ලංකාවේ ධනපති පංතියේ ස්වභාවය හා කම්කරු පංතිය ගොඩනැගීම

මේ ඉන්නේ ව්‍යාපාරික නිමල් පෙරේරා ය. පෑන් ඒෂියා, රොසෙල්, ලංකා ටයිල්ස්, ලංකා වෝල්ටයිල්ස්, හොරණ ප්ලාන්ටේෂන් වැනි සමාගම් රැසක ලොක්කා ය.

ඔහු රෝයල් කොලීජියෙන් ආ පොරක් නො වේ. ඉගෙන ගෙන ඇත්තේ කුමාර් ගුනරත්නම් උසස් පෙළට ඉගෙන ගත් පින්නවල ගමේ පාසලකිනි. දුප්පත් පවුලක උපන් ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබන්නේත් නැත.

එහෙත්, ඔහු ශූර ව්‍යාපාරිකයෙකි. පවත්නා ව්‍යාපාරික වාතාවරණයන් තුළ නාඩි වැටෙන රිද්මය අනුව කටයුතු කළ ඔහු ඉතා දක්ෂ ලෙස ව්‍යාපාරික හිනිපෙතේ ඉහළට ම නැග්ගේ ය. ඒ ගමන අතරමගදී ඔහු එස්.බී. දිසානායකගේ සිට නාමල් රාජපක්ෂ දක්වා වංක දේශපාලකයන් හා තවත් ඔහු වැනි ම කූට ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා වැනි අයත් සමග අසංඛ්‍යයක් ගේම් ගසා ඇත.

එහෙත් ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරික ලෝකයේ ආතතිය නිසා හැදුණු දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදිය හා පින්නවලින් ගෙන ආ හීනමාන ආදිය සමග අධිකතර කාමභෝගී ජීවිතයක් ගත කරන ඔහු ධනේශ්වර පාරිභෝජනවාදයේ සංකේතයක් ලෙස සැලකිය හැකි ය.

අපට නො තේරෙන හේතු මත ධනේශ්වර පාරිභෝජනවාදය ගැන මහ ඉහළින් දොඩවමින් තමන්ට අහිමි යමක් ගැන හීනයක් ප්‍රදර්ශනය කරන්නන්ගේ විශේෂ දැනගැනීම පිණිස ඉහත ඡායාරූපය විස්තර කරමි.

57 හැවිරිදි එතරම් නිරෝගී නො වන, රඹුක්කනින් ගෙන ආ ගැමි සිරුර තුළ තරමක් ආයාසයෙන් ගොඩනගාගත් කඩවසම්කමක් ඇති පුද්ගලයකු වන ඔහු සිය බාහිර අලංකරණ ගැන කරන විස්තරය බලන්න:

“මේක Patek Philippe ඔරලෝසුවක්. ලක්ෂ එකසිය දහයයි. කලිසම Armani. වටිනාකම හතළිස් දාහයි. ෂර්ට් එක Burberry. ඒකත් හතළිස් දාහයි. සපත්තු දෙක ක්‍රොකඩයිල් හමින් කළ එකක්. වටිනාකම ලක්ෂ එකහමාරක් විතර.‍ මේ සුදු මුද්ද මිලියන තුනයි.

“මට තියෙනවා ලෝකෙ වටිනාම ‘Montblanc පෑන් එකතුවක්. ෆතේ පිලිප්ස් ඔර්ලෝසු එකතුවක්. ඒ වගේ ම කෆ්ලින්ක්ස් එකතුවක්. ලෝකෙ හොඳම ෂර්ට්ස් එකතුවක්." (උපුටා ගැනීම: සිළුමිණ පුවත්පත)

මේ වනාහි රාජපක්ෂ දශකය තුළ ලංකාවේ උපරිම මට්ටමට ගොඩනැගුණු මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමය තුළ දියුණු වූ සීමිත ධනපතීන් කිහිප දෙනා අතර ඒ ක්‍රමය කැටි කර දැක්විය හැකි සංකේතාත්මක චරිතයකි.

මේ වනාහි රජය නම් සමාගම සමග කූට ජාවාරම් කරමින්, දේශපාලකයන් සමග එක්ව මහජන මුදල් ද කොල්ල කමින් වර්ධනය වූ ලංකාවේ  ධනපති පංතිය සංකේතාත්මකව නියෝජනය කරන චරිතයකි.

ශ්‍රී ලංකාව වතාවක් නොව කිහිප වතාවක් ම ධනපති පංතිය විනාශ කර තිබේ.

නිදසුනක් ලෙස ගතහොත්, 1956දී බලයට පත් බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණු සමාජවාදී රජය විසින් බස් ජනසතු කිරීම සැලකිය හැකි ය. බස් අයිතිව තිබුණේ ෂෙල් වැනි විදේශීය සමාගම්වලට නොව, දේශීය ව්‍යාපාරිකයන්ට හිමි සමාගම්වලටයි. නිදසුනක් ලෙස ඊබට් සිල්වා සමාගම එසේ විනාශ කර දමන ලදුව මහත් වැර වෑයමෙන් නැගී සිටි සමාගමකි. තව දේශීය ධනපතියන් ගණනාවක් ම විනාශ මුඛයට ම ගිය හ. එයින් ලංකාවට ලැබුණු සමාජවාදයක් තිබේ ද? අද වන විට ලංගම රජයට අයත් තවත් බංකොලොත් සමාගමකි. එය ජනතාවට බරක් වී ඇති ප්‍රමාණයට ජනතාවට එයින් සේවයක් සැලසෙන්නේ නැත.

නිමල් පෙරේරා යනු ලංකාවේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනවාදය තුළ සාර්ථකත්වය අත් කර ගන්නට සමත් වූ ව්‍යාපාරිකයෙකි. 

ලංකාව වනාහි ශක්තිමත්, සංවිධානාත්මක කම්කරු පංතියක් නැති රටකි. එසේම, ලංකාවේ ශක්තිමත් ධනපති පංතියක් ද නැත. ධනපති පංතියේ විඥානය නිමල් පෙරේරා වැනි පංචස්කන්ධයන් මගින් තේරුම් ගත හැකි ය. 

ලංකාවේ වාමාංශිකයන්ට කම්කරුවන් අතට බලය ලබා ගැනීමට අවශ්‍ය නම් මුලින් ම කළ යුතුව තිබෙන්නේ ශක්තිමත් කම්කරු පංතියක් ඇති කිරීමයි. එය කළ හැක්කේ දේපල රජයට පවරාගෙන ජනතාව එහි කම්කරුවන් බවට පත් වීමෙන් නො වන බව ඉතා පැහැදිලි ය. මන්ද, රජය යනු අසාර්ථක ම ධනේශ්වර සමාගමක් මිස සමාජවාදී මෙවලමක් නො වේ. එය වනාහි ලාභය දේශපාලක, කොන්ත්‍රාත්කාර හා රජයේ සේවක මධ්‍යම පංතිය අතර බෙදා ගෙන, පාඩුව හා ණය බර සමස්ත රටවැසියන් අතර බෙදා හරින අද්භූත සත්වයෙකි.

රජයේ සේවකයන් යනු සමාජවාදයේ සතුරන් පිරිසක් වන්නේ ඒ නිසා ය. ඔවුන් කම්කරු පංතිය ලෙස සැලකීම හා ඔවුන්ගේ මධ්‍යම පංතික අවශ්‍යතාවන් මත කම්කරු පංතිය වරනැගීම ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල වාමාංශිකයන් විසින් කර තිබෙන ඓතිහාසික න්‍යායික වරදකි. උදාහරණයක් ලෙස ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගන්න. කම්කරු පංතිය ලෙස හඳුන්වන්නට උත්සාහ කරනමුත්, වෘත්තීය සමිති ව්‍යාපාරයේ අති බහුතරය රජයේ සේවකයෝ ය. ඇත්ත වැඩ කරන ජනයා මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ ඇත්තේ ම නැති තරම් ය. වැඩ කරන ජනයා ඉන්නවා නම් ඉන්නේ බාලා තම්පෝගේ වෘත්තීය සමිති සමාගමේ ය. තම්පෝ සෙසු වෘත්තීය සමිතිකාරයන් පඩේකට ගණන් ගත්තේ නැත. එසේම, ඔහු විප්ලවය නමට පමණක් තබාගෙන නියම වෘත්තීය සමිති ‘සමාගමක්' පවත්වාගෙන යමින් සාර්ථක ලෙස සාමූහික ගිවිසුම් කේවෙල් කළේ ය. 

එසේම, ග්‍රාමීය දිළින්දන්, ශිෂ්‍යයන් හා විරැකියා පීඩිතයන් ද විප්ලවීය බලවේගයක් වන්නේ නැත. ඔවුන් වෙනුවෙන් අවශ්‍ය වන්නේ ජනසවිය, මහපොළ වැනි දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් ය.

ධනවාදය ඉක්මවා යන සමාජ ක්‍රමයක් වන සමාජවාදය ගොඩනැගිය හැක්කේ කම්කරුවන්ට ය. ඒ වෙනුවෙන් ශක්තිමත් කළ යුත්තේ කම්කරු පංතියයි. කම්කරු පංතිය ශක්තිමත් කළ යුතු එක් ප්‍රධාන ආකාරයක් වන්නේ ඔවුන් අතර කම්කරු පංතික විඥානයක් ඇති කිරීමයි.

කම්කරු පංතික විඥානයක් ඇති කරන්නට නම් ලංකාවේ සමාජවාදය වසා පැතිරී තිබෙන මධ්‍යම පංතික විඥානය නම් පිළිකාව පිටුදැකිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරාට අයිති මුලු වත්කමම වගේ කීප ගුනයක් සල්ලි වලට ගන්න පුලුවන් වටිනාකමක් ඇති ඇදුම් මේ මිනිහ ඇද පැලදගෙන ඉන්න එක ගැන පැරාට ජෙල වගේ නේද...

    ReplyDelete
    Replies
    1. ඔතන තමයි වහල් මානසිකත්වය තියෙන්නේ. පෞද්ගලිකව මට සල්ලි ගොඩක් නැහැ වගේ ම සල්ලි ගොඩක් ඕනැත් නැහැ.

      මං ව්‍යවසායකයන්ට විරුද්ධ නැහැ. ඒත්, මුදල් එක්ක සංස්කෘතියකුත් තියෙන්න ඕනැ. ලංකාවේ අලුත් සල්ලිකාරයන්ට නැත්තේ අන්න ඒ සංස්කෘතියයි. ඔවුන්ගේ සංස්කෘතිය අනුන්ට පේන්න කන බොන අඳින එක විතරයි. ඒ නිසා මේ වගේ මෝඩයන්ට ගැලපෙන භාණ්ඩ නිෂ්පාදනයකුත් ලෝකේ තිබෙනවා. ඒ නිසා ඒකත් නරක නැහැ. මොකද, ඒවායින් මේ සල්ලි පහළට ගලා යාමක් සිදු වෙනවා.

      ලංකාවේ අලුත් සල්ලිකාරයෝ ෆිලැන්ත්‍රොපි හෙවත් පරාර්ථකාමිත්වය කියන එකවත් දන්නෙ නැහැ. උන් දන්නෙ පන්සල් පල්ලිවල සල්ලි ගොඩගහන එක විතරයි.

      අර කවුරුද කිව්වා වගේ තණ්හාව කොයි තරම් ද කියනවා නම් මළාට පස්සෙ විඳින සැපත් සැලසුම් කරනවා.

      Delete
    2. ගොබ්බ ඇනෝ, මේ මනුස්සය වගේ ප්‍රකෝටිපතියො අඳින්නෙ මෙහෙම තමයි. දියුණු රටවල සාමාන්‍ය වෘත්තිකයොත් මේ වගේ දේවල් කරනවා. පිටරට ඉන්න මගෙ යාළුවෙක් (සාමාන්‍ය වෘත්තිකයෙක් ) තමන්ගෙ නෝනට තෑගි දුන්න අමානි හෑන්ඩ් බෑග් එකක්, වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් විතර. හැබැයි ඔය බ්‍රෑන්ඩ් එකේම ඩුප්ලිකේට් එක මම දැකල තියෙනවා මැජස්ටික් එකේ රුපියල් 5000ට අඩුවෙන්.

      Delete
  2. ඉරිසියාව බේරී බේරී බ්ලොග් ලෝකයම ගඳ ගස්සමින් බේරේ වැවට ගලා යයි
    තුක් නොදකින් කුහකයා

    ReplyDelete
    Replies
    1. මොකටද මචං මුන්ට ඉරිසියා කරන්නේ? මං ඉරිසියා කරනවා ඔන්න හොඳ රසවින්දනයක්වත් තියෙන එකෙක් නම්.

      Delete
  3. මම නම් ඔය අසාර්ථක සමාජවාදයට කැමති නෑ, මොකද සමාජවාදය පවතින්නෙ ඒක ගොඩනගපු කෙනා බලයෙ ඉන්නකම් විතරයි. ඊට පස්සෙ ඒකාධිපතිවාදය තමයි ඇති වෙන්නෙ. රුසියාවෙත් ලෙනින්ගෙන් පස්සෙ බිහි වුණේ ස්ටාලින් වගේ ඒකාධිපතියො. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ඒකාධිපතියො බිහිවෙන්න අමාරුයි, මොකද system bbඑක පැති කීපයකින් බැලන්ස් කරන නිසා. දැනට සමාජවාදය නමට හරි තියෙන වියට්නාමෙ හරි උතුරු කොරියාවෙ හරි දිහා බලන්න. වියට්නාමෙ නම් ආයෝජකයො, සංචාරකයො ඇද ගන්න උත්සාහ කරනවා. ඒත් උතුරු කොරියාවෙ තියෙන්නෙ දරුණු ඒකාධිපති පාලනයක්. ඔබ ඒ රටට සංචාරකයෙක් විධියට ගියොත් හරි, ඒගොල්ලො හිතන්නෙ ඔත්තුකාරයෙක් කියලා. ආණ්ඩුවෙ දඩ බල්ලො ඈත ඉඳගෙන monitor කරනවා. කොහේ ගියත් උන් පස්සෙන් එනවා. මොන නිදහසක්ද ? ඔය ලංකාවෙ සමාජවාදෙ ඉල්ලලා කෑ ගහන කිසි කෙනෙක් සමාජවාදී රටක ජීවත් වෙලා නෑනෙ. ඉතින් ඒගොල්ලො හිතනවා සමාජවාදෙ තමයි ලෝකෙ හොඳම ක්‍රමේ කියල. ලංකාවෙ කම්කරු පන්තියට තියෙන අයිතිවාසිකම් ගොඩක් වැඩියි, හිතූ ගමන් පිකට් කරන්නයි, වැඩ වර්ජන කරල හාම්පුතාල බය කරන්නයි, පුදුම නිදහසක් තියෙන්නෙ. වෙන රටවල ඔය සෙල්ලම් බෑ. ඔය හේතුව සහ තවත් හේතු කීපයක් නිසා විදේශ ආයෝජකයො එන්න කැමති නෑ. මේ ක්‍රමයෙ යටතෙ ඔහොම හරි ව්‍යවසායකයො බිහිවෙන්න පුදුම හැකියාවක් තියෙන්න ඕනෙ.

    ReplyDelete
  4. බිල් ගේට්ස් හෝ සකර්බර්ග් ට සාපේක්ෂව ලංකාවේ සමහර ධනපතියෝ හීනමානෙන් පිරුණු හද්ද ගොඩේ බය්යෝ (ඔරිජිනල් අර්ථයෙන්, මුන්ගේ සමහරු දේශපාලනිකව ටෝය්යෝ) කියන එක ගැන විවාදයක් නැහැ. ලංකාවේ නෙවෙයි ඉන්දියාවේත් මුකේෂ් අම්බානි එහෙම එහෙමයි.

    ඒත් මේ ලිපියෙන් එහෙම එකෙක් බයිට් කරන සිල්ලර ගැලරි ආතල් එකකින් පස්සේ පැරා සුපුරුදු රාජ්‍ය අංශයට සහ මධ්‍යම පන්තියට එරෙහි මැක්කට මාරු වෙනවා මිසක් ධනපති පන්තිය ගැන කිසි සීරියස් කතාවක් කරනවා පේන්නේ නැහැ. ඒ අස්සේ බස් ජනසතු එහෙම කතා කරනවා "දේශීය ධනපතියන් ගණනාවක් ම විනාශ මුඛයට ම ගිය හ. එයින් ලංකාවට ලැබුණු සමාජවාදයක් තිබේ ද" කියල. ධනපති පන්තිය අනේ පව් වීමත්, නිමල් පෙරේරා ගේ හීනමානයත් අතර සම්බන්ධයක් තියෙනවා ද.

    මෙහෙම සිල්ලර විවේචන බොහොමයක් වෙලාවට ආතල් දෙන්නේ ගැලරි ඉරිසියාවට. (පැරා වෙනද ලියන ලිපි මාරයි කියනවා නෙවෙයි)

    ReplyDelete
  5. "ව්‍යාපාරික ලෝකයේ ආතතිය නිසා හැදුණු දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදිය"

    අම්මට හුඩු පැරා ට ක්ලිනිකල් ඩයග්නොසිස් නුත් පුළුවන් නේ. දැන් මුගේ තාත්තට සීයට diabetic family history එකක් තිබුන ද? තිබුන නම් උන්ට හැදුනෙත් "ව්‍යාපාරික ලෝකයේ ආතතිය නිසා" ද? කම්කරු පන්තියට ඔය ලෙඩ නැද්ද? පැරා ට අනුව පරමාදර්ශී ජීවිත ගත කරන උන්ට නැද්ද?

    මේක නම් ඉරිසියාව නොවුනත් කුහක ඉරිසියාකාර ගැලරියට චූන් දීමකි.

    ReplyDelete
  6. මෙකන කමෙන්ට් දාන එවුන් මගේ අරමුණ ඉටු කරනවා. උන් පෙන්නන්නේ වෙන මොකවත් නෙමෙයි, මධ්‍යම පංතිකයාගේ හීනයත් මේක ම ය කියන එක.

    බොහෝ මධ්‍යම පංතිකයෝ කැමති මේ වගේ අනතුරු දරා ගන්නේත් නැතිව නිකම් ම ඉඳලා කොමිස්වලින් එහෙම සල්ලිකාරයෝ වෙන්න. නැතිනම් අවුරුදු පහකට සැරයක් කාර් පර්මිට් එක විකුණලා මහජනයාට වංචා කළ මිලියනයක්, දෙකක් පොතේ දාගන්න.

    බොහෝ මධ්‍යම පංතිකයන් හිතන්නේ ජීවිත අරමුණ වෙන්න ඕනැ මේ විධියට පරිභෝජනය කරන එක ය කියලා.

    මේ කමෙන්ට්වලින් පෙන්නන්නේ විකල්ප ජීවිතයක් ගැන හිතාගන්න බැරිකමයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දුප්පත් පොහොසත් බේදයක් නැතුව තියන ලෙඩක් සල්ලි තියන එකෙක්ට හැදුනහම ඒක උගේ රස්සාවට ආදේශ කරන එක කුහක "නිර්ධන පන්තික" හීන මානයක් නෙවෙයි ද?

      Delete
    2. The Biggest Communication Problem Is We Do Not Listen To Understand

      හිටගෙන කමෙන්ට් කරන්න ඉස්සෙල්ලා ගිහින් සිළුමිණේ ඉන්ටවීව් එක කියවන්න. ඒකෙ මෙහෙම කියන්නෙ මම නෙමෙයි. නිමල් පෙරේරා.

      “දිනාගත් දේ අසීමිතයි. නැති කරගත්තෙ මගේ විවේකය සහ නිරෝගීකම විතරයි. ඒත් ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. මානසික ආතතියත් එක්ක එන ප්‍රෙෂර්, ඩයබිටීස් අද නැත්තෙ කාටද... මොන දේ මැද්දෙ ‍වුණත් සතුටින් වැඩ කිරීමයි මගේ ක්‍රමය."

      Delete
    3. දැන් මේ මෝඩයාගේ කතාවේ එල්ලිලා බේරෙන්න එපා. එයා කිව්වම උනත් එයට ඩයබිටිස් හැදුනේ ජෙනටිකලි නෙවෙයි ස්ට්‍රෙස්ස් එක නිසා කියල, ඔයා ඒක පිලි ගන්න ඕනේ නැහැ නේ? එයාට වඩා ඔයාට මොලේ තියනවා නේ?

      කොහොමත් "මට ජොබ් ස්ට්‍රෙස් හින්දා ප්‍රෙෂර් ඩයබිටිස්" කියලා තමයි කවුරුත් කියන්නේ එකත් හීන මානෙම කැල්ලක් නිසා.. "මම පෙරේත කමට තෙල් සීනි බත් ගිල්ලවලා පුක පුටුවෙන් උස්සන්නේ නැතුව කම්මැලි කමට ඉන්න නිසා ලෙඩ" කියලා මොන පන්තියේ එකෙක් වත් කියන්නේ නැහැ. ලංකාවේ ධනපතියට නෙවෙයි හිඟන්නන්ට උනත් ලෙඩ හැදෙන්න ලොකුම (එකම නොවේ) හේතුවක් තමයි බඩජාරි කම කියලා ඇඟවල් දිහා බැලුවම කියන්න පුළුවන්. අජිත් ෂර්ට් එකක් නැතුව ෆොටෝ එකක් ගත්තොත් "පරිභෝජනවාදය" කොහොමද කියලා සමහර විට බලා ගන්න පුළුවන් වෙයි.

      අනික මෙතන මූ කියන්නේ "ඒත් ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. මානසික ආතතියත් එක්ක එන ප්‍රෙෂර්, ඩයබිටීස් අද නැත්තෙ කාටද" කියලා. නැතුව ඌට විතරක් තියනවා කියල නෙවෙයි. ඔයා හරියට කියවන්න කෝ ඉස්සර වෙලා!

      Delete
    4. ඔයාට ගේම තියෙන්නෙ මගේ එක්ක මිසක් මං කියපු කරුණු එක්ක නෙමෙයි බව පේනවා. ඒ නිසා ප්‍ර‍ශ්නයක් නැහැ.

      Delete
    5. කරුණු වලට කරුණු වලින් උත්තර දෙන්න බැරි උනහම කියන කැනහිල් ස්ටොක් උත්තරයක්.

      1: පෙන්නන්න කෝ මම මෙතන ඔයා කියපු දේට නැතුව ඔයාට පර්සනලි ගහලා තියන හැටි.

      2: ඔයා එක්ක පුද්ගලික ඇරියස් එකක් තියා ගන්න ඔයා කවුද පැරා? මේ බ්ලොග් එක පොපියුලර් තමයි. ඒත් ඉතින් එක නිසා ඔයා ලොකු කර ගන්නවා නම් මම ඊට කලින් ලොකු කර ගන්න ඕනේ ඔයාට වඩා පොපියුලර් අය ඕනේ තරම් ඉන්නේ. කිරිබත්ගොඩ ඥානානන්ද, බස් අජිත් නෙවෙයි ශානුද්රි ප්‍රියසාද් උනත් පොපියුලර් නේ ඔයාට වඩා.

      Delete
  7. /* ඔහු රෝයල් කොලීජියෙන් ආ පොරක් නො වේ. ඉගෙන ගෙන ඇත්තේ කුමාර් ගුනරත්නම් උසස් පෙළට ඉගෙන ගත් පින්නවල ගමේ පාසලකිනි. */

    /* ව්‍යාපාරික ලෝකයේ ආතතිය නිසා හැදුණු දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදිය හා පින්නවලින් ගෙන ආ හීනමාන ආදිය සමග අධිකතර කාමභෝගී ජීවිතයක් ගත කරන ඔහු ධනේශ්වර පාරිභෝජනවාදයේ සංකේතයක් ලෙස සැලකිය හැකි ය. */

    ඉහත කොටස් දැක මට ඇති වු මේ ගැළරිය නොව වෙනත් ගැලරියක් පිනවන ප්‍රශ්න දෙකක්.

    1. රෝයල් එකෙන් විතර ද පොරවල් එන්නේ? පින්නවලින් එන්න බැරිද?

    2. ප්‍රේමකුමාරුත් පින්නවලින් හීනමානය ගෙනාවාද?

    ReplyDelete
    Replies
    1. 1. එම වාක්‍යයෙන් පොරවල් ඉන්නේ රෝයල් එකේ පමණක් ය කියා අදහසක් දෙන්නේ නැත. එහෙත් රෝයලිස්ට්ලා එම පාසලට ගිය පමණින් තමන් පොරවල් ය කියා සිතන රෝගයකින් පෙළෙති.

      2. මට හිතෙන පරිදි නම් කුමාර් ගුනරත්නම්ට පින්නවිලින් ගෙන ආ හීනමානයක් නැත. ඔහුට එවැන්නක් තිබේ නම්, එය බෝ වන්නට ඇත්තේ ජවිපෙනි.

      Delete
    2. / රෝයල් එකෙන් විතර ද පොරවල් එන්නේ? / නෑ, රොයල් එකෙන් එන්නෙ පොරවල්ම විතරයිලූ,

      එකට යන්නෙත් උන්ම විතරක් නිසා එක නිකංම නිකං බටයක් වගේ එකක් වෙන්නැති.

      Delete
    3. ස්තුතියි පැරා.

      නමුත්, ඔබ ලියා ඇති ඒ වාක්‍ය තරමක් අවුල්.

      කෙසේ නමුත් මට කියන්නට අවශ්‍ය වුනේ පින්නවලිනුත් පොරවල් එන්නට හැකි බවත්, මේ කියන ව්‍යාපාරිකයාට හීනමානයක් ඇති නම් එය පින්නවල හා සම්බන්ධ එකක් වීමට ඇති ඉඩ ඉතා අඩු බවත් ය.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  8. පැරා, ඔය කම්කරු ආධිපත්තෙද කියන මොකද්ද එක පිහිටෝල සමාජවාදේට යනවා කියන අවුරුදු සීයකටත් වඩා පරණ මත වාදේ වර්තමානෙට වලංගුද?

    ඉකොනොමැට්ට ලියනවා ඒ කාලේ උගන්නපු ආර්තික විජ්ජාවට වඩා වෙනස් අද කාලේ සිද්ධවෙන දේවල් අගේට තේරුම් යන විදිහේ ආර්තික විජ්ජාවක් ගැන, ඒකට අනුවනං පරන පාරෙන් සමාජවාදෙට යන එක සුම්මා වගේ, මොකද දැන් ඒ පරණ පාරවල් ප්ලැට්කරල අළුත් හයිවේ හදලලු ස්කැන්ඩිනේවියාව පැත්තේ එහෙම යන්න පුළුවන් වෙන්න,

    ReplyDelete
    Replies
    1. ඕකට උත්තරයක් මම පහළ දීලා තියෙනවා. රජය තුළ කම්කරු ආධිපත්‍යය පිහිටුවන කතාවක් මං කියන්නෙ නැහැ. ඒ වුණාට මං පැහැදිලිව ම කියනවා කම්කරුවන්ට තිබෙන පීඩනයෙන් මුදා ගන්න නම් රජය තුළ මධ්‍යම පංතික ආධිපත්‍යය බිඳින්න ඕනැ කියලා. අනෙක කම්කරුවාට කම්කරුවා ලෙස උසස් ජීවිතයක් අත් කර ගන්නට සටන් කළ යුතුයි. දේශපාලනය තුළත් කම්කරුවාට බලය තිබිය යුතුයි.

      ඔය නිර්ධන පංති ආධිපත්‍ය කතා මගෙන් නෙමෙයි වාමාංශිකයන්ගෙන් ගිහින් අහගන්න. මං ඒවා දන්නෙත් නැහැ. පිළිගන්නෙත් නැහැ.

      Delete
  9. සමාජවාදී විකල්ප ජීවිතයක් ගැන මෙහෙම හිතන්න. (මේක මාක්ස්වාදීන්ගේ කොමියුනිස්ට් ෆැන්ටසිය නෙමෙයි)

    කම්කරුවාට කම්කරුවා විදියට ම උසස් ජීවිතයක් ලැබෙන්න ඕනැ.

    කවුරුවත් මධ්‍යම පංතියට පංති මාරු වෙන්න ඕනැ නැහැ.

    ධනපති පංතිය කියලා කියන ව්‍යවසායකයන් කියන්නේත් මේ සමාජ ක්‍ර‍මය පවතින තාක් අත්‍යවශ්‍ය කාරයභාරයක් ඉටු කරන පිරිසක්. අපි ඔවුන්ට වෛර කරන එක හෝ ඔවුන්ගේ විනාශය පතන එක තේරුමක් නැහැ.

    ශ්‍ර‍මයේ වටිනාකම් තක්සේරු කරන සමාජවාදී මෙවලම් පද්ධතියක් වාමාංශිකයන් මුල් වෙලා නිර්මානය කරන්නට ඕනෑ.

    සමාජ විෂමතාවන් අවම කරනවා මිසක් බුල්ඩෝසර් කරලා සමතලා කරන්නට ඕනැ නැහැ. පුද්ගල දක්ෂතාවන්ට, උන්නතිකාමයන්ට අවස්ථාව දෙන්න ඕනැ. ඒවා සමාජයට හානිකර වීම විතරක් වළක්වන්නට ඕනැ.

    උසස් සංස්කෘතියක් ප්‍ර‍වර්ධනය කරන්නට ඕනැ.

    පරිභෝජනය නරක දෙයක් නෙමෙයි. ඒත්, පාරිභෝජනවාදය හා භාණ්ඩ වන්දනාව පිටුදකින්නට ඕනැ. මූලික හේතුව සීමාන්තික පාරිභෝජනවාදය දරාගන්නට මිහිතලයට හැකියාවක් නැතිකමයි.

    විකල්ප ජීවිතයක් වෙනුවෙන් අරගල කරන එකට බලය අතට ගන්න ඕනැ නැහැ.

    සමාජවාදය කියන්නේ ජීවිතය තුළ පවා තිබෙන අරගලයක්. ඒ අරගලය දැන් ඉඳලා ම කරගෙන යන්නට පුළුවන්.

    එහෙම අරගල කරන කෙනෙක් ගැන උදාහරණයක් අවශ්‍ය නම් දෙන්නම්. ඒ තමයි මේ මම. (දැන් ඉතින් අපේ අම්මට බනින්නෙ නැතිව ඒක අමතක කරලා තමන් ගැන බලාගනිල්ලා)

    ReplyDelete
  10. අනේ පැරකුම් උන්නැහේ උඹ ඔය කම්කරු පන්තිය ගොඩනගන හැටි කතා කරන්න එන්නෙ නැතිව උඹේ ජීවිතේ ඉතිරි කාලේ ඇන්කර් බටර් එහෙම අරගෙන සිරිකොත පැත්තේ ගිහින් රනිල් එක්ක බුදියපන්. රනිල් පකයගෙ එක්සත් ජාතික පක්ෂෙත් එක්ක සිංහලයගෙ අයිතියට විරුද්ධව ඕන ප්‍රතිපත්තියක් පාව දීල එකතු වෙන්න පුළුවන් උඹ වගේ එකෙකුට වෙන කරන්න පුළුවන් දෙයක් නෑ. මොකෝ රනිල සමාජවාදී වෙනවයෑ.

    ReplyDelete
    Replies
    1. රනිල් ගේ තාත්ත ඉස්සර කොමිනිස් කාරයෙක්ලූ

      Delete
  11. පැරා ඌ දක්ෂ ව්‍යාපාරිකයෙක් නෙමෙයි ඔය ඔක්කෝම රාජපක්ෂලාගේ සල්ලි. ඒකයි උන් සල්ලි වලින් පිස්සු කෙලින්නේ. මේ ආන්ඩුව හරියට මුන්ගේ වත්කම් හෙව්වා නම් කට උත්තරත් නෑ. ඔය ඔක්කොම සක්විති ලා. තව ටික කාලයක් හිටියා නම් බුලත් කඩයක් වත් තියන්නේ නෑ වෙන එකෙකුට. ෆුඩ් සිටියට, ටෙලිකොම් එකට, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එකට ගේම දෙන්න ඉන්න කොට තමයි ගෙදර යන්න උනේ. නැත්නම් ඒවත් මුන්ගේ. ඒක නේ මහින්ද කියන්නේ පුළුවන්නම් පෙන්නන්න කියලා. ධම්මික පෙරේරා මෙයා සහ තවත් දෙන්නෙක් ඉන්නවා රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කරපු. ඒ ඇර ඇමරිකාව එංගලන්තය සහ මැද පෙරදිගත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. දක්ෂ ව්‍යාපාරිකයෙක් කියලා ලංකාවේ කියන්නේ එහෙම අයට තමා, එයාල ඇත්තටම කරන්නේ ක්‍රියේටිව් ව්‍යාපාරිකයෝ ගොඩ නඟන සාර්ථක ව්‍යාපාර ගිලින එක, ඒක තමයි දැන් ලෝකෙම ට්‍රෙන්ඩ් එක, ක්‍රියේටිවිටි එකක් නැති නිසා හිත යන්නේ අරුමෝසම් වැඩ වලට, ක්‍රිඒටිව් එවුන් ගේ නම් හිත යන්නේ ගැජමැටික්ස් වලටනේ. ගිලින්න ඉස්සර විකුණලා මාරු වෙන්න දන්න අය තමා රියල්ම ව්‍යාපාරිකයෝ, මම හිතන්නේ ඔටාර ඒක්කෙනෙක්, මාළු මාළුත් (නම දන්නෑ)එහෙම ‍කෙනෙක් කියල අහල තියනවා.

      Delete
    3. මම නම් හිතන්නේ හොර හිත තිබුණු පළියට ම හැමෝටම මේ ගේම ගහන්න බැහැ. මේ අය තිබෙන තත්වයන් දක්ෂ විධියට කළමනාකරණය කර ගන්න ඇති.

      Delete
    4. රොබට් පිස්සාගේ කමෙන්ට් කැපීම සතුටකි.

      Delete
    5. ඒවා එයාම තමයි ඉවත් කරගෙන තියෙන්නේ.

      Delete
  12. අප අගය කළයුත්තේ සහ ඉස්මතු කොට පෙන්විය යුත්තේ කිසිවක හෝ කිසිවෙකුගේ හොඳ පමනි. සිළුමිණ පුවත්පතෙහි link එක දැමීම ගැන ස්තුතියි. ඔබ ඉස්මතු කොට පෙන්වූදේට වඩා වෙනස් ධෛර්යසම්පන්න මිනිසෙකු එතුලින් පෙනේ.

    ReplyDelete
  13. පැරා, මෙය තේරුම්ගන්න මට කිහිපවිටක් කියවන්න සිදු උනා

    "ශ්‍රී ලංකාව වතාවක් නොව කිහිප වතාවක් ම ධනපති පංතිය විනාශ කර තිබේ."

    ඔබ අදහස් කරේ මෙයද​

    "ශ්‍රී ලංකාව විසින් වතාවක් නොව, කිහිප වතාවක් ම ධනපති පංතිය විනාශ කර තිබේ."

    ඔබේ දේශපාලන මතය සමග සහ එහි විසඳුම පිලිබඳව 100% එකඟ නොවුනත් ලංකාවේ සමාජ දේහය පිලිඹද දැක්ම සහ කියවීම විශිෂ්ඨයි. මට පෙනෙන ආකාරය අනුව​. ඔබගේ ලේඛන ශෛලියත් ඉතාම සිත්කළුයි.

    කරුණාකර මෙයටත් හැකිනම් අවධානය යොමුකරන්න​

    ReplyDelete
  14. පැරා, මෙය තේරුම්ගන්න මට කිහිපවිටක් කියවන්න සිදු උනා

    "ශ්‍රී ලංකාව වතාවක් නොව කිහිප වතාවක් ම ධනපති පංතිය විනාශ කර තිබේ."

    ඔබ අදහස් කරේ මෙයද​

    "ශ්‍රී ලංකාව විසින් වතාවක් නොව, කිහිප වතාවක් ම ධනපති පංතිය විනාශ කර තිබේ."

    මෙයත් බලන්න​

    "ශ්‍රී ලංකාව වතාවක් නොව, කිහිප වතාවක් ම ධනපති පංතිය විසින් විනාශ කර තිබේ."

    ඔබේ දේශපාලන මතය සමග සහ එහි විසඳුම පිලිබඳව 100% එකඟ නොවුනත් ලංකාවේ සමාජ දේහය පිලිඹද දැක්ම සහ කියවීම විශිෂ්ඨයි. මට පෙනෙන ආකාරය අනුව​. ඔබගේ ලේඛන ශෛලියත් ඉතාම සිත්කළුයි.

    කරුණාකර මෙයටත් හැකිනම් අවධානය යොමුකරන්න​

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. එම වාක්‍යයේ ගැටලුවක් ඇක. ඔබ නිවැරදි කළ දෙවන ස්වරූපය වඩා හොඳ යයි සිතමි.

      Delete
  15. දැං පාරාගේ මෝල් මතය අනුව ලංකාවේ ඉන්නේ ධනේස්වර පංතියයි දුගී පංතියයි විතරද.. අනේ මූ ඉපදෙන්න තිබ්බෙ කාන්තාරෙ.. දැං තව ටික කාලෙකින් මේකත් කාන්තාර සංස්කෘතියක් වුනාම පාරාට බලාගන්න පුලුවන් ඔය සමාජ ක්‍රමේ හලාල් කරලා කපන හැටි...

    ReplyDelete
    Replies
    1. ජාතිවාදී මෝල්ලුන්ට කියන දෙයක් තේරුම් ගන්නට බැරි බවට මේ කමෙන්ටුව සාක්කියකි.

      Delete
  16. මෙයා ඇමරිකාවේ හිටියනම් රාජ් රජ රත්නම්ට උන වැඩේ තමයි වෙන්නේ . පහුගිය කාලේ කොටස් චෙළඳ පොලෙන් හම්බකරපු විදිය ගැන පරීක්‍ෂණ නෑ . insider dealing , pump and dump කියන්නේ මෙනවද කියල හෙයල බලන්න මෙය ඒවට expert.

    ReplyDelete
  17. පැරා .. හොඳට අඳින එක කන බොන එක ගැන මේ පුද්ගලයා ගැන කියල තියන කතාවෙදි හීනමානය කියනවට වඩා ඒක "ඇරියස් එකක්" විදියට දකිනව නං මම පුද්ගලිකව කැමතියි. පොඩි කාලෙ ආස දේවල් කන්න බොන්න ලැබුනේ නැත්නම් සල්ලි හම්බවෙච්ච දවසක කැමති තැන් වලින් කන්න මිනිස්සු පෙළඹෙනවා. අඳින්න තිබ්බෙ නැත්නම් සල්ලි හම්බ වුනු දවසට හොඳට අඳිනවා. ඒවට කියන්නෙ ඇරියස් කවර් කරනව කියල. මේ පුද්ගලයට ලැබෙන මුදල් වියදම් කරන්න ක්‍රමයක් තියෙන්න ඕන. උපයන මට්ටමින් වියදම් කලාට කාටවත් මොකුත් කියන්න අයිතියක් නෑ. ඒ මනුස්සය ප්‍රකෝටි ගණන් හම්බ කරනව නම් Patek Philippe වොච් එකක් බැන්දම අනිත් දේවල් ෆැෂන් කලාට කාටවත් මොකුත් කියන්න අයිතියක් නෑ. ඒ පුද්ගලයට ලැබෙන මට්ටමින් ඒ දේවල් කරන්නෙ. අපිට එදිනෙද ජීවිතේ මුදල් අතින් ගැටළුවක් තියනව වගේම ඒ මනුස්සයටත් ඒ මට්ටමින් අඩුපාඩුවක් ඇති සපුරගන්න අවශ්‍ය.සමහර විට ප්‍රයිවට් ජෙට් එකක් ගන්න එක, ප්‍රයිවට් අයිලන්ඩ් එකක් ගන්න එක වෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්ණ කරන්න කාටවත් අයිතියක් නෑ. තමන් මුදල් උපයන ක්‍රමයේ තියන සාධාරණ අසාධාරණ බව ප්‍රශ්ණ කරන්න පුළුවන්. මිනිහගේ ඩීල් ගැන ප්‍රශ්ණ තියෙන්න පුළුවන්. අර දේවල් ඒකට අදාළ කරගන්න බෑ.
    ඔය පුද්ගලය ඔච්චර සල්ලි හම්බකරල කබල් කාර් එකක යනව නං, හරියට අඳින්නේ නැත්නං ,සම්බෝලයි බතුයි කනව නං මිනිස්සු කියයි "අපෝ මේකා මෙච්චර හම්බ කරලත් මළ කුණෙක්" කියල.එහෙමයි සමාජෙ හැටි. ඒ ඒ දේවල් ඒ මිනිස්සු කරන්නෙ තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්. පින්නවල ඉස්කෝලෙන් ආපු පොඩි රස්සාවක් කරපු පුද්ගලයෙක් ඔය තැන දක්වා එන්නෙ, ඒ තරමට දියුණු වෙන්නෙ මොන්ට් බ්ලොන්ක් පෑනක් සාක්කුවෙ ගහගෙන ඉන්න තියන ආශාව නිසා. ධනවත් මිනිස්සු ප්‍රකෝටිපතියෝ බිහි වෙන්නෙ ඒ විදියටයි. ශිෂ්ටාචාර දියුණු වෙන්නෙත් මිනිස්සුන්ගෙ තියන ඒ නොනිමි ආශාවල් නිසා. ධනවාදයේ කෙලවර සමාජවාදයයි, සමාජ වාදයේ කෙලවර ධනවාදයයි කියල කතාවක් මම අහල තියනවා. ඒ මොක උනත් ශිෂ්ටාචාර දියුණු වෙන්නෙ මිනිස්සුන්ගෙ අසීමිත ආශාවල් නිසා. ඒ නිසා මෙයාගෙ ආමනි කලිසම ගැන ප්‍රශ්ණ කරලා වැඩක් නෑ, උවමනාත් නෑ, අයිතියකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් ඉතා වැදගත්. ඒත්, අපි මෙහෙම ගනිමු. ඇයි අපි කෝටි ගණනක් වටින වාහනේක යන්න සරත් ෆොන්සේකාට තියෙන ආසාව ප්‍රශ්න කරන්නෙ? එයා අද ඉන්න තැනට ආවෙත් උත්සාහය ප්ලස් ළඟ නවපු වංගුවලින්. නිමල් පෙරේරයි එයයි අතර වෙනසක් නැහැ. මේ හැමෝම සෙල්ලම් කරන්නෙ මහජන මුදල් එක්ක.

      සාපේක්ෂව නීත්‍යානුකූල ව්‍යාපාරවල යෙදිලා ලබපු ලාභයෙන් ෆැෂන් කරන අයයි සරත්-නිමල්ලායි සන්සන්දනය කරන්න බැහැ. මේ අයගේ සංස්කෘතිය සමාජයට දැඩි බලපෑමක් කරනවා. ඒකට දැඩිව පහර දෙන්න ඕනැ ඒ නිසායි.

      මේ ක්‍රියා අහිංසක, උන්නතිකාමී ආශාවන් කියලා සාධාරණීකරණය කරන එක ප්‍රතිගාමීයි. ලංකාවේ තිබෙන සමාජ ක්‍රමය විසින් බිහි කරන ‘සාර්ථක' මිනිසුන් වන මොවුන්ගේ සංස්කෘතිය අනුගමනය කරන්නට සෙසු අයත් පෙළඹුණොත් මොකද වෙන්නෙ? ඇත්තම කියනවා නම් ලංකාවේ සංස්කෘතිය එහෙම තමයි. බල්ලන් මරලා හරි සල්ලි හොයලා කැපී පෙනෙන විදියට ජීවත් වෙන්න තමයි අපේ මිනිස්සු උත්සාහ කරන්නේ. ඒක නිසා තමයි අධිකරණයේ නඩුකාරයාගේ ඉදිරිපිට පවා දඩ ගැසුම් කෑ පුද්ගලයා කූඩුවට නො දමා ඉන්නට බන්ධනාගාර නිලධාරීන් පගා ගහන තත්වයක් රටේ නිර්මානය වෙලා තියෙන්නේ. එකේ පංතියේ ළමයා තමන්ගේ පෞද්ගලික පංතියට එන්නේ නැතිනම් පළිගන්නා ගුරුවරියන් ඉන්න රටක් ලංකාවේ හැදිලා තිබෙන්නේ ඔය ඉක්මණින් හා පහසුවෙන් මුදල් උපයන ආශාව නිසා.

      මෙතන මේවා ලිය ලියා ඉන්න වෙලාවේ ඇත්තට ම අපටත් පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි ගැන පංති කරන්න. මොකද අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පහසුම ක්‍රමය තමයි එහෙම ලේසි ක්‍රම තියෙනවා ය කියලා පංති පවත්වා මුදල් අය කර ගන්නා එක.

      මේ සංස්කෘතික ආකල්ප එක්ක සටන් කරන්න ඕනැ. අපි කරන්නෙ ඒක.

      Delete
  18. රනිල්ගේ ලංකාවත් හරියට ආතර් සී ක්ලාක්ගේ විද්‍යා පුබන්ධවල ලංකාව වගේ. දැන් ලොකු පුටුවලට දාන්නෙම "බර්ගර් දෙමෙල්ලු".
    මහින්දගේ කාලේ සිංහල බෞද්ධ ධනපතියයන් පිරිසක් බිහිවුනා. මේ ආන්ඩුව මුලින්ම කලේ එයාලගෙන් දඬුවම්බදු ගහපු එක.

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා කියන්නේ මේක ද? බෞද්ධ නම් හොරකම් කළත් කමක් නැහැ.සුළු ජාතිකයන් නම් වගකිවයුතු තනතුරකටවත් පත් නො කළ යුතුයි.

      Delete
  19. කාටත් හොරකම් කරන්න පුළුවන් වෙන එකත් සාධාරනයි නේ !.

    ReplyDelete
  20. ලංකවෙ ඉන්න ගොඩාක් මුල්පෙලේ සල්ලි කාරයො යහපත් ලෙස සල්ලි හොයපු අය නෙවෙයි, දේශාලනයට හේත්තු වෙලා ඡාවාරම් කරල දියුනු වෙච්ච අය. උන්ගෙ ඡීවිතයේ අදුරු පැත්ත කවදාවත් එලියට එන්න දෙන්නැ. උන් ලංකාවෙ මුල් පෙලේ සියලුම පක්ෂ වලට ජන්දෙඉ මුදල් දෙනවාන මොන ආන්ඩුව ආවත් එච්චරයි. ශක්තිමත් කම්කරු පන්තියක් කියන එක ෆැන්ටසියක් එහෙම එකක් ⁣හදන්න බෑ ලංකාවේ සිස්ටම් එක එක්ක ඒක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. Branded luxurious life stlye එක ගැන කතා කලොත් ඒක පැරා කීව වගේ පල්ලහොට සල්ලි ගලායල එක විදියක් එමෙන්ම ඔය කියන විවිදත්වය උඩ තමයි ලෝක ආර්ඨිකය රදාපවතින්නෙ ඒක අලිය බීම එකේ ඉදල Patek දක්වාද බක්කි කරත්තෙ ඉදල Lamborghini දක්වාද දිව යනව. කොහොම උනත් බොහෝමයක් , විශේෂයෙන් සිංහල සල්ලිකාරයින්ගෙ show off එක වැඩියි සිංහල ව්යාපාරිකය පිරිහීමට පත්වෙලා තියෙන්නෙ ඒකයි.

    ReplyDelete
  21. පෑන් ඒෂියා බැංකුවේ(pan asia bank PLC) සේව්‍ය කෙරපු සේවක සෙවීකාවෝ මෙයාව හොදට අදුනනව,මේ ආර්ටිකල් එකේ විස්තර කරපු ගොඩක් දේවල් වලට මම එකයි.මෙයා ලිෆ්ට් එකේ යනකොටත් එකේ යන්න මෙයා ගැන දන්නා අය අකමැතියි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා