මතුගම හැදී වැඩී නාවලපිටියෙන් පාර්ලිමේන්තු ගිය කාන්තා නායිකාවක්, තුෂාරි

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටියෙන් මහින්දානන්ද අලුත්ගමගේ අභිභවමින් ජාතික ජන බලවේගයෙන් පත් වූ තුෂාරි ජයසිංහ මහත්මිය මතුගමින් බිහි වූ කාන්තාවක්.

ඇය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ අධ්‍යාපනය ලද දීප්තිමත් ශිෂ්‍යාවක්. ඇගේ පාසල් කාලයේ නම තුෂාරි ජයනෙත්ති. ඇගේ පියා ආනන්ද ශාස්ත්‍රාලයේ නියෝජ්‍ය හා වැඩබලන විදුහල්පතිවරයකු ද ලෙස සේවය කළ දක්ෂ විද්‍යා ගුරුවරයකු වන ජයනෙත්ති සර්ගේ දියණියක්. ඇගේ මව ද ඉංග්‍රීසි ගුරුවරියක්.

තුෂාරි ජයනෙත්ති පාසල් වියේදීත් සක්‍රිය, දීප්තිමත් ශිෂ්‍යාවක්.

මේ පවුල පාසල් අවධියේ සිටම දක්ෂ දරුවන්ගෙන් සමන්විත වුණ පවුලක්. ඇගේ සොයුරන් දෙදෙනා පාසල් කාලයේදී නවෝත්පාදකයන් ලෙස ප්‍රසිද්ධ වුණා. ඔවුන්ගේ නවොත්පාදන නිර්මාණ පිළිබඳ එකල විදුසර වැනි පුවත්පත්වලත් වාර්තා වුණා.

Adapted from praja.lk











Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න