බදු නොගසන, සියල්ල නිකම් දෙන සුරංගනාවන්ගේ ආණ්ඩුවක් වහා පිහිටුවනු!


වැට් බද්ද වැඩි කිරීමට නො හැකි වූ නිසා ආණ්ඩුව දැන් තෙල් මිළ රුපියල් දහයකින් වැඩි කිරීමට සැරසෙන බව දිනේෂ් ගුණවර්ධන පවසයි. ගාමිනී ලොකුගේ කියන්නේ තමන් වැට් බද්ද ෆ්ලැට් කළ බවයි. වැට් බද්දට එරෙහිව නඩු කී වීරවංශ කතා කරන්නේ මාර උජාරුවෙනි. 

මේ ආණ්ඩුව ද නාස්ති කරයි. දූෂණයේ ද යෙදෙයි. ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායකගේ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිලි කුලිය එවැනි එක් සිද්ධියක් පමණි. එහෙත්, අද වන විට අඩු තරමේ දූෂණය දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ පිළිගත් ආදායම් මාර්ගයක් ලෙස නො සැලකෙන තත්වයක් හෝ නිර්මානය කර ගැනීමට මේ රටේ ජනතාව සමත් වී තිබේ. එය කෙතරම් විශාල ජයග්‍රහණයක් ද යන්න පැහැදිලි වන්නේ මහජන මුදල් සොරකම් කිරීම හා නාස්ති කිරීම නිසා හිරේ ගිය නාමල්ලා, බැසිල්ලා පෙන්නන උජාරුව නිසා ය. දුමින්දලා ඇතුළු මේ ආණ්ඩුවේ කට්ටියට එරෙහිව ද විමර්ශන සිදු විය යුතු ය. විපක්ෂය උද්ඝෝෂණ කළ යුත්තේ තමන්ගේ සොරකම් පිළිබඳ පරීක්ෂණ නො කරන්නට ය කියා නොව, ආණ්ඩුවේ සොරුන්ට එරෙහිව විමර්ශන නො කෙරෙන්නේ ඇයි ද කියා ය. 

එහෙත්, විපක්ෂය ආණ්ඩුවේ දූෂණ පිළිබඳ කිසිදු ශක්තිමත් හඬක් නගන්නේ නැත. ඔවුන් උත්සාහ ගන්නේ තමන්ගේ දූෂණ විමර්ශනය වන එක වළක්වා ගැනීම සඳහා ඩීල් දමා ගන්නට පමණි. 

දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් වගකිව යුතු දූෂණ සිදු වන බව ඇත්ත ය. එහෙත්, රජයේ ආදායම්වලින් වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ දේශපාලකයන්ගේ හා රජය සමග කොන්ත්‍රාත් කරන්නන්ගේ දූෂණවලට වඩා, රජයේ සේවක පඩිනඩි, පෙන්ෂන් ආදිය ගෙවන්නට ය. අමාත්‍යාංශවලට වෙන් කර ඇති මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් පුනරාවර්තන හෙවත් එදිනෙදා වියදම් ය. 

එසේම, යටිතල පහසුකම් සංවර්ධන කටයුතු හා වෙනත් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රජයට මුදල් අවශ්‍ය ය. ඒවා සපයා ගන්නා යථාර්ථවාදී මාර්ගය වන්නේ බදු මුදල් ය. ලංකාවේ ජනතාව නිසි පරිදි ආදායම් බදු ගෙවන්නේවත්, රජයේ එකතු කිරීම් යාන්ත්‍රණයන්ට හරි හැටි ආදායම් බදු එකතු කර ගත හැකි වැඩපිළිවෙලක්වත් නැත. රජයේ සේවකයන්ට කෙතරම් වැටුප් ගෙව්වත් රජයට ආදායම් එකතු කර දෙන එකවත් හරි පිළිවෙලකට වෙන්නේ නැත. 

රජයට ආදායම් නොමැති විට මේ වියදම් පියවා ගන්නේ කෙසේ ද? විපක්ෂය බදු අය කරනවාටත් අකැමැති ය. ණය ගන්නවාටත් අකැමැති ය. පොදු විපක්ෂයේ චෞර නඩය පසුගිය අඳුරු දශකය තුළ හා ඊට පෙර තමන් සොරකම් කළ මහජන මුදල් රජයට ආපසු දී කිසිදු ආදර්ශයක් පෙන්වා ද නැත. රාජ්‍ය විරෝධී ක්‍රියා වෙනුවෙන් මහජන මුදලින් ලබා ගන්නා වැටුප් හා වරප්‍රසාද ද කිසිවක් නො ගෙන ඉන්නේ ද නැත

දැන් තිබෙන්නේ එක් විකල්පයකි. එනම්, රාජ්‍ය අංශයේ වියදම් තව දුරටත් කපා හැරීමයි. එහෙත් ඒකත් කරන්නට බැරි ය. විපක්ෂය පොහොර සහනාධාරය වැනි අවිධිමත් නාස්තිකාර ක්‍රියා විධිමත් කරන එකට පමණක් නොව වැඩකට නැති තීරු බදු සහන නවත්වනවාට පවා විරුද්ධ ය. ආණ්ඩුවට නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය කප්පාදු කරන්නට උවමනාවක් තිබුණත්, නැතත්, විපක්ෂය හැම විට ම මොර ගාන්නේ ආණ්ඩුව ඒවා කප්පාදු කරනවා ය කියා ය. 

ජනතාව බදු ගෙවන්නට අකැමැති වුණාට, රජය ඇති නැති සියලු ජනතාවට නොමිළේ පාසල් අධ්‍යාපනය, පෙළ පොත්, නිල ඇඳුම් රෙදි, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, නොමිළේ සෞඛ්‍ය පහසුකම්, රජයේ සේවකයන්ට තෙරපි තෙරපී වුණත් අඩු ගානට යන්න කෝච්චි, පැන්ෂන්, පිංපඩි, වැඩබැරි වුණත් උපාධිධාරීන්ට රස්සා, පාරවල්වලට කාපට්, කුඹුරුවලට පෝර, වීවලට සල්ලි ආදී හැම මගුලක් ම දිය යුතු ය. ඒ මදිවාට පාරට වීසි කරන කුණු, බලු බෙටි ආදියත් ඇදිය යුතු ය. ජනතාව කඳු බෑවුම් එළි කර ගෙවල් හදාගෙන නාය ගිය විට ඒවාට වන්දිත් ගෙවා, ඉඩමුත් දී, ගෙවලුත් හදා දිය යුතු ය. ගං ඉවුරුවල ගෙවල් හදාගෙන, පොලිතින් දමා කාණු අවහිර කරගෙන ගංවතුරෙන් යට කර ගත් විට ඒවාටත් වන්දි ගෙවිය යුතු ය.

මේ වගේ ජනාධිපති කෙනෙක්
සරළ ප්‍රශ්නය මෙයයි. ආදායම් නැතිව වියදම් විතරක් කරන්නට රජය සුරංගනාවක් ද? ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය තුළ ආණ්ඩු බලය ඇති කිහිප දෙනා හැර අනෙක් සියල්ලෝ ම විපක්ෂයේ ය. ආණ්ඩු බලය තියෙන එවුන් ද කටයුතු කරන ආකාරය අනුව ජනතාව එහෙම හිතන එකත් වැරදි නැත. 

එහෙත්, රජය යනු ජනතාවගෙන් පරිබාහිර දේශපාලකයන්ගේ දේපලක් නො වේ. ලංකාවේ නම් රජය නම් සමාගමෙහි ලාභය බෙදා ගන්නා අය වන්නේ දේශපාලකයෝ, රජය සමග කොන්ත්‍රාත් කරන්නෝ, නිලධාරීහු හා රජයේ සේවකයෝ ය. ලංකාවේ ධනේශ්වර ක්‍රමය තුළ රජය යනු ලොකු ම සූරාකන්නා ය. එම තත්වය වෙනස් කළ යුතු ය. එහෙත්, රජය විසින් සූරා කනු ලබන පීඩිතයන් පවා රජයේ පාර්ශ්වකාරයෝ ය. රජය පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් රටේ සියලු ජනතාවට වගකීමක් තිබේ.

වැඩේ කියන්නේ ලංකාවේ විපක්ෂය හා ජනතාව ආණ්ඩු විරෝධීන් පමණක් නොව රාජ්‍ය විරෝධීන් ද වීමයි. ඔවුන්ගේ ආකල්පවල ම ඇත්තේ රාජ්‍ය විරෝධයයි. කඩාකප්පල්කාරිත්වයයි. රජයේ දේශපාලකයින්ගේ සිට රජයේ සේවයේ පහළම සේවකයන් දක්වාත්, පොදු ජනතාවත් බලාගෙන ඉන්නේ ම රජය විනාශ කරන්නට ය. ආසන්නම නිදසුන මේ වැට් හුටපටයයි. 

වැට් බද්ද වැඩි කිරීමේ යෝජනාව අයවැය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත වූවකි. පාර්ලිමේන්තුව යනු නීති හදන ආයතනයයි. අධිකරණය නීති හදන්නේ නැත. කොහොමින් කොහොම හෝ නීති හදන ආයතනයේ සම්මත වූ වැට් බද්ද නීති විරෝධී කරන්නට අධිකරණය කටයුතු කර තිබේ. 

මෙම ලිපිය ලියන මම වැට් බද්දට පක්ෂ අයෙක් නොවේ. එහෙත්, පුරවැසියකු ලෙස මට රජයෙන් නිකම් කන්නට අවශ්‍යතාවක් නැත. මට අවශ්‍ය මගේ මූලික සේවාවන් මට සාධාරණ මිළක් දී ගන්නට හැකි ආකාරයට රජය මා ශක්තිමත් කරන එක ය. රජය මහ ලොකු දෙයක් කරන්නට අවශ්‍ය නැත. රජය ප්‍රතිපත්ති හරියට සම්පාදනය කරනවා නම් මට මගේ ජීවිතය ගොඩනගා ගන්නට පුළුවන. මෙතෙක් අප වැඩි දෙනෙක් කර තිබෙන්නේ ද එහෙම ය. 

අපට ද බැරි දවසක්, දුප්පත් වන, අසරණ වන දවසක් උදා විය හැකි ය. එදාට අප රැක බලා ගන්නට සුබසාධන සේවා තිබිය යුතු ය. 

එසේම, පොදු පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් අප රජයට බදු ගෙවිය යුතු ය. 

මහජන ආරක්ෂාව වෙනුවෙන් ද අප ගෙවිය යුතු ය. ලෝකය සමග සාමකාමීව සහයෝගයෙන් කටයුතු කරමින් රාජ්‍යාරක්ෂාව සහතික කිරීම ආණ්ඩුවේ වගකීමකි.

රජය මහජන මුදල් නාස්ති නො කළ යුතු ය. මහජන මුදල් සම්බන්ධයෙන් වග විය යුතු ය. මහජනතාවට සපයන සේවාවන් වෙනුවෙන් සාධාරණ වැටුපක් ලබන්නට රජයේ සේවකයන්ට, නිලධාරීන්ට, දේශපාලකයන්ට හිමිකමක් ඇත. 

ඔය කියන ටිකට වඩා මහා ලොකු දේවල් කරමින් අපේ ජීවිතවල හැම අස්සක් මුල්ලක් නෑර ම ඇඟිලි ගසන රජයක් අපට අවශ්‍ය නැත. 

සියල්ල වෙළඳපොළ විසින් නියාමනය විය යුතු බවක් අප කියන්නේ නැත. එසේම, අප වෙළඳපොළ විරෝධීහු ද නොවෙමු. වෙළඳපොළ නියාමනය රජයේ වගකීමකි. එහෙම නැතිව රජය වෙළඳාම් කරන්නට යා යුතු නැත. දැන වෙළඳං ය. නොදැන ගොවිතැන් ය. රජය මේ දෙකම දන්නේ නැත. රජය කළ යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනය හා නියාමනයයි.

අප ප්‍රවර්ධනය කරන සමාජවාදය තුළ රජය ශක්තිමත් කරන්නට අපට අවශ්‍ය නැත. අප පෙනී සිටින්නේ ස්වාධීන මහජන ආයතන ගොඩනැගීම වෙනුවෙනි. ඒ ගැන වෙනම කතා කරමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රවී කරුණානායකJuly 20, 2016 at 11:12 AM

    වැට් බද්ද වැඩි කිරීමේ යෝජනාව අයවැය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත වූවත් බදු අය කරන පරාසය පුළුල් කිරීම අයවැයෙන් අනුමත වී නැත. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු වැඩි කරන ප්‍රතිශතය හෝ පරාසය තීරණය කිරීමේ නීතිමය බලයක් ද නැත. මේ ලෝ පොයින්ට් එක නොතේරෙන්නේද නැත්තං නොතේරුනා වගේ සිටින්නේ ද ?

    ReplyDelete
    Replies
    1. වැට් බද්ද ගැන ලෝ පොයින්ට් මට අදාළ කාර්යයක් නො වේ. ඒක අදාළ රවි කරුණානායකට හා ඔහුගේ බොස්ලාට ය.

      මා ප්‍රශ්න කරන්නේ රජය සම්බන්ධයෙන් ජනතාවට වගකීමක් නැද්ද කියන එක ය. සරළව කිවහොත් ආදායම් නැතිව වියදම් කරන්නේ කෙසේ ද යන්න ය.

      Delete
    2. වියදං කරන්නේ නැති ඇමතිලා ඉන්නකොට කොහෙද අයිසෙ වියදම්? දැං ඔය බලනවා කබීර් හසීම් ඉකොනෙමි ක්ලාස් ලු යන්නෙ. (ඉස්සර බිසිනොස් ක්ලාස් ගිය ඒවා අදාල නැත - ඕනෙ වෙලාවක සෙල්ෆී නොගහා දැක්කේ නැහැ කිව්වේ නැහැ වගේ හොරෙංම යන්න පුලුවන් කියන කාරණයත් අදාලත් නැත)

      ඊයෙ මුල් පුරවැසියා ජනමාධ්‍යයට රහසක් එලි කලේය එනම් අවුරුදු 15 කට පෙර එතුමා බසයක ගිය බවයි. මාලුවා නහින්නේ කට නිසාලුනේ. ඔන්න ඇතත එලියට පැන්නා.

      මුන්ට මේවා වීර කතන්දරය.

      ඉතිං පැං ගොරෝ දැං දූෂණත් නැත්තං, වංචාත් නැත්තං ඇමතිලා ඔක්කොම ඉකොනොමි ක්ලාස් එකේ යනවානං. අඩු මිල බෙන්ස් පරිහරනය කරනවා නං තව මොකටද අයිසෙ බදු.

      Delete
    3. ගොනොනිමස් ඇනෝ, අයිසෙ තමුසෙලා වගේ අපි දේශපාලකයන් වන්දනා කරන්නෙ නැහැ. ඒ වුණාට ඉන්න හොරු අතරින් මොක්කු හරි හොරු රැළකට පාලනය භාර දෙන්න වෙනවා. හැමදාම එකම හොරු සෙට් එක තියාගෙන ඉන්න එක භයානකයි.

      මුනුත් හොරු තමයි. හැබැයි වඩා වැදගත් වෙන්නෙ අපි ශක්තිමත් වෙන එකයි. අපි කියන්නේ වැඩ කරන ජනතාව. අපේ බදු මුදල්වලින් උන් කරන දේ ගැන අපි පරීක්ෂාවෙන් ඉන්න ඕනැ.

      Delete
    4. මොන්න පරීක්ෂාද. උන් ඔක්කොම හොරකං ටික කරලා හිටපු එකාට බිල දානවා. දාලා පොඩ්ඩක් අත් උස්සපු ගමන් උබලා රෙඩි වෙලා ඉදලා ඉතුරු ටික කරනවානේ පැං ගොරෝ.. ඕකෙ පරික්ෂාවෙන් ඉන්න දෙයක් තියනවා යෑ. හා හොදයි පහුගිය ලිපිටික බලාපංකො. බුරල තියන බිරිල්ල.

      Delete
    5. ඔබ සමග මට සංවාදයක් නැත. ඔබේ මතය දැරීමට ඔබට අයිතියක් ඇත. මා කරන්නේ වෙනත් දෙයකි.

      Delete
  2. මට මතකයි වසර විසි දෙකකට පෙර නම් සුරංගනාවියක් ජනාධිපති වුණා.

    ReplyDelete
    Replies
    1. ගොං කතා නොකියා හිටහන් රට හරකෝ තෝ ඔස්ට්‍රේලියාවට පුක දීගෙන මෙහෙ හැම සයිට් එකටම රිංගගෙන පඬි ටෝක් දෙනවා. කෝ බොල තොපි වගේ අපතයෝ තොට ඔතෙන්ට එන්න උදව් කරපු රටට අබමල් රේණුවක තරම් වැඩක් කරනවද

      Delete
    2. "කෝ බොල තොපි වගේ අපතයෝ තොට ඔතෙන්ට එන්න උදව් කරපු රටට අබමල් රේණුවක තරම් වැඩක් කරනවද "

      Yeah! I read blogs and Comment??WTF??

      Delete
  3. ඕනෑම රටක විපක්ෂය හැසිරෙන්නේ ඔය විදිහට තමයි. බලයේ ඉන්නකොට ගහපු බදු, කරපු දේවල් විපක්ෂයට ගියාම නරකයි. නමුත් වැට් වගේ බදු ලංකාව වැනි රටකට කොයිතරම් සුදුසුද කියන ප්‍රශ්නයක්. ලංකාවේ එකතුකරන වැට් බද්දෙන් ඇත්තටම ආණ්ඩුවට ලැබෙන්නේ කීයද? බදු එකතුකරණ අතරමැදියන් නොයෙකුත් කූට උපක්‍රම මගින් ආණ්ඩුවට එම බදු ගෙවීම පැහැර හරිනවා. ලංකාව වගේ රටක කාර්යක්ෂම ගිණුම්කරණ පද්ධතියක් නැති නිසා ඒක කරන්න ලෙහෙසියි. සිංගප්පුරුව සහ යුරෝපයේ ඇතැම් රටවල විදේශිකයන් ගෙවන වැට් බදු ආපසු ලබාගන්න පුළුවනි. නමුත් ලංකාව වගේ රටක ඒක කරන්න ගියොත් ආණ්ඩුව තවත් අම්මරුවේ වැටෙනවා. ඒ නිසා කලයුත්තේ වැට් වැනි බදු වෙනුවට වක්‍ර බදු පැනවීමයි.

    ReplyDelete
    Replies
    1. එ් කතාව ඇත්ත. නමුත් ඇත්තෙන් ම සිදු විය යුතුව තිබෙන්නේ ජනතාවගෙන් නිසි පරිදි ආදායම් බදු එකතු කර ගැනීමයි. රටට හරි හමන් ප්‍රයෝජනයක් නැති සුදු අලින් පිරිසක් වන දේශපාලකයන්ට පවා ලංකාව ආදායම් බදු සහන දීලා තිබෙනවා. එතැන සිට ම මෙය පටන් ගත යුතුයි. වක්‍ර බදුත් ගැටලු රැසක් ඇති කරනවා. එක නිෂ්පාදනය හා සේවාව වෙනුවෙන් වාර ගණනාවක් බදු ගෙවන්නට ජනතාවට සිදු වෙනවා. ආදායම අනුව බදු ගෙවන එක ඊට වඩා සරළයි. හැබැයි කවුරුවත් ඒකට කැමති නැහැ.

      Delete
  4. රටේ වියදමෙන් විශාලම ප්‍රතිශතය වැයවන්නේ කලින් ගත් ණය ගෙවීම සඳහායි. යුද්ධය අවසන් වූ පසුව රටේ ණය දෙගුණයක් කර ගසා කා ආදායම් නොලැබෙන ව්‍යාපෘති වලට මුදල් කාබාසිනියා කලාට එම ණය ගෙවිය යුත්තේ අද පවතින රජයයි. රජයේ අදායම් ලබා ගැනීමේ උත්සාහයන්ට හරස් වීමෙන් ඔවුන්ගේ එකම අදහස රජය අමාරුවේ දමා ආයිමත් ගසා කෑමට අවස්ථාව ලබා ගැනීමයි. ඒ සඳහා කාලයක් බලා සිටීමට වේවි.

    ReplyDelete
  5. කැම්පස් එකේ වලිය ගැන තව ටිකක් දාන්න. :)

    ReplyDelete
  6. තමුන් ඒ කාලේ විරුද්දයි කියා සටන් කොල සියලුම කාරනා වලට කොන්දේසි විරහිතව පක්ස පාතී වෙලා ලියුම් ලිවීමට සිජ්ජ වීම දයිවයේ සරදමක් ද?

    ReplyDelete
    Replies
    1. ඔය කතාව අපට නම් මෑත වකවානුව තුළ අදාළ නැහැ. මහින්ද ඉන්න කාලෙත් අපි නම් රජය සම්බන්ධයෙන් මේ ස්ථාවරවල ම තමයි හිටියේ. හැබැයි, ඒ කාලෙ හිටියෙ රජ පවුලක් නිසා උන්ටයි උන්ගේ ඇම්බැට්ටයන්ටයි හිතේ හැටියට කන්න බදු එකතු කරන එකට අපි විරුද්ධ වුණා.

      දැන් වෙනස්. දැනුත් රජයේ හොරු ඉන්නවා. ඒත් රජ පවුලක් නැහැ.

      රජය ලොකුවට වෙනස් වෙලා නැති වුණාට දැන් ජනතාව වඩා ශක්තිමත්. උස්සලා මරන බය නැහැ. වැදගත් ඒකයි.

      Delete
    2. කුමාර කළුආරච්චි සූකරයා ගූ වලේ නානවා

      Delete
  7. //වෙළඳපොළ නියාමනය රජයේ වගකීමකි. එහෙම නැතිව රජය වෙළඳාම් කරන්නට යා යුතු නැත. //

    සහතික ඇත්ත. ලංකාවේ හොඳම උදාහරණය සන්නිවේදන ක්ෂේත්‍රයයි (telecom sector). Telecommunications Regulatory Commission එකෙන් ඉතාම හොඳ නියාමනයක් කරන අතර, රජයට විශාල ආදායමකුත් ලබා දෙනවා. (ඒ අතරම පහුගිය කාලයේ එයත් අපයෝජනය වුනා සංඛ්‍යාත බෙදා දීම මගින්).

    ReplyDelete
    Replies
    1. රජය වෙළඳාම් කරනවා. සතොස වගේ ආයතන උදාහරණ.

      ගිය සඳුදා මං අර ගාල්ලේ දක්ෂිණ පාය ඉස්සරහා ආණ්ඩුවේ හෙළ බොජුන්හලෙන් මැංගෝ ජූස් එකක් බිව්වා. නියමයි. මිළ රුපියල් පනහයි. කුලී, සේවක පඩි වැනි දේ එක්ක ඒකෙ මිළ රුපියල් සීයක්වත් වෙනවා ඇති. ඉතුරු පනහ බදු මුදලින්. ඔන්න ආණ්ඩුව කරන වෙළඳාම්. ඒ අපට දෙන පගා.

      අර ජයවර්ධනපුර ජපන් මිත්‍රත්ව පාර පටන් ගන්න තැන හමුදාවෙ කඩේ රුපියල් පනහෙ බත් එක අපට දෙන තවත් පගාවක්.

      අපට මේ වගේ පොඩි පොඩි පගා දීලා ලොකු ලොක්කෝ හතරවරං ගහනවා.

      Delete
  8. මෙයාටත් වැට් හොඳ වෙලා තියෙන්නෙ දැන්නෙ බොලේ. ඉස්සර නං ඔහොම කිවුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. වැට් හොඳ නැහැ. මොනම බද්දක්වත් හොඳ නැහැ. රජය කියන මගුලත් හොඳ නැහැ. ඒ වුණාට රජයක් නැතුව පවතින්න තරම් මේ සමාජය දියුණු නැහැ. ඒ නිසා රජය තියෙන්න ඕනැ. ආණ්ඩුව කවුරු වුණත් අපිත් රජයේ පාර්ශ්වකාරයෝ.

      සරදියෙල්ගේ සිස්ටම් එකෙන් දැන් ආණ්ඩු කරන්න බැහැ. අපට සපයන සේවාවන්ට අපි ගෙවිය යුතුයි. ඒ වගේ ම තමයි අපේ බදු මුදල් සම්බන්ධයෙන් ආණ්ඩුව වග විය යුතුයි.

      Delete
  9. සීනි මිල අඩුකලේ සීනිදාල වෙඩිතියල කුඹිකාල මරවන්ටද ?

    ReplyDelete
    Replies
    1. නෑ උඹේ පුකේ හිල ලොකු කරන්න

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ා ිි ෙු අ ිා ිි ො ඔු ැිාිො.ි ඔ .

    ReplyDelete
    Replies
    1. මොහ් නහ් ෆුඛක්හ් ධ මෙහ්

      Delete
  12. I huded pesnt agri to you parakup sir. Garment must put tax rate up high. Why every things give no prise? People get lasy and no like to work too. You tel things very corect.

    ReplyDelete
  13. ඔබේ ජනාධිපති ලාවට කොළ පාටයි.

    ReplyDelete
    Replies
    1. කාටුන්වල, චිත්‍ර‍වල නිල්පාටින් ඉන්නේ යක්කුනේ නේ නේද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා