ඔබට දැන් සතුටුදැයි අසන මහින්ද, අපට සතුටු නැත

අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම 
ඔබට සතුටුයිදැයි මහින්ද රාජපක්ෂ අසයි.

ඔහු එසේ අසන්නේ විරුද්ධ පාර්ශ්වයේ අය මර්දනය කිරීමෙන් ඔහු ලැබූ සතුට ඔහු දන්නා නිසා ය. ඔහුට ලසන්ත වික්‍ර‍මතුංග එහෙම මතක් වෙනවා ඇත.

අපි නම් සතුටු වන්නේ නැත. හේතුව, නාමල් රාජපක්ෂ යනු එක්තරා යුගයක ලංකාවේ තාරුණ්‍යය වෙනුවෙන් ප්‍ර‍වර්ධනය කරන ලද පරමාදර්ශී චරිතයක් නිසා ය. 

ඒ පරමාදර්ශය තුළ තිබුණේ කුමන ආකාරයෙන් හෝ මුදල් හම්බ කරගෙන කාලා, බීලා, ජොලි කිරීම හා ඕනෑම ගේමක් ගසා බලය ගොඩනගා ගැනීම හා රැක ගැනීමයි.  

පාතාල අපරාධකාරයන් පවා තමන්ගේ දරුවන් තමන් කරන දෙයට වඩා ශිෂ්ට සම්මත කටයුත්තක් වෙත යොමු කිරීමට උත්සාහ දරන ලෝකයේ තාත්තලා තමන් කරන අපරාධවලට පුතුන් විවෘතව හවුල් කර ගන්නා යුගයක් බිහි විය. නියෝජ්‍ය පොලිස්පති වාසුත් ඔහුගේ පුතාත් දෙදෙනා ම හිරේ ගියේ කුලියට මිනී මරන්නට ගොස් ය. මේ වනාහි දේශපාලන රැකවරණයෙන් බිහි වූ දෙවන පෙළයි. 

සදාචාරය පමණක් නොව, රටේ නීතිය ද තඹ දොයිතුවකට මායිම් නො කර, හිතූ හිතූ දේ කළ හැකි, බලය පාවිච්චි කර නීතියෙන් ද ගැලවී යා හැකි යුගයක වැඩුණු නාමල් රාජපක්ෂ වැනි බලවත් පුත්තු එක පැත්තකින් මෙම ක්‍ර‍මයේ ගොදුරු වෙති. 

බලයෙන් අන්ධ වී සිටි මේ පුත්තු තාත්තලා අනුගමනය කළ ආරක්ෂක විධික්‍ර‍ම හෝ අනුගමනය කරන්නට උනන්දු වී ඇති බවක් පෙනෙන්නේ නැත. 

නාමල්ගේ කෝටි හැත්තෑවේ කොමිස් ජාවාරම සමග කියැවෙන නමක් වන නිමල් පෙරේරා ගැන අපි මීට පෙර ලිපියක් ලියුවෙමු. තාත්තලා කළු සල්ලි සුදු කර ගන්නට වූ පරිස්සමවත් වෙන්නට පුත්තුන්ට උවමනාවක් තිබී ඇති බව පෙනෙන්නට නැත. 

අත් උස්ස උස්සා පෙන්න පෙන්නා හිනා වෙවී රිමාන්ඩ් වන්නට පුළුවන. පසුව ඒ අයුරින් ම ඇප පිට නිදහස් වී එන්නට ද පුළුවන. එහෙත්, මේ ටිකත් මතක තබා ගත යුතු ය. සාධාරණ නඩු විභාග පැවැත්වුණොත් මේ නඩු පහසුවෙන් ඔප්පු වනු ඇත.

විදේශීය සංචාරකයකු මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කර හිරේ ගිය මහින්ද ගෝලයකු වන සම්පත් චන්ද්‍ර‍ පුෂ්ප විනය විරෝධී ක්‍රියා හේතුවෙන් වැලිකඩින් වඩා නරක සිරගෙයක් වන මහරට මාරු කර තිබේ. කරන කලට පව් මිහිරි මුත් විඳින එක අමාරු ය. 

දැන් බලයේ සිටින අයටත් මේවා පාඩම් ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මරාගේ පවුලම උගේ සහෝදරයන් දරුවන් ගෑනී ඔක්කොම ඇතුලට ගියදාට අපිට සතුටුයි.

    ReplyDelete
  2. අපට සතුටු නැත. නාමල් යනු එක පුද්ගලයෙක් පමණි. පසුගිය රජයේ මෙන්ම මේ රජයේද තව බොහෝ දෙනෙක් තවමත් යහතින් වැජබෙති. නාමල් ඇතුලට යනවිට සජින් එළියේය. බැසිල් ඇතුලට යනවිට ලලිත් වීරතුංග එළියේය.නියෝජ්‍ය පොලිස්පති ඇතුලට යන විට ගෝටා එළියේය. මේ සියල්ල ඇතුලට ගියද අර්ජුන් මහේන්ද්‍රන් රටෙත් නැත. අර්ජුන රණතුංග තවමත් ඇමතිය. රාජිත සහ පුතා ගේ වෙනසක් නැත. අපට මේ නිසා කොහෙත්ම සතුටක් නැත.

    ReplyDelete
  3. නාමල්ට සහ බාලචන්ද්‍රන්ට සිදුවූ දේශපාලන පලිගැනීම් තරයේ හෙලා දකිමු!

    ReplyDelete
  4. අත්වැරැද්දකින් ඉවත් වූ කමෙන්ටුවක් නැවත මෙසේ පළ කරනු ලැබේ.

    //වැරදි වැඩක්, රිමාන්ඩ් සිර ගෙදරත් වදකාගාරයක්, චෝදනාවක් ඔප්පුවෙනතුරු කිසිවෙකුත් වදකාගාර වලට යැවිය යුතු නෑ. පරීක්ෂණ පවත්වන කාලය තුළ රදවා තැබීමට පහසුකම් ඇති නමුත් විසිටස්ර්ස්ලාට යන්න බැරි රඳවාගැනීමේ මධ්‍යස්ථාන අවශයයි. අදාල චෝදනා ඔප්පු වූ පසුවත් තළ යුත්තේ, වංචා /සොරකම් කළ මුළු වත්කම අයකර ගැනීම සහ අනිවාර්යය දඩුවම් කාලයක් තුල බරවැඩහි යෙදීමෙන් පමණක් රජයට ගෙවිය යුතු දඩයක් නියම කිරීමයි.//

    - ඇණයා Nut Man

    ReplyDelete
  5. තමන්ගෙ දරුවන්ට හොර සුදුසුකම් ලබා දෙන පියවරුනම් බොහොම අඩුයි. ළමයෙකුගේ දියුණුව පතන පියෙක් උත්සාහ කරන්නේ ඔහුට ඔහුගේ උත්සාහයෙන් දියුණු වීමට මඟ පෙන්වීම. ඔහුට තිබුණා හොඳම ගුරුවරු යොදාගෙන ඔහුගේ පුතාට උගන්වා විභාග සමත් කරන්න. එහෙම තමන්ගේම දරුවා ගැනත් නොසිතන පියෙක් ගෙන් අන් අයගේ දරුවන් ගැන සිතන එක බලාපොරොත්තු වෙන්න බැහැ.

    අනික් කරුණ මෙම මුදලට අමතරව ක්‍රිෂ් සමාගමෙන් ආචාර්‍ය නාලක ගොඩහේවා ලවා මිලියන 400ක් ලබා ගත් බවටත් චෝදනාවක් තියෙනවා.

    ReplyDelete
  6. ගහේ කටු තවමත් ළපටිය. එය උල් වී මුවහත් වීමට කාලයක් ගතවනු ඇත. නමුත් අනිවාර්යෙන්ම උල් වනු ඇත.

    ජයවේවා!!!

    ReplyDelete
  7. පැරාල ෆෝම් වුණාට, රනිල් පුඟුලා රාජපක්ෂලා එක්ක ලොකු ඩීල් එකක් තියෙනවා. ඒ නිසා මේවා මාධ්‍ය සංදර්ශන පමණයි. ඇප ලැබිලා එලියට එයි. දැන් රාජපක්ෂලා කී දෙනෙක් මේ විධියට ඇතුලට ගත්තද? බැසිලට ඇම්බියුලන්ස් එකෙන් බහින්නවත් බැරුවනෙ හිටියනෙ. මිනිහ දැන් පාද යාත්‍රා යන්නයි යන්නෙ. අනික ඔය පොලිටික් පුඟුලො තමන්ගෙ විරුද්ධ පොලිටික් පුඟුලන්ට දඬුවම් කරන්නෙ නෑ, නිකන් කරන්න යනවා වගේ පෙන්නල, අපි වගේ හුදී ජනයා ෆෝම් කරනවා. . අපිත් ඉතින් බුඛෙයි අධෝ මොඛෙයි ඇරගෙන බලාගෙන ඉද්දි, මේ පැත්තෙන් බදු නගිනවා හරියට කාම සූත්‍ර බලන පුරුෂ ලින්ගෙ වගේ. අනිත් පැත්තෙන් දීපය භක්ෂණය කරන්නෙ හරියට පිඹුරෙක්ට අහුවුණ ලොකු ගෝනෙක් වගේ, හිමින් හිමින් ක්‍රමානුකූලව. අවුරුදු 5 ඉවර වෙනකම් මේ සෙල්ලම දායිද,ඉක්මණට ගෙදර යයිද දන්නෙ නෑ.

    ReplyDelete
  8. (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.11, ප.ව‍‍‍‍‍‍.11.30) මැදමූලන චෞර පවුලේ හොර පෙරකදෝරු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බංග්ලාදේශ ජාතිකයෙකු සමග එක්වී කළු සල්ලි සුදු කළ හැටි අධිකරණයේදී හෙලිවිය.

    මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් FCID ය මගින් නාමල් රාජපක්ෂ අත් අඩංගුවට ගෙන දණ්ඩ නීති සංග්‍රහයේ 386, 400 යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනුකරමින් කොටුව මහේස්ත්‍රාත්වරිය ලංකා ජයරත්න මෙනෙවිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ බව හෙලිවිය.

    නාමල් රාජපක්ෂ විසින් බංගලාදේශයේ අල්සමාන් නමැත්තෙකුගේ ගිණුමට මැයි සහ ජුනි මාසවල දී රුපියල් මිලියන 52 ක් බැර කර ඇති අතර ඉන් මාස කිහිපයකට පසුව අල්සමාන් විසින් නාමල්ගේ ගිණුමට යලිත් රුපියල් මිලියන 50 බැර කර ඇති බව විමර්ෂණ වලදී අනාවරණය වූ බවත් FCID ය අධිකරණයට දන්වා සිටි අතර නාමල් එම මිලියන 50 විදේශ ආයෝජනයක් ලෙස පෙන්වා බැංකු අයිරාවකින් අමතර රුපියල් මිලියන 50 ක්ද ලබාගෙන මිලියන 120 කින් හෙලෝකෝප් නම් සමාගම BOI පහසුකම් සහිත ව්‍යාපාරයක් ලෙස ආරම්භ කර ඇතැයි FCID ය කීවේය.

    අල්සමාන් නමැති බංගලිදේශ ජාතිකයා සොයා ගැනීමට නොහැකි බවත් ඔහු පොලිසිය මඟහැර සිටින බවත් අධිකරණයට දන්වා සිටි FCID ය හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම ඉන්දියානු ක්‍රිස් සමාගමට ලබා දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබාගෙන ඇත්තේ ක්‍රිස් සමාගමේ ගුප්තා නමැත්තෙකුගෙන් බවද අධිකරණයට දන්වා සිටියේය.

    මෙවැනි කළු සල්ලි සුදු කිරීම් හේතුවෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ විට නාමල් රාජපක්ෂලා පවසන්නේ මේවා පලිගැනීම් බවයි. නමුත් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කලින් පම්පෝරි කෙලින්නේ ‘කෝ හොරු ඇල්ලුවාද? යි ප්‍රශ්න කරමිනි.

    කෙසේ වෙතත් 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ නාමල් රාජපක්ෂ කොළඹ මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ඇත. ඔහු බන්ධනාගාරයෙන් සපයන රෑ කෑම වේල අද ලබා නොගත් අතර මහින්ද රාජපක්ෂ විසින් රාත්‍රී කෑම ගෙන එමින් නාමල් බැලීමට සවස බන්ධනාගාරයට පැමිණ සිටියේය.

    විරුද්ධවාදීන් සුදුවෑන් වලින් අතුරුදහන් කරමින්, මාධ්‍ය ආයතන ගිනි තබමින්, මහජන මුදල් ප්‍රකෝටි ගණනින් සොරකම් කරමින් නාමල් රජ කරවන තුරු බලයේ සිටීමට සැලසුම් කළ මහින්ද රාජපක්ෂට නාමල් වෙනුවෙන් හිරේට කෑම අදින්න සිදුවෙතැයි කිසිදා සිතන්නට නැතිව ඇත. තමන් හොරකමට පුරුදු වූවා මදිවාට තම දරුවන්ටත් තරුණ වියේදීම හොරකම පුරුදු කළ කාලකන්නි පියෙකු වූ මහින්ද රාජපක්ෂ දැන්වත් අතීත වැරදි ගැන පාඩම් උගෙන ගන්නා බවක් නම් පෙනෙන්නට නැත.

    ReplyDelete
  9. මේ ආතල් බලල මටනම් පුදුම සතුටක් තියෙන්නෙ. අවුලක් නෑ. මුන් ඉක්මනට යන්නෙ නෑ. තව අවුරුදු හතර පහක් සන්තෝසෙන් ඉමු පැරා. ඊට පස්සෙ එන්නෙත් මහ රජ්ජුරුවොනේ..!! 😂🔨

    ReplyDelete
  10. මනෝවිද්‍යාත්මකව බැලුවහොත්,
    රටක ජාතික සමඟියක් ඇතිවෙන්න නම් මහජාතියේ නායකයන් කෙරෙහි සුළු ජාතිකයන් අතර ගෞරවයක් ඇතිවිය යුතුයි.
    දෙමළ ජාතිවාදීන් විධායක ජනපති ක්‍රමයට විරුද්ධ වීමට හේතුවත් එමනිසා වසර 6කට වරක් හෝ දෙමළුනට සිංහල නායකයෙක්ට චන්දය දැමීමට සිදුවන නිසා, තමිල්නාඩු ඇදහිලි සහ කතෝලික ආගම වැනි භක්ති වාදයන්ට හුරු දෙමළු එමනිසාම සිංහල ජනපතිට ගරුකිරීමට පෙළඹෙන බව ඔවුන් දන්නා නිසයි.
    යුද්ධය අවසන්කල සිංහල නායකයගේ පවුලේ අය මේ විදියට අත්අඩංගුවට ගත්තාම. දෙමළාට සිංහල නායකයන් ගැන තිබිය යුතු බය නැතුව යනවා. මෙම නිසා මේ සමඟම දෙමළ දේශපාලනඥයින්ටද ඔවුන් කරන වැරදි සොයා අත්අඩංගුවට ගත යුතුයි.

    ReplyDelete
  11. " ඔබට සතුටුයිදැයි මහින්ද රාජපක්ෂ අසයි. ඔහු එසේ අසන්නේ විරුද්ධ පාර්ශ්වයේ අය මර්දනය කිරීමෙන් ඔහු ලැබූ සතුට ඔහු දන්නා නිසා ය. ඔහුට ලසන්ත වික්‍ර‍මතුංග එහෙම මතක් වෙනවා ඇත."

    ලසන්ත ගැන උපාලි තෙන්නකොන් ගැන වෙල් විදානේ පොන්සේකාට මතක් වෙනවාද ? ප්‍රගීත් ගැන පා. ච . රණවකට මතක් වෙනවාද ? නන්දන මාරසිංහ ගැන සෝමවංශ අමරසිංහට මතක් වුනාද?

    පැන්ෂන් ගිය ජේවීපී කාරයෙක් වන අජිත් පැරකුම් ජයසිංහ ඉහත ලිපිය ලියනුයේ 87 -90 කාලයේ ජේවීපිය විසින් "විරුද්ධ පාර්ශ්වයේ අය සංවර්ධනය කිරීමෙන් ඔවුන් ලැබූ සතුට ඔහු දන්නා නිසා ය".

    යට ඇඳුමක් නොඇඳ සිටියදී සරම ඔසවා මුහුණ පිස දැමීමට උත්සාහ කිරීම අප සියලුදෙනාට යෝග්‍ය නොවේ. ඔබට සතුටුයිද දැන් ?

    ReplyDelete
  12. මේ ඩාන්ස් එක දැක්කම ගෝඩ් ෆාදර් චිත්‍රපටියේ අර මගුල් ගෙදර දර්ශනය මතක් උනා. පියා සහ පුතා මේකෙන් පෙන්වන්න හදන්නේ සාමාන්‍ය මිනිහා සමග වන සමාජශීලීත්වය වෙන්න ඇති. ඒත් මට නම් පේන්නේ ඔවුන්ගේ තිබෙන අශාස්ත්‍රීය ගතිය, අපිලිවෙල කොටින්ම අසංස්කෘතික බව. ගෝඩ් ෆාදර් චිත්‍රපටියේ ඒ සීන් එකේ මේක හොඳට පෙන්වනවා.

    - Dimithri

    ReplyDelete
  13. JVP + UNP තරුණ ජීවිත 60000කට වැඩිය භීෂණ සමයේ වගකියන්න ඕනා නේද. එතකෙට ඊට කලින් මැතිණිගේ සමයේ PA + JVP මරණ 1600 කට විතර වග කියන්න ඕනා..

    මේ භීෂණ අතතුර JVP දේශපාලනය අධ්‍යාපනය අහිමි කල පිරිස කිව නොහැකි තරම්. රැකියා අහිමි වෙලා ගිය පිරිස කිව නොහැකි තරම්.

    එහෙම කරාම ඉතිං රටකට සෞභාග්‍ය උදාවෙන එක අහන්නත් දෙයක්ද නේද...

    ආස්නනම සිද්ධිය පාවා දීමේ මොල මාස්ටර් 2001 දිගුදුර විහිදුම්අ බලකාය පාවා දීමයි.

    ඒ ඔක්කොම 2005 පස්සේ ටික ටික ඒවට තිත තියපු මනුස්සයාට උබලා පදනමක් නැතුව හොරා හොරා කියලා විතරක් කියනව.

    2010 පස්සේ මේ හැමදේටම තිත තිබ්බා. රටත් හැදුනා.

    හෘද සාක්ෂියක් තිබ්බානං මේ කමෙන්ටුවේ උඩ තියන දේට උත්තර දීලා ඉදපල්ලා... උබල තමයි ඩොලර් වලට රෙද්ද උස්සලා මිනස්සුන්ගේ ඔලු හෝදන හොර හැත්ත.

    ReplyDelete
    Replies
    1. I hope you know the true story brother :)

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා