සංචාරකයන් ලංකාවට එන්නේ කුමක් බලන්න ද?

(2011 ජනවාරි 02, W3Lanka2010 වසරේත් ලංකාව ඍජු වි‍දේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමෙහි ලා එතරම් සාර්ථකත්වය් පෙන්වා ඇති බවක් නො පෙනේ. ඩොලර් බිලියන එකක ඍජු විදේශ ආයෝජන අපේක්ෂා කළමුත් එම ඉලක්කයට ළං වන්නට හෝ ලංකාව අසමත් විය. වසරේ මුල් මාස හය තුළ ඍජු විදේශ ආයෝජන පසුගිය වසර හා සාපේක්ෂව ගත් තල 15%කටත් වඩා අඩු විය. ලංකාව ආයෝජකයන්ට දුන් විසි වසරක බදු නිවාඩුව අවලංගු කිරීම ද මෙයට එක් හේතුවක් වන්නට ඇති මුත්, ලංකාව පැත්තෙන් ගත් කල එහි වරදක් නැත. 


වීසා සඳහා මුදල් අය කරන්නට හා ලංකාවෙන් පිටරට යන මිනිසුන්ට පහසුවෙන් එසේ කිරීමට ඉඩකඩ සලසා ඇති සිංගප්පූරුව හා මාලදිවයින යන දෙරටට හැර සෙසු රටවලට ලංකාවට පැමිණ වීසා ලබා ගත හැකි  පහසුව අත්හිටුවීමට රජය ගෙන ඇති පියවර සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ගේ විවේචනයට ලක් වී ඇති මුත්, එය රටේ අභිමානය ඉහළ නංවන, එසේ ම, වගකීමක් ඇති සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට ඉවහල් වන පියවරක් ලෙස සැලකිය හැකි ය. 


කෙසේ වෙතත්, වසර අවසන් වන විට, විශේෂයෙන් ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් ඇති වන ලකුණු දක්නට ලැබේ. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී ඇති අතර, සංචාරක ක්ෂේත්‍රයේ ඍජු විදේශ ආයෝජන බලාපොරොත්තු ද වර්ධනය වෙමින් ඇත. නිදසුනක් ලෙස හොං කොං පදනම් කර ගත්, පුරවර 66ක හෝටල් පිහිටුවා ඇති ෂැංග්‍රි ලා නම් හෝටල් සමාගම ගාලු මුවදොර කාමර 500ක තරු හතේ හෝටලයක් ඉදි කිරීමට රජය සමග සාකච්ඡා කළේ ය. 


සංචාරක ක්ෂේත්‍රයේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති වෙමින් පවතින නූතන තත්වය තුළ ලංකාව සැලකිලිමත් විය යුතු කාරණාවක් තිබේ. එනම්, ලංකාවට දියුණු රටවලින් වැඩියෙන් වියදම් කරන සංචාරකයන් එන්නේ ඇයි ද යන්නයි. 


අපේ මිනිසුන් ඒ රටවලට ගිය කල මහ මාවත්, දැවැන්ත ‍ගොඩනැගිලි, කැසිනෝහල් ආදිය දැක පුදුම වන මුත්, ඒ රටවල මිනිසුන්ට ඒවා මැජික් නො වේ. එකී 'සංවර්ධනය 'අනුකරණය කර ලංකාවේ කළ ඉදිකිරීම් බලන්නට ඔවුන් ලංකාවට එතැයි සිතීම හාස්‍යජනක ය. 


නිදසුනක් ලෙස, සංචාරකයකු‍ට මීගමු කලපුව වැදගත් වන්නේ එහි කෙරෙන පාරම්පරික ධීවර කර්මාන්තය නිසා ද නැතිනම් එයට මුහුදු ගුවන් යානා ගොඩබැස්විය හැකි නිසා ද යන්න රජය තේරුම් ගත යුතු ය. 


19වන සියවසේදී දින කිහිපයක් ලංකාවේ සංචාරය කර රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් ලංකාව ගැන කී කරුණු ලංකාවේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමේදී වැදගත් වේ. 


චෙකොෆ් ලියුවේ පාරාදීසයක් බඳු ලංකාවේ වනාන්තර, සතුන්, සුහදශීලී මිනිසුන්, ලෝකඩ පැහැ සම ඇති ගැහැනුන්, දුම්රිය ගමන් ආදිය ගැනයි. 


සංචාරකයන් ආකර්ශනය කර ගැනීම සඳහා මාර්ග, අභ්‍යන්තර ගුවන් තොටුපල, හෝටල් ආදිය මෙන් ම ලංකාවේ ‍පාරිසරික, ඓතිහාසික, සංස්කෘතික හා ජන උරුමය රැක ගැනීම ද වැදගත් බව රජය තේරුම් ගත යුතු ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. රත්නසිරිJanuary 4, 2011 at 10:24 PM

    මේ දවස වල සංචාරකයෝ ලංකාවට එන්නේ නැව් එන්නේ නැති හම්බන්තොට වරාය බලන්න.ලෝකේ පුදුම තුනෙන් එකක් නේ ඒක.අනිත් දෙකත් මෙහෙම තමයි තියෙන්නේ.ඒ දෙක පස්සේ කියන්නම්.

    ReplyDelete
  2. We can talk days about sri lankan tourism , to market sri lanka as tourist destinations government should have a plan , projections ,talented marketing plan, "Vision without action is a daydream. Action without vision is a nightmare."
    Do we have a vision ?
    Of coz we do , vision is way beyond reality, we talk a lot about the vision when ministers ( i forgot we don't have a minister for tourism) talk abt development on TV interviews.

    mission ?
    Mission is not easy , we do have many competitors , Maldives, India, Malayasia. we have to focus what we can offer , we have to market selected features that are unique to sri lanka.

    Reality
    Gov. has taken few positive steps but none of them seems to be working , only thing that is working marketing sri lanka as CHEAP destinations , so the outcome is sri lankan hotels get filled by Indians and Arabic guests where they DO NOT SPEND MONEY. last year most of the tour operators offers all inclusive packages less than 1000US$ some package they offers less than 500$ including air tickets , imagine a guest travel here for such a cheap package and they have second thoughts when they spend money here, number of guests can be higher Gov. can go to public and show that we have this much of number of guest arrived to sri lanka in 2010 , but do we really can enjoy that. Maldives is so concern marketing themselves in international, India is working hard, at least place some minister who can speak a bit English.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා