ලිංගිකත්වය සම්බන්ධ පුවත් තුනක්

පසුගිය දිනවල විකාශය වූ ප්‍රවෘත්ති හා සිද්ධි කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු විය.

යම් කිසි පුද්ගලයෙක් පාසල් සිසුවියක් යයි සිතිය හැකි යුවතියකගේ මුහුණු පොතෙන් අර ගත් ඡායාරූපයක් සිය ප්‍රොෆයිල් ඡායාරූපය ලෙස යොදා තිබිණි. අර දැරිය ඔහු පිළිබඳ වාර්තා කරන ලෙස ඉල්ලා ඇගේ මිතුරු මිතුරියන්ට පණිවුඩ එවා තිබිණි. අදාළ පුද්ගලයාගේ මුහුණු පොතට ගොස් බැලූ විට අර දැරිය එහි තබා තිබුණු පණිවුඩයක් ද දුටිමි. "තමුසෙ කවුද? ඇයි තමුසෙ මගෙ පිංතූරෙ ප්‍රොෆයිල් එකේ දාගෙන ඉන්නෙ?"

කැමරාව සුලබ ආම්පන්නයක් වී තිබෙන නූතන යුගයේ කිසිවෙකු තවත් අයකුගේ ඡායාරූපයක් ගැනීම හා සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් හෝ වෙනත් කෙනෙකු විසින් ෂෙයා‍ කරන ලද ඡායාරූපයක් නො මනා නො වන දෙයකට භාවිතා කිරීමේදී විරුද්ධ වන්නේ කෙසේ ද යන්න ගැන ප්‍රශ්නයක් ඇත. මුහුණු පොත ප්‍රචලිත වීමත් සමග එයට සම්බන්ධ වී තමන්ගේ ඡායාරූප බෙදා ගත් කිසිවෙකුට තව දුරටත් එම ඡායාරූපය පෞද්ගලික යයි කීමට හිමිකමක් තිබේද?

ඡායාරූපයක් යනු ආලෝකයෙන් ලිවීමේ කලාවක් වන මුත් එය චිත්‍රයක් වැනි පූර්ණ පරිකල්පනයක් නො වේ. ඒ නිසා කෙනෙක් ඡායාරූපයක නිර්මාන හිමිකම ගැන තර්ක කිරීම ද මට නම් විකාරයකි. මන්ද, ඡායාරූපයේ නිර්මාන හිමිකම හා එහි තිබෙන ආලෝකය, අවකාශය හා අහස, පොළව වැනි දේවල පොදු අයිතිය අතර ගැටුමක් ඇත.

අනෙක් සිද්ධි දෙක ලිංගිකත්වය හා සම්බන්ධ ය. පහත පළ වන මාධ්‍ය වාර්තාව කියවන්න. උපුටා ගත්තේ ලංකාදීප වෙබ් අඩවියෙනි. එහි රතු පැහැයෙන් දක්වා තිබෙන කොටස් වෙත අවධානය යොමු කරන්න.

තරුණියන් දෙදෙනකුගේ නිරුවත් වීඩියෝ දර්ශන ඇතුළු කැර සංයුක්ත තැටියක් හැදු බව කියන බෙන්තොට රන්දාගොඩ පන්සලක විහාරාධිපති බව කියන පානදුරේ චන්දිම (34) යළි අගොස්තු 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි බලපිටිය මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

හිමි නම වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සසංක ජයසේකර මහතා පැවසුයේ චන්දිම හිමියන් ආගමික හා සදාචාරත්මක වරදක් කැර ඇති නමුත් නෛතික වරදක් කැර නැති බවයි.

චන්දිම හිමියන්ගේ පරිගණකයේ අඩංගු දෑ ගැන විශේෂඥ, වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත් වරයා නියෝග කළේය.

මේ වාර්තාව ලියා තිබෙන ආකාරය රසවත් ය. සාමාන්‍යයෙන් හාමුදුරුවරුන්ගේ නමට මුලින් අගින් ගෞරව නාම පාවිච්චි කරන පුවත්පත මෙහිදී මේ හාමුදුරුවන්ගේ නම පමණක් ලියයි. එහෙත්, භික්ෂුත්වය යම් තනතුරක් නිසා එයට අදාළව නමට පසුපසින් හිමි කියා යෙදීම නරක නැත. හරියට ජනාධිපති මහින්ද රාජපක්ෂ, දොස්තර රාජිත සේනාරත්න, නීතිඥ නාමල් රාජපක්ෂ වගේ ය. මේ ලියන මම බ්ලොගර් අජිත් පැරකුම් ජයසිංහ නම් වෙනවා වගේ ය.ලිපියේ අග හරියේ හාමුදුරුවන් න් ආගමික හා සදාචාරත්මක වරදක් කැර ඇති නමුත් නෛතික වරදක් කැර නැති බව කියන ඡේදයේ හිමුදුරවන් නැවත හිමි වී තිබේ.

අනෙක් කරුණ, විහාරාධිපති බව කියන යන යෙදුම ද රසවත් ය. නිතිඥවරයාගේ තර්කය වන්නේහාමුදුරුවන්  ආගමික හා සදාචාරත්මක වරදක් කර ඇති නමුත් නෛතික වරදක් කර නැති බවයි.

අනෙක් වාර්තාව උපුටා ගත්තේ ලක්බිමෙනි. එය සමලිංගිකත්වය ගැන ය. සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම නම් දෙයක් ගැන මෙහි සඳහන් වේ. ඇත්තෙන් ම කීවොත් සමලිංගිකත්වය ලංකාවේ දැනටමත් සෑහෙන්න ප්‍රචලිත ය. සමලිංගික හමුවීම් සඳහා අද වන විට වැඩිපුර ම උපයෝගී කර ගන්නේ අනුරාධපුරය නො ව මුහුණු පොතයි.

සම ලිංගිකත්වය ලංකාවේ නීති විරෝධී ක්‍රියාවකි. ලිංගික මනෝ විද්‍යාව අනුව නම් එය සාමාන්‍ය තත්වයකි. මෙම වාර්තාවේ ඇති සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනය ගැන කියවන විට මට සිහිපත් වන්නේ ඉන්දියාවේදී මට හමු වූ එක්තරා පුද්ගලයෙකි. ඔහු කී පරිදි ඔහුගේ ක්‍රිස්තියානි මූලධර්මවාදී පියා සිය ජීවිතය ම කැප කර තිබුණේ හස්ත සංසර්ගයට එරෙහිව පත්‍රිකා බෙදීමට ය. මෙම
සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයේ කතා කරන පුද්ගලයා නම නො කීව ද වෛද්‍යවරයකු බව සඳහන් වේ. ලංකාවේ වෛද්‍යවරු පමණක් නො ව මනෝ වෛද්‍ය විශේෂඥවරු ද සම ලිංගිකත්වය දෙස බලන්නේ පටු ආකල්ප මත පිහිටා ය.

සම ලිංගිකයෝ වනාහි ලිංගික වශයෙන් පීඩාවට පත් සුළුතර පිරිසකි. ඔවුන් ළමාකාමීන් හෙවත් paedophiles වැනි සමාජයේ යහ පැවැත්මට ගැටලුකාරී වූ පිරිසක් නො වේ. ඔවුන්ට සිය ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් අරගළ කරන්නට හිමිකමක් තිබේ.

අනුරාධපුර වැනි පූජා භූමියක් තෝරාගෙන සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම කනගාටුවට කරුණක් බව සමලිංගික ක්‍රියාවලියට විරෝධය දක්වන ආයතනයක උසස් නිලධාරියෙකු පැවැසීය. ඊයේ (12) දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමිය ආසන්නයේ හෝටලයක මේ සම්බන්ධයෙන් නේවාසික පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කරන බවද ඔහු පැවසීය. ලෝකයේ බොහෝ රටවල සමලිංගිකත්වය ප්‍රසිද්ධ කරුණක් වුවත්, බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථානයක ප්‍රසිද්ධියේ වැඩමුළු පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් එය නරක පූර්වාදර්ශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමලිංගික සේවනයේ යෙදෙන්නන් 700 ක ප්‍රමාණයක් සිටින බව පැවැසූවත් එතරම් විශාල පිරිසක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.

විජාතීය බලවේගයන් අපේ රටේ තරුණ තරුණියන් සමලිංගිකත්වයට ඇද දැමීම සඳහා රුපියල් කෝටි ගණනින් වියදම් කරන බවත්, සමලිංගික නොවන තරුණ තරුණියන්ද ඔවුන්ගේ මුදල් පෙන්වා මෙම ක්‍රියාවලියට එක්කරගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

අනුරාධපුර නගරයේ පාසල් සිසුන් හා විවිධ වෘත්තීය පාඨමාලාවල යෙදෙන තරුණ තරුණියන් මේ සඳහා ‍පොළඹවා ගැනීමට අනුරාධපුර ප්‍රදේශයේ විශේෂ කණ්ඩායමක් කටයුතු කරන බවත්, තරුණ තරුණියන්ට මුදල් හා පහසුකම් ලබාදෙමින් ඔවුන් මෙම පිළිකුල් සහගත ක්‍රියාවලියට ‍පොළඹවා ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය. මෙම ක්‍රියාවලියේ ඇති භයානක තත්ත්වය නම් විරුද්ධ ලිංගිකයන්ට (ස්ත්‍රී - පුරුෂ) වඩා සමලිංගිකයන් තුළින් භයානක සුවකළ නොහැකි ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩි වීම බව ඔහු පෙන්වා දුන්නේය. සමලිංගික සේවනය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඇමෙරිකාවෙන් හමුවූ ලෝකයේ ප්‍රථම ඩ් ආසාදිතයා සමලිංගිකයෙකු බවත්ය. 1983 හෝ 1984 කාලයේදී ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් ආසාදිතයෙක් හමුවූ බවත් ඔහු ද විදේශීය රටක සමලිංගික ඇසුර පැවැත්වූ පුද්ගලයෙක් බවද වෛද්‍යවරයා කියා සිටියේය. ඊට අමතරව 1983 අගභාගයේ හෝ 1984 මුල් භාගයේදී දේශීය ඩ් ආසාදිතයෙකු හමුවූ අතර ඔහුද සමලිංගික ඇසුරක් පැවැත්වූ අයකු බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. ඊට අමතරව සමලිංගික ඇසුර තුළින් නිට්ටාවට සුව කළ නොහැකි ගොනෝරියා, ලිංගික ඉන්නන්, ලිංගික හර්පිස්, හෙපටයිටිස් ඕ, උපදංශය වැනි භයානක රෝග වැළඳිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. විවිධ පුද්ගලයින් පෙන්වා දෙන තරමේ සුන්දර ලෝකයක් සමලිංගික සේවනයන්ට පුරුදු වූවන්ට නොමැති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඊයේ (12) අනුරාධපුර නගරයේ හෝටලයක පැවති සමලිංගිකත්වය ප්‍රචලිත වැඩසටහන සඳහා විවිධ වයස් කාණ්ඩවල 20 දෙනෙකු පමණ සහභාගි වී සිටින බව වාර්තා වූ අතර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදී තිබූ බවද අනාවරණය විය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ඕකට කරන්න තියෙන්නෙ බො. බ. සේ. නානසාර ඇතුලු කස්ටිය සෙට් වෙලා මහ තැනට ඕපනින් එකට හෙම ආරාධනා කරලා මහා සිංහල බෞද්ධ ඔරිගි (Orgy) එකක් ඕගනයිස් කරන්න.....

    අර දන්සැල කිට්ටුව තැනක් හොයා ගත්තොත් කෑමයි ලෑමයි එකම තැනින් කියලා බෝඩ් එකක් ගහන්නත් පුලුවන්.....

    ReplyDelete
  2. සමලිංගික සේවනය කෙසේ වෙතත් අපචාර වෙන තැනක් තමයි පන්සල. ඒකට කියන්නේ පන්සල් සූදුව කියලා ලු!

    කොහොමටත් පන්සල් පිහිටෙව්වේ විදේශීය බලවේගයක මැදිහත්වීම නිසා නේ!

    ReplyDelete
    Replies
    1. කකා ඉතින් කොහොමත් සම ලිංගිකයිනෙ...... තට්ටයො ඔහොමම තමයි.....

      Delete
    2. ආං ඇනෝට ඇත්තක් කියවුනා. ගොඩක් හාමුදුරුවරුන්ටත් තට්ටෙ තියෙනව නේද? :D

      Delete
    3. කකා මහණ වෙලත් හිටියනෙ....... .......
      http://kathandara.blogspot.com/2010/03/blog-post_09.html

      Delete
    4. කකා සමලිංගිකත්වය වෙනුවෙන් බැහැලා වැඩ කරන පොරක්...... සමහර දවස් වලට ගෙදර එන්නෙත් රෑ වෙලා...... කොල්ලො එක්කම තමයි කාලෙ ගත කරන්නෙ...

      Delete
    5. මෙන්න කකාගේ නෝනා ඇනෝ ඇවිත්

      Delete
  3. "කොහොමටත් පන්සල් පිහිටෙව්වේ විදේශීය බලවේගයක මැදිහත්වීම නිසා නේ!"

    ඈ බොල, එතකොට ඉන්දියාවේ තියෙන්නේ පන්සල් නෙවෙයිද? එතකොට ඒවා පිහිටෙව්වෙත් විදේශ බලවේගවලින්ද? (ඒ ගස් ඇර වෙනත් ගස් තිබේද?)

    ReplyDelete
    Replies
    1. විදේශික විතරක් නොවෙයි අධි‍රාජ්‍යවාදී බලවේග.

      අශෝක අධිරාජයා

      Delete
  4. ලිංගිකත්වය පිලිබඳ පුවත් තුනෙන් තුන්වන පුවත ගැන කිවයුතුමයි කියා හිතුනා. එකට හේතුව මමත් සමලින්ගිකයෙක් නිසයි. ලංකාවේ භාෂාවෙන් කියනවනම් කොලු කාරයෙක්, නැතිනම් පොන්නයෙක්. මම ලංකාවේ උගත් දෙමව්පිය දෙදෙනෙකුට දාව උපන්, ලංකාවේ ප්‍රධානතම පිරිමි පාසලක සහ සරසවියක උගත් සාමාන්‍ය පිරිමියෙක්. එකම වෙනසකට තිබෙන්නේ මට කිසිම දවසක ගැහැණු කෙනෙක් ගැන ලිංගික උත්තේජනයක් ඇති නොවීමයි. ම කුඩාකල කිසිවෙක් මා අපයෝජනය කර නැත. ඔබේ ලිපියේ සඳහන් වන පරිදි සමලිංගිකයන් මානසික පීඩාවට පත්වූ පිරසක් ලෙස ම නොසිතමි. මානසික පීඩාවක් ඇතිවන්නේ සමලිංගිකත්වය නිසා ලංකාව වැනි සමාජයක ජීවත්වීමේදී අප වැනි පුද්ගලයන්ට ඇතිවන පීඩාව මතයි.
    මනෝ විද්‍යාවේ සඳහන්වන පරිදි බොහෝ පිරිමින් ද්විලිංගික වේ (Bisexuals). ලංකාවේ ම ලද අත්දැකීම් මත එය බොහෝ සත්‍යයක් බව මම සිතමි. හේතුව ලංකාවේ මා සමග ලිංගිකව එක්වූ බොහොමයක් පිරිමි විවාහක ජීවිත (ලෝකයට පෙනෙන පරිදි සාර්ථක විවාහ) ළමයින්ද සිටින පිරිමින් වීමයි. මේ අතර ප්‍රසිද්ධ දේශපාලකයින්, ප්‍රභූවරුන් සිටිති. මට සිතෙන පරිදි ඒ පිරිමින් බොහෝදෙනෙක් සමලින්ගිකත්වයට වැඩි කැමැත්තක් දැක්වුවත් සමාජ පීඩනය හේතුවෙන් විවාහ ජීවිත ගතකරන අයයි. ලංකාවේ රැකියාවකට සම්මුඛ පරීක්ෂණයකට ගියත් එහිදී අසන්නේ "බැඳලද?", "ඇයි බඳින්නේ නැත්තේ?" වගේ දේවල්ය.
    ලංකාවේ සමලිංගිකත්වය ගැන ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා අඩුවෙන් කතාවන මාතෘකාවකි. ටැබූ සබ්ජෙච්ස් මේ ගැන හරවත් ලිපි කිහිපයක් පලකල මට මතකයි. සමලිංගිකත්වය ගැන බහුතරයක් තවමත් සිතන්නේ එය ඇබ්බැහි වීමක් හෝ කවුරුන් හෝ විසින් අපයෝජනය වීම නිසා සිදුවන්නක් බවයි. සමහරුන් කුඩා ළමුන් අපයෝජනය කිරීම සමලින්ගිකත්වයේ කොටසක් ලෙස සිතති. නමුත් කුඩා දරුවන් අපයෝජනය මානසික රෝගයක් බව ඔබේ ලිපියේ නිවැරදිව සඳහන් වේ.
    කෙසේ නමුත් ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප වෙනස්කරන්නට මට බැරි නිසා මම විදෙස්ගත වුනෙමි. මේ රටේ මිනිසුන් අනිත් අය කවුරුන් සමග නිදගන්නවද යන්න සොයා බලන්නේ නැත. මෙහිදී මට හමුවූ මිතුරෙකුට (සමලින්ගිකයකු නොවේ) මම මගේ ලිංගිකත්වය ගැන මෙසේ කීවෙමි. "I am gay"
    එහිදී ඔහු දුන් පිළිතුර දන්නවද? "So what?"

    ReplyDelete
    Replies
    1. මල්ලී තරහ වෙන්ඩ එපා ඇහුවට. උබ සමලින්ගික පාට් එකේ ගෑණු පාට් එකද පිරිමි පාට් එකද​?
      ලොල්ලද​?
      පුක්කද​?

      Delete
    2. ඇයි උඹ අනිත් වැඩේ කරන්නද? නිකන් පලයන් ඩෝ යන්න....... අනිත් මිනිස්සුන්ගෙ කැමැත්තට ගරු කරන්න ඉගෙන ගනින්.....

      Delete
    3. Mehama kiyanna ubata lajja nadda? Ubata lankave jeevath vanna aithiyak naha. Lankave samalingakayanta jeevath venna ida denna baha..egollanva marala daanna one..ubata nivan labannama naha.

      Delete
    4. ලොල්ල වෙන්න ඇති

      Delete
  5. //මනෝ වෛද්‍ය විශේෂඥවරු ද සම ලිංගිකත්වය දෙස බලන්නේ පටු ආකල්ප මත පිහිටා ය.// එසේ පටු ආකල්ප වලින් බලනා විශේශඥ වරයකෙගේ හෝ වරියකගේ නමක් කියන්න (අඩුම ගානේ එක්කෙනෙක් ගේ වත් ), ඔබ ජෙනරලයිස් කර පැවසුවේ අඩුම ගානේ ඒ පිලිබඳ එක උදාහරනයක් වත් ඔබට දීමට පුලුවන් නිසා විය යුතුයි
    ඔබේ පහසුව සඳහා ශ්‍රී ලංකාවේ දැනට සිටිනා සියලුම විශේශඥ මනෝ වෛද්‍යවරුන්ගේ නාමාවලියද අමුනා ඇත
    http://slcpsych.lk/site/attachments/article/47/Consultant%20Psychiatrists%202.pdf

    ReplyDelete
    Replies
    1. කාගේවත් නම කියන්න මම කැමති නැහැ. කතාව කියන්නම්. එක් රෝහලක මානසික රෝග වාට්ටුවට තරුණයෙක් ඇතුල් කළා. හේතුව ඒ තරුණයා නැවතී සිටි මිතුරාගේ ගෙදරදී කලබල කිරීම. එයට හේතුව වුණේ ඔහුගේ සමලිංගික සහකරු කසාද බඳින්නට යාමයි.

      මේ තරුණයාව දින ගණනක් මානසික රෝග වාට්ටුවේ සිර කර තියා ගත්තා. මනෝ වෛද්‍ය විශේෂඥ අන්තිමට මේ තරුණයා නිදහස් කළේ තමන්ගේ චර්යාව රෝගයක් වන්නේ කෙසේදැයි ඒ තරුණයා දිගින් දිගට ම තර්ක කරන්නට පටන් ගත් පසුවයි.

      උපදේශනයකට යොමු කර තිබිය යුතුව තිබුණු පුද්ග‍ලයෙකුව මානසික රෝහලක සිර කර තැබීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.

      Delete
    2. අර්ජුන.... ඔය එකෙක් වත් සමලිංගිකයන් ගේ අයිතීන් වෙනුවෙන් හඩක් නගනවද?

      උනුත් සිංහල බෞද්ධ චින්තනයේ ලිං මැඩියො විතරයි........

      ඒ විතරක් නෙවෙයි පිටරට පදින්චි වෙලා එහි ඉන්න සිංහල කමියුනිටි එකට පමණක් බෙහෙත් කරමින් ඉන්න ඩොකාලත් ඒ විදිහමයි......

      Delete
    3. කරුනාකර එම රෝහල කුමක්දැයි කියාවත් පවසනවාද?

      Delete
    4. කලුතර. සිද්ධිය වුණේ ටික කලකට ඉහතදීයි

      Delete
    5. ඇයි දියනාත් ගොයිය ඉන්නෙ. හැබැයි හඩ එන්නෙ පුකක් දැක්කම.

      Delete
  6. මෙහි දෙවනි කාරනයේ එම පුද්ගලයාගේ නම අගට "හිමි" ලෙසහෝ මුලට "පූජ්‍ය" යනුවෙන් නොයෙදීමට හේතුවක් ඇත. භික්ෂුවක් පාරාජිකා වන කරුනු හතරක් ඇත. එයින් එකක් වන්නේ යම් භික්ෂුවක් ස්ත්‍රියක්, පුරුශයෙක්, තිරිසන් සත්වයෙක් සමග මුක, ගුද, හෝ සංසර්ගයේ යෙදීමයි. පාරාජිකා යනු පැරදීම නම් වේ. එනම් භික්ෂූත්වයෙන් පැරදීමයි. සන්සර්ගය ආරම්භ කල මොහොතේම ඔහු පාරාජිකා වේ. ඒ මොහොතේම ඔහුගේ භික්ෂූත්වය අහෝසි වේ.ඔහුට නැවත මේ ජීවිතයේදී පැවිදි විය නොහැක. උපමාවකින් කියන්නේන්ම් එය ගසකින් වැටුනු කොලයක් නැවත ගසට බද්ද කල නොහැකි මෙන් පාරාජිකා වූවෙකුහට නැවත පවිදිවිය නොහැක

    ReplyDelete
    Replies
    1. මළ හත්තිලව්වයි! දැන් එතකොට පාරාජිකා නො වුණ අය සාසනේ ඉන්නවද?

      අනෙක ඉතින් මේ ආත්මෙ මාර්ග ඵල අවබෝධයක් නො ලැබෙන එකේ පාරාජිකා නො වී ඉඳල මොකටද?

      Delete
    2. @ sinhala bauddhaya

      මෙයට යෝනි සංසර්ඝය අදාල නොවේද? කරුණාකර පිළිතුරු සපයන්න....

      Delete
    3. @ sinhala bauddhaya

      //...සන්සර්ගය ආරම්භ කල මොහොතේම ඔහු පාරාජිකා වේ. ඒ මොහොතේම ඔහුගේ භික්ෂූත්වය අහෝසි වේ...//

      මෙහිදී අහෝසි වන්නේ ඔහුගේ භික්ෂූත්වයද ? එහෙමත් නැත්නම් උපසම්පදාවද ?

      Delete
  7. අබුද්ධස්ස කාලේ..........

    ReplyDelete
    Replies
    1. Abuddassa kale Hamudurugolloth pirimi lamainwa walandanawa(apayojanaya karanawa)!.

      Delete
  8. සමලිංගිකත්වය හෝ විෂම ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කරන ගොඩක් උන්ගෙ කුහකත්වය උන්ගෙ කතා වලින්ම එළි වෙනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා