මාලිමාවේ හොඳ වැඩ

 

අජිත් පැරකුම් ජයසිංහ

මේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන හොඳ වැඩ. මාලිමාවට රටට කරන්නට පුළුවන් එක දෙයක් තමයි පරිසරය පිරිසිදුව තියාගන්න එක. ඒක සංචාරක කර්මාන්තය වැනි දේට විශේෂයෙන් හොඳයි. පොදුවෙත් හොඳයි. මේක සාර්ථක කරගන්නෙ කොහොමද?

ජවිපෙ 3% කට්ටිය නම් ඉස්සර ඉඳන්ම පරිසරය ගැන සංවේදීයි කියන්න පුළුවන්. ඒගොල්ලන් රැස්වීමක් තිබ්බත් එතන පිරිසිදු කරන්නෙ ඉස්සර ඉඳන්මනෙ. දැන් ඔය 43%ට එකතු වෙලා ඉන්න ඉතුරු 40% වෙන කවුරුවත් නෙමෙයි, ඉස්සර ඉඳන්ම මේ රට හැඩි කරපු අය.

උන් තමයි ගෙදර කුණු ටික පාරට විසි කරන්නෙ. ගෙදර වත්තෙ පර්චස් ටික පිරිසිදුව තියාගෙන ගේ ඉස්සරහ පාරෙ බලු බෙට්ටවත් අරන් දාන්නෙ නැත්තෙ. උන්ගෙ ළමයි තමයි බස්සෙකේ, පාරෙ එහෙම යන ගමන් එක එක ජාති කාලා පැකට් එක පාරට දාන්නෙ. උන්ගෙ බල්ලො තමයි පාරෙ රෙන්නෙ. ඒ නිසා උන්ව මාලිමාව ඇතුළෙ විනයගත කරන්න පුළුවන්. අපි දන්න හුඟක් තක්කඩි දැන් ඔතන. ඒක නරක නැහැ.

පරිසරය පිරිසිදුව තියාගන්න නම්, වීදි සුනඛ ගහණ පාලනය කරන්නට මොකක් හරි පියවරක් ගන්නට වෙනවා.

සංදර්ශනේට ඔය වගේ ශ්‍රමදාන කරන එක හොඳයි. ඒකෙන් සමාජයට පණිවුඩයක් යනවා. හැබැයි, ඒ විතරක් මදි. පරිසරය පිරිසිදුව තබාගැනීමේදී පළාත් පාලන ආයතනවලට විශාල වගකීමක් තියෙනවා. දැනට ඒවා අරාජිකයි. පළාත් පාලනයට සුදුසු සභිකයන් පත්කරන්නට ඕනැ අධීක්ෂණයට. හදන්නට ඕනැ සිස්ටම්ස් මිස ශ්‍රමදාන වැඩසටහන් නෙමෙයි.

මේ රට කවදාවත් සංවර්ධිත රටක් වෙන්නෙ නැහැ. ඒ කෝච්චිය අපට මිස් වුණා. ඒක නරකත් නැහැ. අල්ලපු රට වේගයෙන් සංවර්ධනය වෙනවා. වේගවත් සංවර්ධනයක් එක්ක හොඳ, නරක දෙකම සිදුවෙනවා. අපට පුළුවන් අපේ පරිසරය, සංස්කෘතිය, ජන ජීවිතය ඉහළ මට්ටමකට ගෙනැවිත් ඒ රටේ සංවර්ධනයට දායක වෙන අතිරික්ත කාර්යභාරයක් කරමින් පැවැත්ම තහවුරු කරගන්න. කොටින්ම ඉන්දියාවේ වෙළඳපොළට පුහුණු ශ්‍රමය සපයන, ඉන්දියාවට අධ්‍යාපනය, සෞඛ්‍යය, මූල්‍ය, විනෝදාස්වාද, සංස්කෘතික වගේ විවිධ සේවා සපයන, ඉන්දියානුවන්ට විවේකස්ථානයක් වන රටක් ගොඩනගන්න. ඒ ඔස්සේ පැවැත්ම තහවුරු කරගන්න.

2040 වෙනකොට අපේ රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවක් විතර 60ට වැඩි අය. අපට ඔය අපනයන මූලික ආර්ථික සංවර්ධන සිහින දරාගන්න බැහැ.

රනිල් පරාජය කළා නම්, රනිල්ගෙ වැඩසටහනත් වෙනස් කරන්න. රනිල් නොවී රනිල්ගෙ වැඩසටහන කරන්න බැහැ. අනුර කියන්නෙ රනිල් නෙමෙයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න