Posts

Showing posts from September, 2015

ලංකාවේ පාසල්වල කක්කුස්සි ප්‍රශ්නය

Image
ලංකාවේ පාසල්වල මෙවැනි වැසිකිළි සුලබ ය. ශ්‍රී ලංකාවේ පාසල්වල වැසිකිළි, කැසිකිළි පහසුකම් ගැන රජයේ අවධානය යොමු වී තිබේ.  අධ්‍යාපන අමාත්‍යාංශයේ 2013 වසරේ සංඛ්‍යාලේඛන අනුව, 9905ක් පාසල් අතරින්  24%ක ම වැසිකිළි, කැසිකිළි පහසුකම් නැති බව වාර්තා වේ.  පාසල් අතරින් 16%කට ජල පහසුකම් නැත. 15%කට විදුලි බලය නැත.  මා කුඩා කාලයේදී මගේ පාසලට ඉතා විශාල විවෘත කැසිකිළියක් තිබිණි. පාසලේ කෙළවරක වන රොදක් අද්දර තිබූ එය හැඳින්වුණේ හුජ්ජ ගල ලෙසයි. පාසලේ කැසිකිළි පහසුකම් අවම වූ එසමයේ ලොකු කුඩා කවුරුත් මේ ගල් පොත්තට ගිය හ. ඉඳහිට එහි ඇතැමෙක් මළ පහ කර ද තිබිණි. හුජ්ජ ගල අවට දං කැළෑවක් ද, කොහොල්ලෑ ලාවලු ගසක් ද තිබිණි.  දැන් ද ඇතැම් පාසල්වල තත්වය මෙයයි. ලංකාවේ පාසල් අතරින් 99%ක ම තිබෙන්නේ ඉතා අපිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත නො වන වැසිකිළි, කැසිකිළි ය. හේතුව ඒවායේ පහසුකම් අවම වීම, විධිමත් පිරිසිදු කිරීමේ ක්‍රමයක් නො තිබීම, වැරදි භාවිතයන් හා ආකල්ප ගැටලු ය.  පාසල් අතරින් 99%ක ම සනීපාරක්ෂක කම්කරුවන් නැති බව අපේ නිරීක්ෂණයයි. බොහෝ පාසල්වල වැසිකිළි පිරිසිදු කිරීම කරන්නේ පාසල් දරුවෝ ය. නැතිනම් මව්පියෝ ය. පවිත්‍රතා කට

මානසික රෝගීන්ට නිසි ප්‍රතිකාර නො කිරීම හා ළමා ඝාතන රැල්ල

Image
පනාගොඩ, කපුරුගොඩ කවිඳු දේවින්ද නමැති දස හැවිරිදි දරුවා කපා, කොටා මරා දැමූ ඝාතකයා ද මානසික රෝගියකු බව පෙනේ. ගල්වලක රැකියාව කරද්දී ඇති වූ අනතුරකින් ඔහුගේ ලිංගේන්ද්‍රය ඉවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ දරුවාගේ පියාට දරා ගත නො හැකි වේදනාවක් ඇති කිරීමට බව ඔහු පවසා තිබේ. මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු ඝාතනයට යොදාගත් මන්නා පිහිය පොලිසියට පෙන්වීමට යැමේදී පය ලිස්‌සා පැරණි ගල් වළකට වැටී ඇති බවට හා එහිදී පෙරළී ආ ගලකට සැකකරුගේ දෙපා යටවී බරපතළ තුවාල ලබා ඇති බවට ද වාර්තාවක් පළ වී තිබේ. හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සැකකරු කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත. පොලිසියට නැවතත් සැකකරුවන් ආයුධ පෙන්නන්නට ගෙන යාමට අවසර ලැබී ඇති බවක් පෙනේ. බරපතළ තුවාල ලැබූ සැකකරු පොලිස්‌ ආරක්‌ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අතර, සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාරයේ සිටින සෙසු ‘වීරයන්ගෙන්' රැක ගැනීමට අමතර ආරක්ෂාව යෙදවීමට සිදු වී ඇති බව ද වාර්තා වේ. මෙම බරපතල අපරාධකරුවන් මරා දැමීමේ දැඩි ආශාවක් තිබෙන පිරිසක් ද මෙම

පනස් වසරක් පුංචි දරුවෙක්

Image
අදට මට පනහයි - නැගිට්ටා විතරයි රූකාන්තගෙ ගී පදේකින් ඊයෙ රෑ පනස් හැවිරිදි පුංචි ළමයෙක්  ඉපදිලා චූ දමාගෙන නිදි ඇඳේ නැගිටපං වහලෙ උළු කැටයක් ගලෝගෙන ඉර බලන්නට යයි එයා “හායි! කම්මැලි මාළුවෝ මොකද හයිබ්‍රිඩ් කාරෙකක් පිටේ බැඳගෙන ගස් බෙනේ? “අම්මපා මේ පිස්සු ලෝකය මොකද මේ හැටි දිය වෙලා වහින කැත හඳ හතක් පායන ගිනියමේ" කඳු උඩින් ඔහු පාවෙලා අවවාදයක් ගන්න මිනිහෙක් හොයනවා හෙට ඉඳන්වත් පිළිවෙලක් වෙන්න බලනා පඹ වැලක් එති එතී මළ පාළුවේ  මෙහෙම කවියක් ලියනවා “පුංචි කවියක වලිගයේ ජීවිතේ රහ දැවටිලා කාගෙදෝ හුරු කටහඬක් පනස් වසරින් ඇහෙනවා දෙනෝ දාහක පාළුවේ ෆ්ලෑෂ් එළි ගත් අත් මැදින් කළුවරේ මං හොයනවා මං කවුද මං දන්නෙ නැහැ අසරණව හිත අඬනවා" තවම නො ලියූ කවිය සිහිනෙන් සුවඳ සේ ගෑවී මැකී පනස් වසරක පුරාණේ ඒ කවිය ඔහු සොයනවා සියක් වසරක් සෙවූ අතැඟිලි වෙවුලමින් කවිය ලිස්සා වැටෙනවා  - අජිත් පැරකුම් ජයසිංහ 2015-09-27 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාම

සවුදි අරාබිය මානව හිමිකම් කොමිෂමේ සභාපතිත්වයට පත් වුවහොත්............

Image
රායිෆ් බදාවි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ වත්මන් සභාපතිත්වය හිමි ජර්මනියටයි. මේවසරේදී ජර්මනියේ වාරය අවසන් වන අතර අලුත් ම වාර්තා පවසන්නේ සවුදි අරාබිය දැන් එම තනතුරට ඇස ගසාගෙන ඇති බවයි.  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සාමාජික රටවල් සංඛ්‍යාව 47කි. එම රටවල් තෝරා ගනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මහ සභාවේ ඡන්දයෙන් ගූගෝලීය කලාප අනුවයි. සවුදි අරාබියේ සාමාජිකත්වය ද 2016දී අවසන් වීමට නියමිත ය. මානව හිමිකම් කොමිෂමේ සභාපති ධුරය පත් කර ගන්නා ඡන්දය 2015 දෙසැම්බරයේදී පැවැත්වීමට නියමිත ය.  සවුදි අරාබියේ මෙම බලාපොරොත්තුව පිළිබඳ පුවත පළ වන්නට දින කීපයකට පෙර අලුතෙන් ඝාතකයන් අටදෙනෙකු බඳවා ගැනීමට එරට රජය දැන්වීම් පළ කළේ ය.  මේ අවුරුද්දේ මේ වන විට සවුදි රජය විසින් මරණීය දණ්ඩනය පනවා තිබෙන මිනිසුන් සංඛ්‍යාව 85කි. ගිය අවුරුද්දේ 87දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ලදී.  මෙසේ මරා දමන මිනිසුන් අතරින් වැඩි දෙනෙක් ධනවත් නො වන අයයි.  එක්සත් ජනපදය මිනිසුන් ප්‍රසිද්ධියේ ගෙල සිඳ මරන, කාන්තාවන්, ක්‍රිස්තියානින්, සමලිංගිකයන් හා එරට පවතින ක්‍රමය විවේචනය කරන රායිෆ් බදාවි වැනි බ්ලොග්කරුවන් පවා මර්දන

දියලුම මරණය

Image
ඇල්ල පාමුල ගල් තලාවට පාවෙලා ආවා වෙළාගෙන සිටි අත් ලිහී පාවෙලා ආවා බැඳුණු හදවත් නැවතිලා සිම්බ දෙ‍කොපුල් නිල් වෙලා පරඬැලක් සේ ප්‍රාණ විරහිත පාවෙලා ආවා ඇල්ල මුදුනින් දියට වැටිලා මල් දෙකක් පාවෙලා ආවා ආදරේ ඉතිහාසයේ සෑමදාමත් වාගෙමයි ජාති කුල මල භේද ආගම් ධනය අධ්‍යාපනය ඈ ගෙන කාලයේ දියලුම ගලා යනවා ජීවිතේ සැඩ දියේ වැටිලා පාවෙලා යනවා (දියලුම ඇල්ලෙන් පැන සිය දිවි නසා ගත් සිංහල තරුණියක හා දෙමළ තරුණයකු ගැන ලියූ කවියකි.) අජිත් පැරකුම් ජයසිංහ මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග

එකක් කඩතොලු වසන්නට ගොස් නැතක් කඩතොලු හැදුණු කොටදෙනියාවේ ළමා ඝාතනය

Image
"මගේ පුතා එදා නිවසේ නිදාගෙන සිටියේ. පොලිසියේ නිලධාරින් කණ්‌ඩායමක්‌ උදේ පාන්දර එකපාරටම නිවසට පැමිණියා. පස්‌සේ ඔවුන් පුතාගෙන් නොයෙකුත් දේ විමසන අතරේ පුතාගේ කාමරය අවුස්‌සමින් ඊයම් කොළ හෙව්වා. ඒ පුතා මත්කුඩු පානය කරන බව පවසමින්. එත් ගෙදර තිබුණු ඊයම් කොළයක්‌ නැහැ. පස්‌සේ ඔවුන් පුතාව අරගෙන යන්න ගියා. “මම එදිනම සවස කොටදෙණියාව පොලිසියට පුතා බලන්න ගියා.. ඒත් දරුවා බලන්නවත් පොලිසිය මට ඉඩ දුන්නේ නැහැ. පොලිසියේ හිටපු උසස්‌ නිධාරියෙක්‌ ඉතාම කෝපයෙන් පහත් විදිහට මට බැණ වැදුණා. මම පොලිසියෙන් අහන්නේ ඇයි අපිට එහෙම කළේ කියලා. මගේ පුතා වරදක්‌ කළේ නැහැ. ඒ බව මම නිවසට ආපු පොලිස්‌ නිලධාරින්ට පුන පුනා කිව්වා. නමුත් ඔවුන් මට කන් දුන්නේ නැහැ. මහා මිනීමරුවෙක්‌ අරන් යනවා වගේ මගේ දරුවා අරගෙන ගියා. “මම පොලිසියේ මහත්වරුන්ගෙන් අහන්නේ එකම දෙයයි. මගේ දරුවා තවමත් අවුරුදු දහහතක පාසල් ශිෂ්‍යයෙක්‌. කොහොමද මේ වගේ අවමානයක්‌ කළාම ඔහු සමාජයට මුහුණ දෙන්නේ. දරුවා ලබන වසරේ අපොස උසස්‌ පෙළ වභාගයට පෙනී සිටිනවා. මගේ දරුවා ඉගෙනීමට දක්‍ෂයි. ඔහු පහ වසර ශිෂ්‍යත්වය පවා සමත් වුණු දරුවෙක්‌. මගේ දරුවට අනාගතේ විවාහයක්‌වත් කර දෙන්න

මළමිනී සහ ළමයින් සමග ලිංගිකව එක් වීම

Image
නෙක්‍රොෆීලියා කියන්නේ මළ මිනී කෙරෙහි ආසක්ත වී ඇතැම් විට ඒවා සමග සංසර්ගයේ යෙදීමට පෙළඹෙන මානසික රෝගී තත්වයක්. නෙක්‍රොෆීලියා යන වදන ශවකාමය ලෙස සිංහලට පරිවර්තනය කරන්නට පුළුවන්. කොටදෙනියාවේ සේයා දැරිය මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන ජනමාධ්‍ය විසින් කරනු ලබන විස්තරවල ඔහු මෙවැනි මානසික රෝගියකු බව පැවසෙනවා. ජනමාධ්‍ය විසින් වෛරී චේතනා ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් කරන මෙවැනි වාර්තාකරණයන් සම්පූර්ණයෙන් විශ්වාස කළ නො හැකි වුණත්, මෙම සැකකරුවා මානසික රෝගියකු වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. නෙක්‍රොෆීලියා මානසික තත්වයෙන් පෙළෙන පුද්ගලයකු පිළිබඳ ගාමිනි වියන්ගොඩ විසින් ‘මායාවාස’ ලෙස පරිවර්තනය කරන ලද ඉසබෙල් අය්යන්දේ ලියූ The House of Spirits නවකතාවේ සඳහන් වෙනවා. “ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා රෝසා ගේ සිරුර හිස් කොට අවසන් වන තෙක්, නහරවැල්වලට බෙහෙත් එන්නත් කර, සිරුර නහවා ආමෝදි විනාකිරෙන් හා සැවැන්දරා සාරයෙන් දෝවනය කර අවසන් වන තෙක්, ක්ලාරා ඇසි පිය නො හෙලා ඒ තැන රැඳී සිටියා ය. මෘත ශරීර සංරක්ෂක පාප්ප තවරා, වක් වූ ගෝනි ඉදි කට

අකිලගේ වැඳිල්ල හා අනාගත පරම්පරාවේ කොඳු බිඳිල්ල

Image
පසුගිය ජුනි මාසයේ දිනක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් අතින් සිදු වූ අත්වැරැද්දක් මෙසේ ඡායාරූපගත විය. පිරිවෙන් ආචාර්යවරුන්ට පත්වීම් ලිපි දීගෙන දීගෙන යද්දී, එක දිගට භික්ෂූන්ට දෙකට නැවී වැන්ද අකිල විරාජ් අතපසු වීමකින් ගිහි පරිවේණාචාර්යවරයකුට ද දෙකට නැවී වැන්දේ ය. එය හුදු අත්වැරැද්දක් වුව ද ජනමාධ්‍ය ඒ ඔස්සේ අධ්‍යාපන ඇමතිවරයා උපහාසයට ලක් කළේ ය. අපි අද කතා කරන්නට යන්නේ අකිලගේ වැඳිල්ල ගැන නො වේ. පාසල්වල තිබෙන වැඳිල්ල ගැනයි. එය අකිලට අදාළ ය. මේ වන විට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඳිල්ල ක්‍රියාත්මක වන්නේ තනිකර ම අනාගත පරම්පරාවේ කොඳු නාරටිය බිඳ දැමීමේ වැඩසටහනක් ලෙස බව මගේ නිරීක්ෂණයයි. නගරයේ පාසල්වලට වඩා ගමේ පාසල්වල වැඳීමේ ක්‍රියාවලිය අවුල් සහගත ය. මේ පිළිබඳ අධ්‍යාපන බලධාරීන්ගේ මෙන් ම ගුරු සංගම් හා වෙනත් සමාජ සංවිධානවල ද අවධානය යොමු විය යුතු ය.  වැඳිල්ල පිළිබඳ මගේ අත්දැකීම අතිශය කඨෝර ය. වත්මන් හා අතීත සිසු සිසුවියන් පාරේ හමු වූ විට හිතවත්කමට වචනයක් දෙකක් කතා කළ සැණින් පවා, තැන නො තැන නො බලා ළමයි ගුරුවරුන්ට වඳිති. බස් නැවතුම්පළේදී හෝ පොළේදී කිසිවෙක් දෙකට නැවී ඔබට වඳින විට ඇති වන හැඟ

අප කොළඹ පොත් පොළ වර්ජනය කළ යුත්තේ ඇයි?

Image
කොළඹ පොත් පොළ ගැන මං මීට කලින් අවුරුදුවලත් ලියලා තිබෙනවා.  මේ එක ලිපියක්.   මේ තව ලිපියක්.  පටන් ගන්න දවසේ මං පොත් පොළේ ගියා. ඒ ගියේ වෙනත් ගමනක් යන ගමන් මගේ පොත් වගයක් කුටියකට භාර දෙන්න. මං පළ කළ ශාස්තෘ නවකතා පොතේ පිටපත් රැසක් ඉතිරි වී තිබෙනවා. වසර ගණනක සිට මම එය විකුණන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ.  ඒත්, මට පොත් කරගහගෙන කුටි හොය, හොයා යන්න කම්මැලි හිතුණා. පොත් පොළ කියන්නේ මට නම් හැමදාමත් හිසරදය හැදෙන තැනක්.   මං වගේ කර්තෘ ප්‍රකාශකයෙක් තමන්ගේ පොත් අරගෙන වෙළඳ කුටි ගානේ යනවා මං දැක්කා. පොත් කීපයක් කුටියක තබා යාමත් අමාරු වැඩක්. ලේඛකයන්ට තමන්ගේ නිර්මාන වෙනුවෙන් ප්‍රකාශකයන්ගෙන්, පොත් සාප්පු හිමියන්ගෙන් මුදල් ලබා ගැනීමේ ඇති අමාරුව ගැන මං පොත් කීපයක් පළ කරලා ඉගෙන ගත්තා.  කොහොමත්, කර්තෘ ප්‍රකාශනය ව්‍යාපාරික පැත්තෙන් සාර්ථක නැහැ. එහෙම නම්, කර්තෘත් කුඩා පරිමාණ හෝ ප්‍රකාශකයෙක් විය යුතුයි. ලේඛකයන් ප්‍රකාශකයන් වීමෙන් ලේඛකයා මැරිලා ප්‍රකාශකයා මතු වෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ ලේඛකයා ඒ වැඩෙන් අයින් වෙන්න ඕනැ. ලංකාවට අනවශ්‍ය තරම් කුඩා පරිමාණ පොත් ප්‍රකාශකයන් පිරිසක් සිටින්නේ මහා ප්‍රකාශක

දෙමළ හෘදය සාක්ෂිය නැතිව සිංහල හෘදය සාක්ෂිය හෙවත් ඔබ නැතුව ඔබ එක්ක

Image
ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයට පාදක කර ගන්නේ ෆියදෝර් දොස්තයෙව්ස්කිගේ Gentle Spirit ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇති කතාවේ අනුවර්තනයකි. එය තල කිහිපයක් ඔස්සේ රස විඳිය හැකි චිත්‍රපටයකි. දොස්තයෙව්ස්කිගේ කෙටි නවකතාවෙන් ආභාසය ලබන කතාවේ චරිතවල චලනය හා මනෝභාවයන් වෙන ම තලයක තබා රස විඳිය හැකි ය. එහෙත්, ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ කතාව හා දොස්තයෙව්ස්කිගේ කතාව අතර ඇත්තේ මතුපිට සාම්‍යයක් පමණකැයි මට සිතේ. පොලීකරුවා, ඔහුගේ බිරිය වන තරුණ ගැහැනිය, ඇය මුහුණ දෙන ආර්ථික හා සමාජ ගැටලු, සේවිකාව, උකස් මධ්‍යස්ථානය සහිත දෙමහල් ගොඩනැගිල්ල, පොලීකරුවාගේ උන්නතිකාමී බලාපොරොත්තුව, ඔහුගේ රැකියාව අහිමි වීම පසුපස රහසක් තිබීම, ඔහු එය සිය බිරියගෙන් සැඟවීම, රිවෝල්වරය සම්බන්ධ සිදුවීම් හා තරුණියගේ සියදිවි නසාගැනීම වැනි දේ ඍජුව ම දොස්තයෙව්ස්කිගේ කතාවෙන් ගත් ඒවා මුත්, මේ කතා දෙක ඇතුළාන්තයෙන් හාත්පසින් ම වෙනස් කතා දෙකකි. දොස්තයෙව්ස්කිගේ චරිත විවරණය, චරිතවල මනෝභාවයන් හා ගැටුම් ප්‍රසන්නගේ කතාවට වඩා හාත්පසින් ම වෙනස් ය. දොස්තයෙව්ස්කිගේ 41 හැවිරිදි හිටපු හමුදා නිලධාරියකු වූ පොළීකරුවා හා ඔහුගේ 16 හැවිරිදි බිරිය අතර ගැටුම, අවබෝධය හ

සීපා එපා ද?

Image
ඉන්දු ලංකා විස්තීර්ණ ආර්ථික ගිවිසුම හෙවත් CEPA ලබන වසර අවසන් වන විට සකසා ගත හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති මෝදි සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු කරන ලද ප්‍රකාශයෙහි සඳහන් කළේ ය. දිනමිණ පුවත්පත එය වාර්තා කරන්නේ මෙසේ ය: “ඉන්දියාව සමග ස්ථිර වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රටවල් දෙකේම පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම වැදගත් වෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊ ළඟ අවුරුද්දේ රටවල් දෙක අතර ස්ථිර ආර්ථික ගිවිසුමකට එළැඹීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා." මේ වන විටත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් දේශීය ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් වෙතින් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. සීපා ගිවිසුමත් සමග භාණ්ඩ මෙන් ම සේවා වෙළඳපොළ ද විවෘත වන නිසා අලුත් තත්වයට හැඩගැසීමට තමන්ට බැරි වනු ඇති බවට හා තමන් විනාශ වනු ඇති බවට බියක් ඔවුන් අතර තිබේ. ඔවුහු තම බිය සමාජයේ පතුරුවා හරිමින් සිටිති.  සීපා විරෝධය සම්බන්ධයෙන් මේ කරුණත් සඳහන් කළ යුතු ය. සීපා විරෝධී උද්ඝෝෂණයේ ඉදිරියෙන් ම සිටින ඇතැම් ව්‍යාපාරිකයන් බාල නිෂ්පාදන වැඩි මිළට අලෙවි කරමින් ජන

සේයා ඝාතනයට හේතුව ඇති තැන අඳුරු නිසා පහන් ආලෝකය තුළ හේතුව සෙවිය හැකි ද?

Image
සේයා මැරූ මිනීමරුවන් මරන බව ශපථ කරමින් ආවේගශීලීව හැසිරීම මේ වන විට ෆේස්බුක්හි සිට එම දැරියගේ මළගෙදර දක්වා ම විහිදී තිබෙන රැල්ලකි. සේයා දැරිය හඳුන්වා දීමට වචන නාස්ති කළ යුතු යයි මම නො සිතමි. කයිට්ස්හි විද්‍යා දැරිය ඝාතනයට ලක් වූ අවස්ථාවේදී ද මේ හා සමාන හැසිරීමක් යාපනයේ දක්නට ලැබිණි. එම දැරියගේ නිවස අසල රැස් වූ පිරිස් ඝාතකයා හෙළිදරව් කරන්නැයි පොලිසියට බල කරමින් අවමංගල්‍යයට ද බාධා වන පරිදි හැසිරුණ හ. ඔවුන් ඇත්තෙන් ම කළේ විමර්ශනයට බාධා කිරීමයි. මිය ගිය දැරියට පවා සාමය අහිමි කර ඇත. ඝාතනයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ සූදානම් වෙමින් තිබේ. ඇත්තෙන් ම මෙම උද්ඝෝෂණ කරන්නේ කාට එරෙහිව ද යන්න කවුරුවත් දන්නේ නැත. අපරාධකරුවකුට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ එම අපරාධකරුවා අපරාධයෙන් ගැලවීමට බලය යොදා ගන්නා බලවතෙකු නම් ය. පොලිසියට එරෙහිව උද්ඝෝෂණ කළ යුත්තේ පොලිසිය පරීක්ෂණ නිසි පරිදි කරන්නේ නැතිනම් හෝ ඝාතකයන් ආරක්ෂා කරන්නේ නම් ය. මහජන නියෝජිතයන්ට එරෙහිව උද්ඝෝෂණය කළ යුත්තේ ඔවුන් මෙම ක්‍රියා ප්‍රවර්ධනය කරනවා නම් ය. එහෙත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී අපරාධකරුවන් මහජන නියෝජිතයන් ලෙස පත් කර නො එවන්නැයි දැවැන්ත ප්‍රචා

පරිසරයට ආදරය කරන ජනාධිපතිවරයෙක් ලැබීම වාසනාවකි

Image
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසරයට ඇල්මක් දක්වන පුද්ගලයකු බව ඔහුගේ අදහස් හා ක්‍රියාවලින් පෙනේ. දේශපාලකයන්ට මුදල් හා බලය ගැන හැර වෙනත් දෙයක් ගැන අදහස් තිබීම අමුත්තක් ලෙස දැනෙන තරමට පසුගිය කාලයේ දේශපාලනය පිරිහිණි. විධායක ජනාධිපතිවරයා පරිසර ඇමති වීම ඇත්තෙන් ම ලංකාවේ වත්මන් සංදර්භය තුළ ඉතා වැදගත් ය. පරිසර සංවිධාන, බුද්ධිමතුන් හා සමාජ ක්‍රියාකාරිකයන් මෙම තත්වයෙන් උපරිම ප්‍ර යෝජන ගන්නට උත්සාහ කළ යුතු ය. පසුගිය කාලයේ ජනාධිපතිවරයා හා ඔහුගේ සහෝදර සමාගම සියතට ගන්නට කිසිදු උත්සාහයක් නො දැරූ අමාත්‍යාංශ අතරින් පරිසර අමාත්‍යාංශය එකක් බව මේ මොහොතේ සිහිපත් වේ. මහා නගර සංවර්ධනය සම්බන්ධ අමාත්‍ය චම්පික රණවක ද පරිසරය පිළිබඳ සංවේදී දේශපාලනඥයන් කිහිප දෙනා අතරින් එක් අයෙකි. සංවර්ධනය හා පරිසරය අතර ඇති සදාකාලික ගැටුම කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය බුද්ධිය හා හැඟීම් මේ දෙපළගෙන් ලැබෙනු ඇතැයි සිතිය හැකි ය. සරළව කීවොත්, මනරම් පරිසරයක් හිමි ශ්‍රී ලංකාව සංවර්ධනය විය යුත්තේ ඒ පරිසරය, එහි ජීවත් වන මිනිසුන්, ඔවුන්ගේ ජන ජීවිතය සතුන්, ගහකොළ සමග රැකගෙන එය වඩා සුන්දර වන අයුරින් ය. එසේ නැතිව, පදිංචිකරුවන් පළවා හරිමින්

කොමීඩියන් ඩිව් ගුණසේකර

Image
2003 ඔක්තෝබර් අවසානයේ දිනෙක අපි හිරු පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට ඩිව් ගුණසේකර හමු වීම සඳහා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානය වෙත ගියෙමු. ඔහු අපට සම්මුඛ සාකච්ඡාව ලබා දීමට එකඟ වී සිටිමුත්, ඒ මොහොත වන විට ඔහු සිටියේ පස්ස කැඩුණු කඩියකු සේ හදිස්සියකිනි. එවිට ඩිව් රාජ්‍ය භාෂා කොමිසමේ සභාපතිය. කලින් පැවැති චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ඔහු ලද එම තනතුරට 2001 දී බලයට ආ රනිල් වෙන කෙනෙකු පත් නොකළේය. චන්ද්‍රිකා රනිල්ගෙන් ආණ්ඩුව පැහැර ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් උද්දාමයෙන් නළියමින් සිටියේ ය. හෙට අනිද්දා ම තමන්ට ද ලේසියෙන් ම ඇමතිකමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන්දෝ ඔහු අප සමග කතා කළේ නො සැලකිල්ලෙනි. ඕයි, තමුසෙලා වැනි වචන පවා ඔහු අපට දමා ගැසුවේ ය. අපි ආපසු ආවේ ඔහුගේ දේශපාලන ළදරු හැසිරීම ගැන කතා කරමිනි. දින කීපයකට පසු චන්ද්‍රිකා විධායක ජනාධිපති බලතල පාවිච්චි කරමින් අමාත්‍යාංශ තුනක් සියතට ගෙන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අවුල් කිරීම ආරම්භ කළා ය. මා මේ පරණ කතාව කියන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම අහිමි වීමෙන් පසු ඔහු මේ දිනවල හැසිරෙමින් සිටින ආකාරය දැකීමෙනි. ඇත්තෙන් ම පව් ය. ඇතැම් වාමාංශික නිකම්මු හිත

තවත්කොටදෙනියාවක් ඇති නො වීමට

Image
කොටදෙනියාවේ සේයා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි මහජන කෝපයක් ඇති වී තිබේ. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස, නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස, මරණීය දණ්ඩනය යළි ඇති කරන ලෙස ඉල්ලා සිටින අය මෙන් ම, සැකකරුවා මරා දමන්නට තමන්ට භාර දෙන ලෙස ඉල්ලන අයුතු ජන රාශි ද, පසුගිය කාලයේ මෙන් ආයුධ පෙන්නන්නට එක්ක යන ලෙස ඉල්ලා සිටින අය ද සිටිති. මෙම ඝාතනය පිළිබඳ සාකච්ඡා කරන අපගේ අවධානය මුලින් ම යොමු විය යුතු කාරණයක් වන්නේ මේ වන විට ජනමාධ්‍ය විසින් කරමින් සිටින්නේ කුමක් ද යන්නයි. අද වන විට පුවත්පත් ගණනාවක් ඝාතනය සම්බන්ධයෙන් මතු කර තිබෙන සැකයන් හා ඒ ඔස්සේ ජන මනස තුළ ගොඩනගන පූර්ව විනිශ්චයන් විසින් බරපතල ප්‍රශ්න ඇති කරමින් තිබේ. මෙවැනි කෘෘර ඝාතනයක් වාර්තා කිරීමේදී ජනමාධ්‍යවල වගකීම ගැන සංස්කාරකයන්ට අදහසක් තිබේ ද යන්න සැක සහිත ය. සුපුරුදු ලෙස සමාජ මාධ්‍ය මෙම මිනීමැරුම වාර්තා කිරීමේදී හා එයට ප්‍රතිචාර දැක්වීමේදී කටයුතු කළේ අතිශය ම්ලේච්ඡ ආකාරයකට ය. දැරිය මරා දමා තිබුණු නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ බෙදා දීමෙන් ඔවුන් කළේ එම දැරිය නැවතත් ඝාතනය කිරීමයි. මෙවැනි ඝාතනයක් සිදු වූ සැණ

මරණ දඬුවම හා ලක්ශාන්ත නම් කවියා

Image
කවියකු වන ලක්ශාන්ත අතුකෝරල කියයි මෙලෙස ඝාතකයකු සිර ගෙයි දා බදු මුදලින් ඇයි නඩත්තු? ඝාතනයට ලක් වූ ඒ පුද්ගලයගෙ පවුලෙ අයත් නොගෙවන්නෙද ඒකට බදු? සාධාරණ සැකක් නැතිව මිනිමරුවන් දැන ගත් විට මරණ දණ්ඩනය දිය යුතු මරුවකු වූ නිසා එකෙක් අපි එක් වී මරමු ඌව එහෙම කළොත් අපි කවුරු ද? අපි කවියො ද ලක්ශාන්ත? මරුවා හරි කෘෘර නිසා සැලසුම් කර මැරුව නිසා අපිත් මරමු ඒ මරුවා සැලසුම් කර කෘෘර ලෙසට එහෙම කළොත් අපි කවුරු ද? අපි කවියො ද ලක්ශාන්ත? වින්දිතයා වින්ද දුකට කඳුළු උනයි අපේ නෙතට ඒ හින්දා අපි එක් වී වින්දිතයෙක් කරමු ඌව එල්ලුම් ගස නැවත වවමු කවි ලිවීම පසෙක තබමු ලක්ශාන්ත එන්න යන්න හෙට මරණෙට වැලි කිරන්න හුස්ම ගන්න බැරි වන තුරු උගුරු දණ්ඩ මිරිකන්නට කවි ලියනා පෑන තබා කඹේ ගන්න ලක්ශාන්ත බරට බරක් වැලි එල්ලා පාපුවරුව ගස්සාලා කඩමු උගේ උගුරු දණ්ඩ හෙට වෙනුවෙන් ලක්ශාන්ත එහෙම කළොත් අපි කවුරු ද? අපි කවියො ද ලක්ශාන්ත? අජිත් පැරකුම් ජයසිංහ 2015 -09- 14 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්

අම්මලාත් විකුණන ෆේස්බුක් පුතාලා

Image
ෆේස්බුක්හි මගේ නමින් පවත්වාගෙන යන ප්‍රොෆයිලය  මම භාවිතා කරන්නේ මගේ ලිපි මාකට් කරන්නයි. ඒ අතර ඉඳහිට මගේ අදහස්, කවි, ජීවිතය ආදියත් බෙදා ගන්නට එය භාවිතා කරනවා.  මට එන යහළු ඉල්ලීම් පිළිගනිද්දී මම සලකා බලන්නේ කාරණා කීපයක් පමණයි. ඉල්ලීම එවන්නා එම ඉල්ලීම එවන්නේ පිළිගතහැකි පුද්ගල නමකින් ද, මගේ මිතුරන් අතර එම පුද්ගලයාට මිතුරන් සිටිනවා ද, නැතිනම් ඔහු මා හඳුනන අයෙක් ද යන කරුණු විතරයි.  මගේ පැරණි මිතුරන් විශාල පිරිසක් මට ෆේස්බුක්හි නැවත හමු වුණා. එය ඉතා මිහිරි අත්දැකීම් රැසක් මට සමීප කළා.  මා සමග චැට් කරන අය අතර ඇතැමෙක් සමරිසියෝයි. මම සමරිසි විරෝධියෙක් නෙමෙයි. එ් වගේ ම සමරිසි ලෝලියකුත් නොවෙයි. ඇතැම් ආක්‍රමණශීලී සමරිසියන් ඉවත් කර දැමුවත්, තවත් බොහෝ අය තවමත් මගේ මිතුරන් අතර ඉන්නවා.  යහළු ඉල්ලීම් එවන පිරිස් අතර මා දැක තිබෙන තවත් සුවිශේෂ පිරිසක් තමයි, විවිධ වයස්වල කාන්තාවන් ලෙස පෙනී සිටින පිරිමි.  මම මෙවැනි අය සමග චැට් කර තිබෙනවා. ඇතැමෙක් උත්සාහ කරන්නේ අනෙකා බයිට් කරන්න. තවත් ඇතැමෙක් උත්සාහ කරන්නේ සල්ලි කීයක් හෝ කඩා ගන්න. ඇතැමෙක් එසේ හැසිරෙන්නේ කිසියම් මානසික උවමනාවක් නිසා වෙන්න ඇති.  පස