හොර වෙදුන්ට එරෙහි සටන

ලංකාවේ ජනතාවගේ ඉහ මත කඩා වැටී තිබෙන ලොකු ම පිළල දෙකක් වන්නේ හොර වෙද්දු හා නක්ෂත්‍රකාරයෝ ය.

මේ දෙපිරිස කෙතරම් රාජ්‍ය අනුග්‍රහය ලබන්නේ ද යත්, ජනාධිපතිවරයාට නිල හොර වෙදෙක් හා නක්ෂත්‍රකාරයෙක් සිටිති.

මහ එවුන් හිටගෙන මුත්‍රා කරන විට පොඩි එවුන් ඇවිද, ඇවිද මුත්‍රා කරන බවට කියමනක් තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මුළු රට ම කේන්දරකාරයන්ගේ හා හොර වෙදුන්ගේ ග්‍රහණයට නතු වී තිබේ. තත්වය දරුණු වී තිබෙන්නේ ජනමාධ්‍ය ද ඔවුන්ගේ ග්‍රහණයට ලක් වීමත් සමගයි.

මේවා සාර්ථක වීම පසුපස තිබෙන එක් දෙයක් වන්නේ සමාජයක් ලෙස ආත්ම විශ්වාසයක් නැති වීමයි. තමා අවට තිබෙන ලෝකයේ පවතින විෂම, අසාධාරණ, පීඩාකාරී තත්වයෙන් මිදීමට මග ලෙස මිනිසුන් දකින්නේ හාස්කම් ය. එසේම, අධික උන්නතිකාමී හා පාරිභෝජනවාදී ආශාවන් පසුපස හඹා යාම ද මිථ්‍යා විශ්වාසයන් පැතිරීමට හේතු වී තිබේ.

අනෙක් පැත්තෙන්, නවීන විද්‍යාවට එරෙහිව ඇති වූ ඇතැම් ප්‍රගතිශීලී කතිකාවන් පවා අවසානයේදී මිථ්‍යාවට දායක වී තිබෙන ආකාරයක් පෙනේ.

එසේම, මෙවැනි මිථ්‍යාවන් පතුරුවන පුද්ගලයන්ගේ මනෝභාවයන් පරීක්ෂා කර බැලීම ද වටියි. එක පැත්තකින් මොවුන් හෘදය සාක්ෂියක් නැතිව මිනිසුන් සූරා කන කපටීන් වන අතර අනෙක් පැත්තෙන් මානසික ව්‍යාකූලභාවයන්ගෙන් පෙළෙන්නෝ ද වෙති.

නෙත් රේඩියෝවේ බැලුම්ගල වැඩසටහන මිථ්‍යාවට එරෙහිව කරන අරගලය අගය කරමින් පහත හඪපටය අසන්නැයි අපි ඔබට ආරාධනා කරමු.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. /ලංකාවේ ජනතාවගේ ඉහ මත කඩා වැටී තිබෙන ලොකු ම පිළල දෙකක් වන්නේ හොර වෙද්දු හා නක්ෂත්‍රකාරයෝ ය. /

    පැරා දිගින් දිගටම වෙනත් බ්ලොග්කරුවන්ට අපහාස කිරීම හෙළා දකිමු.

    ReplyDelete
  2. අර පී ඩබ්ලිව් ඒ පෝල් ඒ කාලෙ රේඩියෝ එකෙන් ඔයිට හොඳට බෙහෙත් දුන්න
    "තක්කාලි, ඉස්සෝ, අන්නාසි, අච්චාරු අගුණයි
    පතෝල, වැටකොලු, සාරණ, කැකිරි ගුණයි"

    ReplyDelete
  3. ආ ඒ වගේම ඉතිං ආයෙමත් මං අර මුලින් ලිපියේ මුලින්ම කිව්ව කාරණාව නැවත නැවත මතක් කරන්ට උවමනා වෙන එකක් නැහැ... කවුරු හරි ජෝතිසේ විශ්වාස නොකරනවනං.. ඒ ගැන උනන්දුවක් නැත්තං කරුණාකරලා තමන්ගේ වත්තේ හතර මායිම කොටාගෙන පාඩුවේ ඉන්ටලා... නිකං මේවා කියවලා තමන් උනන්දුවක් නැහැයි කියලා පුන පුනා කියන දේ ගැනම හාර අවුස්ස අවුස්ස තම තමන්ගේ වටිනා කාලය නාස්ති කරගන්ට නොයා.. මොකද මං යම්තාක් දුරකට ඉගෙන ගත්ත දේ.. මං යම් තරමකින් දන්න දේ.. මට කැමති තැනක ඒකට කැමති අය එක්ක බෙදා හදා ගැනිල්ලට කාටවත් ප්‍රශ්නයක් තියෙන්ට හැටියක් නැහැනේ... ඔය ඉවුම් පිහුම් වැඩ ගැන කවුරු හරි මොනවා හරි අහපු වෙලාවට දන්න තරමින් කියා දෙනවා වගේම තමා මේ වැඩත්.. ඒකට මේ කවුරුවත් ලේ කෝපකරගෙන නලියන්ට උවමනාවක් නැහැ නෙව.. අනික එයාලම කියන විදියට එයාලා මේ ගැන උනන්දුවක් නැහැයි කියනවනේ.. ඉතිං ඇයි මේ අමුතු කැක්කුමක්... අර කියමනක් තියේ නෙව... “ලිඳ මගේනං.. මං ලිඳේනං.. කාටවත් ඇයි වේදනා“ කියලා :D මේක මං විනෝදයට කරන කියන දේ.. ඒක ගැන ඔය හැටි උනන්දුවක් නැති උදවිය නහින්ට උවමනාවක් නැහැ...

    -ජෝතිෂ්‍යවේදී ලොරි ඩ්‍රයිවර්-

    ReplyDelete
  4. දුෂ්ට නෙර්ස් ල ගැනත් ලියන්නකෝ පැරා

    ReplyDelete
    Replies
    1. දුස්ඨ නර්ස්ලා ගැන පෝස්ට් එකක් ළඟදීම මාරයාගේ හෝරාව බ්ලොග් එකෙන් බලපොරොත්තු වන්න...!

      Delete
  5. පැරා, ලංකාව මාර මංඤ්ඤං අඩවියක්. තුප්පහි වෙලද පොලක්. හරියට නීතිගරුකව ශිලාචාරව කරන එකෙකුට අවතින්න බැහැ. පැරා කොච්ච්‍ර ලිවීමෙහි දස්සයෙක් හා හොඳ අදහස් ඇත්තෙක් වුවත්, ඔබට market එකක් තියෙනවද? ලංකාවෙ පොරවල් වෙන්නෙම ගල් අපතයො. ඒක මහ එකාගෙ ඉදල පහලට හැම එකාටම පොදුයි.

    ReplyDelete
  6. Replies
    1. ඔය අර 40 ශ්‍රී ලොරිය නේද?.... මම එක නාඩගමේ නිර්මාතෘ ඔයානේ..

      Delete
  7. අප තරුණ අවධියේදීම හේතුවාදී සංගමය බිහිවීමත්, ඒබ්‍රහම් ටී කොවුර් මහතාගේ පොත පත සහ පර්යේෂණ ඇසුරු කිරීමට ලැබීමේ භාග්‍යත් නිසා දෙවියන්, යන්තර, මන්තර, සාත්තර, කේන්දර, යක්කුන්ගෙන් සහ පෙරේතයන්ගෙන් නිදහස්ව යථාර්තවාදීව ලෝකය දෙස බැලීමේ භාග්‍යය ලැබුනා.
    ජනතාව මිථ්‍යාව තුල ගිල්වන්නේ බොහෝවිට ජනමාධ්‍ය තුලිනි. ජාතිකයැයි කියා ගන්නා පුවත්පත් හාස්කම්, කේන්දර,යක්ෂයින්ට සහ ප්‍රේතයින්ට වෙන්කර ඇති පි‍ටු ගනන අධ්‍යාපනික සහ සාහිත්‍යමය ලිපි වලට වෙන්කරන්නේම නැත. පත්තරකාරයෝ කරන්නේද වැල යන අතට මැස්ස ගැසීමයි.
    මිථ්‍යාවට පහර වදිනවිට මිථ්‍යාව විකුනාගෙන කන මිනිසුන්ගේ කොමන්ට්වලින් ඔබටත් පහර වැදේවි. ඒත් ඉදිරියටත් මිථ්‍යාවට එරෙහිව ලියන්න.

    ReplyDelete
    Replies
    1. Cour kiyanne uchchedawadi adahas tiyena mithyadrushtika napunsakayek.uoo hithagena hitiye naweena vidyawata hama reddakma ahuwenawa ehema nathi ewa okkoma boru kiyala.ape harak e suddange jara wikara oluwa tiyagena unta kade yanawa.nodakin

      Delete
  8. //මේවා සාර්ථක වීම පසුපස තිබෙන එක් දෙයක් වන්නේ සමාජයක් ලෙස ආත්ම විශ්වාසයක් නැති වීමයි. තමා අවට තිබෙන ලෝකයේ පවතින විෂම, අසාධාරණ, පීඩාකාරී තත්වයෙන් මිදීමට මග ලෙස මිනිසුන් දකින්නේ හාස්කම් ය. එසේම, අධික උන්නතිකාමී හා පාරිභෝජනවාදී ආශාවන් පසුපස හඹා යාම ද මිථ්‍යා විශ්වාසයන් පැතිරීමට හේතු වී තිබේ. //

    එසේම වසර කිහිපයක පෙර නැගී ආ ජාතිවාදයද, හොර වෙදුන්ගේ පැවතීම සහ ප්‍රචලිත වීමට හේතුවක් බව පෙනේ. ඒඩ්ස්, පිළිකා යනාදී රෝග සුව නිට්ටාවට සුව කිරීම සොයා ගත්තැයි කියන වෙදුන් ගැන ලිපි පල වීම සාමාන්‍යයෙන් සිදුවන්නේ ජාතිවාදය වපුරන බ්ලොග් මගින් වීම නිරීක්ෂණය කල හැකි කරුණකි.

    ReplyDelete
  9. පැරා, ලංකාවේ කාලෙන් කාලෙට එක එක කතා මාධයෙන් හදනවා.. ඒ විවිධ වූ සමාජ කණ්ඩායම් සඳහා. පේන කියන මිනිස්සු, පෙර ආත්මය කියවන ළමයි.. ඒ වගේ තමයි මේ වෙදහාමිනේ.. එක කණ්ඩායමකට. ලංකාවේ තෙල් තියනවා කියලා ඛනිජ තෙල් ඇමති කෙනෙකුත් පත් කරානේ...ඒ එක සමාජ කණ්ඩායමකට. දැන් රුපියල් මිලියන 30 න් රේසින් කාර් එකක් හදනවා.. මේකත් ඒ වගේ ප්‍රබන්ධයක් මාධයෙන් කරන... මාධයෙන් පුම්බන කාලෙට හැමෝම එහෙයි කියාගෙන අහනවා.. කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ.. පස්සේ තමයි රැවටුනා කියලා දැනගන්නේ.

    ReplyDelete
  10. නක්ෂත්‍රය හා වෙදකම මිනිසාගේ පරිණාමයත් එක්ක ආව දෙයක්. අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවත ගෙන එන දෙයක්. ඒ වගේ දේවල් බොරු හෝ ඇත්තයි කියලා තවම කිසිම කෙනෙක් ඔප්පු කරලා නෑනෙ. ඕනම කෙනෙකුට පිළිගන්නත් බැහැර කරන්නත් අයිතිය තියෙනවා. අනික ජනමාධ්ය - ටී.වී.. පත්තර, රේඩියෝ, ඉන්ටර්නෙට් එන්න කලිනුත් වෙදකම සහ නක්ෂත්‍රය පිළිබඳව මිනිසුන් දැනුවත් උනා විවිධ ක්‍රම වලින්.

    ReplyDelete
  11. දීර්ඝ විස්තරයක් ලියන්න තරම් කල්පනාවක් නැහැ. ඒත් ඉතින් පුළුවන් තරම් ලියන්නම්. හිතෙ තරමක කුහක කම් ඇති වෙන්න පුළුවන්. සමාජයෙන් නම් යම් යම් ගරු නම්බු හම්බ වෙන්න පුළුවන්. නිවැසි අයගෙන් නම් තව මාසයක් විතර යනකම් කරදර තියෙයි. මෙ කාලය තුල ඥාතියෙකුගෙ හො හිතවතෙකුගෙ වියොව නම් අසන්නට ලැඛෙයි.(ඉදිරි වසර දෙක ඇතුළත වෙන්නත් පුළුවන්) ටිකක් මහන්සි වෙන්න වෙන කාලයක්. පින් දහම් කරගෙන ඉන්න මතක තියා ගන්න. තමන්ට කිට්ටු පන්සලක් තොරගෙන නිස්කලංක වෙලාවක ගිහින් පන්සල් බිම සුද්ධ පවිත්‍ර කරලා විවෙකීව වාඩි වෙලා ටිකක් වෙලා මෛත්‍රී භාවනාව කරලා එන්න පුරුදු වෙන්න.

    ReplyDelete
  12. චතුෂ චතුර කුමාර යනු මගේ ෆේස්බුක් මිතුරෙකි. මෙම ලිපියෙන් හෝ කිසිදු ලිිිපියකින් මම ඔහු ඉලක්ක කර නැත. මා විවේචනය කරන්නේ ක්‍රියාවලියක් හා එයට සම්බන්ධ භයානක අපරාධකරුවන් ය.

    බ්ලොග්කරුවන් අතර ගැටුම් ඇති කර සතුටු වීමට බලා සිටින මුග්ධයන්ගෙන් පරිස්සම් වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. අනේ හරි සමගියෙන් ඉන්න පිරිසක්නෙ බ්ලොග්කරුවෝ...
      අනේ ඒ අය අතර ගැටුම් ඇති කරන්න එපා. පව්. අහිංසකයෝ...

      Delete
  13. මිනිස්සු හොර වෙදුන් හා සාස්තර කාරයන්ට රැවටීම ගැන ඔබ කරන මේ විවේචනය
    මිනිස්සු "ආන්ඩු විසින් සැමට සාධාරණලෙස ධනය බෙදා දියයුතුයි" කියන මුලාවට හසුවීමගැනත් අදාලයි

    ReplyDelete
  14. Mulama Anota Poddak petalila, oya widiyata kema jathi okkomawage Agunai wetakolu,pathola gunai kiwwe JA-ELA beheth shalawe wedamahaththay.(nama amathakai)PWA Paul Wedakam kale Osap pramada weemata(Kopamana kalgiyada kamnetha kiyala denweemwala demme-Radio-Paththara wala-Eya ekkama Sheela Sinharage kiyala ekkenekge namath kiyauna.(ranjan)

    ReplyDelete
    Replies
    1. @ranjan
      //JA-ELA beheth shalawe wedamahaththay//
      Dr. W. Dinapala De Silva?

      Delete
  15. 100% agreed, i used to buy all sunday news papers but now i only buy th lankadeepa cz my parents read, th reason all sinhalese news papers spread those lies, all th news papers hav raeana crap, kali amma crap n all th other god made this n dst yhen th ghosts n stuff, i cant belive how people can waste a good full page of a national news paper to write abt some crappy mith uttered by a nutcase called mirando abeysekara, im not tryin to say sinhala is bad n enhlish is better but take sunday times for an example its 100 million timex better dan all sinhala ones , is it cz sinhalese readers are much stupider dan english readers, or is sinhalese readin people are eady to be fooled by myths, or is it that the majority of th society fall for crap other than reason,, i dont understand why, but to name a few mawbima lankadeepa are amonst th shittiest myth planting parasites ever, i cant fuckin hate them more for diverting the attention away from th burning issues that we hav in our society

    ReplyDelete
  16. https://www.facebook.com/photo.php?fbid=10205160147100639&set=a.1071937116017.89587.1153824361&type=1

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා