පළා ගියවුන්ට මේ රටට කළ හැකි විශිෂ්ට ම සේවය

විමුක්තිය සොයා පළා යන ලංකාවේ ම්‍ධ්‍යම පංතිය  නම් ලිපිය හා බැඳේ.

මා ප්‍රශ්න කරන්නේ ලාංකික මධ්‍යම පංතියේ කුහකත්වයයි. ඔවුන්ගේ සිහිනය තිබෙන්නේ සංවර්ධිත, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රටක සුරක්ෂිත සමාජයක ජීවත් වීමට ය. ඒ නිසා ඔවුහු ලද අවසරෙන් මේ රටෙන් පළා යති. 

ඔවුන්ගේ කුහකත්වය තිබෙන්නේ තමන් අපේක්ෂා කරන ජීවන තත්වය මේ රටේ අැති වනවාට ඔවුන් තුළ තිබෙන අකැමැත්ත තුළයි. ජාතිවාදයට හා ඒකාධිපති පාලනයට සහයෝගය දෙමින්, ඔවුන්ගේ දූෂණයේ කොටස්කරුවන් වී සිටින ලංකාවේ මධ්‍යම පංතිය සිය පුරවැසිභාවය වෙනස් කිරීමෙන් අනතුරුව හෝ එය නතර කරන්නේ නැත. 

මා මේ කියන කාරණය සිංහල මෙන්ම දෙමළ මධ්‍යම පංතියටත් පොදු ය. ලංකාවේ අද තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජාතිවාදී, දූෂිත, ඒකාධිපති පාලනය බිහි වුණේ සිංහල හා දෙමළ ජාතිකවාදී මධ්‍යම පංතික බලවේග විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග ඔස්සේ ය. 

යම් කිසිවකුට මේ රටින් පළා යන්නට අයිතිය තිබෙන්නා සේ ම මෙහි සිට මේ සමාජය යහපත් අන්දමින් වෙනස් කර ගන්නට ද සෙසු මිනිසුන්ට අයිතිය තිබේ. පළා යන මිනිසුන් ගැටලුවක් වන්නේ මේ රටේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිතවලට ඔවුන් කරන බලපෑම නිසා ය. 

ඇත්තට ම රටේ ඉන්නට බැරි වීම නිසා පළා ගිය අතළොස්සක් මිනිසුන්ට හා රැකියා වෙනුවෙන් පිටරට ගිය අයට මා කියන දෙය අදාළ නැත. 

අපගේ සංවාදයට සහභාගි වූ ඇතැම් විදෙස්ගත ලාංකික‍යන් අප සම්බන්ධයෙන් කියන කරුණක් වන්නේ අප පිටරට යාමට බැරි වූ නිසා මිදි ඇඹුලයි කියන නරි වැනි ය කියා ය. ඔබ සම්පූර්ණයෙන් ම වැරදි නැත. එහෙත්, සියලු ලාංකිකයන්ට තබා සියලු මධ්‍යම පංතිකයන්ටවත් ‍කිසි කලෙක මේ විසඳුම අත්පත් කර ගත නො හැකි ය. රටින් පළා යාමේ සිහිනයත් මේ දිනවල ලංකාවේ රියැලිටි සංදර්ශනවල සුපිරි තරු වීම වැනි ය. දිනන්නේ සුළු පිරිසක් පමණි. බහුතරය පරදිති. එහෙත්, අති බහුතරය මේ සිහිනය තුළ ජීවත් වෙති.

ගැටලුව තිබෙන්නේ මෙතැන ය. ඔවුන් ගතින් මේ රටේ ජීවත් වුවත්, සිත ඇත්තේ වෙන කොහිවත් ය. ඒ නිසා ඔවුන්ට මේ රටට හෙණ ගැහුවත් කමක් නැත. මේ කෑදර පාලක පවුල වැනි දේශපාලකයන් බලයට ගෙන එන්නේත්, ඔවුන් රැක ගන්නේත් ඒ නිසා ය. 

දියුණු ධනේශ්වර රටකට පළා යාම කියන්නේ ද ධනවාදය විසින් අප වැනි දිළිඳු රටවල ප්‍රවර්ධනය කරන පාරිභෝජනවාදයේ ම අංගයකි. ඇමරිකාව විසින් ජන විවිධත්වය මුවාවෙන් පවත්වනු ලබන ග්‍රීන් කාඩ් නම් ලොතරැයිය තේරුම් ගත හැකි එක් ආකාරයකි එය. 

බටහිරට පළා යාම නම් පාරිභෝජනවාදී, උන්නතිකාමී, මධ්‍යම පංතික අදහසට එරෙහිව අප අරගල කළ යුත්තේ මෙම දේශපාලන පදනමේ සිටයි. 

බුද්ධිගලනය ඇත්තෙන්ම මේ රටේ සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීමේ අරගලයේදී බරපතල ගැටලුවකි. 

'අපට තැනක් නැති නිසා අපි ගියා. ඒත් අපි ලංකා‍වට මා‍ර විදියට ආදරෙයි.' යන ප්‍රකාශය දේශපාලනික වශයෙන් ඉතා කුහක ය. පළා ගියවුන්ට මේ රට හා සිංහල, දෙමළ ජාතීන් වෙනුවෙන් කළ හැකි විශිෂ්ට ම සේවය වන්නේ අලුත් සමාජයට අනුගත වී, තමන්ගේ අලුත් ජාතියට පක්ෂපාතීව ජීවත් වීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. /*ඇත්තට ම රටේ ඉන්නට බැරි වීම නිසා පළා ගිය අතළොස්සක් මිනිසුන්ට හා රැකියා වෙනුවෙන් පිටරට ගිය අයට මා කියන දෙය අදාළ නැත.*/

    පැරා මේක කලින්ම කිව්වනම් අච්චර කොමෙන්ට් දාන්න වෙන්නෙ නෑනෙ. හබැයි පැරා මේ දෙගොල්ලො ඇරුනාම තව ඉන්නෙ කවුද?
    1. බොරුවට සරණාගත ගත්ත උන්
    2. හොරෙන් පැනපු උන්
    3. පී.ආර්/සිටිසන් ගත්ත අය

    පැරා දාගෙන රට ගිය උන්ට බනින ගමන් කියනවා "ගැටලුව තිබෙන්නේ මෙතැන ය. ඔවුන් ගතින් මේ රටේ ජීවත් වුවත්, සිත ඇත්තේ වෙන කොහිවත් ය.". ඉතින් එකත් රට ගිය උන්ගෙ වැරද්දක්ද?

    ඔය මම කිව්ව 1 ට වැටෙන උන නම් ෆුල්ල් ට්‍රයි එක කෙලවන්නමයි, ඒක හරි මොකද උන්ට ඕනෙ උන්ගෙ ඇසිලම් එක කොන්ටිනුඑ කරගන්න. හොරෙන් පැනපු උන් ගැන නම් දන්නෙ නෑ එත් පී.ආර්. ගත්ත උන් මොකටද රටට කෙලින්නෙ, පී.ආර්. ගන්නෙ කොලිෆිකේශන් වලටනෙ, රට හොඳ උනත් නරක උනත් එකෙන් වෙනසක් වෙන්නෙ නෑනෙ.

    පැරා බලන්න මේක, /*ඔවුන්ගේ කුහකත්වය තිබෙන්නේ තමන් අපේක්ෂා කරන ජීවන තත්වය මේ රටේ අැති වනවාට ඔවුන් තුළ තිබෙන අකැමැත්ත තුළයි. */, බලන්න කුහකත්වය තියෙන්නෙ රට ගිය උන්ගෙද නැත්නම් ඔයාගෙ හිතෙ ද කියල. ඇයි රට ගිය උන් අකැමැති වෙන්නෙ ලංකාව හොඳ වෙනවට? ඔයා මෙහෙම කියන්නෙ මොන කරුණු උඩද?

    /*ගැටලුව තිබෙන්නේ මෙතැන ය. ඔවුන් ගතින් මේ රටේ ජීවත් වුවත්, සිත ඇත්තේ වෙන කොහිවත් ය. ඒ නිසා ඔවුන්ට මේ රටට හෙණ ගැහුවත් කමක් නැත. මේ කෑදර පාලක පවුල වැනි දේශපාලකයන් බලයට ගෙන එන්නේත්, ඔවුන් රැක ගන්නේත් ඒ නිසා ය.*/
    දැන් මේකෙන් කියවෙන්නෙ රට යන්න හීන තියන උන් රජාට චන්දෙ දෙන රටට කෙලවෙන්න, එතකොට රාජාට චන්දෙ දීල රටට කෙලවල කොහොමද රට යන්නෙ?

    /*තමන්ගේ අලුත් ජාතියට පක්ෂපාතීව ජීවත් වීමයි. */

    :)

    -----------
    පැරා උත්තර දෙන්නෙ නෑ කියල දන්නව, ඒත් තමන් දෙශපාලනික මතයක් වෙනුවෙන් ගොඩ නගාගත්ත චරිතය නිකන් දෙකයි පනහෙ කුහක, හරියට නොදන්න දෙයක් වෙනුවෙන් කැප කරන්න එපා. ඔයා කියන දේ පිලිගන්නවන්න තරම් සාදකවත් නෑ, නිකන් අර ජිනීවා වල කොඩි අරන් ගිය උප කුලුකයකට එරෙහිව කියන්න ඕනෙ දෙයකට සර්වත්‍ර කුලකයටම ආදේශ කරන්න එපා.

    -ප.ගෝ.

    ප.ලි. ජිනීව වල කොඩි අරන් ගිය එක ගැන මගෙ විරෝදයක් වත් ලොකු සහයෝගයක්වත් නැහැ, ඒ මිනිස්සු ගිය එකෙන් ලංකාවෙ කාටවත් කන්න නැති උනෙ නෑනෙ, කාටවත් කරදරයක් උනෙත් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ලිපිය නැවත කියවන්න. ඔබේ ප්‍රශ්නයට පිළිතුර එහි ති‍බේ.

      " දියුණු ධනේශ්වර රටකට පළා යාම කියන්නේ ද ධනවාදය විසින් අප වැනි දිළිඳු රටවල ප්‍රවර්ධනය කරන පාරිභෝජනවාදයේ ම අංගයකි. ඇමරිකාව විසින් ජන විවිධත්වය මුවාවෙන් පවත්වනු ලබන ග්‍රීන් කාඩ් නම් ලොතරැයිය තේරුම් ගත හැකි එක් ආකාරයකි එය.
      බටහිරට පළා යාම නම් පාරිභෝජනවාදී, උන්නතිකාමී, මධ්‍යම පංතික අදහසට එරෙහිව අප අරගල කළ යුත්තේ මෙම දේශපාලන පදනමේ සිටයි.
      බුද්ධිගලනය ඇත්තෙන්ම මේ රටේ සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීමේ අරගලයේදී බරපතල ගැටලුවකි."

      Delete
    2. // දියුණු ධනේශ්වර රටකට පළා යාම කියන්නේ ද ධනවාදය විසින් අප වැනි දිළිඳු රටවල ප්‍රවර්ධනය කරන පාරිභෝජනවාදයේ ම අංගයකි. //

      // බටහිරට පළා යාම නම් පාරිභෝජනවාදී, උන්නතිකාමී, මධ්‍යම පංතික අදහසට//

      උන්නතිකාමී වීම වැරදි නැහැ නේ? අනික ලංකාවෙ ඉඳන්ම පරිභෝජනවාදී උන්නතිකාමී වෙන්න බැරිද එහෙම වෙන්න ඕනෙ එකෙක් ට? මේ විදියට නම් ඉතින් උපාධියක් කිරීමත් පරිභොජනවාදී උන්නතිකාමී අදහසක් නිසා පැරා උපාධි ගැනීමටත් විරුද්ධ ද?

      Delete
    3. ඔයා කියන්න හදන්නෙ බුද්ධිගලන ගන නම්, එකට විසඳුමක් හොයන එක ගැන නම්, මේ ක්වගෙ කැලි මොකටද? /*ඔවුන්ගේ කුහකත්වය තිබෙන්නේ තමන් අපේක්ෂා කරන ජීවන තත්වය මේ රටේ අැති වනවාට ඔවුන් තුළ තිබෙන අකැමැත්ත තුළයි. */

      ලිපිය කියෙව්ව, පැටළුන නූල් බොලයක් වගෙ, රට ගිය උන්ට බනිනවා කුහක කම ගැන කියල, ඉන්න උන්ට බනිනවා උන් යන්න හිතගෙන රටට කෙලවනවා කියල, බුද්ධිගලනය ගැන කියනවා. මොකක්ද ඔයාගෙ මූලික තර්කය?

      පැරා මගෙ ප්‍රශ්නෙ උනේ, ඔය කොහොමද/ඇයි මෙහෙම කියන්නෙ, ඇයි රට ගිය උන්ට කුහකකම් අරක මෙක කියල කියන්නෙ, මොනවද සාදක කියන එකයි. ඒකට ඔය අරන් තියන කොටස උත්තරයක් නෙවෙ.

      තව දෙයක්, "බුද්ධිගලනය ඇත්තෙන්ම මේ රටේ සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීමේ අරගලයේදී බරපතල ගැටලුවකි" කියන එක වැරදියි, ඒක රටක දියුනුවට, කාර්‍යක්ශමතාවයට, පුද්ගලයකු වෙනුවෙන් රජයෙ ආයෝජනයේ ප්‍රතිලාභ වලට බල පාන්නක් මිසක් යහපත් සමාජයක් වෙනුවෙන් තීරණාත්මක බලපෑමක් කරන්න බැහ. උදා: රට ගියෙ නැතිව ඉන්න ඔක්කොම බුද්දිමතුන් ඔක්කොම සමාජෙට යහපත් කර අය නෙවේනෙ.

      -ප.ගෝ.

      Delete
    4. තව දුරටත් මේක ප්‍රශ්න කරල වැඩක් නෑ, පැරා (මට සහ අනිත් අයට ) දීල උත්තරත්, උත්තර නොදී ඉන්න ප්‍රශ්නත් එක්ක බැලුවාම, නිකම්ම දීප්තිගෙ ලියුමෙම කොපියක් තමන්ගෙ තියන ඉරිසියාවටයි කුහක කමටයි ලියපු එකක් කියල තමයි කියන්න වෙන්න.

      කොමෙන්ට් එක ඉවර කරන්න වෙන්නෙ අර පහල "මහසොහොන් පිල්ලිය" කියල තියන අන්තිම වාක්‍යයෙන් තමයි. ගිහින් බලන්න.

      -ප.ගෝ.

      Delete
  2. මම හිතන්නේ පැරා මේ ලිපි පෙලින් කියවෙන මතවාදය ගොඩ නගන්නේ තර්ක හෝ කරුණු මත පදනම් වෙනවාට වඩා හිතළු මත පදනම්ව.

    // එහෙත්, අති බහුතරය මේ සිහිනය තුළ ජීවත් වෙති. ගැටලුව තිබෙන්නේ මෙතැන ය. ඔවුන් ගතින් මේ රටේ ජීවත් වුවත්, සිත ඇත්තේ වෙන කොහිවත් ය. //

    දැන් පැරා මේ කියන්නෙ, මධ්‍යම පන්තිය රට යන උවමනාවෙන් ඉන්න නිසා මේ රට හදන්න උවමනාවක් නෑ කියන එක නේ? මද්‍යම පන්තියෙන් කීයෙක් කී දෙනා ද පූර්නකාලීනව වෙන රටක පදිංචියට යන උවමනාවෙන් ඉන්නෙ? මගෙ හිතේ 1%ක් වත් නැතිව ඇති. වෘත්තීන් කිහිපයක් තියනවා (පරිගනක ඉංජිනේරු, කාලෙකට ඉස්සර ජර්මන් ටෙක් වෑද්දුම් ශිල්පී වගේ) අනික් වෘත්තීන්ට වඩා රට යන්න නැඹුරුතාව වැඩි. නමුත් මන් දන්න අති මහත් බහුතරයක් ගුරුවරු, දොස්තරල, නර්ස් ල හැර සෞඛ්‍ය සේවයෙ, ආරක්ෂක සේවා වල කාටවත් එහෙම අපි කොහොම හරි රට යනවා කියන අදහසක් නෑ.

    මේ තර්කෙ හරි යන්න නම් පැරා ඉස්සෙල්ල ඔප්පු කරන්න ඕනෙ ලංකාවෙ මද්‍යම පන්තියෙ චන්දෙ දෙන බහුතරයක් ඉන්නෙ ස්තිර පදිංචියට රට යන හීනෙක කියලා. අවුරුදු 50-80 අතරෙ ඉන්න අය, ගුරුවරු, වඩු බාස් ලා, කම් කරුවො, ත්‍රී වීල් රියදුරන්, රාජ්‍ය සේවකයො ඔක්කොමත් එක්ක. පැරා ඉස්සෙල්ල "මද්‍යම පංතිය" කියන්නෙ කාටද, එයින් "අති බහුතරය" කියන්නෙ කොච්චර ප්‍රතිශතයක් රට යන හීනයක ඉන්නවද කියන එක ගැන දළ අදහසක් වත් දෙන්න. ඔබ කතා කරන්නෙ හැබෑ සාධක ගැනද කියල අපිට බලන්න පුලුවන්.

    අනික කෙනෙක් රට ගියොත් ඔය පැරා කිව්ව වගේ මේ රටට කෙල වෙනවට සංසන්දනාත්මකව කැමති කියල මොහොතකට හිතමු: ඒකම රට යාම සඳහා ඇත්තට වැඩ කරන (PR application දාන, විබාග කරන) සුළුතරයකටත් අදාලයි කියමු. ඉතිරි උන් ටික උනුත් දන්නෙ නැහැ නෙ උන් කවද රට යාවි ද කියලා? ඉතින් මොකද උන්ට රටේ සුභ සිද්දිය ගැන නොහිතන්න තියන හේතුව? රට නරක් වෙන්න වෙන්න වෙන්නෙ උන්ට (වෙනත් මූල්‍ය පාඩු වලට අමතරව) රට යන්න තියන කම්පිටිෂන් එකත් වැඩි වෙන එක නේ? බස් එපා වෙලා කෝච්චියකට නැගපු එකෙක් බස් ස්ට්‍රයික් එකක් එනවට කුහකව සතුටුයි කියමු, "මට නම් බස් එපා වෙලා මම 4 කෝච්චිය අල්ල ගන්නවා" කියල හිතන් ඉන්න එකෙක් කැමති නෑ නෙ 2ට බස් ස්ට්‍රයික් එකක් පටන් ගන්නවට?

    //පළා ගියවුන්ට මේ රට හා සිංහල, දෙමළ ජාතීන් වෙනුවෙන් කළ හැකි විශිෂ්ට ම සේවය වන්නේ අලුත් සමාජයට අනුගත වී, තමන්ගේ අලුත් ජාතියට පක්ෂපාතීව ජීවත් වීමයි. //

    ජාති දෙකකට පක්ෂපාතී වෙන්න බැරි නැහැ නේ? මිනිස්සු කසාද බැන්දම තමන්ගෙ පවුලටයි ගෑනිගෙ පවුලටයි දෙකටම සලකන්නෙ?


    ReplyDelete
    Replies
    1. පිළිතුරක් ලිපියේ ඇත.
      " අපගේ සංවාදයට සහභාගි වූ ඇතැම් විදෙස්ගත ලාංකික‍යන් අප සම්බන්ධයෙන් කියන කරුණක් වන්නේ අප පිටරට යාමට බැරි වූ නිසා මිදි ඇඹුලයි කියන නරි වැනි ය කියා ය. ඔබ සම්පූර්ණයෙන් ම වැරදි නැත. එහෙත්, සියලු ලාංකිකයන්ට තබා සියලු මධ්‍යම පංතිකයන්ටවත් ‍කිසි කලෙක මේ විසඳුම අත්පත් කර ගත නො හැකි ය. රටින් පළා යාමේ සිහිනයත් මේ දිනවල ලංකාවේ රියැලිටි සංදර්ශනවල සුපිරි තරු වීම වැනි ය. දිනන්නේ සුළු පිරිසක් පමණි. බහුතරය පරදිති. එහෙත්, අති බහුතරය මේ සිහිනය තුළ ජීවත් වෙති.
      ගැටලුව තිබෙන්නේ මෙතැන ය. ඔවුන් ගතින් මේ රටේ ජීවත් වුවත්, සිත ඇත්තේ වෙන කොහිවත් ය. ඒ නිසා ඔවුන්ට මේ රටට හෙණ ගැහුවත් කමක් නැත. මේ කෑදර පාලක පවුල වැනි දේශපාලකයන් බලයට ගෙන එන්නේත්, ඔවුන් රැක ගන්නේත් ඒ නිසා ය. "

      කොහොමත්, අදහස් යනු උපකල්පන විශේෂයකි. ඒවා ඔප්පු කළ හැක්කේ සමීක්ෂණ ඔස්සේ ය. මෙහිදී අප එවැන්නක් කර නැත. එබැවින් ඔබට එය ප්‍රතික්ෂේප කරන්නට පුළුවන.

      එහෙත්, අපගේ ලිවීමේ එක් අරමුණක් වන්නේ ඔබ කුපිත කිරීමයි. ඔබට තමන් ම ප්‍රශ්න කර ගැනීමට පෙළඹවීමයි. අපි ඇකඩමික් ලේඛකයෝ නො වෙමු.

      Delete
    2. මම පැරා ගේ අදහස ප්‍රතික්ෂේප කරන්නේ /සමීක්ෂන ප්‍රතිඵල සපයා නොමැත/ කියන පදනමෙන් නොවෙයි. පැරාගේ ක්ලේම්ස්, මනස්ගාත මිස කිසිම භෞතික පදනමක පිහිටා නැත කියන පදනමෙන්. සමීක්ෂන ප්‍රතිඵල එපා, පැරා බහුතරයක් කියන්නේ 80%ක් ද 51%ද 10%ක් ද කියා වත්, අඩු ගනනේ පැරාගේ මතය සාධාරනීකරණය කරන්න පුලුවන් මට්ටමකින් (පැරා හිතන මට්‍ටමින්) කියන්න.

      ඒ සංඛ්‍යාව එකඟ වෙන්න බැරි නම් (99%) එතකොට ඒක උඩ පිහිටපු පැරා ගෙ නිගමනයත් අවලංගු වෙනවා.

      ඒක 1% වගේ ගනනක් නම් අපිට ඒකෙන් රටට මොන වගේ ඉෆෙක්ට් එකක් තියනවද කියන එක ගැන කතා කරන්න පුලුවන්.

      ඔබේ අදහස් ඇකඩමික් වියයුතු නෑ, ඒත් බුදුන්ගේ කලටත් පෙර සිටම මිනිස්සු තර්ක වලදී ප්‍රමානවත් හේතු ඉල්ලුවා.


      Delete
    3. පැරාගෙ මතවාදයත්, ලිංගික අපරාද වැඩි වෙන්නෙ ගෑනු කොටට අඳින නිසා කියන එක වගෙම එකක්. "සමීක්ෂන ප්‍රතිඵල නෑ උපකල්පන විතරයි" කීමෙන් ඒ අදහස සීරියස් එකක් බවට කොලිෆයි වෙන්නේ නෑ. අඩු ගනනේ පිස්සු මනස්ගාතයක් නොවන තරමට වත් සුදුසු කම් ලබන්න, තරමක හරි සාධක අවශ්‍යයි, අපි දැනටමත් දන්නා සාධක සමග contradict නොවෙන්නත් අවශ්‍යයි.

      පැරාගේ මතයට දැනට මේ සුදුසු කම් දෙකම නැහැ.

      Delete
  3. Paro....mr. Nalin Silva got upset after 65....or so....You are too early.besides .less Academic than Nalin...

    ReplyDelete
  4. ජිනීවා වලට වාසුදේවගේ අමාත්‍යාංශයෙන් පිරිසක් ඇරියා ප්ලේන් ඒකක පටවලා විරෝධතාවයට. ඔක්කොම ඒ අමාත්‍යංශයේ සේවකයෝ. මාරයි වාසුයි ගංකබරයයි දෙන්නම.

    ReplyDelete
  5. What's the deference between Academic and none Academic..???????

    Supposed to be Academics base on certain theories..
    none...?????

    ReplyDelete
  6. පදනම් විරහිත තාර්කික නොවන ලිපියකි. හුදු මන:කල්පිත සහ කුහකත්වය මත පදනම්ව ලියන ලද වැල්වටාරම් වලින් පිරි ලිපියක් බව පෙනේ. මානව සංක්‍රමණය (human migration) පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික කරුණු කාරණා මත පදනම්ව ලියන මෙන් ඉල්ලමි. ශ්‍රී ලාංකික පමනක් නොව අනෙකුත් සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සංක්‍රමික ජන සමාජ සමජ පිළිබඳව අවබෝධයක තිබුනේ නම් ඔබ මෙවැනි ලිපියක් නොලියනු ඇත. කරුණාකර මෙම සබැඳිය බලන්න.
    http://en.wikipedia.org/wiki/Human_migration

    ReplyDelete
  7. Even a Self intercourse is Political when you do it Group wise
    What do you think about it..?

    ReplyDelete
  8. Happy to think, That Sinhala readers are fortunately Sinhala People.(I mean most Sri Lankan)

    What is ..Otherwise....?

    ReplyDelete
  9. Mama Ahala thiyana widiyata Reula wawanne ananyatha arbuda thiyana udaviyalu. eka thawath hedawalata kapanne,,, e arbuda SYMPTOMS Unamalu....>>Ahala thiyana deyak witharai.

