ඉන්දීය දූෂණ ගොහොරුවෙන් පැන නැගුණු අරවින්දය?

ඉන්දීය දූෂණ ගොහොරුවෙන් පැන නැගුණු අරවින්දය - කෙජ්රිවාල් 

අර්වින්ද් කෙජ්රිවාල් කියන්නේ මෙවර ඉන්දීය මහ මැතිවරණයේ කැපී පෙනුණු තරුවක්. 45 හැවිරිදි ඔහු හිටපු සිවිල් සේවකයෙක්. ඔහු තමයි ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයේ නායකයා. ආම් ආද්මි පක්ෂයේ ප්‍රධාන අරගලය තිබෙන්නේ දූෂණයට එරෙහිවයි.

2012දී පිහිටුවන ලද ආම් ආද්මි පක්ෂය මෙවර ආසන 100කට වඩා තරග කරනවා. කෙජ්රිවාල් තරග කරන්නේ වාරානාසි හෙවත් බරණැස ආසනයටයි. එහිදී ඔහු තරග කරන්නේ ව්‍යාපාරික පැළැන්තියට අනාගත අගමැතිවරයා බවට පත් කිරීමට අවශ්‍ය භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩිට එරෙහිවයි.

2013 අගභාගයේදී කෙජ්රිවාල් දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී හිටපු මහ ඇමති වූ කොංග්‍රස් පක්ෂයේ ශීලා ඩික්සිත් පරාජය කරමින් හත්වන මහ ඇමති ධුරයට පත් වුණා. එහෙත්, සිය පක්ෂය විසින් ‍යෝජනා කරන ලද දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම සඳහා සෙසු පක්ෂ විසින් ප්‍රමාණවත් අන්දමින් සහයෝගය නො දෙන ලද නිසා කෙජ්රිවාල් දින 49කට පසු මහ ඇමති තනතුරින් ඉල්ලා අස් වුණා. දිල්ලිය දැන් තිබෙන්නේ ජනාධිපති පාලනය යටතේයි.

අර්වින්ද් කෙජ්රිවාල්ගේ පියා වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක්. ඔහුගේ රැකියා හේතුවෙන් අර්වින්ද්ට බොහෝ විට ජීවත් වන්න හා ඉගෙන ගන්න වුණේ ඔහු උපන් හර්යානා ප්‍රාන්තයෙන් පිටතයි. පසුව ඔහු ද යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස උපාධි ලබා ගත්තා. මුලින් ඔහු වැඩ කළේ ටාටා ස්ටීල් සමාගමේයි. පසුව සිවිල් සේවා විභාගය සමත් වී දේශීය ආදායම් ඒකාබද්ධ කොමසාරිස්වරයකු ලෙස 1995දී රාජ්‍ය සේවයට එකතු වුණා.

වසර 2000දී කෙජ්රිවාල් නිවාඩුවෙන් පසු අවම වසර තුනක කාලයක් රජයේ සේවයේ යෙදෙන කොන්දේසිය පිට වැටුප් සහිත නිවාඩු ලැබ වැඩිදුර අධ්‍යාපනය සඳහා නිදහස් වුණා. 2003දී යළි සේවයට වාර්තා කළ ඔහු වසර එකහමාරකට පසු නැවතත් වැටුප් රහිත නිවාඩුවක් ලබා ගන්නවා. එවර නැවතත් වසර එකහමාරක කාලයක් නිවාඩු පිට සිටින ඔහු 2006දී ඔහු දේශීය ආදායම් ඒකාබද්ධ කොමසාරිස් තනතුරෙන් ඉවත් වෙනවා.

එහෙත්, ගිවිසුම අනුව වසර තුනක කාලයක් සේවය නො කළ නිසා ඔහු වැටුප් රහිත නිවාඩු සමයේ ලබා ගත් වැටුප ආපසු ගෙවිය යුතු බව ඉන්දීය රජය කියා සිටියා. කෙජ්රිවාල් වසර ගණනාවක් ම තර්ක කරමින් සිටියේ ඔහු වැටුප් සහිත නිවාඩුවෙන් පසු වැඩ කළ අවුරුදු එකහමාරත්, වැටුප් රහිතව සේවයෙන් බැහැරව සිටි වසර එකහමාරත් එකතු කළ විට ගිවිසුම ප්‍රකාරව ඔහු අනිවාර්යයෙන් සේවය කළ යුතු වසර තුන සම්පූර්ණ වන බවයි. කෙසේ වෙතත්, අවසානයේදී, 2011දී, ඒ මුදල ගෙවා දමන්නට ඔහුට සිදු වුණා.

ඔහු කියමින් සිටි කාරණයක් වන්නේ ඔහුට ඉන්දීය රජය එවැනි බලපෑමක් කළේ ඔහු ඒ වන විට ඉන්දීය දූෂණ විරෝධී අරගලයේ නායක අන්නා හසාරේ‍ගේ අහිංසාවාදී උපවාස ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වී සිටි නිසා ය කියායි.

දේශීය ආදායම් ඒකාබද්ධ කොමසාරිස්වයකු ලෙස සේවය කරමින් සිටින අතරතුර ම 1990දී කෙජ්රිවාල් පරිවර්තන් නම් ව්‍යාපාරයක් බිහි කරනවා. එහි මූලික දැක්ම වුණේ වෙනස ආරම්භ වන්නේ සුළු දේවලින් බවයි. දිල්ලියේ අඩු ආදායම්ලාභී ජනතාව අතර ක්‍රියාත්මක වූ සුබසාධන ව්‍යාපාරයක් වූ පරිවර්තන්හි ක්‍රියාකාරකම් වෙනුවෙන් අර්වින්ද් කෙජ්රිවාල්ට 2006දී නැගී එන නායකත්වය සඳහා වූ රැමොන් මැග්සේසේ සම්මානය හිමි වෙනවා.

මැග්සේසේ සම්මාන මණ්ඩලය ඔහු ඉන්දීය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරමින්, රජය ජනතාවට වගවිය යුතු තත්වයට පත් කරමින්, දිල්ලියේ දුප්පත් ම ජනතාව දූෂණයට එරෙහිව සටන් කිරීමට යොමු කිරීම අගය කළා.

අන්නා හසාරේ ඇතුළු දූෂණ විරෝධී අරගලකරුවන්ගේ ඉල්ලීම මත දූෂණවලට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්වාධීන ව්‍යූහයක් පිහිටුවීම සඳහා ජාන් ලෝක්පාල් පනත සැකසීම පිණිස ඉන්දීය රජය විසින් පත් කරන ලද කමිටුවේ සිවිල් සමාජ නියෝජිතයා වුණේ අර්වින්ද් කෙජ්රිවාල් ය. එම පනත 2011 දෙසැම්බරයේදී සංශෝධන සහිතව ලෝක්පාල් හා ලෝකායුක්ත පනත ලෙස සම්මත වූ මුත් අනා හසාරේ හා කෙජ්රිවාල් ඇතුළු දූෂණ විරෝධී ක්‍රියාධරයින් එය ප්‍රතික්ෂේප කළා.

2012දී කෙජ්රිවාල් ආම් ආද්මි පක්ෂය පිහිටුවන්නේ දූෂණ විරෝධී අරගලයේ ඊළඟ පියවර මැතිවරණ දේශපාලනය බව අවධාරණය කරමිනුයි. එහෙත් ඒ සමගම අන්නා හසාරේත්, ඔහුත් වෙන් වෙනවා.හසාරේ දේශපාලනයට නො පිවිස තමන්ගේ මාර්ගයේ ම ඉදිරියට යනවා.

ආම් ආද්මි යන දෙවදනේ තේරුම පොදු මිනිසා යන්නයි. 2013දී දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී ආසන 70කින් 28ක් දිනා ගන්නට ආම් ආද්මි පක්ෂය සමත් වෙනවා. භාරතීය ජනතා පක්ෂය ආසන 30ක් දිනා ගන්නවා. කෙජ්රිවාල් තරග කළේ නව දිල්ලි ආසනයටයි. එහිදී ඔහු හිටපු මහ ඇමතිනිය වූ ඉන්දීය ජාතික කොංග්‍රසයේ ශීලා ඩික්සිත් වැඩි ඡන්ද 25,000කට වැඩි සංඛාවකින් පරාජය කරනවා.

එහෙත් කෙජ්රිවාල්ගේ දුර්වල සභාගයට දිල්ලි පාලනය අල්ලාගෙන සිටින්නට බැරි වෙනවා. ජාන් ලෝක්පාල් පනත දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ සම්මත කර ගැනීමට සෙසු පක්ෂ සහයෝගය නො දීම ගැන චෝදනා කරමින් කෙජ්රිවාල් 2014 පෙබරවාරි 14දා මහ ඇමති තනතුරින් ඉල්ලා අස් වෙනවා. නැවත මැතිවරණයක් පැවැත්විය යුතු යයි ඔහු නිර්දේශ කරනවා.

ලෝක්සභා හෙවත් ඉන්දීය මහ මැතිවරණයේදී ආසනයක් තරග නො කරන්නට සිටි ඔහුට තරග කරන්නැයි බල කරන්නේ ඔහුගේ පක්‍ෂයේ ක්‍රියාකාරිකයෝයි. අවසානයේදී ඔහු මෝඩිට එරෙහිව වාරානාසි ආසනය තරග කරන්නට එකඟ වෙනවා. මෝඩි නම් ආසන දෙකකට තරග කරනවා. කෙජ්රිවාල් ‍තර කරන්නේ මේ ආසනයට පමණයි. තමන් තරග කරන්නේ භාරතීය ජනතා පක්ෂය හා කොංග්‍රස් පක්ෂය වැනි දූෂිත බලවේගවලින් රට බේරා ගැනීම වෙනුවෙන් බවයි ඔහු පවසන්නේ.

කෙජ්රිවාල් තමයි ඉන්දීය මහ මැතිවරණයේදී සමාජ මාධ්‍යවල පස්වෙනි තැනට ජනප්‍රිය පුද්ගලයා. දූෂණ විරෝධී ආම් ආද්මි පක්ෂය මෙම මැතිවරණයේදී සම්ප්‍රදායික වාම පක්ෂවලට කලින් හිමි වී තිබුණු තැන අත්පත් කරගෙන ඇති බව විශ්ලේෂකයෝ පවසනවා. ආම් ආද්මි පක්ෂය වාමාංශිකයන්ගෙන්, ලිබරල්වාදීන්ගෙන් මෙන් ම අන්ත දක්ෂිණාංශික අදහස් දරන්නන්ගෙන් ද සමන්විතයි. එය එක්තරා විදියක රාජ්‍ය නොවන සංවිධාන ගොනුවක් ද වෙනවා. එය නිශ්චිත, පැහැදිලි සමාජ දෘෂ්ටිවාදයක් මත පදනම් වූ එකකැයි කියන්නට බැහැ. අර්වින්ද් කෙජ්රිවාල්ගේ ආර්ථික දැක්ම දක්ෂිණාංශයට බර බවයි විශ්ලේෂකයෝ පවසන්නේ.

පසුගිය දෙසැම්බරය වන විට ආම් ආද්මි පක්ෂයේ ලියාපදිංචි සහායකයන් සංඛ්‍යාව ලක්ෂ 14ක්. එම පක්ෂය කෙතරම් ආසන සංඛ්‍යාවක් දිනා ගනීවි ද හා කෙජ්රිවාල් ‍බරණැසදී මෝඩි පරදවන්නට සමත් වේ ද යන කාරණා කෙරෙහි කාගේත් අවධානය යොමු වී තිබෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. අපේ රටට මෙවන් නයකයන් නැතිද නැතිනම් බිහිනොවන්නේ ඇයි? ඉතා වැදගත් ලිපියක්. ඔබ වැන්නන් තුලින් සරල වහරින් ලියන දැ කියවිමෙන්වත් ජනතා නායකයන් බිහි වෙවායි මගෙ පැතුම

    ReplyDelete
  2. General Fonseka can be groomed as our Arvind Kejriwal had he could control his temper. What are your views, Para?

    ReplyDelete
  3. මෙයා දූෂණයට විරුද්දනම්, මෙයාව කොහොම හරි දූෂණයට නම්ම ගන්න ඕනා..දුර දක්නා ලාංකික නායකයෙක්ගෙන් වෙන්න ඕනා යුතුකමක් ඒක...

    ReplyDelete
  4. w3ලංකා වෙබ් අඩවිය තහනම් කර,එහි කතෘවරයාට ලිංගික අතවර සිදුකිරීම පිලිබදව අපගේ බරපතල විරෝධය මෙයින් ප්‍රකාශ කර සිටිමු. ඉදිරියටත් මෙවැනි දෑ සිදුකරයි නම් බරපතල වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට අප සුදානම් බව දක්වමු.

    මෙයට,
    අද්මිනිස්කාර තැන.
    ඉංග්‍රීසි ඔඩයේදීයැ.

    ReplyDelete
  5. අයිසේ පැරා, අර රැම්බෝ කොලුවා ප්‍රොෆයිල් දෙකක් අටෝගෙන මොකද්ද නාඩකමක් නටල කියල ආරංචියක් යනව. අයිසේගෙ සමාජවාදී විග්‍රහය මොකද්ද මේක ගැන ?

    මෙන්න මරුවාගේ පොස්ට් එක ෆේස් බුක් එකේ ප්‍රොපගැන්ඩා


    මෙන්න රැම්බෝගේ පොලිස් නෝටිස් එක ඇනෝනිමස් ත්‍රස්තවාදයට එරෙහි වෙමු..!


    මෙන්න රැම්බෝ මෙතෙන්දි නාපු හැටි බාහුගේ අසරණකම හා වමේ අසරණකම

    මේවගේ වෙලාවට මේවට උපරිම ප්‍රසිද්දියක් දෙනඑක අයිසේ, පංතියේ වගකිමනේ. ඒකයි මේ.

    ReplyDelete
    Replies
    1. https://scontent-a-cdg.xx.fbcdn.net/hphotos-frc3/t1.0-9/10330357_290805741086732_1342448638347917929_n.jpg

      Delete
    2. ඉන්දික දාලා තියෙන ඩෙත් නොටිස් එකේ හැටිය මට තව මාසයක විතර කාලයක් ඉතිරි වෙලා තියෙනවා [විපත 2014-06-03].

      "නාගන්නවනම් සෝක් වතුර ටික" "නානවනම් සබනුත් තියෙනවා" කියන පරක්කුවෙන්, ආතල් නා ගැනීමකට සුදානම් පිරිසක් අවසානයේ අප අවට ඉතිරිවී ඇති බවනම් පැහැදිලිය. අන්තර්ජාල භාවිතා කරන උගත් යැයි සම්මත පිරිස මේ තරම් ලේසියෙන් නාගන්නේ නම් සාමාන්‍යය ජනයා යැයි හැදින්වෙන අයවරුන් ගැන ඉතින් කතා නොකර සිටීම සුදුසුය. [මාරයා මාව අන්දන්න ගිහින් අන්තිමේ එයාගේ රෙද්දත් කඩලා පෙන්නලයි නැවතුනේ :P].

      මන් අහන්නේ පාලනය කිරීමට මෙවන් බුඩ්ඩිමත් ජනතාවක් ලැබීමට මහින්ද මාමි කෙතරම් භාග්‍යය සම්පන්නද..?

      ප.ලි: මේකේ හිනා යනම වැඩේ මරුවත් [maruwaxx] මේ ලණුව ගිල්ල එක්ක. මෙන්න කොහු කියපු ගමන්නේ අප්පා කට්ටිය ලණු ගිලින්නේ. :D

      ප.ප.ලි: ඉන්දික උඹත් දිරවගන්න බැරි ලණුවක් ගිල්ලානේද අභිතයගෙන්..? සල්ලි හම්බුනාද..? :P

      Delete
    3. මාලන්,

      දැං උඹට මේ මරණ දැන්වීම මම ගලෝල ගෙනත් මෙතන ඇලෙව්වම දුක හිතුනද තරහ ගියාද?

      කොහොම හරි අන්තිමට කට්ටිය එකතුවෙලා උඹව නෑව්වය , එකෙන් නිව්මෝනියාව හැදිල උඹ පරළොව ගියාය කියල තමයි හා හෝව යන්නෙ.

      ඒක එහෙම නෙවේනම් මෙහෙට වෙලා පාළු ගෙවල් වල වළං බිඳින්නෙ නැතුව එහෙටම ගොහින් උත්තර දීහන්, අපිව ඔය බාල වැඩවලට ගාව නොගෙන.

      මහින්ද මහත්තයට මේ තරං එකට ඉන්න එකාව මරාගෙන මැරෙන ජාතියෙ උන් සෙට් එකක් ලැබිල තීන්නෙ පූරුවෙ පිනකට වෙන්න ඇති තමා.

      ප/ලි

      උඹ පලිය ලිව්වෙ මට කින්ඩියට වෙන්ටැ! හනේ බං, අභියට හොරා කිව්වට ගානක් නැති තරමටම මටත් "ඉන්දික උඹ ඇන්ද නේද" කිව්වට ගානක් වෙන්නෙ නෑ. ඒ හින්ද වෙන කතාවක් හොයාන වරෙන් මචෝ. හෙහ්...හෙහ්..
      ( චැලෙන්ජ් කරල ගහගෙන පස්සෙ ගුටි කාපු එකා අඬ අඬ ගහපු එකාගෙ අම්මට බැන බැන යන සීන් එකක් මතක් උනා )

      Delete
    4. හා හෝව මොකක් වුනත් ඕක දිගටම ඇදගෙන ගියානම් රංග මස්සිනාලට ඇපත් නැති වෙනවා. අන්තිමේ තමන් කරන්න ගියපු දේ බැක් ෆයර් වුන නිසා කට්ටිය ඕක අකුල ගත්තේ නෑලු හොදේ..! :D

      මම දෙන්න ඕන උත්තර දීලා ඉවරයි ඉන්දික. ආයේ ඕක පස්සේ එළවන්න මගේ කිසි අදසක් නෑ. හාර හාර කුණු කන්නත් මට අදහසක් නෑ. කුණු කණ පණුවෝ ටික ඒක වමාර වමාර කාපු දෙන්. කුණු රසත් රසක්නේ අප්පා. :)

      මගේ මේ ප්‍රොජෙක්ට් එක දැන් ඉවරයි. සඳුදා ඉදලා වෙන ප්‍රොජෙක් එකක්. ඒකේ චරිතයක් වෙන්න කැමතිනම් මේල් එකක් දාපන්, ගරු චරිත කිහිපයකුත් තියෙනවා. මෙදා මුරේ ඇදගන්නේ කවුද බලමු. :D

      මරලා දාන්න හිතන් හිටපු සයිබර් චරිතයකට හින්දි ෆිල්ම් අවසානයක් දුන්නට කට්ටියට කොහොම ස්තූති කරන්නද මන්දා..?

      මම මේක ගැන මෙතන කතා කරන්න ආවේ මේක මට මිතුරෙක් එවලා තිබ්බ නිසා. නැතිනම් මේක මම දකින්නේ වත් නෑ ආයේ උත්තර දෙන්න එන්නෙත් නෑ.

      ප.ලි: අතින් කයිට් වෙන්න එපා මචන්. සල්ලි ටික ආයේ ඉල්ල ගන්න බලපන්. :D

      Delete
    5. තෑන්ක්ස් උඹෙ ඉන්විටේෂන් එකට!

      ඒත් මචෝ බයිසිකල් රේස් පදිනවට වඩා පට්ට ආතල් බලන් ඉඳං වතුර ගහන එක. ඒ නිසා උඹෙ ප්‍රොජෙක්ට් එක කරන් පලයන්, අපි බලන් ඉන්නං.

      අළුත් ප්‍රොජෙක්ට් එක "රැම්බො Vs ඇනෝ" නෙමෙයිනෙ? කොහොම උනත් උඹ දිගට බ්ලොග් වල ඉන්න එක ගැන සතුටුයි.

      ප/ලි. පරණ කරල ගැහුවම හොඳට වදින කතාව උඹ අහල ඇතිනෙ :P

      Delete
  6. චැහ් .. මෙයා දේසපාලනේට හරියන් නෑ.. ඔය හුරතල් වැඩ කරල පෝස්ටරයක්කත් ගහගන්ඩ සල්ලි කෝ ?? අන්තිමට ඉන්දියාවෙ මිනිස්සුන්ගෙන් ගම්පහ කරාවගේ සීය සීය ඉල්ලයි.. කොහෙ තියන සල්ලිද ඉන්දාවෙ ඩයල් වලට .

    ReplyDelete
    Replies
    1. ආ.....මේ පුකේ ලින්ක් නේ! ගම්පහ තියෙන්නේ කොළඹ දිස්ත්‍රීක්කේද ?

      Delete
    2. ආ මචං . ආයිබෝං .. මැයි දිනේ ගහපු පිං අරක්කු තාම වෑ වාගෙ :D

      Delete
  7. අරුන්දති රෝයි විසින් ආම් ආද්මි / අන්නා හසාරේ / කේජ්‍රිවාල් ව්‍යාපාරය ගැන වැදගත් දෙයක් කියා තිබුනා. පහත අලවා ඇති කොටස බලන්න. බැලූ බැල්මට කුමන්ත්‍රන න්‍යායක් වගේ පෙනුනත්, කියා ඇති දේ වැදගත්.

    ....The anti-corruption movement, she says, is actually an agenda of multi-national corporations to increase the penetration of international capital in India.
    .....Roy said the main reason why she is so skeptical of Anna’s movement was because it was a ‘copy book of the World Bank agenda’.

    අරුන්දති රෝයි - CNN-IBN සම්පූර්න සාකච්ඡාව:
    http://ibnlive.in.com/news/jan-lokpal-bill-is-very-regressive-arundhati-roy/179990-3.html

    - Dimithri

    ReplyDelete
  8. ආම් ආද්මි සංවිධානය ගැන මධ්‍යස්ථ ඉංදියානුවන් සංවාද කරනවා. බොහොමයක් දෙනා සුබවාදී බලාපොරොත්තු තියාගෙන තිබෙනවා. නමුත් මගේ තර්කය ....මෙවන් එක් පුද්ගලයෙක් වටා ආකර්ශනයවූ සංවිධානයන්ගේ අනාගත පැවැත්ම ගැනයි. නමුත් මමත් සුභවාදීව හිතනවා.

    ReplyDelete
  9. ආම් ආද්මි යනු ඉන්දියානු ධනවාදයේම අවජාතක දරුවෙක් පමණයි........

    ReplyDelete
  10. JVP is an anti-corruption,right decision making, movement with not a single super star...But the thing is Our people are not politically rational even as indian people ,If im wrong correct me

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා