Posts

Showing posts from July, 2015

චානක වෙලගෙදරගේ කලකිරීම

Image
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන්නෙකු වන චානක වෙලගෙදර ප්‍රාන්ත කණ්ඩායමක් නියෝජනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව බලා පිටත් වන බව කියයි.  එසේම, යළි ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවීමට තීරණය කර ඇති බව ද වෙලගෙදර පවසයි.  ඔහු කලකිරී ඇති බව ඔහු කියයි.  ඔහුගේ කලකිරීම සාධාරණ ද නැද්ද යන්න ගැන මම නො දනිමි. පසුගිය කාලයේ ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට ද දේශපාලනය හා නිලධාරිවාදය රිංගා එය දූෂණය විය.  විදේශගත වන බොහෝ දෙනෙක් කියන්නේ ඔවුන් කලකිරී ඇති බවයි. අපේ රටේ තත්වය ගැන කලකිරෙන එක ඉතා පහසු ය. එහෙත්, තමන් උපන් රටේ කලකිරෙන්නේ නැතිව ජීවත් වන්නට පුළුවන් සමාජ, ආර්ථික, දේශපාලනික මෙන් ම පාරිසරික ද වන පසුබිමක් සකසා ගැනීමේ වගකීම පුරවැසියන් ලෙස අපට පැවරී තිබේ. ලොව සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින මානව ගරුත්වය, සමානාත්මතා තත්වය, නීතිගරුකත්වය, සුරක්ෂිතභාවය, මහජන සේවාවන්ගේ ගුණාත්මකභාවය හා පවිත්‍රතාව වැනි තත්වයන් ලංකාවේ ද ඇති කිරීම දැන් ලාංකිකයන් හමුවේ තිබෙන අභියෝගයයි. ඒ මට්ටමට සංවර්ධනය වන්නට උවමනා නැත. ලංකාවේ ජනතාවට සුන්දර ජීවිතයක් අත්පත් කර ගැනීමේ හැකියාව තිබේ. වසර දහ

ජනතාවනි, අවදියෙන්! මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අන්ත ජාතිවාදී අවධිය එළඹෙයි

Image
පැවැත්වෙමින් තිබෙන මැතිවරණ ව්‍යාපාරය මෑත ඉතිහාසයේ පැවැත්වුණු සාමකාමී ම මැතිවරණ ව්‍යාපාරය ලෙස දැනට හඳුන්වන්නට පුළුවන. රාජ්‍ය අනුග්‍රහයෙන් මැතිවරණ දූෂණ හා මැරවරකම් සිදු නො වන නිසා ඉදිරි දෙසතියක පමණ කාලය තුළදී ද සාමය අපේක්ෂා කළ හැකි ය. බොහෝ දෙනා මේ වන විටත් තමන් ඡන්දය දෙන පක්ෂ තීරණය කර හමාර ය. ගැටලුවකට තිබෙන්නේ මනාප අංක පිළිබඳ දැනුවත් කිරීම පමණි. ඒ වෙනුවෙන් දිගු කාලයක් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඇදගෙන යාම තේරුමක් නැති වැඩක් වී තිබේ. එය ආර්ථිකයට බරකි. ජනතාවට කරදරයකි. ඉදිරි මැතිවරණවලදී මේ ගැන සිතිය යුතු ය. ජනමාධ්‍ය අද තරම් දියුණු නැති යුගයකදී මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් ලබා දුන් තරම් දිගු කාලයක් දැනුත් අවශ්‍ය ද ?   ගිය අවුරුද්දට සාපේක්ෂව ජනමාධ්‍ය බෙහෙවින් මධ්‍යස්ථ ය. රූපවාහිනී සංවාද දේශපාලන සංවාදයේ ප්‍රධාන මෙවලම බවට පත් වී තිබෙන අතර ප්‍රධාන පක්ෂවලට ඒවායේ සාධාරණ අවස්ථා ලැබී තිබේ. රැස්වීම් යනු හුදෙක් බලය පෙන්වන සංදර්ශන බවට පත් වී තිබේ. මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේ මූලික අරමුණ වී තිබෙන්නේ සෙනග ප්‍රදර්ශනයයි. ඒ වෙනුවෙන් රැස්වීමෙන් රැස්වීමට යන පසුපස එන පිරිවරක් හෙවත් බෑන්ඩ්වැගන් එකක්

මහින්ද රාජපක්ෂ ගෝලයන්ට අජිත් පැරකුම්ගේ නමින් බොරු ප්‍රකාශ පළ කරන්නට සිදුවීම

Image
අජිත් පැරකුම් නමින් පළ කර තිබෙන මහින්ද රාජපක්ෂට පක්ෂපාතී පහත උපුටා දක්වන ලියවිල්ල මවිසින් කරන ලද එකක් නොවේ. මම කුඩා කාලයේ සිට පුරුදු වූ ආකාරයට මා මගේ නම ලියන්නේ Ajith Perakum ලෙසයි. මහින්ද රාජපක්ෂගේ අන්තර්ජාල ප්‍රචාරණ ව්‍යාපෘතියේ සාමාජිකයකු වන මෙම පුද්ගලයා Ajith P a rakum ලෙස භාවිතා කරමින් බ්ලොග්වල කමෙන්ට් කිරීමට පටන් ගෙන තිබේ. එම පුද්ගලයා විසින් භාවිතා කර තිබෙන්නේ ජානක වංසපුර නම් බ්ලොගයක ඊයේ ලියන ලද සටහනකි. වංශපුර දේවගේ ජානක නම් පුද්ගලයකු විසින් නිර්මානය කර තිබෙන, කිසිවකු විසින් ෆලෝ කරනු නො ලබන එම බ්ලොගයේ වෙහෙස මහන්සි වී ලියන දේ පාඨකයන් ලවා කියවා ගන්නට අපගේ බ්ලොගය පාවිච්චි කර ඇති බව පෙනේ. තමන්ගේ නමින් දැමුවොත් නො කියවන නිසා ද කොහෙ ද ඒකත් පළ කර තිබෙන්නේ මගේ නමිනි.  හද්දා පිටිසර ගමක ජීවත් වන, වෘත්තීය මාධ්‍යකරුවකු නො වන, හුදෙක් ම පුරවැසි මාධ්‍යකරණය ප්‍රධාන කර්තව්‍යය කර ගත් බ්ලොග්කරුවකු වන මගේ නම අනුකරණය කිරීමට මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සේවකයන්ට සිදු වීම පිළිබඳ එක අතකින් මම සතුටු වෙමි. මන්ද, මා විසින් කරනු ලබන කාර්යය නො වටිනා දෙයකැයි කියා කියන අයට එය එසේ නො වන බව තේරුම් ගැනීමට මෙම සිද

කුඩු රජා හා රාජපක්ෂ පවුල

Image
වරක් හෙරොයින් අඩංගු කන්ටේනරයක් නිදහස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජයේ අගමැති දි.මු. ජයරත්න ලියුමක් නිකුත් කර හසු වූයේ ය. කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දුමින්ද සිල්වා කුප්‍රකට මත්ද්‍රව්‍ය වෙළෙන්දකු වූ වෙලේ සුදා සමග ගනුදෙනු කර ඇති බව හෙළිදරව් වූයේ ය. මේ වන විට මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝඩ්ෆාදර් වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් නම් චිත්‍රපට නිෂ්පාදකවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීප හිතවතකු බව වාර්තා වේ. මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් දැනට මැලේසියාවේ ජීවත් වන අතර ශ්‍රී ලංකා රජය ඔහු ඉල්ලා තිබේ. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සෑම තරාතිරක ම ව්‍යාපාරිකයන්ගෙන් හා ජාවාරම්කරුවන්ගෙන් කොමිස්, කප්පම් ආදිය ලබා ගත් නිසා මොහුගෙන් ද කොටස් මුදල් ලබා ගත්තා නම් ඒ ගැන පුදුම විය යුතු නැත. රාජපක්ෂ පවුල සෙල්ලම් කර තිබෙන්නේ ආර්ථිකයේ අනාගතය සමග පමණක් නො වේ. තරුණ පරම්පරාවේ ජීවිත සමග ද ඔවුහු සෙල්ලම් කර ඇත. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කි

දළු සහනාධාරය කුඩා තේ වතු හිමියන් අතට නො ලැබීමේ ප්‍රශ්නය හෙවත් ගමේ ප්‍රශ්න නගරයේ මාධ්‍යවලට නො තේරීම

Image
රජය විසින් කුඩා තේ වතු හිමියන්ට ලබා දෙනු ලබන මිළ සහනාධාරය සුදුස්සන් වෙත නො ලැබී අතරමැදියන් අතට පත් වන බව අපේ අධ්‍යයනවලින් පෙනේ. තේ දළු මිළ අඩු වීම නිසා තේ වතු හිමියන්ට අමු දළු කිලෝවක් වෙනුවෙන් රු. 15ක සහනාධාරයක් රජය විසින් ලබා දෙයි. එහෙත්, එම සහනාධාරය ලබා දෙන්නේ තේ කම්හල් හරහායි. තේ කම්හල් හිමියන් විසින් මෙම සහනාධාරය ලබා දෙන්නේ තමන්ට අමු තේ දළු සපයන්නන් වෙතයි. කුඩා තේ වතු හිමියන් බොහෝ දෙනෙක් තමන්ගේ දළු සපයන්නේ දළු එකතු කරන්නන්ටයි. එම අමු දළු කම්හල් වෙත සපයන්නේ දළු එකතු කරන්නන් විසිනි. එබැවින් කම්හල් හිමියන් කිලෝවකට රු. 15 බැගින් වූ සහනාධාරය සපයන්නේ දළු එකතු කරන්නන්ටයි. දළු එකතු කරන්නන් එම සහනාධාරය කුඩා තේ වතු හිමියන් වෙත ලබා නො දෙන බව තේ වගාකරුවෝ මැසිවිලි නගති. දැනට පහතරට තේ කිලෝවක සාමාන්‍ය මිළ රු. 65ක් පමණ වේ. ඒ අනුව සහනාධාරයත් සමග කුඩා තේ වතු හිමියකුට කිලෝවකට රු. 80ක පමණ සහනාධාරයක් හිමි වුය යුතු ය. මේ වන විට අර්බුදයට පත්ව සිටින රබර් වගාකරුවන්ට ද සහන සැලසීම සඳහා පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් බව ප්‍රකාශ කර තිබුණ ද, එය ද ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් සකසා ගැනීම දුෂ්කර බව තේ

ඩලස් අලහප්පෙරුම ජාතිවාදියා මේ සැරසෙන්නේ කුමට ද?

Image
මේ වන විට මහ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර අතිශය සාමකාමීව සිදු වෙමින් තිබේ. බොහෝ දෙනා මේ වන විටත් තමන් ඡන්දය දෙන පක්ෂ තීරණය කර හමාර ය. ගැටලුවකට තිබෙන්නේ මනාප අංක පිළිබඳ දැනුවත් කිරීම පමණි. ඒ වෙනුවෙන් තවත් සති තුනක් පමණ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඇදගෙන යාම තේරුමක් නැති වැඩක් වී තිබේ. එය ආර්ථිකයට බරකි. ජනතාවට කරදරයකි. ඉදිරි මැතිවරණවලදී මේ ගැන සිතිය යුතු ය. ජනමාධ්‍ය අද තරම් දියුණු නැති යුගයක මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් ලබා දුන් තරම් දිගු කාලයක් දැනුත් ලබා දිය යුතු ද? මේ වන විට උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණයයි. මේ හා සම්බන්ධ පරීක්ෂණ නැවත ආරම්භ කර දිගු කාලයක් වන අතර එය සිදු වන්නේ ඉතා සෙමිනි. මහින්ද රාජපක්ෂගේ දෙවන පුතා වන යෝෂිත රාජපක්ෂ සමග සම්බන්ධයක් තිබුණු බව කියන හසාරා අබේනායක හා සම්බන්ධ සිද්ධියක් මත වසීම් තජුඩීන් ඝාතනය කරන ලදැයි යෝෂිත රාජපක්ෂ සැකයට භාජනය වී තිබේ.  වසීම් තජුඩීන් මිය ගොස් තිබෙන්නේ පෙන්වා තිබුණු ආකාරයට හදිසි අනතුරකින් නො වන බව ද එය මිනීමැරුමක් බව ද, ඝාතනයට පෙර ඔහුට වධ දී තිබෙන බව ද රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාව

චමත්කාර වමත්කාරයා

Image
ගහෙන් කඩා ගත් මුදලින  ඇඟිලි පුරා මුදු පළඳින චමත්කාර වමත්කාරයා දනන් බිම දනින් වට්ටන හිස පිරිමැද බඩට අනින චමත්කාර වමත්කාරයා වමෙන් දෙන දෙය ම දකුණින අරන් ගෙදර අරගෙන යන චමත්කාර වමත්කාරයා කටින් බතල දඬු හිටවන දනන් මුලා කර හිනැහෙන චමත්කාර වමත්කාරයා මළත් නැවත හිස ඔසවන ඇවිත් යළිත් ඉහ මොළ කන චමත්කාර වමත්කාරයා මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

දේශපාලකයන් යට යන විට නිලධාරිවාදය උඩ එයි

Image
නිලංග සමරසිංහ   මෑත කාලයේදී රාජ්‍ය සේවයට දේශපාලන ඇඟිලිගැසීම් අවම වූ යුගය වන්නේ මෑත මාස කීපයයි. මධ්‍යම ආණ්ඩුවෙන් වෙනවාට වඩා තවමත් ඇඟිලි ගැසීම් වැඩි පළාත් සභාවලිනි. නිදසුනක් ලෙස මෙවරත් පාසල්වලට දරුවන් ඇතුළු කිරීමේදී පළාත් සභාවල බලය ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලකයෝ එම කටයුතුවලට ඇඟිලි ගැසූ හ.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලකයන් අත පෙවූ නැති තැනක් රාජ්‍ය සේවයේ නැත. අන්තිමේදී රාජ්‍ය නිලධාරීහු දේශපාලකයන්ගේ අණ ක්‍රියාත්මක කරන බැලයෝ පිරිසක් බවට පත් වූ හ.  එහෙත්, ඒ පීඩනය මඳක් අඩු වූ කල සිදු වී තිබෙන්නේ කුමක් ද?  දැන් දේශපාලක පීඩනය වෙනුවට නිලධාරිවාදයක් හිස ඔසවමින් තිබෙන බව දක්නට ලැබේ.  අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට මුහුණ දෙන්නට සිදු වූ තර්ජනවලදී රජයේ නිලධාරීන් කටයුතු කළ ආකාරය මේ සඳහා කදිම නිදසුනකි.  වෛද්‍යවරයකු ලෙස රාගම රෝහලේ සේවයේ යෙදී සිටි නිලංග නව රජය යටතේ මෙම තනතුරට පත් වූයේ ය. වෛද්‍යවරයකු ලෙස ලැබිය හැකි පෞද්ගලික ආදායම් කැප කර මෙවැනි තනතුරක් ඉල්ලා ගන්නට තමන්ට හේතු වුණේ මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීමට තමන්ට ඇති උවමනාව බව ඔහු පවසයි. එහි කිස

දයා රාජපක්ෂගේ ජීවිත පින්සල නිසල වෙයි

Image
ඉරිදා ලංකාදීපයේ කියවීමට ඇති වැදගත් දේ අතළොස්ස අතරින් මගේ අවධානය අනිවාර්යයෙන් ම දිනා ගන්නා දෙයක් වන්නේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවයි.  දයා රාජපක්ෂ යනු අති දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. චිත්‍ර කතා ශිල්පීන් වැඩි වැඩියෙන් ස්වාභාවික ස්වරූපී චිත්‍ර ඇඳීමට යොමු වෙද්දී දයා රාජපක්ෂ සිය චිත්‍ර ශෛලිය අඛණ්ඩව පවත්වාගෙන ගියේ ය. එම චිත්‍රවල තිබුණේ මතුපිට ලස්සනක් නො වේ. ගැඹුරු සුන්දරත්වයකි. වේගවත් රේඛා හා අවිධිමත් හැඩතල ඔස්සේ ඔහු ප්‍රබල ප්‍රකාශනයක යෙදුණේ ය.  මා දන්නා තරමින් එක් නවකතාවක්වත් ලියා නැතිමුත් දයා රාජපක්ෂ යනු ලංකාවේ අති විශිෂ්ට කතාකරුවෙකි. ඔහුගේ කතා තරමක් භාවාතිශ ය. ඒවායේ සිටි ඇතැම් වීරයෝ හා දුෂ්ටයෝ පැතලි චරිත වූ හ. එහෙත්, ඒ චරිත ගොඩනැගීම් අතිශය විචිත්‍ර ය. සක්විති සුවයේ බකට් හැරී, පියහසරේ එලියස් වැනි අය අමරණීය චරිත ය.  ඔහුගේ කතා බොහෝ විට නරක පරදවා හොඳ දිනන, අවසානයේදී කාට, කාටත් සත්‍යාවබෝධය ලැබෙන, වීර චරිතවලින් යුත් කතා ය.  ඔහුගේ පරිකල්පිත ලෝකය අපූරු එකක් විය. හුලවාලි, රක්තා, ආදරණීය කොමා වැනි කතා මට මතක ඇති එවැනි කතා කීපයක් පමණි. ඒ ඔස්සේ ඔහු අමුතු ම ලෝක නිර්මානය කළේ ය.   කාන්තාව දෙස ඔහු බ

මැතිවරණ කොමසාරිස්ටත් දරාගත නො හැකි සීතල මැද පොලිෂ් වන මැතිවරණ බෝතලය

Image
මහ මැතිවරණයට නාමයෝජනා භාරගෙන දෙසතියකට ආසන්න මුත් ලොකු දේශපාලන උද්‍යෝගයක් දක්නට නො ලැබේ. එයට එක් හේතුවක් වී තිබෙන්නේ අපේක්ෂකයන්ට ඡන්ද නීති කඩ කිරීමට පොලිසියෙන් අවසර නො ලැබීමයි. ඡන්ද ලකුණු ප්‍රදර්ශනය කරමින් පෝස්ටර් ගැසීම ද අඩු වී තිබේ. සරසා ගත් රථවාහනවල  නැගී වියරුවෙන් මෙන් සැරිසැරීම දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. එසේම, ඡන්ද දන්සැල්, පිං බාර්, බඩු බෙදීම් ආදිය ද අවම ය. මැතිවරණ ව්‍යාපාරය ජනමාධ්‍යවලට, ඡන්ද රැස්වීම්වලට සීමා වී තිබේ. ඡන්ද රැස්වීම්වලට බස්වලින් සෙනග ඇදීම ද අඩු ය. තත්වය මැතිවරණ කොමසාරිස්ට පවා දරා ගන්නට බැරි වී ඇති බව පෙනේ. මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් කාර්යාල පිහිටුවා ගැනීමට අපේක්ෂකයන්ට අවසර දී තිබෙන්නේ ඒ නිසා විය යුතු ය. දැන් ඉතින් රට පුරා අලුත් මැතිවරණ කාර්යාල දහ දොළොස්දාහක් පිහිටුවෙනවා ඇත. ඉදිරියට තිබෙන සති තුනෙහිදී මීට වඩා උද්‍යෝගයක් ඇති වන්නට ඉඩ තිබේ. සුවිශේෂ ම කාරණය වන්නේ ඡන්ද කලබල අවම වීමයි. ඍජුව ම මැතිවරණයට සම්බන්ධ මිනීමැරුම් කිසිවක් වාර්තා වී නැත. කලකෝලාහල ද අවම ය. ලොකු ම සිද්ධියක් ලෙස මතු කෙරුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඩලස් අලහප්පෙරුමට

සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සමීක්ෂණය ඔස්සේ මැතිවරණ ප්‍රතිඵලය අනුමාන කිරීම

Image
ඉදිරි මහ මැතිවරණයේදී මහජන මතය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීමට හොඳ සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබේ. සමීක්ෂණය කර තිබෙන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසිනි. දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට තම ප්‍රචාරණ ව්‍යාපාර හා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කිරීමේදී ද එය ඉවහල් කර ගන්නට හැකියාව තිබේ. මෙම ජනමත සමීක්ෂණය සඳහා දිවයින පුරා දිස්ත්‍රික්ක 22හි ම ගෘහ ඒකක 1500ක් ආශ්‍රය කරගෙන තිබේ. පුහුණු සමීක්ෂකයන් 80දෙනෙකු යොදාගෙන, ප්‍රශ්න 35ක ප්‍රශ්නාවලියක් ඔස්සේ ජුනි මස මුල් සතියේ කරන ලද එම ජනමත සමීක්ෂණයේ වැදගත් නිරීක්ෂණ මෙසේ පෙළගස්වා තිබේ. මීට වසරකට පෙර පවුලේ පැවති ආර්ථික තත්වය හා දැන් ආර්ථික තත්වය සන්සන්දය කිරීමේදී වර්ධනයක් සිදු වී තිබෙන බව 37.5%ක් දෙනා පිළි ගන්නා අතර 38%ක් දෙනා පවසන්නේ වෙනසක් සිදු වී නැති බවයි. වර්ධනයක් සිදු වී ඇති බව පවසන අය අතර සුළුතර ජාතීන්ට අයත් අය වැඩි ය. තත්වය නරක අතට හැරී ඇති බව පවසන්නේ 23%ක් පමණි. සිංහලයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් (42%) ඉන්නේ තත්වයේ වෙනසක් සිදු වී නැත යන ස්ථාවරයේ ය. සිංහලයන් අතර තත්වය වර්ධනය වී ඇති බව හා පිරිහී ඇති බව කියන දෙපිරිස ම 27%ක පමණ මට

සන්ධානෙටමනේ මෙහෙම වෙන්නෙ

Image
ඔන්න අපි මොකවත් කියන්නෙ නැහැ. කිව්වාම කියන්නෙ අපි මඩ ගහනවා කියලනේ. ඉස්සර එක්තරා වෙළඳ දැන්වීමක තිබුණා ‘මටමයි වෙන්නෙ' කියලා කෑල්ලක්. මේ ඔක්කොම වෙන්නෙ සන්ධානෙටමනේ අප්පා! මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මහින්ද ගහන්න යන්නේ කාට ද?

Image
මේ සමග ඇති වීඩියෝවේ මහින්ද රාජපක්ෂ පැමිණෙමින් සිටින්නේ අකුරැස්සේ පැවති රැස්වීමක වේදිකාවකට ගොඩවෙන්නටයි.  ඔහු දකින විට හිස්ටීරියාවෙන් හෙවත් කෝලසන්නියෙන් මෙන් යටිගිරියෙන් බෙරිහන් දෙන ගැහැනු, පිිරිමි අතර සිටින කිසිවෙක් කිසිවක් අසා මහින්ද කුපිත කරයි.  ඒ කුමක් ද? ඉන් පසු මහින්ද එම පුද්ගලයාට පහර දෙන්නට පනියි. ඉන් පසු කිසිවෙක් ඔහු තල්ලු කරයි. නැතිනම් අදියි.  මහින්ද කුපිත කළ පුද්ගලයාට ඉන් පසු සිදු වූයේ කුමක් ද?  ඔහු බලයේ සිටියදී මෙවැන්නක් සිදු වී නම් එම පුද්ගලයාට කුමක් වන්නට ඉඩ තිබිණි ද? කෙසේ වෙතත්, මහින්ද දැන් දැන් පවත්වන කතා හා මෙවැනි සිද්ධි ඔහු සන්සුන් මනසකින් යුක්ත නො වන පුද්ගලයකු බව පැහැදිලිව පෙන්වයි.  අනුන්ගේ වැරදිවලට නිතර අවමන් කරන ඔහුට බඩ ඉරිඟු වෙනුවට බඩ ඉඟුරු යයි කියවුණේ ය. තමනුත් මෛත්‍රීපාලට ඡන්දය දුන් බව කීවේ ය. ඒ අව් අස්සේ මේක ය.  කොහොම හිටිය මහින්ද ද?  මහින්ද යනු බලය ගැන පාඩමකි.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය

අයි.එස් ද? ලංකාව ද?

Image
මෙම පුද්ගලයා වීරයෙකු ලෙස සැලකීමට තරුණ පරපුරට ඉඩ නො දිය යුතු ය   ලාංකික මුස්ලිම් ජාතිකයෙකු ඉස්ලාමීය රාජ්‍යය නම් ත්‍රස්ත සංවිධානය සමග එක්ව සිරියාවේ සටන් කරද්දී ගුවන් ප්‍රහාරයකින් මිය ගිය සිද්ධියක් වාර්තා වීමත් සමග ම රට තුළ මහත් ආන්දෝලනයක් සිදු වී තිබේ.  මෙම පුද්ගලයා ගලේවෙල පැත්තේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයකු ලෙස ද සේවය කළ, කරාටේ ගුරුවරයකු ද වූ, මහනුවර වැරැල්ලගම පැත්තෙන් පැවත එන්නකු බව වාර්තා විය. ඔහු පිළිබඳ සියලු තතු තවම වාර්තා වී නැත.  මෙම සිද්ධිය හුදකලා සිදුවීමක් වුවත්, එයින් ජාතික සමගියට දැඩි හානියක් සිදු වී තිබේ.  මෙම පුද්ගලයා සිරියාවට ගොස් සටන් පුහුණුව ලැබීමෙන් බලාපොරොත්තු වුණේ කුමක් ද යන්න පොලිසිය විමර්ශනය කළ යුතු ය. එසේ ම, ඉස්ලාමීය රාජ්‍යය නම් මෙම ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් අය ලංකාවේ සිටිත් ද යන්න ද විමර්ශනය කළ යුතු ය. ලංකාවට ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නට උත්සාහයක් තිබේ නම් එය මුලිනුපුටා දැමිය යුතු ය.  ලාංකික මුස්ලිම් ජනතාව යනු මේ රටේ සිංහල, දෙමළ වැසියන් සමග පරම්පරා බොහෝ ගණනක් තිස්සේ සහෝදරත්වයෙන් ජීවත් වූ ප්‍රජාවකි. ඒ සහෝදරත්වයේ යම් දුරස් වීමක් පසුගිය පාලන සමයේ ස

පකිස්තානයට හුරේ දාන එවුනුත් පිස්සෝ ය. පිස්සන්ට ගහපු එවුනුත් පිස්සෝ ය.

Image
ලංකාවේ අය විවිධ රටවල ගොස් ඒවායේ පුරවැසිභාවය, අරක, මේක අරගෙන ජීවත් වෙති.  ඔවුන් යන්නේ ම ලංකාව හොඳ නැති ය කියා ය. ඇතැමෙක් ලංකාවේ කරදර ඇති බව කියා දේශපාලන රැකවරණ ලබා ගත් අයයි. ක්‍රිකට් ගහන එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සිටින ලාංකිකයෝ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නට ආ කල මැච් බලන්නට යති. ඔවුහු සහාය දක්වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ය. ශ්‍රී ලංකා කණ්ඩායම මැච් දිනන විට ඔවුහු මහත් උජාරුවෙන් හැසිරෙති.  එහෙත්, ඒ රටවල මිනිස්සු “මුං අපේ රටේ ඉඳගෙන පිටරටකට හුරේ දානවා," ය කියා වලියට ආ බවක් කිසි දිනෙක වාර්තා වී නැත.  ඒ රටවල පුරවැසියන් අපට වඩා දියුණු මිනිසුන් බව එයින් ම නො පෙනේ ද? අනෙක් පැත්තෙන් ලංකාවේ මුස්ලිමුන් හුරේ දාන රටත් නල්ල මලේ රටකි. ඉස්ලාම් අන්තවාදය හා ත්‍රස්තවාදය නිසා පකිස්තානයේ සාමයක් හෝ ස්ථාවරත්වයක් නැත. ලංකාවේ මුස්ලිම් මිනිහෙක් වුණත්, ලංකාව එපා වෙලා ගියොත් සංවර්ධිත බටහිර රටකට හෝ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටකට යනවා මිසක් පකිස්තානයට නම් යන්නේ නැත. යතොත් යන්නේ කුඩු බිස්නස් හෝ ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයක් සමග එක් වීම වැනි කුපාඩි වැඩකට පමණි.  පකිස්තානයට හුරේ දාන එවුනුත්

මහීපාල හේරත්ගේ නිල ආරක්ෂක රථයේ ගංජා අදින බව මහීපාල දන්නේ ම නැද්ද?

Image
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සබරගමු මහ ඇමති මහීපාල හේරත්ගේ නිල ආරක්ෂක රථයක ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් නිල රථය හා රියදුරු ගංජා කිලෝ තුනක් සමග අත්අඩංගුවට ගැනීම ආරක්ෂක පැත්තෙන් මෙන් ම දේශපාලනිකව ද ඉතා වැදගත් ය.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇතැම් දේශපාලකයන්ගේ ක්ෂණික ධනවත් වීම පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම් තිබුණු බවට චෝදනා එල්ල විය. එහෙත්,  නිසි පරිදි විමර්ශන සිදු වූයේ නැත. එසමයේදී දේශපාලකයන්ගේ රථ, පරිවාර රථ ආදිය පරීක්ෂා කිරීමට පොලිසියට ශක්තියක් නො තිබිණි.  මත්ද්‍රව්‍ය ජාවාරම හා ප්‍රධාන පෙළේ දේශපාලකයකු අතර මෙතරම් සමීප සම්බන්ධයක් මීට පෙර හසු වූයේ නැති තරම් ය. වෙලේ සුදා හා දුමින්ද සිල්වා අතර සම්බන්ධය ද හසු වූයේ මුදල් ගනුදෙනුවලින් මිස ඍජුව ම මත්ද්‍රව්‍යවලින් නො වේ.  දැන් මේ සිද්ධියෙන් ගැලවීම සඳහා මහීපාල හේරත් බොහෝ දේ පවසනු ඇත. එසේ ම, සිද්ධියේ මුළු වගකීම ම රියදුරාට පවරනු ඇත.  මතු වන ප්‍රශ්න මෙසේ ය:  පසුගිය සමයේ මහීපාල හේරත්ගේ නිල රියෙන් ගංජා කිලෝ කීයක් ඇද්දා ද? ඒ ගැන මහීපාල හේරත් දැන සිටියේ ම නැද්ද? දේශපාලකයන්ගේ රැකවරණය මත මෙවැනි ක්‍රියා තව කොපමණ සිදු වෙනවා ද?  ඒවාත් ඒ දේශපාලක

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ලංකාවේ ක්‍රියාත්මක කිරීම

Image
ශ්‍රී ලංකාව 2014 මාර්තු මස එක්සත් ජාතීන්ගේ දූෂණ ප්‍රඥප්තියට අත්සන් තැබුවේ ය. එයට අත්සන් කර නැත්තේ සෝමාලියාව, චැඩ් හා උතුරු කොරියාව වැනි රාජ්‍යයන් කීපයක් පමණි. ලොව සෑම රටක් ම පාහේ දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් මූලධාර්මික එකඟතාවක සිටියි. ශ්‍රී ලංකාව ජාතික වශයෙන් මෙම ප්‍රඥප්තිය වලංගු කර තිබෙන මුත්, එය පූර්ණව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග තිබේ. වරක් එක් අප්‍රිකානු රාජ්‍ය නායකයෙක් එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවීමට ගියේ ය. ඔහුගේ අරමුණ වූයේ තම රටට විදේශාධාර ලබා ගැනීමයි. අතිශය දුප්පත් රටක් වූ එම රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ බිරිඳ ‍මෙම හමුවේදී පැළඳගෙන සිටි දියමන්ති මාලය වෙත එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. එවැනි දියමන්ති මාලයක් පැළඳිය හැකිව තිබුණේ එක්සත් ජනපදයේත් ඉහළ ම පෙළේ ධන කුවේරයන්ට පමණි. එම රටට ණය ලබා දීම එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේ ය. බලය දූෂණය ඇති කරන බව ද, අධික බලය අධික ලෙස දූෂණය ඇති කරන බව ද ප්‍රකට කියමනකි. පසුගිය කාලයේ මෙරට ඇති වූ තත්වය මේ සඳහා කදිම නිදසුනකි. යුද්ධයේ ජයග්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා ගොඩනැගුණු බලය හේතු වූය