    ReplyDelete
  10. ලන්කාවේ පරිප්පු ඇටයේ සිට සීනි ඇටය දක්වා පාරිභොගික භාන්ඩ ගෙන්වන්නේ, ගමන් බිමන් යන්න ඉන් දන ගෙන්වන්නේ පිටරට ඉන්න ශ්‍රමිකයන් එවන විදේශ විනිමය මගිනි. ඒ පමනක් නොවේ ඔබලා ලන්කාවේ සිට ඔය කොටන පරිගනකයද ගෙන ආවේ පිටරට ඉන්න ශ්‍රමිකයන් එවන විදේශ විනිමයෙනි.

    ReplyDelete
    Replies
    1. විදේශ රැකියා ලංකාවේ විදේශ විනිමය ආදායම් මාර්ගයයි. තේ, රබර් ආදී අපනයන හා ඇඟලුම් වැනි අපනයන ද විදේශ විනිමය උපයයි.

      Delete
    2. පැරකුම් මහබැංකු වාර්තාවේ external trade and finance යටතේ අවසන් 2012 දත්ත අනුව තේ රබර් පොල් ඇතුළු කෘෂිකාර්මික අපනයන ඇතුළුව මුළු අපනයන වලින් ලැබී ඇති මුළු අදායම රුපියල් ම්ලියන 1,245,531 කි. නමුත් එම වසරේ ආනයන සඳහා රුපියල් ම්ලියන 2,440,899 වැයවී ඇත ඒ අනුව ලංකාව පිටරටවලට රුපියල් මිලියන -1,195,368 එම වසරේ ණය වී ඇති බව ඔබට තේරුම් ගත හැකි බව විශ්වාස කරමි. එම වසරේම Private Transfers වලින් විදේශ ශ්‍රමිකයන් රුපියල් මිලියන 763,980 එවා ඇත. අර නයට කාපු හිගය පියවන්නට වැඩිම දායකත්වය සපයා ඇත්තේ උන්ය, ඇත්තටම එම මුදලිනුත් 59% කට වඩා දායකත්වය සපයා ඇත්තේ මැදපෙරදිග කඹුරන අපේ ගැහැණුය.
      උඹේ තර්කය තුල කුහක කම හැර වෙන දෙයක් ඇත්නම් පැහැදිලි කරන මෙන් ඉල්ලමි. උඹලාගේ සමාජවාදී මිතුරන් මට ඇමරිකාවේ වරායක මලකඩ කඩනවා යැයි කින්ඩිය දාන විට අමතක කරන කරුණ වන්නේද උබලාගේ ගෙවුම් ශේෂයේ හිගය පියවීමට හැම මාසයකම අපි මලකඩ කඩා හෝ ලංකාවට එවන මුදලේ දායකත්වයයි. මේ ලිපිය තුල JVP ලේ උරුමයේ කුහකත්වය මිස උබේ ඔය අලුත් සමාජවාදී ජිවන දර්ශනය මට නම් හඳුනාගත නොහැක.

      Delete
  11. ඔබ ලන්කාවේ උගත් වෘතිකයෙක් කියලා හිතන්න ඔබ රැකියාව කරන කොට මර්වින් ලා වගේ නූගත් දේශපාලකයන් ගෙන් අසාධාරන බලපෑම් එනවා , රාජකාරිය නීතියට කරන්න බැහැ. උදාහරනයක් හැටියට වෛද්‍ය ආනන්ද සමරසේකර ගන්න , මේ අධිකරන විසේසංඥ වෛද්‍යවරයාට සිදු වෙනවා දේශපාලන බලපෑම් සහ වෙනත් බලපෑම් මත දුමින් ද සිල්වාගේ මොලේට බරපතල තුවාල වෙලා කියලා රිපෝට් එකක් දෙන්න​. මේ වගේ දේවල් බටහිර රටවල අධිකරන විසේසංඥ වෛද්‍යවරුන්ට වනවද ? ඔබ ලන්කාවේ උගත් වෘතිකයෙක් නීතියට ගරු කරන පුද්ගලයෙක් උනත් පාරේ යනකොට ඩිෆෙන්ඩර් පිරිවරාගෙන අට පාස් දේසපාලකයෙක් එනවා. ඒ ප්‍රභූ ආරක්ශකයෝ ඔබට කුනුහර්පෙන් බැනලා ඔබගේ වාහනය අයින් කර ගන්න කියනවා. ඔබගේ ඉඩම අසල් වැසියා කොටසක් බලහත්කාරයෙන් අයිති කරගෙන​, ඔබ පොලිසියට යනවා නීතිය සාදාරනය ඉල්ලලා , අසල් වැසියා ඇමතිගේ සම්බන්ධීකරන ලේකම් , ඒ නිසා පොලිසිය නිහඩයි. අසල් වැසියා මායිමත් අල්ලගෙන ඔබට උදේ හවහා අපහාස කරනවා. ඔබගේ දරුවන් යන්නේ ලන්කාවේ විශ්ව විද්‍යාල වලට එහිදී ඔවුන්ව බරපතල ලෙස හින්සනයට ලක් වෙනවා. ඔබ අසරනයි . ඔබට මේ සිස්ටම් එකේ ජීවත් වෙන්න අනුගත වෙන්න ඕනේ මේ නිසා එක්කෝ ඔබ මේ අසංකෘතික ගෝත්‍රික ක්‍රමයේ මහින් ද අබේසුන්දර , ජැක්සන් ඇන්තනි , අනුර සේනානායක වගේ සපෝටර් කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජග්මනයෙක් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. Reality sucks! But no escape. Wait for Para's Utopia.

      Delete
  12. Mr: Ajith Parakum Jayasingha...have you ever heard that word HOMESICK. it means much much more than you believe up to your awareness. out there is no one against home. as everybody got homesick. out of your home country every body is alone man.(feel isolated)

    ReplyDelete
  13. පැරා ඔයාට ඔයාගේ සිහින වල ජීවත් වෙනවා වගේම, ඔවුන්ටත් ඔවුන්ගේ සිහිනවල ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඔයා ඔයාගේ ස්වර්ගය මෙහේ මවන්න සිහින මවන කොට. ඔවුන් ඔවුන්ගේ ස්වර්ගය එය යැයිද. කෙසේ හෝ ස්වර්ගස්ථ විය යුතු යැයිද සිහින මවනවා. ඒ සිහින වලට මේ කොල්ලකාරී, උන්නතිකාමි, කාළකන්නි, පරිභෝජනවාදී, කුහක සිහිනය සැබෑ කරගන්න. මේ ධනවාදී පාළණ ක්‍රමය තුල ඉඩක් තිබෙනවා. ඒත් පැරාලාගේ සිහිනය වූ සමාජවාදය තුල ඒවන් මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ, සිහින වල නොව සිර ගෙවල් තුල පමණයි නේද....?

    ReplyDelete
    Replies
    1. නැහැ. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරන මේ පළා යා‍මේ සිහිනය සැබෑ කර ගන්න පුළුවන් ඉතා සුළු පිරිසකට පමණයි. වැඩි පිරිසකට එය සිහිනයක් ම පමණයි.

      අප සමාජවාදය යයි කියන්නේ ඔබ සිතා සිටින දෙයට නො වේ. එය කිසි කලෙක ඔබට තේරුම් ගන්නට බැරි ය. මන්ද, ඔබගේ පදනම වන්නේ එය නො තේරෙන සේ හැසිරීමයි. නැතිනම් සමාජවාදය ගැන මීට පෙර අප ඕනෑ තරම් පැහැදිලි කර තිබේ.

      Delete
    2. මේ ලෝකේ කවුරුවත් ඇත දැකල නැති , විඳලා නැති , පැරාට ඇරෙන්න කාටවත් තේරෙන්නේ නැති අරුම පුදුම ආශ්චර්ය ජනක මායාවී සංකල්පයක් ඒක. මාතලන් අපි වගේ මෝඩයන්ට ඉතින් එව්වා කොහේ තේරෙන්නද? රජතුමාගේ සීතාම්බර සළුව වගේ තමයි. හැබැයි ලියන ඉර්ශ්‍යා සහගත ප්‍රලාප වලින් හැඟෙන්නේ එක පුලියේ වගේ. :P

      Delete
    3. nedakin kalakanniya..tho linde inna madiya wage hitiya kiyala anith unuth ehema wenna ooneda..pala gon thadiyo yanna..

      Delete
  14. යුද්ධය තිබුණ දවස් වල විදේශගත වුණ මගේ මිතුෙරක් 2009 මැයි මාසෙදි කියපු කතාවක් මතක් වුනා පැරාගේ මේ පෝස්ට් එක දැකලා. " අපරාදේ රට යන්න වියදම් කරපු සල්ලි. දැන් ඉතිං අපේ රටත් හොඳ වෙයි." එ්කා සෑහෙන දුකින් තමයි එහෙම කිව්වේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා