අනේ මං ඌවෙ හිටියා නම්

ඌව පළාත් සභා මැතිවරණය අත ළඟ ය. 

මං ඌවේ හිටියා නම් ඡන්දය දෙන්නේ ජවිපෙට ය. 

හේතු මෙසේ ය. 

ජවිපෙ වනාහි පීඩිත පංති නියෝජිත පක්ෂයකි. පීඩිත ජනතාව විඳින දුක ගැන ඔවුන්ට අවබෝධයක් ඇත. ඔවුන්ගේ හඬ නංවන්නට ජවිපෙට හැකියාව තිබේ. සමන්ත විද්‍යාරත්නගේ හඬ උෟවේ දිළින්දන්ගේ හඬයි. 

රාජපක්ෂ පවුල නම් පිළලය ලංකාවේ පැළ කළේ ජවිපෙ නිසා, ඒ පිළලය උදුරා දමන්නට ජවිපෙ ඉදිරිපත් වී සිටින විට අපි එයට උදව් කළ යුතු ය. මන්ද, ඔවුන් එය සිය වගකීමක් ලෙස සලකන බව පෙනෙන හෙයිනි. 

රාජපක්ෂ පවුල විසින් මඩ කර තිබෙන දූෂණය නම් පල් වලෙන් දිය බී දූෂිත වී සිටින ජනතාවට බොරු සීලයක් පිරීම සඳහා ජවිපෙ යොදා ගත හැකි ය. එ් කියන්නේ තමන් ද දූෂණයට විරුද්ධ බව බොරුවට පෙන්වන්නට ජවිපෙට ඡන්දය දිය හැකි ය. 

පළාත් සභාවේ ජවිපෙ තීරණාත්මක සාධකයක් වූ විට දූෂිත එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, බඩගිිනිකාර යූඇන්පියටත් හිතන හිතන නැටිලි නටන්නට ටිකක් අමාරු ය. අඩු ගානේ ජනතාවට ඔවුන්ගේ ගැහිලි ගැන දැන ගන්නටවත් ලැබේ. 

ඌවේ මහ ඇමති රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් බැවින් ඔහුගේ පළාත් සභාව අවුල් කිරීම හා ඔහුගේ මනාප අඩු කිරීම රාජපක්ෂ පවුලට බඩ යන්නට සලස්වන්නට හොඳ ක්‍රමයකි. ඒ සඳහා හිරිකිත නැතිව ඡන්දය දෙන්නට පුළුවන් ජවිපෙට ය. 

නැවත වතාවක් ජනතාව ජවිපෙ පිළිබඳ බලාපොරොත්තු තබන බව ජවිපෙට ඇඟට දැනෙන්නට මේ ප්‍රතිඵලය හේතු විය යුතු ය. එතකොටවත්, තමන්ගේ සතුරා විවිධ හේතු මත තමන්ගෙන් කැඩී ගිය පැරණි මිතුරන් නොව, මේ සමාජ ක්‍රමය හා එය සුරකින දූෂිත ධනපති නායකත්වය බව ඔවුන්ට ඒත්තු යා යුතු ය. 

කුහකකම, හීනමානය හා කල්ලිවාදය අතහැර දමන්නේ නම්, විකල්ප ගොඩනැගීම සඳහා නායකත්වය දීමේ අවස්ථාවක් නැවතත් තමන් අතට පත්ව ඇති බව ජවිපෙට තේරුම් යා යුතු ය. ඒ සඳහා ජවිපෙට දෙන ඡන්දය වැදගත් ය. 

ජවිපෙට වැටෙන ඡන්ද ජවිපෙට හැදෙන්නට කරන බල කිරීම් ලෙස ජවිපෙ නායකත්වය වටහා ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. තෝව කිඹුලා ම කාපිය!

      Delete
    2. 'සමන්ත විද්‍යාරත්නගේ හඬ උෟවේ දිළින්දන්ගේ හඬයි. '

      පැරා දන්න තරම තමයි ඔය. සමන්ත විද්‍යාරත්න කොළඹ ඉදලා බදුල්ලට යනකං හොදට ඒසී එහෙම දාගෙන සැපට නිදාගෙන යනවා වාහනේ. ඊට පස්සේ එතන ඉදලා මොකක් හරි බයිසිකල් කටුවක නැගිලා ඔය මීගහකිවුල වගේ ගම් වලට යනවා. ගමට යද්දී කවදාවත් එයා භාවිතා කරන සුපිරි වහනය අරං යන්නේ නෑ.

      ගමේ ඉන්න අහිංසක මිනිස්සු හිතන්නේ සමන්ත විද්‍යාරත්න හැම වෙලේම බයිසිකල් එකේ යන එන කෙනෙක් කියලා. අනික් උදවිය වගේ සැප වාහන භාවිතා කරන්නේ නෑ කියල. ඒත් සමන්තලා ඇවිල්ල දෙබිඩි චරිතයක් තියෙනා අය. රටට පේන්න එකක්. හැබැයි පුද්ගලික ජිවිතේ තව එකක්.

      සමන්ත විතරක් නෙමෙයි, ජේවීපී නායක අනුර කුමාරත් ඔහුගේ ෆේස්බුක් එකේ එහෙම පින්තුර දාලා තිබුනා මෝටර් සයිකල් වල නැගිලා අරහේ මෙහෙ යනවා වගේ. හැබැයි අර රිය අනතුර නිසා හැමෝම දැනගත්තා ඔහුත් රටට පේන්න බොරුවට මෝටර් සයිකල් වල යනවා වගේ රඟපෑවාට ඇත්තටම භාවිතා කරන්නේ වෙනත් ඩබල්කැබ් රථයක් බව.

      මම කියන්නේ නෑ ඔය වගේ වාහන භාවිතා කරනං එපා කියලා. ඒක කමක් නෑ. හැබැයි එහෙනම් ඇයි මිනිස්සුන්ව රවට්ටන්නේ බොරුවට? අනික් පක්ෂ වල අයට චෝදනා කරන්නේ තමනුත් ඒ දේම කරමින්?

      ඒ විතරක් නෙමයි පැරාත් බොරුවට මෙතන කම්කරුවන් ගැන කයිවාරු ගගගා ඉන්නවා. කවුරු හරි රට අතහැරලා වෙන රටකට ගියොත් එකටත් බනිනවා. එතකොට කියන්නේ හැමෝම සාමුහිකව නැගිටින්නේ නැතිව එක එක්කෙනා තනියෙන් හම්බ කිරීම හොද නෑ කියලයි. හැබැයි එහෙම කියමින් කම්කරුවන් ගැන කදුළු හෙළනා පැරාත් සුළු ධනේශ්වරවාදී සිහිනයක ගැලෙමින් මරුතියක්‌ ගෙදර තියේගෙන ඉන්නවා.

      දැන් බලන්න අර විමල් වීරවංශ කියන මිනිහා. පොර ජේවීපී ඉද්දි පෙනිහිටියේ දුප්පත් කම්කරුවන්ගේ ගැලවුම්කරු වගේ. හැබැයි දැන් බලය ආපු ගමන් කොහොමද හැසිරෙන විදිය. කලින් ලබාගන්න බැරිඋන සැප සියදහස් ගුණයකින් ලබාගන්නයි බලන්නේ. විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් නිවාඩුවට යන එන්නේ යුරෝපයට,අමරිඅකාවට, ඉන්නේ සුපිරිම ගෙදරක. භාවිතා කරන්නේ සුපිරි වාහන. ආරක්ෂක නිලදාරීන් දුසිම් ගානක් වටේට දමගෙනයි ගමන් බිමන් යන්නේ.

      ජෙවිපෙ හෙළුව ඕක තමයි.

      Delete
    3. හැකි තාක් කොමෙන්ට් කරන්න...

      1 comment = 1$

      -පැරා

      Delete
    4. යන එන මං නැති මංSeptember 17, 2014 at 3:44 PM

      "මං ඌවේ හිටියා නම් ඡන්දය දෙන්නේ ජවිපෙට ය" .
      -ඩබ්ලියු තුන

      1.මං බස්නාහිර හිටියා නම් ඡන්දය දෙන්නේ රත්තරන් ට
      2.මං ඉන්දියාව හිටියා නම් ........
      3.මං.....
      4.මං......
      5.මං "හිරු"ත් කෑවා

      Delete
    5. ශ්රී චයිනා මාතා... අප ශ්රී.. ඊ.. ඊ.. ඊ..
      චයිනා නමෝ නමෝ චයිනා...
      සුන්දර ණය බරිනි ගිලූණ
      අති සෝබමාන චයිනා.....
      ධාන්ය ධනය නෙක මල්
      පලතුරු ටික ණයට ගේන
      චයිනා..
      අප හට හයිවේ සෙත සදනා..... ජීවනයේ චයිනා.....
      පිළිගනු මැන අප
      මාමගෙ පූජා නමෝ නමෝ චයිනා.....
      ඔබවේ අප අයියා......
      ඔබවේ අප දෙයියා..
      ඔබවේ අප ජින්පින්ග්......
      අප හද තුල පින්ග්
      පින්ග්....
      මරාට ආලෝකේ...... හූරයි
      අප ප්රානේ...
      ඔබෙ මුක්තිය අපවේ...
      තව තව ණය
      දෙමිනේ නිතින අප වලට
      යවන චයිනා....
      ඥාන වීර්ය
      කෙලවමින රැගෙන යනු
      මැන ආ..ආ..සස්චර්ය
      කරා....
      එක පැන්ඩගෙ දරු
      කැල බැවිනා යමු යමු වී
      නොපමා.....
      චන්දෙ දීල සැම භේද දුරැ ල ලා....
      නමෝ නමෝ චයිනා..... අප ශ්රී.... චයිනා..
      නමෝ නමෝ නමෝ නමෝ චයිනා.......

      Delete
    6. ඔය ළමය ඕක ගත්තෙ මෙන්න මෙතනින් කියල උස්සපු තැනත් ඊළඟ පාර මතක ඇතුව දාන්ට ඕන.

      http://www.elakiri.com/forum/showthread.php?t=1634586

      Delete
    7. කුසුම් සජීව සහෝ! අනේ ඉතින්, හත්වළාමේ වෙච්ච දේට මක්කොරන්නද?

      Delete
  2. සුරාබදු ජීප් බදුල්ලේ ජවිපෙ මැතිවරණ වැඩ වල

    සුරාබදු දෙපාර්තමේන්තුව සතු වාහන ජනතා විමුක්ති පෙරමුනේ මැතිවරණ ප්‍රචාරය සදහා යොදා ගැනීමේ පුවතක් ඌවෙන් වාර්තා වනවා.

    ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකුගේ එක්කුස උපන් සහෝදරයා මෙවර ඌව මැතිවරණය සඳහා ජෙවිපෙන් ඉදිරිපත්වී සිටින අතර ඔහුගේ ප්‍රචාරක වැඩට ගොස් එන අතර මඟදී සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් අලුත්ම වර්ගයේ Hilux කැබ් රථ දෙකක් අනතුරට පත්ව ඇතැයි ගොසිප් බුක් වෙත වාර්තා‍ වේ.

    ලක්ෂ 80 ක් පමණ වටිනා මින් එක් රථයක් නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු භාවිතා කළ අතර එම රථය මහනුවරදී අනතුරට පත්ව ඇතතේ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කටයුතු සදහා බදුල්ලේ ගොස් එන ගමන්ය.

    පසුගියදා දෙපාර්තමේන්තුව සතුව අනතුරට පත් අනෙක් Hilux රථය වන්නේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා භාවිතා කල රථයයි.

    ආයතන රීතිය අනුව නිළ රථය දෙපාර්තමේන්තු රියදුරෙකු විසින් ධාවනය කල යුතු වුවද මෙම අනතුර සිදුවන අවස්ථාවේ රථය ධානය කර ඇත්තේ එම ප්‍රධාන ගණකාධිකාරි වරයා වන අතර ඔහු සිට ඇත්තේද බීමතිනි.

    මෙම අනතුරු දෙකම යට ගසා ආයතනයේ නියමිත පටිපාටියට අනුව පරික්ෂණ සිදු කිරීම පසෙකලා පුද්ගලික ගරාජ දෙකක මෙම වාහන අලුත්වැඩියා කටයුතු සිදුවන්නේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාගේද අනුදැනුම ඇතිව බව ද තතු දන්නෝ පවසති.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආන්ඩුවෙ කට්ටිය නිකම්ම ඉදීවි නෙද?

      Delete
    2. ඒක නේන්නම්, මාමාත් ජෙප්පා හින්දා වැඩේ යට ගහන්න යන්නේ...

      Delete
  3. හොඳ වෙලාවට පැරා උවේ නොවුනේ.
    ඒක නෙවෙයි පැරා දැන් බස්නාහිර මැතිවරණෙදි පැරා ජවිපෙට දුන්නද?

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ක‍ාලෙ බ්ලොග් එකට ආවෙ නැද්ද?

      Delete

    2. ආංඩුවෙ එවුන් ඡන්දෙ කරන්නෙ හෙලිකොප්ටර්වලගිහින් . මහජන මුදලින් නඩත්තු කරන රජයේ හෙලිකොප්ටර්වල. ජේ.වී.පී එවුන් කාර් එකක ගියත් මුන්ට පුකේ අමාරුව. ජේ.වී.පී එකේ එවුන්නම් බදුල්ලට හරි පයින් ගිහින් චන්දෙ කරන්න ඕනැ. අනේ හුකේ කිව්වලු.
      ආංඩුවෙ එවුන් ඔලුව උඩ රිව්වත් කමක් නැහැ. ජේ.වී.පී එකෙකුට පඩයක් ගියොත්, අන්න ජේ.වී.පී එකේ එවුන් පැඩ්ඩෝ කියල බෙරිහන් දෙනව.

      Delete
  4. අද සැප්තැම්බර 17 වන දා යි.......


    "දෙරණ සිරිලක රකින භූ-පතිඳේ
    ඔබය සිතුමිණ සුපුන් හෙළ දීපේ
    සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
    දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
    ජයෙන් ජය වේවා!
    ජයෙන් ජය වේවා!

    උපන් දිනයේ අපේ ජනපතිඳා
    දහම් දීපේ මුදුන් මල් පිපුණා
    නායකත්වේ උදා හිරු පායා
    රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
    යසෝ ගී ගැයුවා!
    යසෝ ගී ගැයුවා!"


    මෙය වර්ෂ 1980 දී සැප්තැම්බර් මස 17 වන දින සිය 74 වන උපන් දිනය සැමරූ, එකල ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරන්දර ජේ. ආර්. ජයවර්ධනයන් වෙනුවෙන් වික්ටර් රත්නායකයන් විසින් ගැයුණු ගීයකි.



    ReplyDelete
    Replies
    1. ප.ලි.: මෙම ගීයේ තනුව යුගොස්ලාවියානු ජන ගීයක එකකි.

      Delete
    2. ලොක්ක මෙ සින්දුව යු බටේ නෑ...පුලුවන් නම් දාපන්...මම අහල නෑ...

      Delete
    3. මගේ උපන්දිනේට ජපන් අගමැති නැතුව ජපනගෙ සතුරු චීනම ගෙනාවට මම තමුසෙලා සේරටම කොරවන්ට බලාපොරොත්තු වෙනව තමුං ස්වර්ගෙට ආ හැටියෙම.

      Delete
    4. තමුන් අපායෙ ඉඳගෙන ස්වර්ගයට යන එවුන්ට කෙළවන්නෙ කෝමෙයි?

      Delete
    5. තමුංට මතක් කොරන්ට කැමතියි, මම අපායෙ ගෙවන විසි අවුරුදු පරලෝක ප්‍රොබේෂනරි පීරියඩ් එක ඉවර කොරල 2016 දි දිව්‍යලෝකෙට උසස්වීමක් ලැබෙන්ට නිර්දේශ වෙලා අවසාන බව.

      Delete

    6. @ prasad sameera,

      මේ සින්දුව යූ බටේ තියෙන්න විදියකුත් නෑ..... මේ සින්දුව ඒ දවස්වල රේඩියෝ එකේ (ඒ කාලේ තිබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණ යි ) සතියක් නැත්නම් දෙකක් තිස්සේ නිතරම ප්‍රචාරය වුණ එකක්. රේඩියෝ සිලෝන් එකේ තැටි ගබඩාවේ නම් තාමත් ඇති. සින්දුව කොහොම වෙතත් තනුව නම් ලස්සන යි.

      1980 අගෝස්තු මාසේ නැත්නම් සැප්තැම්බර් මාසේ මුල වෙන්න ඕනේ... අගමැති ආර්. ප්‍රේමදාස යුගොස්ලාවියාවේ නිළ සංචාරයක යෙදුණා. එයා එහිදී නරඹපු සංස්කෘතික සංදර්ශනයක දී අහන්න ලැබුණු ජන ගීයක තනුව තම යි ඔය ජේ. ආර්. සින්දුවට දැම්මේ. ඒ දවස්වල මේ සින්දුව ලිව්වයි කියලා කිව්වෙත් ආර්. ප්‍රේමදාස ම තමා. ඒත් නියම ගීත රචකයා සමහරවිට ප්‍රේමකීර්ති ද අල්විස්.

      Delete
    7. ප්‍රේමකීර්තිට වුනත් ඔච්චරම සිරාවට සිංහල ලියන්න බෑ. ("භූපතිඳේ" වගේ වචන බලන්න.) ඔය වෙන කවුරුවත් නෙවෙයි අරිසෙන් අහුබුදු ලොක්කා ලියපු එකක්.

      Delete
    8. @ Anonymous September 17, 2014 at 1:02 PM,
      මම හිතන්නේ ඔබ හරි.... (ඔබ හොඳ නිරීක්ෂකයෙක්!)

      Delete
    9. ප්‍රේමෙගෙ සින්දු සාමාන්‍යෙං ලිව්වෙ ඩෝල්ටන් අල්විස්. ඒකාලෙ රංචාගොඩ ළමය කවියකුත් කිව්ව ඔය ගැන,

      සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්
      සාගර මහා වැව් බැන්දේ ඩෝල්ටන්
      දාගැබ් පිළිම ඉදිකෙරුවේ ඩෝල්ටන්
      පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන්

      Delete
    10. මේකෙ කෑල්ලක් අඩුයි

      ඔබට ආසිරි පතන අද දවසේ
      සියළු දන හා බැඳී එක විලසේ
      ජනපතින්දේ මමත් එක් වීලා
      බිරිඳ හා දූ පුතුන් සමගින් - මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
      සලමි මල් වරුසා - සලමි මල් වරුසා

      මේක අහුබුදු ලිව්ව වෙන්න අමාරුයි. ඔය ඇනෝ ම ගත්තු 'භූපති' වගේ සංස්කෘත වචන අහුබුදු ගන්නෙ නෑ. 'මිහිපති' වගේ එකක් ගත්ත නම් කියන්න තිබුනා. මොකා වුනත් ප්‍රේමය නම් වෙන්න බෑ.

      Delete
    11. මට නම් බැලූ බැල්මට පේන්නේ මුල් දෙකොටස ලියන්න ඇත්තේ එක් කෙනෙක් අවසාන කොටස ලියන්න ඇත්තේ වෙනත් කෙනෙක් කියලයි. සමහර විට මුල් දෙකොටස ලියලා දුන්නාම ප්‍රේමේ ගෝරනාඩුවක් දාන්න ඇති යකෝ මේකෙ මං ගැන මොකුත් නෑනෙ කියලා.

      Delete
    12. ඔය සින්දුවෙ අන්තරා කොටස් වලට සමාන පද තිබ්බ සින්දුවක් ප්‍රේමෙ වෙනුවෙන් ක්‍රිස්ටෝපර් පෝල් ඒ කාලෙ ස්ටේජ් වල කිව්ව.

      "පොදු ජන ජනපති ඔබවේ මැතිඳේ.." කියල තමයි පටං ගත්තෙ.

      ඒකයි මේකයි දෙකම එකම රචකයගෙ වෙන්න පුලුවන්!

      Delete

    13. @ Anonymous September 17, 2014 at 2:43 PM,

      ගීතයේ අඩු කොටස මතක් කර දුන්නාට බොහොම ස්තුති යි!

      ඔන්න එහෙනම් සම්පූර්ණ ගීතය නැවතත්:



      "දෙරණ සිරිලක රකින භූ-පතිඳේ
      ඔබය සිතුමිණ සුපුන් හෙළ දීපේ
      සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
      දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
      ජයෙන් ජය වේවා!
      ජයෙන් ජය වේවා!

      උපන් දිනයේ අපේ ජනපතිඳා
      දහම් දීපේ මුදුන් මල් පිපුණා
      නායකත්වේ උදා හිරු පායා
      රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
      යසෝ ගී ගැයුවා!
      යසෝ ගී ගැයුවා!

      ඔබට ආසිරි පතන අද දවසේ
      සියළු දන හා බැඳී එක විලසේ
      ජනපතින්දේ මමත් එක් වීලා
      බිරිඳ හා දූ පුතුන් සමගින් - මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
      සලමි මල් වරුසා!
      සලමි මල් වරුසා!"



      ගායනය: වික්ටර් රත්නායක

      Delete
    14. @ ඉන්දික උපශාන්ත September 17, 2014 at 1:15 PM,


      "සීගිරි ගලේ කවි ලිව්වේ නුඹ යි පුතේ
      සාගර මහා වැව් බැන්දේ නුඹ යි පුතේ
      දාගැබ් පිළිම ඉදිකෙරුවේ නුඹ යි පුතේ
      පැදුරේ මෙදා නිදියන්නෙත් නුඹ යි පුතේ"


      මේ ගීතය ගායනා කළෙත් වික්ටර් රත්නායක.

      1978, 79, 80 කාලේ රේඩියෝ එකේ නිතරම උදේට දාන සින්දුවක්!

      Delete
    15. @ AnonymousSeptember 17, 2014 at 4:46 PM

      ඔව්, රංචාගොඩ ළමය ඔය කවිය ලියල තියෙන්නෙ ඒ සින්දුව ලිව්වෙ ආර්. ප්‍රේමදාස කියල කියවෙන නිසා ඒකට උපහාසෙටනෙ.

      මේ සින්දුවට අහුබුදු සම්භන්ධ වීම කෙසේ වෙතත් ප්‍රේමෙ ලියපු අර කරත්ත පේලියක් කවරෙට දාපු ගොළු මුහුද පොත අහුබුදු කියලත්, අනෙක් පොත් දෙක තුන ( හිතවතිය, පෙම්වතිය වගේ ඒව ) ලිව්වෙ වෙන වෙන අයත් කියල කියනව!

      Delete
    16. ඔය කියන පොත 'ගොළු මුහුද' ලිව්වේ අහුබුදු නෙවෙයි ජයසේන ජයකොඩි. හබැයි අහුබුදු පිටපත බලලා එහෙන් මෙහෙන් දේවල් එකතු කර භාෂාව ලස්සන කළාලු. දැන් නම් පොත හොයා ගන්නත් නැහැ. ඒ කාලෙ නිතරම රේඩියෝ එකේ කියනවා මේ පොතින් චිත්‍රපයටක් කරන්න ඉන්නේ, කොණ්ඩේ රැවුල් වවපු තරුණයින් අවශ්‍යයි, දැන්ම කොණ්ඩේ රැවුල් වවන්න කියලා.

      Delete
  5. //ජවිපෙට වැටෙන ඡන්ද ජවිපෙට හැදෙන්නට කරන බල කිරීම් ලෙස ජවිපෙ නායකත්වය වටහා ගත යුතු ය. //
    එහෙම නම් සන්දානෙට වැටෙන ඡන්ද සන්දානේ හැදෙන්නට කරන බල කිරීම්ක් වුනාද? ඕවා හීන.

    මගේ අලුත්ම ලිපිය.
    ජාතිවාදයේ මුල පිළිබඳවයි. කියවන්න එන්න මෙතන ක්ලික් කරන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇවිල්ල බෙට්ට දැම්මා. කරුණාකර තමන්ගේ ජාතිවාදී මත අනුන් මත පැටවීම පිණිස අනුන්ගේ බ්ලොග් පාවිච්චි නොකරන්න. ඇඩ් එකක් දා ගන්න ඕනෙම නම් ගිහිල්ලා ඔයාගේ මෑණියන්ගේ පශ්චාත් භාගයේ අලවන්න. පැරාගේ බ්ලොග් එක කැත කරන්න එපා.

      Delete
    2. හොඳ යෝජනාවක්. එතකොට වැඩි පිරිසකට පේනවත් එක්ක. පැරාගෙ බ්ලොග් එක නම් බලන්නෙ ටික දෙනයිනෙ.

      Delete
    3. අර උත්තර නොදී පැණලා ගිය ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කවදාද?

      Delete
    4. මේක නම් මාරයි හලෝ..

      1. ඇඩ් එකක් දානවා.
      2. අලවන්න සුදුසු තැන යෝජනා කරනවා.
      3. යෝජනා කරපු තැන ස්ථිර කරනවා.

      ඊගාව පොස්ට් එකෙත් ඒකම කරනවා.

      Delete
    5. මකසි
      //එහෙම නම් සන්දානෙට වැටෙන ඡන්ද සන්දානේ හැදෙන්නට කරන බල කිරීම්ක් වුනාද?//
      මේක දෙකක්. ඒක දෙකක් විදියටයි දකින්න ඕන. සන්ධානය පැත්තෙන් නිගමනය වෙන්නෙ "සන්ධානයට අඩුවන ඡන්ද ඔවුන්ට හැදෙන්න කිරන බලකිරීමක්" කියන එක. (ඒක ටිකක් වටහාගෙන වගේ, ඊයෙ රෑ විදුලි බිල, තෙල් මිලත් අඩුකලේ)

      Delete
    6. සංසාර චක්‍රය පින්වත, සංසාර චක්‍රය. කෙළවරක් නෑ. කෙළවර වන්නේ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමෙන්ම පමණයි.

      Delete
    7. ප්‍රශ්න වලට උත්තර බ්ලොග් කමෙන්ට් වලම ඇත ඔබට ඒවා නොතේරීම ඔබගේ ගැටලුවකි

      Delete
    8. කෝ කොහෙද තියෙන්නෙ? පෙන්නනකෝ එකක් දෙකක්?

      Delete
    9. @රාජ්
      අනිවාර්යෙන්ම උන් හැදෙන්න නම් ජන්දේ අඩු වෙන්න ඕන මම හිතන්නනේ ඒක ජවිපෙටත් පොදුයි මොකද ජන්ද වැඩිවන විට තමන් හරිය කියා සිතීම.

      Delete
    10. //කෝ කොහෙද තියෙන්නෙ? පෙන්නනකෝ එකක් දෙකක්?//
      ඔබ ප්‍රශ්න අසමු මුල්ම තැන්වල බලන්න. ඒ නැතත් ඒවාට පිළිතුරු අදාළ ලිපිය සහ එහි කමෙන්ට් වල ඇත.

      Delete
    11. මං හිතුවා. බෑ නේද පෙන්නන්න?

      Delete
    12. තොපි දෙන්නම එකයි. පෙන්නන්න කියන එකාට බලන්න උවමනාවක් නෑ. බලන්න කියන එකාට පෙන්නන්න උවමනාවක් නෑ. මෙතන රණ්ඩු වෙවී ඉන්නවා.

      Delete
    13. කෝ කෝ කොහෙද උත්තර? හාමිනේගේ අරකෙද?

      Delete
    14. Anonymous September 17, 2014 at 8:58 PM

      අනේ හුකේ නිකන් පලයන් බන් යන්න...... මොකක් හරි ගොන් කතාවක් කියාගෙන එනවා.... ඒකට සිය පාරක් උත්තර දුන්නත් "කෝ උත්තර දීල නෑ, කොහෙද උත්තර" ගගා බෙටි දදා යනවා.... උත්තර දීල තියෙන්නෙ කියලා කියවන අපිට තේරෙනවා... උඹේ මොට්ට කමට තේරුන්නැතුවට අපිට පාං ද? නිකන් හැමතැනම බෙට්ට දාන්නෙ නැතුව මකබෑවෙයන්....

      තොගේ මොට්ට කම තොට මහ ආඩම්බරයක් උනාට බලං ඉන්න අපිට ඕක හරි බෝරිං. කලුවා ඔච්චර වැරදි නම් ඇනෝනිමස් ගෙ බ්ලොග් එකේ හරි පෝස්ට් එකක් දාපන් ඔච්චර චන්ඩියා.... එකම ලබ්බ ගිරවා වගේ කිය කිය හැම තැනම රෙන්නෙ නැතුව

      Delete
    15. පුක කලු සිංහලයාSeptember 18, 2014 at 5:40 AM

      මේකෙ අවිල්ලා ඇනෝ දා ගන්නෙත් මම මයි මොකද මට හරි ලැජ්ජයි වෙච්චි දේට. මම ඕ ලෙවල් වලටත් ගණන් ෆේල් කියලා හැමෝම දැන ගත්තා. ඇනෝලා අහපු එකම ප්‍රශ්නයකටවත් උත්තර දෙන්නත් බැරි වුණා. අනේ මෙහෙම දෙයක් නම් උපන් තේකට වෙලා නෑ.

      Delete
    16. මහා කළු සිංහලයාSeptember 17
      උඹ නම් මෙලෝ රහක් නෑ බන්, උඹ හැම තැනම රෙනව මදිවට ඒව හැමතම ගා ගන්නව, අන්තිමට උඹම ඒව කනව. උඹ කටු ලෙවකන්න ගොඩක් කැමති එකෙක් කියල පෙන්වන්න ඕන තරම් සාක්ෂි තියෙනව. අනේ යකෝ තෝ වගේ මෝඩ මූසල ගොනෙක්.

      Delete
    17. මූ වගේම තව මෝඩ චූන් කාරයෙක් ඉන්නව ගූතලන් කියල

      Delete
    18. @ Anonymous September 18, 2014 at 8:07 AM
      ගූතලන් යනු කුමක්ද?

      Delete
  6. අනගාරික මොට්ටපාලSeptember 17, 2014 at 10:35 AM

    පැරා මම නම් කවදාවත් ඌවට ගිහින් නෑ. ඒ කාලෙ යන්න පාරවල් තිබුණෙත් නෑ. මගේ සෝබන මාළිගාවත් කැඩෙනව ඔය ගුරු පාරවල් වල ගියාම. අනෙක ඌවේ සුදු කොල්ලෝ හිටියෙත් නෑ. ඉතින් මම මොකදද ඌවට යන්නෙ? මම ජාතිවාදය පැතිරෙව්වෙ අනෙක් පළාත් වල විතරයි. මට තියෙන දුක පැරා මෙච්චර දෙයක් මම මුන්ට කරලා අද මුන් එකෙක් වත් මාව ගණන් ගන්නෙ නැති එක. මුන්ට වැදගත් වෙලා තියෙන්නෙ ඌවෙ පළාත් සභා මැතිවරණයයි අර ඇවිත් ඉන්න චීනායි තමයි. ඇයි අනේ මං කලුද පැරා දැන් ඉන්න එකෙක් වත් මාව ගණන් ගන්නෙ නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. ඕව මොනාද අයිසෙ, මුං මේ මාවත් ගනන් නොගෙන, මට ගරු කොරන්ට ආව ජපනත් ගනන් නෝගෙන ඉන්න කොට?

      Delete
    2. අනගාරික මොට්ටපාලSeptember 17, 2014 at 11:04 AM

      කවුද අයිසෙ මට අයිසෙ අයිසෙ කියන්නෙ? තෝ දන්නෙ නැද්ද සිංහල බෞද්ධ රටේ සිංහල සිංහල බෞද්ධ නායකත්වයට ගරු කරන්නවත්? හිටපියකෝ. චම්පික රණවක උන්නැහේ ජනාධිපති වෙච්චි දවසක මම තෝව ධර්ම චක්කරේට තියෙලා ඇණ ගහලා මළ කුණ දෙනවා ඥානසාර ලොකු ස්වාමීන්වහන්සේට පිළිකුල් භාවනාව වඩන්න.

      Delete
    3. අයිසෙ, තමුසෙත් බූරුව, මීහරක, කියල සිංහලයන්ට බැන්න කියල අපේ පප්ප මට කියල තිබ්බ. තමුංගෙ හේවාවිතාරණ පවුලෙ දොං කරෝළිස් ලී බඩු සාප්පුවෙන් මට හොඳ බඩු දීපු නිසා අපි තමුන්ට ඒ කාලෙ පාඩුවෙ ඉන්ට දුන්නෙ. තමුන්ලාගෙ ඒ කප්පං සහ පගා වල ගණුදෙනු දැං වළංගු නැති හින්ද පරිස්සමින් ඉන්ට කියල මම යෝජනා කොරන්ට කැමතියි.

      ඔය කියන රණවක උන්නැහේ මගෙ කරුණාව නිසා ධර්ම චක්කරෙන් බේරුන බවත්, ඒ නිසා උන්දැ ලව්ව තමුං ඇණ ගස්සවන්ට මට හැකි බවත් මතක් කොරන්ට කැමතියි!

      Delete
    4. ඇනගාරික මොට්ටපාලSeptember 17, 2014 at 11:35 AM

      වල් අලියා. ගොන් තඩියා. නුඹලා වැන්නවුන්ට කියන්ඩ ඕනෑ ගොන් තඩියා කියලා නොවෙයි ගොන් අලියා කියලාය. ඒ කාලෙ ලේසියෙන්ම ගේම දෙන්ඩ පුළුවන්කම තිබුණු මහින්දලා චම්පිකලා වීරවංශලාට ගේම නොදී නුඹලා ගේම දුන්නේ අහිංසකම අහිංසක කොල්ලන්ට විතරයි. දැන් ඉතින් නුඹේ බෑනාට කියාපන් විඳවන්ඩ කියලා. ඒ කාලෙ නුඹ ඕකුන්ට ගේම දුන්නා නම් අද නුඹේ බෑනා ජනාධිපතිය. මීට පස්සෙ වත් නුවණක් ඇතුව වැඩක් කරන්ඩ ඉගෙන ගනිල්ලා.

      Delete
    5. අනගාරික මොට්ටපාලSeptember 17, 2014 at 11:43 AM

      ඉහත කමෙන්ට් එක මම දාපු එකක් නොවේ. කවුද යකෝ මගේ නමින් කමෙන්ට් දාන හරකා?

      Delete
    6. දැන් මොකද මේ එකපාර අනගාරික ධර්මපාලට පැරාගේ බ්ලොග් එකේ බනින්නේ? අර කලුවගෙන් ගේම ඉල්ලන පැරාගේ බ්ලොග් එක ලස්සන කරන්න එන එකා මොකද මුන්ට මුකුත් නොකිය ඉන්නේ?

      Delete
    7. දෙන්නම එකෙක් හින්ද බොල. හෙන හද්ද හම්බ කුණු ගඳක් එන්නේ.

      Delete
    8. අයිසෙ මොට්ටපාළ,

      තමුංල අපිට ඉස්තූති කොරන්ට ඕන ඒ දේවල් එහෙම උනාට. එහෙම නැත්තං මේ වෙනකොට තමුං ඉන්නෙ සිරිලාංකික සමාජවාදි උත්තරීතර දේශයේ අදරණීය නායක රෝහණ විජේවීර සහෝදරයගෙ සංකල්පයක් යටතේ ඉදිවෙච්චි සමූහ ගොවිපොළක පෝර වෙලා බව මතක තියා ගන්නව හොඳයි.

      Delete
    9. අම්මටසිරි එහෙනං පැරාට තමා අපේ මාධ්‍ය ඇමැති.

      Delete
  7. පෑරා කොහොම උනත් කෑමති ජවිපෙ ට...මොකද පෑරා ල ඉස්සර ජවිපෙ කප් ගහපු පොරවල් ලු....ඈත්තද දන්නෙ නෑ...හෑබයි ගොඩක් කට්ටිය කියනව...

    ReplyDelete
  8. මම කැමැතියි ජවිපෙට...
    ජවිපෙ කැමැති නෑ මට...

    මීට පැරා

    ReplyDelete
  9. "පීඩිත ජනතාව විඳින දුක ගැන ඔවුන්ට අවබෝධයක් ඇත." 71, 88, 89 කාලවල ඔවුන් නිසා පීඩාවට සහ දුකට පත් ජනතාව ගැන ඔවුන්ට අවබෝධයක් ඇද්ද?

    ReplyDelete
    Replies
    1. පීඩිත ජනතාව පීඩනයෙන් මිදෙව්වේ අවබෝධය හින්ද නේ. ආණ්ඩුවත් එක්ක තරඟයකුත් තිබ්බා ජනතාව පීඩනයෙන් මුදවාගන්න. ටයර් උඩ, ලයිට් කණුවල, බෝක්කු උඩ එහෙම පීඩනයෙන් මිදුණු ජනතාව හිටිය මතක නැද්ද? උඹත් දුමින්ද සිල්වා වගේනේ.

      Delete
    2. @AnonymousSeptember 17, 2014 at 11:25 AM
      :D

      Delete
  10. හිට් වැඩිවේවා! ඇඩ්සෙන්ස් ලැබේවා! කමෙන්ට් 100 පන්නමු මේ පාරත්

    ReplyDelete
  11. මේ පාර ජනාධිපතිවරනෙට පැරා ඉල්ලුවොත් කොහොමද? කවුද චන්දෙ දෙන්නේ? රාජ් දෙනවද?

    ReplyDelete
    Replies
    1. පැරා ඉල්ලුවොත් අනිව මම ඡන්දෙ දෙනව.
      පැරා අපිට අපි පැරාට!
      මරා යවමු පැර‍ා ගේමු!

      Delete
    2. අන්න වැඩේ. මෙන්න මගෙන් ස්ලෝගන්ස් ටික.

      හෙළ දිවම එකළු වන්නට "පැරා"වක් වන් "අපේ පැරා".!!

      ලකඹර දිදුළවන ඔබයි අපේ "පැරා"!!!

      Delete
    3. මතුගමින් මතුවූ අපේ ගුරු තරුව....
      මරුටියෙන් සමාජවාදය හඹායන අපේ මිනිසෙක්...

      ජනපති කරමු...

      Delete
    4. පැරා දිනුවොත් මතුගමට ගුවන්තොටුපලක් දාලා දෙනවද?

      Delete
    5. ඉන්දික පැරාට දැම්ම ඉඳලා වැඩ කරන්නෙ දිනුවාම අභීත එදිරිසිංහ පල් හොරාගෙන් ණය ටික අරගන්න වගේ...

      Delete
    6. //පැරා දිනුවොත් මතුගමට ගුවන්තොටුපලක් දාලා දෙනවද?//
      ඇයි ගුවන්තොටක් විතරක්? හාබර් එකක්, ග්‍රව්න්ඩ් එකක්,.... තව කොච්චර අඩංගුද ඈස්චර්යට!

      Delete
    7. මුලින්ම වැසිකිලියක් හදන්න... හරියට බොග දාන්න තැනක් නෑ.... හොඳ හොටෙල් ටිකක්, රෙස්ට් ටිකක් හදන්න... හරියට කොටුවක් පනින්න තැනක් නෑ...

      Delete
    8. ඒ ණය කවදාහරි පියවෙනවා නම් පියවෙන්නේ අභීතගේ හා ඉන්දිකගේ මී මුනුබුරු මිනිබිරියන් අතර තමයි දැන්.

      Delete
    9. /මුලින්ම වැසිකිලියක් හදන්න... හරියට බොග දාන්න තැනක් නෑ.../

      එක නම් මේ හදල තියෙන්නෙ. අපි ඔක්කෝම බොග දාන්නෙ බ්ලොග් එකේ.

      Delete
    10. මතුගම තියෙන භූවිෂමතා උපයෝගී කරන් හොඳ 4X4 රේසින් ට්‍රැක් ටිකක් හදන්න පැරා.... පැරාගෙ ලමයි මරුටියෙ යන්න කැමති වෙන එකක් නෑ තාත්තා ජනාධිපති උනාම...

      Delete
    11. AnonymousSeptember 17, 2014 at 12:54 PM,

      සෙහ්, පැරාට එහෙම අපහාස කරන්න එපා මචෝ. මිනිහ දින්නම එහෙම එක එකාගෙ සිල්ලර වැඩ කරන්න යන්නෙ නෑ. ඒත් ඉතිං මම බලනව මීමුරේට සුදු වෑන් එකක් යවන්න. මොකද අපේ ආන්ඩුවනෙ.

      Delete
    12. පැරා උඹ දිනුවොත් අර වහල තියෙන වැල සයිට් ටික ඇරලා දීපන් මචෝ...

      Delete
    13. AnonymousSeptember 17, 2014 at 1:15 PM
      මොනවද හැබෑට ඔය වැහුව කියන සයිට්?

      Delete
    14. මරා එලවමු
      පැරා දිනවමු

      Delete
    15. එකක්කත් නෑ රාජ්. සේරම වහල. හන්නේ දුකේ...
      ඒක නෙමේ මචන්. ඇරල තියන එව්ව මොනාද..?

      Delete
    16. අපේ පැරකුම් මැතිදු රජ කරවමු....

      Delete
    17. රාජ්ලට වැල පෙන්නුවාම නෝනලා තමා දුක් විඳින්නෙ.... අපිට බෑ පව් පුරවගන්න....

      Delete
  12. කකා විතරයි තාම අඩු.... දැන්නම් ඔෆ් වෙලා කෝච්ච්යෙ ගෙදර එනවා ඇති...

    ReplyDelete
  13. හැකි තාක් කොමෙන්ට් කරන්න...

    1 comment = 1$

    -පැරා

    ReplyDelete
    Replies
    1. අපි දාන කමෙන්ට් වලට $ 1 ක් ගෙවන්නේ කමෙන්ට් කාරයින්ටද, බ්ලොග් අයිතිකාරයාටද?

      Delete
  14. /* රාජපක්ෂ පවුල නම් පිළලය ලංකාවේ පැළ කළේ ජවිපෙ නිසා, */

    මෙන්න ඒ කුම්බලා මාලු කාපු හැටි ගැන වීඩියෝවක්.

    https://www.youtube.com/watch?v=mARfxbTit-k

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා ඇවිල්ලා අපේ කකා ගෙදර ඇවිල්ලා....

      Delete
    2. කකා ඇත්තටම දුක හිතෙන්නෙ නැද්ද මේ කොමෙන්ට් කන්දරාව දකිද්දී.... දිගටම ලියුවනම් තාම මේ කොමෙන්ට් සේරම කකාටනෙ....

      Delete
    3. ස්තුතියි කකා ඒ ලින්ක් එකට.

      "එතුමා හේනේ කුඹුරේ පය ගහලා කවුන්සලේට ගිය මනුස්සයෙක් නොවැ...."

      Delete
    4. ඔය කඩේ ගියාට හරි යන්න ජේ වී පී එකට හොඳට පාක්කුඩම් ලැබුණා.

      Delete
  15. කොහොම වුනත්, මහින්දයට මෙදා පාර ඌවෙන් සොහොන් ලකුනු පහල වෙන එක නම්, නවත්තන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. එලිවෙන යාමෙ පේන හීන ගනන් ගන්න එපා කියල තියනව උඹ අහලම නැද්ද?

      Delete
  16. මෙහෙම ගියොත් මේ පෝස්ට් එකෙන් සීය ගහන්න වෙන්නෙ නෑ.... කෝ අපේ කස්ටිය.... එන්න පැරාව නග්ගලා ගමු....

    ReplyDelete
  17. පැරාට දැන් මල ගෙදරක ගියත් ගහන එකක් නැහැ.

    ReplyDelete
  18. ලෝකයේ දුටු නුදුටු දේ දකින්න, ලෝකයේ සිමා මායිම් හබා යන්න, අලුත් විදියට ලෝකය දකින්න වෙර දරණ, ඔබ වෙනුවෙන්ම නිර්මාණය වූ ලංකාවේ හොදම තාක්ෂණික ෆෝරමය, ℯkathuwa.org. එන්න අප හා එක්වන්න දැනුමෙන් සන්නද්ද වන්න. ඔබ තවත් මේ ලෝකයේ මං මුලාවුවෙකු නොවේ!

    ReplyDelete
    Replies
    1. හොඳම තාක්ෂණික ෆෝරමය... පව්...... ලින්ක් එකක් දාන්න දන්නෙ නෑ...

      Delete
    2. අළුත් ලෝකය දකින්න කලින් හරියට යුනිකෝඩ් වලින් ලියන්න ඉගෙන ගනින් ගොනෝ.....

      Delete
    3. කලුවෝ මූට ලින්ක් එකක් දාන හැටි උගන්නපිය. උඹට ගණන් බැරි වුණාට ලින්ක් දාන්න පුළුවන් නේද?

      Delete
    4. කළුවා කියන්නෙ උඹේ අප්පද?

      Delete
  19. කලුවෝ මෙහෙ වර, දාපිය තොගේ ඇඩ් එක ආයෙත්. පැරාට කමෙන්ට් වැඩි කර ගන්න ඕනැලු.

    ReplyDelete
  20. Come on guys, comment. We need to reach at least 100

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් සීයකින් ඩොලර් සීයක් හොයන්න...

      Delete
  21. අද නම් කප් එක උස්සන්න බැරි වෙයි වගේ.... කෝ අපේ ප්‍රොෆයිල් සෙට් එකෙන් කිසි සහයක් නෑ නෙව....

    ReplyDelete
  22. Bayawenna epa api innawa

    ReplyDelete
  23. කොමෙන්ට් සියයක් දමමු... පැරකුම් ජනපති කරමු....

    ReplyDelete
  24. හුරේ සීයායි!

    ReplyDelete
  25. මෙතන "මරුටි, මරුටි" කියලා ලියන අයට මම කාරණා දෙකක් කියන්න කැමති යි:

    (1) "මරුටි" කියන එක, එම සන්නාමයේ වැරදි උච්චාරණය. නිවැරදි උච්චාරණය "මාරුති". ඔය ගොල්ලෝ අඩු ගණනේ 'මාරුතය' කියන සිංහල වචනය වත් අහලා නැද්ද?

    (2) මාරුති-සුසුකි මෝටර් රථ කියන්නේ ජපානයේ සුසුකි මෝටර් රථ ම යි. ජපන් සුසුකි සමාගම රටවල් කිහිපයක මෝටර් රථ නිෂ්පාදනය කරනවා: උදාහරණයක් වශයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ. මෝටර් රථ සඳහා ඉන්දියානු වෙළඳ පොළ විශාල නිසා ඉන්දියාවෙත් සුසුකි රථ නිෂ්පාදනය වෙනවා. 1984 දී ඉන්දියානු රජය සමඟ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාර ඉන්දියාවේ නිෂ්පාදනය වන සුසුකි මෝටර් රථවලට "මාරුති" යන නාමය එකතු කරනවා. එච්චර යි. "මාරුති-සුසුකි" මෝටර් රථයක් කියන්නේ අඩු නැතිව සුසුකි මෝටර් රථයක් ම තමා.

    එක නිසා අහවලාට තියෙන්නේ 'මරුටියක්' කියලා නිග්‍රහ කරන එකේ තේරුමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනේ බන්.... අරගෙන අවුරුද්දෙන් ටින්කරින් එන.... ස්ක්‍රැප් මෙටල් වලින් හදපු තහඩු දාපු.... ඔය ජරාව ගැන බොරු කියන්න එපා.... හැප්පුනාම පපඩම් වගේ කුඩු වෙනවා.... ගැලව්වාම ඇතුල දිරලා....

      උඹ AMW එකේ නේද? මේ දවස් වල බිස්නස් බැහැලද? වනිගයව මතක් කරා කියපන්...

      Delete
    2. නිවැරදි උච්ඡාරණය මා දන්නේ නැහැ හැබැයි මාරුති කියන්නේ සන්ජේ ගාන්ධිගේ කලින් පෙම්වතියක්. ඇය අකාලයේ මිය යනවා. සන්ජේ මේ රථයට ඇගේ නම දාන්නේ ඔබේ නම මම ඉන්දියාවම දැන ගන්නට සලස්වමි කියලා.

      Delete
    3. මාරුතේ වගේ යන්නෙත් ස්ක්‍රැප් වලින් හදලා නියම ඝනත්වයට ඇවිත් නැති තහඩු වල බර අඩු නිසා.... නැත්නම් ඩිසයින් කේපබිලිටියක් නිසා නෙවෙයි..... සල්ලි නැති වුනාම ඉතින් ඕකක් ගන්න වෙනවා...

      Delete
    4. ඉන්දියන් ජරාව ගන්න එපා.... එන්න ටොයොටා ලංකා... යුනයිටඩ් මෝටර්ස්... අන්න නියම ජපන්.... වාහන නම් ඉතින් ජපන් තමා.....

      මලකඩ මරුටි ගන්න එපා....

      Delete
    5. මරුති කියන්නෙ ඉන්දියාවෙ මරුති උද්‍යෝග් කියන සමාගම ජපානෙ සුසුකි සමාගමේ තාක්ෂනය එක්ක එකතුවෙලා හදාපු "කේ" කියන ජැපන් සුසුකි කාරෙකේ ඉන්දියානු මොඩලය.

      ටාට සමාගම ජර්මන් බෙන්ස් G සේරීස් එක ටාට සුමෝ කියල වගේ හැදුව වගේ, මරුතිත් අසූ ගනන්වල තිබ්බ සංවෘත ඉන්දියානු ආර්ථිකය හමුවෙ විදේශ වාහන ඉන්දියාවට ගෙනාපු එක අවස්ථාවක්.

      මරුති, නැත්තං මාරුතී කියන්නෙ ලංකාපුරේ ගිණි තිබ්බ හනුමට කියන තවත් නමක්.

      ඕකට හේතුව හණුම ඉපදිල තීන්නෙ හුළඟෙන්, එහෙම නැත්තං වායු දෙය්යගෙන් එයාගෙ අම්ම ගැබ් ගෙනනලු. අද වෙනකොට හනුමන්, නැත්තං මරුති කියන්නෙ ඉන්දියාවෙ තරුණයන්ගෙ, ජවසම්පන්න පිරිමින්ගෙ දෙවිය.

      අන්න ඒකයි ඔය කාරෙකට මරුති කියල දාල තියෙන්නෙ.

      නමුත් ඔය මරුති මොඩ්ල් එක ජපානෙ සුසුකි සමාගේ හදන්නෙ නෑ, මුලින් මරුති කොපි කරපි "කේ" කියන මොඩ්ල් එකත් දැන් වෙනස් වෙලා ටර්බො චාජ් එන්ජින් එක්ක එනකොට මරුති තාම අසූ තුනේ විදියමයි, වෙනස ඒසී සහ පවර් ස්ටියරින් විතරයි.

      එහෙම බැලුවම "මරුටියක්" කියන්නෙ නිග්‍රහයක් තමයි :D

      Delete
    6. අනේ පලයං බං යන්න... 2004 ගත්තු මගේ වැගන්-ආර් එක උඹ දැක්කා නම් ඔහොම කියන්නේ නෑ. ඒක දැනට කිලෝමීටර් 97,000 ක් දුවලා තියෙනවා.

      (1) පේන්ට් එක පිච්චිලා නෑ
      (2) ඩෑෂ් බෝඩ් එක දැන් දැම්මා වගේ
      (3) කොරෝෂන් බින්දුවක් වත් නෑ
      (4) දොර හැඬල් ගැලවිලා අතට එන්නේ නෑ
      (5) අද වෙනකම් කිසිම රෙපයාර් එකක් නෑ
      (6) දැනට ටයර් සෙට් එක දෙපාරක් මාරු කරලා තියෙනවා
      (7) දැන් තියෙන්නේ 4 වැනි බැටරිය
      (8) රේඩියේටර් එකේ මළකඩ වතුර නෑ
      (9) එන්ජිමෙන් ඔයිල් ලීක් වෙන්නේ නෑ
      (10) මාසයක් නිකම් තිබුණත් ගහපු ගමන් ස්ටාර්ට්
      (11) හයිවේ එකේ ගිහින් තියෙන උපරිම වේගය 126

      දැන් කිලෝමීටර් ලක්ෂෙට කිට්ටු නිසා අද හෙට ටයිමින් බෙල්ට් එක මාරු කරනවා.

      Delete
    7. අවුරුදු 10ටම උඹ දුවල තියෙන්නෙ 97යි නම් උඹ වාහනේ ගමන් යනවට වඩා කරල තියෙන්නෙ ගෙදර තියන් පිහදාන එකයි දුම් අල්ලන එකයි විතරයි....

      යකෝ වාහන තියෙන්නෙ ට්‍රිප් යන්න විතරක් නෙවෙයි.... වාහනේ ගමන් යන්න හරියට පාවිච්චි කරන එකෙක් උඹ අවුරුද්දටම යන දුර මාස දෙකකට කලින් යනවා.... පෙට්‍රල් ගහන්න සල්ලි නැති උඹල වගේ එවුන්ට ඉතින් මරුටි තමා...

      Delete
    8. ඔක්කොම පැත්තකින් දාපන්..... උඹ 126ට යද්දි ඔය ලඩිය හැප්පුනොත් මොකද වෙන්නෙ කියලා ඕක හදපු එවුන්වත් දන්නෙ නෑ.... ඒ කියන්නෙ ක්‍රෑශ් ටෙස්ට් එකක් කරන්නෙ නෑ.... බලපන් රෝඩ් සේෆ්ටි ගැන වොරි වෙන එක රටකින්වත් ඔය ඉන්දියන් ජරාව ගන්නවද කියලා.....

      Delete
    9. //ඒක දැනට කිලෝමීටර් 97,000 ක් දුවලා තියෙනවා.//

      අවුරුදු දහයට කිලෝමීටර් 97 දාහක් කියන්නෙ දුවල නෙමෙයි බඩගාලනෙ බං?

      අනික ඔය කියන ලෙඩ 97000 ආවොත් තමා අවුල! ඕව එන්නෙ සාමාන්‍යෙන් ලක්ෂ එකහමාර පනින්න ඕන :P

      //දැනට ටයර් සෙට් එක දෙපාරක් මාරු කරලා තියෙනවා//

      යකෝ ටයර් සෙට් එහෙක උපරිම ජීව කාලෙ අවුරුදු තුනයි-හතරයි. උඩ ඇනෝ කියා තීනව වගේ බොලාට හොඳ මරුතිම තමා.

      Delete
    10. ටයර් දිරල නම් පැත්තෙන් ක්‍රැක්ස් එනවා.... අදම බලලා මාරු කරගනින්..... එතකල් 60ට වඩා යන්න එපා....... ටයර් ටිකවත් ජපන් දාපන්..... අඩුම තරමෙ ඉන්දුනීසියන් GT වත් දාපන්......අනේ මන්දා බං......

      Delete
    11. කෝ මේ පැරා.... ඔයත් දුවන්නෙ මේමද?

      Delete
    12. උඹට තව උපදෙසක් දෙන්නම්..... ටී බෙල්ට් එක දාලා ශේප් එකේ වාහනේ විකුනලා දාපන්... ඉක්මන් එකේ නිකම් දාලා තියපන්... හැබැයි වැඩි ගානකට.... කිරිකෝඩු ඩයල් එකක් අල්ල ගත්තොත් ගොඩ.... මාස හය හතක් උනත් තමන්ගෙ ගාන එනකල් ඉවසපන්.....

      ඊට පස්සෙ දෙයියනේ කියලා ජපන් වාහනයක් ගනින්.....

      Delete
    13. මචංලා......., චයිනීස් කාර් හොඳද? මයික්‍රෝ එකෙන් ගෙන්නන කාර්?

      Delete
    14. /_Anonymous September 17, 2014 at 5:32 PM
      අනේ පලයං බං යන්න... 2004 ගත්තු මගේ වැගන්-ආර් එක උඹ දැක්කා නම් ඔහොම කියන්නේ නෑ. ඒක දැනට කිලෝමීටර් 97,000 ක් දුවලා තියෙනවා._/


      Mr.මරුටී ඔයාගෙ 2004 වැගන් ආර් එක ගේ ඇතුලෙම තියාගන්න එවිට-.

      1. මාර්ග අනතුරු වලට වාහනය ලක් නොවේ.
      2. වසර 2050 දිත් මීට වඩා පට්ට ගොන් කමෙන්ට් එකක් ඉන්න එකෙකුට වැනුවහැකියි.

      Delete
  26. මරුති කියන්නෙ මූලික මට්ටමේ කාර් එකක් වැඩි අරුමෝසම් නැති, ගමනටබිමනට විතරක් සුදුසු. ඒ කියන්නෙ ශෝ එකට නුසුදුසු. පැරා මේකෙ ලියන්නෙත් අවස්‍යතාවෙට බඩු පාවිච්චි කරන්න කියල.සමහරක්ට එව්ව තේරෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කවුද ඔයි ඔය ලදරන් මරුතියට කාර් එකක් කියන්නේ? පතෝලමැස්සකට ටයර් හතරක් හයිකරලා එව්වට ඕක කාර් එකක් වෙනවද?

      Delete
    2. මළා ! volkswagen beetle පරණ මොඩල් එකත් එතකොට කාර් එකක් නෙමෙයිද ? විකිනීමට තිබේ !

      Delete
    3. @ Anonymous September 17, 2014 at 5:37 PM,
      උඹ මරුටි කාර්වලට කියන්නේ පතෝල මැස්සට හයි කරපු රෝද හතරක් කියලා නම්, ගිය ගිය තැන රට අවලස්සන කරන ලදරං ත්‍රී වීල් වලට මොකද්ද උඹ දෙන නම?

      Delete
  27. අතීත මතකයක් ---

    අදින් හරියට ම වසර 30 කට පෙර, 1984 සැප්තැම්බර් 17 දින ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ උපන් දිනයේ දී, ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍ය ශාලාව විවෘත වුණා.

    ReplyDelete
    Replies
    1. J.R ගෙදරින් අරන් ඇවිත් සල්ලි දාල හදලද උපන්දිනේට විවෘත කලේ. ඇයි බන් උඹ එක එකාගේ කුප්ප කම් කොමෙන්ට් විදියට දාන්නේ ? අනේ...... මොන ජාතියක මැන්ටලයක්ද කියල පෙන්නන්නද ?

      Delete
    2. @ Anonymous September 17, 2014 at 10:28 PM
      ඔය ඉස්පිරිතාලේ ලැබුණේ ජපානෙන් තෑග්ගක් හැටියට නේ..... ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි ඒකට වියදම් වුණේ නෑනේ..... අනික J.R. ඕක ජපානෙන් ඉල්ලා හිටපු දෙයක් නේ.....

      Delete
    3. එකත් අර චීනෙන් ලැබුණු නෙලුම් පොකුණ රංග ශාලාව, හදන් යන තඩි කුලුන, සම්මන්ත්‍රණ ශාලාව වගේ 'තෑග්ගක්' වෙන්න ඇති නේද ? ඩිප්ලෝමසි ඇතුලේ 'තෑගි' දෙන්නේ ලවු එකට නෙමෙයිනේ ......ඔය 'තෑගි' වලට නියමිත මිලක් තියෙනවා..... එක ගෙවන්නේ මේ රටේ මිනිස්සු ඔක්කොම. ජේ.ආර් රෙද්ද උස්සගෙන උගේ උපන්දිනේ දවසේ විවෘත කළාට කෙල වෙනකොට කෙලවෙන්නේ ඔක්කොටම. ඒකයි ඔය වගේ ගොන් පාර්ට් ඉතිහාස ගත මැටිකම් කියන්නේ. ..... අර උපන්දිනේ දවසේ විවෘත කරන ඒවා.

      ඔහොම ජපනගෙන් ලැබිච්ච තව 'තෑග්ගක්' තියෙනවා ගන්නෝරුවේ plant genetic resources centre කියලා, කට්ටිය කියන්නේ කොන්ක්‍රීට් අපිට, ජාන ටික ජපානෙට කියල....අනේද කියන්නේ ජේ.ආර් ගෙයි අපෙයි 'තෑගි' .......

      Delete
  28. ජෙ. ආර්. ජයවර්ධන ආණ්ඩුව කාලේ සැප්තැම්බර් 17 දා තමයි "ජාතික රුක් රෝපණ දිනය".

    ReplyDelete
    Replies
    1. ජේ.ආර්. ගේ කාලේ කැලේ එළිකරන දවස කවදද?

      Delete
    2. no more cake ඔබට තිලිණ කරන ජේ.ආර් සහ කළු ජුලි
      SRI LANKA: Revelations of the former
      president J.R. Jayawardene's liability for Black July 1983

      Delete
  29. Long live JVP.
    The only party that thinks about people and raises voice on bahalf of common people. They have a vison, courage and commitment to make SL as a better place to live. Our motherland has been turned in to a dogs paradise by the current ruler and his family.

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝව නැරඹුවාට පස්සේ, ඌවේ හිටියා නම් ජවිපෙට ඡන්දය දෙනවා යැයි කියන පැරාගේ බුද්ධිය ගැන දැන් මට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.

      Delete
    2. @ Anonymous September 18, 2014 at 3:46 AM,

      Hi,
      For your information, here is the score of the JVP, "the party that thinks about people" :-

      1971 >>>> 20,000
      1987-89 >>>> 60,000

      Delete
  30. Parath Samaga Heluwen.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා