වන්නිනායකලා නැවත සොයා යාම
අජිත් පැරකුම් ජයසිංහ,
මවුන්ට් ලැවීනියා හෝටලෙන් නොමිලේ දීපු ටිකට් අරන් රටට ෂෝ දාපු අගමැතිනි හරිනි අමරසූරිය හා ටිල්වින් සිල්වා ඇතුළු බොළඳ මාලිමා/ජවිපෙ නායක පිරිසට ආදර්ශයක්. ඔවුන්ට ආරාධනා කළේ ඔවුන්ගේ තනතුරු හා රාජ්‍ය බලය නිසා මිස වෙනත් කාරණයක් නිසා නොවේ. ටිල්වින් සිල්වාට රාජ්‍ය තනතුරක් නැති බව ද ඔහුට අමතක වී ඇති නිසා මතක් කර දිය යුතුය.
එවැනි තැන්වලදී පවා ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරීමට සිදු වේ. අපි මෙහෙමයි ආතල් ගන්නෙ යන්න රටට පෙන්නීම සඳහා ඒ අන්දමින් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම බොළඳකමකි.
ජවිපෙ දේශපාලන සංස්කෘතිය තුළ යම් වෙනසක් කරමින් සිටියි. එහි සාධනීය පැතිකඩක් ද තිබේ. ඔවුන්ගෙන් බොහෝ අය ද කලින් සිටි බොහෝ අය ජාතියේම පුද්ගලයන් බව මෙසේ පෙන්වා දීම ද ඉතා වැදගත්ය.
මේවායින් වැඩිපුර පාඩම් ඉගෙන ගත යුත්තේ ජවිපෙ/මාලිමා බොරු හා වෛරී ප්‍රකාශ නිසා වින්දිතයන් බවට පත් වූ විපක්ෂ ධනේශ්වර දේශපාලනඥයන්ය. වර්තමානය මෙන්ම අනාගතය ද ධනේශ්වර දේශපාලනයේ යුගයක් බැවින්, බාගෙට තැම්බුණු මෙවැනි සමාජවාදීන් විසින් විශේෂයෙන්ම ආර්ථිකයට සිදු කර යන විනාශය හානිපූර්ණය කිරීම සඳහා දියුණු ධනේශ්වර දේශපාලනයක් අවශ්‍යය. ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් විය යුතුය.
පුරවැසියන් ලෙස අප කරමින් ඉන්නේ 2024ට පෙර යුගයේ කුණු වෙමින් තිබුණු ධනේශ්වර දේශපාලනය සුද්ද කරගැනීමේ කාර්යයයි. ජවිපෙ/මාලිමා ආණ්ඩුව ඒ සඳහා උත්ප්‍රේරකයක් ලෙස භාවිතා කළ යුතු අතර, ඒ ඔස්සේ ඔවුන්ට අහෝසි වී යාමට ද පහසුකම් සැපයිය යුතුය.
මෙම යුගයේ සමාජ සංවර්ධනය සඳහා වූ පුරවැසි දේශපාලනය මැනවින් විග්‍රහ කරගත යුතුය. ඒ සඳහා නිදර්ශන සපයන හරිනි අමරසූරිය, ටිල්වින් සිල්වා වැනි අය තව තවත් දිරිගැන්විය යුතුව තිබේ. ඔවුන් වනාහි අපේ පාර්ශ්වයේ නායකත්වය ගොඩනගා ගැනීම සඳහා නිදර්ශනාත්මක ඉදිරිපත් කිරීම්ය.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.