කිරිඇල්ලගේ ..............

2015 ජනවාරි 8දා ජනාධිපතිවරණයෙන් අප මහින්ද රාජපක්ෂ ගෙදර යැව්වේ තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු බලයට පත් කර ගැනීමට නො වේ. අප විරෝධය සලකුණු කළේ පුද්ගලයකුට, පවුලකට වඩා ක්‍ර‍මයකටයි.

ඒ ක්‍ර‍මය තුළ සිදු වූ දේ එපරිද්දෙන් ම නව ක්‍ර‍මය තුළත් සිදු වනවා නම් එය බරපතල තත්වයකි.

උදාහරණයකින් විමසමු.

ලාල් කුලරත්න නළුවෙක් හා ගුරුවරයෙකි. පසුව දේශපාලනයට පිවිසි ඔහු විමල් වීරවංශ පාක්ෂිකයෙකි. ඔහුට ඉංජිනේරු සංස්ථාවේ ණය අංශයේ විශේෂ තනතුරක් දරන්නට ඇති සුදුසුකම් මොනවාදැයි අපි නො දනිමු. සමහර විට එහි සේවකයන් පිනවන්නට අර බට්ටි ටෙලි නාට්ටියේ කළ රිලා නැටුම වැනි මොකක් හෝ කරන්නට ඇත. ඒක ප්‍ර‍ශ්නයක් නැත. එහෙත්, ඔහු මෙසේ ද කළේ ය. ඔහුගේ බිරිඳගේ නමින් වාහනයක් මිළ දී ගෙන එය ඉංජිනේරු සංස්ථාවට කුලියට දී ඉන් පසු එම වාහනය ඔහුගේ නිල වාහනය ලෙස පාවිච්චි කළේ ය. එහි ඉන්ධන හා කුලිය ලෙස රුපියල් ලක්ෂ 28ක් ලබාගෙන තිබේ.

විමල් වීරවංශලා කළ ජාවාරම්වල හැටියට මෙය ඉතා කුඩා එකකි. මේ වනාහි කලක් රටේ සමාජවාදී විප්ලවය කරන්නට ගිය අය ය. එහෙත්, අමාත්‍යාංශයක් ලැබුණු සැණින් මේ බඩගිනිකාරයන් කළේ පවුල් පිටින් වල ඉහ ගැනීමයි. විමල්ගේ ගෝලබාලයින් බොහෝ දෙනෙක් ඔහුගේ අමාත්‍යාංශයෙන් හොරා කෑවෝ ය. අඩු තරමේ තමන්ගේ භාර්යාවගේ නම පේරෝලකට දමා ගෙදර සිට වැටුප ගැනීම හෝ කළ හ. මේ සුළු පරිමාණ හොරකම් විභාග කරන්නට තව දීර්ඝ කාලයක් ගත වනු ඇත.

යහපාලනය යටතේ ද එවැනි දේ සිදු වන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල විවෘතව පිළි ගත්තේ වෙන කොතනකදී හෝ නොව පාර්ලිමේන්තුවේදී ම ය.  පහත පළ වන්නේ ලක්බිම පුවත්පතේ සිද්ධිය හා සම්බන්ධයෙන් පළ වූ වාර්තාවකි.


මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරුන් ලෙස 45 දෙනකු පත්කර ඇති බවත් මහ මැතිවරණයේදී හා ජනාධිපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරදීමට සහය දුන් අයට අවස්ථාවක් ලබාදිය යුතු නිසා උපදේශක තනතුරු පිරිනැමූ බවත් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

රුපියල් 25000ක වැටුපක් හා රුපියල් 40000ක ගමන් වියදම් දීමනාවක් යටතේ මෙම උපදේශකයින් බඳවා ගත් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි

නලින්ද ජයතිස්ස මහතා -
උපදේශකවරුන් ගණන කීයද?

කිරිඇල්ල මහතා - හතළිස් පහයි.

නලින්ද ජයතිස්ස මහතා -
මේ උපදේශක තනතුරකට සම්පූර්ණයෙන් රුපියල් 65000ක මුදලක් ලැබෙනවා. මා ළඟ ඇති ‍ලේඛනයේ උපදේශකවරුන් 56ක් ඉන්නවා. ගම්‍පොල හාලිඇල විහාරයේ වට්ටප්පල සීවලී හිමියන්ට නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශක තනතුර දුන්නේ කුමන මාර්ග ඵලයක් ලබාගැනීමටද?

කිරිඇල්ල මහතා - ඔබ ඇහුවේ සුභාෂ් යටවර ගැන විතරයි. ඒකට මම උත්තර දුන්නා.

නලින්ද ජයතිස්ස මහතා - මා ළඟ ඇති ‍ලේඛනයේ මේ හාමුදුරුවන්ගේ නමත් තියෙනවා.

කිරිඇල්ල මහතා -
ඔබ දැනගත යුතුයි මහනුවර අපි ජනාධිපතිවරණයේදී ඡන්ද 81,000කින් දිනුවා. මහ මැතිවරණයත් ඉහළින්ම ජයගත්තා. අපට ජයග්‍රහණය අත්කර දුන් අයට අවස්ථාවක් ලබාදීම අපගේ වගකීමක්.

නලින්ද ජයතිස්ස මහතා -
නිමල් චන්ද්‍රසිරි නමැත්තකුට උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්. උපදේශක තනතුරු මෙහෙම අයටද දෙන්නේ? ප්‍රාදේශීය සභාවක විපක්ෂ නායක කෙනෙකුටත් උපදේශකකමක් ලබාදීලා. ඔහු සාමාන්‍ය පෙළ පමණයි සමත්.

කිරිඇල්ල මහතා - ඒවා අතිරේක සුදුසුකම්. සම්මුඛ පරීක්ෂණයකට කැඳවලයි මේ තනතුරු දුන්නේ.
නලින්ද ජයතිස්ස මහතා - නුවර අරුප්‍පොලවත්තේ සමින්ද සමරසූරිය, සිරිල් සමරසූරිය එකම පවු‍ලේ එකම ගෙදර එකම ලිපිනය. මේකද යහපාලනය? ඔය ප්‍රතිපත්ති අගමැතිවරයා පිළිගන්නවාද?
කිරිඇල්ල මහතා - එකම පවු‍ලේ අයට දීලා තියෙනවා නම් මම ඒ ගැන හොයා බලන්නම්. පසුගිය රජය කාලයේ උපදේශක තනතුරු 250ක් දුන්නා. ඒ ගැනත් පරීක්ෂණ කරන්නේ නැහැ.

පැතුම් වික්‍රමරත්න - රන්මලී සෝමසිරි (ලක්බිම)
යහපාලන ඇමතිවරයකුට මෙවැනි දෙයක් විවෘතව පිළිගන්නට තරම් මෝඩකමක් හා ලජ්ජා නැතිකමක් තිබීම ගැන ලජ්ජා විය යුත්තේ අප ය. 

යහපාලනය යනු මහින්ද රාජපක්ෂ කාලයේ කළා සේ මේ අන්දමින් බෙදාගෙන කෑම ද? මේ බෙදාගෙන කන්නේ කාගේ සල්ලි ද? 

ලජ්ජා නැති ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිකමින් ඉල්ලා අස් විය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඕනෑ ගොනකුට ඇමතිකම් කරන්න පුළුවන්නේ පැරා.වැඩේ කියන්නේ කිරිඇල්ල ඔය කතාව කියන කොට රනිල් පවා ලැජ්ජා නැතුව උඩ බලන් ඉන්න හැටිනේ.

    ReplyDelete
    Replies
    1. එයත් ඉතින් තව දේශපාලකයකේ නේ. ලජ්ජාවක් තියෙන්නෙ කොහොමද? වැඩේ කියන්නේ මේගොල්ලන් හිතන්නේ අපිත් ඒ ජාතියේ කියලනේ.

      Delete
  2. මම ඉපදුණු මගේ රටට නිහඬ සේවයක්‌ කරන්න
    මම ආසයි ජනාධිපති උපදේශක කෙනෙකු වෙන්න...!!!

    ReplyDelete
  3. Obata Sathutuida Den ?

    ReplyDelete
  4. රැකියා දසලස්සයක් දෙනව කිව්වෙ බස බස ගාල..

    ඕං දෙනවා …… !!

    ReplyDelete
    Replies
    1. අම්මප බොලේ ඒකත් ඇත්තනේ. දෙනව කිව්ව ඒව නෙවැ මේ දෙන්නෙ? දෙනව කිව්ව මිසක් දෙන විදියක් කිව්වෙ නැහැනේ.

      Delete
  5. ගොන්නු 81,000ක් කිරි ඇල්ලට මනාප දීල තියනවා එයින් 56කට විතරයි සලකල තියෙන්නේ . හරිම අසාධාරනයි

    ReplyDelete
    Replies
    1. අම්මප හැබෑව. එතකොට තේරෙයි කරපු ගොං කං වල තරම.

      Delete
  6. අජිත් පැරකුම්ලා මොනවා කීවද ඔවුන් "කැපකල ජනතාවයි". මේ පාලනය අවසන්වනවිට තවත් කැපකල ජනතාවක් ප්‍රති පක්ෂයෙන්ද බිහිවේ. එවිට තනතුරු ලැබෙන්නේ ඔවුන්ටය. අපවැන්නන්ට ඡන්ද පත්‍රිකාව ලැබෙන්නේ සුදුසු අවස්ථාවේ කැපකල ජනයාට සාධාරණය ඉටුකිරීමටය.

    ReplyDelete
  7. ඔබට සතුටුයි ද දැන්................ කියල අහන්නත් එපා කිව්වනේ. දැන් කොහොමද අපි ඔයාලට සනීප ද කියල අහන්න ද?

    ReplyDelete
    Replies
    1. හොරු හා මිනී මරන්නන් කල්ලියක් පළවා හැරලා ජනතාව ශක්තිමත් කිරීමට හැකි වීම ගැන අපි නම් ඇත්තෙන් ම සතුටින් ඉන්නේ.

      ඒ වුණාට අරගලය ඉවර නැහැ. මේක එහෙම එක රැයින් අනෙක් පැත්ත හරවන්න පුළුවන් ක්‍ර‍මයක් නෙමෙයි. ඒක අතිශය දූෂිතයි.

      සමාජයට ඉදිරියට යන්නට පුළුවන් කිරිඇල්ලලා වැනි අයට ද එරෙහිව අරගල කිරීමෙනුයි.

      අපි අරගල කරන්නෙ සතුටින් තමයි. ඒක අහන්න දෙයක් නැහැ.

      Delete
  8. කිරිඇල්ලලාගෙන් යහපාලනය පැතීම ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වීම වැනි වැඩකි.
    ඒත් කටු සහිත පඳුර නොවන්නට රසවත් අන්නාසි ගෙඩියක් හදාගන්නටත් නොහැකිය.

    ReplyDelete
  9. ඔවුන් උදව් කල නිසා මැතිවරණය ජය ගත්තා. ඒ වෙනුවෙන් ඔවුන්ට රැකියා ලබා දුන්නා. ඒ කියන්නේ ඔවුන් උදව් කලේ නැත්නම් මැතිවරණය පරදිනවා. එතකොට තාම බලයේ ඉන්නේ මහින්ද. අවුල් වගේනේ.. මේ ක්‍රමය වෙනස් කරන්න කොහෙන්ද පටන් ගන්නේ කියලා කිව්වොත්?

    ReplyDelete
    Replies
    1. පටන් ගන්න ඕනැ හරියටම මෙතනින්. මේක නිකම් සරළව නො ගෙන ජනතාව මේ වැඩේට දැඩි විරෝධය පළ කරන්න ඕනැ.

      මහජන මුදලින් පිංපඩි ගන්න මේ බොරුකාරයන් නෙරපා හරින්න ය කියලා උද්ඝෝෂණය කරන්න ඕනැ.

      Delete
  10. //මෙවැනි දෙයක් විවෘතව පිළිගන්නට තරම් මෝඩකමක් හා ලජ්ජා නැතිකමක් තිබීම ගැන ලජ්ජා විය යුත්තේ අප ය. //
    A proper banana republic

    ReplyDelete
  11. රාජකීය කැබිනෙට්ටුවේ ඈයොන් ට අපහාස කොරන්න එපා පැරා..
    ඔහෙලට නොතේරෙන දේවල් කිරිඇල්ලලා, අර්ජුන් මහේන්ද්‍රන් ලා රනිල් වික්‍රමසින්හලා රාජකීය විද්යාලේදී දී ඉගෙනගෙන තියෙනවා නේ...

    ReplyDelete
    Replies
    1. ඕව කියල වැඩක් නෑ සරස තුමෝ මෙයාලට. දැන් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදෙන් නෙත් කන් පිනා ගිහින්නෙ ඉන්නෙ. ඊයෙ රනිල්ගෙන් වීරවංශ චන්ද්‍රිකා ගැන ඇහුවම රනිල් කියපි අපි එකටය නැටුම් ඉගෙන ගත්තෙ කියල. මට මතක හැටියට පැරාලගේ මොඩලයෙ අය ඒ කාලෙ රනිල්ට කිවුවෙ "නළුවෙක් නෙවෙයි මොලයක්" කියලනේ!

      Delete
    2. මේ දවස් වල රනිල් ගේ බෙර පදේට හිටපු වාමාන්සික පැරා ව්ඩිග පටුන නටනවා වගේ නේද සරදියෙල් තුමෝ?

      Delete
    3. ඔව් ඉතිං ලොකුම අවුලකුත් නෑනෙ. උන්දලාගේ නායකයෙක් උණ අරවින්ද ( දැන් නම නං අනුර දිසානායක ) ත් දැන් රෙදි නැතුව කඩේ යනවනේ රනිල්ට.

      Delete
    4. ඔව් ඉතිං ලොකුම අවුලකුත් නෑනෙ. උන්දලාගේ නායකයෙක් උණ අරවින්ද ( දැන් නම නං අනුර දිසානායක ) ත් දැන් රෙදි නැතුව කඩේ යනවනේ රනිල්ට.

      Delete
  12. කවුරු මොනව කිව්වත්,මේ හරක් මේ තරම් හරි මෙල්ල වෙලා ඉන්නෙ ජවිපෙ අය හින්දයි.නැත්නම් මෙලහකට මුලු රටම උලාකාල.

    ReplyDelete
    Replies
    1. ඒක හරි ... යූ එන් පී හරක් ජේ වී පී කියන පුනක්කු දැක්කාම, උලාකෑම නවත්තලා පුන්නක්කු කෑම පටන් ගන්නවා...

      Delete
  13. People who are close to both parties are currupt.not only th leaders but the party memmbers at th bottom are th same. What i hav noticed abt unpers is that their guys are more open and bent towards illicit activity. If u look at most of th kepuwath kola groons were close associates of mr during th past regime.

    ReplyDelete
  14. ඔහෙත් විමල් වීරවංශව හැම තැනටම ගන්නෙ හරියට මැක්කාගෙ රචනාව ලියපු එකා වගෙ. ගුරුවරුයකුට ඉන්ජිනේරු සන්ස්තාවෙ රස්සාවක් කරන්න නුසුදුසු අයද? ඔහෙත් ගුරුවරයෙක් නිසා පුලුවන් දෙයක් නැද්? අනිත් එක ලොකු හොරකම් තියෙද්දි පොඩි හොරකමක් මෙතන ලිව්වෙ ඇයි? මීට හොඳයි ඔහෙ හෙලුවෙන් දුවනව

    ReplyDelete
  15. රවී කරුණානායකJuly 22, 2016 at 10:27 PM

    ඔබ කිරිඇල්ලට බණිනවා. ඒත් සාපේක්ෂ ලෙස (අනෙක් දේශපාලකයන් හා සසඳන කල ) පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හොඳයි කියා කියලත් කියනවා. ඒ ඔහුත් ඔබත් එකම ප්‍රදේශයේ ඉන්නා විට ඔහු කරන දේ නිතර අහන්න දකින්න ලැබෙන නිසා. මතක තියාගන්න. නුවර මිනිස්සුත් ලක්ෂ්මන් කිරි ඇල්ල ගැන හිතන්නෙත් එහෙමම තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා