූ ප්‍ර‍ධාන සමාජ මැදිහත්වීම වන්නේ දූෂණය, අයුක්තිය හා බොරුව සමාජයේ ඉහළ සිට පහළ දක්වා ඉහවහා යාමයි. මෙම සමාජ බලවේගයේ ස්වභාවය නිරූපණය කරන එක් ජවනිකාවක් පාද යාත්‍රාවේ මුල් දිනයේ ම සිදු විය.

ගිලන් රථ යනු රෝහල්වල ඉතා දුලබ සම්පතකි. ඒවා නිකම් තිබෙන අවස්ථා ඉතා විරළ ය. එසේම ඒවා රැගෙන නිකම් එහේ මෙහේ යාමට රියදුරන්ට හැකියාවක් ද නැත. යම් රෝගියකු රෝහලකට ඇරලූ ගිලන් රථයක් ඉක්මණින් ආපසු යා යුතු ය. මන්ද, එය ආපසු එනතෙක් තවත් අසාධ්‍ය රෝගියකු බලා සිටින්නට ඉඩ ඇති නිසා ය. එවැනි ගිලන් රථයකට පහර දීමෙන් මෙම බලවේගයේ උම්මත්තක ස්වභාවය හොඳින් නිරූපණය වේ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. I would like to know your review about what happened in Turkey..

    ReplyDelete
    Replies
    1. Turkey are very tasty. We eat a lot of Turkey at Xmas days.

      Delete
  2. පසුගිය දිනෙක මා ලියූ ෆේස්බුක් සටහනක් අසල අදහස් පළ කිරීමක් කළ කෙනෙක් මෙහෙම කිව්වා. //ඔබගේ සතුට ටිකක් ගැස්සෙන ආරංචියක් දෙන්නම්. මේ දිනවල දිනපතා පාහේ රෑ දොගඩෙහරිය වෙනකන් කෝටටෙ ආශ්‍රිතවත් ගම්පහත් ආදි වශයෙන් තැන් කිහිපයක එක කල්ලයික් ලොකු කුමණ්ත්‍රණයක නියැලෙනවා. ඒ ආණ්ඩු බලය කොහොම හරි ගන්න. ඒකට අවශ්‍ය මුදල් දැන් සොයාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මහින්ද දිනවීමට කටයුතු කර පසුව මෛත්‍රි සමග දීග කන ඇමැතිවරැ හා එජාපයේ හිටියොත් කවදාවත් සුගතියක් වෙන්නෙ නැහැ යැයි සිතන මන්ත්‍රීවරු පිරිසකට මුදල් දී ඔලු සංඛ්‍යාව වෙනස් කර මහින් අගමැති ලෙස පත් කිරීමයි. එය ආසන්නයි. මේ එක නඩුවක් හෝ එක දිගට අසා තීන්දුවක් ගත්තේ නැත්නම් අනතුර ඉක්මන්. කොහොම.් දැන් වැඩේ ඉතා සාරථක බවයි පේනනේ.//

    දැන් මං හිතන්නේ ඒ සිහිනය හබක්.

    අලුත්ම සිහිනය තුර්කියේ වගේ හමුදා කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක අසාර්ථක කුමන්ත්‍රණයක්.

    තුර්කියේ සිදු වූ දෙය අමුතු දෙයක් නෙමෙයි. බලයට කෙටි මං සොයන අන්තවාදීන් හැමදාමත් හමුදා කුමන්ත්‍රණවල නියැලිලා තිබෙනවා. ඒවා ජය ගත් අවස්ථාත් තිබෙනවා.

    ලංකාවේ වුණත්, ඇතැම් බලාපොරොත්තු සුන් වූ බලවේග එවැනි දේවලට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒ ගැන අවදියෙන් ඉන්න එක ආරක්ෂක බලධාරින්ගේ වගේ ම සිවිල් වැසියන්ගේ්ත් වගකීමක්.

    මේ පාද යාත්‍රා යන අයත් තමන්ගේ නායකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. මේ අය ම නේද පසුගිය දිනවල කිව්වේ කොටි යළි නැගිටිනවා අරවා මේවා.

    එහෙම කිය කියා මහින්ද රාජපක්ෂව මිනිසුන්ට අතපත ගාන්නට පාරට දාලා තියෙන එක කොයි තරම් අවස්ථාවාදී, කුහක වැඩක් ද?

    විමල්ලා, උදය ගම්මන්පිලලා වගේ අය තමන්ගේ අරමුණු ඉටු කර ගන්න ඕනැ මිනිහෙක් බිලි දෙන්නට සූදානම් බව පෙනෙනවා නේ ද?

    පාද යාත්‍රාවේ ආරක්ෂාව ගැන රජය මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

    ReplyDelete
  3. මගේ පාද යාත්‍රාව ගැන විස්තර සඳුදා පළ කරමි!

    ReplyDelete
  4. // ඒ පසුපස තිබෙන අයෝමය ශක්තිය පෝෂණය වන කාරණා කීපයක් තිබේ. ... ඒ වනාහි සමාජය ඉහ වහා ගිය දූෂණ ලෝලී, උන්නතිකාමී, පාරිභෝජනවාදී අමන මානසිකත්වයයි. //

    ආණ්ඩුවේ කාලකන්නින්ට 10,000ක් පඩි වැඩි කරනවා, මෝටර් සයිකල් නිකම් දෙනවා, නයට ගත්තු උන්ගේ ණය කපනවා, වී තේ රබර් වලට උඹලට දැන් හම්බ වෙන ගණන් මදි අපි ආවම ඔයිට වැඩියෙන් දෙනවා, තෙමීගෙන බයිසිකලේ යන උන්ට කාර් වල යන්න දෙනවා වගේ දාහකුත් එකක් පොරොන්දු දුන්නේ නැත්නම් මෛත්‍රී 2015දී ගත්තු වැඩි චන්ද ලක්ෂ හතරහමාර ගනී ද?

    එතකොට ඒවට චන්දේ දුන්නේ "සමාජය ඉහ වහා ගිය "දූෂණ ලෝලී (මිනිස්සුන්ගේ පොදු සල්ලි වලින් තමන් ආතල් ගන්න), උන්නතිකාමී, පාරිභෝජනවාදී අමන මානසිකත්වය" නෙවෙයි ද?

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි. ඒක තමයි දැනටත් තියෙන අවුල. ඒක නිසා තමයි අපි අඛණ්ඩව සටන් කරන්නේ.

      මහින්දව දිගට ම තියාගෙන හිටියා නම් අපට මේ ප්‍රශ්නයවත් මේ විදියට මතු කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

      දැන් තියෙන ප්‍රශ්නයට විසඳුම මහින්දව නැවත ගෙන එන එක නෙමෙයි.

      මේ ක්‍රමය වෙනස් කරන්නයි අරගල කරන්න ඕනැ. අපි කරන්නෙ ඒක.

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මෙතන ඇවිත් කුණුහරුප නො කියා තමන්ගේ බ්ලොග් එකක් පටන් අරන් කැමැත්තක් කර ගන්න.

      Delete
    2. aththa iiyanakota umbr redi galawenakota umbata ridenawa thamayi. eth umbata ba mage coment ekata uththara denna. ekana comment eka makuwe. ohoma palaynko

      Delete
    3. මකපු එක තමයි බං බොට දීපු උත්තරේ.

      බොලා වගේ එවුන්ගේ කුණුහරුප මට අලුත් නැහැ.

      වැඩක් කෙළ වෙනකොට පරාජිතයෝ මේ වගේ හැසිරෙන එක සාමාන්‍ය දෙයක්.

      Delete
  6. මහින්ද රාජපක්ෂ යනු එකස්පයර් වී ඇති මේඩින් සිරි ලංකා කක්කා බෙට්ටකි..

    තාමත් කක්කා වලට කැමති ගූ මැස්සන් කීප දෙන්ක් ඒ වට සැරිසරති..

    බල්ලොත් නොකනා මේ මේ කක්කා බෙට්ට ළඟදීම සිරෝසිස් වැළඳි ස්වර්ගස්ත වනු ඇත...

    ඉතිහාසයේ අති සෙරේස්ට ළෝක නායකයකු ලෙස පොත පතෙහි ලිය වෙන්නට තිබූ නායකයකු, ගොබ්බ පුතුන් තිදෙනකු, බිරිඳක හා සහෝදරයින් පිරිසක් විසින් පීචං නායකයකු කල බව පමණක් ඉතිහාස පොත් වල ලියැවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++

      Delete
    2. sira samaga ranil itath wada ikmanin kakka wela iwarayi ban

      Delete
    3. මම උනත් රාජපක්ෂට විරුද්ධයි. නමුත් ඔහුට "කක්කා බෙට්ටකි" කියා කීමෙන් ඔබගේ මානසික තත්වය පෙන්නුම්කරයි. රෝයල් ගිය එක පමණක් ජීවිතයේ එකම HIGHLIGHT එක වෙච්ච ඔබගෙන් මිට වඩා තව මොනවා බලාපොරොත්තු වෙන්නද. කුණුහරුප කීමෙන්, අපහස කිරීමෙන් ඇරියස් කවර් කරගෙන පොරක් වීමට දැගලීම දැන්වත් නවත්වන්න. ඔබගේ රාජ්‍ය SOFTWARE වලින් අපව සෙවීමට වෙහෙස නොවන්න. ලොල් , බෙපෙසී .

      Delete
    4. No Comments for this
      "ඉතිහාසයේ අති සෙරේස්ට ළෝක නායකයකු ලෙස පොත පතෙහි ලිය වෙන්නට තිබූ නායකයකු, ගොබ්බ පුතුන් තිදෙනකු, බිරිඳක හා සහෝදරයින් පිරිසක් විසින් පීචං නායකයකු කල බව පමණක් ඉතිහාස පොත් වල ලියැවෙනු ඇත."

      Delete
  7. ප්‍රංශයේ අව්රුදු 19ක තරුණයෙක් මැඩ්රාසා මගින් මොලය අවුල්කිරීම නිසා(ඔහුගේ අම්මා කියන පරිදි) කතෝලික පල්ලියකට කඩාවැදී අව්රුදු 85ක ෆාදර් කෙනෙක් බෙල්ල කපා මරාදමන ප්‍රවෘත්තියන් . ඉන් පසු මෙම රුඩිකල් මුලධර්ම වාදී මධ්‍යස්ථානය පෙලිසිය විසින් පරීක්‍ෂණයට භාජනය කරන ආකාරයත් පසුගිය දවස්වල විදෙස් මාධ්‍යවල ප්‍රවෘත්ති අතර මුල්තැනක් ගත්තේය. ලංකාවේ අපි මේ ගැන කුමක් කරමුද ? ජාතිවාදයට විරුද්ධවීම යනු මුලධර්ම වාදයට ඉඩදීමක් විය්‍රුතුද ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අපි සියලු ආගම්වලටත්, සියලු ජාතිවාදයන්ටත් එක හා සමාන විදියට අඩුපාඩුවක් නැතිව වෛර කරන්නේ. භංග වේවායි පතන්නේ. ආගම් හා ජාතිවාදයන් භංග කරන්නට මතවාදීව කළ හැකි සියලු දේ කරන්නේ. හැබැයි මතක තියාගන්න අපි ඒවා කරන්නේ මතවාදීව විතරයි. ඒ නිසා අපට එරෙහිව එන ආගමිකයෝත් මතවාදීමය ලෙස විතරක් එන්න වග බලා ගන්න.

      Delete
    2. මතවාදීව වෛර කොරන හැටි කියලා දෙන්න බැරිද පැරා?

      Delete
    3. මොලේ කචල් උන්ට මූලධර්ම වාදියෝ කියන්නේ ඇයි?

      Delete
  8. ආනු විරෝදයක් ලෙස 88/89 කාලේ ට්‍රාන්ස්ෆොර්මර් වල තෙල් බස්සමින්, CTB බස් පුච්චමින්, මිනිස්සු ලයිට් කනු වල ගැට ගසා වෙඩි තබමින් පැරා ලා එවකට වන්දනා කොල ජෙප්පන් කල මහා විනාසය එක්ක සසඳා බැළී මේ දී පාද යාත්‍රාව අන්තිම අහින්සකයි මෙයාලා!

    පැරාත් බස් එහෙම පුච්චන්න සාබාගී උනාද හැබෑවටම???

    ReplyDelete
    Replies
    1. 1989 කැරැල්ල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවා ම ජවිපෙ හිටපු සාමාජිකයෙක් විදියට මම නම් එහි සාමූහික වගකීම භාර ගන්නවා.

      සුනිල් හඳුන්නෙත්තිලා වගේ අපි ඒ වගේ වැඩ කළේ නැහැ, අපි හිටියෙ දේශපාලන අංශෙ අරව මේව කියන්නෙ නැහැ.

      Delete
    2. පැරා තුමා ගේ කෙලින් උත්තරයට ස ර ස තුමා ගේ ප්‍රනාමය!

      Delete
    3. bus gini thiyapu eka witharada? umba padawiya paththe job karaddi koti NGO karayanta message dipuwa.

      Delete
    4. I think I have not done any harm to your mother Anonymous.

      Delete
  9. රිමාන්ඩ් බන්ධනාගාර නෙමේ හොස්පිටල් බන්ධනාගාර ගත වෙලා ඉන්නේ. හැබැටම මේ යකා හැමදාම මෙහෙම කරන්නේ කොහොමද? සාමාන්‍ය පුරවැසියන්ට මෙහෙම හොස්පිටල් යන්න බැරිද ? නිතිය දන්නා එක්කෙනෙක් මේක පොඩ්ඩක් කියල දෙන්නකෝ .

    ReplyDelete
  10. "මේ වන විට පරීක්ෂණ බොහොමයක් සෙමින් මුත් ස්ථාවර අවසානයන් කරා ළඟා වෙමින් තිබේ. "
    මෙහෙම කියන්නට තරම් වර්ධනීය බවක් මේ පරීක්ශණ වල තියෙනවද ?
    අනික ඒ පරීක්ශණ අවංකව ඉදිරියට ගෙන යාමට එජාපය ඉඩ තියයිද? මොකද ඔවුන්ගේ පැවත්ම ස්ථිර වෙන්නෙ මහින්ද එලියේ සිට ශ්‍රිලනිපය දෙකට කඩන තුරු පම්ණක් වීම නිසා


    මහින්ද ගැන සහ ඔහුගේ හිතවාදීන් ගැනනම් ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ තවම යුද අපරාධ ගැන ඔවුන්ට කිසිම පරීක්ශයක් නැති වීමයි.

    ReplyDelete
  11. “ඒකා බද්ධ වෛරය”: මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් තම කාර්යභාරය මනා ව ඉටු කරන සාධනීය වියුණුසටහනක්.
    =============================================================================================

    ප්‍රවීණ දේශපාලන විචාරක මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් විසින් පාද යාත්‍රා පිළිබඳ වැදගත් වියුණුසටහනක් “ඒකා බද්ධ වෛරය” යන ශීර්ෂයෙන් පළ කරනු ලැබ ඇත. මූලික ව ම “ජනසටන” පාද යාත්‍රාව අලළා කෙරුණු (පාද යාත්‍රා පිළිබඳ) සංයුක්ත කියවීමක් ලෙස ජයසිංහයන්ගේ වියුණුසටහන සැලකිය හැකි ය. එහි ඇතැම් තැනෙක ඔවූහු පාද යාත්‍රා පිළිබඳ වියුක්ත කියවීමක් ද කරති.

    පාද යාත්‍රා යනු දේශපාලන වශයෙන් නිෂ්ඵල ක්‍රියාකාරකමක් ම නො වේ. කිසියම් නිෂ්චිත දේශපාලන අරමුණක් ප්‍රවර්ධනයටත් ජන විඥානය හා ජන උද්‍යෝගය පුබුදුවාලීමටත් පාද යාත්‍රා මඟින් සාධනීය කාර්යභාරයක් ඉටු වේ. පාද යාත්‍රා යන නමට වඩා වැඩි ඉතිහාසයක් එනමින් හැඟවුම්කරණය වන ක්‍රියාකාරකමට ඇත.

    ඉන්දීය නිදහස් සටනට අවිහිංසාවාදී ජීව ප්‍රාණය එකතු කළ මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි 1930 දී සුප්‍රකට “Dandi Salt March” නම් වූ පාද යාත්‍රාව සිදු කළේ බිරිතානි අධිරාජ්‍යවාදී පාලන විසින් පනවන ලද ලුණු බද්ධට විරෝධය පෑමක් ලෙස ය. දින 24 ක් පුරා කිලෝමීටර හාරසියයක් පමණ දුරක් ගෙවූ එකී පාද යාත්‍රාව 1942 වන විට විජයග්‍රාහී ව පරිසමාප්තියට පත් වූ ඉන්දීය නිදහස් සටනට ලබා දුන් ජීවය සුළුපටු නො වේ.

    වර්ණභේදවාදයෙන් පීඩිත ඇමෙරිකානු ජනයාගේ සිවිල් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා සම්භාවනීය කාර්යභාරයක් සිදු කළ මාටින් ලූතර් කිං 1963 දී සංවිධානය කළ “The Great March on Washington” නමැති රැලිය ද එක් ආකාරයක සුවිශේෂි පාද යාත්‍රාවකි. එක්සත් ජනපදයේ නන් දෙසින් සහස්‍රසංඛ්‍යාත ජන සන්නිපාතයක් වොෂින්ටනය වෙත දෙදිනක් පුරා ඇදී පැමිණියහ. ලින්කන් සමාධිය පාමුල මුළු ගැන්වුණු එකී ජන සන්නිපාතය ඇමතූ ලූතර් කිං “I have a dream” නම් විශිෂ්ට කතාව කළේ ය. 1964 දී සිවිල් අයිතිවාසිකම් පනත සම්මත කර ගැනීම සඳහා මෙම පාද යාත්‍රාව මඟින් ඉටු වූ සේවය අතිමහත් ය.

    වර්ණභේදවාදයෙන් පීඩිත ඇමෙරිකානු ජනයාගේ ඡන්ද අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ද මාටින් ලූතර් කිංගේ සහභාගීත්වයෙන් මෙවැනි පාද යාත්‍රා කීපයක් ම ඇලබාමා ප්‍රාන්තයේ දී ද 1965 වර්ෂයේ දී සිදු විණි. ඒවා “Selma to Montgomery Marches” යන නමින් හැඳින් වේ. 1965 වර්ෂයේ දී ඡන්ද අයිතිවාසිකම් පනත සම්මත කර ගැනීම සඳහා මෙම පාද යාත්‍රා මඟින් ඉටු වූ සේවය අතිමහත් ය.

    (ජාතිවාදී ප්‍රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම යයි පවසන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් වැනි බුද්ධිමතෙකු එක්දහස් නවසිය හැට ගණන්වල එක්සත් ජනපදයේ සිටියේ නම් ඔවුන් පවසනු ඇත්තේ වර්ණභේදවාදී ප්‍රශ්නයට විසඳුම වර්ණය නැති කිරීම බවත් ඒ සඳහා එක්සත් ජනපද ආණ්ඩුව කළු සමක් සහිත මිනිසුන්ට නොමිලේ විරංජන ප්‍රතිකාර හා ප්ලාස්ටික් ශල්‍යකර්ම පහසුකම් සපයා දිය යුතු බවත් ය. ඒ වූ කලී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම රජයේ කාර්යාලවලට දෙමළ යතුරුලියන ලබා දීම යයි පැවසීමට වඩා විසුළුවකි!)

    වීන විප්ලවයට පුරෝගාමී නායකත්වය දුන් මාවෝ සේතුං ද “The Long March” නම් පා ගමනක් 1934 දී සිදු කළේ ය. වර්ෂයක පමණ කාලයක් ඇදී ගිය එම පා ගමනට සහභාගී වූවෝ රතු හමුදාවේ කම්කරුවෝ ද ගොවියෝ ද වූහ. මාවෝවාදී විප්ලවීය න්‍යාය මත පදනම් වූ “The Long March” සන්නද්ධ පා ගමනක් වූ බැවින් එය පාද යාත්‍රා ගණයට එකතු කිරීමට අපගේ එතරම් කැමැත්තක් නැත. එහෙත් මාවෝවාදීන් එය ද පාද යාත්‍රාවක් ලෙස සැලකු ව ද අපගේ විරෝධයක් නැත.

    පාද යාත්‍රා පිළිබඳ ලාංකීය ඉතිහාසය කෙසේ ද? අනල්ප සංඛ්‍යාත්මක ය; අල්ප ගුණාත්මක ය; අඳ දෘෂ්ටිවාදාත්මක ය. 1957 ජුනි මාසයේ දී අත්සන් කෙරුණු බණ්ඩා-ශෙල්වා ගිවිසුමට විරෝධය පා කුශාග්‍ර ධනපති දේශපාලඥයෙකු වුවත් ජාතික ප්‍රශ්නය පිළිබඳ ඉතා අපරිණත අස්ථානයක සිටි ජේ. ආර්. ජයවර්ධනයන් විසින් 1957 ඔක්තෝම්බර මාසයේ දී කොළඹ සිට නුවරට පාද යාත්‍රාවක් අරඹන ලදී. යක්කල බණ්ඩාරනායක වලව්වේ ඇස්. ඩී. බණ්ඩාරනායකයන්ගේ බාධාකිරීම් නිසා එම පාද යාත්‍රාව අසාර්ථක වුව ද එමඟින් බණ්ඩා-ශෙල්වා ගිවිසුම් ප්‍රකාර බලය බෙදීමට එරෙහි ව ඇති වූ ජනතා ප්‍රකෝප කිරීම නො සලකා හැරිය යුතු නැත. වාහන අංක තහඩුවල “ශ්‍රී” අක්ෂරය යෙදීමක් ද මේ විරෝධයට එකතු වූ කල නිදහසින් පසු ලංකාවේ පළමු ජාතිවාදී කෝලාහලය ඇති විණි (අසූ තුනේ කළු ජූලිය පිළිබඳ කවි ලියන මතුගම අජිත් පැරකුම් ජයසිංහයනට එකී ඉතිහාසය අමතක සෙයකි). බල තණ්හාවෙන් මෙහෙය වුණු බණ්ඩාරනායක සිරිමත්හු තමන් බලයට ගෙනා සංඝ සමාජයේ බලපෑමට යටත් ව අවසානයේ දී බණ්ඩා-ශෙල්වා ගිවිසුම ඉරා දැමූහ.

    Cont...

    ReplyDelete
  12. “රාජ්‍ය නම් ලෞකික සංස්ථාපිතයකි. එහි කටයුතුවලට ඇඟිලි ගැසීම සංඝයාගේ කාර්යභාරය නො වේ. සංඝයා තමන්ගේ වැඩක් බලා ගෙන පන්සල්, ආරාමවලට වී සිටිය යුතු ය” යි පවසන්නට බණ්ඩාරනායක සිරිමතුනට කොන්ද පණ තිබුණේ නැත (ඔක්ස්ෆර්ඩ්හි උගත් බුද්ධිමතෙකු වූ තරුණ බණ්ඩාරනායක මහතා එක්දහස් නවසිය විසි ගණන්වල දී ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳ සාධනීය අස්ථානයක සිටි බව අප විසින් මින් පෙර කීප වරක් වෙනත් ආලෝචනවල දී පවසන ලදී).

    ඉන් පසු බලයට පැමිණි මහත්මා දේශපාලනඥයෙකු වූ ඩඩ්ලි සේනානායකයන් විසින් 1966 දී ඩඩ්ලි-ශෙල්වා ගිවිසුම අත්සන් කෙරුණු කල එයට විරෝධය පෑවේ බණ්ඩාරනායක සිරිමතුන් ගොඩ නැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නො වේ. වාමාංශිකයෙකු ලෙස පවසන්නට ද ලැජ්ජාසහගත කරුණ නම් ලංකාවේ පැරණි වම ද ඩඩ්ලි-ශෙල්වා ගිවිසුමට එරෙහිව තමනට කළ හැකි පමණට අගනගරය තුළ හෝ කුඩා පාද යාත්‍රා යාම ය. “ඩඩ්ලිගේ බඩේ - මසල වඩේ” වැනි නීච සටන් පාඨ සාදන ලද්දේ ධනපති පංතියේ මහා සිංහල ජාතිකවාදය විසින් නො ව ලාංකීය පැරණි වමේ එතෙක් සැඟ ව තිබූ මහා සිංහල ජාතිකවාදය විසිනි.

    පාද යාත්‍රා සම්බන්ධ වඩා සංවිධිත ක්‍රියාකාරකමක් දැක ගත හැකි වූයේ 1992 දී ය. ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහි ව සිදු වූ එම පාද යාත්‍රාව මනා මහජන දායකත්වයක් ලද මෙරට එක ම පාද යාත්‍රාව බව පැවසිය හැකි ය. පාද යාත්‍රාව යන නම පුළුල් ව ව්‍යවහාරයට පැමිණියේ ද ඒ සමඟ ය. කොළඹ සිට කතරගම දක්වා ගමන් කළ පාද යාත්‍රාව අවසානය තෙක් ගෙන යන ලද්දේ එයට එක් වූ ජනතාව විසිනි. 1992 දී සිදු වූ එකී දර්ශීය පාද යාත්‍රාවේ රස කතා හොඳින් ම දන්නා තැනැත්තා විශිෂ්ට දේශපාලන විචාරක, කෘතහස්ත මාධ්‍යවේදී සහ ජාතික ප්‍රශ්නය පිළිබඳ අදීන මතධාරී කුසල් පෙරේරා ය. කුසල්ගේ බුද්ධිමය දායකත්වය නො වන්නට පාද යාත්‍රාව මොරටුව දක්වාවත් නො යන්නට ඉඩ තිබිණි. වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාලනයෙන් පරිපීඩිත ජනතාව 1994 වන විට ආණ්ඩු පෙරළියකට යොමු කරවන්නට ජන විඥානය පුබුදුවාලනු ලැබූ එක් වැදගත් සාධකයක් වූයේ 1992 වර්ෂයේ සිදු වූ පාද යාත්‍රාව ය.

    1992 වර්ෂයෙන් පසු සුළු පරිමාණයේ පාද යාත්‍රා කීපයක් සිදු වුව ද ඒවායේ අභිප්‍රේතාර්ථයන් පුළුල් දේශපාලන පරාසයක වූ බවක් නො පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ ජන බල මෙහෙයුම හැරුණු කල අතිප්‍රබල ආචරණයක් ජන විඥානය මත සිදු කිරීමට අවශේෂ සුළු පාද යාත්‍රා සමත් වූ බවක් අපි විශ්වාස නො කරමු. ලාංකීය හෙකියුබා බිසව ලෙස යුද විරෝධයකින් බලයට පැමිණි කුමාරතුංග මැතිනියගේ ජනාකර්ෂණය බිද වැටෙමින් පැවති යුගයක ජන බල මෙහෙයුම ඇයගේ ආණ්ඩුවේ මිනි පෙට්ටියට ගැසූ ඇණයක් විණ.

    මෙවර නුවර සිට කොළඹ දක්වා පැමිණෙන ජනසටන පාද යාත්‍රාව අභිප්‍රේතාර්ථයන්ගෙන් ද සංවිධානාත්මක භාවයෙන් ද සහභාගීත්වයෙන්ද අජූව බව සත්‍යයකි. එයට සහභාගී වන දේශපාලනඥයෝ බොහෝ දෙනෙක් දූෂණ වංචාවලට බඳුන් වූවෝ ය; සමහරු ඇප පිට ය; සමහරුන්ට ඇපත් නැත. මෙම පාද යාත්‍රාව දකින විට අපට සිහිවන්නේ කලකට පෙර තිස්සමහාරාම, හම්බන්තොට වැනි පැතිවල සිට අගනගරයට පැමිණි ලොරි ය. එම ලොරිවල ඉදිරිපස සඳහන් ව තිබුණේ “බුදු සරණ යි!” යනුවනි. එහෙත් පිටුපස පුරවා තිබුණේ හොර හරක් ය.

    පසු ගිය සමයේ දී මුහුණුපොතට එක් කරනු ලබන වීඩියෝ මඟින් ජනතාවට දේශපාලනය පිළිබඳ දේශන පැවැත් වූ, කලක් යහපාලන රජයේ ගුණ වැයූ එක් ලලනොත්තමාවියක ද කාලවර්ණ වස්ත්‍රයෙන් සැරසී තමනට ද නො වැටහෙන සටන් පාඨ පවසමින් තම මුග්ධ ප්‍රසන්නයන් (fans) සමඟ මෙම ජනසටන පාද යාත්‍රාවේ යනු අපි දුටුවෙමු. අඩු ව තිබුණේ එවන් විගඩමක් පමණක් සේ ය. මෙම විසූක දස්සන දකින, අනූව දශකයේ මුල දී අතිසාර්ථක පාද යාත්‍රාවකට බුද්ධිමය සම්පත් සැපයූ, පාද යාත්‍රා වදනේ ද නිර්මාතෘ වූ ළබැඳි කුසල්, බෙල්ලන්විලට වී “අහෝ! පාද යාත්‍රාවට වූ නස්පැත්තියක්!” යයි සුසුම් හෙළනු ඇත.

    මෙවන් විකාරවලින් යුත් “ජනසටන” පාද යාත්‍රාව ආණ්ඩුව විසින් නො සලකා හරිනු ලැබ යුතු ද? අපගේ අදහස නම් ආණ්ඩුව මෙම පාද යාත්‍රාව ඉතා ගැඹුරින් සලකා බැලිය යුතු බව යි. ඉතිහාසය විසින් පෙන්වා දී ඇති සත්‍යයක් නම් මහා පරිමාණ පාද යාත්‍රාවලට ජනතා නැඟිටීමක් ඇති කරවීමේ ද ජනවිඥානය ප්‍රේරණය කිරීමේ ද විභවය පවතින බව ය. ලාංකීය සමාජය ඉතා පහසුවෙන් ජාතිකවාදී ප්‍රේරණයකට ලක් කළ හැකි එකකි. දෙවරක් පරාජය වූයේ වුව රාජපක්ෂයන් යනු තවමත් සිංහල මහා ජාතිකත්වයේ අසමසම වීරයා ය. ඔහුගේ බලාපහරණයට ද දුෂණයට ද අකමැති අය පවා ඔහුගේ ඊනියා ජාතිකවාදී පෞරුෂයට ආකර්ෂණය වෙති.

    Cont...


    ReplyDelete
  13. මතුගම අජිත් පැරකුම් ජයසිංහ වැනි මිලියන හතරකට වැඩි ජනපදනමක් සහිත ලිබරල් ධනවාදී දේශපාලන න්‍යායාචාර්යවරයෙකුගේ පූර්ණ දායකත්වය ලබමින් වුව, යහපාලන නඩය ලැබූ ජයග්‍රහණය සැලකිය යුතු වෙනසකින් (සංඛ්‍යාත්මක ව) යුත් ජයග්‍රහණයක් වූයේ නැති බව අප අමතක කළ යුතු නැත. වර්තමාන රජය ජනතාවගෙන් දිනෙන් දින දුරස් වන කල, ආණ්ඩු විරෝධී ජනමතය රාජපක්ෂයන් වටා එක් රැස් විය හැකි ය. යහපාලනය එපා වූ පමණින් ලාංකීය ජනතාව වම වෙත එක්රැස් වන්නේ නැත. වමට පමණක් නො ව සුළු ධනපති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ වෙත හෝ එක්රැස් වන්නේ නැත (ප්‍රධාන ද්විපක්ෂ දේශපාලනය ශ්‍රී ලංකාවේ පමණක් නො ව එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ ද පවතින ගැටලුවකි).

    මේ අනුව ජනබලය පාද යාත්‍රාව විසින් ලබා දෙනු ලබන සංඥාව ආණ්ඩුව විසින් මනා ව ග්‍රහණය කර ගත යුතු ය; එම සංඥාවේ කේතය නිවරද ව කියවා ගත යුතු ය. ආණ්ඩුව තම ගමන් මඟ තිරණය කිරීමේ දී එම කේතයේ ගැබ් ව ඇති තොරතුරු ප්‍රයොජනයට ගත යුතු ය; සැලකිල්ලට ගත යුතු ය. එසේ නැති වුවහොත් අතීත වැරදි පුනර්කරණය විය හැකි ය.

    ලංකාවේ උගත් තරුණ පිරිසක් පාලක පන්තියට එරෙහි ව යම් කිසි නැඟී සිටීමකට සැරසෙන බවක් පෙනෙන්ට ඇති බව එක්දහස් නවසිය හැත්තෑවේ යම් දිනෙක පැරණි වමේ පීටර් කෙනමන්ට පැවසූ විට ඔහු පැවසුවේ “ඒවා ගැන වද වෙන්න එපා. ශිෂ්‍යයන් පංතියක් නො වන නිසා ඒ අයට විප්ලවීය නැඟී සිටීමක් කළ නො හැකි යි” යනුවෙනි. වසරක් ගෙවෙන්නට කලින් 71 කැරැල්ල ඇති විණ. පැරණි වමේ දේශපාලන සංඥා කියවීම එලෙස ය. 1992 වර්ෂයේ පාද යාත්‍රාව පිළිබඳ සියලු සංඥා ප්‍රේමදාස ආණ්ඩුව නො සලකා හැරියේ ය. පාද යාත්‍රාව පිළිබඳ “වද වීමට අවශ්‍ය නැති බවට” ලණුවක් ප්‍රේමදාස ආණ්ඩුවට දුන්නේ එකල ප්‍රේමදාස ආණ්ඩුවේ ප්‍රබල හා විශ්වාසී හිතවතෙකු ව සිටි ඔසී අබේගුණසේකර ය. 1994 වන විට එක්සත් ජාතික පක්ෂය පාද යාත්‍රාවේ තරම වටහා ගන්නේ විපක්ෂයේ සිට ය.

    දැන් වික්‍රමසිංහ ආණ්ඩුව වෙනුවෙන් ලියන බේරේ ගෙදර කණ්ඩායමත් අනෙකුත් ආයතනවල අයත් ජනබලය පාද යාත්‍රාව පිළිබඳ “වද වීමට අවශ්‍ය නැති බවට” මතයක් සාදමින් වික්‍රමසිංහ ආණ්ඩුවට ලණු ගිල්වමින් සිටී. තමා ආරක්ෂා කරන්නට වඳුරන් අතට කඩු දුන් ආණ්ඩුව පරිස්සම් විය යුතු ය. මැස්සාට කෙළින පහර ආණ්ඩුවට වැදීමට බොහෝ ඉඩ ඇත.

    වික්‍රමසිංහයන් නම් ජන බලය (ජනතාවගේ බලය) කෙරෙහි එතරම් විශ්වාසයක් තබන බවක් නො පෙනේ. ඔවුන් තීරණ ගන්නේ ජන විඥානය සලකා නො වේ. ජන විඥානය නො හඳුනන තම හිතවතුන් කීප දෙනෙක් සමඟ එක් ව බැරෑරුම් තීන්දු ගැනීම 2001 දී මෙන් ම මෙවර ද ඔවුන් කෙරෙන් දිස් වේ. 2001 දී සාම වැඩ පිළිවෙළ පිළිබඳ යහපත් ජන මතයක් සදන්නට වික්‍රමසිංහ ආණ්ඩුව එතරම් උනන්දු වූයේ නැති බව අප මින් පෙර ද පවසා ඇත. එසේ ම දේශපාලනය කළ යුතු තැන දී වික්‍රමසිංහයන් දේශපාලනය කළේ ද නැත. එනිසා සාමවැඩ පිළිවෙළට නිර්මාණාත්මක සහයෝගයක් දිය හැකි වාමාංශිකයන් වික්‍රමසිංහයනට කිට්ටු ව සිටිය දී ද රාජිත සේනාරත්න වැනි කලක් වමේ සිටි සූර දේශපාලන ප්‍රයෝගකරුවන් වික්‍රමසිංහයන් වටා සිටිය දී ද අවසානයේ දී වික්‍රමසිංහයන් ආණ්ඩු බලය නැති කර ගත්තේ ය.

    වික්‍රමසිංහයන් අවම වශයෙන් ජාතික ප්‍රශ්නය පිළිබඳ හෝ යම් සාධනීය මැදිහත් වීමක් කරති යි අපි විශ්වාස කරමු. වික්‍රමසිංහ ආණ්ඩුව කුමන්ත්‍රණ මඟින් පෙරළා සිංහල මහා ජාතිකවාදී රාජපක්ෂයන් යළි බලයට ගෙන ඒමට අප විරුද්ධ වන්නේ එනිසා ය. වික්‍රමසිංහ ආණ්ඩුව රැක ගනිමින් එය නිවරද මාර්ගයේ ගෙන යාම එම ආණ්ඩුව බලයට ගෙන එන්නට මහත් කාර්යභාරයක් කළ මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් වැනි බුද්ධිමතුන්ගේ වගකීමකි. දරුවන් ජාතක කර ඔවුන් උපන් දා සිට අතහැර දමා අනාථ කිරීම ජනතා විමුක්ති පෙරමුණේ පුරුද්ද ය. වගකීම්බර පියෙකු වන ජයසිංහයන් නම් එසේ නො වන බවට මෙම සාධනීය වියුණුසටහන සාක්ෂ්‍යයකි.

    End.



    ReplyDelete
    Replies
    1. වාදයට එන ජාතිවාදීන්ට දෙන පිළිතුරුවලින් ජාතික ප්‍රශ්නය සම්බන්ධ මගේ ස්ථාවරය උපුටා ගන්න එපා.

      ඔව්. මා ආගම් සම්බන්ධයෙන් කියනවා සියලු ආගම් බැහැර කළ යුතු බව. ජාතීන් සම්බන්ධයෙනුත් මා එය කියා තිබෙනවා. ඒත්, ඒ නිකම් සරළ අර්ථයකින් නෙමෙයි.

      ජාතිය කියන්නේ අපට නො තකා හැරිය හැකි සාධකයක් නො වන බව මම පිළිගන්නවා. ඒත්, මගේ තර්කය මෙයයි. වාමාංශිකයන් ජාතිය පිළිබඳ කටයුතු කරනවාට වඩා දේශපාලන ප්‍රජාව ලෙස ජාතිය ඉක්මවීමට බර තැබිය යුතුයි.

      මෙතැනදී මාක්ස්වාදී බුද්ධිමතුන් වන ඔබ විසින් සලකා බැලිය යුතුව තිබෙන කාරණයක් වන්නේ මීට සියවසකට ඉහතදී ලෙනින්, රෝසා ලක්සම්බර්ග් වැනි අය ඉදිරිපත් කළ තර්ක තව දුරටත් වලංගු ද කියන එකයි. වර්තමානයේ අවරුදු 100ක් කියන්නේ ඉතා වේගවත් සමාජ පරිණාමයක් ඇති කරන කාල වකවානුවක් බව අප මතක තබා ගත යුතුයි.

      මම නම් හිතන්නේ පවත්නා සමාජ ක්‍රමය විසින් ම දේශපාලන ප්‍රජාවන්ට ජාතික සීමාවන් අභිභවනය කරන්නට පුළුවන් පසුබිම සකසා අවසානයි.

      එහෙත් ප්‍රතිගාමී බලවේග විසින් තවමත් ජාතිකවාදී රාජ්‍ය ප්‍රවර්ධනය කරනවා. එය එක පැත්තකින් ප්‍රාග්ධනය ගෝලීයකරණය කරන ගමන් ශ්‍රමය ජාතික වශයෙන් සංවිධානය කිරීමක් ලෙසත් සලකන්නට පුළුවන්. එහිදී එය කම්කරු පංතිය භේද භින්න කිරීම සඳහා ඉවහල් වන ක්‍රියාවක් ලෙස සලකන්නටත් පුළුවන්.

      ප්‍රශ්නය තිබෙන්නේ ජාතිකවාදී අරගල සම්බන්ධයෙනුයි. මං හිතන්නේ යුරෝපයේ ජාතිකවාදී අරගල තුළ තිබෙන ඇතැම් ලක්ෂණ වැදගත්. නිදසුනක් ලෙස අධිපතිවාදී ඉංග්‍රීසි ජාතිකවාදීන් යුරෝපා සංගමයෙන් ඉවත් වන්නට තීරණය කරද්දී ස්කොට් ජාතිකවාදීන් යුරෝපා සංගමය තුළ රැඳෙන්නට තීරණය කිරීම. ඔවුන් කලින් එක්සත් රාජධානිය තුළ රැඳී සිටින්නටත් තීරණය කළ බව අප අමතක නො කළ යුතුයි.

      මෙම සංදර්භය තුළ වාමාංශිකයන් ජාතික ප්‍රශ්නයේදී අනුගමනය කළ යුතු ස්ථාවරය වෙනස් විය යුතු බවයි මගේ අදහස. එහිදී වැඩි අවධානයක් යොමු විය යුත්තේ පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමට ඉවහල් වන ක්‍රියාකාරිත්වයන්ටයි.

      එයින් අදහස් වන්නේ නැහැ ජාතික පදනමින් බලය බෙදීම වැනි ක්‍රියාමාර්ග අනවශ්‍ය බව. මා හිරු කණ්ඩායමෙන් ඉවත්වූ පසු අප ගොනු වූ කණ්ඩායම තුළ අප සිටිය ස්ථාවරය වුණේ සිංහල හා දෙමළ දේශයන් දෙකක සහසන්ධීය විසඳුමක් යන ස්ථාවරයේයි. ඒ වෙනුවෙන් අපි පෝස්ටරයකුත් ඇලෙව්වා. මට මතක විදියට එහි සටන් පාඨය වුණේ ජාතීන් දෙකක් එක රටක් යන්නයි. (මේ කරුණු වෙනත් අයගෙන් අසා නැවත තහවුරු කර ගත යුතුයි)

      අවසානයේදී ජාතීන්ගේ ප්‍රශ්නයට වෙන් වීම වෙනුවට සන්ධීය හෝ සහ සන්ධීය රාජ්‍ය විසඳුමක් වෙත ඔබ යොමු වී ඇත්නම්, එය මා කියන අන්දමේ පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමට ඉවහල් වන ක්‍රියාමාර්ගයක් ලෙස මම සලකනවා.

      කොහොම වුණත්, වඩා වැදගත් වන්නේ භාෂාව නෙමෙයි. ක්‍රියාවලියයි.

      මේකත් කිව යුතුයි. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් එකම රටක් තුළ බලය බෙදා ගැනීමේ අරමුණ වෙනුවෙන් චෙල්වනායගම්ගෙන් පසු සිංහල, දෙමළ කිසිවෙක් අවංකව කැප වුණේ නැහැ. ඒක තමයි මේ ප්‍රශ්නය බැරෑරුම් වෙන්නට මූලික හේතුව.

      කුමාර් රූපසිංහලාගේ, සුමනසිරි ලියනගේලාගේ සාම බිස්නස් මේ ප්‍රශ්නය උග්‍ර කළා. ඒ ඉතිහාසය නො දන්න රමිඳු පෙරේරලා එක්ක එක් වුණ හිරු කණ්ඩායමේ හිටපු ඇතැමෙක් මේ බොරුකාරයන්ට නැවත වේදිකා හදමින් ඉන්නවා.

      මම කියන්නේ ලංකාවේ අව්‍යාජ සාම ව්‍යාපාරයක් කවදාවත් තිබුණේ නැහැ. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වූ සංදර්භය තුළ එවැන්නකට ඉඩක් තිබෙනවා. හැබැයි ඒවා තුළ සාම එන්ජීඕකාරයන්ගේ සීමාව පැහැදිලිව සලකුණු කළ යුතුයි.

      Delete
    2. පැරා, ඔබගේ ඉහත අදහස් දැක්වීම අතිවිශිෂ්ට යි. ඔබ මෙතුවක් කල් ඔබගේ මෙම ස්ථාවරය සෘජු ව ප්‍රකාශ නො කිරීම නිසා විවිධ ගැටුම් ඇති වූණා. ඔබගේ අස්ථානය ජාතික ප්‍රශ්නය සඳහා ලබා දිය හැකි ප්‍රශස්ත විසඳුමක්. අප එදා සිට පෙනී සිටියේ ද ඔබ පවසන විසඳුම වෙනුවෙන්. අප ඒ සඳහා බොහෝ දේ ලියා තිබෙනවා. “ලංකාවට සන්ධීය ක්‍රමයක් ද ඉන් ඉදිරියට යන සහ-සන්ධීය ක්‍රමයක් ද සුදුසු වන්නේ ඇයි?” යන ප්‍රශ්නය පිළිබඳ අප ලියූ දෑ අප කලක් සම්බන්ධ ව සිටි ශාස්ත්‍රාලීය ආයතන මඟින් පළ කරනු ලැබුවේ අනූව දශකයටත් පෙර යි.

      ජාතික ප්‍රශ්නය සඳහා විසඳුමක් ලබා ගැනීමට අප කුමාරතුංග ආණ්ඩුවටත් වික්‍රමසිංහ ආණ්ඩුවටත් අපගේ දෑත ම දිගු කළා. ඒත් ඒ ආණ්ඩු දෙක ම අවසානයේ දී අවංක ව ක්‍රියා කළේ නැහැ. ඒ පිළිබඳ ඔබගේ නිරීක්ෂණය නිවරද එකක්. එම ආණ්ඩු දෙක හැර නිදහසෙන් පසු වෙනත් කිසිදු ආණ්ඩුවක් ජාතික ප්‍රශ්නය සඳහා වැදගත් විසඳුමක් වෙනුවෙන් නාමමාත්‍ර ව හෝ පෙනී සිටියේ නැහැ. ට්‍රෝජන්වරුන්ගේ හෙකියුබා බිසවගේ ලාංකීය අවතාරය සේ බලයට පැමිණි කුමාරතුංග මහත්මිය වමට සිග්නල් දමා කැත විධියට දකුණට හැරුණා. වික්‍රමසිංහ මහත්මයා නම් සෑහෙන කාලයක් අපගේ විසඳුම වෙනුවෙන් සිටියා. ඒත් එයාගේ දෝෂය එයා මේ විසඳුම ජනතාව අතරට ගෙන යන්න උත්සාහ නො කර පෞද්ගලික වැඩක් ලෙස කරන්නට යාම යි. අන්තිමේ දී ජාතිකවාදී, ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී හා ගෝත්‍රවාදී කටවාචාලයන් විසින් ජාතික ප්‍රශ්නය වෙනුවෙන් වික්‍රමසිංහ මහත්මයා පෙනී සිටි විසඳුම රට බෙදීමක් ලෙස විකෘති කර ප්‍රචාරය කරනු ලැබුවා.

      අප ජාතිවාදයට විරුද්ධ වුණේ මාර්ක්ස්වාදියෙකු වීමටත් පෙර කුඩා කාලයේ සිට ම යි. අප ශිෂ්‍ය කාලයේ දීත් සිටියේ ඔය මෙත්තානන්දලගේ කුලරත්නලගේ ජාතිය හා ආගම අධ්‍යාපනයට බද්ධ කරන වැඩ අනවශ්‍ය ය කියන තැන යි. ජාතික අනන්‍යතාව නැති කළ යුතු නැහැ. ඒක අපට ආයාසයෙන් කළ හැකි දෙයක් නො වෙ යි. එය සමාජ පද්ධති ප්‍රගමනය වීමේ දී කාලයත් සමඟ සෙමින් නිරායාසයෙන් සිදු වනු ඇති දෙයක්. ජාතික අනන්‍යතාව වෙනුවට ශ්‍රී ලංකික අනන්‍යතාව කියන විකාරයක් හඳුන්වා දුන් අය කළේ සිංහල මහා ජාතියේ අනන්‍යතාව ශ්‍රී ලාංකික සම්මතය බවට පත් කර ගැනීමේ ව්‍යාපෘතියක්. අදටත් ඕනෑ ම ලේඛනයක Nationality යන්නට ඉදිරියෙන් Sri Lankan ලෙස ලියා Religion යන්නට ඉදිරියෙන් හොඳට පෙනෙන්නට ඉරක් අඳින අප ඊනියා ලාංකික අනන්‍යතා ව්‍යාපාරයට විරුද්ධ වුණේ එනිසා. ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සකසා ගත හැකි වන්නේ අප එකිනෙකාගේ අනන්‍යතාවට ගැරු කරන තත්ත්වයක දී පමණ යි. සෑම ජනවර්ගයකට ම මේ රට පිළිබඳ තීරණ ගැනීමට දායක විය හැකි වන ලෙස ආණ්ඩු බලය හවුලේ තබා ගත හැකි දිනයක අපට ශ්‍රී ලාංකික පොදු අනන්‍යතාවක් ගොඩ නඟා ගත හැකි යි. ශෙල්වනායගම් මහත්මයා හරහා දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ලබා ගැනීමේ සටන ආරම්භ වුණේ ඔන්න ඔය යහපත් අරමුණකින්. ශෙල්වනාගම් වැනි හොඳ මිනිසුන්ගේ සත්‍යග්‍රහයන් අබිබවා පසු කලක සන්නද්ධ විමුක්ති අරගල ඉස්මතු වුණා. අමිර්තලිංගම්ගේ සිට ප්‍රභා දක්වා දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය ක්‍රමයෙන් වාස්තවික යථාර්ථයෙන් ඉවතට ඇදී ගියා. රුද්‍රකුමාරන් සහෝදරයා සූත්‍රගත කළ යාවකාලීන සංක්‍රාමීය ඊළාම් ආණ්ඩුව මෙකී පරිකල්පනීය අභිලාෂවල උච්ච අවස්ථාවක්. මෙවැනි විකාර වැඩ නිසා දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් ඉතා අවදානම්සහගත ලෙස දකුණේ පෙනී සිටින අප හැමදාමත් අපහසුවට පත් වුණා. උතුරත් දකුණත් මේ මහා විනාශයට සම වැරදිකාරයෝ. කොළඹ දී සිංහල-දෙමළ කලා උලෙළට පහර දීම වගේ ම යාපනේ දී වෙස් නැටුමට පහර දීමත් වැරදි යි. එහෙම කියලා දෙමළ කතා කරන ජනයාගේ අයිතිවාසිකම් නැති කරන්න ඉඩ දෙන්න බැහැ. ඵෙතිහාසික නිජ බිමක් තිබුණත් නැතත් ශ්‍රී ලංකාව දෙමළ ජනයාටත් අයිති භූමියක්. මේ රට හදන්න දෙමළ ජනයාත් විශාල කාර්යභාරයක් කළා. අප පවසන්නේ ජාතික අනන්‍යතාව ප්‍රේරණය කර සමාජය ජාතිකත්වය මත ධ්‍රැවීකරණය කරන්න එපා කියන එක යි. ජාතිවාදය පැන නඟින්නේ අප අනෙකාගේ අනන්‍යතාවට ගරු නො කිරීම තුළ යි. වාසනාවකට අප ලද අධ්‍යාපනය තුළ ජාතිකත්වය හා ආගම සඳහා තිබුණේ ඉතා සීමිත ඉඩක්. අප ආගම් ඉගෙන ගත්තේ පෞද්ගලික කාරණයක් ලෙස යි.

      ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබගේ මෙම අදහස අප දෙදෙනාගේ මෙම සාකච්ඡාවෙන් වියුක්ත ව එහෙත් ජාතික ප්‍රශ්නය අලළා සංයුක්ත කියවීමක් ලෙස වර්ධනය කර ඔබ විසින් ඉදිරියේ දී වෙන ම පළ කළ යුතු බව අපගේ යෝජනාව යි. මේ කාලයේ රටේ අවධානය ආර්ථික ගැටලු කරා යොමු ව ඇති නමුත් ජාතික ප්‍රශ්නය ද ඉතා වැදගත් ගැටලුවක් බව අප අමතක නො කළ යුතු යි.

      පසු ගිය කාලයේ ජාතික ප්‍රශ්නය අලළා අප අතර වූ සංවාද කිය වූ හිතවතෙකු මෙවැන්නක් පැවැසුවා:

      “පැරාට සිංහල මහා ජාතිකවාදීනුත් බණිනවා, සිංහල මහා ජාතිකවාදයට විරුද්ධ ඔබලාත් බණිනවා. ඇත්තට පැරා දැන් ජාතික අර්බුදය ගැන කොහේ ද ඉන්නේ?”

      ඔබ ඉතා නිරවුල් ව ඔබ සිටිනා ස්ථානය පමණක් නො ව ඔබගේ දිගංශය ද ඉහත ආලෝචනයෙන් පවසා ඇත. පැරා, ඔබට අපේ ගෞරව ය! ඔහොම යං ඉදිරියට.

      Delete
    3. පර්සියස් - ද ස්ලේයර් ඔෆ් මෙඩූසාAugust 1, 2016 at 9:01 AM

      උග්‍ර ජාතිවාදී හීනයෙක් බවට පත්ව සිටින දේවක ජයසූරිය නැමැත්තා ඇනෝ ජාතිවාදී කොමෙන්ට් මෙතැනත් දමමින් තම නිහීන කම පෙන්වන බව පැහැදිලිය.
      මේ දේවක නැමැති පුද්ගලයා කලක් ටැබූ සබ්ජෙක්ට්ස් නම් ලංකාවේ ප්‍රධාන පෙලේ බ්ලොගයේ සම්පත් දායකයෙකි -දැන් මොහු කිසියම් අපැහැදිලි හේතුවක් නිසා උග්‍ර ජාතිවාදියෙක් වී ඇති බව පෙනේ - මෙවැනි දිව දෙකේ තැනැත්තන්ට නියම නමෙන් ආවොත් රෙදිත් නැතිවන නිසා ඇනෝ කොමෙන්‍ට්වලින් තම (අහවල්) පාණ්ඩ්‍යත්වය පෙන්වයි

      Delete
  14. සෝදුපත:

    1. //ඉන්දීය නිදහස් සටනට අවිහිංසාවාදී ජීව ප්‍රාණය එකතු කළ මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි 1930 දී සුප්‍රකට “Dandi Salt March” නම් වූ පාද යාත්‍රාව සිදු කළේ බිරිතානි අධිරාජ්‍යවාදී පාලන විසින් පනවන ලද ලුණු බද්ධට විරෝධය පෑමක් ලෙස ය. // යන වාක්‍යයේ “පාලන” යන වචන “පාලනය” ලෙස ද “බද්ධ” යන වචනය “බද්ද” ලෙස ද නිවරද විය යුතු ය.

    2. //මේ අනුව ජනබලය පාද යාත්‍රාව විසින් ලබා දෙනු ලබන සංඥාව ආණ්ඩුව විසින් මනා ව ග්‍රහණය කර ගත යුතු ය; එම සංඥාවේ කේතය නිවරද ව කියවා ගත යුතු ය.// යන වාක්‍යය පහත පරිදි නිවරද විය යුතු ය:

    “මේ අනුව ජනබලය පාද යාත්‍රාව විසින් ලබා දෙනු ලබන සංඥාව ආණ්ඩුව විසින් මනා ව ග්‍රහණය කර ගනු ලැබිය යුතු ය; එම සංඥාවේ කේතය නිවරද ව කියවා ගනු ලැබිය යුතු ය.”

    3. //දැන් වික්‍රමසිංහ ආණ්ඩුව වෙනුවෙන් ලියන බේරේ ගෙදර කණ්ඩායමත් අනෙකුත් ආයතනවල අයත් ජනබලය පාද යාත්‍රාව පිළිබඳ “වද වීමට අවශ්‍ය නැති බවට” මතයක් සාදමින් වික්‍රමසිංහ ආණ්ඩුවට ලණු ගිල්වමින් සිටී// යන වාක්‍යයේ “සි‍ටී” යන වචචනය “සිටිති” ලෙස නිවරද විය යුතු ය.

    4. //ජන විඥානය නො හඳුනන තම හිතවතුන් කීප දෙනෙක් සමඟ එක් ව බැරෑරුම් තීන්දු ගැනීම 2001 දී මෙන් ම මෙවර ද ඔවුන් කෙරෙන් දිස් වේ.// යන වාක්‍යයේ “කීප දෙනෙක් සමඟ” යන්න “කීප දෙනෙකු සමඟ” ලෙස නිවරද විය යුතු ය.

    5. //එනිසා සාමවැඩ පිළිවෙළට නිර්මාණාත්මක සහයෝගයක් දිය හැකි වාමාංශිකයන් වික්‍රමසිංහයනට කිට්ටු ව සිටිය දී ද රාජිත සේනාරත්න වැනි කලක් වමේ සිටි සූර දේශපාලන ප්‍රයෝගකරුවන් වික්‍රමසිංහයන් වටා සිටිය දී ද අවසානයේ දී වික්‍රමසිංහයන් ආණ්ඩු බලය නැති කර ගත්තේ ය.// යන වාක්‍යයේ “වික්‍රමසිංහයන්” යන්න “වික්‍රමසිංහයෝ” ලෙස ද “නැති කර ගත්තේ ය” යන්න “නැති කර ගත්හ” ලෙස ද නිවරද විය යුතු ය.

    ඉහත දැක් වූ සදොස් තැන් අපගේ ආලෝචනයේ තිබීම පිළිබඳ අපගේ කනගාටුව භාෂාප්‍රේමීන් වෙත ප්‍රකාශ කරමු.

    ReplyDelete
    Replies
    1. භාෂාප්‍රේමීන් වුව ද ඔය පොඩි පොඩි හුටපට සම්බන්ධයෙන් අප කනගාටු නො වන බව කරුණාවෙන් සලකන්න.

      Delete
  15. All good socalism people must no go to padayathra fool work. But very sad some socalism people Wasudewa like go with mahinda theef and joint to racism people. We must stron condem racism padayathra fool.

    ReplyDelete
  16. Biswal ,My3 , Ranil susanyogaya nisaa pada yaththrawe yati aramuna habak .Eelangatata ithiriwa aththe Thurkiye langadie athiwuna siddhiya wage deyak mehi karaliyata nangwana ekai. Eyata aanduwa mieta wadaa selakiliwath wiya yuththe ,aandu balaya haa sannadhdha balaya samagaamie saadhakayak nisaiy.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා