පැහැර හරින ලද ස්වෛරී බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර

 

ඩොලර් බිලියන 43ක විදේශ ණය පැහැරහැරීම සම්බන්ධ අර්බුදය විසඳීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින් ඩොලර් බිලියන 12.55 ක පැහැර හරින ලද ස්වෛරී බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් සිටියි. මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, බැඳුම්කර හිමියන්ට 2024 දෙසැම්බර් 12 දක්වා කාලය තුළ නව සුරැකුම්පත් සඳහා තම වත්කම් හුවමාරු කර ගත හැක.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එහි වැදගත්කම අවධාරණය කරමින් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහාය දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුද්ගලික ණය හිමියන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම පියවර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියකි. ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි ඉදිරි වාරික ලබාගැනීම සඳහා මෙය අදාළ වේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ණය සේවා බර ඩොලර් බිලියන 9.5 කින් අඩු කිරීමට පුරෝකථනය කර ඇත. පශ්චාත්-කොවිඩ් සංචාරක ප්‍රකෘතිමත් වීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හේතුවෙන් ආයෝජකයින් අතර ශ්‍රී ලංකාවේ නව බැඳුම්කර ආයෝජකයන් අතර ආකර්ශනීය බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. ආසියාවේ හොඳම ක්‍රියාකාරී ණය උපකරණ අතර ශ්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කර මේ වසරේ දැනටමත් 30% කට ආසන්න ප්‍රතිලාභ ලබා දී ඇති බව ද වෙබ් අඩවිය පවසයි.

මෙම සැලැස්ම මූල්‍ය ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ ජාත්‍යන්තර වෙළඳපල විශ්වාසය යළි ගොඩනැගීමට සැලකිය යුතු උත්සාහයක් වනු ඇත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න