Posts

Showing posts from August, 2024

දුම්රිය සේවය ටිකට් දෙන බිත්තියේ හිලෙන් නිදහස් කරගැනීම විප්ලවීය ප්‍රතිසංස්කරණයක්

Image
  – අජිත් පැරකුම් Pravesha.lk  එකෙන් කෝච්චි ටිකට් එකක් අරගත්තා හරිම ලේසියි. මේවා චෙක් කරන ක්‍රමය මොකක්ද දන්නෙ නැහැ. ස්වයංක්‍රීය ගේට්ටුවලට වඩා මේක සාර්ථකයි. මතුගමින් කොළඹ බස් එකක කලුතරට ආවාම ඒක නවත්තන්නෙ බෝධිය ළඟ. එතකොට පිට්ටනිය පැත්තෙන් දුම්රියපොළට එන එක ලේසියි. හැබැයි, ටිකට් කවුන්ටරේට දුරයි. ඒ නිසා ඕනැ තරම් කෝච්චි මිස් වෙලා තියෙනවා. ළඟදි පන්නිපිටියෙදිත් ටිකට් අරගෙන කෝච්චියක එල්ලුණේ අන්තිම මොහොතෙ  කෝච්චිය අද්දද්දි. ඒක අවදානම්. දැන් කරන්නට තියෙන්නෙ කල් ඇතුවම ටිකට් එක අරගෙන තියාගන්න එක. දුම්රිය දෙපාර්තමේන්තුව යටත් විජිත කාලෙ ඉඳන් පැවත එන ටිකට් කවුන්ටරයෙන් නිදහස් විය යුතුයි. මගියා දෙකට නැවිලා ටිකට් ගත යුතු වර්තමාන ටිකට් කවුන්ටරය නම් බිත්තියේ සිදුර මගියා අවමානයට පත් කරන එකක්. ඒ මදිවාට එහි ඉන්න සමහර විට උපාධිධාරියකු පවා විය හැකි දුම්රිය ස්ථානාධිපතිවරයා ගැන ඇත්තටම දුකයි. ටිකට් එක කූඩුවකින් තෝරලා අර පරණ තාලෙ යකඩ මැෂිමකට දාලා මොකක්ද කරලා ගන්න එක තමයි ඒ පුද්ගලයාගෙ රස්සාව. සමහරුන් කියනවා හවස් වෙනකොට ඇඟ රිදෙනවාලු මේ වැඩේ කරලා. මොන රස්සාද මේ? මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ තියෙන තනි වේදිකාවේ

කොහු මිටි හංස හමුදාව සිහිපත් කරන මාලිමා කොට්ඨාස සභාවල සාමය ආරක්ෂා කිරීම

Image
  අජිත් පැරකුම් ජයසිංහ සාමය පවත්වාගෙන යාමට මාලිමාවේ කොට්ඨාස සභා අවශ්‍ය නැත. නීතිය හා පිළිවෙල පවත්වාගෙන යාමට රාජ්‍ය යාන්ත්‍රණ තිබේ. පොලිසිය හා අධිකරණය එහි ප්‍රධාන අංශයකි. පොලිසියේ, අධිකරණයේ අඩුපාඩු තිබේ නම්, ඒවා නිවැරදි කර එම අංශ ශක්තිමත් කිරීම අවශ්‍යය. මහජනතාව පොදුවේ පොලිසියට සහාය දැක්විය යුතුය. ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් ඒ සඳහා පුරවැසි කමිටු ද පිහිටුවා තිබේ. සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය එවැනි ස්වාධීන ආයතන මිස දේශපාලන පක්ෂවල කොට්ඨාස සභා නොවේ. එවැනි සභාවලින් සාමය උල්ලංඝනය කරනවා මිස රැකගත නොහැකිය. දේශපාලන පක්ෂයකට කඩේ යන හෙංචයියකු සාමය ආරක්ෂා කරන්නකු ලෙස සාමාන්‍ය පුරවැසියා ඉක්මවා යන කාර්යභාරයක් කරන්නේ නම්, එහිදී විමසිලිමත් විය යුතු කරුණක් වන්නේ එම පුද්ගලයා සාමය අර්ථකථනය කරන ආකාරයයි. දේශපාලන පක්ෂ විසින් මෙවැනි ඊනියා සාම ආරක්ෂකයන් පත්කිරීම සම්බන්ධයෙන් ලංකා ඉතිහාසය එතරම් හොඳ එකක් නොවේ. උග්‍ර ට්‍රොට්ස්කිවාදියකු වූ අනිල් මුණසිංහ 1970 ආසන්න වකවානුවේදී වියපත් සමසමාජ පාක්ෂිකයන් පිරිසක් ගාලු මුවදොරට කැඳවා හංස හමුදාව නම් අතුරු හමුදාවක් පිහිටුවා කොහු මිටි රැගෙන සංදර්ශනයක් පෑවේය. 1977න් පසු එක්සත්

ඔබත් එකසිය නම‍යෙ කෑල්ලක්ද?

Image
  – අජිත් පැරකුම් ජයසිංහ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේදී ඉතා වැදගත් නීතියක්. ධනයෙන් බලය ලබා ගැනීමේ ක්‍රමය එයින් වෙනස් කරන්නට පුළුවන්. හැබැයි, භූමියේ දේශපාලනය කළ යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ වියදම් නියාමන පනත ගෙන එන්නට මුල් වූ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ යුත්තේ රු. 20ක් පමණක් බව ඊයේ පැවති රැස්වීමේදී මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කළා. වැඩිම මුදලක් වැය කිරීම සඳහා යෝජනා කළේ නාමල් රාජපක්ෂයි. එම මුදල රු. 300ක්. සජිත් හා රනිල් රු. 250ක් යෝජනා කළා. මේ අතර සාධාරණ මැතිවරණ ගැන කතා කරන ජාතික ජන බලවේගය ද තම මුදල් බලය පෙන්වමින් එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම රු. 200ක් විය යුතු බව යෝජනා කළා. පක්ෂවලට සල්ලි ඇති තරම හෝ සල්ලි ලැබෙන තරම නිගමනය කිරීම සඳහා ඔවුන් එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කිරීමට කැමති මුදල එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයෙන් වැඩි කර බලන්න. කෙසේ වෙතත්, අවසානයේදී මැතිවරණ කොමිෂන් සභාව නියම කර ඇත්තේ එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල රු. 109

කලුතර මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණයේදී සහාය දෙන හැටි

Image
  කලුතර දිස්ත්‍රික්කයෙන් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් මෙසේය: රෝහිත අබේගුණවර්ධන විදුර වික්‍රමනායක පියල් නිශාන්ත අනුප පස්කුවල් සංජීව එදිරිමාන්න ලලිත් එල්ලාවල ලලිත් වර්ණකුමාර (මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමෙන් පසු පත් විය) ජයන්ත සමරවීර කුමාර වෙල්ගම රාජිත සේනාරත්න මේ අතරින් රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, අනුප පස්කුවල්, ලලිත් වර්ණකුමාර, කුමාර වෙල්ගම හා රාජිත සේනාරත්න විවෘතවම ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වති. ඇමති විදුර වික්‍රමනායක එතරම් ක්‍රියාකාරී නැති මුත් ඔහු ද සහාය දෙන්නේ ජනාධිපතිවරයාටය. සංජීව එදිරිමාන්න සහාය දෙන්නේ නාමල් රාජපක්ෂටය. ලලිත් එල්ලාවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී සමගි ජන බලවේගයට එකතු වී තිබේ. ඔහු සහාය දක්වන්නේ සජිත් ප්‍රේමදාසටය. ජයන්ත සමරවීර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන අතර ඔහුගේ සහාය මෙවර හිමි වී තිබෙන්නේ දිලිත් ජයවීරටය. Adapted from praja.lk

ජවිපෙ ගෙම්බන්ගේ පිනුම්

Image
  ජනාධිපතිවරණ අපේක්ෂකයක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අලුත් සන්ධාන ගොඩනගමින් සිටිනවා. මේ අතරින් පුළුල්ම සන්ධානය ගොඩනගමින් සිටින බව පෙනෙන්නේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහයි. එහි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නන්දන ගුණතිලක, අචල සුරංග ජාගොඩ වැනි අය පවා සිටිනවා. ජවිපෙ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන වරුණ දීප්ත රාජපක්ෂ ද මේ වන විට එහි ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. මෙවර ජනාධිපතිවරණයට තරග කරන සිරිපාල අමරසිංහ, අනුරුද්ධ පොල්ගම්පල සහ පේමසිරි මානගේ යන තිදෙනාත් 2004දී ජවිපෙ-චන්ද්‍රිකා දීගයේ රැල්ල හරහා පාර්ලිමේන්තුවට පත් වූ අය. ඔවුන් දැන් ජවිපෙ සමග සම්බන්ධ නැහැ. මේ අතර ජවිපෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සමග සන්ධානගතව 2004දී පිහිටුවන ලද ආණ්ඩුවේ ධීවර ඇමති ධුරය දැරූ ගාල්ලේ චන්ද්‍රසේන විජේසිංහ මේ වන විට සහාය දක්වන්නේ සජිත් ප්‍රේමදාසටයි. ජවිපෙන් මුලින්ම පාර්ලිමේන්තුවට පත් වූ විමල් වීරවංශ, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් සහාය දෙන්නේ දිලිත් ජයවීරටයි. 2004දීත් ජවිපෙට වර්තමානයේදී මෙන් රැල්ලක් නිර්මාණය වුණා. එයින් මන්ත්‍රීවරුන් 39

රටෙන් තුනෙන් එකක් තවමත් අතීරණයකද?

Image
  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය අනුව, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් විවෘතය. මෙහිදී අසා තිබෙන ප්‍රශ්නය වන්නේ ඔබගේ සමීප පවුලේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සමත් කවුරුන්ද යන්නයි. තවමත් වැඩිදෙනෙකු සිතන්නේ කිසිදු නායකයකු ඒ සඳහා නුසුදුසු බවයි. මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රධාන නායකයන් අතරින් මහජන ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් තවමත් වැඩි විශ්වාසයක් දිනාගෙන තිබෙන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. සිංහල සමාජයේ වැඩි පිරිසක් හෙවත් තුනෙන් පංගුවක්ම තවමත් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තීරණය කර නැත. ජාතික මට්ටමෙන් ගත්තත් 29%ක් පමණ තීරණයකට පැමිණ නැත. ජනාධිපති අපේක්ෂකවරුනි, බොරු කයිවාරු, මඩ ගැසීම්, අවලාද නවත්වා ඔබේ ප්‍රතිපත්ති හා ප්‍රායෝගික වැඩසටහන් පැහැදිලි කරන්න. වියදම් කරන හැටි ඕනෑම කෙනෙකුට විස්තර කළ හැකිය. එහෙත්, ආදායම් උපදවන හැටි ද කිව යුතුය. Adapted from praja.lk

සජිත්ගේ නීතීඥයන්ගේ දක්ෂකම

Image
  අජිත් පැරකුම් ජයසිංහ නඩු තීන්දු සඳහා නීතීඥයන්ගේ සාර්ථක නියෝජනය වැදගත් වේ. සජිත්ගේත්, කාදිනල්ගේත්, සහරාන්ගේ ගෝලයන්ගේත් නීතීඥයන් ඉතා දක්ෂ අය බව මගේ නිරීක්ෂණයයි. පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා පසුබිම සකසමින් අන්තවාදය පැතිරවූ, බෝම්බ ප්‍රහාර සැලසුම් කළ, ඒවාට පහසුකම් සැපයූ, ඒවා ක්‍රියාත්මක කළ, ත්‍රස්තවාදීන්ට රැකවරණ සැපයූ කිසිවෙකුට මෙතෙක් නීතියෙන් කිසිදු දණ්ඩනයක් ලැබී නැත. නඩු පවරා ඇති ආකාරය අනුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින දක්ෂ නීතීඥයන්ට සැකකරුවන් නිදහස් කරගැනීම එතරම් දුෂ්කර නොවන්නට පුළුවන. බෝම්බකරුවන් හා ඔවුන්ට උදව් කළ අයත්, එම බෝම්බකරුවන් සමග සම්බන්ධ අය ළඟින් ඇසුරු කළ, එහෙත්, යහපාලන කාලයේ රජයට සම්බන්ධව සිටිම නිසා විමර්ශනවලට භාජනය නොවූ ඇතැම් අයත් දැන් “කෝ නඩු?” කියා අසන්නට තරම් එඩිතර වී සිටිති. මේ අතර, ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පදනමින් සිංහල-බෞද්ධ-පිරිමි මූලික කොළඹ ආණ්ඩුවේ එවකට සිටි ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් දැඩි දඬුවම් ලැබූහ. පාස්කු ප්‍රහාර පිටුපස මහ මොළකරුවකු සිටින බවට කතාව සමාජයේ තහවුරු වී හමාරය. ඒ මහමොළකරු කවුරුදැයි සොයන මහා මෙහෙයුමට අවසානයක් නැත. හේතුව, එවැනි මහමොළකරු

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඊළඟට ඉන්දියාවද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ බංග්ලාදේශය දකුණු ආසියාවේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටකි. එය 2026 වන විට එක්සත් ජාතීන්ගේ අවම සංවර්ධිත රටවල් ලැයිස්තුවෙන් ඉවත් වී 2031 වන විට ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වය ළඟා කර ගැනීම ඉලක්ක කර ගනිමින් කටයුුතු කරමින් සිටියේය. ස්ථාවර ආණ්ඩුවක් යනු සංවර්ධනය වෙමින් පවතින රටකට වේගවත් සංවර්ධනයක් අත්පත් කරගැනීම සඳහා අත්‍යවශ්‍ය තත්වයකි. ස්ථාවර ආණ්ඩු බොහෝ විට මර්දනකාරී වේ. බංග්ලාදේශයේ ද එසේ සිදු විය. 2024 වසරේ පැවැත්වුණ මහ මැතිවරණයෙන් ෂේයික් හසීනා නායකත්වය දෙන අවාමි ලීගය හා එහි හවුල්කරුවෝ තුනෙන් දෙකකට වැඩි බලයක් ලබාගත්හ. එම ඡන්දය ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය විසින් වර්ජනය කරන ලදී. විපක්ෂයට එරෙහිව දැවැන්ත මර්දනයක් එල්ල වී තිබීම එයට හේතුවයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්‍රජාතන්ත්‍රවාදය, බටහිර බලපෑම්, දේශීය ආර්ථිකය හා දේශපාලන ස්ථාවරත්වය තුලනය කරගන්නේ අසීරුවෙනි. ඒ සඳහා බොහෝ නායකයන්ට දැඩි අවදානම් ගැනීමට සිදු වේ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට පැන ගැසීමට සිදු වනවා මෙන්ම ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට ද සිදු වේ. මෙම රටවල රාජ්‍ය පාලනය පහසු නැත. දකුණු ආසියාව හා විශේෂයෙන්ම ඉන්දියාව

බිත්තර ප්‍රශ්නය

Image
  ආනයනය කරනවාය කිව්ව ගමන් බිත්තර මිල රු. 10කින් විතර අඩු වෙලා. ඒ කියන්නෙ කූල් රූම්වල හංගගෙන ඉන්න බිත්තර එළියට දාලා. ලංකාව පුංචි වෙළඳපොළක්. ජාවාරම්කාරයන් කීපදෙනෙකුට ඒක පාලනය කරන්නට පුළුවන්. ඒ නිසා රාජ්‍ය නියාමනය අත්‍යවශ්‍යයි. නිසි වෙලාව බලලා ආනයන කිරීම්, ආනයන බදු අඩු කිරීම් ආදිය දැඩි නියාමනයක් ඇතුළෙ කරන්නට ඕනැ. බිත්තර තොග වෙළඳුන් අසාධාරණ විදියට මිල වැඩි කරනකොට සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට තිබුණා තමන්ගෙ නිෂ්පාදන අඩු මිලකට විකුණන්න. ඔවුන් එහෙම කළේ නැහැ. ඔවුනුත් අසීමිත ලාභ ගත්තා. දැන් එන්න එපා අඬාගෙන දේශීය නිෂ්පාදන කඩා වැටෙනවා කියලා. හැබැයි, රාජ්‍ය නියාමනය වෙනුවෙන් ආනයන බලපත්‍ර දෙනවාය කියන්නෙ දූෂණයේ මුල. ආනයනකරුවන්ගෙන් නිලධාරීන්, දේශපාලකයන් කට් එකක් තියාගන්නට ඉඩ තියෙනවා. මේ ප්‍රශ්නය විසඳගන්නට පුළුවන් අපි හැමෝම සාධාරණව කටයුතු කළොත් විතරයි. Adapted from praja.lk

සජිත්ගේ අනාගත ආන්ඩුව, AI සහ GFN

Image
  ශිරාල් ලක්තිලක අනාගත පාලකයන් පිලිබඳ මාගේ සිතුවිලි-3 සජිත් දිනපතා සිදුකරන කතා තුලින් ඉදිරිපත් කරනු ලබන විවිධ ප්‍රතිපත්තිමය සංචිතයක් මා විසින් ගොඩනඟමින් සිටී. එවැනි විවිධාකාරවු විසඳුම් මා විසින් Chat GPT මෟදුකාංගය හරහා ඒ තුල තැන්පත් කරමින් සිටී. කෟතිම බුද්ධිය හරහා මම උත්සාහ දරන්නේ සජිත්ගේ අනාගත ආන්ඩුව කුමන ආකාරයක ප්‍රතිපත්තිමය පාලනයක් රට තුල ගෙන යනු ඇතිද යන ප්‍රශ්නය පිලිබඳව සාකච්ඡාවකට අවතීර්න වීමටය. දැනට  වසර 2 තුල සජිත් විසින් ඉදිරිපත් කරන ලද විවිද ඝනයේ විසඳුම්ද, සජබයේ ආර්ථික ඔස්තාර්ලා තිදෙනා ඉදිරිපත් කල blue print නමැති ආර්ථික වැඩපිලිවලද, IMF වාර්ථාද, ධනවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂික ධනවාදය ඇතුලු දක්ෂිනාංශික මැද තීරුවට (center right) අයත් සංකල්පද කෟතිම බුද්ධිය තුලට මේ වනවිට කවා තිබේ. මා හට දැන් වැටහෙන්නේ මා විසින් සජිත්ගේ පාලනය පිලිබඳව අසනු ලබන ප්‍රශ්න වලට (prompts) වලට AI ද මඤ්ඤං වී ඇති බවකි. AI කියන්නේ සජිත්ගේ අනාගත පාලනය එකිනෙකට ප්‍රතිවිරුද්දවු ප්‍රතිපත්ති ගොන්නකින් සමන්විත වන බවය. එසේම එසේ දක්වන එක් ප්‍රතිපත්තියක් අනෙකට පරස්පර වන බවය. මම අවසානයට ඇසු ප්‍රශ්නය වුයේ සජිත් විස

පැරිස් ඔලිම්පික් ජෙන්ඩර් කතිකාව

Image
  අද ජෙන්ඩර් හෙවත් සමාජභාවය පිළිබඳ කතිකාවේ වැදගත් දවසක්. ජීව විද්‍යාත්මක පිරිමියෙකු බව ඇතැමෙකු කියන ඉමානේ කෙලිෆ්ට ඇල්ජීරියාව නියෝජනය කරමින් කාන්තාවක් ලෙස ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාවට සහභාගී වීමට ඔලිම්පික් කමිටුවේ අවසරය ලැබී තිබුණා. ඇල්ජීරියාව යනු ලිංග සංක්‍රාන්තිය නීති විරෝධී වන ඉස්ලාමීය රටක්. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) සහ පැරිස් බොක්සිං ඒකකය ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් තරග කිරීමට ඇගේ සුදුසුකම් තහවුරු කළා. පැරිස් ඔලිම්පික් තරගයකදී ඉමානේ ඉතාලි බොක්සිං ක්‍රීඩිකාවක වන ඇන්ජෙලා කරිනිගේ නාසය කඩා දැමුවා. ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාවේ සාමාන්‍ය නොවන කෙලිෆ්ගේ දැවැන්ත පහරවල් දෙකක් ලැබීමෙන් පසු ඉතාලි බොක්සිං ක්‍රීඩිකාව තත්පර 46ක් ඇතුළත සටන අත්හැරියා. ඒ සමගම ඉමානේට ජයග්‍රහණය ලැබුණා. කරිනි තම හිස්වැස්ම බිමට විසිකර, ගැටුම අත්හැර දමා, ‘මේක අසාධාරණයි’ කියා කෑගැසුවා. ස්ත්‍රී පුරුෂභාවය නිශ්චිත නොවූ නිසා කෙලිෆ්ට 2023 ලෝක ශූරතාවට සහභාගී වීමට අවස්ථාව ලැබුණේ නැහැ. කෙරිනි ස්ත්‍රියක් බවයි ඔලිම්පික් කමිටුවේ පිළිගැනීම. එහෙත්, ඇය සාමාන්‍ය ස්ත්‍රියකට වඩා ශක්තිවන්තියක නිසා ඇය ස්ත්‍රියක නොවන බවට නිල නොවන වාර්තා පළ

රාජපක්ෂ පවුල් දේශපාලනයේ අවසානය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ මේ මොහොත

Image
  රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගෙන තිබෙන තීරණය 2022 මැයි 9 දින අරගලයට පහර දීමට ගත් තීරණය වැනිම එකකැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ පසුගිය සමයේ ආර්ථිකය ගොඩගැනීමට රජය සමත් වීමත් සමග පොහොට්ටුවේ ඇතැම් නායකයන් අතර ඊර්ෂ්‍යාවක් ඇති වී තිබෙන බවයි. ලංකාවේ ආර්ථිකය ගොඩගැනීමට උර දුන් පොහොට්ටුවේ දෙවෙනි පෙළ කණ්ඩායම පසුගිය සමයේ සාර්ථක වීම නාමල් රාජපක්ෂ සිය දේශපාලන අනාගතයට තර්ජනයක් ලෙස සලකනවා විය හැකිය. රාජපක්ෂ පවුලේ මානසිකත්වය අනුව එය සිතාගත නොහැකි තත්වයක් නොවේ. මේ සමග ඇති ඡායාරූපය බලන්න. නාමල් කොලුවා ඔහුටත් වඩා වැඩිමහල් මිනිසකු ලවා වන්දවා ගන්නා කැත බලන්න. ඔවුන්ට අවශ්‍ය එවැනි වහලුන් පිරිසක් සහිත පක්ෂයකි. නිමල් සිරිපාල ද සිල්වා ඔහුට නැගිට්ටේ නැති නිසා ‘ඇයි අංකල් ලබ්බ බැහැලද?’ කියා ඇසූ පරණ කතාවක් ඇත. ලෙඩා මළත් බඩ සුද්දයි පන්නයේ මෙහෙයුමක් දී පක්ෂ නායකත්වය රැකගැනීමට නාමල් සමත් වී ඇති බව පෙනේ. 2019දී රනිල් වික්‍රමසිංහ ද මේ වර්ගයේ ගේමක් ගැසුවේය. අන්තිමට ඔහු ළඟ ඉතිරි වුණේ රොඩු කෑලි ටිකක් පමණි.

නිවාඩු හා දුම්රිය බලපත්‍ර හොරුන් රැස්වී හොරු ඇල්ලීම ගැන සාකච්ඡා කිරීම

Image
  අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණෙහි රාජපක්ෂ පවුල්වාදී පොහොට්ටුවෙහි ඇති මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැත. එහි තීරණ, තීන්දු ගනු ලබන්නේ ඉහළ නායකත්වය විසින් වන අතර පහළ සාමාජිකයන්ට තිබෙන්නේ එය අනුමත කිරීම පමණි. මේ බව නිරූපණය කරන අපූරු දර්ශනයක් පසුගියදා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් පැවති හෙද සමුළුවේදී දක්නට ලැබිණි. මෙම හෙද සමුළුව ඉතා පැහැදිලිවම අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් විය. එය පවත්වනු ලැබුවේ වාර්ෂික සමුළුවක නමිනි. ඒ ආයතන සංග්‍රහයේ වෘත්තීය සමිති වරප්‍රසාද පාවිච්චි කරමින් වංචනික අයුරින් හෙදියන්ට රාජකාරි නිවාඩු හා දුමරිය බලපත්‍ර ලබාගැනීම සඳහාය. මෙය එතරම් අලුත් තත්වයක් ද නොවේ. ජවිපෙ වෘත්තීය සමිති ඇතුළු බොහෝ වෘත්තීය සමිති හැමදාමත් මෙම වංචාව කරති. ඒවායේ වාර්ෂික සමුළුවලදී ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් නිලධාරීන් තෝරා පත් කරගැනීමක් නැත. ගමේ මරණාධාර සමිතියක මට්ටමේවත් ප්‍රජාතන්ත්‍රවාදයක් එම සමුළුවල නැති අතර සාමාජිකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ වහල් ප්‍රතිචාරයකි. උදාහරණයක් ලෙ

ඕනෑම කෙනෙකු දියේ ගිලී මිය යා හැකිය, කිසිවෙකු එසේ නොවිය යුතුය

Image
  ලංකාදීප පුවත්පත මෙසේ වාර්තා කරයි: මහනුවර ලුවි පීරිස් මාවතේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලි වයස අවුරුදු 07 ක පිරිමි ළමයෙකු මිය ගොස් ඔහුගේ වැඩිමහල් සහෝදරයාද එම පිහිනුම් තටාකයේම ගිලි බරපතල තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි . සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැරැල්ලගම කුරුදුගොල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිස්ජාන් නමැති දරුවෙකි. මෙම දරුවන් දෙදෙනා තම දෙමාපියන්ද සමග අද (28) දින නිවාඩුව ගතකිරීමට මෙම හෝටලයට පැමිණ ඇති අතර දහවල් 11.00 ට පමණ මියගිය දරුවා තනිව පිහිනුම් තටාකය අසල සිටියදී ඔහු පිහිනුම් තටාකයට වැටී ඇති බව පොලිසිය කියයි . ඔහු දියේ ගිලි සිටිනු දුටු ඔහුගේ වැඩිමල් සහෝදරයා පිහිනුම් තටාකයට පැන තම බාල සහෝදරයා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුද දියේ ගිලී තිබේ . බරපතල තත්ත්වයෙන් සිටි බාල සහෝදරයා රෝහල කරා රැගෙන යන විටද මියගොස් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. මෙම සිදුවීම වාර්තා වන්නේ දියේ ගිලීම වැළැක්වීමේ ලෝක දිනය වූ 2024 ජූලි 25දාට දින තුනකට පසුවය. ‘ඕනෑම කෙනෙකු දියේ ගිලී මිය යා හැකිය, කිසිවෙකු එසේ නොවිය යුත

හැමදාම උදේ නැගිටලා වැඩට ගිය මං

Image
  අජිත් පැරකුම් ජයසිංහ ශත වර්ෂ කාලක් හෙවත් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ සිටි, කතා පැවැත්වීම හැර වෙනත් වැඩක් කර නැති, ඒ අවුරුදු 25ටම මේ රටේ මහජන මුදලින් වැටුප් හා වරප්‍රසාද භුක්ති විඳි අනුර කුමාර දිසානායකගේ දැනගැනීම සඳහා මේ ටික කියමි. මම ද දැන් ශත වර්ෂ කාලක් තිස්සේ රාජ්‍ය බලය හා සම්බන්ධ නොමැති සිවිල් සමාජ දේශපාලනයේ යෙදී සිටිමි. ඒ වෙනුවෙන් අඛණ්ඩව ලියමි, කතා කරමි, ක්‍රියා කරමි. මගේ දවසේ වැඩි කාලයක් මා වෙන් කර තිබෙන්නේ දේශපාලන සංවාදය සඳහාය. ඒ වෙනුවෙන් මා අවුරුදු 25ක් පමණ මාධ්‍යකරණයේ යෙදෙමි. මාධ්‍ය  පවත්වාගෙන යමි. ඒ වෙනුවෙන් මා කිසිවකුගෙන් සත පහක මුදලක් ලබාගෙන නැත. වරක් මගේ මිතුරකු ඒ වෙනුවෙන් රු. 500ක මුදල් ආධාරයක් කර ඇත. ඒ හැරෙන්නට කිසිවකු අද දක්වා ඒ වෙනුවෙන් ආධාරයක් කිරීමට ඉදිරිපත් වී හෝ මා කිසිවකුගෙන් ආධාරයක් ඉල්ලා නැත. මම අවුරුදු 25ක් තිස්සේ රැකියා හා ව්‍යාපාර දෙකකට වැඩි ගණනක යෙදී සිටිමි. දවසකට පැය 15ක් පමණ වැඩ කරමි. මේ දිනවල නම්, දිනකට පැය හයක් පමණ පොදු ප්‍රවාහනයේ ද ගමන් කරමි. ඒ අතර ද ජංගම දුරකථනයෙන් වැඩ කරමි. කියවමි. ලියමි. උපයන මුදලින් මම දරු පවුල් නඩත්තු කළෙමි. ගෙවල් හැදුවෙමි. බිස්නස

කට බොරු කීවත් දිව බොරු නොකියන හැටි

Image
  පෝලිම් නැති කළේ වැඩි කළ බදු ගෙවූ නුබ සහ මමය… මෙය මේ දිනවල සමාජ මාධ්‍යවල ඇතැමුන් පළකරන පෝස්ටුවකි. ඇත්තෙන්ම මෙය රාජ්‍ය නායකත්වය හරි දේ කළ බව පිළිගන්නා ප්‍රකාශයකි. බදු යනු කිසි කලක බදු ගෙවන ජනතාව ස්වේච්ඡාවෙන්ම කරන ගෙවීමක් නොවේ. බදු ගෙවන්නේ බදු නොගෙවා සිටියොත් බදු දැලට හසු වන නිසාය. බදු අය කිරීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා කාර්යක්ෂම බදු අය කිරීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුය. එහෙත්, ලංකාවේ එහෙම ආයතන නැත. ඒ නිසා ආණ්ඩුව බදු පැනවූවත්, අය කරගැනීම සිදු වන්නේ ඉතා අකාර්යක්ෂ අන්දමිනි. බදු යනු රජයක ප්‍රධාන ආදායමයි. බදු හරියට අය කර නොගෙන රජයක් පවත්වාගත නොහැකිය. රජයේ ප්‍රධාන කර්තව්‍යය විය යුත්තේ බදු අය කිරීම, රාජ්‍යය පවත්වාගෙන යාම හා මහජන සුබසාධනයයි. රජය ඇතැම් ව්‍යාපාර ද කරන අතර ලංකාවේ නම් ඒ සියලු ව්‍යාපාර අසාර්ථකය. ඇතැම් ඒවා අධික ලෙස පාඩු ලබයි. අනෙක් ඒවායින් ප්‍රමාණවත් ලාභයක් නැත. සියලු ආකාරයේ රාජ්‍ය ආදායම් අතරින් 2023දී බදු ආදායම 11%ට අඩු විය. අය කරන බදුවලින් දැනටත් 50%ක් පමණ වැය වන්නේ රජය පවත්වාගෙන යාමටය. එනම්, රාජ්‍ය සේවක වැටුප් ආදියටයි. Adapted from praja.lk