ළමයි 21කට කන්න දෙන්න සිඟමන් යදින ජාතික ළමාරක්ෂක අධිකාරිය
(2011 ජනවාරි 31, W3Lanka ) නමින් ජාතික වන ළමාරක්ෂක අධිකාරිය නාහෙන් අඬ අඬා නිකුත් කළ නිවේදනයක් ඊයේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනු අසන්නට ලැබිණි. ඒ නිවේදනයෙන් කියැවුණේ වැලිමඩ පාලම අසල අනාරක්ෂිත තත්වයක සිටියදී ළමාරක්ෂක අධිකාරිය භාරයට ගෙන ළමා නිවාසයකට ඇතුළත් කර තිබෙන ළමයින් 21දෙනෙකුට කන්න, අඳින්න දෙන්න සල්ලි නැති ය කියා ය. මේ ළමයින්ට කන්න, අඳින්න දෙන්න උදව් කරන්නැයි ඉල්ලමින් ළමාරක්ෂක අධිකාර්ය ප්‍රසිද්ධියේ සිඟමන් යදියි. ජාතික ළමාරක්ෂක අධිකාරිය මේ කරන්නේ ජාතියේ ආඩම්බරකාර තාත්තාට අවමානයකි. කළ යුතුව තිබෙන හොඳ ම දෙය වන්නේ ළමයින් 21කට කන්න දෙන්න බැරි ජාතික අධිකාරිය වසා දමා යතුරු භාර දීම නො වේ ද? ජනමාධ්‍ය වෙත යන්නට හැකි සෑම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්නට දඟලන්නේ නැතිව මෙවැනි සම්මාදම් 'ජාතියට' අවමානයක් නො වන පරිදි කර ගැනීමට සමත් නිලධාරීන් අදාළ ආයතනවලට පත් කර ගැනීම රජයට හොඳ විය හැකි ය.